Skip to main content

Posts

පළාත් සභා බලය ගැනීමේදී මාලිමා ආණ්ඩුව වැරදිද

පහුගිය අවුරුද්දේ ජවිපෙ / මාලිමාව  නායකයෝ කිහිප දෙනෙක්ම ලන්ඩන් ආව . අමාත්‍ය  නලින්ද ජයතිස්ස , අගමැතිනි හරිනි  අමරසූරිය සහ අවසානයේ ජනාධිපති අනුර කුමාර දිසානායක.  මේ ගැන මම ලිපි කිහිපයක්ම ලීවා.  ඒ ජනාධිපතිවරණය  පැවැත්වෙන්න කලින් . මාලිමාව බලය ගන්න කලින් .  මෙන්න ඒ ලිපි .  ෂාරුක් ඛාන් ජයතිස්ස   මේ ලිපියේ අග මෙහෙම අවවාදයකුත් දැම්මා. අවවාදයයි: පරණ ගිලෙන නැව් වලින් පනින මීයන් ගෙන් ප්‍රවේසම් වන්න. උන් අලුත් නැව්ද හිල් කරන්නට ඉඩ තිබේ.  අනුර - හරිනි විකට්ටුවට බවුන්සර් එන්නේ කොහෙන්ද ටිල්වින් සිල්වා සහෝදරයා ට ප්‍රශ්න කිහිපයක් සමග ජාජබේ ඇට් ලන්ඩන්  දැන් අනුර සහෝදරයා ජනාධිපති වෙලා , මාලිමා ආණ්ඩුවක් පිහිටුවලා , මාලිමා ආණ්ඩුවට ලැබුන චන්ද අඩුවෙලා නමුත් වැඩිම පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලයත් අල්ලාගෙන තියෙන්නේ .  මේ අතරේ විවේචනයක් යනව ,  මේ විවේචනය එන්නේ  විපක්ෂයේ සජබ ,  පොහොට්ටුව අයගෙන් විතරක් නෙමෙයි .  ඒ කියන්නේ ඔවුන්ගේ සභිකයෝ අහිමි වෙනකොට වේදනාවක්  එනවා තමයි .  ඉතින් විවේචනය  සහ ඇඬිල්ල  සාධාරණයි කියම...

බර්කිනා ෆාසෝ ඉබ්‍රහිම් ට්‍රොරේ හා ගොබ්බ ෆේස්බුකින්

  බර්කිනා ෆාසෝ වල නායකයා ගැන මාර රැල්ලක් යනවනේ මේ දවස් වල. අපේ යාළු   පෙරෙට්ටෝ සහ  සමහර ඩයි හාඩ් ජෙප්පෝ තමා ඉස්සෙල්ලම වගේ  ඉබ්‍රහිම් ට්‍රොරේ ගේ කතාව දැම්මේ හැමතැනම. අම්මට සිරි  ඒ කතාව . අධිරාජ්‍ය වාදයට, අයි එම් එෆ් එකට දෙසා බාලා. අන්න නායකයෝ . මේ AKD ල  වගේද නේද , IMF එකට දෙකට නැවෙන .  වැඩේ කියන්නේ දකුණේ සෙට් එකත් රැල්ලට ඇවිත්. ආචාර්ය හපුගොඩ ත්  ලියල තිබුන ඒ වගේ දැකුම් කළු නායකයෙක් කෝ අපිට!!! වගේ කතාවක් (කුඹීනේ  තොපිට රජෙක් ඉන්නේ  .. කතාව මතක් වුනා).  අයිඑම් එෆ් එකට සපෝර්ට් කර කර ඉඳල ට්‍රොරේ නිසාම අංශක 180ක්  හැරිලද මන්ද ?    මතකද ගඩාෆි ට වෙච්ච් දේ, තෙල් තිබ්බට බැකර් කෙනෙක් නැහැ .  චිනේ, රුසියාව එක්කත්  වලි දා ගෙන හිටියේ. බඩු සෙට් වුනා .  එතකොට ඊට කලින් ඉරාකේ සදාම් ට කෙලවුනා , සිරියාවේ අසාද්ව   පුටින් හීන් සීරුවේ ට්‍රම්ප් ට පාවල දුන්න. කොටින්ම බල තුලනය තියා ගන්න කාට හරි හේත්තු වුනේ නැත්නම් ගේම සෙට් වෙනව.  බර්කිනා ෆාසෝ සහ බටහිර අප්‍රිකානු රටවල් . මාලි , නයිජර් අනිත් දෙක .  මේවල බ...

ලන්ඩනයේ ජවිපෙ හැට විය සමරයි

සැල්වදෝර් අලියන්දේ ගේ චිලි යේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රජය පැවතියේ වසර තුනකටත් අඩු කාලයකි .  අලියන්දේ මාක්ස්වාදියෙකු වුවද ඔහු පිහිටවූයේ (populist)  ජනප්‍රිය එක්සත් රජයකි .  එම රජය මෙහෙයවන ලද්දේ  චිලියන් කොමියුනිස්ට් පක්ෂය, රැඩිකල් පක්ෂය , සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආදී වශයෙන් වාමාංශික පක්ෂ කිහිපයක් එක්වුණු එක්සත් පෙරමුණකිනි. එක්සත් ජනපදය හා දක්ෂිණාංශික කණ්ඩායම් ඔවුන් සමාජවාදයට රට ගෙනයතියි  චෝදනා කල අතර චිලී රජයට විරුද්ධව සම්බාධක පැනවීය. ආර්ථික දුෂ්කරතා  වැඩි වුන අතර උද්ධමනය ඉහල ගියේය .  රජයේ විවිධ පක්ෂ අතර අසමගියක් වර්ධනය වුනි .  ඉන්පසු සීඅයිඒ සංවිධානය දියත් කල කුමන්ත්‍රණයකින් අලියන්දේ ගේ ලතින් ඇමෙරිකාවේ ප්‍රථම වාමාංශික  රජය පෙරලා දැමුණි .   ජෙනරල් පිනෝචේ ප්‍රමුඛ  හමුදාව බලය පැහැර ගත්තේය .      අලියන්දේ ගේ රජය මාක්ස්වාදී රජයක් නොවුණු අතර එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරුපයක් ගත් එකකි .  නමුත් එහි සහායක පක්ෂ අතර සෝවියට් සබඳතා තිබූ  කොමියුනිස්ට් පක්ෂයද විය .  එනිසා අලියන්දේ රජය මැතිවරණ අකුලා දමන බවට බො...

එවැනි පක්ෂයක් තිබේ

එවැනි පක්ෂයක් තිබේ  ****************************************************************** "There is Such a Party": Lenin 4 th  of June 1917 Petrograd Soviets  When answering if there is a prty to take power: Red Army Song about the incident: Party, party, reason and conscience of the people, Your decisions inspire hearts. Lenin told everyone in the distant years: "There is such a party!" "There is such a party!" We will be faithful to you until the end! පෙට්‍රොග්‍රඩ් සෝවියට් සභා රැස්වීමේදී සභානායක - බලය ගැනීමට පක්ෂයක් තිබේද යන්න ඇසූ විට - ලෙනින් නැගිට පිළිතුරු දුන්නේ එවැනි පක්ෂයක් ඇති බවයි .  ඒ ගැන සමරා  ලියු රතු හමුදා ගීතය - පක්ෂය ,  පක්ෂය ,  හේතුව සහ හෘද සාක්ෂිය ජනතාවගේ  ඔබේ තීරණය හදවත් පුබුදුවාලයි  ලෙනින් ඒ ඈත කාලයේදී පැවසුවේ හැමෝටම   "එවැනි පක්ෂයක් තිබේ  එවැනි පක්ෂයක් තිබේ "  අප ඔබට විශ්වාසවන්ත වෙමු  දිවි ඇති තුරා  - අපටද එවැනි පක්ෂයක් තිබේ  රෝහණ විජේවීරයන් නෙක දුක් වළඳමින්  ගොඩ නැගූ පක්ෂයක් තිබේ ...

හැට පිරුණු පක්ෂය

හැට පිරුණු පක්ෂය  ***************************************** මට හැටක් පිරුණේ අප්‍රියලයේය  පක්ෂයට හැට  පිරුණේ මැයි වලය   මා පක්ෂයට වඩා මාසයක් වැඩිමල් ය  මගේ අප්‍රියෙල් උපන් දිනයට  අමතක නොවන දිනයක්ද එකතුව ඇත්තේ ය .  ඒ අප්‍රියෙල්  පස් වනදාය  වෙල්ලස්සේ කැරැල්ලට උරදුන්  අසාධාරණ බදු වලට එරෙහිව ගිය වුන්  ලෙයින් යකඩින් මර්දනය කළෝ  රැජිනගේ ලංකා ආණ්ඩුවයි  හැත්තෑ එකේ තිබුනෙත් එම  ආණ්ඩුව මය , වෙනස තිබුනේ සාරියේ පමණය  ඒ බව දත් තරුණ කොලු කෙල්ලන් සමූහයක්  අවි අතට ගත්තෝ අසාධාරණයට විරුද්ධව ය  ඒ ඉපදී වසර හයකින්ය  උන්ගේ හඬ ජනතාවට නො ඇසුනි  ඒ නොඇසුණු කතාව ලෙයෙහි රුවාගෙන  අදිටන හිස තබාගෙන  ගොඩ නැගුනේ ඒ විශ්මිත පක්ෂයමය  එහි උරුමය ඇත්තේ හැලූ ලේ වලය  ඒ උරුමය මා දුටුවේද භද්‍ර යෞවන වියේදී මය  දෙවන වරටද පක්ෂය බිඳ දමනු රිසියෝ  තරුණ සමුහයේ ගෙල සිඳුහ එහෙත් එය නැගී සිටියේ ෆීනික්ස් පක්ෂියා මෙනි  ඒ පක්ෂය යනු පුද්ගලයා නොවන හෙයිනි  මගේ හැට වැදගත් නැත  හැට විය පිරුණේ දහසකුත් එකක්...

දළඳා වන්දනාව

 දළදා වන්දනාවේ සිදුවූ අභාවාචක සිද්ධි කිහිපයක් හේතුවෙන් සිත බිඳවැටී ඇති නිසා මේ අකුරු කිරීම සිදු කරමි. කලකට පෙර මම මහනුවර පැරණි උඩරට රාජධානියට අයත් එක්තරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ප්‍රාදේශීය ලේකම්වරයකුව සිටියෙමි. එය මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලවරණය පැවැත් වූ සමයයි. එක් දිනක් මා ඇමතුවේ අපේ දිස්ත්‍රික්කයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයායි. "නිලංග නිලමේතුමාට ඔයාව හම්බවෙන්න ඕන ලු එන්න කියන්නද ක්වාටස් එකට" ඔහු ඇසුවේය. මේ අරමුණ පිළිබඳව අවබෝධයක් නොතිබූ බැවින් මා එයට එකඟත්වය පළ කරමි. නිලංග දෑල ඔහුගේ බිරිඳ සමඟ අපේ නිල නිවසට පැමිණියේය .ඒ නවීන පන්නයේ තේ කෝප්ප සෙට් එකක් ද ත්‍යාග වශයෙන් රැගෙනය. ත්‍යාගයේ වටිනාකම වැඩි බැවින් අපහසුවකට පත්වුව ද ප්‍රභූවරයෙකුව එකවරම ප්‍රතික්ෂේප කිරීමට එකල කොන්ද පණ නොතිබූ නිසා එය භාරගතිමි.ඔවුන්ට තේ දී පිටත් කළෙමි. ඔවුන් දෙදෙනා නැවත දෙවන වතාවට ද පැමිණියෝය  .ඒ අවස්ථාවේදී බිරිඳට සාරියක් සහ හෑන්ඩ් බෑගයක් රැගෙන විත් තිබිණි. ලස්සනම වැඩේ වූයේ තුන්වැනි වතාවේදීය . දියවඩන නිලමේ දෑල බණ්ඩාර වෙනුවෙන් මාලිගාවේ තනතුරු දරන ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් විශ්‍රාමික රැවුල ව...

"සඳකඩ පහණක කැටයම් ඔපලා..."

  "සඳකඩ පහණක කැටයම් ඔපලා..." ගීතයක පළමු පදයෙන් කනට ඇහෙන වචන දෙක,තුනකට ගිතයේ අර්ථය සිමා කරන්නට හුදෙක් මිනිසුන් පුරුදු වෙලා ඉන්නවා.ඇත්තට ඒක එහෙම වෙන්නේ නොදැනුවත්කම නිසාවෙන්ද? ගීතයේ රසය පරතෙරට විදින්නට ඔවුන්ට ඇල්මක් නැත්ද? ඒ කොහොම වුණත් ගීතයක අර්ථය ගීතය පිළිබඳ ව සැබැ හෙළිදරව්වක් සිදුකරනවා .ඒ නිසාමයි සාහිත් ‍ ය තුළ තියන මේ අපුරු නිර්මාණය විචාරය කරන්න හිතුවේ, මේ ගීතය හැත්තෑව දශකයේ ඉදලා මෙරට රසික සවන්පත් සනහාලන ගීතයක්..,"සඳකඩ පහනට කැටයම් ඔපලා.."ගීතය.මෙය සතිස්චන්ද් ‍ ර එදිරිසිංහ අධික්ෂණය කල "මාතර ආච්චි " චිත් ‍ රපටයෙන් සුවහසක් රසිකයන්ට ලැබුණු මහඟු තිළිණයක්..ඒ වගේම මේ ගීතය සිවු කුලුදුල් ගීතයක් ලෙස හදුන්වන්න පුලුවන්.එකට හේතුව තමයි වොලි නානායක්කාරයන්ගේ පළමු ගී පද රචනය විමත්,වික්ටර් රත්නායකයන්ගේ පළමු සංගීත අධ් ‍ යක්ෂණය විමත්,සතිස්චන්ද් ‍ ර එදිරිසිංහයන්ගේ කුලුදුල් චිත් ‍ රපට අධික්ෂණය විමත් හැරුණු කොට සුනිල් එදිරිසිංහයන්ගේ ගායන ප් ‍ රවේශයත් මේ ගීතය තුළින් සිදුවිම.ඔහුගේ ඒ හඬ මේ ගිතයේ සංවේදිභාවය හදේ ගැඹුරුම ඉසව්වක ප් ‍ රතයයන් කරන්නට සමත් වෙනවා.මේ ගීතය පිළිබඳ ව ඇතැමුන් වි...

වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා නම් ඔහු...

 දහසකුත් එකක් facebook වීරයන් බිහිවන වර්තමානයේ ඇතැම් වීරවරු නිහඬවම වීරකම් කරති. ඔවුන්ගේ වීරත්වය වචන වලින් එළියට නොපැමිණියද ක්‍රියාවෙන් ඉස්තරම් ය. මනුෂ්‍ය ප්‍රාණියෙකුට ජීවිතය දීම අතිශය අමාරු කටයුත්තකි. එවැනි මරණය අභියස සිටින මනුෂ්‍යයෙකුට ජීවිතය දීම ඊටත් වඩා භාරදූර කටයුත්තකි. මේ සඳහා සද් භාවයෙන් ම තම වේලාව, ධනය, ශ්‍රමය කැප කරන වෙදැදුරන් අතලොස්සක් මගේ ජීවිත කාලය තුළ හමු විය. ඒ අතරින් ජීවිතය ජීවත් කරවීමට පොරබදන දහසකුත් එකක් පිළිකා රෝගීන්ට දෙවන උපත දීමට  තම කාර්යශූර දක්ෂතා දැනුම ආකල්ප උපයෝගී කරගන්නා උතුම් ජීවකවරයෙකු කරාපිටිය රෝහලට නිහඬ සේවයක් සපයමින් සිටිනු මා පසුගිය කාලයේ අත්වින්දෙමි. එතුමා නමින් ක්‍රිසන්ත පෙරේරා නම් වූවේය.  සියල්ල සූරා දමන්නා යන විරුදාවලිය ඇතැම්විට එතුමාගේ නම සමග පෑහෙ යයි කිහිප වරක් මා අසා ඇත්තෙමි එයට හේතුව එම ශ්‍රී හස්තයට හා දෑසට හසුවන මාරාන්තික පිලිකාවක අගමුල සියල්ල මුලිනුපුටා දැමීමට එතුමා දක්ෂ වන බව එතුමාගෙන් ප්‍රරතිකාර ලැබූ රෝගීන් සාක්ෂි දරනවා ඇත. හිරුටත් පෙර අවදිවන වෛද්‍යවරු කිහිප පොළ අතර මෙතුමාද ප්‍රමුඛ පෙළේ වැජඹෙන්නෙකි. තම වාට්ටු සන්චාරය පටන් ගන්නා වි...

ශ්‍රී ලංකා පෙරටුගාමි පක්ෂයේ සාමාජිකයෙකුගේ ප්‍රශ්න වැලක් (පෙසප නොවේ )

මහත්වරුනේ මෝඩ මගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්න? අද හවස 06ට මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ හයවන විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. සියළු දුෂ්ඨ බලවේග පරදවා අවසානයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. ඉතිං ඊට පස්සේ මොනවද වෙන්නේ? දැන් මෛත්‍රීපාල සිරිසේන ගේ මෛත්‍රි පාලන දින සියයේ ප්‍රතිපත්ති මාලාව යටතේ ඔහු විසින් දින සියයක් තුල කළ යුතු වැඩ කන්දරාව අපමණය. එහි පළමු පියවර වශයෙන් ඔහු අද දිනයේ මේ රටේ මීළග විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. ඔහු දැනට අගවිනිසුරු ධූරය හොබවන මොහාන් පීරිස් මහතා ඉදිරියේ දිවුරුම්දීම පසෙකලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ජේෂ්ඨතම විනිසුරුවරයෙකු වන කේ. ශ්‍රි පවන් ඉදිරියේ දිවුරුම් දුන්නේය. අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් අභිනවන ජනාධිපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය. දැන් රට සාමාකාමීය. පැපරල් සහ කැෆේ ඇතුලු සියලු නිරීක්ෂන සංවිධාන මෙවර මැතිවරණ ඉතිහාසයේ පැවති අතිශයින්ම සාධාරණ මැතිවරණය බවට මේ වන විටත් පවසා අවසන්ය. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය යනු මේ රටේ බිහිවූ අතිශයින්ස සාධාරණ මැතිවරණ කොමසාර...

පෙරටුගාමි සමාජවාදී පක්ෂය ගැන හිතවතෙකුගේ මතයක්?

දැඩි ඉල්ලීම නිසා පෙරටුගාමි සමාජවාදී පක්ෂය ගැන පොඩි හැදින්වීමක් ලියන්නම්. මේක පක්ෂකය නිල මතයක් නෙවෙයි, ඒත් මගේ අත්දැකීම් හා දැනුමේ සීමාවන් එක්ක, ඒත් හැකි ආකාරයෙන් ලියන්නම්. මේක ලොකු කතාවක් ඒත් හැකිතාක් කෙටිකර ලියන්නම්. මුලින්ම පසුබිම ගැන ටිකක් ලියන්නම්. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මව් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ලංකාවේ ධනේෂ්වර ආර්ථික ක්‍රමයට විරුද්ධව සමාජවාදී සමාජ ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම සදහා 1960 ගණන්වල අගභාගයේදී පිහිටවපු පක්ෂයක්. ඒ අරමුණේ ප්‍රතිඵලයක් විදිහට 71 සහ 89 දී පක්ෂය මූලික වුණු සන්නද්ධ අරගල සිදුකරනවා. මේවා තාක්ෂණික වශයෙන් න්‍යායාත්මක වශයෙන් වගේම ප්‍රායෝගික වශයෙන් අඩුපාඩු සහිත වූවක්. කිසියම් කෙනෙක් මේ සිද්ධි ගැන විවේචනයක් ඉදිරිපත් කරනවා නම් ඒවා ගැන පිළිතුරු දීමට පෙසප පෙනී ඉන්නවා. ඒක හුදු සමාව ඉල්ලීමකට වඩා එහා ගිය එකක්. අපේ පරම්පරාවේ අය ජවිපෙ ගැන දන්නේ 94 න් පස්සේ ජවිපෙ පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදය සමග දේශපාලනයට ආවට පසු යුගයෙයි. මේ කාලය ඇතුලත 2000 මුල් කාලය දක්වා අපි දේශපාලනිකව කුමන පක්ෂයකට ඡන්දය දුන්නත් ලංකාවේ හෘද සාක්ෂිය නියෝජනය කරන පක්ෂයක...

ලන්ඩන් චන්දයක්

වැඩ නම් ගොඩක් වැඩියි. තත්වෙත් එන්න එන්නම සැහෙන්න ත්‍රිල් වේගෙන එන්නේ. ඉතින් මෙන්න මේ බිසි සෙනසුරාදාවක අවන්හල  පිරිලා. වැඩියෙන්ම මේ ජනාධිපතිවරණ උණුසුමත් එක්ක අලුත් නිව්ස් දැන ගන්න කතා කරන්න ආපු අයගෙන්. කන්න ගත්ත ඉඳි ආප්පේ කටේම හිර වෙලා කතාවල සැර  කමට. වරදවා වටහා ගන්න එපා ඔන්න. එංගලන්තේ ජනාධිපතිවරණයක් නැහැ. මෙහෙ ඉන්නේ විධායක අගමැති කෙනෙක්. නමුත් අවන්හලට සෙට් වෙන වැඩි හරියක් එක්ස්පැට් ලා ඒ කියන්නේ මේ ඩයස්පෝරාවේ කට්ටිය තමන් දාල ආපු පෙරදිග මුතු ඇටේ  වෙන ඕන දෙයක් ගැන සෙවිල්ලෙන් නේ ඉන්නේ. ඉතින් මෙතෙන්ට  මේ ලඟදි අලුතෙන් එන්න ගත්ත  නියම බුවෙක්. නියම පපර මහත්තයෙක් රුවන් කියල. ලන්ඩන් වලම දැන් අවුරුදු පහලවක් විතර බින්න බැහැපු පොරක්. බින්න බැස්ස කිව්වේ ලන්ඩන් වලින් බැන්ද  කියන එකම  නෙමේ. ලන්ඩන් ඇවිල්ල නතර වුනා  කියන එක. නැත්නම් රුවන් ගේ බිරිඳ  බලයි මේ....... කතාව පටන් ගත්තේ අවන්හල අයිති නතෑනියෙල් ආරච්චි මේ ලඟදි කියවපු ඉන්ටෙර්නෙට් බ්ලොගයක තිබ්බ අමරබන්දු මහත්මය ගැන කතාවකින්. මිනිහත් ඉතින් ඔය හොඳට...

පෙරටුගාමී සමාජවාදීන්ට ප්‍රශ්නයක් -අරුණ පෙරේරා

මෙතෙක් කල් රට තුල ගලාගෙන ගිය දේශපාලන ප්‍රවනතාවයන් දෙස නැවත හැරී බලන විට පෙනෙන්නේ, ගෙඩි පිටින් වාමවාදි පාලනයකට ලාංකිකයන් සුදානම් නැති බවකි. එසේ සුදානමක් ඇත්නම් ලාංකීය වාම ව්‍යාපාරය මේ ලෙස කෑලි කැඩි සුනු විසුනු වී යා නොහැකිය. එක් වීම වෙනුවට පෙනෙන්නේ විසීරි යාමය. ජනාධිපතිවරනයේදි සමසමාජ, කොපය, වාසු වැනි පක්ෂ දෙකඩවී හමාරය. කොටසක් ඒකාධිපති කඳවුරේය. අනිත් කොටස ඉන් මුදවාගැනීම යනුවෙන් සඳහන් කඳවුරේය. පේරටුගාමින් සමාජවාදීන් ටද තිබුනේ මින් එක කොටසකට ඇතුලුවීම මිස, අපිත් ඉන්නවා මොඩ්ල් එකේ ඉදිරිපත් වීමක් නොවන බව මගේ විශ්වාසයයි. ඔවුන්ද අපිත් ඉන්නාවා ගොඩට වැටෙන්නේ, දැනටමත් ඡන්දෙට ඉදිරිපත්වී ඇති 'සමාජවාදි' නමෙන් ඉදිරිපත් වී ඇති පක්ෂ අපේක්ෂයන් දෙස බැලීමෙනි. මෙවන් පක්ෂ හතක් හෝ අටක් දැනටමත් ඇප මුදල් තැන්පත් කර අවසන්ය. වාම කඬ්හ්වුරක අපේක්ෂාවන් මෙලෙස විය හැකිද.... ජවිපෙ එක කඳවුරක් තෝරා ගෙන ඇත. ඒ ඒකාධිපතිත්වය පරදවමු යන පැත්තය. අනිකුත් කොටස්ද කලයුතුව තිබුනේ මේ අවස්තාවේ, පවතින තත්වය මත වහ වහා නවතා දැමිය යුතු පාලන රෙජිමය නවතා දැමීමට කඳවුරු බැඳීමය. ඉන් පසුව පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීමට අවශ්‍යන...

වංශ විලා සහ හෙප්ප ඩලා සමග බෙදුම් වාහේ

හිරුගේ අඩවියේ ප්‍රෙස් එකක  වැඩ කලාය  කියපු පරණ  සහෝ කෙනෙකු හමු වෙච්ච වෙලාවේ ආපහු වාම  අංශය පැත්තට වැඩ කරන්නේ නැත්දැයි ඇසු  විට පොරට මල පැන්න සයිස් එකට ගුටි නොකා බේරුනේ අනු නවයෙන්ය. පස්සේ මම පොරට කීවේ දැන් හිරුගේ අඩවියේ හිටපු හිතරෝ බස්සාත් තවම වමේ අංශයේ නෝ  වේ පැත්තේද කොහෙද ස්ව යොං නිර්නන දෙපාර්තමේන්තුවේ වැඩ බවය. ඒකට පොර දුන්න උත්තරය වුනේ ඌට ඒ දවස්වලත් පිස්සු බව දැන සිටි නිසා ඒකේ ලොකු පුදුමයක් නැති වුනත් අඩුම ගානේ ඌ හිත හොඳ එකා බවය. (ඔය ස්වයං නිර්නනෙට මේ පක්සයේ අය හැමදාම බයය.)  නමුත් භාවිතාවෙන් ඉතාම උසස්, හැම වෙලේම නොනවත්වා ලෙනින් වගේම වැඩ කොළ ගාම ලතාවක් වැනි වංශ විලා ට වෙච්ච දේ හෙවත් කොර ගත්ත දේ මතක් කරන කරන වෙලාවට පොරට යකා ආරුඪ වෙනවා පමණක් නොව ...ලඟම  ඉන්න එවුන්ට ගහන්නටද පනී. ඔය අතරේ හෙප්ප ඩලා සිටින්නේ කොතනදැයි ඇසූ විට ඌ කලේ හඬන්නට පටන් ගැනීමයි. හෙප්ප ඩලා තමන්ගේ සින්දු කිරිල්ලී  අධිරාජ්‍යවාදයේ මෙහෙයුම් රටට යවා එය බිඳ හෙලන්නේ කෙලෙසද කියා රිසර්ච් එකක...