දැන් අපි හිතමුකෝ මෙහෙම

 


ඔන්න මට සල්ලි හුඟක් ලැබෙනවා හදිසියේ .  මගේ පවුලේ අයට ඒ සල්ලි ලැබෙන්නේ කොහොමද කියන්න මම දන්නේ නැහැ. මට හොයන්න ඕන කමකුත් නැහැ .  දැන් මං මොකද කරන්නේ .  මේ සල්ලි  එංගලන්තේ බැංකු වලට දාන්න දාන්න බැහැ . උන් ඔය මළ මගුල් ප්‍රශ්න අහනවනේ .  සල්ලි හොයපු විධිහ  මොකද්ද? ඇන්ටි මනි ලෝන්ඩරින් ද මොකද්ද කියල නීතියක් පාස් කරලා නිසා  අහන්න වෙනවලු. නැත්නම් උනුත් ගන්නවා .  වික්ටෝරියා රැජින කියන්නෙත් නැව් වලින් සල්ලි කඩා ගත්තු කෙනෙක්නෙ . 

ඒ වුනාට මටත් මොළේ පහල වෙන වෙලාවල් තියනවා .  කැනඩාවේ   බකුස් කියල යාළුවෙක් ඉන්නව මතක් වුනා පොඩි ජොබක් කරන .  හැමදාම බර බරේ සල්ලි හම්බ වුනාට වැඩක් නැහැ වියදම් වෙනවා .  තවම කුලියට ඉන්නේ කියල .  

මට පුංචි කාලේ ඉඳල රොබටික් වැඩ කරන්න ආසයි. ඒවාට අවශ්‍ය දේ නිපැයුම් කරන්න හෙම .  මම කොහොම හරි උපාධියකුත් කළා එංගලන්තේ ඉම්පීරියල් එකේ .   ඉතින් මම ගැහුවා නියම ප්ලෑනක්.

මම බකුස් ට කීව , මචන් මම උඹට සල්ලි දෙන්නම් .  උඹ මෙහෙ ඇවිත් උඹ හම්බ කළා වගේ ආයෝජනය කරපන්.  පිටරට ඉන්න එවුන්ට සීමාවක් නැහැනේ සල්ලි අරන් එන්න .  මම උඹට සීයට දහයක් දෙන්නම් .  හැබැයි උඹ ආයෝජනය කරන්නේ මම කියන ඒවාට විතරයි . 

බකුසුවත් කැමති වුනා එක පයින් .  නිකන් ඉන්න පොරට අහල ගියත් මොකද ?  

ඉතින් බකුස්  ඇවිත් ලන්ඩන් ආයෝජන කලාපේ සල්ලි දැම්ම රොබටික් කෑලි හදන්න  කම්පනියක් ඒ අව් අස්සේ බකුස් (මම කියල )  හෝටල් දෙක තුනක් ගත්ත .  පොල් ඉඩම් දෙක තුනක් ගත්ත .  ලොකු ගෙයක් කැනඩාවේ ගත්ත.  මට ගියහම ඉන්න පුළුවන් .  බකුස් මුලදී හිතුවේ මම මේ පොඩි ගානක් කියනව කියල .  දැන් පොරටම හිතා ගන්න බැහැ මට මෙච්චර් සල්ලි තියනව .  මොකද උගේ සීයට දහයත් ?  නැහැ ඕනේ නැහැ .  ඔයාලට දුක හිතෙයි ඒක කීවොත්. බකුස් ට ලොතරැයියක් ලැබුන වගේ .   .මේ ලඟදි කැෆේ එකකුත් ගත්තද කොහෙද ?  අපේ නෑදෑයෙක් එතැන් ගිහින් නිකන් කාල ෆේස්බුක් එකේ දාල තිබ්බ .  බකුස් ඌ ට නිකන් කන්න දීලා .  තුක් විතරක් මගේ සල්ලි වලින් කාලා ෆොටෝස් නුත් දානවා බකුස් ට තෑන්ක් කරලා .  කියන්නය ඉතින් . 

මගේ වැඩේ හරි ගියා හැබැයි .  බකුස්  මාව රොබොටික් කම්පනියේ ප්‍රධාන උපදේශක තනතුරට දැම්ම .  ලැබ් එකේ ප්‍රධානියාත් මමම තමයි .  පොඩි කාලේ ඉඳන් තිබ්බ ආසාවනේ . කොහොමද සුදු ලැබ් කෝට් එක ඇඳලා යන කොට ගැම්ම.

අපේ රොබොටික් කම්පනියේ  ආයෝජන පාට්නර් හැටියට ගත්තේ රෂියන් කම්පැනි එකක් .  ලැබ් එකට බඩු සේරම උන්ගෙන්. වර්ල්ඩ් මාකට් එකට විතරක්  නෙමේ රුසියානු ස්පේස් ශටල් එකටත් අපේ බඩු ගන්නම් ලු .  දැන් ආදායමත්  හරි. උන් හිතන්නේ කැනේඩියන් ආයෝජකයෙක් කියල .    

බ්‍රිතාන්‍ය ආණ්ඩුවත් හැපී ඉතින්  .  ආයෝජන බදු කලාපෙටයි , අපේ නිෂ්පාදන යවනවටයි එයාලට ලොකු ගානක් හම්බ වෙනවා අදායම .  බකුස් නුත් හැපී .  එයා හොඳින් ජිවත් වෙනවා .  ලස්සන ගෑනු ළමයි පිරිවරාගෙන .  මමත් හැපී .  අපේ ඩැඩි ත් හැපී .  අපි ඔක්කොම හැපී .

-- නිකන් ඉන්නවට ලියන ඒවා 

3 comments:

  1. අඩේ මේක මරු නෙ. මාත් කල්පනා කර කර හිටියෙ, මගෙ සල්ලි ටික ලීගලයිස් කරන්නෙ කොහොම ද කියලා. බස්සො දාමු ද, මෙහෙත් මොකක් හරි කොම්පැනි ජාලයක්?

    ReplyDelete
  2. බ්ලොගීශ්වර කමෙන්ට් චක්‍රවර්තී නීතියට රිටි හිටවන උන්නාන්සේගේ උපදෙස් පරිදි:
    1. කලු සල්ලි ලොන්ඩරියක කතාවක් බව ඇරුනු විට කිසිවක් තේරුනේ නැත.
    2. කැනඩාවෙ බස්සොත් ඉන්නවද?
    3. උන් හිම බස්සොද, අටු බස්සොද?
    4. සුපියක් 5000කට වඩා, මූලාශ්‍රයක් නැති සල්ලි බැංකුවල දාන්න ගියොත් CRA - ටැක්ස් ඒජන්සියට ෆ්ලෑග් වෙනවාය.

    ReplyDelete
  3. What jobs do people think are easy but are actually very hard in real life?

    රොබොටික් කම්පැනි, කැෆේ, ආයෝජන ඔව්වා වලට ඇලුනොත් බැඳීම් වැඩියි. එතකොට වෙන්නෙ ආතතිය වැඩිවෙලා......

    ReplyDelete

ප්‍රතිචාරයට ස්තූතියි

දැන් අපි හිතමුකෝ මෙහෙම

  ඔන්න මට සල්ලි හුඟක් ලැබෙනවා හදිසියේ .  මගේ පවුලේ අයට ඒ සල්ලි ලැබෙන්නේ කොහොමද කියන්න මම දන්නේ නැහැ. මට හොයන්න ඕන කමකුත් නැහැ .  දැන් මං මොක...