ලංකාවේ මෙට්‍රෝ බස් සේවාව ක්‍රියාත්මක කරන සමාගම සම්පූර්ණයෙන්ම රජයට අයත් රාජ්‍ය ආයතනයකි. බයියන් හා පෙරටුගාමීන් එය එකහෙළා විශ්වාස නොකරන බැවින් තව දුරටත්. සරලව උගන්වමි.
මෙම සේවාව පවත්වාගෙන යන්නේ ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම (Lanka Metro Transit (Pvt) Ltd - LMT) මගින් වුවද එය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) අනුබද්ධිත සමාගමක් ලෙස ක්‍රියාත්මක වේ.
Lanka Metro Transit - Wikipedia
මෙම සමාගමේ හිමිකාරිත්වය බෙදී යන්නේ මේ ආකාරයටය.
බයියන්ට සහ පෙරටුගාමී දුමින්ද නාගමුවට තවත් සරලව උගන්වනවා නම් 60 ට 40 ක් එකතු කර 100 ද උත්තරය යැයි විමසන්න ..!!
පෞද්ගලික සමාගම් පනත යටතේ ලියාපදිංචි කර තිබුණද, මෙහි සම්පූර්ණ මූල්‍ය ආයෝජනය සහ අයිතිය රජය සතු වන අතර, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පවතින වාහන තදබදයට පිළියමක් ලෙස සහ මගීන්ට නවීන, සුවපහසු පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින් රජය විසින් මෙම මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
මෙට්‍රෝ බස් (Metro Buses) රථ සතුව මගී පහසුව, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නවීන තාක්ෂණික පහසුකම් රැසක් අන්තර්ගත කර ඇත. ඒ ගැනද යම් තොරතුරු බිඳක් බයි ප්‍රජාවගේ අවදානයට ලියන්නේ ඔවුන් මේ වනවිට රජය සමග ඇති වෛරයට මේ බස් රථ වලට ගොඩවීම ප්‍රතික්ෂේප කර ගමන් බිමන් වලට තවමත් ලොරි බොඩි පාවිච්චි කරන නිසාය.
සජීවී බස් රථ ලුහුබැඳීම (Live Tracking)
දැන් නැවතත් මෙහි අයිතිය ගැන තිබූ අවසන් කකුසත් අවසන් කර ගැනීමට අවශ්‍ය වනු ඇත. පොදු ප්‍රවාහනය නවීන කරන්න මෙට්‍රෝ සේවාව වෙනම සමාගම් ව්‍යුහයක් යටතේ ක්‍රියාත්මක කරන්න අවදානය යොමුකලේ රජයමයි. ඒ වෙනුවෙන් නිල කැබිනට් වාර්තාවක් ඉදිරිපත් කරමින් මේක ලංගමයේ අනුබද්ධ සමාගමක් කියලා පැහැදිලිව ලියල තියෙනවා.
සරලව කිව්වොත්, ලංගමය යටතේ තියෙන වෙනම සමාගමක්. වෙනම නමක් තිබ්බා කියලා රාජ්‍ය අයිතිය නැති වෙන්නේ නැති බව අද දිනයේ අණ්ඩවාතය හැදෙනකං මොර දුන්න බයි පෙරටු සෙට් එකට මතක් කරමි.
"Pvt Ltd" (Private Limited) යන්නෙන් "පෞද්ගලික පුද්ගලයින් සතු සමාගමක්" යන්න අදහස් වෙන්නෙ නෑ. මෙම 'Lanka Metro Transit (Private) Limited' යනු සාමාන්‍ය පෞද්ගලික බස් සමාගමකට වඩා රජය සතු සමාගමක්; නැත්නම් අනුබද්ධ ආයතනයක්.
ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය විසින් පහත කරුණු පැහැදිලිව ප්‍රකාශ කරල තියෙනවා.
'Lanka Metro Transit (Private) Limited' සමාගම 2025 ඔක්තෝබර් 3 වන දින සංස්ථාගත කරනු ලැබුවා. එය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) අනුබද්ධ සමාගමක් ලෙස පිහිටුවනු ලැබුවා. එහි අරමුණ වන්නේ පොදු ප්‍රවාහන සේවය නවීකරණය කිරීමයි.
රජය විසින් මෙම සමාගම සඳහා කොටස් ප්රාග්ධනය (equity capital) ලබා දීල තියෙනවා. එමගින් නව 'low-floor' (පහත් තට්ටුවක් සහිත) මෙට්‍රෝ බස් රථ ධාවනය කරනු ලබනවා.
එබැවින් මෙහිදී කරුණු දෙකක් පිළිබඳව අවධානය යොමු කළ හැකිය:
1. "Private Limited" — සමාගම් නීතිය යටතේ පවතින තත්ත්වය
'Pvt Ltd' හෝ 'Private Limited' යන්නෙන් සමාගම් පනත යටතේ එම සමාගමේ නීතිමය ස්වභාවය විස්තර කෙරෙනවා. එයින් අදහස් වන්නේ:
"පෞද්ගලික අයිතිවාසිකමක් ඇති සමාගමක්" යන්න නෙවෙයි.
උදාහරණයක් ලෙස, රජයට සමාගම් පනත යටතේ සමාගමක් පිහිටුවා එහි කොටස් හිමිකර ගැනීමට හැකියාව තියෙනවා.
2. 'Lanka Metro Transit' හි හිමිකාරිත්වය කා සතුවද?
මෙහිදී එය SLTB හි අනුබද්ධ සමාගමක් වන අතර, ඒ නිසාම එය රාජ්‍ය අංශයේ ප්‍රවාහන ව්‍යුහයේ කොටසක් බවට පත් වෙනවා. කැබිනට් මණ්ඩල ලේඛනයේ එය විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුබද්ධ සමාගමක් ලෙස හඳුන්වා දී තියෙනවා.
රජයේ සහාය ලබන පොදු ප්‍රවාහන සේවාවක ඔබ ගමන් කළද, ප්‍රවේශපත්‍රයේ "Lanka Metro Transit (Pvt) Ltd" ලෙස මුද්‍රණය කර ඇත්තේ ද ඒ නිසයි.
අමාත්‍යාංශය විසින්ම 'Lanka Metro Transit (Pvt) Ltd' සඳහා වන පුරප්පාඩු ද ලැයිස්තුගත කරන්නෙත් ඒ නිසයි.
මෙම බස් රථ රජයේ පොදු ප්‍රවාහන වැඩසටහනක කොටසක් වුවද, ඒවා මෙහෙයවන ආයතනය පෞද්ගලික සීමිත සමාගමක් (private limited company) ලෙස සංස්ථාගත කරල තියෙනවා.
මේ තියෙන්නේ ඒවා!
· ගුවන් සේවා සහ සංචාරක
· Airport and Aviation Services (Sri Lanka) (Pvt) Ltd
· Canowin Hotels & Spas (Pvt) Ltd
· Helanco Hotels & Spa (Pvt) Ltd
· Hotel Developers (Lanka) Limited
· Sinolanka Hotels & Spa (Pvt) Ltd
· Waters Edge Limited
· Waters Edge Recreations Limited
· Ceybank Holiday Homes (Pvt) Limited
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
· Information Communication Technology Agency of Sri Lanka (Pvt) Ltd
· Lanka Government Information Infrastructure (Private) Limited
· Sri Lanka CERT (Private) Limited
බලශක්තිය
· Kumbalgamuwa Mini Hydro (Private) Limited
· Deduruoya Mini Hydro (Private) Limited
· Sri Lanka Energies (Private) Limited
· West Coast Power (Pvt) Limited
· LTL Holdings (Pvt) Ltd
· Litro Gas Terminal Lanka (Private) Limited
කෘෂිකර්මාන්තය හා ආහාර
· Ceylon Fertilizer Company Limited
· Colombo Commercial Fertilizer Ltd
· Hingurana Sugar Industries Ltd
· Kalubovitiyana Tea Factory Limited
· Milco Private Limited
· Sri Lanka Poultry Development Limited
· Sri Lanka Thriposha Limited
· Lanka Sugar Company (Pvt) Ltd
ඉදිකිරීම් හා ඉංජිනේරු
· Central Engineering Services (Private) Ltd
· Maganaguma Road Construction Equipment Company (Pvt) Ltd
· Maganaguma Emulsion Production Company (Pvt) Ltd
· Maganaguma Consultancy & Project Management Services Company (Pvt) Ltd
· Urban Investment & Development Company (Pvt) Ltd
· LRDC Services (Private) Limited
වෙනත්
· Canwill Holdings (Pvt) Ltd
· Cey-Nor Foundation Limited
· Lanka Rest Houses Limited
· Mahaweli Consultancy Bureau (Private) Limited
· Mahaweli Livestock and Agro Enterprises (Pvt) Ltd
· North Sea Limited
· Ocean View Development Private Limited
· Peliyagoda Warehouse Complex Ltd
· Selendiva Investments Limited
· Selendiva Leisure Investments Limited
· Expressway Transport (Pvt) Ltd
· Lanka Coal Company Ltd
· Lanka Electricity Company Ltd
· Shipping and Aviation Information and Research (Pvt) Ltd
· Sri Lanka Telecom
· State Resources Management Corporation
· Thomas De La Rue Lanka Ltd
· Sathosa Security and General (Private) Limited
· GSMB Technical Services (Pvt) Ltd
· Kahatagaha Graphite Lanka Ltd
· Lanka Phosphate Ltd
· Sri Lanka Climate Fund (Pvt) Ltd
· LECO Projects (Private) Limited
· Ante LECO Metering Company (Private) Limited
· Colombo Lotus Tower Management Private Limited
· Lanka Leyland (Private) Company
· BOC Management and Support Service (Pvt) Limited
· BOC Property Development and Management (Pvt) Limited
· BOC Travels (Pvt) Limited
· Trinco Petroleum Terminal (Pvt) Ltd
· The Ceylon Petroleum Storage Terminal Limited
· Mahaweli Venture Capital Company (Pvt) Ltd
· Lanka Gemological Laboratory (Pvt) Ltd
· People's Travels (Pvt) Ltd
· Helitours (Pvt) Ltd
· Mihin Lanka (Pvt) Ltd
· Asian Games (Pvt) Limited
· Commonwealth Games Hambantota 2018 (Pvt) Ltd
· Magampura Ports Management Company (Pvt) Ltd
· Techno Park Development Company (Pvt) Ltd
· Media Training Institute
· Lanka Logistics and Technologies Ltd
. Youth Services (Pvt) Limited
රජය සතු පුද්ගලික සමාගම් කියන්නේ, ශ්‍රී ලංකා රජය සියයට සියයක් හෝ බහුතර කොටස් හිමිකාරිත්වය දරන, නමුත් "පුද්ගලික සමාගමක්" ලෙස ලියාපදිංචි කර ඇති ව්‍යාපාර!
copied.
කියෙව්වද කොහෙද!
ReplyDeleteසුරුස්....😋