පළාත් සභා බලය ගැනීමේදී මාලිමා ආණ්ඩුව වැරදිද

පහුගිය අවුරුද්දේ ජවිපෙ / මාලිමාව  නායකයෝ කිහිප දෙනෙක්ම ලන්ඩන් ආව . අමාත්‍ය  නලින්ද ජයතිස්ස , අගමැතිනි හරිනි  අමරසූරිය සහ අවසානයේ ජනාධිපති අනුර කුමාර දිසානායක.  මේ ගැන මම ලිපි කිහිපයක්ම ලීවා.  ඒ ජනාධිපතිවරණය  පැවැත්වෙන්න කලින් . මාලිමාව බලය ගන්න කලින් . 

මෙන්න ඒ ලිපි . 

ෂාරුක් ඛාන් ජයතිස්ස  මේ ලිපියේ අග මෙහෙම අවවාදයකුත් දැම්මා.

අවවාදයයි: පරණ ගිලෙන නැව් වලින් පනින මීයන් ගෙන් ප්‍රවේසම් වන්න. උන් අලුත් නැව්ද හිල් කරන්නට ඉඩ තිබේ. 

අනුර - හරිනි විකට්ටුවට බවුන්සර් එන්නේ කොහෙන්ද

ටිල්වින් සිල්වා සහෝදරයා ට ප්‍රශ්න කිහිපයක් සමග ජාජබේ ඇට් ලන්ඩන් 


දැන් අනුර සහෝදරයා ජනාධිපති වෙලා , මාලිමා ආණ්ඩුවක් පිහිටුවලා , මාලිමා ආණ්ඩුවට ලැබුන චන්ද අඩුවෙලා නමුත් වැඩිම පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලයත් අල්ලාගෙන තියෙන්නේ .  මේ අතරේ විවේචනයක් යනව ,  මේ විවේචනය එන්නේ  විපක්ෂයේ සජබ ,  පොහොට්ටුව අයගෙන් විතරක් නෙමෙයි .  ඒ කියන්නේ ඔවුන්ගේ සභිකයෝ අහිමි වෙනකොට වේදනාවක්  එනවා තමයි .  ඉතින් විවේචනය  සහ ඇඬිල්ල  සාධාරණයි කියමු .  ප්‍රන්සිස්කුකරනයක් නේ කරන්නේ.  (මතකද සිද්ධිය )  හැබැයි කවුරුත් ඉස්සුවේ නම් නැහැ.  හැබැයි මාලිමාවට සහයෝගය දුන්නු අයත් , වමේ මිතුරන්  හා වමේ විරුද්ධවාදිනුත් , ප්‍රනී ජවිපෙ සාමාජිකයනුත් මේ ගොඩට එකතු වෙලා කියල පේනවා . 

ඔය ලන්ඩන් ලිපි තුනේම මම කියල තියෙන පොදු දෙයක් තමයි  ඒ ආපු ජනතාව ගෙන් වැඩි හරියක් ජවිපෙ සාමාජිකයන්ම නෙමේ . ජවිපෙ හෝ පෙසපේ '71 සමරුව හෝ 88-89 සමරු වලට වැඩිම වුනොත් තිහ හතළිහක් නේ එන්නේ .  ඇත්ත ඒකනේ. ඔය රැස්වීම් වලට  ආව  අය ගෙන් මගේ යුඇන්පී ටොයි යාලුවෝ ගොඩක් හම්බ වුනා .  පොහොට්ටුවේ හිටි බයි යාළුවෝ හමු වුනා. ඒ අතරේ අතර මැදි අයත් හිටිය. තීරණයක් නැති .  ඉදිරියට වෙන්නේ මොනවාද  කියල බලන්න ආපු අයත් හිටිය .  ඒ යුඇන්පී , ෆොට්ටු ,  ශ්‍රීලනිප සහ පාවෙන සෙට් එකේ එක පොදු  අරමුණක් තිබ්බ .  රටට හොඳක් වෙන්න ඕනේ කියන එක .  සමහරු ගෝඨාභයට සපෝර්ට් කරල තිබ්බ ඇත්තටම  රට ගොඩ ගනී කියල හිතල .  පිටරට ආවහම තම තමන්ගේ රට ගැන ආදරේ වැඩි වෙන්නේ .  

අනුරත් ම ගැලරියට සමාජවාදී කතා කිව්වේ නැහැ .  පොහොසත් රටක් ,  මේ ලන්ඩන් වගේ,  යුරෝපයේ  වගේ පොහොසත්  රටක් හදන්න අපට එකතු වෙන්න .  අපට උදව් කරන්න කියල .  උදව් කරන්න එන ඕන කෙනෙක් අනුර ආදරෙන් භාර ගන්නවා .  මේ කතාවලදී  උඹ සජබ ,  උඹ ටොයියා , උඹ බයියා එන්න එපා කියල බැන්නේ නැහැ  ඔය කිසි කෙනෙක් . මිනිස්සු ඒවා විශ්වාස කළා . පරණ ජවිපෙ සෙට් එකයි වමේ අයයි විතරක් ඡන්දේ දුන්න නම් මාලිමා ආණ්ඩුවක් කීයටවත් එන්නේ නැහැ . 

ඒ නිසා ඔය පළාත් සභා පිහිටුවද්දී පිල්ලෙයාන් ගේ හෝ පොහොට්ටුවේ හෝ යුඇන්පී එකේ කියන එක ප්‍රශ්නයක් වෙන්න විධිහක් නැහැ .  ඒ හැමෝටම  තමා එන්න කිව්වේ රට හදන්න .  ඒ ගොල්ල දුෂණ කරල තියනවනම් අල්ලස් හා දුෂණ කොමිසමට කියන්න පුළුවන්.  නඩු දායි .  ඔප්පු වුනොත් ඇතුලට යයි .  අධිකරණය සහ ඒ ආයතන ස්වාධීනව හැසිරෙනවා කියල පේනවනේ .  එහෙනම් මොකද්ද ප්‍රශ්නේ . 

ඔයාලට මතකද ලෙනින් .  රාජ්‍ය බලය ගන්න බෝල්ෂෙවික් පක්ෂයට සල්ලි නැහැ .  එවෙලේ ජර්මනියේ කයිසර් ගෙන් සල්ලි ගත්ත යුද්ධේ නවත්වන්න පොරොන්දු වෙලා .  ඒ කතාව මම මේ ලිපියෙ ලියල තියනව .

ලෙනින් ගේ ජර්මන් දුම්රිය ගමන 

ඊළඟ එක තමා ලෙනින් මේ නිකලායි බෞමන් ගේ ප්‍රශ්නෙදි ක්‍රියා කරපු ආකාරය.

ලෙනින් බලය ගන්න අවශ්‍ය දේවල් බොහොමයක් කළා .  ජර්මනියෙන් සල්ලි ගත්ත එක විතරක් නෙමේ .  කෙරෙන්ස්කි ගේ ආණ්ඩුවත් පෙරළුව ආයුධ බලයෙන් . 

දැන් ඔය විවේචනය කරන වමේ පක්ෂ වල අයට කියන පුලුවන්ද ඒගොල්ලෝ සීයට සීයක් පාරිශුද්ධයි කියල .  

ජවිපෙ ඉතිහාසය තුල ඔය වගේ සන්ධාන ඕන තරම් ගහල තියනවනේ  .  මහින්ද එක්ක එකතු වුනා 2005. ෆොන්සේකා ගේ ජනාධිපති සටනට උදව් කළා. රනිල්  ගේ යහපාලනයට මුලදී සහයෝගය දුන්න 2015.  මේවා පක්ෂයේ ප්‍රතිපත්ති වලට අනුව ගත් තීරණ නේ . 

පළාතක්, ප්‍රදේශයක් හදන්න ඒව වල බලය ආණ්ඩු පක්ෂයට තිබෙනවා නම් හොඳයි .  ඒ අනුව විරුද්ධ පක්ෂයක් එක්ක එකතු වෙන එකේ ප්‍රශ්නයක් නැහැ සීමිත රාමුවක් තුල .  රජයේ ප්‍රධාන අරමුණ රට හදන එක නම් ඒකට බලය බිම් මට්ටමේ සිට අවශ්‍යනම් මේ වගේ ක්‍රියාමාර්ග ගන්න වෙනවා .  ඒවා වලක්වන්න බැහැ . බලය ගැනීම වගේ විතරක් නෙමේ ඒක  රැක බලා ගැනීමත් වැදහත් . 

අපි විමසිල්ලෙන් බලා සිටිමු . 




බර්කිනා ෆාසෝ ඉබ්‍රහිම් ට්‍රොරේ හා ගොබ්බ ෆේස්බුකින්

 


බර්කිනා ෆාසෝ වල නායකයා ගැන මාර රැල්ලක් යනවනේ මේ දවස් වල. අපේ යාළු   පෙරෙට්ටෝ සහ  සමහර ඩයි හාඩ් ජෙප්පෝ තමා ඉස්සෙල්ලම වගේ  ඉබ්‍රහිම් ට්‍රොරේ ගේ කතාව දැම්මේ හැමතැනම. අම්මට සිරි  ඒ කතාව . අධිරාජ්‍ය වාදයට, අයි එම් එෆ් එකට දෙසා බාලා. අන්න නායකයෝ . මේ AKD ල  වගේද නේද , IMF එකට දෙකට නැවෙන .  වැඩේ කියන්නේ දකුණේ සෙට් එකත් රැල්ලට ඇවිත්. ආචාර්ය හපුගොඩ ත්  ලියල තිබුන ඒ වගේ දැකුම් කළු නායකයෙක් කෝ අපිට!!! වගේ කතාවක් (කුඹීනේ  තොපිට රජෙක් ඉන්නේ  .. කතාව මතක් වුනා).  අයිඑම් එෆ් එකට සපෝර්ට් කර කර ඉඳල ට්‍රොරේ නිසාම අංශක 180ක්  හැරිලද මන්ද ?   

මතකද ගඩාෆි ට වෙච්ච් දේ, තෙල් තිබ්බට බැකර් කෙනෙක් නැහැ .  චිනේ, රුසියාව එක්කත්  වලි දා ගෙන හිටියේ. බඩු සෙට් වුනා .  එතකොට ඊට කලින් ඉරාකේ සදාම් ට කෙලවුනා , සිරියාවේ අසාද්ව   පුටින් හීන් සීරුවේ ට්‍රම්ප් ට පාවල දුන්න. කොටින්ම බල තුලනය තියා ගන්න කාට හරි හේත්තු වුනේ නැත්නම් ගේම සෙට් වෙනව. 

බර්කිනා ෆාසෝ සහ බටහිර අප්‍රිකානු රටවල් . මාලි , නයිජර් අනිත් දෙක .  මේවල බලය පතුරුවගෙන හිටියේ ප්‍රංශ හමුදා .  (පරණ අධිරාජ්‍යය , දැන් ප්‍රංශ සහ බටහිර මයිනින් කම්පැනි වල සපෝර්ට් එකට )  මොකද වුනේ .  යුක්රේනයේ සටන් කරමින් හිට රුසියානු කුලී හමුදා, වැග්නර් ගෘප් එක (අතුරුදහන් වුනු ප්‍රිගොෂින් ආවේත් මෙහෙට) අප්‍රිකාවට බැස්ස .  ඒ වල හිටි ඉස්ලාමික හමුදා එලවල ප්‍රංශ හමුදවලට ගේම දුන්න . කෙලින් නෙමේ වක්‍රව .  රුසියානු අවි ආයුධ ඔක්කොම ගලාගෙන ආව මේ මිලිටරි ජුන්ටා  වලට .  වැග්නර් ගෘප් එකේ උදව්වෙන් හමුදා කුමන්ත්‍රණයකින්  2022 දී ට්‍රොරේ  බර්කිනා ෆාසෝ වල බලය අල්ලනවා . 

දැන් මේ අප්‍රිකානු රටවල් තුන එකතු කරලා මිලිටරි සන්ධානයක් හදල තියෙන්නේ රුසියානු උදව් ඇතිව .  

එදා ඉඳන් ප්‍රජාතන්ත්‍රවාදය  අරව මේවා නැහැ .  හමුදා ආණ්ඩුවක් .  රට දියුණු වෙනවා .  ආර්ථිකය හොඳයි . අපි එකඟයි . 

හැබැයි මේ රටවල් තුනටම රුසියානු කුලී හමුදා චීන ආණ්ඩුවේත් ආශීර්වාදයෙන් බැස්සේ ඇයි? ප්‍රංශ කාරයෝ මෙච්චර  කල් අල්ලන් හිටියේ ඇයි? හරි කතාව තියෙන්නේ එතන  .  ලිතියම් ,  රත්රන් ,  යුරේනියම් වැහි වැහැල. රුසියාව පහුගිය අවුරුදු දෙකේ විතරක් ඩොලර් බිලියන් දෙකහමාරක රත්රන් ඇදල තියනව .  අනිත් ඒවා චීන කම්පැනි යටතේ . මම මේ ඒවාට විරුද්ධව කතා කරනවා හෝ ප්‍රංශ කාරයාගේ හෝ ඇමෙරිකන් කාරයාගේ පැත්ත ගන්නව නෙමේ .  ට්‍රොරේ ට කතා කරන්න හයිය ආවේ කොහෙන්ද කියන්න . 

ඔය පේසාලේ පැත්තෙන් තෙල් ටිකක් හරි පුල්මුඩේ පැත්තෙන් රත්තරන් ටිකක් හරි හොයල දෙනවලකෝ ,  IMF එකට පුපට පයින් ගහල එලවන්න . ආ පුටින් සහෝදරයාව බැකින් එකට ගන්නත් වෙනවා .  

 කපු වලින් දේශීය ඇඳුම් නිෂ්පාදනය කරන  එක හොඳයි .  මිනිස්සු අඳින්න කැමති නම්. 70-77 ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉන්දීය කපු සාරි  ,  භූමිතෙල් ගඳ ගහන සරන්  ඇඳගෙන ගිහින් තමයි කට්ටිය 5/6 බලයක් ජේ ආර් ට දුන්නේ. මිනිස්සු හැසිරෙන්නේ එහමයි .   

මේ ලියන ඈයෝ වෑයො වගේ ලියනවා මිසක්ක කොච්චර දුරට හොයනවද කියන එක මම දන්නේ නැහැ . 

අනුර කුමාර නිලධාරීන් විශ්වාස කරන එක නවත්වන්න වෙලා තියෙන්නේ .  ජනාධිපති සමාව දෙන මිනිස්සු තුන්සිය ගානක  ලිස්ට්  එයට පෞද්ගලිකව චෙක් කරන්න බැහැ .  ඒවාට තමා අදාල අංශ වල නිලධාරීන්  ඉන්නේ .  එයා තොත්ත බබෙක් නෙමේ .  එයාට ඊට වඩා වැදගත් වැඩ තියෙනවා .  නමුත් අර සෙට් එක දන්නවා ඊට කලිනුත් තමන්ගේ එවුන් ඔය ලිස්ට් එකෙන් එලියට දාගත්ත කියල .  ඒක තමා ඒ ගොල්ලෝ ප්‍රශ්න කරන්නේ දැනගෙනම . 

එතකොට ලන්ඩන් වල සහ අනිත් රටවල ඉන්න එවුන් දන්නවා දැන් කාලෙක ඉඳන්  (කෝවිඩ් කාලේටත් කලින් පටන් ගත්තේ .  කෝවිඩ් කාලේ වැඩි වුනා  )  ලංකාට යවන කෑම බිම පෙට්ටි කස්ටම් එකෙන් චෙක් කරන්නේ නැහැ , ගෙදරටම යවනවා කියල .  ඒවා වල කන්ටේනර් නම්බර්ස් රේගුව දන්නවා .  ඉලෙක්ට්‍රිකල්  අයිට්ම්ස් ,  කාර් , අමු ද්‍රව්‍ය  තියෙනවනම් ෆෝම් වල ලියල ,   ඒ කන්ටේනර් නවත්වා ගන්නවා .  එහෙම කන්ටේනර් එලියට යවන නිසා තමා අර ප්‍රසිද්ධ පෝට්ටුවේ  එක්කෙනෙක් යූකේ වලින් ඉස්පිරිතාල වල  කුණු ලොරි දුසිමක් ලංකාවට පැටෙව්වේ .  හොඳ වෙලාවට ඔත්තුවක්   ලැබුන නිසා රේගුව ඒවා නවත්ත ගත්ත . 

විදුහල්පතිලා ගත්තොත් උන් ළමයි දණ ගස්සවල කොණ්ඩේ කපනවා විතරක් නෙමෙන් .  අපයෝජන කරපු ගුරුවරුත් තියා ගන්නවා .   උන් තවම් හොඳින් නේද? 

ඉතින් ආණ්ඩුවට දැන් තියෙන්නේ මේ නිලධාරී රොත්ත කෙලින්ම  එළවල දාන්න . තව දුරටත් බබා හුකුම් හරියන්නේ නැහැ .  

අනික බර්කිනා ෆාසෝ වල අලුත් ෆේස්බුක් නීතියක් සම්මත කරනවා .  ඩොලර් 300  දඩ ගහනවා ගැහැණුන්ට අප්‍රිකාවේ ආගමික නිතිය සහ සංස්කෘතික අගයන් ට හානි වන පොස්ට් පල කලොත් .  

මියා කලීෆා ගේ ඒවා බලන්න තහනම් කරලා තියෙන්නේ .    මම බලන හින්ද නෙමේ නෙමේ කියන්නේ .  ලංකාවේ රෙකෝඩ් එකක් තියෙන නිසා .  කැමති වෙලාවලට එයාල  ෆේස්බුක් සහ සෝෂල් මිඩියා  බ්ලොක් කරනවා.

සියදිවි හානි කරගන්න ලෝකේ ලිස්ට්  එකේ 33 වෙනියා .  ජපානෙට ගොඩක් ඉස්සරහින් ඉන්නේ .  

සමහර වෙලාවට හපුගොඩ වගේ දකුණේ ප්‍රගතිශීලින් සහ පෙරටු වමේ   ඇත්තන්ට ඒකාධිපති ආණ්ඩුවක් ඕනේ ඇති. 

ඒකත් දීල බලන්න තියෙන්නේ.




ලන්ඩනයේ ජවිපෙ හැට විය සමරයි


සැල්වදෝර් අලියන්දේ ගේ චිලි යේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රජය පැවතියේ වසර තුනකටත් අඩු කාලයකි .  අලියන්දේ මාක්ස්වාදියෙකු වුවද ඔහු පිහිටවූයේ (populist)  ජනප්‍රිය එක්සත් රජයකි .  එම රජය මෙහෙයවන ලද්දේ  චිලියන් කොමියුනිස්ට් පක්ෂය, රැඩිකල් පක්ෂය , සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආදී වශයෙන් වාමාංශික පක්ෂ කිහිපයක් එක්වුණු එක්සත් පෙරමුණකිනි. එක්සත් ජනපදය හා දක්ෂිණාංශික කණ්ඩායම් ඔවුන් සමාජවාදයට රට ගෙනයතියි  චෝදනා කල අතර චිලී රජයට විරුද්ධව සම්බාධක පැනවීය. ආර්ථික දුෂ්කරතා  වැඩි වුන අතර උද්ධමනය ඉහල ගියේය .  රජයේ විවිධ පක්ෂ අතර අසමගියක් වර්ධනය වුනි .  ඉන්පසු සීඅයිඒ සංවිධානය දියත් කල කුමන්ත්‍රණයකින් අලියන්දේ ගේ ලතින් ඇමෙරිකාවේ ප්‍රථම වාමාංශික  රජය පෙරලා දැමුණි .   ජෙනරල් පිනෝචේ ප්‍රමුඛ  හමුදාව බලය පැහැර ගත්තේය .     

අලියන්දේ ගේ රජය මාක්ස්වාදී රජයක් නොවුණු අතර එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරුපයක් ගත් එකකි .  නමුත් එහි සහායක පක්ෂ අතර සෝවියට් සබඳතා තිබූ  කොමියුනිස්ට් පක්ෂයද විය .  එනිසා අලියන්දේ රජය මැතිවරණ අකුලා දමන බවට බොරුවක් සමාජගත කරන්නටද විරුද්ධ වාදීන්ට හැකිවිය . 

 1917 ජුනි 17  වනදා ප්‍රථම සමස්ත සෝවියට් කොන්ග්‍රස රැස්වීමේදී තවකාලික කෙරෙන්ස්කි රජයේ අමාත්‍යවරයෙකු , මේ අතිශය අමාරු අවස්ථාවේ රටේ පාලනය භාර ගන්නට පක්ෂයක් තිබේ දැයි විමසුවේය .   ලෙනින් එයට පිළිතුරු වශයෙන් "එවැනි පක්ෂයක් තිබේ" යයි පැවසීය. පසුවදා එම සිද්ධිය ගැන ප්‍රකාශයක් කරමින්  ප්‍රබල විනයක් සහිත බෝල්ෂෙවික් පක්ෂය රාජ්‍ය බලය ගැනීමට සූදානම් බව ප්‍රකාශ  කළේය. බොහෝ අය උසුළු විසුළු කළද , එම අවුරුද්දේ ඔක්තෝබරයේ රාජ්‍ය බලය පවරා  ගත්තේ බෝල්ෂෙවික් පක්ෂය සහ වාමාංශික සමාජවාදී විප්ලවවාදී පක්ෂයේ එකමුතුවයි .  පසුව මේ පක්ෂ දෙක එකතුව සෝවියට් කොමියුනිස්ට් පක්ෂය පිහිටුවන ලදී .  එයින් වෙනත් පක්ෂ හා කණ්ඩායම් අතර අසමගිකම් ඇතිවීම වලක්වන ලදී .  (Source: Lenin Collected Works, Progress Publishers, 1977, Moscow, Volume 25, pages 15-42.)

ජනතා  විමුක්ති පෙරමුණ පිහිටුවන ලද්දේ 1965 මැයි 14 වනදාය. රෝහණ විජේවීර සහ තවත් කිහිප දෙනෙකු විසින් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ගොඩ නගන ලද පක්ෂය,  වෙල්ලස්සේ කැරැල්ලෙන් පසු ප්‍රථම වතාවට රැජිනගේ ආණ්ඩුවට විරුද්ධව ලංකාවේ  කැරැල්ලක් දියත් කරන්නේ 1971 දීය. එසේ කරන්නේද හැට ගණන් වල අග භාගයේ සිට අත් අඩංගුවට ගැනීම් සහ වෙනත් නොයෙකුත් මර්දනය කිරීම් වලට  පිළිතුරක් ලෙසය .  මේවා දයලෙක්තිකවාදී ලෙස අප තේරුම් ගත යුතුය. මර්දනයක් ගෙන එන විට ඒ සඳහා ප්‍රතිවිරෝධයක් පැන නැගීම ස්වභාවිකව ඕනෑම අවස්ථාවක සිදුවේ .  මින් අනතුරුව රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු කණ්ඩායමක් පක්ෂය නැවතත් බලවත් ලෙස  ගොඩ නගන ලද්දේ සිර දඬුවම්  විඳිමින් හා ඉනික්බිතිව 1978 දී නිදහස ලැබීමෙන් අනතුරුවය.  තනි පක්ෂයක් ලෙස දේශපාලනයේ යෙදෙන ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති මැතිවරණයට රෝහණ  සහෝදරයා ඉදිරිපත් කරන්නේය .  ඉන්පසු පවත්වන ලද  අසාධාරණ ජනමත විචාරණයට විරුද්ධව ජනතාව හසුරුවන්නේය . 


ජාතිවාදී කණ්ඩායම් විසින් අවුළුවන ලද 1983 ජාතිවාදී  කෝලාහල ඇති කරන ලදැයි බොරු චෝදනා නගා  ඉතා අසාධාරණ ලෙස  පක්ෂය පැවති ආණ්ඩුව විසින් තහනම් කරන්නේය .  යටිබිම්ගත වන පක්ෂය ඉතා අසීරුකම් මධ්‍යයේ ක්‍රියාත්මක වුවද පැවැති දැඩි පීඩනය හමුවේ අවි අතට ගන්නේ රජයට එරෙහිවය. එම දයලෙක්තිකවාදී  ප්‍රතිවිරෝධය විසින් අවුළුවන ලදුව  රට පුරා සිවිල් යුද්ධයක් පැතිර ගිය අතර ජනතා විමුක්ති පෙරමුණේ ඉහල නායකත්වය මෙන්ම අති විශාල සාමාජික සංඛ්‍යාවක් මරා දමා පීඩකයන් විසින් පක්ෂය විනාශ කරන ලදී.

බොහෝ අයට වරදින්නේ මෙතනදීය.  පක්ෂය විනාශ කල නොහැකිය . ජනතා විමුක්ති පෙරමුණ යනු සාමූහික සවිඥානයක ප්‍රතිඵලයකි .  එය පිහිටුවන වන ලද්දේ පීඩිත පන්තියේ නියෝජනයක් ලෙස ඔවුන් උදෙසාය .  එහි නිර්මාතෘන් වූ රෝහණ සහෝදරයා ඇතුළු පිරිස මිය ගියද එවැනි පක්ෂයක් මිය යන්නේ නැත. 1994 සිට පක්ෂය නැවත ගොඩ නැගෙන්නේ පන්ති පහට සහභාගී වූවන්ගෙන් පමණක් නොවේ .  ප්‍රභුත්වයට හා පීඩක පන්තියට විරුද්ධව නැගෙන ජන විඥානය තුල පක්ෂය  සක්‍රියව සැඟව පැවතෙමින්  අවස්ථාව ලද විගස ෆීනික්ස් පක්ෂියා මෙන් අළු ගසා දමා  නැගී සිටින්නේය.  ඉන්පසු වසර 2025 දී අනුර කුමාර දිසානායක සහ ටිල්වින් සිල්වා ප්‍රමුඛ ජවිපෙ නායකත්වය මෙහෙයවන ජාතික ජන බලවේගය බලය ලබා ගන්නේ මේ සාමුහිකත්ව සවිඥාන බලය තුලිනි. 

ජාතික ජන බලවේගය යනු තනි පක්ෂයක් වටා ගොඩ නැගෙන ජන බලයකි .  එහි තුල  ප්‍රශ්න තිබුනද ජනතාවට හා සමාජයට එය ඒකාබද්ධ බලවේගයකි. එයින් බිඳී ගිය අවස්ථා කිහිපයක්ද ඇත්තේය. එහෙත්   මේ රජය වනාහි ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ප්‍රභූ පන්තිය පරාජය කොට බලයට පත් වූවකි. එයට විරුද්ධ වාදීන් බොහෝය .  පාලක ප්‍රභූ සමාජයට කත් අදින නිලධාරී පැලැන්තිය ,  ප්‍රභූන් විසන් මෙහෙයවන පාතාලය, ඔවුන් ගේ විදේශ සම්බන්ධතා ජාලය , ඔවුන් සතු මාධ්‍ය ජාලය , මේ සියල්ල ළඳරු ජාතික  ජන බලවේග ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක  වන්නේය .  ඒ සියලු  කුමන්ත්‍රණ පැරදවීමට ශක්තිමත් පක්ෂ යාන්ත්‍රණයක් අත්‍යවශ්‍ය දෙයකි .  අලියන්දේ ට සහ ඔහුගේ රජයට සිදුවූ දේ මගින් අපට ඓතිහාසික අත්දැකීමක් කියාදෙයි .  ලෙනින් ගේ වෙළුම් කියවන්නෙකුට ඔහු මේ අනතුර හඳුනා ගත් බවත් එසේම බලය හැසිරුවිම පිළිබඳව මනා  අවබෝධයකින් සිටි බවත් පෙනෙයි. ඒවා හැදෑරීම අදටද වැදගත් වන්නේ එබැවිනි . 

ඒ හැදෑරීම සහිත පක්ෂයක් තිබේ .   හැට විය පිරෙන්නේ මේ බාධක මැදින් නොබියව, නොසැලී ඉදිරියට ආ පක්ෂයකටය. ජනතා විමුක්ති පෙරමුණටය .  පක්ෂය ඉතිහාසය තුල ලන්ඩන් වල පක්ෂ හිතවතුන් ගෙන් ලැබුණු සහය වටනේය. විජේවීර,  සෝමවංශ සමයේ  සිට අනුර දිසානායක දක්වා නයුවන්ට ඒ සහය නොවෙනස් ව ලැබුනේය .   ඒ ඉතිහාසය සමරමින් දර්ශන හෙට්ටිආරච්චි  සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ හැට  විය සමරන්නේ පසුගිය මැයි 31 වනදාය .   සැමරුම අමතමින් ටිල්වින් සිල්වා සහෝදරයාද දර්ශන හෙට්ටි ආරච්චි  සහෝදරයාද සිය කථනයන් ගෙන් මතු කරන ලද්දේ ශ්‍රී ලංකාවේ  ප්‍රභූ පන්තිය පෙරලා දමා   ප්‍රථම වරට නිර්ප්‍රභූ ජනතාව , පිඩිත පන්තිය බලය ලබා ගත්  බවය .  නමුත්  ප්‍රභූ පන්තිය තම බලය ලෙහෙසින් හැර දමා  යන්නේ නැත.  ඔවුන් නොයෙක් බොරු වපුරනු ඇත . නොයෙකුත් කුමන්ත්‍රණ  කරනු ඇත .  අවලාද නගනු ඇත .    සුළු  වැරැද්දක්  පවා මහා මෙරක් සේ උපුටා දක්වනු ඇත .  මෙයින් පක්ෂයේ  අය අතින් හෝ රජයේ මැති  ඇමති සාමාජිකයන් ගෙන් වැරදි සිදු නොවන බවක් අදහස් නොවේ .  වැරදි සිදු නොවී රජයක් ගෙන යාම අපහසුය ,  ඒවා නිවැරදී කර ගනිමින් ඉදිරියට යා යුතුය .  එහෙත් කුමන්ත්‍රණ වලට හසු නොවී අවලාද වල ට හසු නොවී පීඩකයාට  බිය නොවී බොරු වලවල් වල නොවැටී මේ ගමන යා යුතුය.

ලන්ඩනයේ කැටපත් පවුරක් තනා , විශේෂ ඡායාරුප ප්‍රදර්ශනයක් ද පවත්වා පක්ෂයේ හැට  විය සමරුවේ එබැවිනි. රන්ජිත් විජේසිරිවර්ධන සොහොයුරා සිය පිලි ගැනීමේ කතාවේදී ලන්ඩනයේ ජනතාව ජාතික ජන බලවේගය වටා රොද  බැඳගත් අයුරු  පැහැදිලි කළේය .  ලද විජයග්‍රහණය රැක  ගත යුතුය. එය ලැබුනේ ලෙයින් හා යකඩින් මර්දනය කරන ලද පක්ෂයක සාමාජිකත්වයේ වීරත්වයද සාමූහික ප්‍රයත්නයේද ප්‍රතිඵලයක් ලෙසය .     ඒ සඳහා රජයට සහය දීමට ලන්ඩනයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය හා සාමාජිකත්වය එක සිතින්  සැදී පැහැදී සිටින බව මේ සැමරුම මගින් සාඩම්බරයෙන් දන්වන ලදී .      


 



 


එවැනි පක්ෂයක් තිබේ


එවැනි පක්ෂයක් තිබේ 

******************************************************************

"There is Such a Party": Lenin 4 th  of June 1917 Petrograd Soviets 

When answering if there is a prty to take power:


Red Army Song about the incident:


Party, party, reason and conscience of the people,

Your decisions inspire hearts.

Lenin told everyone in the distant years:

"There is such a party!"

"There is such a party!"

We will be faithful to you until the end!


පෙට්‍රොග්‍රඩ් සෝවියට් සභා රැස්වීමේදී සභානායක - බලය ගැනීමට පක්ෂයක් තිබේද යන්න ඇසූ විට - ලෙනින් නැගිට පිළිතුරු දුන්නේ එවැනි පක්ෂයක් ඇති බවයි . 

ඒ ගැන සමරා  ලියු රතු හමුදා ගීතය -


පක්ෂය ,  පක්ෂය ,  හේතුව සහ හෘද සාක්ෂිය ජනතාවගේ 

ඔබේ තීරණය හදවත් පුබුදුවාලයි 

ලෙනින් ඒ ඈත කාලයේදී පැවසුවේ හැමෝටම  

"එවැනි පක්ෂයක් තිබේ 

එවැනි පක්ෂයක් තිබේ " 

අප ඔබට විශ්වාසවන්ත වෙමු 

දිවි ඇති තුරා 



- අපටද එවැනි පක්ෂයක් තිබේ 


රෝහණ විජේවීරයන් නෙක දුක් වළඳමින් 


ගොඩ නැගූ පක්ෂයක් තිබේ 


ඒ ජනතා විමුක්ති පෙරමුණයි 


හැට  විය සමරන ~~~~~~~~~~~~~~~~~~~~~~~

ලන්ඩනයේ 31/05/2025 පැවැත්වූ ජවිපෙ 60 වැනි උපන් දින සැමරුම වෙනුවෙනි . 

හැට පිරුණු පක්ෂය


හැට පිරුණු පක්ෂය 

*****************************************

මට හැටක් පිරුණේ අප්‍රියලයේය 

පක්ෂයට හැට  පිරුණේ මැයි වලය 


 මා පක්ෂයට වඩා මාසයක් වැඩිමල් ය 


මගේ අප්‍රියෙල් උපන් දිනයට 


අමතක නොවන දිනයක්ද එකතුව ඇත්තේ ය . 


ඒ අප්‍රියෙල්  පස් වනදාය 




වෙල්ලස්සේ කැරැල්ලට උරදුන් 


අසාධාරණ බදු වලට එරෙහිව ගිය වුන් 


ලෙයින් යකඩින් මර්දනය කළෝ 


රැජිනගේ ලංකා ආණ්ඩුවයි 


හැත්තෑ එකේ තිබුනෙත් එම 


ආණ්ඩුව මය , වෙනස තිබුනේ සාරියේ පමණය 


ඒ බව දත් තරුණ කොලු කෙල්ලන් සමූහයක් 


අවි අතට ගත්තෝ අසාධාරණයට විරුද්ධව ය 


ඒ ඉපදී වසර හයකින්ය 



උන්ගේ හඬ ජනතාවට නො ඇසුනි 


ඒ නොඇසුණු කතාව ලෙයෙහි රුවාගෙන 


අදිටන හිස තබාගෙන 


ගොඩ නැගුනේ ඒ විශ්මිත පක්ෂයමය 


එහි උරුමය ඇත්තේ හැලූ ලේ වලය 



ඒ උරුමය මා දුටුවේද භද්‍ර යෞවන වියේදී මය 


දෙවන වරටද පක්ෂය බිඳ දමනු රිසියෝ 


තරුණ සමුහයේ ගෙල සිඳුහ


එහෙත් එය නැගී සිටියේ


ෆීනික්ස් පක්ෂියා මෙනි 


ඒ පක්ෂය යනු පුද්ගලයා නොවන හෙයිනි 


මගේ හැට වැදගත් නැත 



හැට විය පිරුණේ දහසකුත් එකක් 


සාමාජික සාමාජිකාවන්ගේ 


ලේ කඳුළු හා දහිරිය සමගිනි  


එය සාමූහික චින්තනයක් පමණක්ම විය 


එය මරා දැමිය නොහැකිය 


එය ඉවත් කල නොහැකිය 


වරෙක මහා මේඝයක් මෙන්ම 


තව කලෙක කුඩා සුළගක්ව වුව පක්ෂයේ ජිවය නොනැසී 


සාමූහික කර මතින් නැගී සිටියාය 


අද හැට වසර සමරන්නේ 


ඒ වීර චින්තනයයි 


ඒ සාමූහිකත්වයේ හඬයි-

- ලන්ඩනයේ 31/05/2025 පැවැත්වු  60 වැනි සමරුව වෙනුවෙන් 

දළඳා වන්දනාව

 දළදා වන්දනාවේ සිදුවූ අභාවාචක සිද්ධි කිහිපයක් හේතුවෙන් සිත බිඳවැටී ඇති නිසා මේ අකුරු කිරීම සිදු කරමි. කලකට පෙර මම මහනුවර පැරණි උඩරට රාජධානියට අයත් එක්තරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ප්‍රාදේශීය ලේකම්වරයකුව සිටියෙමි.

එය මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලවරණය පැවැත් වූ සමයයි.

එක් දිනක් මා ඇමතුවේ අපේ දිස්ත්‍රික්කයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයායි. "නිලංග නිලමේතුමාට ඔයාව හම්බවෙන්න ඕන ලු එන්න කියන්නද ක්වාටස් එකට" ඔහු ඇසුවේය.

මේ අරමුණ පිළිබඳව අවබෝධයක් නොතිබූ බැවින් මා එයට එකඟත්වය පළ කරමි. නිලංග දෑල ඔහුගේ බිරිඳ සමඟ අපේ නිල නිවසට පැමිණියේය .ඒ නවීන පන්නයේ තේ කෝප්ප සෙට් එකක් ද ත්‍යාග වශයෙන් රැගෙනය.

ත්‍යාගයේ වටිනාකම වැඩි බැවින් අපහසුවකට පත්වුව ද ප්‍රභූවරයෙකුව එකවරම ප්‍රතික්ෂේප කිරීමට එකල කොන්ද පණ නොතිබූ නිසා එය භාරගතිමි.ඔවුන්ට තේ දී පිටත් කළෙමි.

ඔවුන් දෙදෙනා නැවත දෙවන වතාවට ද පැමිණියෝය  .ඒ අවස්ථාවේදී බිරිඳට සාරියක් සහ හෑන්ඩ් බෑගයක් රැගෙන විත් තිබිණි.

ලස්සනම වැඩේ වූයේ තුන්වැනි වතාවේදීය .

දියවඩන නිලමේ දෑල බණ්ඩාර වෙනුවෙන් මාලිගාවේ තනතුරු දරන ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් විශ්‍රාමික රැවුල වැවූ නිලධාරියකු පැමිණියේය.

"නිළෙමේතුමාගේ පැකේජ් එකක් තියෙනවා ..ලක්ෂ තුනක ..එතුමාට ඔයාගේ ඡන්දෙ විශ්වාස වෙන්න ඒක ගන්න "ඔහු කීවේය . මීට දස වසරකට පෙර ලක්ෂ 3 වැඩි අගයකි.

එය  ප්‍රතික්ෂේප කලෙමි. ලේකම්වරයා "මොනවා උනත් පරිපාලන සේවයේ අලුත් අය ගැන අපි ආඩම්බර වෙනවා'' යැයි කියමින් නිල නිවසෙන් පිටතට ගියේය.

දළදා මාලිගාවට ජවිපෙ විසින් පහර දුන්නැයි මේ දිනවල මොර දෙන නිරංජන් විජයරතන නැමැත්තා තවත් දවසක පැමිණියේය .ඒ හාල් පොල් බඩු මල්ලක් රැගෙනය. ඒ වන විට තෙම්පරාදු වී සිටි බැවින් එය ප්‍රතික්ෂේප කළෙමි. පසුව ඔහු රුපියල් පනස්දාහක් දෙන්නට තුන්වෙනි පාර්ශවයක් මගින් විමසා සිටි අතර කුණුහරප දෙකක් කීමෙන් පසු ඒ උත්සාහය ව්‍යාර්ථ වී ගියේය.

වැඩිම පැකේජය දුන් නිලංග දෑල බණ්ඩාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඡන්දයෙන් සාතිශය බහුතරයක් ලබමින් ජයගත්තේ ඔහොමය. දළදා පෙරහැරේ වීඅයිපී පෝලිමේ වැඩි ඉඩක් සැප්තැම්බර් නිළමේ නිලවරණයේ චන්දදායකයන්ට වෙන් වන්නේ  ඇයි බොහෝ දෙනෙකුට දැන් තේරුම් යනු ඇතැයි සිතමි.

දළදා හාමුදුරුවන් විකුණා ගෙන කන මොවුන්ට වැහි නැති හෙණ පතනු

හැර, වැඩවසම් රාජ්‍යය ඉක්මනින් කඩවසම් නොවන බව දකින අපට වෙන විකල්පයක් ඇත්තේ නැත.

"දහස් ගණන් පෝලිමේ ඉඳිද්දි හොර පාරෙන් දළඳා වැන්ද කවුරුහරි එකෙක්  ඉන්නව නම් කණ්නාඩිය ඉස්සරහට ගියාම ඌට පේන්න ඕන

උගේ පව්කාර ආත්මය.

"සඳකඩ පහණක කැටයම් ඔපලා..."

 "සඳකඩ පහණක කැටයම් ඔපලා..."

ගීතයක පළමු පදයෙන් කනට ඇහෙන වචන දෙක,තුනකට ගිතයේ අර්ථය සිමා කරන්නට හුදෙක් මිනිසුන් පුරුදු වෙලා ඉන්නවා.ඇත්තට ඒක එහෙම වෙන්නේ නොදැනුවත්කම නිසාවෙන්ද? ගීතයේ රසය පරතෙරට විදින්නට ඔවුන්ට ඇල්මක් නැත්ද? ඒ කොහොම වුණත් ගීතයක අර්ථය ගීතය පිළිබඳ ව සැබැ හෙළිදරව්වක් සිදුකරනවා .ඒ නිසාමයි සාහිත්ය තුළ තියන මේ අපුරු නිර්මාණය විචාරය කරන්න හිතුවේ,
මේ ගීතය හැත්තෑව දශකයේ ඉදලා මෙරට රසික සවන්පත් සනහාලන ගීතයක්..,"සඳකඩ පහනට කැටයම් ඔපලා.."ගීතය.මෙය සතිස්චන්ද්ර එදිරිසිංහ අධික්ෂණය කල "මාතර ආච්චි " චිත්රපටයෙන් සුවහසක් රසිකයන්ට ලැබුණු මහඟු තිළිණයක්..ඒ වගේම මේ ගීතය සිවු කුලුදුල් ගීතයක් ලෙස හදුන්වන්න පුලුවන්.එකට හේතුව තමයි වොලි නානායක්කාරයන්ගේ පළමු ගී පද රචනය විමත්,වික්ටර් රත්නායකයන්ගේ පළමු සංගීත අධ්යක්ෂණය විමත්,සතිස්චන්ද්ර එදිරිසිංහයන්ගේ කුලුදුල් චිත්රපට අධික්ෂණය විමත් හැරුණු කොට සුනිල් එදිරිසිංහයන්ගේ ගායන ප්රවේශයත් මේ ගීතය තුළින් සිදුවිම.ඔහුගේ ඒ හඬ මේ ගිතයේ සංවේදිභාවය හදේ ගැඹුරුම ඉසව්වක ප්රතයයන් කරන්නට සමත් වෙනවා.මේ ගීතය පිළිබඳ ව ඇතැමුන් විවිධ අරුත් පෙන්වන්වා.ඒ කොම වුණත් ඒ නිර්මාණය ට සාධාරණත්වයක් ඉටුකරන්න පුලුවන් අර්ථයක් එය මුසු කිරිමම සාහිත්ය තුළ එය කාලයක් පුරා රැදිම හේතුවක්ම වේවි...
"සඳකඩ පහණට කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැඟුම් ගනී...
කැළැතුනු රසයක පැන ආ බුබුළක්
අකුරු වැළක් දෙහදක ලියවේ..."
"සඳකඩ පහණ " බෞද්ධයන් හා බැදි කලාකෘතියක්...තනුව වෙනුවෙන් මිනිසුන් මේ ගීත රස වින්දට,,එහි අර්ථය මෙවැනි පැතිකඩකට ගලා යන බව නොහිතන තරම්...මෙහි කියවෙන විදියටනම්...කැටයම් ඔපන ලද සඳකඩ පහණ කාන්තාවක් එහෙමත් නැත්නම් ගණිකාවක්.මෙතනින් එහාට ගීතයේ අර්ථය කොයි දිහාවකට යාවිද?? පාවෙන දේදුනු නැමැති සල්ලාලයින් එනවා ඇය එක්ක යහන්ගත වෙන්න.ඒ යහන්ගත විමත් එක්ක ඇතිවන රාගීක හැගීම් දෙන්නටම හොදින් දැනෙන වග..,,"අකුරු වැලක් දෙහදක ලියවේ" යන්නෙන් කවියා ව්යංගයෙන් ප්රකාශ කරනවා.
" යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දි...
නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා
සියුමැලි කැකුළක් මැළවෙද්දි ..."
සමාජය වරදකදී, ඒ වරදින් ඒ කෙනාව හංවඩු ගහන්න තරම් පහත් තත්වයක එදා මෙදා තුර සමාජය පෙළඹිලා තියනවා.ඉතින් මේ කාන්තාව මේ වෘත්තිය කරගෙන යද්දි සමාජය සුපුරුදු විදියට ඇය ගණිකාවක් ලෙස සමාජගත කරනවා ,මේ කාන්තාවගේ අසම්මත ප්රමයකින් ලැබුණු දරුවෙක් ඉන්නවා,අම්මගේ තාත්තගේ උණුහුම නොලබන මේ දරුවත් තනියම ජිවත් වෙනවා කියන කාරණාව පද සංකලනය තුළ හරි ලස්සනට රචකයා ඇතුළත් කරලා තියනවා.
" දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බිංදු...
ගව්වක් ඉහළට ගොනුකොට රදවා පොපියන දෙතොළක් එහි කැන්දු...
අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුහුවන වැහි බිංදු...
ඈ ගෙන යද්දි නටබුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හඳ රැන්දු..."
එකම එක වරදක් ජිවිතයම අඳුරේ ජිවත් කරවන්න හේතුව කාගේ වරදද? සමාජයේද? ඇගේද ?
ගව්වක් උසට බලාපොරොත්තු තිබුණත්,යහපත් රැකියාවක් කරන්න ආසාවක් තිබුණත් සිද්ද වෙන්නේ හැමදාමත් ඇයට ඒ සුපුරුදු රැකියාව කරන්නයි.මේ සන්සර්ගයේ හැසිරීම හා එහි අවසානය බෝහෝ අපුරුවට පද පේළි දෙකකින් දක්වල තියනවා.
"අහසක් ගුඟුරා කලුවක් වපුරා
ඒ හා මුසුවන වැහි බින්දු... "
සන්සර්ග අහස ගුගුරා අකුණු ගහලා,කලුවෙලා,හිතට බිය දැනෙන කර්කශක දෙයක් ලෙසත් එහි අවසානය ගොරවලා,අකුණු ගහලා අන්තිම පොඳ වැස්සක් වගේ ආස්වාද ජනක අවසානයක් ලෙසත් කවියා පද මුසු කරලා තියනවා.
" හදවිල ඉපැදුණු කැකුළක් නොකළට
නටුවෙන් ගලවා ඳුරක යවා...
මිහීලිය තෙත්කොට ගිලිහුණු කඳුලක්
සත් සමුඳුරකට මුහුව ගියා...
ඔබට උරුම වු රිඳුනු තැවුණු හඳ
එක්ටැම් මැඳුරක කවුලු අරා...
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හඳවත සිටියි බලා... "
" අම්මා" ඇගේ ආදරයේ නාමයෙන් මේ ලෝකේ තවත් මනුෂ්යයෙක්ට ජීවය දෙනවා.ඒ වගේම ඇගේ නමින්ම ආදරය මුල්වරට ඉගෙන ගන්නවා.ජිවිත ගමනේදි ඇගේ ආදරය,කරුණාව දරුවනට නැතිවම බැරි දෙයක් වෙනවා.ඔවුන් අසම්මතයේ පිහිටලා හෝ දරුවන් සම්මතයේ දුර ගමනක් අරන් යන්න ඕනම දෙයක් කරන්න සුදානම්...
තමන්ගේ රැකියාව නිසා,තමන්ගේ දියණිය කෙදිනක හෝ අපහසුතාවයට පත්වවෙයි කියලා ඇයව නැයෙකු ළගට ඇඩු කදුලින් පිට මං කරනවා.ඒ ඇයට උරුම වෙලා තියෙන රිඳුණු,තැවුණු ජිවිතය හදවත නමැති එක්ටැම් ගෙයි පමණක් තියාගෙන තම දරුවගේ ජිවිතය සැපවත් කරන්න.
මේ සංවේදි ජනක සිදුවිම ගීතයට එකතු කරන්න කවියා නොගත් උපමාවක් නැති තරම්...මෙවැනි ගිතයක් ඔහුගේ අතින් ලියවෙන්නට එදා ,අද මෙවැනි සිදුවිම් නොවෙන්නට පුලුවන් ද?
රාගය නමැති ඇවිලිම සංසිදවන්න මිනිසුන් අසම්මතය පෙළඹෙන්නේ නැත්නම්...ජිවිතයට මුදලින් මිනිස්සු වටිනාකම් නොදෙනවනම්...සමාජය තුළ මනුෂ්යත්වයට අසමනත්වය නොදෙනවනම් ..
ඇයත් ගැහැණියක් ලෙස සමාජ සම්මතය තුළ ජිවත් වෙවි...අම්මගේ තාත්තගේ උණුහුම නොලැබෙන දරුවන් අකලට නොපිපෙවි...
.....ස්තුතියි.....

- කර්තෘ නොදනී

වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා නම් ඔහු...

 දහසකුත් එකක් facebook වීරයන් බිහිවන වර්තමානයේ ඇතැම් වීරවරු නිහඬවම වීරකම් කරති. ඔවුන්ගේ වීරත්වය වචන වලින් එළියට නොපැමිණියද ක්‍රියාවෙන් ඉස්තරම් ය. මනුෂ්‍ය ප්‍රාණියෙකුට ජීවිතය දීම අතිශය අමාරු කටයුත්තකි. එවැනි මරණය අභියස සිටින මනුෂ්‍යයෙකුට ජීවිතය දීම ඊටත් වඩා භාරදූර කටයුත්තකි. මේ සඳහා සද් භාවයෙන් ම තම වේලාව, ධනය, ශ්‍රමය කැප කරන වෙදැදුරන් අතලොස්සක් මගේ ජීවිත කාලය තුළ හමු විය. ඒ අතරින් ජීවිතය ජීවත් කරවීමට පොරබදන දහසකුත් එකක් පිළිකා රෝගීන්ට දෙවන උපත දීමට  තම කාර්යශූර දක්ෂතා දැනුම ආකල්ප උපයෝගී කරගන්නා උතුම් ජීවකවරයෙකු කරාපිටිය රෝහලට නිහඬ සේවයක් සපයමින් සිටිනු මා පසුගිය කාලයේ අත්වින්දෙමි. එතුමා නමින් ක්‍රිසන්ත පෙරේරා නම් වූවේය.


 සියල්ල සූරා දමන්නා යන විරුදාවලිය ඇතැම්විට එතුමාගේ නම සමග පෑහෙ යයි කිහිප වරක් මා අසා ඇත්තෙමි එයට හේතුව එම ශ්‍රී හස්තයට හා දෑසට හසුවන මාරාන්තික පිලිකාවක අගමුල සියල්ල මුලිනුපුටා දැමීමට එතුමා දක්ෂ වන බව එතුමාගෙන් ප්‍රරතිකාර ලැබූ රෝගීන් සාක්ෂි දරනවා ඇත. හිරුටත් පෙර අවදිවන වෛද්‍යවරු කිහිප පොළ අතර මෙතුමාද ප්‍රමුඛ පෙළේ වැජඹෙන්නෙකි. තම වාට්ටු සන්චාරය පටන් ගන්නා විට උදේ හතේ කනිසම ද එළබී නැත. මෙතුමාට වෙලාව නම් වෙලාවය. සක්කරයාටද එකය. 


ක්‍රිෂාන්ත පෙරේරා මහතා ගේ වාට්ටුව අති පිරිසිදු ය. අධික මුදලක් අය කරන පෞද්ගලික රෝහල්වල පිරිසිදුකම එයට පරාදය. වාට්ටුව, කෑම කාමරය, වැසිකිලි, නාන කාමර සියල්ල පිරිසිදුකම අතින් කිසිදු පෞද්ගලික රෝහලකට නොදෙවෙනිය. ශල්‍යාගාරය, දැඩි සත්කාර ඒකකය ඉතාමත් පිළිවෙළය, පිරිසිදුය වෙද හෙද, කනිටු කාර්ය මණ්ඩලය, පිරිසිදු කරන්නියන් සියල්ලෝම සීරුවෙන් ය. මෙතුමාට  වැඩ නම් වැඩය. නීතිය නම් කොයි කාටත් එකය. රෝගියා ගේ ජීවිතය පමණක් පළමු තැන ය. මෙම අගනා සේවාව වෙනුවෙන් 48 , 49 වාට්ටුවේ සියලු කාර්ය මණ්ඩලය මෙන්ම දැඩිසත්කාර ඒකකයේ හා ශල්‍යාගාරයේ සියලු කාර්ය මණ්ඩලයකාරුණිකව යුහුසුලුව ක්‍රියා කරයි. ඒ සඳහා ඔවුන් සියලු දෙනාම කෙලෙස ඇගයුම් කලත් මදිය. මුදල් පසුපස හඹායන සමාජයක මුදල් තුට්ටුවකට මායිම් නොකරන මේ උතුම් වෛද්‍යවරයාගේ ඒකකය තරම් පිළිවෙල වෙනත් ඒකකයක් කරාපිටිය රෝහලේ තිබේ නම් අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි.  ඇගයුම් ගැන නොතකා අහිංසක රෝගීන්ට සේවය සලසන මෙවැනි උතුම් මනුෂ්‍ය රත්නයන්  රැක ගැනීම වර්තමාන සමාජයේ මහත් වූ වගකීමකි.

--කතෘ අවිනිශ්චිතය. 

ශ්‍රී ලංකා පෙරටුගාමි පක්ෂයේ සාමාජිකයෙකුගේ ප්‍රශ්න වැලක් (පෙසප නොවේ )



මහත්වරුනේ මෝඩ මගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්න?
අද හවස 06ට මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ හයවන විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. සියළු දුෂ්ඨ බලවේග පරදවා අවසානයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. ඉතිං ඊට පස්සේ මොනවද වෙන්නේ?
දැන් මෛත්‍රීපාල සිරිසේන ගේ මෛත්‍රි පාලන දින සියයේ ප්‍රතිපත්ති මාලාව යටතේ ඔහු විසින් දින සියයක් තුල කළ යුතු වැඩ කන්දරාව අපමණය. එහි පළමු පියවර වශයෙන් ඔහු අද දිනයේ මේ රටේ මීළග විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.
ඔහු දැනට අගවිනිසුරු ධූරය හොබවන මොහාන් පීරිස් මහතා ඉදිරියේ දිවුරුම්දීම පසෙකලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ජේෂ්ඨතම විනිසුරුවරයෙකු වන කේ. ශ්‍රි පවන් ඉදිරියේ දිවුරුම් දුන්නේය. අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් අභිනවන ජනාධිපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය. දැන් රට සාමාකාමීය. පැපරල් සහ කැෆේ ඇතුලු සියලු නිරීක්ෂන සංවිධාන මෙවර මැතිවරණ ඉතිහාසයේ පැවති අතිශයින්ම සාධාරණ මැතිවරණය බවට මේ වන විටත් පවසා අවසන්ය. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය යනු මේ රටේ බිහිවූ අතිශයින්ස සාධාරණ මැතිවරණ කොමසාරිස්වරයාය. ඒ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවට ඉඩ නොතබා ඔහු මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරමින් පවත්වනු ලැබූ නිසාය. දැන් රට සාමකාමිය. දැන් අපට ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන නම් විෂ්මකර්ම පුත්‍රයා දින සියයකින් ශ්‍රී ලංකාව සුරපුරයක් බවට පත්කරන තුරු බලා සිටින්නට පමණි.
ඒ අනුව දැන් අභිනව ජනාධිපතිවරයාට කරන්නට වැඩ රාජකාරි රාශියක් ඉතිරිව ඇත. ඔහු දින සියයකින් මූලිකවම විධායක ජනාධිපති ධූරය අහෝසිකර, සමානුපාතික සහ කේවල ඡන්ද ක්‍රමයෙන් සම්මිශ්‍රිත නව පරිපාලන රාමුවක් සකස් කළ යුතුය. ඒ අනුව ඔහුට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට නම් නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම අත්‍යවශ්‍යය. ඒ අනුව අප සාමාන්‍යෙයන් දන්නා පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව මගින් ගම්‍යමාන වන 32 ව්‍යවස්ථාව ප්‍රකාරව විධායක ජනාධිපති ධූරය වෙනස් කරන්නට නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ යුතුය. ඒ අනුව එකී සංශෝධනය සදහා අවශ්‍ය 3/2ක බලය ලබා ගැනීම අභිනව ජනාධිපතිවරයා ඉදිරියේ ඇති බැරෑරුම් වගකීමකි.
ඒ අනුව පවතින පාර්ලිමේන්තුවේ නියෝජිතයන් 225 දෙනා ගෙන් 156 දෙනෙකුට වඩා වැඩි ඡන්දයක් ලබා ගැනීමට නම් හැකි ඉක්මනින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් තමට සහය දක්වන්නට කැමතිකරවා ගන්නට ඔහුට සිදුවනු ඇත. ඒ අනුව එය ඉතා දුෂ්කර සහ බැරෑරුම් ක්‍රියාවලියකි. මන්ද යත් ලංකාවේ ව්‍යවස්ථාදායකයේ නියෝජතියන් යනු රටට ආදර කරන පිරිසක් නොව මුදල් වලට කෑදර පිරිසක් වන නිසාය. ඒ අනුව එකී වෑයම තනිකරම මුදල් මත පදනම් වන ඩීල් එකක් වනු ඇත. ඒ අනුව යහ පාලනය ගැන කතා කරන සිවිල් සංවිධාන නියෝජිතයන් යළිත් පරණ වතුර අලුත් බෝතලයකට දමනවාට කැමතිද? කෙසේ හෝ එවැනි ආකාරයේ ඩීල් එකක් හරි ගියා වුවද යහ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන යළිත් කතා කරන්නට මේ මහත්වරන්ට හැකිවනු ඇතිද?
එසේ නොමැති නම් පාර්ලිමේන්තුවේ කාලසීමාව අහවර වීම නිසා මාස තුනක් තුළ මහ මැතිවරණයක් කැදවන්නට අභිනව ජනාධිපතිවරයාට සිදුවනු ඇත. එහිදී මෙකී පොදු මිනිසුන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන ඡන්ද ලකුණක් යටතේද? එ.ජා.පයේ දැනටමත් පක්ෂ අභ්‍යන්තරයෙ ඇති අර්බුද නිසා ඔහුන් කිසි ලෙසකින්වත් යළිත් වරක් මහ මැතිවරණයේ දී හංසයා ගෙන් ඡන්දය ඉල්ලනන්ට එකග නොවන බව පැහැදිලිය. සජිත් ප්‍රේමාදාස වැනි පුද්ගලයෙක් අනිවාර්යෙන්ම අලියා ලකුණින් එ.ජා.පය වශයෙක් තිනිව තරග කළ යුතු බවට තීරණය කරනු ඇත. මන්ද මෙවර මැතිවරණයේදී පවා සජිත් ප්‍රේමදාස කපන්නට බැරි අත ඉබිනවා විනා අවංකවම පොදු අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටියේ නැත. එවිට එ.ජා.පය වශයෙන් ඔහුනට මැතිවරණයේදී වැඩි ආසන සංඛ්‍යවක් දිනා ගන්නට හැකිවනු ඇත.
ද්‍රවිඩ සංධානය අනිවාර්යෙන්ම තනිව මැතිවරණයට මුහුණ දෙන බව සක්සුදක් සේ පැහැදිලිය. මුස්ලිම් කොන්ගසය සහ ඡන්ද පදනමක් සහිත දිගම්බරන්ලාද තිනව තරගකරනු ඇත. ඒ අනුව මහින්ද රාජපක්ෂ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සංධානය වැඩි ආසන ප්‍රමාණයක් සහ බෝනස් ආසන දිනා ගන්නට නියමිතය. මීලග පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්නට නම් අඩුම තරමේ ඡන්ද 113ක් ලබා ගත යුතුය. ද්‍රවිඩ සංධානය කෙසේ වෙතත් දෙපැත්තට පනින් ගෙම්බන් බදු අනෙක් සුළු ජාතිකයන් කුමන තීරණයක් ගනු ඇත්ද යන්න අවිනිශ්චිතය. අනෙක් අතට තුනෙන් දෙකක බලයක් මෛත්‍රිට ලබා ගන්නට නම් ඔහුට දැනටමත් ඛණ්ඩනය වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් ගේ සහය ලබා ගැනීම අහම්බයක් නොව අනිවාර්යතාවයකි. ඒ අනුව එ.ජා.පය තම පක්ෂය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළ දියකර හරින්නට ඉඩ දී බලා සිටිනු ඇතිද?
ඒ අනුව මෛත්‍රිට දින සියයකින් විධායක ජනාධිපතිධූරය අහෝසිකර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නට තනිව කටයුතු කළ හැකිද? යම් හෙයකින් දැනටමත් ලක්ෂ හතලිස් හතකට ආසන්න ප්‍රමාණයක් ලබා සිටින එක්සත් ජනතා නිදහස් සංධානයට වැඩි ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කරන්නට හැකි වුවහොත් ඔහුනට නැවතත් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් හිමිවනු ඇත. ඉන් පසු තත්ත්වය කුමක් වනු ඇත්ද?
ඒ අනුව නැවතත් ජනාධිපතිවරයා එක් පක්ෂයකින් සහ අගමැතිවරයා තවත් පක්ෂයකින් පත්වීම වලක්වන්ට හැකි නෛතික පදනම කුමක් ද? ද්‍රවිඩ සංධානය දැනටමත් පවසා ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේ දී ඒකාධිපති මහින්ද පරාජය කරන්නට අවශ්‍ය නිසා පමණක් තමන් 13+ ගැන කතා නොකරන බවය. නමුත් මහ මැතිවරණයකදී තමන් ගේ ජනතාව රවටන්නට ඔහුනට හැකි වනු ඇත්ද? ඒ අනුව ද්‍රවිඩ ජාතික ගැටලුවට පොදු අපෙක්ෂකයා ලබා දෙන දේශපාලන විසදුම කුමක්ද? එකී විසදුම සිංහල බෞද්ධ බහුතරය පිළිගනු ඇත්ද? සිංහල බෞද්ධ බහුතරය සනසන්නට ලබා දෙන විසදුමක් නිසා සුළුතර ද්‍රවිඩ,මුස්ලිම් ජ්‍රජාව කුමන තීරනයක් ගනු ඇත්ද?
ඒ අනුව දැනටමත් මෙකී සමස්ථ වැඩ පිළිවෙල මට දැනට ආකාරයට අවුල් ජාලාවකි. එය අවුලක් නොවන බව පෙන්වන්නට පොදු අපේක්ෂකයාට සහ වර්ථමාන රජයට ඇති දේශපාලන අර්ථකථනය කුමක්ද? එය යථාර්ථවාදීද?
අනෙක් අතට පොදු අපේක්ෂකයා පවසන ආකාරයට ඇමති මණ්ඩලය 30කට අඩු කරනවා නම් ඒ සදහා සුදුසුකම් ලබන්නේ කවුද? ආරක්ෂක ලේකම් ධූරය හෝ ආරක්ෂක ඇමතිධූරය සරත් ෆොන්සේකාට ලබා දෙනවා නම් ඔහු එකී තනතුරෙහි බලතල ගොඨාභය රාජපක්ෂට වඩා වැඩියෙන් භාවිතා කරමින් ජනතාව පීඩාවට පත්කිරීමෙන් වලක්වනු ඇති බවට දෙන්නට පලුවන් සහතිකය කුමක්ද? යම් හෙයකින් හිටපු අගනිවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක යළි අගවිනිසුරුධූරයට පත්කරනවා නම් ඊට නෛතික හැකියාවක් පවතින්නේ ද? නෛතික හැකියාවක් ඇතත් තමන්ට උපකාර කළ නීතීඥවරන්ට පක්ෂපාතීව සහ තමන්ව පීඩාවට පත්කළ නීතීඥයන් ගෙන් පළි ගන්නට ඇය කටයුතු නොකරනු ඇතැයි දෙන්නට පුලුවන් සහතිකය කුමක් ද? කේ.ශ්‍රී පවන් වැනි ජේෂ්ඨ විනිසුරෙකු අගවිනිසුරු ධූරයට පත් නොකරන්නට කටයුතු කරන්නේ නම් එයට හේතුව ඔහු දෙමළ වීම යැයි නොකියන්නට ගොඩනගන තර්කය කුමක් ද?
අතුරලියේ රතනලාට,චම්පිකලාට, අසාද් සාලිලාට, රිසාද් බදියුදීන්ලා ඇතුලු සියළු අයට ඇමතිකම් ලබා දෙනවා නම් එකී ඇමති මණ්ඩලය 25කට හෝ 30කට සීමා කරන්නට ඇති තාක්ෂණකික ක්‍රමවේදය දේශපාලනිකව වටහා දෙන්නේ කෙසේද?
ජනතාවගෙන් බහුතරය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව මෛත්‍රිපාල සිරිසේනට ඡන්දය ලබාදුන් ප්‍රධාන හේතුවක් වන රටේ බඩුමිල අඩුකරන්නට ඇති ක්‍රමවේදය කුමක්ද? නව ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක් ද? මේ අකාරයෙන් විවිධ ප්‍රශ්ණ ඇමීබාකරණයට ලක්කරමින් තව තවත් ප්‍රශ්ණ රැසක් අසන්නට පුලුවන. ඒ අනුව මේ වත්මන් ආණ්ඩුව සැබෑ ජනතාවාදී ආණ්ඩුවක් බවට පත් කරන්නට මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ පොදු සංධානයට ඇති තාර්කික හැකියාව කුමක්ද? ඒ සම්බන්ධයෙන් සිවිල් සංවිධාන සහ වෘත්තිකයන්,කළාකරුවන් ඇතුලු බලපෑම් කණ්ඩායම් වලට ඇති ශඛ්‍යතාවය කුමක්ද?
තව දුරටත් මහින්ද රාජපක්ෂ පරාජය කර කිරිබත් උයාකෑම මට අනුව වර්ෂ 2009 දී විමුක්ති කොටි සංවිධානය සමූල ඝාතනය කිරීමෙන් පසු කිරිබත් කා රතිඥ්ඥා පත්තු කලාට වැඩි යමක් නොවන බව කියන්නට කිසිදු තාර්කික පදනමක් නැත.
මුහුණු මාරුකරනවා වෙනුවට ක්‍රමය වෙනස් කරන්න යැයි කෑමොර දෙන පොරටුගාමී සමාජවාදී කුමාර් ගුණරත්නම්ලා ගේ ආණ්ඩුවේ ඩීල් අවසන් නිසා ලංකාවේ විප්ලවීය විභවය තව දුරටත් වලංගු නැතැයි කියා කියන්නට අරදින මෝඩ මිනිසුන් තරම් අප මුග්ධ නැත. අවසන් වශයෙන් මා වර නගන ප්‍රශ්ණය වන්නේ දින සියයකින් අලුත් රටක් හැදෙයි කියා බලා සිටින්නට තරම් මා මෝඩයෙකු නොවීම ඇත්තටම මගේ මෝඩකමද? කෙසේ නමුත් පුරවැසියෙකු ලෙස මගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්නට යහ පාලනය ගැන කෑ ගසන ප්‍රජාතන්ත්‍රවාදය ගැන දේශනා කරන පොදු අපේක්ෂකයා රජකරවන්නට ඡන්ද දුන් සියල්ලන්ටම වගකීමක් ඇතැයි මම සිතමි. කරුණාකර මහතවරුනේ මෝඩ මගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්න? මන්ද මම මේ රටේ ඡන්ද හිමි පුරවැසියෙක්මි!
තුෂාර එන් දස්කොන්

-උපුටා ගත්තේ ෆේස් බුක් සමාජ ජලයෙනි.


පෙරටුගාමි සමාජවාදී පක්ෂය ගැන හිතවතෙකුගේ මතයක්?


දැඩි ඉල්ලීම නිසා පෙරටුගාමි සමාජවාදී පක්ෂය ගැන පොඩි හැදින්වීමක් ලියන්නම්. මේක පක්ෂකය නිල මතයක් නෙවෙයි, ඒත් මගේ අත්දැකීම් හා දැනුමේ සීමාවන් එක්ක, ඒත් හැකි ආකාරයෙන් ලියන්නම්. මේක ලොකු කතාවක් ඒත් හැකිතාක් කෙටිකර ලියන්නම්. මුලින්ම පසුබිම ගැන ටිකක් ලියන්නම්. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මව් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ.

ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ලංකාවේ ධනේෂ්වර ආර්ථික ක්‍රමයට විරුද්ධව සමාජවාදී සමාජ ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම සදහා 1960 ගණන්වල අගභාගයේදී පිහිටවපු පක්ෂයක්. ඒ අරමුණේ ප්‍රතිඵලයක් විදිහට 71 සහ 89 දී පක්ෂය මූලික වුණු සන්නද්ධ අරගල සිදුකරනවා. මේවා තාක්ෂණික වශයෙන් න්‍යායාත්මක වශයෙන් වගේම ප්‍රායෝගික වශයෙන් අඩුපාඩු සහිත වූවක්. කිසියම් කෙනෙක් මේ සිද්ධි ගැන විවේචනයක් ඉදිරිපත් කරනවා නම් ඒවා ගැන
පිළිතුරු දීමට පෙසප පෙනී ඉන්නවා. ඒක හුදු සමාව ඉල්ලීමකට වඩා එහා ගිය එකක්.

අපේ පරම්පරාවේ අය ජවිපෙ ගැන දන්නේ 94 න් පස්සේ ජවිපෙ පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදය සමග දේශපාලනයට ආවට පසු යුගයෙයි. මේ කාලය ඇතුලත 2000 මුල් කාලය දක්වා අපි දේශපාලනිකව කුමන පක්ෂයකට ඡන්දය දුන්නත් ලංකාවේ හෘද සාක්ෂිය නියෝජනය කරන පක්ෂයක් ලෙස ජවිපෙ පෙනී සිටි බව අපිට අවම එකගතාවයකට එන්න පුළුවන් කියලා හිතනවා. මේ කාලය ඇතුලට ගත්ත තීරණ සම්බන්ධයෙන් අපිට විවේචන තියෙන බව ඉන් නොසගවන්නේ නැහැ.
හැබැයි 94න් පටන් ගත්ත මේ අලුත් වකවානුව ඇතුලත ජවිපෙ වාමාංශික
පක්ෂයක් ලෙස තමන්ගේ දේශපාලනය වෙනස්ම තලයකට අරගෙන ගියා. පෙසප පටන් ගන්නේ මෙන්න මේ වාමාංශික නොවන දිශාවට ජවිපෙ යාමත් සමගයි. පෙසපෙන් ඉදිරිපත් කරන කාරණා මෙන්ම මට දැනෙන කාරණාත් කරුණු වශයෙන් මෙහෙමයි.

1. මූලිකවම ජවිපෙ කියන්නෙ ධනේෂ්වර ආර්ථික ක්‍රමයට (මේක මහින්ද
විරෝධී, අධිරාජ්‍ය විරෝධී, ප්‍රභාකරන් විරෝධී යනුවෙන් පටු නැත) විරුද්ධ, ඒ ආර්ථික ක්‍රමය නිසා සමස්ත මානව ශිෂ්ඨාචාරයම විනාශයට පත්කරන සමාජ ක්‍රමයක් නිසා ඊට විකල්ප සමාජ ආර්ථික ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටිය යුතු පක්ෂයක්. ( එහෙම නැත්තං ඒක වාමාංශික වන්නේ නැත) හැබැයි පහුගිය දශක දෙක ඇතුලෙ ජවිපෙ විසින් මේ කියන ක්‍රමයට විරුද්ධ ජනමතයක් සමාජ ගත කරන්න සමත්වන්නේ හෝ උත්සාහ කරන්නෙ වත් නැහැ. ඒ වෙනුවට
රනිල් විරෝධයක්, ප්‍රභාවකරන් විරෝධයක්, හුදු ඇමරිකන් විරෝධයක්, අවසාන වශයෙන් මේ මොහොතෙ මහින්ද හෝ රාජපක්ෂක විරෝධයක් සමාජ ගත කරමින්, ඊට සමාජය පෙළගස්සමින් සිටිනවා. ඒත් සත්‍ය වෙන්නේ ජවිපෙ අභ්‍යන්තරිකව සාක්ච්ඡා වන ක්‍රමවිරෝධය දේශපාලනිකව සමාජය ඇතුලෙ ගොඩනගනන්න ජවිපෙ ක්‍රියාකරන්නේ නැහැ. මේක පුද්ගල වරදකට වඩා හුදු පාර්ලිමෙන්තු ක්‍රමය මත යැපෙන ජනප්‍රියවාදයකට පක්ෂය වැඩකරපු හින්දා සිද්ධවුණු ප්‍රතිඵලයක්.

2. එල්ටීටීඊ යේ භාවිතාව ගැන කොතරම් විවේචන තිබුණත්, ජවිපෙ වාමාංශික පක්ෂයක් ලෙස ජාතිවාදි දේශපාලනකට සහයෝගය දෙන එක කිසිලෙසකින් වත් අනුමත කරන්න බැහැ. එල්ටීටීඊය පිට දමා දෙමළ, මුස්ලිම් සියළු ජනතාවගේ ප්‍රශ්ණ ගැන කිසිදු අවධානයක් යොමු නොකර අවසාන වශයෙන් දෙමළ ජනතාව සහ මුස්ලිම් ජනතාව සිංහල බෞද්ධ වර්ගවාදයක ගොදුරක් බවට පත්කරන්න අවශ්‍ය මූලික මතවාදය සකස් කරේ ජවිපෙ. මේ වන විට රාජපක්ෂ විසින් අත්තනෝමතික විදිහට පාවිච්චි කරන බලය ලබා දීමට අවශ්‍ය මතවාදීමය ශක්තිය සහ ජනමතය ඒ
වෙනුවෙන් ගොඩනැංවීමට ජවිපෙ වගකිව යුතු බවට කිසිදු තර්කයක් නැහැ. 

3. 2000 න් පස්සේ මේ දක්වා ජවිපෙ විසින් ධනේෂ්වර පාලකයින්ට බලය ලබාදීම සදහා තමන්ගේ හැකියාවන් ලබාදුන්න බව අපි දැකපු දෙයක්. 2000 දි චන්ද්‍රිකාගේ ආණ්ඩුවට, 2004 දි සන්ධාන ආණ්ඩුවට, 2005 දී මහින්ද බලයට ගෙන එන්න, 2010 දි සරත් ෆොන්සේකාට අවසාන වශයෙන් 2015 දි මෛත්‍රීට වශයෙන් තමන්ගේ ක්‍රියකාරී සියළු කේඩර වල ශක්තිය එකතු කරලා ලබා දුන්නු සහයෝගයෙන් බලාපොරෙරාත්තු වුණු කිසිම සමාජ ප්‍රගමනයක් අවසාන වශයෙන් දකින්න හම්බවුණේ නැහැ. මෛත්‍රීගේ කැම්පෙන් එකේ බිම් මට්ටමේ ප්‍රචාරණයේ අඩුව තියෙන්නේ ජවිපෙ ඒ වෙනුවෙන් ක්‍රියා නොකිරීමයි. හැබැයි මහින්ද වෙනුවෙන් චන්ද්‍රිකා වෙනුවෙන් ෆොන්සේකා වෙනුවෙන් තමන්ගේ පක්ෂයේ කිසිම ලාභයක් බලාපොරොත්තු නොවෙමින්, සියළුම ආකාරයෙන් කැපකිරීම් කරමින් පක්ෂය වෙනුවෙන් කැපවී සිටින සිය සාමාජිකයින් යොදා සහයෝගය දෙන්න ජවිපෙ ක්‍රියාකරනවා. සමාජ ප්‍රගමනයක් විතරක් බලාපොරොත්තුවෙන් සහයෝගය
දෙන සාමාජිකයගේ ශ්‍රමය කැපකිරීම අවසාන වශයෙන් ගගට කැපූ ඉනිබවටම පත්වෙලා තියෙන්නේ දේශපාලන උපක්‍රම වල අසාර්ථක වීම නිසයි.

4. පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහිවෙන්නෙ ජවිපෙ විසින් සිදුකරන මේ
වැරදි අභ්‍යන්තරිකව නිවරැදි කරගන්න අපහසු වීමත් සමගයි. ඉහත කරුණු වලම තියෙනවා ජවිපෙන් පෙසප වෙනස් වෙන තැන. ජනප්‍රියවාදි සටන්පාඨ නැති නිසාත්, ක්‍රම විරෝධයක් වෙනුවෙන් පෙනී ඉන්න අලුත් පක්ෂයක් නිසාත් එවැන්නකට
සමාජය තුලින් ඉදිරියට එන එක ලේසි දෙයක් නෙවෙයි. ජවිපෙට ලැබුණු ආධාර උපකාර වත් පෙසපෙට හබ්වෙන්නේ නැහැ. ජනාධිපතිවරණය ඇතුලේ අපේ ක්‍රියාකාරීත්ව ජනප්‍රිය නොවෙන්නේ ඒක නිසයි.
හැබැයි අපි කියන දේවල් අපි ඉල්ලුම සැපයුම් න්‍යායට අනුව වෙනස් කරන්නේ නැහැ. මේ සමාජ ක්‍රමය වැරදියි සහ මිනිස්සු විසින් හදපු මේ ක්‍රමය මිනිස්සු විසින්ම වෙනස්කරනන ඕන සහ පුළුවන් කියන මතයේ මේ කුඩා පක්ෂයේ අපි කෙළින් පෙනී ඉන්නවා. එතකොට කවුරුහරි අහන්න පුළුවන් ඇයි මේ සමාජ ක්‍රමය වැරදි කියලා. එහෙම නැත්තං මහින්ද හරි රනිල් හරි එහෙමත් නැත්තං අපේ දේශපාලකයෝ තමයි මේ හැමදේටම වැරදි කියලා. පොඩි විවේකයක් ඇතිව හදාරන්න ඕන කාරණය මේකයි. අපේ සමාජය සමාජ ක්‍රමයක් (system එකක් ) කියන්නේඒකටයි.
ලෝකයේ ඉන්න සුළු ප්‍රතිශතයක් වැඩි ප්‍රතිශතයකගේ විසින් තමන්ගේ ශ්‍රමය භාවිතා කරලා කරන දේවල් ක්‍රමානුකූලව පැහැරගැනීම ඇතුලෙයි මේ සමාජ ක්‍රමය පවතින්නේ. මේක ටිකක් ඉගෙනගන්න ඕන දෙයක්. කාටහරි අවශ්‍යනම් ඒවට ඇති තරම් සම්පත් අන්තර්ජාලයේ තියෙනවා. මේ සමාජ ක්‍රමයේ වැරැද්ද සහ අපි විසින් ඒක සියළුම මිනිස්සුන්ට, පරිසරයට, සාධාරණ විදිහෙ සමාජක්‍රමයක් ඇති කරන්නේ කොහොමද කියන එකයි මාක්ස්වාදය කියන්නේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියන්නේ මාක්ස් විසින් ඒ කියපු න්‍යාය පිළිගන්න සහ ඒක ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙනී ඉන්න පක්ෂයක්. ඔය කියන වාමාංශිකයින් ඇත්තටම මාක්ස් කියන දේ වෙනුවෙන් පෙනී ඉන්නවද කියන ප්‍රශ්නේ එන්නේ එතකොටයි. 

ප්‍රශ්න සහ විවේචන සදහා විවෘතයි...
-- සංඛ රණධීර විතාන 

මෙය ලියා ඇත්තේ සංඛ රනධිර විතාන  

මෙයට සුරේඛා සමරසේන ලියු පිළිතුරක් :

වාමාංශික පක්ෂයක් හැටියට ජ.වි.පෙ. ගැන විවේචන තිබුණත්, පාර්ලිමේන්තුවාදී 
පක්ෂයක් හැටියට එය දැන් ඊට අනන්‍ය වන හැඩයක් හදාගෙන තිබෙන අතර, ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වැඩිපුරම කෑ ගාන පක්ෂය ද වෙලා තිබෙනවා... එහෙත් න්‍යායිකව තව දුරටත් ඔවුන් වාමාංශික විප්ලවිය සටන් අත හැර නැති බවත්, ඒවා අපට නොපෙනෙන මානයක පක්ෂය ඇතුළත තිබෙන බවත්, ඉදහිට මුණ ගැහෙන ෆුල්ටයිමස් ලා කියනවා... (ඊට එහා දෙයක් ඒ ගැන දන්නේ නැත...)කෙසේ වෙතත්, මව් පක්ෂයට න්‍යායික විවේචන එල්ල කරමින් දැනට වසර දෙකකට පමණ පෙර ජ.වි.පෙ.න් කැඩී ගිය ‘පෙරටුගාමී සමාජවාදී පක්ෂය තව දුරටත් න්‍යායික සහ ප්‍රායෝගික නොඑකගතාවන් මත තව තව කුඩා කණ්ඩායම් වලට කැඩී ගිය බව ඔබ දන්නවා ඇතැයි සිතමි...(සමහරවිට නොදන්නවා විය හැක) මෑතකදී පෙරටුගාමී පක්ෂය දුමින්ද නාගමුව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරමින්, ‘මුහුණු වෙනුවට ක්‍රම මාරුවක් කරමු‘ කියා පෝස්ටරයක් ඇලවූ බව දුටුවෙමු... ඊට අමතරව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විශ්වවිද්‍යාලයේ අන්තරය කිසිදු නවතාවකින් තොරව පැරණි සටන් පාඨ ම කියමින් උද්ඝෝෂණ වලට දක්කන හැටිය පෙනෙන්නට තිබෙනවා විනා ඔවුන් කරන වෙන යම් ‘පෙරටුගාමී‘ වැඩක් නම් මේ ලංකාව තුළ දැකගත නොහැකි ය... පෙරටුගාමී සමාජවාදී පක්ෂය යනු එවැන්නක් ඉල්ලා සිටි සමාජ උවමනාවක් මතට කඩා වැටුණු තරුවකි... එය න්‍යායික විවේචන කරමින් කඩාගෙන යාම පටන් ගන්නා විට, දීප්තියෙන් අනූන උත්කර්ෂයක් දැකගත හැකි වූ අතර පොළොව මත පතිත වන විට යන්තම් චූස් ගාන නිවුණු ගිිණි අගුරක්ව තිබිණි... ඔවුන්ගේ නායකයා කව්ද...? කුමාර් ගුණරත්නම් නම් ඇත්තට ම ඒ කවුද...? මොනව ද කරන්නෙ...? පුබුදු ජයගොඩලා දැන් කරන්නේ කුමක් ද...? දුමින්ද නාගමුව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ තේරුම කුමක් ද...?ඔවුන් දැන් පක්ෂය හදනවාද...? සමාජය හදනවාද...? රටේ වත්මන් දේශපාලන කතිකාව තුළට ඔවුන්ගේ මතවාදය ගෙන යාමේ ක්‍රමවේදයක් තිබේද...? ‘‘පෙරටුගාමී සමාජවාදී පක්ෂය යනු කුමක් ද...? ඔවුන් කරමින් සිටින්නේ මොනවාද...? ‘‘ යන්නට Sankha Ranadheera Vithana විසින් ලබා දි ඇති පිළිතුර ‘නොන්ඩි‘ ගසයි... එයට උත්තර දීමට ඔහු අපොහොසත් වන්නේ, ඔහු ඉන් පිටත සිටින්නෙකු නිසා විය හැකියි... නමුත් මෙය දකින එෆ්.එස්.පී. අය මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ නම්, වැදගත් ය... Sankha Ranadheera Vithana ඔයා එෆ්.එස්.පී. ද...?

උපුටා ගත්තේ බුකියෙන් 
- වමේ එකා 

ලන්ඩන් චන්දයක්

වැඩ නම් ගොඩක් වැඩියි. තත්වෙත් එන්න එන්නම සැහෙන්න ත්‍රිල් වේගෙන එන්නේ.
ඉතින් මෙන්න මේ බිසි සෙනසුරාදාවක අවන්හල  පිරිලා. වැඩියෙන්ම මේ ජනාධිපතිවරණ උණුසුමත් එක්ක අලුත් නිව්ස් දැන ගන්න කතා කරන්න ආපු අයගෙන්. කන්න ගත්ත ඉඳි ආප්පේ කටේම හිර වෙලා කතාවල සැර  කමට.

වරදවා වටහා ගන්න එපා ඔන්න. එංගලන්තේ ජනාධිපතිවරණයක් නැහැ. මෙහෙ ඉන්නේ විධායක අගමැති කෙනෙක්. නමුත් අවන්හලට සෙට් වෙන වැඩි හරියක් එක්ස්පැට් ලා ඒ කියන්නේ මේ ඩයස්පෝරාවේ කට්ටිය තමන් දාල ආපු පෙරදිග මුතු ඇටේ  වෙන ඕන දෙයක් ගැන සෙවිල්ලෙන් නේ ඉන්නේ.
ඉතින් මෙතෙන්ට  මේ ලඟදි අලුතෙන් එන්න ගත්ත  නියම බුවෙක්. නියම පපර මහත්තයෙක් රුවන් කියල. ලන්ඩන් වලම දැන් අවුරුදු පහලවක් විතර බින්න බැහැපු පොරක්. බින්න බැස්ස කිව්වේ ලන්ඩන් වලින් බැන්ද  කියන එකම  නෙමේ. ලන්ඩන් ඇවිල්ල නතර වුනා  කියන එක. නැත්නම් රුවන් ගේ බිරිඳ  බලයි මේ.......

කතාව පටන් ගත්තේ අවන්හල අයිති නතෑනියෙල් ආරච්චි මේ ලඟදි කියවපු ඉන්ටෙර්නෙට් බ්ලොගයක තිබ්බ අමරබන්දු මහත්මය ගැන කතාවකින්. මිනිහත් ඉතින් ඔය හොඳට දාපු පොරක්නේ.   දවසක් ලංකාවේ  ඉන්න කාලේ බස් එකක යන කොට මෙන්න සුදු සරමකුයි කමිසයකුයි ඇඳගත්ත වැඩිහිටි මනුස්සයෙක් බස් එකේ හයියෙන් සින්දු කියනවලු. සෑහෙන්න  බීලාලු . බස් කොන්දොස්තර බස් එක නවත්තවල අර වැඩිහිටියව එලියට ඇදල  දැම්මලු.  ආරච්චිය ගාව  හිටපු කෙනෙක් කීවලු කොච්චර වටින මනුස්සයෙක්ද අර වගේ එලියට ඇදල දැම්මේ කියල. අහල බලනකොට ඒ අමරබන්දුලු . රස්සාව නැති කරලා දැම්මම යුඇන්පී ආණ්ඩුවෙන් අසරණ වෙච්ච තවත් කලාකරුවෙක්.
ඒ කතාවෙන් ඇදිල ආවේ ඒ කාලේ කරපු දේශපාලන පලි  ගැනීම් ගැන විස්තර ප්‍රචාරයක්.  රුවනයා කීවේ ඒක අන්තිම වැරදියි කියල.

පොඩි පියන්තයට තිබ්බේ වෙන අදහසක්. ඔය පලි ගැනීමම 70-77 ශ්‍රීලනිප ආණ්ඩුව කලේ ජෝතිපාලලාටත් කලා. ඊට  පස්සේ යුඇන්පී කාලේ කපුගේට නන්ද මාලිනිටත් වුනා. ඒකෙන් වුනේ කැපිල්ලෙන් බේරෙන්න දේශපාලකයන්ට වඳින පුදන කලාකරුවෝ රොත්තකුත් ලියන අප්පුල නඩේකුත්  බිහිවීම කියලයි පොර කිව්වේ. එහෙම නොකරපු උන්ට රට දාල යන්න වුනා. නැත්නම් වල පල්ලට යන්න වුණා.
රුවන් කාරයා වයින් වීදුරුව ඉවර කරන ගමන් කතාවට එකඟත්වය පල කෙරුව.

දැන් ජනාධිපතිවරණ සාකච්චා සැරට යනවා. ඒ දවස් වල ඉඳන්ම හෙළ උරුමෙට සපෝර්ට් කරලා ඒ නිසාම ආණ්ඩුවට (ලංකාවේ ලංකාවේ මෙහෙ නෙමේ) සපෝර්ට් කරපු බුවෙක්  අංශක එකසිය අසුවටම අනිත් පැත්ත ගහල. රට පාවා දෙන්න හදපු රනිල් කල්ලිය, මැදවච්චි යනවා කියලා කෝචෝක් කරපු කල්ලිය තමන්ගේ වැරැද්ද වටහාගෙනලු. නැත්නම් අතුරලියේ රතන හාමුදුරුවන්ට ආපහු දානය පිරි නමන්න ලෑස්තිවෙයිද නේද? මිනිහ කියන්නේ රතන හාමුදුරුවෝ රට බේරා ගත්තා 2006 දී නිර්භයව මාවිල් ආරු ගිහිල්ල. දැන් ආපහු උන්නාන්සේ රට බේරා ගැනීමට පෙරට ඇවිත් කියල. පොඩි පියන්තයටත් කට තියාගෙන ඉන්න බැහැ. මිනිහ ඇහුවා "ඇයි  දැන් ජවිපෙත් කියනවා නේද ඒගොල්ල තමයි මහින්දව ඇදගෙන ගියේ රට බේරා ගන්න සටනට කියල ".
එතකොට බුවා කියපි "අපි ඉස්සෙල්ල එක යකෙක්ව ඉවර කරන්න පෙළ ගැහුන. දැන් අනිත් යකාව ඉවර කරනවා කියල" රුවන් ඇහුව ඉතින් ඊළඟ  එකත් යකෙක් වුනොත්  මොකද කරන්නේ කියල. එතකොට තව අවුරුදු ගානකින් එයත් එළවන්න පෙළ ගැහෙනවද? පොඩි පියන්ත කිව්වා ඒකනම් නිර්මාල් ගෙන් තමයි අහන්න වෙන්නේ කියල.

එත් එක්කම වගේ කවදවත් අවන්හල පැත්තේ නොඑන කට්ට්ටියක් ගොඩ වැදුන චන්දෙ ඉල්ලගෙන.  පොඩි පියන්ත ඇහුව මේ පැත්තෙත් කොසර්වේටිව් මන්ත්‍රියෙක් ඉල්ලා අස්වෙලා යූකේඅයිපී (UKIP) එකෙන් ඉල්ලනවද කියල. දැන් දිගට හරහට ඉල්ලන ඉල්ලන එක උන් දිනනව. ගිය සැරේ අවන්හලේ කතා වුනා  වගේ මේ ගෝත්‍රවාදී පක්ෂෙට මිනිස්සු සහය දෙන්නේ උන්ට සම්ප්‍රදායික පක්ෂ එපා වෙලා නමුත් වෙන විකල්පයක් නැති නිසා කියල සාමුහික මතය වුනේ.

බලනකොට අවන්හලට ගොඩ වැදුනේ විකල්ප කට්ටියක්. ලංකාවේ වමේ පොදු විකල්පයලු, චන්දෙට ලන්ඩන් වල ප්‍රචාරක කටයුතු කරනවා. රුවන් නම් කිවා අපට නම් චන්දෙ නැහැ කියල. එයාල කිව්වා  අපි මේ චන්දෙ ඉල්ලනවට වඩා මේ තට්ටු මාරු ක්‍රමය ගැන පැහැදිලි කිරීමක් කරන්න ආවේ කියල.
ආරච්චිය ඇහුව ඩ්‍රින්ක්  එකක් ගන්නවද  කියල කට්ටියගෙන්. රුවනය ඇහුව මොනවයින්ද ඕනේ කියල? බියර් , වයින් හීතලට පොඩි විස්කි ෂොට් එකක්. එක විකල්ප සහෝදරයෙක් කීව "අනේ  අපි නම් බොන්නේ නැහැ." කියල. ළඟ  හිටපු පරණ ජවිපෙට සම්බන්ධ වෙලා හිටිය සරත්  ඇහුව, අර ජවිපෙ වගේම නොබොන ප්‍රතිපත්තිය එහෙම්ම ගෙනි යනවද කියල. මහින්ද චින්තනයේ මතට තිත වැඩේටත් සහයෝගය දෙනවද කියල තව කවුද බුවෙක් ඇහුවා.
"අපෝ නැහැ. අපි බොන්න තියෙන සල්ලිත් පක්ෂෙට දානවා" කියල උත්තරයක් ආව.
රුවනය ඒ පාර මැදට පැනල කිව්වා  " නැහැ මගේ ගානේ අරන් දෙන්නම්."
සහෝදරයා කිව්වා "අනේ එපා අපි වතුර ටිකක් හරි ඔරේන්ජ් ජූස්  එකක් හරි වගේ බොන්නම් කියල. " කණගාටුවකට වගේ ලන්ඩන් අවන්හල්  වල ටැප් වතුර විතරයි නිකන් හම්බ වෙන්නේ.

කට්ටිය වතුර බොන අතරේ ප්‍රශ්න වැලයි.
යුඇන්පී ආණ්ඩුවක් එනකන් දැන් අවුරුදු ගානක් බලන් ඉන්න සුසිල් the  lawyer  ඇහුව "ඕගොල්ලෝ මේ කරන වැඩෙන්  මහින්ද දිනවන එකට අනියමින් උදව් කිරීමක් නේද වෙන්නේ කියල. " සුසිල් මහත්මය නීති කටයුතු කරමින් කාටත්  උදව් කරමින් ඉන්න කෙනෙක්. ගිය පාර  ෆොන්සේකාට සපෝර්ට් කරලා බොහොම දුකෙන්  ඉන්නේ.
ඒ අතරේ තව ප්‍රශ්නයක් ආව. "ඕගොල්ල ජවිපෙ ඉල්ලන්නේ නැති වුනහම බොර දියේ මාළු බාන්න නේද හදන්නේ "
තව ප්‍රශ්නයක් "ඔයගොල්ලත් චීන ඉල්ලීමකට නේද ඉල්ලන්නේ. ජවිපෙ ඉල්ලන්නේ නැත්තේත් ඒ නිසා නේද " ඒක  ඇහුවේ පොඩි පියන්ත.

ඔක්කොමල්ලටම දුන්නේ එක උත්තරයයි. සහෝදරයා ඒක ලියාගෙන ආවද කියලත් කාටද හිතුන. අපි ඔක්කොම දන්න දේ තමා  ඉතින්.
"මේ තට්ටු මාරු ක්‍රමය හැමදාම තිබෙනවා. අපි කියන්නේ මේ ක්‍රමය වෙනස් කල යුතුයි. මේ ධනවාදී ක්‍රමය , මේ නව  ලිබරල් පාලනය ජේ ආර් ගේ කාලෙත් චන්ද්‍රිකා ගේ කාලෙත් ප්‍රේමදාසගේ කාලෙත් එහෙම්මමයි. රාජපක්ෂ පාලනය යටතේ මේක වැඩි වෙලා , ඊට අමතරව මාධ්‍ය නිදහස නැහැ. පවුල් වාදය වැඩි වෙලා. අපි කියන්නේ මේ දෙගොල්ලම එකයි  "
"එතකොට ඔය ගොල්ල කියන්නේ පොදු විපක්ෂය කියන එකමනේ. දැන් ප්‍රශ්න වැඩියි. ඒ නිසා ඒ ප්‍රශ්න අඩු කරන්න පුළුවන් නායකයෙකුව  නේද පත් කර ගන්න ඕනේ." ඇහුවේ රුවන්.
"අපි කියන්නේ එහෙම කලාය  කියා අපේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියල. ඒ ප්‍රශ්න තව වැඩි වෙනවා කියල" මල්ලිලත් අරින්නේ නැහැ.

"අපිට නම් පේන්නේ වෙන කවුරු හරි ආවොත් ප්‍රශ්න ටිකක් හරි අඩු වෙයි කියල. ඔයාලගේ තර්කයට අනුව අපට විප්ලවයක් එනකන් බලන් ඉන්න වෙනවා මිනිසුන්ට සහනයක් දෙන්න ".  එහෙම කිව්වේ අපේ නීතිවේදී මහත්මය. 
විකල්ප වමේ උත්තරේ වුනේ "ජවිපෙ 1994 දී විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා කියල චන්ද්‍රිකාගෙන්  පොරොන්දුවක් අරන් නොඉල්ල හිටිය. චන්ද්‍රිකා ඒ පොරොන්දුව ඉෂ්ට කලාද? දැන් ඒ චන්ද්‍රිකාම  කියනවා මෛත්‍රි එහෙම කරයි කියල. ජවිපෙ නන්දන ගුණතිලකව අපේක්ෂකයා හැටියට දැම්ම ඊට පස්සේ ආපු ජනාධිපතිවරනෙට? අපි මිනිසුන්ට කියල දෙන්න ඕනේ මේ සිස්ස්ස්ටම් එක වෙනස් කරන්නේ නැතුව මුකුත් කරන්න බැහැ කියල"

අපේ  රුවනයට මේ කතාව වැඩිය ඇල්ලුවේ නැහැ.
"ඔයාල සිස්ටම් වෙනස් කර කර ඉන්නේ නැතුව 2005 දී මහින්දට අපිත් එක්කම සහයෝගය දීල රට බේර ගත්තනේ"
"නැහැ අපි ඒක  වැරදියි කියල එලියට ආව, දැන් ඔයාල මහින්දගෙන් රට බේරා ගන්න හදනවා ".
"ඇයි ඔයාලට එහම කරන්න ඕනේ නැත්ද " ඒ ඇහුවේ පියන්තය.
දැන් තත්වය ටිකක් උණුසුම්  වේගන යනව. ආරච්චිය කියනවා
"මම හිතන්නේ මෛත්‍රි දිනනවා චන්ද 64% අරන් 1994 චන්ද්‍රිකා වගේ. වමේ පොදු පෙරමුණේ චන්ද අදාළ නැහැ. ඒක නැති වුනාට පාඩුවක් නැහැ ".
"ඒ කොහොමද ඔයා  හරියටම කියන්නේ ඒ ගාන " හැමෝම ඇහුව එක පාරට.
"මෙහෙමයි. දැන්  බස්නාහිර පළාතෙන්  කවුද මෛත්‍රි පැත්තට ආවේ. වැඩිම චන්ද ගත්ත කට්ටිය, රතන හාමුදුරුවෝ, චම්පික, හිරුනිකා, සෝලංග ආරච්චි වගේ අය.  බස්නාහිර මහින්ද පරාදයි. පොලොන්නරුව අනුරාධපුරේ ඒත් පරාදයි. ගාල්ල මාතර වැනෙනවා. ෆයිට් එක තියෙන්නේ ගම්පහ, නුවර දිස්ත්‍රික්කවල. මහින්ද වැඩිම උනොත් දිනන්නේ රත්නපුර, මොනරාගල හා හම්බන්තොට විතරයි.  දැන් ප්‍රභාකරන් නැති නිසා යාපනේ චන්ද වැඩි හරිය හම්බවෙන්නේ මෛත්‍රිට.  ගනන් හදල බලන්න."

එතකොට දමිළ  නීවේදියෙක් වන නඩා කතා කළා. දමිළ  වුනාට පහුගිය කාලේ මහින්දට කැමැත්තෙන් හිටියේ. යාපනේ යන්න පුළුවන්. පාරවල් හදල, මිනිහගේ මුල් ඉඩමයි ගේයි (LTTE එක අල්ල ගෙන හිටි තැනක්.) ආපහු ලැබිල. මිනිහ කියනවා ඔය මොනව කීවත් මහින්ද තමා  දිනන්නේ. දිනුවේ නැතත් කොහොම හරි දිනයි මොකද නැතිවෙන්න තියෙන ඒවා වැඩියි කියල.

ඒ කතාවෙත් ඇත්තක් තිබෙනවා. කියල පියන්තය කිව්වා. ඔය අතරේ ඉංජිනේරු මහත්මයෙක් වන චන්ද්‍රරතන ඇහුව විකල්ප වමෙන් , ඔය ගොල්ල පොදු අපේක්ෂකයා කීවට මේ වමේම පොදු අපේක්ෂකයෝ රොත්තක් ඉන්නවා නේද එතකොට කොහොමද පොදු අපේක්ෂකයා කියන්නේ කියල? හැබැයි ඒ වෙනකොට විකල්ප කණ්ඩායම අවන්හලෙන් බැහැල යමින් ගමන් නිසා උත්තරයක් ලැබුනේ නැහැ?

කවුරු හරි දන්නවනම් දාන්න උත්තරයක්.






පෙරටුගාමී සමාජවාදීන්ට ප්‍රශ්නයක් -අරුණ පෙරේරා



මෙතෙක් කල් රට තුල ගලාගෙන ගිය දේශපාලන ප්‍රවනතාවයන් දෙස නැවත හැරී බලන විට පෙනෙන්නේ, ගෙඩි පිටින් වාමවාදි පාලනයකට ලාංකිකයන් සුදානම් නැති බවකි. එසේ සුදානමක් ඇත්නම් ලාංකීය වාම ව්‍යාපාරය මේ ලෙස කෑලි කැඩි සුනු විසුනු වී යා නොහැකිය. එක් වීම වෙනුවට පෙනෙන්නේ විසීරි යාමය.

ජනාධිපතිවරනයේදි සමසමාජ, කොපය, වාසු වැනි පක්ෂ දෙකඩවී හමාරය. කොටසක් ඒකාධිපති කඳවුරේය. අනිත් කොටස ඉන් මුදවාගැනීම යනුවෙන් සඳහන් කඳවුරේය. පේරටුගාමින් සමාජවාදීන් ටද තිබුනේ මින් එක කොටසකට ඇතුලුවීම මිස, අපිත් ඉන්නවා මොඩ්ල් එකේ ඉදිරිපත් වීමක් නොවන බව මගේ විශ්වාසයයි. ඔවුන්ද අපිත් ඉන්නාවා ගොඩට වැටෙන්නේ, දැනටමත් ඡන්දෙට ඉදිරිපත්වී ඇති 'සමාජවාදි' නමෙන් ඉදිරිපත් වී ඇති පක්ෂ අපේක්ෂයන් දෙස බැලීමෙනි. මෙවන් පක්ෂ හතක් හෝ අටක් දැනටමත් ඇප මුදල් තැන්පත් කර අවසන්ය. වාම කඬ්හ්වුරක අපේක්ෂාවන් මෙලෙස විය හැකිද....

ජවිපෙ එක කඳවුරක් තෝරා ගෙන ඇත. ඒ ඒකාධිපතිත්වය පරදවමු යන පැත්තය. අනිකුත් කොටස්ද කලයුතුව තිබුනේ මේ අවස්තාවේ, පවතින තත්වය මත වහ වහා නවතා දැමිය යුතු පාලන රෙජිමය නවතා දැමීමට කඳවුරු බැඳීමය. ඉන් පසුව පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීමට අවශ්‍යනම්, වෙන වෙනම තරඟ බිමට බැසීමය.

////Future generations are not going to ask us what political party were you in. They are going to ask what did you do about it, when you knew the glaciers were melting. – Martin Sheen

මතු පරපුර ඔබ කුමන දේශපාලන පක්ෂයකට අයත් වූයේ දැයි විමසනු නැත. ඔවුන්ගේ පැනය වනුයේ මෙවන් තීරණාත්මක අවස්ථාවක ඔබ කුමක් කලේද යන්න පමණි – මාටින් ෂීන්//////////////////
අප දන්නා දේශපාලන ඉතිහාසය තුල තම බලය රඳවා ගැනීම පිනිස මේ තරමටම,

අධිකරණයත්, ව්‍යවසතාවත්, ආගමත්, මාධ්‍යයත් මැතිවරන ක්‍රම වේදයන් පවා දහදුරාවේ යැව් පාලන සමයක් මතකයේ නැත. මින් පෙර එසේ නොවුනාම යැයි නොකියමි. මේ පවතින වටපිටාව තුල තුන්වැනි වරටත් දෑත් සවිමත් කරන්නට සුදානම් නම් ඒ කුමක් සඳහාද යන්න පැහැදිලි කර යුතුය. අද වන විට එකාධිපතිත්වය නැවතීමට බාධා වනසේ එක් ඡන්දයක් හෝ තමන්ගේ න්‍යායික මනෝ රාජ්‍යයන් හී පඩිපෙළ තනන්නට යන පටු අරමුණෙන් හෝ යොදවන්නන්, අනියම් ආකාරයෙන් මේ බලකාමී රෙජීමයට තුන්වන වරටත් කණවැල අල්ලන් විය යුතුය. ජවිපෙ දේශපාලන න්‍යාය පත්‍රය පසෙකින් තැබුවත්, ඔවුන් අත්වැල් අල්ලන් නොවී ඉල්ලා සිටින්නේ මේ දැති රෝදයට තිත තැබිය යුතු බව නොවේද... අනන්‍යතාවය නැතිවී යාම වෙනුවෙන්, ඒකාධිපතිත්වයට මග සැලසෙනා ක්‍රියා මාරගයන්ට යොමුවීම කොතරම් සදාචාර සම්පන්නද. අතීත ජවිපෙ ක්‍රියාකාරකම් මේහා සසඳන්න එපා. මම ජවිපෙ වෙනුවෙන් පෙනී සිටින්නෙක් නොව, මැදිහත් සිතින් තත්වය නිරීක්ෂනය කරන්නෙක්මි.

කවදාත් සාධරණ සමාජයක් සඳහා සිවිල් අරගලයේ සටන් කාමියෙක්වූ ජයතිලක බංඩාරයන් අද එප්පාවල මැරයන්ගේ ප්‍රහාරයට හසුවීමෙන් පසු කියා සිටියේ කුමක්ද....

"මම ප්‍රෙමදාස, ජේආර් යුගයේවත්, චන්ද්‍රිකා යුගයේවත් මෙවන් පහරදීමකට ගොඳුරුවී නැත. නමුත් මේ පාලනය තුල මම අද එය අත්වින්දෙමි"

ජයතිලක බංඩාර යනු තම නිදහස් මතවාදය, සංගීතය හෝ සංස්කෘතික මාධ්‍යන් තුලින් ප්‍රකාශ කරන්නෙක් මිස, දේශපාලකයෙක් නොවන බව අපි දණිමු.

--අරුණ පෙරේරා 

වංශ විලා සහ හෙප්ප ඩලා සමග බෙදුම් වාහේ

හිරුගේ අඩවියේ ප්‍රෙස් එකක  වැඩ කලාය  කියපු පරණ  සහෝ කෙනෙකු හමු වෙච්ච වෙලාවේ ආපහු වාම  අංශය පැත්තට වැඩ කරන්නේ නැත්දැයි ඇසු  විට පොරට මල පැන්න සයිස් එකට ගුටි නොකා බේරුනේ අනු නවයෙන්ය. පස්සේ මම පොරට කීවේ දැන් හිරුගේ අඩවියේ හිටපු හිතරෝ බස්සාත් තවම වමේ අංශයේ නෝ  වේ පැත්තේද කොහෙද ස්ව යොං නිර්නන දෙපාර්තමේන්තුවේ වැඩ බවය. ඒකට පොර දුන්න උත්තරය වුනේ
ඌට ඒ දවස්වලත් පිස්සු බව දැන සිටි නිසා ඒකේ ලොකු පුදුමයක් නැති වුනත් අඩුම ගානේ ඌ හිත හොඳ එකා බවය. (ඔය ස්වයං නිර්නනෙට මේ පක්සයේ අය හැමදාම බයය.)  නමුත් භාවිතාවෙන් ඉතාම උසස්, හැම වෙලේම නොනවත්වා ලෙනින් වගේම වැඩ කොළ ගාම ලතාවක් වැනි වංශ විලා ට වෙච්ච දේ හෙවත් කොර ගත්ත දේ මතක් කරන කරන වෙලාවට පොරට යකා ආරුඪ වෙනවා පමණක් නොව ...ලඟම  ඉන්න එවුන්ට ගහන්නටද පනී.
ඔය අතරේ හෙප්ප ඩලා සිටින්නේ කොතනදැයි ඇසූ විට ඌ කලේ හඬන්නට පටන් ගැනීමයි. හෙප්ප ඩලා තමන්ගේ සින්දු කිරිල්ලී  අධිරාජ්‍යවාදයේ මෙහෙයුම් රටට යවා එය බිඳ හෙලන්නේ කෙලෙසද කියා රිසර්ච් එකක් කල බවත් ඒකෙන් ඔප්පු වුනේ ඒ රටේ ජීවිතය වඩාත් හොඳ නිසාත් , ලංකාව ගලවා ගැනීමේ මෙහෙයුමට එහෙ සිටීම වඩාත් හොඳ නිසාත් හෙප්ප ඩලා අධිරාජ්‍යවාදී රටට ගිය බවත්ය.  හැබැයි රාවය ගියේ (වී. අ ගේ රාවයේ නොවේ , කටකතාව කටකතාව) අහවල් පවුලේ නායිකාව බොස් වී හිටි කාලේ හොඳ ඇමත්තන් කමක් නොලැබීමේ හිත අමනාපයට බවය.

මේ ලඟදි ප්‍රවුර්තියක් අන්තරඃ ජාලයෙන් බලා මම පෙරලි පෙරලි හිනා වෙන විට මගේ බිරින්දෑ නුරුස්නා මුහුණින් කිව්වේ "ඔය අන්තරඃ ජාලයේ නිතරම හිටියාම මිනිස්සු පිස්සන් වෙන බවය. මම කිවේ මට නිව්ස් එකක්  බලා හිනා ගිය බවයි."  ඒකෙ තිබ්බේ අර අම්බානක භාවිතාව කොරගෙන හිටිය නිසා සිගිරි ගලේ වත් මන්ගන්ච්චන්ට බැරිවුන වංශ විලා කූබාවට ගොස් චඃ ගුවාරා ගේ  දූට අතට අත දෙන අන්දමය.  චඃ ගුවාරා ජිවත්ව හිටියා නම් සිඅයිඒ කාරයන්ගෙන් පිස්තොලයක් උදුරාගෙන තමාටම වෙඩි තබා ගන්නවාය. චඃ ගුවාරා තමන්ගේ ඇමති පට්ටමද අතහැර දුක් විදින මිනිසුන් වෙනුවෙන් දිවි පුදන්නට ගියේය. අපේ එකා කොන්ඩේ තවත් වටින ජෙල් ටිකක් ගාගන්න ඇමති කමකට ගියේය. පොර දාලා ගිය පක්සේ ඊට හපන්ය. චඃ ගුවාරා ට නිදහසේ ඇවිදින්න ගහක් සමග මල් පාත්තියක් හදා චීන ක්‍රමයට සමාජවාදී ධනවාදය හදන්ට යනවාය.  කඩාගෙන ගිය පක්ෂයේ නාගමුවයා නාගන්න හරි ඉල්ලන නිසා දැන් කස්ටිය තක්බිර් වෙලා දෙලොවටම නැති කතා කියනවාය.  මන් නං කියන්නේ  සෝ.... හාමුදුරුවෝ හොරෙන් හරි හම්බවෙලා දානයක් දී එලොවට හරි යමක් කරගන්න එක හොඳයි කියාය.

දැන් ගමරාලලගේ සේන සිරියා ඉල්ලන නිසා වංශ විලා හා හෙප්ප ඩලා අන්දුන් කුන්දුන් වෙලා කියල හොඳට පේනවය. ඒ නිසා දැන් ආපහු බෙදුන්වාහේ කර තියාගෙනය. හැබැයි බෙදුන්වාහේ ට අම්බානක දුන්න කියා රට වටේ ගියේද මේ මේ කට්ටියමය. මේ ගොබිලන්ට නොපෙනෙන දේ රටේ මිනිසුන්ට පෙනෙන බව බාගෙට ඉස්කෝලේ ගිය , ජඃ  මාධ්‍යවේදින් වෙලා හිටි මේ දෙපලට වැටහෙන්නේ නැත. එහෙම ඔලුවක් තියෙන වුන්ට රටේ ඇමැතිකම් ලැබෙන්නේත් නැත. පොලේ වට්ටි අම්මලට වඩා හයියෙන් ගිරිය යටින් රුපවාහිනී නාලිකාවල කෑ  ගහන්න පුළුවන් කමත් මරදානේ  චෝප්පෙටත් වඩා හොඳට,   කතා කරන්නට ආ එකාට ගහන්න පැනීමේ සුදුසුකමත් හොඳටම ඇතිය.

මට හොල්මන් වෙලා ගියේ අර රතුඅලියේ අතන  කස්ටියටත් දේශද්‍රෝහී , ජාතිද්‍රෝහී,   පාවාදෙන්නන්ගේ  ලේබලය වැදී ඒ කස්ටියත් බෙදුන්වාහෙට වැඩ බව මේ දෙන්නා දහ අතේ දිවුරා කීමය. ඒ කස්ටිය මේ දෙන්නටත් වඩා ඒ කාලේ අහවල් සන්නද්ධ කට්ටියට එදිරිව වැඩ කලෝය. ජාතිවාදය මේ ගොල්ලන්ටත් වඩා  ඉස්සරහින් කර තබාගෙන හිටි කට්ටියටත්   ඒ ලේබල් ගහන්නේ කොහොමද කියා කල්පනා කරන විට මට යුරේකා යුරේකා කියා කෑ ගහන්නට හිතුනේය. මුන් මේ බෙදුන් වාහේ සමග නිදි වැදීමේ ලේබලය ගහන්නේ රජගෙදර මිදුලේ ඉරක් ඇඳීමෙන් කියා මට එක පාරටම නිවන් ගියා වගේ වැටහුනේය.

මේ ඉරෙන් පැනල අනිත් පැත්තට යන හැමෝම බෙදුන්වාහේ සමග හැමිනෙන්නට යන එවුන්ය. ඉරෙන් එහා පැත්තේ හිටිය වුනුත්, දමල ගහලා ගිය එවුනුත් දේශ ද්‍රෝහින්ය. මේ පැත්තේ සිටින්නේ අම්බානක රජගෙදරින් පිනා  බත් කා  පින් අඩිය බී රට වටේ පහරන උන්ය. අර කොරන් ප්‍රභා ගේ දෙවනියාව හිටි අකාරුණා පොරත් විදේශ මාෆියා ලේකම් කප්පයාත් මේ නිසා දේශ ප්රෙමින්ය. උන් තරම් රටට කල වුන් නැතිය. හපොයි මේ  වංශ විලා හා හෙප්ප ඩලා දෙන්නගේ ඇස් අන්ධ වීමේ පාපය ගෙවන්නේ රටේ ජනතාවය.
මුන් දෙන්නා ටම හරියන තවත් හොරෙන් හොරන්දිරන් කියා පිට රටක ගාඩියන් කියා පත්තරේකට ලියන තව හොර වාහේ  කෙනෙකුත් ඉඳි. උගේ වැඩෙත් ඉඳල හිටලා ඔහේ යුද අදිකරණයක් ගැන  කියා ලංකාවේ චන්දේ දෙන්න ඉන්න මන්ද බුද්ධිකයන්  අවුස්සන එකය. ඌ  ගැන හොඳින් දන්නා පොරක්  මට කිවේ  ඌ කරන්නේ ඒ රටවල ඉන්න අහිංසක තමන්ගේම මිනිසුන් රවටා  ගානක් කඩා ගන්න ගමන් අර ලොකුබෙන් එක තියන පාරලි මේන්තුවේ සාමි සභාවට රිංග ගන්න ට්‍රයි කරන එක කියායි.

බලාගෙන ගියාම මුන් ඔක්කොම එකය.  

තමන්ගේ වල තමන්ම කපාගත් සනිල් උන්නැහේ

  ජපානේ හිටියා බෞද්ධ භික්ෂුන් වගයක් .  මෙයාලට කියන්නේ සොකුශින්බට්සු (Sokushinbutsu) කියලා .  ඒ ගොල්ල කෑම අඩු කරලා  ,  දුෂ්කර  ක්‍රියා කරලා, ...