කාවන්තිස්ස ඇතා ගේ මිය යාම පිළිබඳව හතර අතේ චෝදනා එල්ලවනු පෙනේ. බොහෝ චෝදනා වලින් පරිසර ඇමති සහ පශු වෛද්යවරුන්ට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිවය. බොහෝ දෙනාගේ සිත් සතුටු කල, බොහෝ දෙනා ආදරය කල මේ තේජවන්ත හස්තියාගේ අභාවය පිළිබඳ දැඩි ශෝකයක් ඇති වීම සාධාරණය . මේ ගැන සොයා බැලීමේදී මට මේ කරුණු සියල්ලද සොයා ගත හැකිවිය .
පළමු කාරණය නම් ඇතාට වෙඩි තබා ඇති බවය . මේ ගැන සඳහන් කර මාසයකට ඉහත මාලක රොඩ්රිගෝ මහතා විසින් ලියන ලද ලිපියක පරිවර්තනයක් වට්නිව්ස් වෙබ් අඩවියේ පල කර ඇත . මේ ඒ ලිපියයි. බොහෝ චෝදනාකරන්නන් වෙඩි තැබීම අමතක කර ඇතා සුව කිරීමට ගත් ක්රියා මාර්ග විවේචනය කරමින් සිටී. එහි කිසියම් සත්යයක් ඇති බව පෙනෙන්නේ මේ ලිපියේ ඔබ්බවා ඇති වීඩියෝ හතර බලද්දීය. ඇතාගේ සිරුරේ කිහිප තැනකම ඈත සිට එල්ල කර ඇති ප්රතිශක්තිකරණ එන්නත් සිරින්ජර දක්නට ලැබේ . එසේම තනි පටියකින් ඇතා ඉස්සීමට යත්න දරනු පෙනෙන අතර වතුරේ සිටින ඇතාව ඉන් එලියට ගැනීමට අසාර්ථක ලෙස උත්සාහ කරනුද පෙනේ . ඇතා වතුරට යන්නට ඇත්තේ තුවාල කකුල ඔසවා ගැනීමට බැරි බව නිසා හෝ විජලනය නිසා විය හැකිය . එසේම අවසාන දින දෙකේ ඉතා කුඩා සේලයින් බෝතලයක් අල්ලාගෙන සිටි කෙනෙක් දක්නට ලැබේ . අලියකු වැනි විශාල සතෙකුට කුඩා සේලයින් බෝතලයක් සෑහේද යන පැනය සිතට නැගේ. සමහර විට ඒ ප්රතිශක්තිකරණ බෙහෙතක් විය හැකිය .
මසකට කලින් ඇතාට වෙඩි වැදුණු වෙලේ නිර්වින්දන කර පින්නවලට හෝ වෙනත් ස්ථානයකට ගෙන ගොස් ප්රතිකාර නොකළේ මන්ද යයි සිතේ . නමුත් මම අලි ඇතුන් පිළිබඳ දන්නා අයෙක් හෝ විශේෂඥයෙක් නොවන බැවින් ඒ ගැන මුකුත් කිව නොහැකිය .
නමුත් පසුගිය මාසය පුරාම ඇතා පස්සේ එලවමින් බෙහෙත් කිරීමට උත්සහ දරා තිබේ . ප්රශ්නය වූයේ ඒවා පල නොදැරීමයි. බෙහෙත් දුන්නත් මිනිසුන් පවා මිය යන අවස්ථාවක කාලයක් සිටින වන සතෙකුගේ මිය යාම පිළිබඳ සම්භාවිතාව වැඩිය. ඇතා ට බෙහෙත් නොදුන් කතාව බොරුවකි . නමුත් සැළකු ආකාරයේ ප්රශ්න තිබේ. බොහෝ විට වන ජීවී දෙපාර්තමේන්තුවට අවශ්ය උපකරණ වල හිඟයක් ද තිබිය හැකිය . මගේ අදහස මේ තේජවන්ත ඇතා ගේ මරණය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය. බොහෝ හේතුන් එවිට හෙළි දරව් වනු ඇත.
පසුගියදා ලංකාවේදී දැනගත් තවත් කරුණක් නම් නිකවැරටිය ප්රදේශයේ අලි ඇතුන් ගමන් ගන්නා හා උන් ආහාර සොයා ගන්නා විහාරයකට අයත් යයි පවසන අක්කර සියයක පමණ කැලෑ ප්රදේශයක සුර්ය පැනෙල ස්ටේෂන් එකක් ඉදි කර ති බවයි . එමනිසා එම මාර්ගයේ ගමන් ගන්නා අලි රංචුවක් අසලවෙනදා අලි නොයන් ගම වලට පැන තිබේ . දැන් මේවා ඉදි කරන්නේ හොයා බලා නොවේද ? වන සර්ක්ෂන් දෙපාර්තමේන්තුව ඒ ගැන සොයා බලා අවසර දී තිබේද ? ලංකාවේ බලශක්ති අර්බුදයට සුර්ය බල ශක්තිය හොඳ පිළිතුරකි . නමුත් ඒ ලෙසම රටේ හැම තැනම ඉවක් බවක් නැති ඉදි කිරීමද නොකළ යුතු දෙයකි .
එසේම පරිසරවේදියෙකු වන මලක රොඩ්රිගෝ මහතා ලිපියකින් පවසා තිබෙන්නේ අලි මරණ පිලිබඳ පුවත් වත් වාර්තා බොහෝ විට අතිශයෝක්තියෙන් පල කරන අතර අලි මරණ සංඛ්යාව පසුගිය තෙවසර තුල අඩුවෙමින් පවතින බවයි . ඒ මහතා ගේ ලිපිය මෙහි ඇත .
පසුගිය වසර දෙක තුල වන ජීවී අමාත්යාශය විසින් සෑහෙන වැඩ කොටසක් කර ඇති බවද දැන ගන්නට ලැබුණි.
1. දුම්රිය-අලි ගැටුම නැවැත්වීමට තාප සංවේදී කැමරා පද්ධතිය
2025 වර්ෂයේදී දුම්රිය අනතුරුවලින් අලි 46ක් මිය ගොස් ඇති අතර, එම වර්ෂයේ මුළු අලි මරණ සංඛ්යාව 397කි. මෙම තත්ත්වයට විසඳුමක් ලෙස, පරිසර අමාත්ය ධම්මික පටබැඳි සහ ප්රවාහන අමාත්ය බිමල් රත්නායක මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් ඉහළ මට්ටමේ කමිටුවක් පත් කර ඇත. එහි නිර්දේශ අනුව, ආතර් සී. ක්ලාක් ආයතනය විසින් හඳුන්වා දුන් දිගු-තරංග අධෝරක්ත (long-wave infrared) තාප සංවේදී කැමරා දුම්රිය එන්ජින්වල සවි කිරීම ආරම්භ කර ඇත. පළමු කැමරා පද්ධතිය දෙමටගොඩ දුම්රිය අංගනයේදී පුලතිසි එක්ස්ප්රස් දුම්රිය සඳහා සවි කර ඇති අතර, ඉදිරි සතිය තුළ එහි ක්රියාකාරීත්වය පරීක්ෂා කිරීමට නියමිතය. මීට අමතරව, අලි බහුලව ගැවසෙන දුම්රිය මාර්ග ආශ්රිතව අනතුරු ඇඟවීමේ පුවරු 147ක් සවි කිරීමට ද පියවර ගෙන ඇත.
2. අලි කොරිඩෝ නිදහස් කිරීම
වසර ගණනාවක් වහනය වී තිබූ ප්රධාන අලි කොරිඩෝ 3ක් නැවත විවෘත කර ඇත. ඒවා නම් වැටහිරකන්ද, හදපානාගල සහ කොහොලන්කල ය. . මීට අමතරව, 2021 දී ගැසට් කර තිබුණද නිසි නියාමනයක් නොතිබූ හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය සම්පූර්ණයෙන්ම ක්රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
3. වනජීවී දෙපාර්තමානුව ශක්තිමත් කිරීම
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දිගු කාලයක් තිස්සේ ප්රමාණවත් සම්පත් හා උපකරණ නොමැතිව පැවතිණි. එය විසඳීම සඳහා, වනජීවී ආරක්ෂකයින් 5,000ක් සහ අලි වැට සහායකයින් 3,500ක් බඳවා ගෙන ඇත. එසේම, ක්ෂේත්ර මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා නව වාහන ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. අලි වැට නඩත්තු කිරීම සඳහා බහුකාර්ය නිලධාරීන් 3,500කගේ ස්ථිර පත්වීම් ලබා දීමට පොදු සේවා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී ඇත.
4. වනස්පති ජාතික වැඩසටහන
2025 ලෝක පරිසර දිනයේදී ආරම්භ කරන ලද “වනස්පති” ජාතික වැඩසටහන යටතේ වසරක් තුළ රක්ෂිත 86ක් ප්රකාශයට පත් කර ඇත. මේ අතර නිල්ගල වනාන්තරය (හෙක්ටයාර 40,485) රටේ දෙවන විශාලතම රක්ෂිතය ලෙස ප්රකාශයට පත් කිරීම ද වේ. මේ වන විට රක්ෂිත භූමි ප්රමාණය හෙක්ටයාර 65,000කට ආසන්න වන අතර, 2030 වන විට වන ආවරණය 31% දක්වා ඉහළ නැංවීම අරමුණයි.
5. අලි නැවත වනාන්තරයට මුදා හැරීම
මවු අලින් රහිත හා තුවාල ලැබූ අලි 6 දෙනෙකු (ගැහැණු 2ක් සහ පිරිමි 4ක්) ප්රතිකාරෙන් පසු උඩවලව අභයභූමියේ මෝ ආර වනාන්තරයට නැවත මුදා හැර ඇත.
6. ප්ලාස්ටික් දූෂණයට එරෙහි ක්රියාමාර්ග
ජාතික පාරිසරික පනත සංශෝධනය කරමින් විස්තීරණ නිෂ්පාදක වගකීම (EPR) හඳුන්වා දීමට පියවර ගෙන ඇත. එසේම, ජල මාර්ග පිරිසිදු කිරීම සඳහා 5G තාක්ෂණයෙන් ක්රියාත්මක වන ස්වයංක්රීය රොබෝ යන්ත්ර හඳුන්වා දී ඇත.
7. අනෙකුත් පියවර
· පින්නවල අලි අනාථාගාරය අලි පර්යේෂණ හා අභිජනන මධ්යස්ථානයක් බවට සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.
පරිසර අමාත්යාංශය සඳහා මෙතෙක් වෙන් කළ ඉහළම මුදල වන රුපියල් මිලියන 16,040ක් වෙන් කර ඇත.
මූලාශ්ර:
පින්තුර මොන්ගබේ (mongabay-https://news.mongabay.com/) වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී .
Data debunks spike in Sri Lanka’s elephant killings, points at media hype
කොළඹ ගමයා 17/10/2026

.webp)
ReplyDeleteChange Font Size Globally (Recommended)
This changes the text size for all current and future blog posts automatically.
1. Sign in to your dashboard on Blogger.
2. In the left-hand menu, click Theme.
3. Under your current theme profile, click the Customize button.
4. In the left panel of the Template Designer, click Advanced.
5. Click the dropdown menu (which often defaults to "Page Text" or "Body") and select Post Body or Page Text.
6. Use the size slider or type in your preferred pixel size (e.g., 16px or 18px is recommended for readability).
7. Click the Save icon (floppy disk) in the bottom-right corner to apply the changes.