උද්දච්ඡ සහෝදරවරුනි මේ අහපල්ලා....

 


දේශපාලන හා මානව හිමිකම් ක්රියාකාරීන් වන ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් 2011 වසරේ යාපනයේ දී අතුරුදන් සිදුවීමට අදාළ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා, එළඹෙන සැප්තැම්බර් 29 වැනිදා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසත්, එතැන් සිට මාර්ගගත (Online) වීඩියෝ තාක්ෂණය ඔස්සේ යාපනය මහේස්ත්රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙන ලෙසත් හිටපු ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට යාපනය මහේස්ත්රාත් අධිකරණය අද (7) නියෝග කර තිබේ.

මේ ප්රවෘත්තිය ආණ්ඩුවේ සමීපතමයන්ට මාරම සතුට දෙන ප්රවෘත්තියක් වන බව නිසැකය. එහෙත් ඒ ගැන අපට වෙනස් කියවීමක් තිබේ. ආණ්ඩුවට එරෙහිව ඉන්නා කල්ලි දැන් ඉන්නේ මරු විකල්ලයෙනි. හිරේ විලංගුවේ නොවැටී ඉන්නට විවිධ ආකාරයේ කුමන්ත්රණ දියත් කරමින් සිටින මේ අපරාධකාරයන් ගේ, සියළු ක්රියාකාරකම් පවතින්නේ අනුකම්පා විරහිත මෙලේච්ඡත්වය තුළය.
රාජපක්ෂ වරුන් විසින් සිදු කරන ලද සාහසික අපරාධ හා ජාවාරම්, අධිකරණය තුළ ප්රශ්ණ කෙ⁣රෙමින් පවතින වටපිටාවක ඒ නඩුකරයන් හා සම්බන්ධ සාක්ෂි කරුවන් අබිරහස් ආකාරයට සිය දිවි නසා ගැනීම දක්වා වූ සිද්ධීන් සමාජයේ බරපතල සැකයට හේතු වී තිබේ.මෙරට පැවැති ජාවාරම්කාර දූෂිත දේශපාලනයේ බල අධිකාරිත්වය ගිලිහෙමින් පවතින වටපිටාවක, එය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ ඒ පාර්ශවයන් දියත් කළ හැකි කුමන්ත්රණ වල ස්වරූපය ආණ්ඩුව විසින් නිවැරිදිව වටහා ගන්නට අසමත් වන්නේ නම්, එහි අවසාන ප්රතිඵලය ඉතා බරපතල විය හැකිය.
එහිදී ඇතැම් කුමන්ත්රණ සැළසුම් වෙන්නේ දේශපාලනික හැඩයෙන් විය හැකිය. එසේත් නැතිනම් ජාතිවාදී ස්වරූපයෙන් වෙන්ටත් පුළුවන. ආගමික ආරවුල් වශයෙන් පොලා පනින්ටත් පුළුවන.
"දාමට ඉත්තා සගයක් නොවේ"යැයි කියමන මේ අවස්ථාවේ හොඳටම ගැලපෙන්නේ ගෝඨාභය රාජපක්ෂටය. සාක්ෂි දෙන්නට අධිකරණයට එන ගෝඨාභය ආරක්ෂා කර ගැනීම, ආණ්ඩුව එක් වරක් නොව දහ වරක් සිතිය යුතුය. ආණ්ඩුව බිඳ වැට්ටීමේ කුමන්ත්රණවලට රුධිරය කාගේද යන්න අදාල වන්නේම නැත.
එහෙත් ජාතික ජන බලවේග ආණ්ඩුවේ කෙරුවාව, මේ ආණ්ඩුව බලයට පත් කරවීමට මහන්සි වූ අයවළුන්ද අන්ද මන්ද කරවමින් තිබෙන බව දැනෙන්නට තිබේ. ආණ්ඩුව බලයට පත් කිරීමෙන් පසු රාජ්ය යාන්ත්රණය තුළ පැවැති දූෂණය නිමා කෙරෙනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසය විය. ඒ විශ්වාසය මේ වන විට ඉතා ඛේදජනක ආකාරයෙන් දෙදරා ගොස් තිබේ. ජාතික ජන බලවේගය බලයට පත් කිරීමට දර දිය ඇදි බොහෝ දෙනා දැන් නාහයෙන් අඬමින් සිටින්නේ තමන් ආණ්ඩුවේ කෙරුම්කාරයන් ගැන තැබූ විශ්වාසය ඉරි තලා ගොස් ඇති නිසාය.
ලාල්කාන්තගේ ගණන්කාර කයිවාරුවද, නාමල් කරුණාරත්නගේ රූකඩ බයිලාවද, වසන්ත සමරසිංහගේ මුදලාලි පුරාජේරුවද, සමන්ත විද්යාරත්නගේ ජන වහරේ අදෝනාවද, හඳුනෙත්තිගේ චක්කරේ පාඩමද, දොස්තර නලින්ද ජයතිස්ස ගේ ගොඩ වෙදකම්ද ජාතික ජන බලවේග දේශපාලනය තවදුරටත් ශක්තිමත් කරවන සිමෙන්ති ගල් නොවේ.
ඒ මෝඩ ගඩොල් කයිවාරු පිළිබඳව පුරවැසියන් තුළ මේ වන විට හීන් සැරයේ අප්පිරියාවක් මතු වෙමින් තිබෙන බව සිහිපත් කළ යුතුය. ඒ ඔවුන් විසින්ම වැපිරූ බීජවල අස්වැන්න ය.
මේ ලියුම්කරු පසුගියදා ප්රශ්ණයක් කතා කිරීම සඳහා ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්රබලයකු හමුවිය. ඔහු ඒ අවස්ථාවේම ලියුම්කරු දුරකථනයෙන් සම්බන්ධ කෙරුවේ ආණ්ඩුවේ නියෝජ්ය ඇමති සහෝදරයෙකි. ඒ නියෝජ්ය ඇමති සහෝදරයා ප්රශ්ණය කුමක්දැයි විමසීමෙන් පසුව අදාළ ප්රශ්ණය පිළිබඳව දැනුවත් කිරීමට ලියුම්කරු තොරතුරු පවසමින් විටදීම නියෝජ්ය ඇමති සහෝදරයා විසින් දුරකථනය විසන්ධි කළේය.
එතැනින් එහා ඒ ඇමති බාග කෑල්ල නැවත සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. පසුව පැය හය හතකට පසුව ලියුම්කරු තම හිතවත් ⁣ජාතික ජන බලවේග ප්රබලයාගෙන් විමසුවේ නියෝජ්ය ඇමතිවරයා ඔහු නැවත ඇමතුවේද නැද්ද යන්නය.
"නෑ බං අයියේ...." ඒ ඔහුගේ පිළිතුරුය.
අපට මේ සිද්ධියෙන් සිතා ගත හැකි කරුණු බොහෝය. ඒවා සංසන්ධනය කළ යුත්තේ ජාතික ජන බලවේගය ගැන දැඩි විශ්වාසය තබා, අප විසින් කුණු කූඩයට විසි කර දැමූ ⁣පැරණි දේශපාලඥයන් ගේ මහජන සම්බන්ධීකරණය ගැන මතකයට ගනිමිනි. ඔවුන්ගේ රැවටිලිකාර දේශපාලනය තුළ පවා මේ ආකාරයට අශීලාචාර අවලස්සන හා හිරිකිත ආකාරයට පුරවැසියන් නොතකා හැරීමක් සිදු නොවූ බව අප අමතක නොකළ යුතුය.
එදවස බොහෝ අමාත්යවරුන් වෙත පුරවැසියන් ගෙන් ලැබෙන ඇමතුම් සිය කාර්ය මණ්ඩලය යොදවා හෝ අවධානයට ගැණිනි. ශුද්ධවන්ත ජාතික ජන බලවේග දේශපාලනය තුළ එවැනි ගණුදෙනුවක් නැත. කෙසේ වෙතත් මේ ඇමති බාගය සදාචාරය ගැන ඇබින්දක්වත් නොදන්නා එකෙක් විය හැකිය. අපට ඒ ගැන කණගාටුවීම හැර වෙන කරන්නට දෙයක් නැත.
රාජ්ය යාන්ත්රණය වෙතින් තමන්ට සිදු කරන අකටයුත්තක්, අසාධාරණයක් ගැන දුක්ගැනවිල්ලක් ජාතික ජන බලවේග කෙරුම්කාරයන්ට ඉදිරිපත් කළ හැකි අවස්ථාවද මේ වන විට අහිමි වී තිබේ. මේ හැම කෙරුම්කාරයෙක් අසල ඒ ගැන පොදු පිළිතුරක් තිබේ. ඒ මෙසේය.
"අපි රජයේ නිළධාරීන් සිදු කරන වැරදි ගැන මැදිහත් වීමක් කරන්නෑ. එහෙම අසාධරණයක් වෙනවා නම් අදාල ආයතනයේ ඉහලට පැමිණිලි කරන්න." මේ
මොවුන් පොදුවේ දෙන පිළිතුරයි.
මේ පිළිතුර සමග පුරවැසියාට ඉතිරිව ඇත්තේ "උඹෙ මෑණියන්ට මොනවද එක කරා" නම් ඊට වඩා හොඳ නැද්දැයි තමන්ගේම හිත යටින් අසා එතැනින් ආපසු පිටවීම පමණය.
දැන් ⁣බොහෝ පුරවැසියන් මුහුණ පාමින් සිටින්නේ මේ යථාර්තයටය. ජාතික ජන බලවේගයේ කෙරුම්කාරයන් සිතා සිටින්නේ මෙරට රාජ්ය යාන්ත්රණය නෙළුම් මලෙන් උපන් ශුද්ධවන්තයන් ගෙන්ම ක්රියාත්මක වෙන යුක්ති ගරුක ක්රියාවලියක් බැවින් ඒ යාන්ත්රණයට දේශපාලන බලපෑම් අනවශ්ය බවය.
ජාතික ජන බලවේගයේ ප්රාදේශීය පොඩි සහෝදරයෙක් තමන්ගේ පුරවැසියෙකුට ඉඩම් අමාත්යංශයෙන් සිදුවන අසාධාරණයක් පිළිබඳව අධිකරණ ඇමතිගේ පෞද්ගලික ⁣ලේකම්වරයා දැනුවත් කෙරුවේ ඔහු හා දන්නා හඳුනන කමටය. එහිදී මේ පෞද්ගලික ලේකම් ගත් කටටම කීවේ ඉඩම් අමාත්යංශ ප්රශ්ණ වලට අධිකරණ අමාත්යංශය මැදිහත් වන්නේ නැති බවය.
සැබැවින් එහිදී සිද්ධ විය යුතුව
තිබුණේ, ඒ පුරවැසියාගේ දුක්ගැනවිල්ල ලිඛිතව භාරගෙන ඒ ලියවිල්ල අධිකරණ අමාත්යවරයාගේ අත්සන සහිත ආවරණ ලිපියක් සහිතව ඉඩම් ඇමතිට යැවීමය.
⁣අමාත්ය පෞද්ගලික කාර්ය මණ්ඩලවලට අනුයුක්තව සිටින්නේ මෙවැනි මෝල් ගස්ය. මේ මෝල්ගස් වල කෙරුවාව නිසා ආණ්ඩුවේ සමීපතමයන් පවා කළකිරී ඇතැයි අපගේ කණට ඇසී තිබේ.
ජාතික ජන බලවේගයේ මේ පඩත්තල කෙරුම්කාරයන් ⁣බොහෝ දෙනෙකු සිතා සිටින්නේ ආණ්ඩුව තව අවුරුදු තිහ හතලිහකට බිඳ වට්ටවන්නට බැරි බවය. ඒත් එහිදී අපට සිහිපත් වන්නේ චිලියේ අයන්ඩේ ගැනය. ඊජිප්තුවේ අන්වර් සදාත් ගැනය. හොඳම උදාහරණය ඇත්තේ පිලිපීනයේය. ඒ මාකෝස්ය.
අයන්ඩේට එරෙහිව ආවේ මිල්ටෙරි කැරැල්ලකි. ඒ ගැන කල්පනා කිරීම ආණ්ඩුවට හිතවත් මිල්ටෙරි ලොක්කන්ගේ කාරියකි.ආණ්ඩුව තමන්ට හිතවත් මිල්ටෙරි ලොක්කන්ට පවා ඇහුම්කම් නොදේ නම්, ඒ ගැන පණ්ඩිතකම් ලියන්නට අප⁣ට නොහැකිය. ඒ කෙසේ වෙතත් 'දේශයේ සාමයට ප්රේම කරන්න. ඒ්ත් වෙඩි බෙහෙත් වියලා තබා ගන්න" යැයි අපි අනුර සහෝදරයාට අවවාද කරමු.
සිය හමුදාව ගැන විශ්වාස කළ අන්වර් සදාත්, මා ජීවත්වෙන්නේ "මාගේ දරුවන් සමග" බව පවසමින් සොල්දාදුවන් අතරට ගිය නමුත් 1981 ඔක්තෝම්බර් 06 වෙනදා කයිරෝවලදී "අර දරුවන්" දෙ⁣න්නෙක් විසින්ම ⁣ඔහු ඝාතනය කරන ලදී.
අන්ත දූෂිත බව නිසාම මාකෝස් බලයෙන් පහ කෙරුණි. එහෙත් දූෂිතයන් යැයි හංවඩු ගසා නින්දා කෙරුණ මාකෝස් පවුල වර්තමානයේ නැවත පිලිපීනයේ බලයට පත් වී තිබේ. ඉතිහාසයේ සිදුවීම් ගැන කියවිය යුත්තේ භය වීමට නොවේ. පාඩම් ඉගෙන ගැනීමටය. ඒත් සියල්ල දන්නා උද්දච්ච වාහේලාට නම් ඉතිහාසය විහිළුවක් වන්නට පුළුවන. ඒ විහිළුව හොඳ වෙන්නේ නැට්ටටම කෙල වී පුක බිම ඇණුන දවසට ය.
එපමණක්ද නොවේ. 1986 දී පැනමාවේ ජනරාල් පෙරිමෝස් ගිය ගුවන් යානය පුපුරවා හැරියේ ඔහු ගේ බොඩි ගාඩ්ය.
ඉන්දිරා ගාන්ධි ඝාතනයට පාකිස්ථානය බුද්ධි තොරතුරු සපයා ගත්⁣තේ ඇයගේ උපදේශකයෙක් වූ රාජේන්ද්ර කුමාරගෙනි.
ඇය ඝාතනය කරන ලද්දේ ඇයගේම අභ්යන්තර ආරක්ෂක වලල්ලේම සේවය කළ සොල්දාදුවන් දෙදෙනෙකි.
වර්තමානයේදී සිර ගෙවල් තුළ සිද්ධ වෙමින් පවතින ආරවුල් අහඹු සිදුවී⁣ම් නොවේ. ජාතික ජන බලවේගය බලයට ගෙන ඒමට බොහෝ උදව් කළ බන්ධනාගාර නිළධාරීන් සිටියහ. ඒත් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව සිදු වූ සිදුවීම් හේතුවෙන්, ඒ සමීපතමයන් ආණ්ඩුව හා තිබුණු ගණුදෙනු අත් හැර තිබේ.
බන්ධනාගාර දූෂිතයන්ට සිය බල අධිකාරිය තවදුරටත් පවත්වා ගෙන යාමට ඉඩදී ආණ්ඩුව අහක බලා ගත්තේය. ආණ්ඩුව බලයට ගෙන ඒමට බොහෝ කැපවීම් කළ බන්ධනාගාර නිළධාරීන් කළකිරීම නිසාම ආණ්ඩුවට එරෙහි කුමන්ත්රණකරුවන්ට බන්ධනාගාරය තුළ ගිණි අවුලවන්නට ඉතා පහසු විය. මේ ආණ්ඩුවේ උද්දච්චයන් පළමුවෙන් වටහා ගත යුත්තේ⁣ මේ වටපිටාවය.
දැන් මේ දේ සිද්ධ වී ඇත්තේ බන්ධනාගාරය තුළ පමණක් නොවේ. මේ සිද්ධ වුන දේ පොලීසියේද වෙනත් රාජ්ය දෙපාර්තමේන්තු අධිකාරී හා සංස්ථා තුළද සිද්ධ වී තිබේ. ඒ ඒ ආයතන වල සිට ජාතික ජන බලවේගය බලයට පත් කරවීම සඳහා කැප වූවන්ට දැන් ආණ්ඩුව "තුක් නොදකින්" වී තිබේ. ඊළගට පත්තු වෙන්නේ කවර හැ⁣ඩයේ ආරවුලක්ද එය සිද්ධ වෙන්නේ කොතනදී ද යන්න ගැන ඒ නිසාම අදහසක් ඇති කරගන්නට කිසිවෙකුට නොහැකි වී තිබේ.
ජාතික බුද්ධි සේවයේ පහල ඇවරියේ නිලයන්ට තවමත් මේජර් ජනරාල් සලේ පිළිබඳව ඇත්තේ ගෞරවණීය හැඟීමකි.
ජාතික බුද්ධි සේවයේ අධ්යක්ෂවරයා ලෙස සලේ ඔවුන් හා ඉතා සමීපව රාජකාරි කිරීම එයට හේතුව වී ඇති බව පැහැදිලිය. එහෙත් මේ ආණ්ඩුව ජාතික බුද්ධි සේවයට "පිං ගොනා හංවඩුව" තබා අයාලේ යෑමට අත් හැර තිබේ. සැබෑවටම ආණ්ඩුවට තිබූණේ සලේට වඩා දක්ෂයකු මෙහි ඉහළ පුටුවට පත් කිරීමය. සිද්ධ වී නැත්තේ ද එයමය.
මිනිස් හැඟීම් මුහු⁣දේ පාවෙන අයිස් කන්දක් බඳු බව ප්රකාශ කෙරුවේ සිග්මන් ප්රොයිඩ්ය. හැසිරීම් වලින් පිටට පෙනෙන්නේ තුනෙන් එකය. කොටස් දෙකක්ම ඇත්තේ දිය යටය. අපට දැනට ලියන්නට ඇත්තේ එච්චරය.
දක්ෂිණ ලියනාරච්චි ✍️

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම – ව්‍යවස්ථාමය හා නීතිමය දෘෂ්ටිකෝණයකින්

 ලංකාවෙ Constitution එක ගැන සහ ඒ සම්බන්ද නීතිය ගැන දැනුම තියෙන නීතිවේදීයෙක් ඉන්නවා නම් මේක මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඉගෙන ගැනීම සදහා.  ඕනිම රටක constitution එක ගත්තොත් අදිකරන ස්වාදීනතාවය යටතේ හෝ Supreme Court composition කියන එක යටතේ තමයි උපරිමාදිකරන විනිසුරන්ගෙ දූර කාලය තියෙන්නෙ. මෑතකදී එංගලන්තය විනිසුරුවරුන්ගෙ දූර කාලය දික් කරේ පනතක් pass කරලා. මොකද එයාලට single codified Constitution එකක් නෑ. ඒක කරේ 2022. අවුරුදු 70 ඉදන් 75 දක්වා දූර කාලය දික් කරා. ඒකෙදි එයාලා consider කරේ පහත තියෙන හේතු;

1. පලපුරුදු විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් රඳවා ගැනීම.

2. විනිසුරු පුරප්පාඩු සහ අධිකරණ නඩු පසුබෑම (court backlog) අඩු කිරීම.

3. අදිකරන සේවයට සුදුසු හා දක්ෂ අය වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීම.

4 මිනිසුන්ගේ ආයු අපේක්ෂාව (life expectancy) වැඩි වී ඇති බව සැලකිල්ලට ගැනීම.

එතොකොට මේ දූරකාලය effective date එක විදිහට දැම්මෙ පනත pass උන අවුරුද්දමයි. 

එංගලන්තයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම වෙනම අනාගත දිනයකට කල් දමා තිබුණේ නැහැ. නීතිය සම්මත වූ දිනයේම එය බලපැවැත්විණි. නමුත් අතීතයට බලපාන ලෙස නීතිය හැදුවෙ නෑ. 

කාලසටහන:

2022 මාර්තු 10 – Public Service Pensions and Judicial Offices Act 2022 රාජ අනුමැතිය (Royal Assent) ලැබී නීතිය බවට පත් විය.

එදිනම (2022 මාර්තු 10) – විනිසුරුවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 70 සිට 75 දක්වා වැඩි කළ නීති ප්‍රතිපාදනද බලපැවැත්වුණි.

ඒ අනුව, විශ්‍රාම වයස වැඩි කිරීම 2022 මාර්තු 10 දිනම ක්‍රියාත්මක විය. එය පසුව එන දිනයකට කල් දැමුවේ නැත.

ඇත්තටම මේ පනත ගේන්න කලින් මහජනයාගෙ මත විමසීමක් කලා. 1000 ක් ගෙන් මත විමසුවා consultation එකක් හරහා. ඒකට එංගලන්ත පාර්ලිමේන්තුව නීතිවේදීන්, විනිසුරුවරුන්, මහජනයා ඇතුලත් උනා. මොක්ද එයාලට සැබෑ උවමනාවක් තිබ්බා මේ දූර කාලය දික් කරන්න. 

එතොකොට Canada වෙ විනිසුරුවරුන්ගෙ දූර කාලය 75යි. 

ලංකාවට නීතිය ගෙනාවෙ ඉංගීසීන්. එංගලන්තයෙන්. එංගලන්තයට පුලුවන් උනා නම් අදිකරන ස්වාදීනත්වයට බාදා නොවන පරිදි තීන්දු දෙන්න, ඇයි ලංකාවට බැරි. මොකක්ද තියෙන බාදාව. රටේ උපරිම නීතිය කියන්නෙ Constitution එකට. 

මට දැන් ප්‍රශ්න ටිකක් තියෙනවා. විනිසුරුවරුන්ගෙ දූර කාලය දික් කරන්න බැරි නම් ඇයි ඒක Constitution එකේ තියෙන්නෙ. එහෙනම් ඒකෙ තියෙන්න තිබ්බා amend කරන්න බැරි mandatory දූර කාලයක්.

දූර කාලය දික් කිරීම සම්බන්ධයෙන් procedure එකක් පැහැදිලිව Constitution එකේ තියෙනවා. පැහැදිලි හොද චේතනාවකින් වත් මේ දූර කාලය දික් කරන්න බැරි ද? ඇයි අපි පත් නොවුනු ආන්ඩුවක් ගැන වද වෙන්නෙ? ඇයි අපි අනාගතයේ පත් වෙන ආන්ඩු අදිකරනයේ ස්වාදීනත්වය හානි කරයි කියලා බලාපොරොත්තු වෙන්නෙ. ඒ කියන්නෙ රටේ අදිකරන ස්වාදීනත්වයට නරක විදිහට අතපොවපු ආන්ඩු අපිට තිබ්බ ද? අනාගතයේ ත් එහෙම ආන්ඩු එයි කියලා අපි හිතනව ද? 

මහජනයාගෙ දැනට බහුතර කියන්නෙ ආන්ඩුව විනිසුරුවරුන්ගෙ කාලය දික් කල යුතු බවයි. රටේ පරමාදිපත්‍යෙ කියන්නෙ බහුතර ජනයාට ඕනි දේ කරන එක නෙමේ ද? මේ කියන විදිහට ජනමත විචාරනයක් ගෙනල්ලත් මේක කරන්න බැරි තත්වයක් ද තියෙන්නෙ. 

එතොකොට මේ කියන විදිහට දූර කාලය වැඩි කිරීමට කොහෙත්ම නොහැකි ද? එය කල යුත්තේ කෙසේ ද?

✍️ නයෝමි

රයිට් ටු  රිප්ලයි :

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම – ව්‍යවස්ථාමය හා නීතිමය දෘෂ්ටිකෝණයකින්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පැනනැගී ඇති ප්‍රශ්නයට "පුළුවන්" හෝ "බැහැ" යන සරල පිළිතුරක් ලබා දිය නොහැක. එය තීරණය වන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන, සංශෝධන ක්‍රමවේදය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ මූලධර්ම එකට සැලකිල්ලට ගනිමින්ය.

පළමුව, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති කරුණකි. එම නිසා එය සාමාන්‍ය නීතියකින් නොව, ව්‍යවස්ථා සංශෝධනයක් මගින් වෙනස් කළ හැකිය. ව්‍යවස්ථාව යනු කිසිසේත් වෙනස් කළ නොහැකි ලේඛනයක් නොවේ. ඒ සඳහාම ව්‍යවස්ථාවේ නියමිත සංශෝධන ක්‍රියාපටිපාටියක් ද ඇතුළත් කර ඇත.

එහෙත් මෙහි සැබෑ නීතිමය ප්‍රශ්නය වන්නේ විශ්‍රාම වයස සංශෝධනය කළ හැකිද යන්න නොව, එය සිදු කරන ආකාරය සහ එම සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසයට බලපාන්නේද යන්නයි.

අධිකරණයේ ස්වාධීනත්වය ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදයක අත්‍යවශ්‍ය මූලධර්මයකි. විනිසුරුවරුන් දේශපාලන බලපෑම්වලින් තොරව, නීතියට හා තම හෘද සාක්ෂියට අනුව තීරණ ලබා දිය යුතුය. එබැවින්, නීතියක් සම්මත කිරීමේදී එහි සැබෑ බලපෑම පමණක් නොව, එය පිළිබඳ ජනතාව තුළ ඇතිවන පෙනුම (appearance of independence) ද වැදගත් වේ.

මෙහිදී ඇතැම් ව්‍යවස්ථා නීති විශාරදයන් පෙන්වා දෙන්නේ, දැනට සේවයේ සිටින විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම, විශේෂයෙන්ම දේශපාලනිකව සංවේදී නඩු විභාග වන කාලයක සිදු වන්නේ නම්, විධායකය හෝ පාර්ලිමේන්තුව විනිසුරුවරුන්ට පෞද්ගලික ප්‍රතිලාභයක් ලබා දෙන බවට පෙනී යා හැකි බවයි. එවැනි පෙනුමක් පවා අධිකරණය පිළිබඳ මහජන විශ්වාසයට බලපෑ හැකි බව ඔවුන්ගේ මතයයි.

අනෙක් අතට, තවත් නීති විශාරදයන් පෙන්වා දෙන්නේ, යම් සංශෝධනයක් සාමාන්‍ය ප්‍රතිපත්තියක් ලෙස, සියලුම විනිසුරුවරුන්ට සමානව අදාළ වන ආකාරයෙන් සහ කිසිදු පුද්ගලයෙකු ඉලක්ක නොකර සම්මත කරන්නේ නම්, එය අනිවාර්යයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් වන බව පැවසිය නොහැකි බවයි. ඔවුන් එංගලන්තය, කැනඩාව සහ තවත් පොදු නීති (Common Law) රටවල් කිහිපයක් උදාහරණ ලෙස දක්වති.

එංගලන්තය 2022 දී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 70 සිට 75 දක්වා වැඩි කළේ දීර්ඝ මහජන උපදේශන ක්‍රියාවලියකින් පසුවය. එහි අරමුණ වූයේ පළපුරුදු විනිසුරුවරුන් රඳවා ගැනීම, නඩු පසුබෑම අඩු කිරීම, අධිකරණ සේවයට දක්ෂ පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීම සහ ජනතාවගේ ආයු අපේක්ෂාව වැඩි වීම සැලකිල්ලට ගැනීමයි. එය යම් පුද්ගලයෙකු වෙනුවෙන් ගෙන ආ නීතියක් නොව, අධිකරණ පද්ධතියේ අවශ්‍යතාව මත පදනම් වූ ප්‍රතිපත්තිමය සංශෝධනයකි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය ව්‍යුහය සහ එංගලන්තයේ ව්‍යවස්ථාමය ව්‍යුහය සම්පූර්ණයෙන්ම සමාන නොවන බවද මතක තබා ගත යුතුය. එබැවින් එංගලන්තයේ අනුගමනය කළ ආකෘතිය ශ්‍රී ලංකාවට එලෙසම යෙදිය හැකිද යන්න වෙනම ව්‍යවස්ථාමය විශ්ලේෂණයකට යටත් වේ.

එබැවින් නිවැරදි නීතිමය ස්ථාවරය වන්නේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සම්පූර්ණයෙන්ම තහනම් කර නැති බවයි. එය කළ හැක්කේ ව්‍යවස්ථාව නියම කරන සංශෝධන ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින්ය. නමුත් එම සංශෝධනය සකස් කිරීමේදී අධිකරණයේ සැබෑ ස්වාධීනත්වය පමණක් නොව, ඒ පිළිබඳ මහජන විශ්වාසයද ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

ඒ අනුව, අද පවතින සැබෑ ව්‍යවස්ථාමය විවාදය වන්නේ "විශ්‍රාම වයස වැඩි කළ හැකිද?" යන්න නොව, "එය ව්‍යවස්ථාවට අනුකූලව කෙසේ සිදු කළ යුතුද, එය අදාළ විය යුත්තේ දැනට සේවයේ සිටින විනිසුරුවරුන්ටද, නැතිනම් අනාගත පත්වීම්වලට පමණක්ද?" යන ප්‍රශ්න පිළිබඳවය.

එම නිසා, මෙම ගැටලුවට පිළිතුර නීතියෙන් "නොහැකිය" යන්න නොව, ව්‍යවස්ථාමය මූලධර්ම, නීතිමය ක්‍රියාපටිපාටිය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අතර නිසි සමතුලිතතාවයක් පවත්වා ගනිමින් එය සිදු කළ යුතුය යන්නයි.

චන්ද්‍රිකා ෆර්නැන්ඩෝ 

https://www.facebook.com/share/p/1Fgbh57Rvv/?mibextid=wwXIfr




උද්දච්ඡ සහෝදරවරුනි මේ අහපල්ලා....

  දේශපාලන හා මානව හිමිකම් ක් ‍ රියාකාරීන් වන ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් 2011 වසරේ යාපනයේ දී අතුරුදන් සිදුවීමට අදාළ නඩුවේ සාක්...