වැඩ නම් ගොඩක් වැඩියි. තත්වෙත් එන්න එන්නම සැහෙන්න ත්‍රිල් වේගෙන එන්නේ.
ඉතින් මෙන්න මේ බිසි සෙනසුරාදාවක අවන්හල පිරිලා. වැඩියෙන්ම මේ ජනාධිපතිවරණ උණුසුමත් එක්ක අලුත් නිව්ස් දැන ගන්න කතා කරන්න ආපු අයගෙන්. කන්න ගත්ත ඉඳි ආප්පේ කටේම හිර වෙලා කතාවල සැර කමට.
වරදවා වටහා ගන්න එපා ඔන්න. එංගලන්තේ ජනාධිපතිවරණයක් නැහැ. මෙහෙ ඉන්නේ විධායක අගමැති කෙනෙක්. නමුත් අවන්හලට සෙට් වෙන වැඩි හරියක් එක්ස්පැට් ලා ඒ කියන්නේ මේ ඩයස්පෝරාවේ කට්ටිය තමන් දාල ආපු පෙරදිග මුතු ඇටේ වෙන ඕන දෙයක් ගැන සෙවිල්ලෙන් නේ ඉන්නේ.
ඉතින් මෙතෙන්ට මේ ලඟදි අලුතෙන් එන්න ගත්ත නියම බුවෙක්. නියම පපර මහත්තයෙක් රුවන් කියල. ලන්ඩන් වලම දැන් අවුරුදු පහලවක් විතර බින්න බැහැපු පොරක්. බින්න බැස්ස කිව්වේ ලන්ඩන් වලින් බැන්ද කියන එකම නෙමේ. ලන්ඩන් ඇවිල්ල නතර වුනා කියන එක. නැත්නම් රුවන් ගේ බිරිඳ බලයි මේ.......
කතාව පටන් ගත්තේ අවන්හල අයිති නතෑනියෙල් ආරච්චි මේ ලඟදි කියවපු ඉන්ටෙර්නෙට් බ්ලොගයක තිබ්බ අමරබන්දු මහත්මය ගැන කතාවකින්. මිනිහත් ඉතින් ඔය හොඳට දාපු පොරක්නේ. දවසක් ලංකාවේ ඉන්න කාලේ බස් එකක යන කොට මෙන්න සුදු සරමකුයි කමිසයකුයි ඇඳගත්ත වැඩිහිටි මනුස්සයෙක් බස් එකේ හයියෙන් සින්දු කියනවලු. සෑහෙන්න බීලාලු . බස් කොන්දොස්තර බස් එක නවත්තවල අර වැඩිහිටියව එලියට ඇදල දැම්මලු. ආරච්චිය ගාව හිටපු කෙනෙක් කීවලු කොච්චර වටින මනුස්සයෙක්ද අර වගේ එලියට ඇදල දැම්මේ කියල. අහල බලනකොට ඒ අමරබන්දුලු . රස්සාව නැති කරලා දැම්මම යුඇන්පී ආණ්ඩුවෙන් අසරණ වෙච්ච තවත් කලාකරුවෙක්.
ඒ කතාවෙන් ඇදිල ආවේ ඒ කාලේ කරපු දේශපාලන පලි ගැනීම් ගැන විස්තර ප්‍රචාරයක්. රුවනයා කීවේ ඒක අන්තිම වැරදියි කියල.
පොඩි පියන්තයට තිබ්බේ වෙන අදහසක්. ඔය පලි ගැනීමම 70-77 ශ්‍රීලනිප ආණ්ඩුව කලේ ජෝතිපාලලාටත් කලා. ඊට පස්සේ යුඇන්පී කාලේ කපුගේට නන්ද මාලිනිටත් වුනා. ඒකෙන් වුනේ කැපිල්ලෙන් බේරෙන්න දේශපාලකයන්ට වඳින පුදන කලාකරුවෝ රොත්තකුත් ලියන අප්පුල නඩේකුත් බිහිවීම කියලයි පොර කිව්වේ. එහෙම නොකරපු උන්ට රට දාල යන්න වුනා. නැත්නම් වල පල්ලට යන්න වුණා.
රුවන් කාරයා වයින් වීදුරුව ඉවර කරන ගමන් කතාවට එකඟත්වය පල කෙරුව.
දැන් ජනාධිපතිවරණ සාකච්චා සැරට යනවා. ඒ දවස් වල ඉඳන්ම හෙළ උරුමෙට සපෝර්ට් කරලා ඒ නිසාම ආණ්ඩුවට (ලංකාවේ ලංකාවේ මෙහෙ නෙමේ) සපෝර්ට් කරපු බුවෙක් අංශක එකසිය අසුවටම අනිත් පැත්ත ගහල. රට පාවා දෙන්න හදපු රනිල් කල්ලිය, මැදවච්චි යනවා කියලා කෝචෝක් කරපු කල්ලිය තමන්ගේ වැරැද්ද වටහාගෙනලු. නැත්නම් අතුරලියේ රතන හාමුදුරුවන්ට ආපහු දානය පිරි නමන්න ලෑස්තිවෙයිද නේද? මිනිහ කියන්නේ රතන හාමුදුරුවෝ රට බේරා ගත්තා 2006 දී නිර්භයව මාවිල් ආරු ගිහිල්ල. දැන් ආපහු උන්නාන්සේ රට බේරා ගැනීමට පෙරට ඇවිත් කියල. පොඩි පියන්තයටත් කට තියාගෙන ඉන්න බැහැ. මිනිහ ඇහුවා "ඇයි දැන් ජවිපෙත් කියනවා නේද ඒගොල්ල තමයි මහින්දව ඇදගෙන ගියේ රට බේරා ගන්න සටනට කියල ".
එතකොට බුවා කියපි "අපි ඉස්සෙල්ල එක යකෙක්ව ඉවර කරන්න පෙළ ගැහුන. දැන් අනිත් යකාව ඉවර කරනවා කියල" රුවන් ඇහුව ඉතින් ඊළඟ එකත් යකෙක් වුනොත් මොකද කරන්නේ කියල. එතකොට තව අවුරුදු ගානකින් එයත් එළවන්න පෙළ ගැහෙනවද? පොඩි පියන්ත කිව්වා ඒකනම් නිර්මාල් ගෙන් තමයි අහන්න වෙන්නේ කියල.
එත් එක්කම වගේ කවදවත් අවන්හල පැත්තේ නොඑන කට්ට්ටියක් ගොඩ වැදුන චන්දෙ ඉල්ලගෙන. පොඩි පියන්ත ඇහුව මේ පැත්තෙත් කොසර්වේටිව් මන්ත්‍රියෙක් ඉල්ලා අස්වෙලා යූකේඅයිපී (UKIP) එකෙන් ඉල්ලනවද කියල. දැන් දිගට හරහට ඉල්ලන ඉල්ලන එක උන් දිනනව. ගිය සැරේ අවන්හලේ කතා වුනා වගේ මේ ගෝත්‍රවාදී පක්ෂෙට මිනිස්සු සහය දෙන්නේ උන්ට සම්ප්‍රදායික පක්ෂ එපා වෙලා නමුත් වෙන විකල්පයක් නැති නිසා කියල සාමුහික මතය වුනේ.
බලනකොට අවන්හලට ගොඩ වැදුනේ විකල්ප කට්ටියක්. ලංකාවේ වමේ පොදු විකල්පයලු, චන්දෙට ලන්ඩන් වල ප්‍රචාරක කටයුතු කරනවා. රුවන් නම් කිවා අපට නම් චන්දෙ නැහැ කියල. එයාල කිව්වා අපි මේ චන්දෙ ඉල්ලනවට වඩා මේ තට්ටු මාරු ක්‍රමය ගැන පැහැදිලි කිරීමක් කරන්න ආවේ කියල.
ආරච්චිය ඇහුව ඩ්‍රින්ක් එකක් ගන්නවද කියල කට්ටියගෙන්. රුවනය ඇහුව මොනවයින්ද ඕනේ කියල? බියර් , වයින් හීතලට පොඩි විස්කි ෂොට් එකක්. එක විකල්ප සහෝදරයෙක් කීව "අනේ අපි නම් බොන්නේ නැහැ." කියල. ළඟ හිටපු පරණ ජවිපෙට සම්බන්ධ වෙලා හිටිය සරත් ඇහුව, අර ජවිපෙ වගේම නොබොන ප්‍රතිපත්තිය එහෙම්ම ගෙනි යනවද කියල. මහින්ද චින්තනයේ මතට තිත වැඩේටත් සහයෝගය දෙනවද කියල තව කවුද බුවෙක් ඇහුවා.
"අපෝ නැහැ. අපි බොන්න තියෙන සල්ලිත් පක්ෂෙට දානවා" කියල උත්තරයක් ආව.
රුවනය ඒ පාර මැදට පැනල කිව්වා " නැහැ මගේ ගානේ අරන් දෙන්නම්."
සහෝදරයා කිව්වා "අනේ එපා අපි වතුර ටිකක් හරි ඔරේන්ජ් ජූස් එකක් හරි වගේ බොන්නම් කියල. " කණගාටුවකට වගේ ලන්ඩන් අවන්හල් වල ටැප් වතුර විතරයි නිකන් හම්බ වෙන්නේ.
කට්ටිය වතුර බොන අතරේ ප්‍රශ්න වැලයි.
යුඇන්පී ආණ්ඩුවක් එනකන් දැන් අවුරුදු ගානක් බලන් ඉන්න සුසිල් the lawyer ඇහුව "ඕගොල්ලෝ මේ කරන වැඩෙන් මහින්ද දිනවන එකට අනියමින් උදව් කිරීමක් නේද වෙන්නේ කියල. " සුසිල් මහත්මය නීති කටයුතු කරමින් කාටත් උදව් කරමින් ඉන්න කෙනෙක්. ගිය පාර ෆොන්සේකාට සපෝර්ට් කරලා බොහොම දුකෙන් ඉන්නේ.
ඒ අතරේ තව ප්‍රශ්නයක් ආව. "ඕගොල්ල ජවිපෙ ඉල්ලන්නේ නැති වුනහම බොර දියේ මාළු බාන්න නේද හදන්නේ "
තව ප්‍රශ්නයක් "ඔයගොල්ලත් චීන ඉල්ලීමකට නේද ඉල්ලන්නේ. ජවිපෙ ඉල්ලන්නේ නැත්තේත් ඒ නිසා නේද " ඒක ඇහුවේ පොඩි පියන්ත.
ඔක්කොමල්ලටම දුන්නේ එක උත්තරයයි. සහෝදරයා ඒක ලියාගෙන ආවද කියලත් කාටද හිතුන. අපි ඔක්කොම දන්න දේ තමා ඉතින්.
"මේ තට්ටු මාරු ක්‍රමය හැමදාම තිබෙනවා. අපි කියන්නේ මේ ක්‍රමය වෙනස් කල යුතුයි. මේ ධනවාදී ක්‍රමය , මේ නව ලිබරල් පාලනය ජේ ආර් ගේ කාලෙත් චන්ද්‍රිකා ගේ කාලෙත් ප්‍රේමදාසගේ කාලෙත් එහෙම්මමයි. රාජපක්ෂ පාලනය යටතේ මේක වැඩි වෙලා , ඊට අමතරව මාධ්‍ය නිදහස නැහැ. පවුල් වාදය වැඩි වෙලා. අපි කියන්නේ මේ දෙගොල්ලම එකයි "
"එතකොට ඔය ගොල්ල කියන්නේ පොදු විපක්ෂය කියන එකමනේ. දැන් ප්‍රශ්න වැඩියි. ඒ නිසා ඒ ප්‍රශ්න අඩු කරන්න පුළුවන් නායකයෙකුව නේද පත් කර ගන්න ඕනේ." ඇහුවේ රුවන්.
"අපි කියන්නේ එහෙම කලාය කියා අපේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියල. ඒ ප්‍රශ්න තව වැඩි වෙනවා කියල" මල්ලිලත් අරින්නේ නැහැ.
"අපිට නම් පේන්නේ වෙන කවුරු හරි ආවොත් ප්‍රශ්න ටිකක් හරි අඩු වෙයි කියල. ඔයාලගේ තර්කයට අනුව අපට විප්ලවයක් එනකන් බලන් ඉන්න වෙනවා මිනිසුන්ට සහනයක් දෙන්න ". එහෙම කිව්වේ අපේ නීතිවේදී මහත්මය.
විකල්ප වමේ උත්තරේ වුනේ "ජවිපෙ 1994 දී විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා කියල චන්ද්‍රිකාගෙන් පොරොන්දුවක් අරන් නොඉල්ල හිටිය. චන්ද්‍රිකා ඒ පොරොන්දුව ඉෂ්ට කලාද? දැන් ඒ චන්ද්‍රිකාම කියනවා මෛත්‍රි එහෙම කරයි කියල. ජවිපෙ නන්දන ගුණතිලකව අපේක්ෂකයා හැටියට දැම්ම ඊට පස්සේ ආපු ජනාධිපතිවරනෙට? අපි මිනිසුන්ට කියල දෙන්න ඕනේ මේ සිස්ස්ස්ටම් එක වෙනස් කරන්නේ නැතුව මුකුත් කරන්න බැහැ කියල"
අපේ රුවනයට මේ කතාව වැඩිය ඇල්ලුවේ නැහැ.
"ඔයාල සිස්ටම් වෙනස් කර කර ඉන්නේ නැතුව 2005 දී මහින්දට අපිත් එක්කම සහයෝගය දීල රට බේර ගත්තනේ"
"නැහැ අපි ඒක වැරදියි කියල එලියට ආව, දැන් ඔයාල මහින්දගෙන් රට බේරා ගන්න හදනවා ".
"ඇයි ඔයාලට එහම කරන්න ඕනේ නැත්ද " ඒ ඇහුවේ පියන්තය.
දැන් තත්වය ටිකක් උණුසුම් වේගන යනව. ආරච්චිය කියනවා
"මම හිතන්නේ මෛත්‍රි දිනනවා චන්ද 64% අරන් 1994 චන්ද්‍රිකා වගේ. වමේ පොදු පෙරමුණේ චන්ද අදාළ නැහැ. ඒක නැති වුනාට පාඩුවක් නැහැ ".
"ඒ කොහොමද ඔයා හරියටම කියන්නේ ඒ ගාන " හැමෝම ඇහුව එක පාරට.
"මෙහෙමයි. දැන් බස්නාහිර පළාතෙන් කවුද මෛත්‍රි පැත්තට ආවේ. වැඩිම චන්ද ගත්ත කට්ටිය, රතන හාමුදුරුවෝ, චම්පික, හිරුනිකා, සෝලංග ආරච්චි වගේ අය. බස්නාහිර මහින්ද පරාදයි. පොලොන්නරුව අනුරාධපුරේ ඒත් පරාදයි. ගාල්ල මාතර වැනෙනවා. ෆයිට් එක තියෙන්නේ ගම්පහ, නුවර දිස්ත්‍රික්කවල. මහින්ද වැඩිම උනොත් දිනන්නේ රත්නපුර, මොනරාගල හා හම්බන්තොට විතරයි. දැන් ප්‍රභාකරන් නැති නිසා යාපනේ චන්ද වැඩි හරිය හම්බවෙන්නේ මෛත්‍රිට. ගනන් හදල බලන්න."
එතකොට දමිළ නීවේදියෙක් වන නඩා කතා කළා. දමිළ වුනාට පහුගිය කාලේ මහින්දට කැමැත්තෙන් හිටියේ. යාපනේ යන්න පුළුවන්. පාරවල් හදල, මිනිහගේ මුල් ඉඩමයි ගේයි (LTTE එක අල්ල ගෙන හිටි තැනක්.) ආපහු ලැබිල. මිනිහ කියනවා ඔය මොනව කීවත් මහින්ද තමා දිනන්නේ. දිනුවේ නැතත් කොහොම හරි දිනයි මොකද නැතිවෙන්න තියෙන ඒවා වැඩියි කියල.
ඒ කතාවෙත් ඇත්තක් තිබෙනවා. කියල පියන්තය කිව්වා. ඔය අතරේ ඉංජිනේරු මහත්මයෙක් වන චන්ද්‍රරතන ඇහුව විකල්ප වමෙන් , ඔය ගොල්ල පොදු අපේක්ෂකයා කීවට මේ වමේම පොදු අපේක්ෂකයෝ රොත්තක් ඉන්නවා නේද එතකොට කොහොමද පොදු අපේක්ෂකයා කියන්නේ කියල? හැබැයි ඒ වෙනකොට විකල්ප කණ්ඩායම අවන්හලෙන් බැහැල යමින් ගමන් නිසා උත්තරයක් ලැබුනේ නැහැ?
කවුරු හරි දන්නවනම් දාන්න උත්තරයක්.

Comments