අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් වැඩි කිරීම


ආණ්ඩුව අධිකරණ විනිසුරුවන්ගේ විශ්රාම වයස අවුරුදු දෙකකින් වැඩි කිරීමට ගෙන ඒමට නියමිත ව්යවස්ථා සංශෝධනයට යම් කිසි විරෝධයක් මේවන විට රට තුල ඇතිවී තිබෙනවා, ඒ විරෝධතා දක්වන පිරිස අතර දූශිත දේශපාලනඥයන් නීතීඥවරුන් විනිසුරුවන් ඇතුලු පිරිස් සිටින බවක් දැක ගන්නට පුලුවන්, ඒ අතර පැහැදිලිවම දූශිතයින් බහුතරයක් සිටින බව පැහැදිලියි, ඔවුන්ගේ මේ විරුද්ධවීමට ප්රධානම හේතුව වත්මන් අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේනගේ ධූර කාලය තව වසර දෙකකින් වැඩිවීමයි, ඇයි මොවුන් මෙතරම් සූරසේනට බය
ඒ සූරසේන කියන්නෙ තමන්ගෙ අම්මා තාත්තා උනත් දෙන්න ඕනෙ තීන්දුව දෙන කෙනෙක් නිසයි, ඒකට උදාහරණ කිහිපයක් පහතින්,
අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා 2025 ජූලි 27 දින ශ්රී ලංකාවේ 49 වන අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
ඔහු එම උත්තරීතර ධුරයට පත්වීමට පෙර කටයුතු කළ අධිකරණ පිළිවෙළ සහ ඔහුව එම තනතුරුවලට පත් කළ ජනාධිපතිවරුන් පහත පරිදි වේ:
මහාධිකරණ විනිසුරු (2007 – 2016): ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලදී.
අභියාචනාධිකරණ විනිසුරු (2016 – 2018): ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලදී.
අභියාචනාධිකරණයේ සභාපති (2018 – 2019): ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලදී.
ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු (2019 – 2025): ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලදී.
නීති ක්ෂේත්රයට පිවිසීමට පෙර කොළඹ විශ්වවිද්යාලයෙන් භෞතික විද්යා උපාධියක් (BSc) ලබාගත් සූරසේන මහතා, 1989 වසරේදී නීතිඥවරයකු ලෙස දිවුරුම් දී නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරයකු (State Counsel) ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.
අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා තම අධිකරණ ජීවිතය තුළ, තමන්ව විවිධ තනතුරුවලට පත් කළ ජනාධිපතිවරුන්ගේ දේශපාලන තීරණ සහ ක්රියාකලාපයන්ට සෘජුවම බලපෑ ප්රධාන සහ ආන්දෝලනාත්මක නඩු තීන්දු කිහිපයක් ලබා දීමට දායක වී ඇත. ඔහු දේශපාලන බලපෑම්වලින් තොරව නීතියේ ආධිපත්යය වෙනුවෙන් ලබා දුන් ප්රමුඛතම නඩු තීන්දු මෙසේය:
2018 ව්යවස්ථා අර්බුදය සහ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි තීන්දුව
පසුබිම: 2018 ඔක්තෝබර් මාසයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් එවකට අගමැති රනිල් වික්රමසිංහ මහතා ඉවත් කර, තමන්ව මහාධිකරණ විනිසුරු ධුරයට පත් කළ මහින්ද රාජපක්ෂ මහතාව අගමැති ලෙස පත් කරන ලදී.
තීන්දුව: එකල අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පද්මන් සූරසේන මහතා ඇතුළු විනිසුරු මඩුල්ල, මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයට අගමැති සහ ඇමැති ධුරවල කටයුතු කිරීම තාවකාලිකව වළක්වමින් අතුරු තහනම් නියෝගයක් (Interim Injunction) නිකුත් කළේය.
බලපෑම: මෙම තීන්දුව හරහා මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ආණ්ඩුවට තම ධුරයන්හි කටයුතු කිරීමට තිබූ නීත්යානුකූල අවස්ථාව අහිමි විය.
මෛත්රීපාල සිරිසේන මහතාගේ පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහි තීන්දුව
පසුබිම: ව්යවස්ථා අර්බුදය අතරතුරදීම, තමන්ව අභියාචනාධිකරණයේ සභාපති සහ ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරවලට නිර්දේශ කළ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගත්තේය.
තීන්දුව: මෙම තීරණයට එරෙහිව ගොනු වූ පෙත්සම් විභාග කළ ශ්රේෂ්ඨාධිකරණයේ සත්පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයකු ලෙස සූරසේන මහතා කටයුතු කළේය. එහිදී ජනාධිපතිවරයාගේ එම තීරණය සම්පූර්ණයෙන්ම අන්නීතික සහ ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බවට එම විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළේය.
බලපෑම: මෛත්රීපාල සිරිසේන මහතාගේ දේශපාලන ක්රියාමාර්ගය ව්යවස්ථා විරෝධී බව තහවුරු වූ අතර විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවීමට සිදු විය.
පාස්කු ඉරිදා ප්රහාරය සහ මෛත්රීපාල සිරිසේන මහතාට වන්දි නියම කිරීම
පසුබිම: 2019 වසරේ සිදු වූ පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එවකට රාජ්ය නායකයා වූ මෛත්රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු විය.
තීන්දුව: පද්මන් සූරසේන මහතා සාමාජිකත්වය දැරූ ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තමන්ට ලැබුණු බුද්ධි තොරතුරු මත නිසි පියවර නොගෙන මහජන විශ්වාසය කඩ කර ඇති බවයි. ඒ අනුව ප්රහාරයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් තම පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස මෛත්රීපාල සිරිසේන මහතාට නියෝග කෙරුණි.
බලපෑම: තමන්ව ඉහළ අධිකරණවලට පත් කළ හිටපු ජනාධිපතිවරයා වගඋත්තරකරුවකු කරමින්, ඔහුට දැඩි මූල්යමය සහ සදාචාරාත්මක වගකීමක් පැවරීමට මෙම තීන්දුව සමත් විය.


ප්රීති පද්මන් සූරසේන මහතා ලබා දුන් මෙම ඓතිහාසික නඩු තීන්දු මඟින් පැහැදිලි වන්නේ, තමන්ව විවිධ අධිකරණ මට්ටම්වලට පත් කළ රාජ්ය නායකයන් කවුරුන් වුවද, අධිකරණයේ ස්වාධීනත්වය සහ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ උත්තරීතරභාවය ආරක්ෂා කිරීමට ඔහු නොබියව කටයුතු කර ඇති බවයි.
රටේ ප්රභූන් කියා ගන්නා කව්රු විරුද්ධ උනත් රටේ මහජනයා මේ තීරනය සම්බන්ධව ආණ්ඩුව සමග සිටගත යුතුයි කියන එකයි මගේ අදහස.
- කවීන් කසුරංග
https://www.facebook.com/share/p/196BQH2KNm/?mibextid=wwXIfr

ඩෝබි වැඩක්

 සෑහෙන්න හුඟක් අය අහන දෙයක් තමා ආණ්ඩුව මොනවදමේ අවුරුදු දෙකක් තුල කලේ  කියන එක .  මම ඕක ලන්ඩන් වල NPP සපෝටර් ගෙන් ඇහුව . 

මෙන්න මේවා තමා මට එව්වේ .  තව ඕනෙද කියලත් ඇහුව .  මම කිව්වා දැනට ඇති කියල .  



























ඇනෝ 29/06/2026


චරිත අබේසිංහ වසර හතකට සිරගෙට

 


පසුගිය වසරේ (2010)  මුදල් විශුද්ධිකරණ වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන්, ‘බෑන්ක්සි’ (Banksy) ගේ කලා කෘති ද ඇතුළුව පවුම් 900,000කට ආසන්න මුදලක් රාජසන්තක කර ඇත.

ජුලියා (Juliya) සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන 29 හැවිරිදි චරිත් අබේසිංහගේ සහ 45 හැවිරිදි රිචඩ් වීට්ලි (Richard Wheatley) යන අයට පසුගිය අප්‍රේල් මාසයේදී වසර හතක සිරදඬුවම් නියම විය.

අබේසිංහගේ සන්තකයේ සවුත් වුඩ්ෆර්ඩ් (South Woodford) හි පිහිටි ‘යුනිෆොරෙක්ස්’ (Uniforex) නම් මුදල් සේවා ව්‍යාපාරයක් තිබූ අතර, එමඟින් මත්ද්‍රව්‍ය වැරදිවලින් උපයාගත් මුදල්, ලන්ඩනයේ මාබල් ආර්ච් හි පිහිටි ‘ඉන්ටර්චේන්ජ්’ නම් විදේශ මුදල් තොග වෙළෙන්දාගෙන් ලබාගත් යුරෝ 500 නෝට්ටු බවට පරිවර්තනය කිරීමට පහසුකම් සලසා දී තිබුණි.

වීට්ලි යනු පහළ මට්ටමේ වෘත්තීය පෝකර් ක්‍රීඩකයෙකු වූ අතර, තමාගෙන් ප්‍රශ්න කළහොත් තමන් සතුව විශාල මුදලක් තිබීම සාධාරණීකරණය කිරීමට ඔහු සිය වෘත්තිය භාවිත කළේය.




අබේසිංහගේ උපදෙස් පරිදි, යුනිෆොරෙක්ස් කාර්ය මණ්ඩලය වීට්ලිව ඔහුගේ මෝටර් රථය තුළදී මුණගැසුණු අතර එහිදී මුදල් අඩංගු බෑග් හුවමාරු කර ගන්නා ලදී.

සෑම අවස්ථාවකදීම යුරෝ 500 නෝට්ටුවලට පරිවර්තනය කිරීම සඳහා සාමාන්‍යයෙන් පවුම් 150,000 ක මුදලක් හුවමාරු කරගෙන ඇත.

වසර හතරක විමර්ශනයකින් පසු – ‘ඔපරේෂන් ග්‍රේන්ජ්කෝට්’ (Operation Grangecourt) – ලන්ඩනයේ සවුත්වෝක් ක්‍රවුන්  උසාවියේ විනිසුරුවරයෙකු විසින් මෙම දෙදෙනා සිය වංචාවෙන් උපයාගත් ලාභය පවුම් මිලියන 1.5ක් පමණ වන බව තක්සේරු කළේය.

විනිසුරුවරයා විසින් පවුම් 884,801.70 ක වටිනාකමකින් යුත් මූල්‍ය රාජසන්තක කිරීමේ නියෝග පනවන ලදී.

තනි පුද්ගල ලාභය පවුම් 735,891.00 ක් ලෙස තීරණය කෙරුණු අබේසිංහ වෙත, ශ්‍රී ලංකාවේ ඇති ඉඩම් සහ බැංකු ගිණුම් ද ඇතුළුව පවුම් 161,325.73 ක රාජසන්තක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලදී. එහිදී පවුම් 71,000 කට ආසන්න මුදලක් ද අත්අඩංගුවට ගෙන ඇත.

තනි පුද්ගල ලාභය පවුම් 743,331.84 ක් ලෙස තීරණය කෙරුණු වීට්ලි වෙත, පවුම් 422,300 ක් වටිනා නාගරික කලා කෘති 49 ක් (බහුතරයක් ‘බෑන්ක්සි’ ගේ) ඇතුළුව පවුම් 723,475.97 ක රාජසන්තක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලදී. එහිදී පවුම් 250,000 කට ආසන්න මුදලක් ද අත්අඩංගුවට ගන්නා ලදී.

විශේෂ බුද්ධි අංශයේ පරීක්ෂක ප්‍රධාන පොලිස් අධිකාරී තෙරේසා බ්‍රීන් පැවසුවේ, "සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ අය පසුපස මෙට්‍රොපොලිටන් පොලිසිය දැඩි ලෙස ලුහුබඳින බවත්, ඒ සඳහා කොපමණ කාලයක් ගත වුවද අපරාධවලින් උපයාගත් ඔවුන්ගේ දේපළ අත්පත් කර ගන්නා බවත් මෙම නඩුවෙන් පැහැදිලි වෙනවා." යනුවෙනි.

ලන්ඩනයේ පලවූ ටෙලිග්‍රාප් පුවත්පත (2011) ඇසුරිනි . 

නාගාර්ජුනගේ ‘සිහින යානයක’ නිමාව බිණු නාගාර්ජුනගේ මතකවත - 08

 පළමු ලිපිය  : ‘විසාලා මහනුවර’ උපන්  බිණු නාගාර්ජුන (1)

දෙවන ලිපිය: ආචාර්ය නාගාර්ජුනගේ තොටගමු විහාරය. (2)

ශූන්‍යතා සිහිනයෙන් අවදිවීම- බිණු නාගාර්ජුනගේ මතකවත 03

ඊළාම​යේ සිටි අනුබුද්ධ නාගාර්ජුනගේ බැතිමත්තු..! -බිණු නාගාර්ජුනගේ මතකපොත 04

සිහිනවල සිටි අතුරුදහන්වූ​වෝ-බිණු නාගාර්ජුනගේ මතකවත - 05

ලන්ඩනයේ නාග ගෝත්‍රික​යෝ - බිණු නාගාර්ජුනගේ මතකව​ත - 06

නාගාර්ජුනගේ රජුන් හා නොරජු​න් - බිණු නාගාර්ජුනගේ මතකව​ත - 07


‘අනාරාධයෙන්ම එන්නේ ය. අනාරාධනයෙන්ම යන්නේ ය.’

මේ ප්‍රකට බෞද්ධ ඉගැන්වීම හැම ජීවියෙකුටම අදාලයි. අනුබුද්ධ නාගාර්ජුනයන් වියවුල් වූ මගේ මනස සකසන්න උත්සාහ කරනව.

තරුණවියට පිය නගන විටම බිණු නාගාර්ජුන හොඳටෝම මෙට්‍රපොලිටන නාගරිකයෙක් වෙලයි හිටියේ. එයා හිතුවේ ඒ මොහොත ගැන විතරයි එය සතුටෙන් විනෝදයෙන් ගත කරන්න හැමදෙයක්ම කළේ. එයාට ඕන වුණේ වානිජ කලාව [ Commercial Art] කරන්න. සරසවියේ [UCA – University of Creative Art]ඉගෙන ගත්තේත් එයම. කොළඹ සිටි මගේ මිත්‍රයන් හරහා එයා ප්‍රධාන දැන්වීම් සමාගම් කීපයකම මේ වෙනුවෙන් පුහුණුව ලැබුව. පස්සෙ කැනේඩියානු සමාගමක කලා අධ්‍යක්ෂ [Art Director] කෙනෙක් හැටියට වැඩ කරන්න පටන් ගත්ත. ඒ වන විට පූර්ණකාළීන ලේඛකයෙක් බවට පත් වූ මගේ බොහොමයක් අඩුපාඩු පිරිමැහුවේ බිණු නාගාර්ජුන.

පිළිකා මාරයා එයාගේ ශරීරයට ඇතුල් වී ඇති බව දැන ගත්තේ බොහෝම ප්‍රමාද වෙල. ශක්තිමත් තරුණ සිරුර, රැකියාවේ අවිවේකය නිසා එහි සංකූලතා නොදකින්න ඇති.

“මේ පිලිකාව හැදුනම සනීප කරන්න පුළුවන් පස් දෙනෙකු ගෙන් එක් කෙනෙක් විතරයි. ඒ සනීප කළත් නිරෝගී ජීවිතයක් නැවත ලැබෙන්නේ නෑ. මම මැරෙන්න බය නෑ..!”

එයා වෙනුවෙන් වැලපෙන අපි සැනසුව. ඒ වෙන විට සති තුනක් මම එයා ලඟ. මම බිණූ නාගාර්ජුන මට මඟ හැරුණු කාලයම මගේ ජීවිතයට එකතු කර ගත්ත. එයාගේ ඇඳ ලඟ ඉන්න අතරේ අපි දෙන්න අතරේ තිබුණු බැදීම්, කැඩීම්, මගේ මතකයට ගලා එන්න පටන් ගත්ත. එයා ඉතාම සාමකාමී කෙනෙක්. මගේ පැවැත්මේ සම්පූර්ණ අනික් පැත්ත. කවදාවත් කිසිමකෙනෙක් එක්ක රණ්ඩුසරුවල් වෙන්න ගියේ නෑ.

අපි අතරේ අවසාන ගැටුම ඇති වුණේ එයා දකිමින් සිටි සිහිනයේ අවසන් සතියේ. රෝහලට ඇතුල් කර දවසේ එයට නැවත ප්‍රතිකාර ආරම්භ කරන්න වෛද්‍යවරුන් සුදානම් වූ මොහොතේ අපි දෙන්න රණ්ඩුවක් ඇල්ලුව. එයා තවදුරටත් ප්‍රතිකාර එපා කියල දෙන කැමැත්තට අත්සන් කරන්න සුදානම් වුණා. මම ඒක උදුර ගත්ත. එයා තරහෙන් මෙහෙම කිව්ව.

“ මට මැරෙන්න දෙන්න. මේ වේදනාව මට දරන්න බෑ. මට යන්න දෙන්න.”

මම ඒකට ඉඩ දුන්න.

අනුබුද්ධ නාගාර්ජුන මුලමාධ්‍යමික කාරිකාවේ දී මෙහෙම කියනව

‘යමෙකුට හිස්බව පසක් කල හැකිද,

ඔහුට සියල්ල කළ හැකිය’

අපි දෙන්නම ඒ වන විට ‘හිස්බව’ පසක් කර ගනිමින් හිටියේ. එයා දකිමින් සිටි සිහිනය බොඳ වී යමින් තිබුණේ.

ගෙවුණු අප්‍රියෙල් 01 හැන්දෑවේ රෝහල්ගත කර සිටි බිණූ නාගාර්ජුනගේ හුස්ම ගැනීමේ වේගය වැඩි වුණා. ඒ වන විටත් එයාගේ ශරීරයට අධි මාත්‍රාවලින් ‘මෝෆීන්’ වේදනා නාශකය දින හයක් පුරා ඇතුල් කරමිනුයි තිබුණේ. පිළිකා මාරයා ගිල ගත් එයාගේ ශරීරය හොඳටෝම දුර්වල වෙල තිබුණේ. අධිමාත්‍රා මෝෆීන් නොතිබෙන්න එයාට ඒ වේදනාව දරන්න බැරි වෙනව. මම දැන ගත්ත එයාගේ මේ සිහිනයෙන් යන්න සුදානම් වෙන බව. ඒ වගේම මගේ තවත් දිගැස්සෙන මේ සිහිනයේ එතැන් පටන් එයාගේ මතකය සිහිනයක් වන බව. මම විටින්විට එයාගේ දිව වතුරු බිංදුවලින් පෙඟුව. වේයලී තිබු තොල්වල බාම් ආලේප කලා. අපේ සමුගැනීම එයාට පහසු කරන්න ඊට වඩා දෙයක් තිබුණේ නෑ.

දින කීපයක් පුරා සිහිසුන්ව වේගයෙන් හුස්ම ගනිමින් සිටි බිණූ නාගාර්ජුන අප්‍රියෙල් දෙවෙනි බ්‍රහස්පතින්දාට හිරු නැඟෙද්දී හුස්ම ගැනීමේ වේගය අඩු කළා. පැය භාගයක් විතර සෙමෙන් හුස්ම ගත් එයා එකවරම උස් සුසුමක් පිට කරා. ඒ තමයි එයාගේ අවසාන හුස්ම. අවුරුදු 35වත් සම්පූර්ණ නොකරපු අපිත් සමඟ ගෙවූ එයාගේ ‘සිහින යානය’ අවසන් වුණේ ගෙවුණු එදින 02 අලුයම 5.00 පසු වී විනාඩි 8 ගෙවෙද්දී. එයා මේ ලෝකෙන් පිටවෙන්න අවසන් හුස්ම ගන්නා වෙලාවේ මම එයාගේ අත අල්ලගෙන හිටියේ.

දැන් එයාට කිසිම දෙයක් ඇහෙන්නේ දැනෙන්නේ නැති බව දැන දැනත් මම මෙහෙම කිව්ව.

“ බිණූ නාගාර්ජුන, මගේ හීනය කෙලවර වෙන්න කලින් මට තව පොත් හත අටක් ලියන්න තියෙනව. ඒක, මම, මටම බාර කරපු බරපතල වගකීමක්. ඔයා යන එක හොඳයි. ඔයා ඉපදෙන කොට තිබුණු ලෝකය එහෙම පිටින්ම වෙනස් කරන්න අපට බැරි වුණා. මේ එන යුද්ධය මොන වගේ වේද මම දන්නේ නෑ. ඉතාම සාමකාමී අහිංසක මනුෂ්‍යයෙකු වූ ඔයා, ඒක නොදකින එක වඩා හොඳ දෙයක්. ඉතින් බිණු නාගාර්ජුන කුමාරයානෙනි, අපි තවත් නපුරු හීනයක නෙවෙයි ලස්සන හීනයක හමුවෙමු.”

එයා සදාකාලික සුසුමක් හැටියට මගේ හීන යානයට ඇතුල් වුණා.

එතැන් පටන් අපි සමඟ දුටු සිහිනය අවසන් කරල එයා සති තුනක්ම හිටියේ ශීත කාඹරය. එයාගේ අම්ම කිව්ව

“අනේ මගේ පුතා හීතලේ ඇත්තේ. එයාට සීතල දරන්න බෑ. අනේ, කොහොම ඉන්නවද දන්නේ නෑ..!”

ශූන්‍යත්වයට පත් වූ එයාට උණුසුම - සීතල නොදැනෙන බව මම කියන්න ගියේ නෑ.

අපි අද භවස [20/04/26] බිණූ නාගාර්ජුන, හැන්වර්ත් [Hanworth] අදාහනාගාරයේ දී ශූන්‍යත්වය පත් කරනව. ඊට පෙර අපි මහායානිකයන්ගේ අති පුරාණ චාරිත්‍රයක් ඉටු කරනව.

‘සීහළවත්ථු’ [අති පුරාණ සිංහල බණ කතා] අනුව අනුරාධපුර යුගයේ මහා සාගත [බැමිණිටියා සාය] පවතින කාලවල මිනිස්සු දකුණු ඉන්දියාවට මාරු වෙනව. එහෙම යන උදවිය හුදකලාව කාංසිය නැති කරගන්න හැන්දෑවල රැස් වෙල උපන් රටේ යට ගියාව සිහිකරනව. අපිත් එයා ශූන්‍යත්වයට පත් කිරීමට එයාගේ මතකයන් සිහිකර පැරණි සිරිත වර්තමානයට ගේනව.

එයා ශූන්‍යත්වයට පත් වෙන්නේ නාග ගෝත්‍රික මුතුන්මිත්තන් ශූන්‍යත්වයට පත් නොවූ ආගන්තුක රටක දී. ආගන්තුක නගරයක දී. එහෙම වුණත් එයා, මා දකින මේ සිහිනය අවසන් වෙන තාක් ඒ තුල ඉදිවී. පාලුවට යමින් තිබෙන මගේ සිහිනය පුරාම වෙනදා වගේම හිස වනමින් සිනාසෙමින් ප්‍රිය තෙපුල් තෙපලාවි.

ඉතින්, ‘බිණු නාගාර්ජුනගේ මතකවත’ මෙතැනින් සමාප්ථයි. කිය වූ, නොකිය වූ ඔබ සැම දකින සිහිනය සුබම සුබ සිහිනයක් වේවා. එයා ශූන්‍යතාවයට පත්වීම සිහි කළ හැමම සුවපත් වේවා.

සමාප්තයි.

නන්දන වීරරත්න

20/04/ 26


මා මෙය නැවත නැවතත්  පල කිරීමට හේතුව වන්නේ  රාජකීය විද්‍යාලයෙන් 1983 දී අධ්‍යන පොදු සහතික උසස් පෙළ විභාගය  කර සිටි සංක්‍රාන්ති සමයේ, මගේ පොත් කියැවීමේ දැඩි රුචිය නිසාම  පොලිස් පුස්තකාලයේත්, දහම් පාසල් පුස්තකාලයේත් පොත් කියවා  නිමා කර මහජන පුස්තකාලයේ පොත් කියවීම ඇරඹු කාලයේ නන්දන වීරරත්න     1984 දී නිර්මාණ සංවාද කුලකය නමින් සංවාද සමාජයක් පුස්තකාලයේ ඇරඹීමයි .  මගේ ජිවිතයේ බොහෝ වෙනස් කම් සිදුවීමට හේතු වූයේද ඒ කාලයයි .  ඉන් වසර 24 කට පමණ පසු ලන්ඩනයේදී හමුවන විට අප දෙදෙනාම සාකච්චා කලේ අභයගිරි මහා විහාරය හා මහායාන බුද්ධාගම තිබුනේ නම් ශ්‍රී ලංකාව අද කොතැනද යන්නයි. ඒ වනවිට අප දෙදෙනාම මහායානිකයන් බව වටහාගතිමු .  

එසේම බොහෝ අය , ඔහු (නන්දන )  ඔහුගේ ලිපි තුලින් මිනිසුන්ට විරුද්ධව වෛරය වැපිරවීම නිසා  ඔහුගේ පුතා අඩු වයසින් මිය ගිය බවට කරන අවලාදයි. ඔහුගේ පුතා මරණය වැළඳ ගත්තේ දැඩි සතුටකිනි .  පර්යේෂණාත්මක මාධ්‍යවේදියෙකු ලෙස නන්දන කරන්නේ සත්‍ය පැවසීම පමණකි .  ඔහුට දැඩි ලෙස අවාසිදායක වුවද ඔහු එය අත් හැරියේ නැත .       

කොළඹ ගමයා 

නාගාර්ජුනගේ රජුන් හා නොරජු​න් - බිණු නාගාර්ජුනගේ මතකව​ත - 07

පළමු ලිපිය  : ‘විසාලා මහනුවර’ උපන්  බිණු නාගාර්ජුන (1)

දෙවන ලිපිය: ආචාර්ය නාගාර්ජුනගේ තොටගමු විහාරය. (2)

ශූන්‍යතා සිහිනයෙන් අවදිවීම- බිණු නාගාර්ජුනගේ මතකවත 03

ඊළාම​යේ සිටි අනුබුද්ධ නාගාර්ජුනගේ බැතිමත්තු..! -බිණු නාගාර්ජුනගේ මතකපොත 04

සිහිනවල සිටි අතුරුදහන්වූ​වෝ-බිණු නාගාර්ජුනගේ මතකවත - 05

ලන්ඩනයේ නාග ගෝත්‍රික​යෝ - බිණු නාගාර්ජුනගේ මතකව​ත - 06




මෙ රජ් හී නොබෝසත්තු නොරජ් වෙත්වැයි’

පැරණි සෙල්ලිපිවල මේ වග කොටලම තියෙනව. අනුබුදු නාගාරජුනගේ බෝ​ධි සත්ව සංකල්පය අපුරුම එකක්. නූතනත්වයටයි එය වඩාත් ගැලපෙන්නේ. ඒ අනුව හීනයානයේ ව​ගේ තනිවම බුදු වෙන්න බෑ. බෝධි සත්වයෙන් නිර්වාණයට යන්නේ සියළුම සත්වයන් සසරින් එගොඩ කළාට පස්සේ. ම​ට හිතන්නේ අපිට සෞභාග්‍යමත් යුගයක් තිබුණේ අනුරාධපුර යුගයේ මහායානය බලවත් වූ සියවස්වලයි. නාගාර්ජුනයන්ගේ ප්‍රධාන ගෝලයෙකු වූ ආර්යදේව ලාංකික භි​ක්ෂුවක්. චීනයට බුදුදහම් ගෙන ගිය බෝධි ගුප්ත ලංකාවෙන් ගිය බවට විශ්වාසයක් තියෙනව. මේ සියල්ලම වුණේ 3 – 7 සියවස් ඇතුලේ.

අවුරුදු 5 ගෙවෙද්දී මට ආපහු ලංකාවට යන්න ඕන වුණා. බෝධි සත්වයෙක් වගේ කෙනෙක් රජ [ජනාධිපති] කරවීම ගැන හිතමින්. රට දියුණු කළායින් පසු තමන් ගැන හිතන දේශපාලන නායකත්වයක් මට ඕන වුණේ. තක්කඩි දේශපාලන පැලැන්තියක් හා ආත්මාර්ථයට යට කෙරෙන ථෙරවාදය[හීනයානය] අපේ රට විනාශ කළ බවයි මගේ තවමත් විශ්වාසය.

ආචාර්ය නාගාර්ජුනයන්ට ඒ නම එන්න ඇත්තේ මහාභාරතයේ වීරයා වූ අර්ජුනගේ ප්‍රතිවීරයා හැටියට. ඒ නමේ අර්ථය ගත්තම ඔහු තමා නාග ගෝත්‍රිකයන්ගේ වීරයා. එනම් නාගයන්ගේ අර්ජුනයා. සියළුම සතුරන් මතවාදීව පරදවන විරයා වෙන්නේ අනුබුද්ධ නාගාර්ජුන. එයා මෙහෙම කියනව.

‘සියලුම ආඥාවාදී​හූ [pragmatists]ශුන්‍යතා​වේ සිංහ ගර්ජනාවෙන් බිය​ට පත් වෙ​ති. ඔවුන් කොතැනක ජීවත් වුවද ශුන්‍යතා [emptiness] එ​හි සැඟවී සිටී..!

අනුබුද්ධ නාගාර්ජුන

ඒ වෙන කොට මට බීබීසීයේ රස්සාව​ත්ලන්ඩනයේ ජීවිතය​ත් දෙකම එපා වෙලා. දාල යන්න බැරි දෙයක් තිබුණේ ලන්ඩනයේ පුස්තකාල. බ්‍රීතාන්‍ය පුස්තකාලය ඇතුළු හැම තැනකම තියෙන පුස්තාතකාල මානව වර්ගයාගේ මහඟු ජයග්‍රහනයක්. ඒ අතරේ ඇතිවු ගැටු​ම් නිසා 2000 මැද දී මම බීබීසියෙන් දොට්ට දැම්ම. අදටත් බීබීසී ඉතිහාසයේ රැකියාවෙන් නෙරපූ අතලොසසෙන් කෙනෙක් මම. මට ඒ ආඩම්බරය දැණුනා. මම එළියට දා​පු අය හිතුවේ මම පරණ යටත් විජිත හාම්පුතාගේ රටේ දුෂ්කර කම්කරු ජීවිතයකට යවන්න. මම මාස කීපයක් ටැක්සි එලෙව්ව ලංකාවට එන්න සල්ලි සොයා ගන්න. පෙර රැකියාවේ ලැබුණු තරම් ආධායම් නොලැබුණත් ගෙදර කාඹර කුලියට දීමෙන් බිණූ නාගාර්ජුනටයි එයාගේ අම්මටයි කරදරයක් නැතුව ජීවත්වෙන්න පුළුවන් බව මම දැන සිටියා.

“ඔයාල මේ රටේ ඉන්න. මේ රටේ පුරවැසිකම ගන්න. මම කනාටු සිංහය ඉන්න පොතෙන් ආපහු ආපු විදිහටම යනව. මට එහේ කරන්න වැඩ ගොඩක් තියෙනව.”

මම ඒ දෙන්නට කීව. ඒ දෙන්න අකමැත්තෙන් නමුත් එකඟ වුණා.

මට ඕන වුණේ වාර්තා චිත්‍රපටි හදන්න. ආයේත් රට පුරා ඇවිදිමින් ලියන්න. වෙනුවෙන් එහෙන් ගෙනාපු ඩබල් කැබ් එක බදු ගෙවා ගන්න බැරුව රේගුවට සින්න වුණා. පත්තරේ ගැන කරපු විවේචන නිසා මට රාවයෙ දොර​ත් වැහුණ. ඒ වෙන කොට ගණනාථ් [මහා. ඔබේසේකර] ‘ වැද්දො’ ගැන පර්යේෂනය පටන් අරන්. එයා දයා සිසිරත් [හේවාගම] එකතු කර ගෙන. මමත් මට බාර දීපු කොටස් කළා.

මට දිගු කලක පටන් හීනයක් තිබුණ සමූළ ඝාතන ගම්මානවලට කැමරා අරගෙන ගිහින් ජිවත් වෙන උදවියේ කතා එකතුවක් ඉතිහාසයට යවන්න. මම ආපහු ලංකාවට ආවේ ඒ වගේ වැඩ කරන්න. ඒත් වැඩේ වැරදුණා. ඒ අතරේ 2002 චන්දය කිට්ටුව යෝජනාවක් ආව, ජාතික රූපවාහිණියට එහෙම වැඩසටහන් පෙළක් කරල දෙන්න. මම දැන ගත්ත චන්ද්රිකාගේ පොදු පෙරමුණ දිනවන්න ඒව යොදා ගැනෙන බව්ක. ඒත් මට ඕන වුණේ ඒ මිනිස්සු මැරෙන්න කළින් ඒව එකතු කරල තියන්න.

‘ගමක මතකය’ නමින් ජාතික රූපවාහිණිය වැඩසටහන් 12 හැදුව. ඒව හදන්න ගිහින් වෙච්චි දේවල් ගැන පොතක් ලියන්න පුළුවණි. එකක් විතර​ක් ලියන්න ඕන.

අපි ඊට කළින් රාවයට ලියපු ගලගෙදර කිට්ටුව කන්දක් උඩ ගමකට ගියා. මම ට්‍රයිපෝට්ටුව කර ගහ ගෙන ගියේ. එක අම්මෙක් මඟෙන් ඇහුව...

“මහත්තය අද කොයි ඉඩමද මනින්න යන්නනේ...!”

ගමේ මරපු මුළු ගාන 50කට කිට්ටුයි. ගමට ඇතුළු වෙන කොට ගමේ චන්ඩිය ආවා. එයාගේ ගමේ ගෝනි බිල්ලා වූ ග්‍රාමසේවක පස්සෙ කාළේ මරල ඇප පිට ඇවිත් හිටියේ.

“මේ ගමේ මොකුත් කරන්න දෙන්න බෑ. ඕව දේශපාලන වැඩ”

මිනිහ බරපතල තර්ජනයක් දැම්ම. මමත් ඇරියෙ නෑ.

ඔයා දන්නව ද, මහා වංශය ? ඒක ලියන්න පටන් ගත්තු කෙනා දන්නවද?

මිනිහට තද වුණා.

“..මම දන්න වංසයක් නෑ. මහානාමයෙකුත් නෑ අපේ දේව වංසේ ගැන නම් දන්නව.. ඒත් මේ ගමේ මොකුත් කරන්න ​බෑ”

“යාළුව, මහානාම හාමුදුරුවෝ මහාවංශය ලියන්න ගත්තේ ඒයාගේ බෑණ ධාතුසේන රජ කරවල. එහෙමයි වැඩ වෙන්නේ. මේ තියෙන ආණ්ඩුව නොඑන්න මේ කැඹරාව මේ ගමට එන්නේ නෑ. අපිට එන්න විදිහකුත් නෑ. ඉන්න රැජිණ කැමතියි නිසයි මෙහේට මේව ගේන්න පුළුවන් වුණේ. ආයේ කවදා ඒව කරන්න ලැබේද දන්නේ නෑ”

මිනිහ අන්තිමේ එදා දවාලට අපිට කන්නත් ලෑස්ති කරා. ඒත් 2002 චන්දෙ දී ‘ගමක මතකය’ රූපවාහිණිය පට්ට ගැහුව. චන්දෙන් දිනාපු රනිල් වික්‍රමසිංහගේ ගෝලබාල​යො ඒ කැසට් ඔක්කොම පුච්චපු බව පස්සෙ ආරංචි වුණා.

ඒයා හුදකලා ළමයෙක් වී නව යොවුන් වියට පිය නඟමින් සිටියා. වසරකට වතාවක් එයත් ලංකාවටත් ආවා. විශේෂයෙන් මම ‘විනිශ්චය සොයා’ [In Search of Justice] 2007 හා උමතු පාරාදීසිය [Lunatic Hevan] වාර්තා චිත්‍රපට හදන විට මාත් එක්ක හරිහරියට වැඩ කළා.

නන්දන වීරරත්න

17/04/26

මතු සම්බන්ධ​යි

නාග ගෝත්‍රිකයෙ​ක් 



ලන්ඩනයේ නාග ගෝත්‍රික​යෝ - බිණු නාගාර්ජුනගේ මතකව​ත - 06

  පළමු ලිපිය  : ‘විසාලා මහනුවර’ උපන්  බිණු නාගාර්ජුන (1)

දෙවන ලිපිය: ආචාර්ය නාගාර්ජුනගේ තොටගමු විහාරය. (2)

ශූන්‍යතා සිහිනයෙන් අවදිවීම- බිණු නාගාර්ජුනගේ මතකවත 03

ඊළාම​යේ සිටි අනුබුද්ධ නාගාර්ජුනගේ බැතිමත්තු..! -බිණු නාගාර්ජුනගේ මතකපොත 04

සිහිනවල සිටි අතුරුදහන්වූ​වෝ-බිණු නාගාර්ජුනගේ මතකවත - 05

බටලන්ද වධකාරය හොයන්න ගියේ 1994 අග. එයත් හරියටම ​‘ලංකා භූමියේ ඉන්දියානු යුධ අපරාධ 1987 – 1990’ හා ‘පුලස්තිනී රාජේන්ද්ර - ඉන්දියානු ඔත්තුකාරි​ය’ ලීව වගේ වැඩක්. ඕනෑම මොහොතක අනික් පැත්තට පත්තු වෙන බව දැන සිටියා. ආණ්ඩු​ව මාරු වී තිබුණත් රනිල් වික්‍රමසිංහගේ පොලිස් මැර නායකයාට ඒ වන විටත් බලය තිබුණ. අපි හිටපු තනි කාඹරේ කුලී නිවසට මහ රෑක ඩග්ලස් පීරිස්ගේ මැරයො ආව. මම කොහොමත් එහෙම වැඩක් කළාම ටික දවසක් මඟ ඇරල ඉන්නේ. පැමිණිල්ල කරන්න තිබුණේ පැලියගොඩ පොලීසියට. පැමිණිල්ල බාර ගත්තේ අයි. පී. වික්‍රමසිංහ. එයත් බටලන්දේ කොටස්කාරයෙක්. මම කට්ටි පැන්නත් බිණූ නාගාර්ජුන හා එයාගේ අම්මගේ ආරක්ෂාව ගැන ලොකු බයක් තිබුණ.

මේ අතරවාරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ගවේෂනාත්මක ජනමාධ්‍යකරුව​න්​ගේ ආයතන​යේ[ Investigative Journalist Inc – USA] සමුළුවකට යන්නත් එහි ජනමාධ්‍ය ආයතනවලට යන්නත් නම් කෙරුණ. මේ දෙකම සිද්ධ වුණේ ලඟ ලඟ. මගේ ගෙදරට කඩා පැනීම ‘ඇමරිකාවට ගොස් දේශපාලන රැකවරණ පැතීමට’ උපායක් බව රාවයේ ඕපදූපයක් වුණා. කොහොම වුණත් එක්සත් ජනපදයට යන අතරේ ලන්ඩනයට බැස්සේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය හා පුස්තකාලය බලන්න. ඒ අතරේ ​බී.බී.සී සිංහල අංශයට ගියාම අවුරුදු 2 එහි වැඩ කරන්න ආරාධනයක් ලැබුණ. ඊට කලින් මම ‘සංදේශයේ’ තාවකාලික වාර්තාකරුවෙකුව සිටීම මේ ඇරයුමට මුල් වුණා.

මම බිණූ නාගාර්ජුනට ලන්ඩන් රස්සාවට එන කොටම කිව්ව

“අවුරුදු දෙකක් වැඩ කරල මම සල්ලි සොයා ගෙන එන්නම් ගෙයක් ගන්​න”

මම රස්සාවට ඇවිත් මාස 4 යද්දි එයා අඬන්න ගත්ත එයාටත් එන්න ඕන කියල. 1995 ශීත ඍතුවට හිම වැටෙන්න ගත්තු දෙසැ​ම්බරයේ මුළ එයා අම්මත් එක්ක ලන්ඩනයට ආවා. එතකොට එයාට අවුරුදු 5 පැනල. එයාට මේ මහා නගරයයේ ජීවිතය පෙණුනේ, ‘හීනයක් ඇතුලෙ හීනයක් දකිනව වගේ’ එයා වේගයෙන් මෙට්‍රෝපොලිටනයට හැඩ ගැහුණ. එතකොටම වින්ඩෝස් [Widows] ආව. කාලයත් එක්ක මම ඇනලොගයෙක් හැටියට දන ගාද්දි එය ඩිජිටලයෙක් වේල දුවන්න ගත්ත. අන්තිමට එයා මට අත දුන්න ඩිජිටලයෙක් හැටියට නැඟිටින්න.

එතකොට බිණු නාගාර්ජුනගේ වයස අවුරුදු 9ක් විතර ඇති. එයා ඉස්කෝලේ ඇරිල ඇවිත් මුණ බැරෑරුම් කරගෙන බරපතල ප්‍රශ්නයක් ඇහුව.

“ තාත්තේ, අපි සිංහල ද, දෙමළ ද? අපේ රටේ යුද්ධයක් තියෙන්නේ ඇයි?

එයා ගිය හවුන්ස්ලෝ හීත්ලන්ඩ් පාසලේ විවිධ ජනවර්ගවල ​ළමයි හිටිය. වැඩිපුම හිටියේ දකුණු ආසියාවේ ළ​මයි. එතකොට ඊළාම් යුද්ධය උත්සන්න වෙල. ක්‍රිකට් තරගවල ලකුණු කියනව වගේ අපි, දෙපැත්තේම මැරෙන ගණන් ප්‍රවෘත්තිවලට කීවේ.

“ අපි සිංහලත් නෙවෙයි දෙමළත් නෙවෙයි. එහේ යුද්ධ කර ගන්නේ පස්සේ කාලෙක ඉන්දියාවෙන් ආපු සිංහල හා දෙමළ උදවිය. ඒක ඉඩම් නඩුවක් යුද්ධයක් බවට පත් වෙල. අපි ලංකාවේ බටහිර වෙරළෙන් එන නාග ගෝත්‍රිකයො. බුද්ධ කාලේ ඉඳලම නාග රජවරු හිටිය. අපිට පස්සේ සිංහලයෝ, බෞද්ධ වුණේ. බටහිර ඉන්දියාවෙන් ආපු රාජකීය හොරු රැලක් ඇවිත් රට අල්ල ගත්ත. නාග ගෝත්‍රිකයන්ට වුණේ ඇමෙරිකාවේ ජීවත්වුණු රතු ඉන්දියානුවන්ට වෙච්චි දේමයි. අපි සිංහලයන්ගේ සංස්කෘතික විජිතකරණයට යටත් වුණා. අපේ ‘ලිංගුවා ෆ්‍රැන්කා​ව’ ඒ බාසාව බවට පත් වුණා. තාමත් එක මුල් පදිංචිකාර ගෝත්‍රයක් ඉන්නව. ඒ වැද්දෝ ....!

එයා ඊට පස්සේ ඉස්කෝලෙදි යාළුවන්ට එයා ලංකාවෙන් එන නාග ගෝත්‍රිකයෙක් බව කීව ද මම දන්නේ නෑ. හැබයි එයාටත් ම​ට වගේම කොණ්ඩේ බදින්න තිබුණු ආසාව​ඉෂ්ඨ වුණා. ඉස්කෝලෙන් අවසර ලැබුණ කොණ්ඩේ වවන්න.

මම එයත් අරගෙන අවට තියෙන නේපාල, තායි හා බුරුම පංසල්වලට ගියා.

පස්සේ අපි ජීවත් වූ හවුන්ස්ලෝ නගරයේ පංසලකුත් පටන් ගත්ත. පංසල බාරව හිටපු භික්ෂුව, උපාසකම්ම කෙනෙක් අරන් පැදුරටත් නොකි​යා ගිහිගෙට ගියා. පංසල වහල දැම්ම. එයාගේ නමට නාගාර්ජුන තිබුණට එයා කිව්ව

“තත්තා, මම බෞද්ධයෙක් වෙන්නේ පැවැත්මෙන් විතරයි.”

එයා ඒ අනුව ජීවිතේ හැඩගසා ගත්ත. මේ අතරේ මගේ බීබීසී රස්සාවේ ආයුෂ අඩුවෙමින් තිබෙන බව මට දැනෙන්න ගත්ත. බොහෝ දේ මතවාදී ගැටුම්. මම ආපහු ගමට රට බලා යන්න හිත හදාගනිමින් සිටි​යෙ

නන්දන වීරරත්න

17/04/26

මතු සම්බන්ධ​යි


අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් වැඩි කිරීම

ආණ්ඩුව අධිකරණ විනිසුරුවන්ගේ විශ් ‍ රාම වයස අවුරුදු දෙකකින් වැඩි කිරීමට ගෙන ඒමට නියමිත ව් ‍ යවස්ථා සංශෝධනයට යම් කිසි විරෝධයක් මේවන විට රට තු...