සුද්දිගේ කතාව සහ අසහනකරු

මේකට මම මෙහෙම පිළිතුරක් දුන්න : 

//ටොමි රොබින්සන් කියන්නේ ජාතිවාදී බල්ලෙක්. කවුද කියන්නේ ටෝමියා ජනප්‍රියම දේශපාලනඥයා කියල . නයිජල් ෆාරාජ් කීවනම් ටිකක් හරි හරි වෙන්න පුළුවන් . මු මේ කියන්නේ මේක වෙන්නේ මේ එංගලන්තයේ කියල . මේ පෙන්නන මිනිහ මානසික පිස්සෙක් .//

ඒකට Iroshi Tharangi කියල කෙනෙක් මෙහෙම කියල තිබ්බ : 






 


උගෙන් වැඩක් නැනේ වැරදි වැඩේ උනේ ලංකාවේ එකෙක් අතින් නේ. ආයේ අහවල් මගුලකටද ඌට බනින්නේ. උබලාතමා හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලන එවුන්

මම ඔබතුමීට කියන්නම් කවුද හඳ දිහා නොබලා ඇඟිල්ල දිහා බලන්නේ කියල 

1. දැන් ඔය කියන තරුණයා වැරැද්ද කළා කියල අපට පේනවා .  රහසඟ පෙන්වපු එක .  එයාව දඬුකඳේ ගහන්න කලින් මේවා කල්පනා කරන්න .  දැන් කවුද ලිංගික අධ්‍යාපනය ළමයින්ට දෙනවට විරුද්ධ - පූජකයෝ , මහණුන් ,කාදිනල් ලා , මුල්ලා ලා , ජනතාව. ගිය අවුරුද්දේ පමණක් ළමා අපයෝජන 8000 ක් වෙලා තියෙනවා ලංකාවේ .  ඇහැට නොපෙනුනනට වීඩියෝ නොදැම්මට . තව නඩු නොදාපු කේස් 300000 තියනවලු .  එහෙම සමාජයක  ද මූව විතරක් දඬු කඳේ ගහන්නේ .  ඇයි හැංගිලා ඉන්න සෙට් එක ? තමන්ට ඇඟිල්ල දික්කරගන්න ඕනේ නේද ඉස්සෙල්ල 

2. මේ පෝස්ට් එකේ ෆැක්ට් වැරදියි .  ටොමි රොබින්සන් කියන්නේ අන්තවාදී වර්ණවාදී දක්ෂිනන්ශිකයෙක් එංගලන්තයේ ඉන්න . ජනප්‍රියම එකා නොවේ .   මම ඉන්නෙත් එංගලන්තයේම තමා .   එංගලන්ත ආණ්ඩුවෙන් දෙතුන් පාරක් ඒ වගේ වැරදි වලට හිරේ දාපු කෙනෙක් .  නයිජල් ෆරාජ් නමැති දක්ෂිණාංශික නායකයා තමා වැඩියෙන්ම ජනප්‍රිය . 

3. එතකොට මේ ටොමියා කියන්න ඒ -  බලන්න මේ දුඹුරු පාට මිනිහ සුදු ගෑනුන්ට කරන දේ .  දුඹුරු පාට එවුන් අශිලාචරයි . අපි උන්ට අපේ රටට එන්න දෙනවා කියල .  මේ කතාවේ හරි වැරදි දෙකක් තියනවා  .  මෙහෙ  අපු සිරියන් ,  ඉතියෝපියන් , ඇෆ්ගනිස්ථාන් හා නයිජීරියන් අසයිලම් සීකර්ස් ලා රේප් හා අපයෝජන ආදී කේස්  වලට අහුවෙලා ඒ ගැන  උද්ඝෝෂණ යනවා .  පකිස්තාන් කට්ටියක් අඩුවයසේ ගැහැණු ළමයි අපයෝජන කරල හිරේ .  ඒවා දක්ෂිනන්ශිකයෝ දරුණුවට උපයෝගී කරගන්නවා පිට ජාතීන් ට විරුද්ධව .  ඒකෙ දිගුවක් මේක .  මේකෙන් අදහස් වෙන්නේ නැහැ සුද්දෝ ඕව කරන්නේ නැහැ කියල .  ඕන තරම් වෙනවා .  ඒවා එලියට එනවා අඩුයි  .  ලඟදි සුදු පොලිස් නිලධාරියෝ කිහිප දෙනෙක් හිරේ ගියා අපයෝජන කරලා .  එකෙක් අපයෝජන කරල ඒ ගැහැණිය මරලා. ටොමියට ඒවා අහුවෙන්නේ නැහැ  . 

ඕකේ තව ප්‍රශ්නයක් නුත් මතුවෙනවා .  මේ සංචාරක තරුණියෝ කොහොමද ත්‍රීවිල් පදින්නේ ?  ලයිසන්ස් වෙනම ගන්න ඕනේ නැත්ද ?  ඕකෙන් ත්‍රීවිල් කට්ටියගේ රස්සාවට පහරක් වදින්නේ නැත්ද ?  

මම කියන්නේ නැහැ ඒ  තරුණයා  වැරදි නැහැ කියල .  එයා  වැරදියි .  එයාව අල්ලලා තියෙන්නේ දැන් .  මානසික සායනයකට  යවන්න .  හැබැයි ලංකාවේ ජනතාවට  ලිංගිකත්ව අධ්‍යාපනයත්  දෙන්න .   මම බැඳලා ඉන්නේ සුදු ජාතික එක්කෙනෙක් .  එයා එක්ක  ලංකාවට ආපු කිහිප වතාවක් සමහර පිරිමි නරක විධිහට හැසිරුනා .  අහන්නේ නැතිව ෆොටෝ ගන්න ආව . ලඟට ඇවිත් කතා කරා එයාල එක්ක යන්න .  ඉස්කෝලෙක පිරිමි ළමයි වගයක් පවා .   ඕවට ඉතින් මිනිස්සු දැනුවත් කරන්න ඕනේ. 

No comments:

Post a Comment

ප්‍රතිචාරයට ස්තූතියි

සුද්දිගේ කතාව සහ අසහනකරු

මේකට මම මෙහෙම පිළිතුරක් දුන්න :  //ටොමි රොබින්සන් කියන්නේ ජාතිවාදී බල්ලෙක්. කවුද කියන්නේ ටෝමියා ජනප්‍රියම දේශපාලනඥයා කියල . නයිජල් ෆාරාජ්...