Skip to main content

ලන්ඩනයේ ජවිපෙ හැට විය සමරයි


සැල්වදෝර් අලියන්දේ ගේ චිලි යේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රජය පැවතියේ වසර තුනකටත් අඩු කාලයකි .  අලියන්දේ මාක්ස්වාදියෙකු වුවද ඔහු පිහිටවූයේ (populist)  ජනප්‍රිය එක්සත් රජයකි .  එම රජය මෙහෙයවන ලද්දේ  චිලියන් කොමියුනිස්ට් පක්ෂය, රැඩිකල් පක්ෂය , සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආදී වශයෙන් වාමාංශික පක්ෂ කිහිපයක් එක්වුණු එක්සත් පෙරමුණකිනි. එක්සත් ජනපදය හා දක්ෂිණාංශික කණ්ඩායම් ඔවුන් සමාජවාදයට රට ගෙනයතියි  චෝදනා කල අතර චිලී රජයට විරුද්ධව සම්බාධක පැනවීය. ආර්ථික දුෂ්කරතා  වැඩි වුන අතර උද්ධමනය ඉහල ගියේය .  රජයේ විවිධ පක්ෂ අතර අසමගියක් වර්ධනය වුනි .  ඉන්පසු සීඅයිඒ සංවිධානය දියත් කල කුමන්ත්‍රණයකින් අලියන්දේ ගේ ලතින් ඇමෙරිකාවේ ප්‍රථම වාමාංශික  රජය පෙරලා දැමුණි .   ජෙනරල් පිනෝචේ ප්‍රමුඛ  හමුදාව බලය පැහැර ගත්තේය .     

අලියන්දේ ගේ රජය මාක්ස්වාදී රජයක් නොවුණු අතර එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරුපයක් ගත් එකකි .  නමුත් එහි සහායක පක්ෂ අතර සෝවියට් සබඳතා තිබූ  කොමියුනිස්ට් පක්ෂයද විය .  එනිසා අලියන්දේ රජය මැතිවරණ අකුලා දමන බවට බොරුවක් සමාජගත කරන්නටද විරුද්ධ වාදීන්ට හැකිවිය . 

 1917 ජුනි 17  වනදා ප්‍රථම සමස්ත සෝවියට් කොන්ග්‍රස රැස්වීමේදී තවකාලික කෙරෙන්ස්කි රජයේ අමාත්‍යවරයෙකු , මේ අතිශය අමාරු අවස්ථාවේ රටේ පාලනය භාර ගන්නට පක්ෂයක් තිබේ දැයි විමසුවේය .   ලෙනින් එයට පිළිතුරු වශයෙන් "එවැනි පක්ෂයක් තිබේ" යයි පැවසීය. පසුවදා එම සිද්ධිය ගැන ප්‍රකාශයක් කරමින්  ප්‍රබල විනයක් සහිත බෝල්ෂෙවික් පක්ෂය රාජ්‍ය බලය ගැනීමට සූදානම් බව ප්‍රකාශ  කළේය. බොහෝ අය උසුළු විසුළු කළද , එම අවුරුද්දේ ඔක්තෝබරයේ රාජ්‍ය බලය පවරා  ගත්තේ බෝල්ෂෙවික් පක්ෂය සහ වාමාංශික සමාජවාදී විප්ලවවාදී පක්ෂයේ එකමුතුවයි .  පසුව මේ පක්ෂ දෙක එකතුව සෝවියට් කොමියුනිස්ට් පක්ෂය පිහිටුවන ලදී .  එයින් වෙනත් පක්ෂ හා කණ්ඩායම් අතර අසමගිකම් ඇතිවීම වලක්වන ලදී .  (Source: Lenin Collected Works, Progress Publishers, 1977, Moscow, Volume 25, pages 15-42.)

ජනතා  විමුක්ති පෙරමුණ පිහිටුවන ලද්දේ 1965 මැයි 14 වනදාය. රෝහණ විජේවීර සහ තවත් කිහිප දෙනෙකු විසින් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ගොඩ නගන ලද පක්ෂය,  වෙල්ලස්සේ කැරැල්ලෙන් පසු ප්‍රථම වතාවට රැජිනගේ ආණ්ඩුවට විරුද්ධව ලංකාවේ  කැරැල්ලක් දියත් කරන්නේ 1971 දීය. එසේ කරන්නේද හැට ගණන් වල අග භාගයේ සිට අත් අඩංගුවට ගැනීම් සහ වෙනත් නොයෙකුත් මර්දනය කිරීම් වලට  පිළිතුරක් ලෙසය .  මේවා දයලෙක්තිකවාදී ලෙස අප තේරුම් ගත යුතුය. මර්දනයක් ගෙන එන විට ඒ සඳහා ප්‍රතිවිරෝධයක් පැන නැගීම ස්වභාවිකව ඕනෑම අවස්ථාවක සිදුවේ .  මින් අනතුරුව රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු කණ්ඩායමක් පක්ෂය නැවතත් බලවත් ලෙස  ගොඩ නගන ලද්දේ සිර දඬුවම්  විඳිමින් හා ඉනික්බිතිව 1978 දී නිදහස ලැබීමෙන් අනතුරුවය.  තනි පක්ෂයක් ලෙස දේශපාලනයේ යෙදෙන ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති මැතිවරණයට රෝහණ  සහෝදරයා ඉදිරිපත් කරන්නේය .  ඉන්පසු පවත්වන ලද  අසාධාරණ ජනමත විචාරණයට විරුද්ධව ජනතාව හසුරුවන්නේය . 


ජාතිවාදී කණ්ඩායම් විසින් අවුළුවන ලද 1983 ජාතිවාදී  කෝලාහල ඇති කරන ලදැයි බොරු චෝදනා නගා  ඉතා අසාධාරණ ලෙස  පක්ෂය පැවති ආණ්ඩුව විසින් තහනම් කරන්නේය .  යටිබිම්ගත වන පක්ෂය ඉතා අසීරුකම් මධ්‍යයේ ක්‍රියාත්මක වුවද පැවැති දැඩි පීඩනය හමුවේ අවි අතට ගන්නේ රජයට එරෙහිවය. එම දයලෙක්තිකවාදී  ප්‍රතිවිරෝධය විසින් අවුළුවන ලදුව  රට පුරා සිවිල් යුද්ධයක් පැතිර ගිය අතර ජනතා විමුක්ති පෙරමුණේ ඉහල නායකත්වය මෙන්ම අති විශාල සාමාජික සංඛ්‍යාවක් මරා දමා පීඩකයන් විසින් පක්ෂය විනාශ කරන ලදී.

බොහෝ අයට වරදින්නේ මෙතනදීය.  පක්ෂය විනාශ කල නොහැකිය . ජනතා විමුක්ති පෙරමුණ යනු සාමූහික සවිඥානයක ප්‍රතිඵලයකි .  එය පිහිටුවන වන ලද්දේ පීඩිත පන්තියේ නියෝජනයක් ලෙස ඔවුන් උදෙසාය .  එහි නිර්මාතෘන් වූ රෝහණ සහෝදරයා ඇතුළු පිරිස මිය ගියද එවැනි පක්ෂයක් මිය යන්නේ නැත. 1994 සිට පක්ෂය නැවත ගොඩ නැගෙන්නේ පන්ති පහට සහභාගී වූවන්ගෙන් පමණක් නොවේ .  ප්‍රභුත්වයට හා පීඩක පන්තියට විරුද්ධව නැගෙන ජන විඥානය තුල පක්ෂය  සක්‍රියව සැඟව පැවතෙමින්  අවස්ථාව ලද විගස ෆීනික්ස් පක්ෂියා මෙන් අළු ගසා දමා  නැගී සිටින්නේය.  ඉන්පසු වසර 2025 දී අනුර කුමාර දිසානායක සහ ටිල්වින් සිල්වා ප්‍රමුඛ ජවිපෙ නායකත්වය මෙහෙයවන ජාතික ජන බලවේගය බලය ලබා ගන්නේ මේ සාමුහිකත්ව සවිඥාන බලය තුලිනි. 

ජාතික ජන බලවේගය යනු තනි පක්ෂයක් වටා ගොඩ නැගෙන ජන බලයකි .  එහි තුල  ප්‍රශ්න තිබුනද ජනතාවට හා සමාජයට එය ඒකාබද්ධ බලවේගයකි. එයින් බිඳී ගිය අවස්ථා කිහිපයක්ද ඇත්තේය. එහෙත්   මේ රජය වනාහි ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ප්‍රභූ පන්තිය පරාජය කොට බලයට පත් වූවකි. එයට විරුද්ධ වාදීන් බොහෝය .  පාලක ප්‍රභූ සමාජයට කත් අදින නිලධාරී පැලැන්තිය ,  ප්‍රභූන් විසන් මෙහෙයවන පාතාලය, ඔවුන් ගේ විදේශ සම්බන්ධතා ජාලය , ඔවුන් සතු මාධ්‍ය ජාලය , මේ සියල්ල ළඳරු ජාතික  ජන බලවේග ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක  වන්නේය .  ඒ සියලු  කුමන්ත්‍රණ පැරදවීමට ශක්තිමත් පක්ෂ යාන්ත්‍රණයක් අත්‍යවශ්‍ය දෙයකි .  අලියන්දේ ට සහ ඔහුගේ රජයට සිදුවූ දේ මගින් අපට ඓතිහාසික අත්දැකීමක් කියාදෙයි .  ලෙනින් ගේ වෙළුම් කියවන්නෙකුට ඔහු මේ අනතුර හඳුනා ගත් බවත් එසේම බලය හැසිරුවිම පිළිබඳව මනා  අවබෝධයකින් සිටි බවත් පෙනෙයි. ඒවා හැදෑරීම අදටද වැදගත් වන්නේ එබැවිනි . 

ඒ හැදෑරීම සහිත පක්ෂයක් තිබේ .   හැට විය පිරෙන්නේ මේ බාධක මැදින් නොබියව, නොසැලී ඉදිරියට ආ පක්ෂයකටය. ජනතා විමුක්ති පෙරමුණටය .  පක්ෂය ඉතිහාසය තුල ලන්ඩන් වල පක්ෂ හිතවතුන් ගෙන් ලැබුණු සහය වටනේය. විජේවීර,  සෝමවංශ සමයේ  සිට අනුර දිසානායක දක්වා නයුවන්ට ඒ සහය නොවෙනස් ව ලැබුනේය .   ඒ ඉතිහාසය සමරමින් දර්ශන හෙට්ටිආරච්චි  සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ හැට  විය සමරන්නේ පසුගිය මැයි 31 වනදාය .   සැමරුම අමතමින් ටිල්වින් සිල්වා සහෝදරයාද දර්ශන හෙට්ටි ආරච්චි  සහෝදරයාද සිය කථනයන් ගෙන් මතු කරන ලද්දේ ශ්‍රී ලංකාවේ  ප්‍රභූ පන්තිය පෙරලා දමා   ප්‍රථම වරට නිර්ප්‍රභූ ජනතාව , පිඩිත පන්තිය බලය ලබා ගත්  බවය .  නමුත්  ප්‍රභූ පන්තිය තම බලය ලෙහෙසින් හැර දමා  යන්නේ නැත.  ඔවුන් නොයෙක් බොරු වපුරනු ඇත . නොයෙකුත් කුමන්ත්‍රණ  කරනු ඇත .  අවලාද නගනු ඇත .    සුළු  වැරැද්දක්  පවා මහා මෙරක් සේ උපුටා දක්වනු ඇත .  මෙයින් පක්ෂයේ  අය අතින් හෝ රජයේ මැති  ඇමති සාමාජිකයන් ගෙන් වැරදි සිදු නොවන බවක් අදහස් නොවේ .  වැරදි සිදු නොවී රජයක් ගෙන යාම අපහසුය ,  ඒවා නිවැරදී කර ගනිමින් ඉදිරියට යා යුතුය .  එහෙත් කුමන්ත්‍රණ වලට හසු නොවී අවලාද වල ට හසු නොවී පීඩකයාට  බිය නොවී බොරු වලවල් වල නොවැටී මේ ගමන යා යුතුය.

ලන්ඩනයේ කැටපත් පවුරක් තනා , විශේෂ ඡායාරුප ප්‍රදර්ශනයක් ද පවත්වා පක්ෂයේ හැට  විය සමරුවේ එබැවිනි. රන්ජිත් විජේසිරිවර්ධන සොහොයුරා සිය පිලි ගැනීමේ කතාවේදී ලන්ඩනයේ ජනතාව ජාතික ජන බලවේගය වටා රොද  බැඳගත් අයුරු  පැහැදිලි කළේය .  ලද විජයග්‍රහණය රැක  ගත යුතුය. එය ලැබුනේ ලෙයින් හා යකඩින් මර්දනය කරන ලද පක්ෂයක සාමාජිකත්වයේ වීරත්වයද සාමූහික ප්‍රයත්නයේද ප්‍රතිඵලයක් ලෙසය .     ඒ සඳහා රජයට සහය දීමට ලන්ඩනයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය හා සාමාජිකත්වය එක සිතින්  සැදී පැහැදී සිටින බව මේ සැමරුම මගින් සාඩම්බරයෙන් දන්වන ලදී .      


 



 


Comments

Popular posts from this blog

බර්කිනා ෆාසෝ ඉබ්‍රහිම් ට්‍රොරේ හා ගොබ්බ ෆේස්බුකින්

  බර්කිනා ෆාසෝ වල නායකයා ගැන මාර රැල්ලක් යනවනේ මේ දවස් වල. අපේ යාළු   පෙරෙට්ටෝ සහ  සමහර ඩයි හාඩ් ජෙප්පෝ තමා ඉස්සෙල්ලම වගේ  ඉබ්‍රහිම් ට්‍රොරේ ගේ කතාව දැම්මේ හැමතැනම. අම්මට සිරි  ඒ කතාව . අධිරාජ්‍ය වාදයට, අයි එම් එෆ් එකට දෙසා බාලා. අන්න නායකයෝ . මේ AKD ල  වගේද නේද , IMF එකට දෙකට නැවෙන .  වැඩේ කියන්නේ දකුණේ සෙට් එකත් රැල්ලට ඇවිත්. ආචාර්ය හපුගොඩ ත්  ලියල තිබුන ඒ වගේ දැකුම් කළු නායකයෙක් කෝ අපිට!!! වගේ කතාවක් (කුඹීනේ  තොපිට රජෙක් ඉන්නේ  .. කතාව මතක් වුනා).  අයිඑම් එෆ් එකට සපෝර්ට් කර කර ඉඳල ට්‍රොරේ නිසාම අංශක 180ක්  හැරිලද මන්ද ?    මතකද ගඩාෆි ට වෙච්ච් දේ, තෙල් තිබ්බට බැකර් කෙනෙක් නැහැ .  චිනේ, රුසියාව එක්කත්  වලි දා ගෙන හිටියේ. බඩු සෙට් වුනා .  එතකොට ඊට කලින් ඉරාකේ සදාම් ට කෙලවුනා , සිරියාවේ අසාද්ව   පුටින් හීන් සීරුවේ ට්‍රම්ප් ට පාවල දුන්න. කොටින්ම බල තුලනය තියා ගන්න කාට හරි හේත්තු වුනේ නැත්නම් ගේම සෙට් වෙනව.  බර්කිනා ෆාසෝ සහ බටහිර අප්‍රිකානු රටවල් . මාලි , නයිජර් අනිත් දෙක .  මේවල බ...

කෙහෙළිය ගේ කතාව

 උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න. හොර කෙහෙළිය 01 මාධ් ‍ ය හරහා දිගින් දිගටම සිදුවූ බලපෑම හමුවේ පසුගිය දා සෞඛ් ‍ ය අමාත් ‍ යාංශයේ හිටපු ලේකම් සීමාහේවගේ ජනක ශ් ‍ රී චන්ද් ‍ රගුප්ත හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප් ‍ රතිදේහජනක ඖෂධ වංචාවට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර එහිදී හිටපු ලේකම්වරයා මෙම සිද්ධියට අදාළ හයවන සැකකරු ලෙස දෙසැම්බර් 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නට මාලිගාකන්ද මහේස්ත් ‍ රාත් ලෝචනා අබේවික් ‍ රම නියෝග නිකුත් කළාය. මේ වනවිට මෙම සිදුවීමට අදාළව අයුසුලේට් බයෝටෙක් ෆාර්මා සමාගමේ හිමිකරු හේවගේ සුදත් ජානක ප් ‍ රනාන්දු, වෛද් ‍ ය සැපයීම් අංශයේ අධ් ‍ යක්ෂ වෛද් ‍ ය කපිල වික් ‍ රමනායක, සහකාර අධ් ‍ යක්ෂ දේවශාන්ති සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. දැන් අප අසන්නේ මෙම වංචාවට වගකිවයුතු පුද්ගලයින් සියල්ල අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතිද යන්නයි. අපට දැනට ලැබෙන තොරතුරු අනුව තව තිදෙනෙකු මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත යුතුය. ඔ...