මහත්වරුනේ මෝඩ මගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්න?
අද හවස 06ට මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ හයවන විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. සියළු දුෂ්ඨ බලවේග පරදවා අවසානයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. ඉතිං ඊට පස්සේ මොනවද වෙන්නේ?
දැන් මෛත්‍රීපාල සිරිසේන ගේ මෛත්‍රි පාලන දින සියයේ ප්‍රතිපත්ති මාලාව යටතේ ඔහු විසින් දින සියයක් තුල කළ යුතු වැඩ කන්දරාව අපමණය. එහි පළමු පියවර වශයෙන් ඔහු අද දිනයේ මේ රටේ මීළග විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.
දැන් මෛත්‍රීපාල සිරිසේන ගේ මෛත්‍රි පාලන දින සියයේ ප්‍රතිපත්ති මාලාව යටතේ ඔහු විසින් දින සියයක් තුල කළ යුතු වැඩ කන්දරාව අපමණය. එහි පළමු පියවර වශයෙන් ඔහු අද දිනයේ මේ රටේ මීළග විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.
ඔහු දැනට අගවිනිසුරු ධූරය හොබවන මොහාන් පීරිස් මහතා ඉදිරියේ දිවුරුම්දීම පසෙකලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ජේෂ්ඨතම විනිසුරුවරයෙකු වන කේ. ශ්‍රි පවන් ඉදිරියේ දිවුරුම් දුන්නේය. අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් අභිනවන ජනාධිපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය. දැන් රට සාමාකාමීය. පැපරල් සහ කැෆේ ඇතුලු සියලු නිරීක්ෂන සංවිධාන මෙවර මැතිවරණ ඉතිහාසයේ පැවති අතිශයින්ම සාධාරණ මැතිවරණය බවට මේ වන විටත් පවසා අවසන්ය. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය යනු මේ රටේ බිහිවූ අතිශයින්ස සාධාරණ මැතිවරණ කොමසාරිස්වරයාය. ඒ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවට ඉඩ නොතබා ඔහු මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරමින් පවත්වනු ලැබූ නිසාය. දැන් රට සාමකාමිය. දැන් අපට ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන නම් විෂ්මකර්ම පුත්‍රයා දින සියයකින් ශ්‍රී ලංකාව සුරපුරයක් බවට පත්කරන තුරු බලා සිටින්නට පමණි.
ඒ අනුව දැන් අභිනව ජනාධිපතිවරයාට කරන්නට වැඩ රාජකාරි රාශියක් ඉතිරිව ඇත. ඔහු දින සියයකින් මූලිකවම විධායක ජනාධිපති ධූරය අහෝසිකර, සමානුපාතික සහ කේවල ඡන්ද ක්‍රමයෙන් සම්මිශ්‍රිත නව පරිපාලන රාමුවක් සකස් කළ යුතුය. ඒ අනුව ඔහුට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට නම් නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම අත්‍යවශ්‍යය. ඒ අනුව අප සාමාන්‍යෙයන් දන්නා පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව මගින් ගම්‍යමාන වන 32 ව්‍යවස්ථාව ප්‍රකාරව විධායක ජනාධිපති ධූරය වෙනස් කරන්නට නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ යුතුය. ඒ අනුව එකී සංශෝධනය සදහා අවශ්‍ය 3/2ක බලය ලබා ගැනීම අභිනව ජනාධිපතිවරයා ඉදිරියේ ඇති බැරෑරුම් වගකීමකි.
ඒ අනුව පවතින පාර්ලිමේන්තුවේ නියෝජිතයන් 225 දෙනා ගෙන් 156 දෙනෙකුට වඩා වැඩි ඡන්දයක් ලබා ගැනීමට නම් හැකි ඉක්මනින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් තමට සහය දක්වන්නට කැමතිකරවා ගන්නට ඔහුට සිදුවනු ඇත. ඒ අනුව එය ඉතා දුෂ්කර සහ බැරෑරුම් ක්‍රියාවලියකි. මන්ද යත් ලංකාවේ ව්‍යවස්ථාදායකයේ නියෝජතියන් යනු රටට ආදර කරන පිරිසක් නොව මුදල් වලට කෑදර පිරිසක් වන නිසාය. ඒ අනුව එකී වෑයම තනිකරම මුදල් මත පදනම් වන ඩීල් එකක් වනු ඇත. ඒ අනුව යහ පාලනය ගැන කතා කරන සිවිල් සංවිධාන නියෝජිතයන් යළිත් පරණ වතුර අලුත් බෝතලයකට දමනවාට කැමතිද? කෙසේ හෝ එවැනි ආකාරයේ ඩීල් එකක් හරි ගියා වුවද යහ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන යළිත් කතා කරන්නට මේ මහත්වරන්ට හැකිවනු ඇතිද?
එසේ නොමැති නම් පාර්ලිමේන්තුවේ කාලසීමාව අහවර වීම නිසා මාස තුනක් තුළ මහ මැතිවරණයක් කැදවන්නට අභිනව ජනාධිපතිවරයාට සිදුවනු ඇත. එහිදී මෙකී පොදු මිනිසුන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන ඡන්ද ලකුණක් යටතේද? එ.ජා.පයේ දැනටමත් පක්ෂ අභ්‍යන්තරයෙ ඇති අර්බුද නිසා ඔහුන් කිසි ලෙසකින්වත් යළිත් වරක් මහ මැතිවරණයේ දී හංසයා ගෙන් ඡන්දය ඉල්ලනන්ට එකග නොවන බව පැහැදිලිය. සජිත් ප්‍රේමාදාස වැනි පුද්ගලයෙක් අනිවාර්යෙන්ම අලියා ලකුණින් එ.ජා.පය වශයෙක් තිනිව තරග කළ යුතු බවට තීරණය කරනු ඇත. මන්ද මෙවර මැතිවරණයේදී පවා සජිත් ප්‍රේමදාස කපන්නට බැරි අත ඉබිනවා විනා අවංකවම පොදු අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටියේ නැත. එවිට එ.ජා.පය වශයෙන් ඔහුනට මැතිවරණයේදී වැඩි ආසන සංඛ්‍යවක් දිනා ගන්නට හැකිවනු ඇත.
ද්‍රවිඩ සංධානය අනිවාර්යෙන්ම තනිව මැතිවරණයට මුහුණ දෙන බව සක්සුදක් සේ පැහැදිලිය. මුස්ලිම් කොන්ගසය සහ ඡන්ද පදනමක් සහිත දිගම්බරන්ලාද තිනව තරගකරනු ඇත. ඒ අනුව මහින්ද රාජපක්ෂ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සංධානය වැඩි ආසන ප්‍රමාණයක් සහ බෝනස් ආසන දිනා ගන්නට නියමිතය. මීලග පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්නට නම් අඩුම තරමේ ඡන්ද 113ක් ලබා ගත යුතුය. ද්‍රවිඩ සංධානය කෙසේ වෙතත් දෙපැත්තට පනින් ගෙම්බන් බදු අනෙක් සුළු ජාතිකයන් කුමන තීරණයක් ගනු ඇත්ද යන්න අවිනිශ්චිතය. අනෙක් අතට තුනෙන් දෙකක බලයක් මෛත්‍රිට ලබා ගන්නට නම් ඔහුට දැනටමත් ඛණ්ඩනය වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් ගේ සහය ලබා ගැනීම අහම්බයක් නොව අනිවාර්යතාවයකි. ඒ අනුව එ.ජා.පය තම පක්ෂය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළ දියකර හරින්නට ඉඩ දී බලා සිටිනු ඇතිද?
ඒ අනුව මෛත්‍රිට දින සියයකින් විධායක ජනාධිපතිධූරය අහෝසිකර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නට තනිව කටයුතු කළ හැකිද? යම් හෙයකින් දැනටමත් ලක්ෂ හතලිස් හතකට ආසන්න ප්‍රමාණයක් ලබා සිටින එක්සත් ජනතා නිදහස් සංධානයට වැඩි ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කරන්නට හැකි වුවහොත් ඔහුනට නැවතත් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් හිමිවනු ඇත. ඉන් පසු තත්ත්වය කුමක් වනු ඇත්ද?
ඒ අනුව නැවතත් ජනාධිපතිවරයා එක් පක්ෂයකින් සහ අගමැතිවරයා තවත් පක්ෂයකින් පත්වීම වලක්වන්ට හැකි නෛතික පදනම කුමක් ද? ද්‍රවිඩ සංධානය දැනටමත් පවසා ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේ දී ඒකාධිපති මහින්ද පරාජය කරන්නට අවශ්‍ය නිසා පමණක් තමන් 13+ ගැන කතා නොකරන බවය. නමුත් මහ මැතිවරණයකදී තමන් ගේ ජනතාව රවටන්නට ඔහුනට හැකි වනු ඇත්ද? ඒ අනුව ද්‍රවිඩ ජාතික ගැටලුවට පොදු අපෙක්ෂකයා ලබා දෙන දේශපාලන විසදුම කුමක්ද? එකී විසදුම සිංහල බෞද්ධ බහුතරය පිළිගනු ඇත්ද? සිංහල බෞද්ධ බහුතරය සනසන්නට ලබා දෙන විසදුමක් නිසා සුළුතර ද්‍රවිඩ,මුස්ලිම් ජ්‍රජාව කුමන තීරනයක් ගනු ඇත්ද?
ඒ අනුව දැනටමත් මෙකී සමස්ථ වැඩ පිළිවෙල මට දැනට ආකාරයට අවුල් ජාලාවකි. එය අවුලක් නොවන බව පෙන්වන්නට පොදු අපේක්ෂකයාට සහ වර්ථමාන රජයට ඇති දේශපාලන අර්ථකථනය කුමක්ද? එය යථාර්ථවාදීද?
අනෙක් අතට පොදු අපේක්ෂකයා පවසන ආකාරයට ඇමති මණ්ඩලය 30කට අඩු කරනවා නම් ඒ සදහා සුදුසුකම් ලබන්නේ කවුද? ආරක්ෂක ලේකම් ධූරය හෝ ආරක්ෂක ඇමතිධූරය සරත් ෆොන්සේකාට ලබා දෙනවා නම් ඔහු එකී තනතුරෙහි බලතල ගොඨාභය රාජපක්ෂට වඩා වැඩියෙන් භාවිතා කරමින් ජනතාව පීඩාවට පත්කිරීමෙන් වලක්වනු ඇති බවට දෙන්නට පලුවන් සහතිකය කුමක්ද? යම් හෙයකින් හිටපු අගනිවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක යළි අගවිනිසුරුධූරයට පත්කරනවා නම් ඊට නෛතික හැකියාවක් පවතින්නේ ද? නෛතික හැකියාවක් ඇතත් තමන්ට උපකාර කළ නීතීඥවරන්ට පක්ෂපාතීව සහ තමන්ව පීඩාවට පත්කළ නීතීඥයන් ගෙන් පළි ගන්නට ඇය කටයුතු නොකරනු ඇතැයි දෙන්නට පුලුවන් සහතිකය කුමක් ද? කේ.ශ්‍රී පවන් වැනි ජේෂ්ඨ විනිසුරෙකු අගවිනිසුරු ධූරයට පත් නොකරන්නට කටයුතු කරන්නේ නම් එයට හේතුව ඔහු දෙමළ වීම යැයි නොකියන්නට ගොඩනගන තර්කය කුමක් ද?
අතුරලියේ රතනලාට,චම්පිකලාට, අසාද් සාලිලාට, රිසාද් බදියුදීන්ලා ඇතුලු සියළු අයට ඇමතිකම් ලබා දෙනවා නම් එකී ඇමති මණ්ඩලය 25කට හෝ 30කට සීමා කරන්නට ඇති තාක්ෂණකික ක්‍රමවේදය දේශපාලනිකව වටහා දෙන්නේ කෙසේද?
ජනතාවගෙන් බහුතරය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව මෛත්‍රිපාල සිරිසේනට ඡන්දය ලබාදුන් ප්‍රධාන හේතුවක් වන රටේ බඩුමිල අඩුකරන්නට ඇති ක්‍රමවේදය කුමක්ද? නව ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක් ද? මේ අකාරයෙන් විවිධ ප්‍රශ්ණ ඇමීබාකරණයට ලක්කරමින් තව තවත් ප්‍රශ්ණ රැසක් අසන්නට පුලුවන. ඒ අනුව මේ වත්මන් ආණ්ඩුව සැබෑ ජනතාවාදී ආණ්ඩුවක් බවට පත් කරන්නට මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ පොදු සංධානයට ඇති තාර්කික හැකියාව කුමක්ද? ඒ සම්බන්ධයෙන් සිවිල් සංවිධාන සහ වෘත්තිකයන්,කළාකරුවන් ඇතුලු බලපෑම් කණ්ඩායම් වලට ඇති ශඛ්‍යතාවය කුමක්ද?
තව දුරටත් මහින්ද රාජපක්ෂ පරාජය කර කිරිබත් උයාකෑම මට අනුව වර්ෂ 2009 දී විමුක්ති කොටි සංවිධානය සමූල ඝාතනය කිරීමෙන් පසු කිරිබත් කා රතිඥ්ඥා පත්තු කලාට වැඩි යමක් නොවන බව කියන්නට කිසිදු තාර්කික පදනමක් නැත.
මුහුණු මාරුකරනවා වෙනුවට ක්‍රමය වෙනස් කරන්න යැයි කෑමොර දෙන පොරටුගාමී සමාජවාදී කුමාර් ගුණරත්නම්ලා ගේ ආණ්ඩුවේ ඩීල් අවසන් නිසා ලංකාවේ විප්ලවීය විභවය තව දුරටත් වලංගු නැතැයි කියා කියන්නට අරදින මෝඩ මිනිසුන් තරම් අප මුග්ධ නැත. අවසන් වශයෙන් මා වර නගන ප්‍රශ්ණය වන්නේ දින සියයකින් අලුත් රටක් හැදෙයි කියා බලා සිටින්නට තරම් මා මෝඩයෙකු නොවීම ඇත්තටම මගේ මෝඩකමද? කෙසේ නමුත් පුරවැසියෙකු ලෙස මගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්නට යහ පාලනය ගැන කෑ ගසන ප්‍රජාතන්ත්‍රවාදය ගැන දේශනා කරන පොදු අපේක්ෂකයා රජකරවන්නට ඡන්ද දුන් සියල්ලන්ටම වගකීමක් ඇතැයි මම සිතමි. කරුණාකර මහතවරුනේ මෝඩ මගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්න? මන්ද මම මේ රටේ ඡන්ද හිමි පුරවැසියෙක්මි!
තුෂාර එන් දස්කොන්
-උපුටා ගත්තේ ෆේස් බුක් සමාජ ජලයෙනි.
Comments