නාගාර්ජුනගේ රජුන් හා නොරජු​න් - බිණු නාගාර්ජුනගේ මතකව​ත - 07

පළමු ලිපිය  : ‘විසාලා මහනුවර’ උපන්  බිණු නාගාර්ජුන (1)

දෙවන ලිපිය: ආචාර්ය නාගාර්ජුනගේ තොටගමු විහාරය. (2)

ශූන්‍යතා සිහිනයෙන් අවදිවීම- බිණු නාගාර්ජුනගේ මතකවත 03

ඊළාම​යේ සිටි අනුබුද්ධ නාගාර්ජුනගේ බැතිමත්තු..! -බිණු නාගාර්ජුනගේ මතකපොත 04

සිහිනවල සිටි අතුරුදහන්වූ​වෝ-බිණු නාගාර්ජුනගේ මතකවත - 05

ලන්ඩනයේ නාග ගෝත්‍රික​යෝ - බිණු නාගාර්ජුනගේ මතකව​ත - 06




මෙ රජ් හී නොබෝසත්තු නොරජ් වෙත්වැයි’

පැරණි සෙල්ලිපිවල මේ වග කොටලම තියෙනව. අනුබුදු නාගාරජුනගේ බෝ​ධි සත්ව සංකල්පය අපුරුම එකක්. නූතනත්වයටයි එය වඩාත් ගැලපෙන්නේ. ඒ අනුව හීනයානයේ ව​ගේ තනිවම බුදු වෙන්න බෑ. බෝධි සත්වයෙන් නිර්වාණයට යන්නේ සියළුම සත්වයන් සසරින් එගොඩ කළාට පස්සේ. ම​ට හිතන්නේ අපිට සෞභාග්‍යමත් යුගයක් තිබුණේ අනුරාධපුර යුගයේ මහායානය බලවත් වූ සියවස්වලයි. නාගාර්ජුනයන්ගේ ප්‍රධාන ගෝලයෙකු වූ ආර්යදේව ලාංකික භි​ක්ෂුවක්. චීනයට බුදුදහම් ගෙන ගිය බෝධි ගුප්ත ලංකාවෙන් ගිය බවට විශ්වාසයක් තියෙනව. මේ සියල්ලම වුණේ 3 – 7 සියවස් ඇතුලේ.

අවුරුදු 5 ගෙවෙද්දී මට ආපහු ලංකාවට යන්න ඕන වුණා. බෝධි සත්වයෙක් වගේ කෙනෙක් රජ [ජනාධිපති] කරවීම ගැන හිතමින්. රට දියුණු කළායින් පසු තමන් ගැන හිතන දේශපාලන නායකත්වයක් මට ඕන වුණේ. තක්කඩි දේශපාලන පැලැන්තියක් හා ආත්මාර්ථයට යට කෙරෙන ථෙරවාදය[හීනයානය] අපේ රට විනාශ කළ බවයි මගේ තවමත් විශ්වාසය.

ආචාර්ය නාගාර්ජුනයන්ට ඒ නම එන්න ඇත්තේ මහාභාරතයේ වීරයා වූ අර්ජුනගේ ප්‍රතිවීරයා හැටියට. ඒ නමේ අර්ථය ගත්තම ඔහු තමා නාග ගෝත්‍රිකයන්ගේ වීරයා. එනම් නාගයන්ගේ අර්ජුනයා. සියළුම සතුරන් මතවාදීව පරදවන විරයා වෙන්නේ අනුබුද්ධ නාගාර්ජුන. එයා මෙහෙම කියනව.

‘සියලුම ආඥාවාදී​හූ [pragmatists]ශුන්‍යතා​වේ සිංහ ගර්ජනාවෙන් බිය​ට පත් වෙ​ති. ඔවුන් කොතැනක ජීවත් වුවද ශුන්‍යතා [emptiness] එ​හි සැඟවී සිටී..!

අනුබුද්ධ නාගාර්ජුන

ඒ වෙන කොට මට බීබීසීයේ රස්සාව​ත්ලන්ඩනයේ ජීවිතය​ත් දෙකම එපා වෙලා. දාල යන්න බැරි දෙයක් තිබුණේ ලන්ඩනයේ පුස්තකාල. බ්‍රීතාන්‍ය පුස්තකාලය ඇතුළු හැම තැනකම තියෙන පුස්තාතකාල මානව වර්ගයාගේ මහඟු ජයග්‍රහනයක්. ඒ අතරේ ඇතිවු ගැටු​ම් නිසා 2000 මැද දී මම බීබීසියෙන් දොට්ට දැම්ම. අදටත් බීබීසී ඉතිහාසයේ රැකියාවෙන් නෙරපූ අතලොසසෙන් කෙනෙක් මම. මට ඒ ආඩම්බරය දැණුනා. මම එළියට දා​පු අය හිතුවේ මම පරණ යටත් විජිත හාම්පුතාගේ රටේ දුෂ්කර කම්කරු ජීවිතයකට යවන්න. මම මාස කීපයක් ටැක්සි එලෙව්ව ලංකාවට එන්න සල්ලි සොයා ගන්න. පෙර රැකියාවේ ලැබුණු තරම් ආධායම් නොලැබුණත් ගෙදර කාඹර කුලියට දීමෙන් බිණූ නාගාර්ජුනටයි එයාගේ අම්මටයි කරදරයක් නැතුව ජීවත්වෙන්න පුළුවන් බව මම දැන සිටියා.

“ඔයාල මේ රටේ ඉන්න. මේ රටේ පුරවැසිකම ගන්න. මම කනාටු සිංහය ඉන්න පොතෙන් ආපහු ආපු විදිහටම යනව. මට එහේ කරන්න වැඩ ගොඩක් තියෙනව.”

මම ඒ දෙන්නට කීව. ඒ දෙන්න අකමැත්තෙන් නමුත් එකඟ වුණා.

මට ඕන වුණේ වාර්තා චිත්‍රපටි හදන්න. ආයේත් රට පුරා ඇවිදිමින් ලියන්න. වෙනුවෙන් එහෙන් ගෙනාපු ඩබල් කැබ් එක බදු ගෙවා ගන්න බැරුව රේගුවට සින්න වුණා. පත්තරේ ගැන කරපු විවේචන නිසා මට රාවයෙ දොර​ත් වැහුණ. ඒ වෙන කොට ගණනාථ් [මහා. ඔබේසේකර] ‘ වැද්දො’ ගැන පර්යේෂනය පටන් අරන්. එයා දයා සිසිරත් [හේවාගම] එකතු කර ගෙන. මමත් මට බාර දීපු කොටස් කළා.

මට දිගු කලක පටන් හීනයක් තිබුණ සමූළ ඝාතන ගම්මානවලට කැමරා අරගෙන ගිහින් ජිවත් වෙන උදවියේ කතා එකතුවක් ඉතිහාසයට යවන්න. මම ආපහු ලංකාවට ආවේ ඒ වගේ වැඩ කරන්න. ඒත් වැඩේ වැරදුණා. ඒ අතරේ 2002 චන්දය කිට්ටුව යෝජනාවක් ආව, ජාතික රූපවාහිණියට එහෙම වැඩසටහන් පෙළක් කරල දෙන්න. මම දැන ගත්ත චන්ද්රිකාගේ පොදු පෙරමුණ දිනවන්න ඒව යොදා ගැනෙන බව්ක. ඒත් මට ඕන වුණේ ඒ මිනිස්සු මැරෙන්න කළින් ඒව එකතු කරල තියන්න.

‘ගමක මතකය’ නමින් ජාතික රූපවාහිණිය වැඩසටහන් 12 හැදුව. ඒව හදන්න ගිහින් වෙච්චි දේවල් ගැන පොතක් ලියන්න පුළුවණි. එකක් විතර​ක් ලියන්න ඕන.

අපි ඊට කළින් රාවයට ලියපු ගලගෙදර කිට්ටුව කන්දක් උඩ ගමකට ගියා. මම ට්‍රයිපෝට්ටුව කර ගහ ගෙන ගියේ. එක අම්මෙක් මඟෙන් ඇහුව...

“මහත්තය අද කොයි ඉඩමද මනින්න යන්නනේ...!”

ගමේ මරපු මුළු ගාන 50කට කිට්ටුයි. ගමට ඇතුළු වෙන කොට ගමේ චන්ඩිය ආවා. එයාගේ ගමේ ගෝනි බිල්ලා වූ ග්‍රාමසේවක පස්සෙ කාළේ මරල ඇප පිට ඇවිත් හිටියේ.

“මේ ගමේ මොකුත් කරන්න දෙන්න බෑ. ඕව දේශපාලන වැඩ”

මිනිහ බරපතල තර්ජනයක් දැම්ම. මමත් ඇරියෙ නෑ.

ඔයා දන්නව ද, මහා වංශය ? ඒක ලියන්න පටන් ගත්තු කෙනා දන්නවද?

මිනිහට තද වුණා.

“..මම දන්න වංසයක් නෑ. මහානාමයෙකුත් නෑ අපේ දේව වංසේ ගැන නම් දන්නව.. ඒත් මේ ගමේ මොකුත් කරන්න ​බෑ”

“යාළුව, මහානාම හාමුදුරුවෝ මහාවංශය ලියන්න ගත්තේ ඒයාගේ බෑණ ධාතුසේන රජ කරවල. එහෙමයි වැඩ වෙන්නේ. මේ තියෙන ආණ්ඩුව නොඑන්න මේ කැඹරාව මේ ගමට එන්නේ නෑ. අපිට එන්න විදිහකුත් නෑ. ඉන්න රැජිණ කැමතියි නිසයි මෙහේට මේව ගේන්න පුළුවන් වුණේ. ආයේ කවදා ඒව කරන්න ලැබේද දන්නේ නෑ”

මිනිහ අන්තිමේ එදා දවාලට අපිට කන්නත් ලෑස්ති කරා. ඒත් 2002 චන්දෙ දී ‘ගමක මතකය’ රූපවාහිණිය පට්ට ගැහුව. චන්දෙන් දිනාපු රනිල් වික්‍රමසිංහගේ ගෝලබාල​යො ඒ කැසට් ඔක්කොම පුච්චපු බව පස්සෙ ආරංචි වුණා.

ඒයා හුදකලා ළමයෙක් වී නව යොවුන් වියට පිය නඟමින් සිටියා. වසරකට වතාවක් එයත් ලංකාවටත් ආවා. විශේෂයෙන් මම ‘විනිශ්චය සොයා’ [In Search of Justice] 2007 හා උමතු පාරාදීසිය [Lunatic Hevan] වාර්තා චිත්‍රපට හදන විට මාත් එක්ක හරිහරියට වැඩ කළා.

නන්දන වීරරත්න

17/04/26

මතු සම්බන්ධ​යි

නාග ගෝත්‍රිකයෙ​ක් 



ලන්ඩනයේ නාග ගෝත්‍රික​යෝ - බිණු නාගාර්ජුනගේ මතකව​ත - 06

  පළමු ලිපිය  : ‘විසාලා මහනුවර’ උපන්  බිණු නාගාර්ජුන (1)

දෙවන ලිපිය: ආචාර්ය නාගාර්ජුනගේ තොටගමු විහාරය. (2)

ශූන්‍යතා සිහිනයෙන් අවදිවීම- බිණු නාගාර්ජුනගේ මතකවත 03

ඊළාම​යේ සිටි අනුබුද්ධ නාගාර්ජුනගේ බැතිමත්තු..! -බිණු නාගාර්ජුනගේ මතකපොත 04

සිහිනවල සිටි අතුරුදහන්වූ​වෝ-බිණු නාගාර්ජුනගේ මතකවත - 05

බටලන්ද වධකාරය හොයන්න ගියේ 1994 අග. එයත් හරියටම ​‘ලංකා භූමියේ ඉන්දියානු යුධ අපරාධ 1987 – 1990’ හා ‘පුලස්තිනී රාජේන්ද්ර - ඉන්දියානු ඔත්තුකාරි​ය’ ලීව වගේ වැඩක්. ඕනෑම මොහොතක අනික් පැත්තට පත්තු වෙන බව දැන සිටියා. ආණ්ඩු​ව මාරු වී තිබුණත් රනිල් වික්‍රමසිංහගේ පොලිස් මැර නායකයාට ඒ වන විටත් බලය තිබුණ. අපි හිටපු තනි කාඹරේ කුලී නිවසට මහ රෑක ඩග්ලස් පීරිස්ගේ මැරයො ආව. මම කොහොමත් එහෙම වැඩක් කළාම ටික දවසක් මඟ ඇරල ඉන්නේ. පැමිණිල්ල කරන්න තිබුණේ පැලියගොඩ පොලීසියට. පැමිණිල්ල බාර ගත්තේ අයි. පී. වික්‍රමසිංහ. එයත් බටලන්දේ කොටස්කාරයෙක්. මම කට්ටි පැන්නත් බිණූ නාගාර්ජුන හා එයාගේ අම්මගේ ආරක්ෂාව ගැන ලොකු බයක් තිබුණ.

මේ අතරවාරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ගවේෂනාත්මක ජනමාධ්‍යකරුව​න්​ගේ ආයතන​යේ[ Investigative Journalist Inc – USA] සමුළුවකට යන්නත් එහි ජනමාධ්‍ය ආයතනවලට යන්නත් නම් කෙරුණ. මේ දෙකම සිද්ධ වුණේ ලඟ ලඟ. මගේ ගෙදරට කඩා පැනීම ‘ඇමරිකාවට ගොස් දේශපාලන රැකවරණ පැතීමට’ උපායක් බව රාවයේ ඕපදූපයක් වුණා. කොහොම වුණත් එක්සත් ජනපදයට යන අතරේ ලන්ඩනයට බැස්සේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය හා පුස්තකාලය බලන්න. ඒ අතරේ ​බී.බී.සී සිංහල අංශයට ගියාම අවුරුදු 2 එහි වැඩ කරන්න ආරාධනයක් ලැබුණ. ඊට කලින් මම ‘සංදේශයේ’ තාවකාලික වාර්තාකරුවෙකුව සිටීම මේ ඇරයුමට මුල් වුණා.

මම බිණූ නාගාර්ජුනට ලන්ඩන් රස්සාවට එන කොටම කිව්ව

“අවුරුදු දෙකක් වැඩ කරල මම සල්ලි සොයා ගෙන එන්නම් ගෙයක් ගන්​න”

මම රස්සාවට ඇවිත් මාස 4 යද්දි එයා අඬන්න ගත්ත එයාටත් එන්න ඕන කියල. 1995 ශීත ඍතුවට හිම වැටෙන්න ගත්තු දෙසැ​ම්බරයේ මුළ එයා අම්මත් එක්ක ලන්ඩනයට ආවා. එතකොට එයාට අවුරුදු 5 පැනල. එයාට මේ මහා නගරයයේ ජීවිතය පෙණුනේ, ‘හීනයක් ඇතුලෙ හීනයක් දකිනව වගේ’ එයා වේගයෙන් මෙට්‍රෝපොලිටනයට හැඩ ගැහුණ. එතකොටම වින්ඩෝස් [Widows] ආව. කාලයත් එක්ක මම ඇනලොගයෙක් හැටියට දන ගාද්දි එය ඩිජිටලයෙක් වේල දුවන්න ගත්ත. අන්තිමට එයා මට අත දුන්න ඩිජිටලයෙක් හැටියට නැඟිටින්න.

එතකොට බිණු නාගාර්ජුනගේ වයස අවුරුදු 9ක් විතර ඇති. එයා ඉස්කෝලේ ඇරිල ඇවිත් මුණ බැරෑරුම් කරගෙන බරපතල ප්‍රශ්නයක් ඇහුව.

“ තාත්තේ, අපි සිංහල ද, දෙමළ ද? අපේ රටේ යුද්ධයක් තියෙන්නේ ඇයි?

එයා ගිය හවුන්ස්ලෝ හීත්ලන්ඩ් පාසලේ විවිධ ජනවර්ගවල ​ළමයි හිටිය. වැඩිපුම හිටියේ දකුණු ආසියාවේ ළ​මයි. එතකොට ඊළාම් යුද්ධය උත්සන්න වෙල. ක්‍රිකට් තරගවල ලකුණු කියනව වගේ අපි, දෙපැත්තේම මැරෙන ගණන් ප්‍රවෘත්තිවලට කීවේ.

“ අපි සිංහලත් නෙවෙයි දෙමළත් නෙවෙයි. එහේ යුද්ධ කර ගන්නේ පස්සේ කාලෙක ඉන්දියාවෙන් ආපු සිංහල හා දෙමළ උදවිය. ඒක ඉඩම් නඩුවක් යුද්ධයක් බවට පත් වෙල. අපි ලංකාවේ බටහිර වෙරළෙන් එන නාග ගෝත්‍රිකයො. බුද්ධ කාලේ ඉඳලම නාග රජවරු හිටිය. අපිට පස්සේ සිංහලයෝ, බෞද්ධ වුණේ. බටහිර ඉන්දියාවෙන් ආපු රාජකීය හොරු රැලක් ඇවිත් රට අල්ල ගත්ත. නාග ගෝත්‍රිකයන්ට වුණේ ඇමෙරිකාවේ ජීවත්වුණු රතු ඉන්දියානුවන්ට වෙච්චි දේමයි. අපි සිංහලයන්ගේ සංස්කෘතික විජිතකරණයට යටත් වුණා. අපේ ‘ලිංගුවා ෆ්‍රැන්කා​ව’ ඒ බාසාව බවට පත් වුණා. තාමත් එක මුල් පදිංචිකාර ගෝත්‍රයක් ඉන්නව. ඒ වැද්දෝ ....!

එයා ඊට පස්සේ ඉස්කෝලෙදි යාළුවන්ට එයා ලංකාවෙන් එන නාග ගෝත්‍රිකයෙක් බව කීව ද මම දන්නේ නෑ. හැබයි එයාටත් ම​ට වගේම කොණ්ඩේ බදින්න තිබුණු ආසාව​ඉෂ්ඨ වුණා. ඉස්කෝලෙන් අවසර ලැබුණ කොණ්ඩේ වවන්න.

මම එයත් අරගෙන අවට තියෙන නේපාල, තායි හා බුරුම පංසල්වලට ගියා.

පස්සේ අපි ජීවත් වූ හවුන්ස්ලෝ නගරයේ පංසලකුත් පටන් ගත්ත. පංසල බාරව හිටපු භික්ෂුව, උපාසකම්ම කෙනෙක් අරන් පැදුරටත් නොකි​යා ගිහිගෙට ගියා. පංසල වහල දැම්ම. එයාගේ නමට නාගාර්ජුන තිබුණට එයා කිව්ව

“තත්තා, මම බෞද්ධයෙක් වෙන්නේ පැවැත්මෙන් විතරයි.”

එයා ඒ අනුව ජීවිතේ හැඩගසා ගත්ත. මේ අතරේ මගේ බීබීසී රස්සාවේ ආයුෂ අඩුවෙමින් තිබෙන බව මට දැනෙන්න ගත්ත. බොහෝ දේ මතවාදී ගැටුම්. මම ආපහු ගමට රට බලා යන්න හිත හදාගනිමින් සිටි​යෙ

නන්දන වීරරත්න

17/04/26

මතු සම්බන්ධ​යි


සිහිනවල සිටි අතුරුදහන්වූ​වෝ-බිණු නාගාර්ජුනගේ මතකවත - 05

 පළමු ලිපිය  : ‘විසාලා මහනුවර’ උපන්  බිණු නාගාර්ජුන (1)

දෙවන ලිපිය: ආචාර්ය නාගාර්ජුනගේ තොටගමු විහාරය. (2)

ශූන්‍යතා සිහිනයෙන් අවදිවීම- බිණු නාගාර්ජුනගේ මතකවත 03

ඊළාම​යේ සිටි අනුබුද්ධ නාගාර්ජුනගේ බැතිමත්තු..! -බිණු නාගාර්ජුනගේ මතකපොත 04

සිහිනවල සිටි අතුරුදහන්වූ​වෝ-බිණු නාගාර්ජුනගේ මතකවත - 05



අනුබුද්​ධ නාගාර්ජුනයන් කියන හීනයේ ඇත්තටම ජීවත් වෙන මිනිස්සු මට මුණ ගැහුනෙ සමූළ ඝාතන ගම්මානවල දී. සිංහල - දෙමළ සමූළ ඝාතන ගම්මාන සිය ගණනක් අපේ රටේ තියෙනව.

1992 වෙද්දී මම මේ ඝාතන ගම්මාන සොයා ඒ ගැන ලියන්න පටන් ගත්ත.

සැමියා අතුරුදහන් කිරීමෙන් කණවැන්දුම් වූ තරුණ මවක් ම​ට කටියාවේ [ රම්බොඩගල්ල කුරුණෑගල] දී මෙහෙම කිව්ව.

“ ළමයින්ගේ තාත්තා පැහැර ගෙන ගියා. මම හැම හමුදා කඳවුරක​ම හෙව්ව. සොයා ගන්න බැරි වුණා. පස්සෙ මම මගේ අම්මට දරුවො බාර දීල කුවේට් ගියා. සති තුනක් ගියේ නෑ මට ඉන්නම දුන්නේ නෑ. ළමයින්ගේ තාත්ත, හැමදාම රෑට මාව නිදා ගත්තු ඇදෙන් බිමට ඇදල දාල, බණිනව.

පලයං ලංකාවට ගිහින් මගේ දරුවො බලා ගනිං...!

මට ​කුවේට්වල ඉන්න්ම දුන්නේ නෑ. බැරිම තැන මම ආපහු ආවා. දැන් කුළී වැඩ කරනව. දරුවො හදා ගන්න”

මේ වගේම තවත් කතාවක් මට වලස්මුල්ලේ, රදනිආර ගමේ දී ඇහුණ.

“ මට දරුවෙක් එක්කවත් අපි දෙන්න නිදා ගත්තු ඇදේ නිදාගන්න දුන්නේ නෑ. මමත් ඔයත් එක්ක බෙදාගත්තු ඇ​ඳ තව කවුරුවත් එක්ක බෙදා ගන්න එපා. ම​ටත් රෑට ඔයා ලඟින් නිදා ගන්න ඕ​න”

තරුණ අම්ම කෙනෙක් ඒක කිව්වේ තරමක ආඩම්බරයකින්. දුකට පත් මනුෂ්‍යයන් හීනයත්, හැබෑවත් අතරේ ජීවත් වෙනව කියලයි මට හිතෙන්නේ. ඔවුන් සමහර වෙලාවට හීනය හා හැබෑව අතරේ වෙනස දන්නේ නෑ. ඒක එයාලට විශාල මානසික සහනයක්. මම ඔවුන්ගේ කතා හා කදුළු එකතු කරා මිස හීන කඩන්න ගියේ නෑ.

හැබැයි, අතුරුදහන් කෙරුණු තරුණ දූ පුතුන්ගේ අම්මලා හරිම වෙනස් විදිහට වැඩ කරන්නේ. ඇඹිළිපිටියේ එක අම්ම කෙනෙක් අතුරුදහන් කරපු පුතාට හැමදාම බත් එකක් බෙදල වහල තියෙන වග මට කිව්වේ එයාගේ ලොකු දුව.

“ දුවේ ලොකු පුතා ගෙදර එන්නේම බත් සොයා ගෙන. කොයි වෙලාවක, කොයි දවසක ලොක්ක ගෙදර ඒද දන්නේ නෑ. එතකල් බත් එකක් බෙදල වහල තියන්න ඕන.”

ඒ අම්මගේ හීනේ ඇතුලේ පුතා ඉන්නව. එයා පුතාගේ මරණය බාර ගත්තේ නෑ. මම ඒ ගමට ගියේ භීෂනයෙන් අවුරුදු 4 ක​ට පස්සේ. මම හිතන්නේ ඒ අම්මගේ මරණය දක්වාම එයා ලොකු පුතාගේ කෑම පංගුව බෙදල තියන්න ඇති.

අඟුණකොල පෑලැස්සේ අවුරුදු 14 ක විතර මල්ලියෙක් අතුරුදහන් කෙරුණු අයියන්ඩි ගැන අහඅහද්දි විලාප තියල ඇඬුව.

“අනේ, මගේ අයියගේ හීනේ තිබුණේ ගායකයෙන් වෙන්න. එයාට හොඳට සින්දු කියන්නත් පුළුවන්. බටනලාව පිඹින්නත් පුළුවන්...!”

මම එයාට කිව්ව ..

“ඔයා අයියගේ හීනේ දිගටම. දකින්න. ඔයා ගායකයෙක් වෙන්න.”

කොලුවට ඊට වඩා හොඳ උත්තරයක් දෙන්න මම දැන හිටියෙ නෑ. එයාට මොනව වුණා ද හොයන්න මට ඉඩක් ලැබුණෙත් නෑ.

1998 දී මම ‘යුද්ද​යේ දරුවෝ’ සොයාගෙන දකුණු ඉන්දියාවේ මහාමල්ල පුරම් හී ඇති ලංකා අනාථයන්ගේ කඳවුරකට ගියා. එතන හිටපු 83 කළු ජූලියෙන් පස්සේ ලංකාවෙන් ආපු අනාථ මිනිස්සු ඒ වෙන කොටත් මනසින් ජීවත් වෙමින් හිටියේ ලංකාව නම් හීනයේ. මම ඔවුන්ට කීව,

“රටවල් දෙකම එක වගේ ලංකාවෙ ඉන්නව කියල හිතා ගෙන ජීවත් වෙන්​න...!”

එතකොට එක වැඩිහිටියෙක් කීව...

“අපි එහෙම තමයි ඉන්නේ..ඒත් අපේ කෙල්ලෙකුට ගවුමක් ඇඳන් පාරේ යන්න බෑ. ගල් ගහනව. බණිනව. මේ දරුවෝ ඉගෙන ගන්නේ අපේ රටේ භූ ගෝලය නෙවෙයි. අපි තාම හීන දකින්නේ ලංකාවේ ඉන්න විදිහට. ඒත් අපේ දරුවන්ට එහෙම වෙන්නේ නෑ.

මට එයාට දෙන්න උත්තරයක් තිබුණේ නෑ.

අපි ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ මුණුපුරා, පෘතුවි රාජසිංහ කුමාරය බැහැදකින්න වැල්ලෝරයේ ගාන්ධි නගර් ගියා. ලංකාවේ ඔටුන්න හිමි කුමාරය අපිට ‘සර්’ කියල කතා කරා. මම කිව්ව.....

“අපියි ඔයාට ‘සර්’ කියන්න ඕන. ඔයා අපේ රජකම හිමි කුමාරය....!”

එයා බහොම සතුටට පත් වුණා. එයා එතැන ඉඳන් උඩරට රාජ්‍යයේ සිහිනයට ඇතුළු වෙනව අපි දැක්ක. එන්න හැරුණාම උවිදු [කුරුකුලසූරිය]මට මෙහෙම කීව,

“උඹ මාර වැඩක් කරේ. දැන් අපි ගියාම ඒ මනුස්සගේ පපුව හිරවෙල මැරෙයි..!”

“ඒත් මොකද, එයා පැය කීපකට හරි ලංකාවේ රජ්ජුරුවෝ හැටියට හීනෙක ඉඳලයි මැරෙන්නේ. ඒක එයා වගේ කම්කරුවෙකුට සැනසීමක් නෙවෙයි ද?”

ම​ම පෙරලා ප්‍රශ්නයක් ඇහුව.

මම 2019 වගේ මෑතක දී කිළිනොච්චියේ මලයාලි පුරම් ගමට ගියා, වාර්තා චිත්‍රපටයක් වෙනුවෙන්[ An Indian Blood for Tamil Eelam] එයාගේ පුත්තු තුන් දෙනාම ඊළාම් යුද්ධයේ දී මැරිල. මම කතා කරමින් ඉන්​න අතරේ එයා මට ගෙයි කාඹරයක් අතින් පෙන්නුව. මම ඒ පැත්තට ගියා. තරුණ පිරිමි ළමයි තුන් දෙනෙකුගේ ලොකු පිංතුර තුනක් හින්දු දේව රූප අතරේ තියෙනව. වටේට බල්බ් වැල පත්තු වෙනව. හදුන්කූරු සුවඳ පැතිරෙනව.

ඒ අම්ම මට කිව්ව පුත්​තු තුන් දෙනාම තවමත් එයත් එක්ක ඒ ගෙදර ඉන්නව. එයාට විතර​යි පේන්නේ. අනික් කාටවත් පෙන්නේ නෑ. තරුණ කාලේ වගේ මුරණ්ඩු නෑ. එයා හොඳට බලා ගන්න බව.

අපි​ත් එක්ක ඒ අම්ම හමුවෙන්න ගි​ය ගමේ මඟපෙන්වන්නා නම් කීවේ එයාගේ මොළේ හොඳ නෑ බව. මම ඒක විස්වාස කලෙත් නෑ. විස්වාස කරන්නේත් නෑ. ඒ අම්ම හිටියේ එයාගේ හීනයේ. ඉතින් හීනෙන් ඇහැ ඇරවල ඇති ප්‍රයෝජනය මොකක් ද?

මේ වගේ ගම්මාන 20 – 30 මම ගියා. මුළින් විශේෂාංග රාවයට ලිව්ව, ‘භීෂනයෙන් අතුරුදහන් වූ කුල පීඩිතයෝ’යන හිසින්. බීබීසියේ සංදේශයට බැදුනට පස්සේ ‘යුද්ධයේ දරුවෝ’ නමින් රේඩියෝ වැඩසටහන් පෙළක් කරා, සිංහල - දෙමළ සමුහ ඝාතන ගම්මානවලට ගිහින්. පස්සෙ කාලේ වාර්තා චිත්‍රපටිත් හැදුව ඇතැම් ගම්මාන ගැන.

මේව සොයන්න රට පුරා ඇවිදින මට හුඟාක් වෙලාවට බිණූ නාගාර්ජුන මඟ ඇරුණ. ඒක වලක්වා ගන්න මම කොළඹ කිට්ටුවට ආවා පදිංචියට. ඒත්, එයා පත්තර, රේඩියෝ හා රූපවාහිණි කර්මාන්තය පැත්තෙවත් නොඑන්න හේතුව ඒක වෙන්න ඇති.

නන්දන වීරරත්න

17/04/26

මතු සම්බන්ධ​යි


චරිත අබේසිංහ වසර හතකට සිරගෙට

  පසුගිය වසරේ (2010)  මුදල් විශුද්ධිකරණ වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන්, ‘බෑන්ක්සි’ (Banksy) ගේ කලා කෘති ද ඇතුළුව පවුම...