කෙහෙළිය ගේ කතාව

 උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න.

හොර කෙහෙළිය 01
මාධ්ය හරහා දිගින් දිගටම සිදුවූ බලපෑම හමුවේ පසුගිය දා සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් සීමාහේවගේ ජනක ශ්රී චන්ද්රගුප්ත හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්රතිදේහජනක ඖෂධ වංචාවට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර එහිදී හිටපු ලේකම්වරයා මෙම සිද්ධියට අදාළ හයවන සැකකරු ලෙස දෙසැම්බර් 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නට මාලිගාකන්ද මහේස්ත්රාත් ලෝචනා අබේවික්රම නියෝග නිකුත් කළාය.
මේ වනවිට මෙම සිදුවීමට අදාළව අයුසුලේට් බයෝටෙක් ෆාර්මා සමාගමේ හිමිකරු හේවගේ සුදත් ජානක ප්රනාන්දු, වෛද්ය සැපයීම් අංශයේ අධ්යක්ෂ වෛද්ය කපිල වික්රමනායක, සහකාර අධ්යක්ෂ දේවශාන්ති සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. දැන් අප අසන්නේ මෙම වංචාවට වගකිවයුතු පුද්ගලයින් සියල්ල අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතිද යන්නයි.
අපට දැනට ලැබෙන තොරතුරු අනුව තව තිදෙනෙකු මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත යුතුය. ඔවුන් නම් හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්රධාන විධායක වෛද්ය විජිත් ගුණසේකර ය. ඒ අනුව ලැබෙන තොරතුරු කියන්නේ හිටපු සෞඛ්ය අමාත්යවරයා ඇරෙන්නට ඉදිරි දින කිහිපය තුළ අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගන්නට බොහෝදුරට ඉඩ ඇති බවය. මේ ලිපිය ලියන පසුගිය දෙසැම්බර් 20 දා සෞඛ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගෙන් ප්රකාශයක් සටහන් කරගෙන ඇති අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව දෙවන වරටත් ඔහුගේ කාර්යාල කාමරය පරීක්ෂාවට ලක්කර ඇත.
මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ඉදිරියට කළ යුතුයැයි අප කියන්නේ ඇයි? එයට හේතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව දැනට පවතින තොරතුරු බොහෝමයක් අප සතුවද පවතින නිසා ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තොරතුරු තිබුණත් ක්රියාත්මක වන්නට දේශපාලන බලාධිකාරය ඉඩ දෙන්නේ නැති වග එහි සිදුවෙන සමහර දේවල්වලින් පෙනෙයි. ඒ අනුව මුල්ම පරීක්ෂණ කණ්ඩායමද දැන් වෙනස්ව ඇති බවට කරුණු වාර්තා වෙයි. නීතිපති දෙපාර්තමේන්තුව තුළ තත්ත්වයද එයමය. එනිසා මෙම පරීක්ෂණ ක්රියාවලිය තවමත් ඉදිරියට යන්නේ නොන්ඩි ගසමින් ය.
කෙහෙළිය මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද?
පසුගිය දා මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයේදී හිටපු සෞඛ්ය ලේකම්වරයා වෙනුවෙන් උසාවියේ පෙනීසිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ප්රකාශ කර ඇත්තේ තම සේවාදායකයා නිකලැල් චරිතයකින් හෙබි අමාත්යාංශ ලේකම්වරයෙකු බවය. ඔහු වෙත පවරනු ලැබූ රාජකාරී ඔහු සිදු කළා හැර, වෙනත් අපරාධයක් කර නැතැයි යන්න ය. මේ ප්රකාශයට අනුව කල්පනා කරන විට සිතට නැඟෙන පැනය වන්නේ, සෞඛ්ය අමාත්යාංශයේ හිටපු නිකැළැල් මෙම ලේකම්වරයාට රාජකාරි පැවරුවේ කවුරුන්ද යන්නයි. රාජ්ය යාන්ත්රණ බල ධුරාවලියට අනුව නම් එම පුද්ගලයා සෞඛ්ය අමාත්යවරයා විය යුතු ය.
ජනතාව විසින් එලවා දමනු ලැබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැබිනට් අමාත්ය ධුර හතක් එහෙට මෙහෙට අනමින් 2021 අගෝස්තු 16 කැබිනට් සංශෝධනයක් සිදුකරන අතර එහිදී කොවිඩ් මර්දනය කරන්නට මුට්ටි ගඟට විසිකළ ඇමතිනී පවිත්රා අත පත්කර තිබුණ සෞඛ්ය ඇමති ධුරය ඇයගෙන් ගලවා කෙහෙළිය රඹුක්වැල්ලට දෙන්නට කටයුතු කළේය. එතෙක් ජනමාධ්ය ඇමති ධුරයේ කටයුතු කරමින් ආණ්ඩුවේ කුණු සෝදමින් සිටි කෙහෙළිය රඹුක්වැල්ලට මේ ඇමති මාරුව කල්ල මරේ වුණාට කිසිදු සැකයක් නැත.
නියම සැලසුම
මෙම බෙහෙත් මගඩිය හරි අපූර්ව සැලැස්මකට අනුව ක්රියාත්මක වී ඇත. පිළිකා රෝගීන්ට වතුර එන්නත් කළාට කමක් නැත. එයින් යම් කිසි දෙයක් සිද්ධවී එම රෝගියා මියගියත් එය පිළිකාවේ පැතිරීම නිසා සිදුවුණ මරණයක් බව ප්රකාශ කරමින් හොරුන්ට ගැළවී යා හැකිය. ඒ අනුව රාජ්ය මුදල් ගසා කෑම සඳහා හොඳම බෙහෙත් වර්ග මොනවාදැයි තෝරාබේරාගෙන ඇත. එම මුල් බෙහෙත් වර්ග ලිස්ට් එක 182ක් තරම් දිගය. මේ සියල්ල ආරම්භ වන්නේ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්ය අමාත්ය ධුරයේ වැඩ භාරගත් පසුවය.
වියත්මගෙන් ඖෂධ නියාමන අධිකාරියට පැමිණ සිටි සභාපතිවරයා මෙන්ම තවත් කිහිපදෙනෙක් එම තනතුරුවලින් ඉවත්කරමින් වැඩ ආරම්භ කරන කෙහෙළිය රඹුක්වැල්ල අමාත්යවරයා අනතරුව එම ධුරය සඳහා මෙන්ම ප්රධාන විධායක ධුරය සඳහා ද තමන්ට අවශ්ය පුද්ගලයින් පත්කර ඇත. මෙම පත්වීම් අතරින් ඖෂධ නියාමන අධිකාරියේ දෙවෙනියා සේ සලකන ප්රධාන විධායක තනතුරට පත්කරන වෛද්ය විජිත් ගුණසේකර කැපී පෙනෙයි. ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලය පත් කරනු ලබන කෙහෙළිය රඹුක්වැල්ල එහි සංයුතිය පූර්ණය කරන්නේ නැත. 13 දෙනෙකු පත්විය යුතු අධ්යක්ෂ මණ්ඩලයට පත්වන්නේ 8 දෙනෙක් ය. එයත් මෙම ගැහිල්ලේම කොටසක් බව පැහැදිලිය.
ඉන්පසුව ඖෂධ හිඟයක් ඇතිවීම සඳහා දැනුවත්ව කටයුතු කර ඇත. ඉන්දියානු ණය යෝජනා ක්රමයේ ප්රතිපාදන ද කල් ඉකුත් වෙන්නට ඔන්න මෙන්න වෙනකම් ඖෂධ හිඟයට වැඩෙන්නට ඉඩ දී ඇත්තේ හොද්ද බොරවීම සඳහා ය. ඉන්පසුව මෙම බෙහෙත් වර්ග 182ක හදිස්සියේ ගෙන්වීම සඳහා වැඩ පටන් ගෙන ඇත. බොහෝ වැඩ කටවචනයට අනුව පටන් ගෙන ක්රියාත්මක වෙමින් යන අතරතුර අමාත්ය මණ්ඩලය වෙත අනුමැතිය සඳහා ගොස් ඇත.
මෙම බෙහෙත් වර්ග 182ක අතරින් ඇණවුම් කර ලැබෙන්නට තිබෙන බෙහෙත් වර්ග ගැන බලන්නේ නැතිව නව ගෙන්වීම් කරන්න යැයි උපදෙස් ලැබී ඇත. ඒ අනුව මෙම ඇණවුමෙන් සති දෙකක් ගිය තැන සමහර බෙහෙත් ඇණවුම් ලැබී ඇත. ගැහිල්ලේ දිගපළල එහෙමය. හදිස්සිය එහෙමය.
බෙහෙත් ගෙන්වීමේ සාමාන්ය ක්රමය අනුව සෞඛ්ය අමාත්යාංශයේ වෛද්ය සැපයුම් අංශය (MSD) අවශ්ය බෙහෙත් ඇණවුම පිළිබඳව විස්තර ලබාදුන් පසුව එම බෙහෙත් ගෙන්වීමේ සහ මිලදී ගැනීමේ ක්රියාවලිය සිදු කරන්නේ රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවයි (SPC). එම බෙහෙත්වල ප්රමිතිය මෙන්ම ගෙන්වන ආයතන එම බෙහෙත් මිලදී ගන්නා මව් ආයතනය පිළිබඳ විස්තර, රසායනාගාර විස්තර, බෙහෙතේ සායනික දත්ත ආදිය පරීක්ෂා කරන්නේ ඖෂධ නියාමන අධිකාරියයි (NMRA). එහෙත් මෙම සාමාන්ය ක්රමවේදයෙන් බැහැරව මෙම ඖෂධ ගෙන්වීම සිද්ධ කර ඇත.
මෙම සෙල්ලම ආරම්භ වන විටම රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව මෙසේ ඖෂධ ගෙන්වන්නට බැහැ බව කියමින් යාන්ත්රණයෙන් ඉවත්වී ඇත. තමන්ට අවශ්ය විදිහට වැඩ කරන්න බැරිනම් ඉවත්ව යන්න යැයි එස්පීසී ලොක්කාට මෙහිදී අමාත්යවරයා සැරවී ඇතැයි වාර්තා වෙන අතර පසුව අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ලබාගනිමින් එම එස්පීසී වැඩේත් වෛද්ය සැපයුම් අංශයට භාර දී ඇත. බල්ලාගේ වැඩේ බූරුවාට භාර දෙනවිට එය භාරගත් බූරුවන්ට දැන් හිරේ ළගින්නට සිදුව ඇත. මේවා උසස් රාජ්ය නිළධාරීන් දැන්වත් වටහා ගත යුතුය.
රෝගීන් මරණය වෙත යැවීම
ඉන්පසුව රෝගීන් මරණය වෙත යවා මුදල් හම්බ කරන සෙල්ලම ආරම්භ වී ඇත. ඒ හදිස්සි මිල දී ගැනීම් නැමති වහන්තරාවට මුවා වෙමින් ස්පෙෂල් පාත්වේ නම් මාර්ගයක් මවමින් ය. එහිදී බෙහෙතක් ගෙන්වන විට ක්රියාත්මක වෙන ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්ය ක්රියාවලිය, මම නම් ඖෂධ නියාමන අධිකාරිය වෙමි යැයි කියමින් ප්රධාන විධායක වෛද්ය විජිත් ගුණසේකර තමන්ගේ යටතට ගෙන ඇත.
එහිදී ඖෂධ නියාමන අධිකාරිය තුළ එයාම ඉල්ලා එයාම අනුමැතිය දෙන ස්පෙෂල් පාත්වේ නම් අරුම මොඩලයක් ක්රියාත්මක වී ඇත. 2022 සැප්තැම්බර් 16 වෙනි දින අධ්යක්ෂ මණ්ඩල තීරණය මත මෙම ක්රමය ක්රියාත්මක කර ඇති අතර මෙහිදී සිද්ධවී ඇත්තේ ප්රධාන විධායක නිලධාරියාගේ අනුමැතිය මත ඖෂධ ගෙන්වීමේ සමාගම් ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමය. මෙහිදී ඖෂධ නියාමන අධිකාරිය ඊට ප්රථම නියාමනය සඳහා සලකා බලන සියලු මිනුම් දඬු බැහැර කර ඇත. පුද්ගලික අභිමතය පමණක් ක්රියාත්මක වී ඇත. මෙම ක්රමය යටතේ ලියාපදිංචියෙන් නිදහස් කිරීම සඳහා 2022-2023 ජූනි අතර කාලයේ ලිපි 287ක් නිකුත් කර ඇත. මෙම ප්රධාන විධායක නිලධාරියා යටතේ ඖෂධ නියාමන අධිකාරියේ සිදුව ඇති මෙවැනි වර්ගයේ කෙරුම් ගැන වෙනම ලිපියක් ලිවිය යුතුය. ඒ තරමට කරුණු ඇත.
ඉන්දියානු ආධාර බොරුව
මෙම බෙහෙත් ඉන්දියානු ණය ආධාර යටතේ මිලදී ගන්නවා යැයි කියමින් අමාත්ය මණ්ඩලයද මෙහිදී රවටා ඇත. සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල 2021 අගෝස්තු 16 දින සෞඛ්ය අමාත්යවරයා සේ පත්වීමෙන් අනතුරුව 2022 සැප් 26 දිනැතිව අංක 22/1523/610/018 දරන අමාත්ය මණ්ඩල සංදේශය මගින් රජයේ සෞඛ්ය ආයතනවල පවතින උග්ර වෛද්ය සැපයුම් හිඟය මඟහරවා ගැනීමත්, අඛණ්ඩ වෛද්ය සැපයුම් සේවාවක් පවත්වා ගැනීමටත් යැයි කියමින් ඉන්දීය ණය අරමුදල් වසර අවසන් වනවිට අවලංගු වෙන බවටත් ඊට පෙර එය භාවිත කළ යුතු බවටත් ප්රකාශ කරමින්, පුද්ගලික අංශයේ නියෝජිතයන්ට වෛද්ය සැපයුම් ආනයනය සඳහා අවසර ලබාදීමට ද ඒ අනුව එම පුද්ගලික ආයතන හරහා මාස තුනකට ප්රමාණවත් ඖෂධ තොග ඉන්දීය ණය යෝජනා අරමුදල භාවිත කරමින් ලබාගන්නට ද අවසර ඉල්ලා ඇත. එම යෝජනාවට 2022 ඔක්තෝබර් 03 දින අමාත්ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.
මේ අතර කාලයේ ඉන්දියාවේ සැවොරයිට් ෆාමසියුටිකල් නම් සමාගමක් සෞඛ්ය අමාත්යවරයා වෙත 2022 ඔක්තෝම්බර් 21 සහ 28 යන දින දෙක තුළ ලිපි යොමුකර තිබුණ අතර ඒ අනුව එමගින් සමාගම සතුව පවතින ඖෂධ අයිතම 38ක අතිරික්ත තොග මිලදී ගැනීමට යෝජනා කර ඇත. මේ පිළිබඳව කෙහෙළිය රඹුක්වැල්ල 2022 ඔක්තෝබර් 25 නැවතත් අමාත්ය මණ්ඩල සංදේශයක් (22/1523/610/024) ඉදිරිපත් කර ඇත. එහි සඳහන් කර ඇත්තේ රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් වෛද්ය සැපයුම් ආනයනය සඳහා සැලකිය යුතු කාලසීමාවක් ගතවෙන බැවින් සහ වෛද්ය සැපයුම් අංශය සතුව තිබෙන තොග අවදානම් මට්ටමක පවතින බැවින්, ඖෂධ 151ක තොග ශූන්ය මට්ටමක පවතින බැවින්, ඉදිරි සති 03ක කාල සීමාව තුළ ශල්යාගාරවල ක්රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අක්රිය වෙනු ඇති බවයි.
මෙසේ අවධාරණය කරමින් ඔහු ප්රකාශ කර ඇත්තේ ඉන්දියානු ණය යෝජනා ක්රමය සහ අනෙකුත් අරමුදල් ක්රම භාවිත කර දින 45ක් ඇතුළත ශ්රී ලංකාව වෙත මාස 03ක කාලයක් සඳහා ප්රමාණවත් වෛද්ය සැපයීම් තොග ලබාදීම සඳහා ඉන්දියාවේ ගුජරාට්හි සැවොරයිට් ෆාමසියුටිකල් නම් සමාගම එකඟතාව පළකර ඇති බවයි. එසේ කියමින් මෙම අමාත්ය මණ්ඩල සංදේශය මගින් අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මාස 03ක කාලයක් සඳහා ප්රමාණවත් ඖෂධ තොග මෙම ආයතනයෙන් සහ තවත් ආයතනවලින් ලබාගන්නට අවසර ඉල්ලා ඇත.
ඉන්පසුව 2022 නොවැම්බර් 14 රැස්වූ අමාත්ය මණ්ඩලය මුදල් අමාත්යවරයාගේ නිරීක්ෂණවලට අනුව කටයුතු කිරීමට යටත්ව මෙම සංදේශයෙන් ඉදිරිපත් කරනු ලබන යෝජනා සඳහා අනුමැතිය ලබාදී ඇත. එහෙත් 2022 නොවැම්බර් 01 දිනැති ලිපියක් මගින් වෛද්ය සැපයීම් නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් වෛද්ය සැපයුම් අංශයේ අධ්යක්ෂකට සහ සියලු සහකාර අධ්යක්ෂවරුන්ට දන්වා ඇත්තේ අමාත්ය මණ්ඩල අනුමැතිය ලද බවය.
ඉන්පසුව 2022 දෙසැම්බර් 05 වෙනි දින නැවතත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්යවරයා අමාත්ය මණ්ඩල සටහනක් (22/1993/610/024-1) ඉදිරිපත් කරමින් ඉන්දියාවේ කෞසික් තෙරපියුටික්ස් යන ආයතනයට මාස තුනකට සරිලන ඖෂධ තොග ආනයනය කරන්නට අවසර ලබාදෙන්න යැයි ඉල්ලා ඇත. එදිනම එයට අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව 2022 දෙසැම්බර් 01 වෙනි දින සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල සමග පැවති රැස්වීමකදී ලබාදුන් උපදෙස්වලට අනුව ඉහත සමාගමෙන් ඖෂධ අයිතම 28ක් මිලදී ගැනීමට එවක වෛද්ය සැපයීම් අධ්යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය කළ නියෝජ්ය අධ්යක්ෂ විසින් වෛද්ය කාර්ය මණ්ඩලය වෙත උපදෙස් ලබාදී ඇත. මෙහිදී වැදගත් කරුණක් සඳහන් කළ යුතුව ඇත. එනම් දැනට බන්ධනාගාර ගතකර සිටින වෛද්ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්ය කපිල වික්රමනායක මෙම තීන්දු තීරණ ගන්නා කාලයේ දිවයිනේ සිට නැති බවය.
හදිස්සිය කොතෙක් ද?
ඉන්දියානු ණය ආධාර මත ගෙන්වනවා යැයි කියමින් දේශීය අරමුදල් ගසා කන ඖෂධ ජාවාරම මෙසේ සක්රිය වෙන පසුබිම තුළ ඉන්දියානු ණය ආධාර ක්රමයේ ඉතිරි අරමුදල් භාවිත කරමින් හදිසි ප්රසම්පාදන ලෙස වෛද්ය සැපයුම් ආනයනය කිරීමට පුද්ගලික අංශයේ ආනයන නියෝජිතයන්ට අවසර ලබාගැනීමට සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල 2022 සැප්තැම්බර් 26 දින තවත් අමාත්ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත. එම සංදේශයට ඔක්තෝබර් 03 දින අනුමැතිය ලැබීමට දින 11කට ප්රථම වෛද්ය සැපයීම් නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් අමතන ඖෂධ, සැපයීම් හා නියාමන අංශයේ අතිරේක ලේකම්වරයා SM/PSRP/01/MSD/2021 දරන ලිපිය 2022 සැප්තැම්බර් 22 දින ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත යොමුකරමින්, ඉන්දියානු ණය ආධාර ක්රමය භාවිත කරමින් පුද්ගලික සැපයුම්කරුවන්ගෙන් හදිසි මිලදී ගැනීම් සිදුකිරීමටත් මාසයකට වඩා අඩු කාලයකදී තොග මට්ටම් පවතින ඖෂධ සඳහා මාස 03ක කාලයකට ප්රමාණවත් පරිදි ඇණවුම් ඉදිරිපත් කරන්නට දැනුම් දී තිබී ඇත. මෙයින් පෙනෙන්නේ කැබිනට් එකට යන්නටත් පෙර යාන්ත්රණය ක්රියාත්මක වී ඇති බවය. අහෝ රෝගීන් ගැන සිතානේ ..!
අතිරේක ලේකම්වරයාගේ මෙම ලිපිය ලද 2022 සැප්තැම්බර් 23 දිනම වෛද්ය සැපයුම් නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් එදිනම මෙම ලිපියට සටහන් යොදමින් රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවට ඇණවුම් ඉදිරිපත් කිරීමට දැනුම් දී ඇත. ඒ අනුව ඊට දින තුනකට පසුව එනම් සැප්තැම්බර් 26 වැනි දිනයේදී වෛද්ය සැපයීම් නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් විසින් රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත රුපියල් 4,150,108,653ක් වටිනා ඖෂධ අයිතම 182ක් සඳහා ‘වී‘ කේතය යටතේ මාස 03ක කාලයක් සඳහා ඇණවුම් ඉදිරිපත් කර ඇත. රාජ්ය සේවාවේ මෙතරම් කාර්යක්ෂමතාවක් මීට පෙර ඔබ දැක තිබේද?
කෙහෙළියගේ අතිරේක ලේකම්
මෙහි නිතර නම සඳහන් අතිරේක ලේකම්වරයා වෙන කිසිවෙකු නොව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්යවරයා විසින් උඩින් ගෙනවිත් සෞඛ්ය අමාත්යාංශයට පත් කළ සමන් රත්නායක ය. ඒ බවත් මතක තබාගෙන මෙය කියවන්න.
ඖෂධ අයිතම 182ක් සඳහා ඖෂධ නීතිගත සංස්ථාව වෙත රුපියල් බිලියන 04ක් වටිනා ඇණවුම් ඉදිරිපත් කර දිනකට පසුව 2022 සැප්තැම්බර් 27 දින ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන අංශයේ අතිරේක ලේකම්වරයා විසින් සෞඛ්ය ලේකම්වරයා වෙත ඉදිරිපත් කරන අභ්යන්තර සටහනක් මගින් ‘2022 සැප්තැම්බර් 22 දින ඉන්දියානු ණය ආධාර භාවිතයෙන් මාස 03ක් සඳහා වැදගත් සහ අත්යවශ්ය ඖෂධ ආනයනය කර සැපයීමට අදාළව සෞඛ්ය අමාත්යවරයා සහ ඖෂධ සැපයුම්කරුවන් අතර පැවති රැස්වීමේ තීරණයකට අනුව’ යැයි සඳහන් කරමින් මෙම ඖෂධ ගෙන්වීමට අභිලාෂ කැඳවීමේ ලේඛනයන් සකස් කර එම අභිලාෂ කැඳවීම් වෙබ් අඩවි තුළ පළ කර ඇත. මෙහිදී අතිරේක ලේකම්වරයා විසින් ලංසු විවෘත කිරීමේ කමිටු සහ සෞඛ්ය ලේකම්වරයා විසින් ඇගයීම් කමිටු පත් කර 2022 ඔක්තෝබර් 03 දින ලංසු විවෘත කිරීම ද සිදුකර ඇත.
මෙහිදී තවත් අනාවරණය වෙන වැදගත් කරුණක් වන්නේ, වැදගත් සහ අත්යවශ්ය ඖෂධ ආනයනය කිරීමට ඉන්දියානු ආධාර භාවිත කරන බවට අමාත්ය මණ්ඩලයට කරුණු දැක්වූවත් ගෙන්වන්නට යෝජනා ඉදිරිපත් කළ ඖෂධ අතර Everolimus/ Gentamicin Sulphate inj/ Cefuroxime inj වැනි අත්යවශ්ය නොවන ගණයේ ඖෂධ වර්ගයන් ද පැවති බවය. ඉන්දියානු ණය ආධාර බොරු එසේ පැටවු ගසා ඇත.
මෙම ඖෂධ ඇගයීම සඳහා සෞඛ්ය ලේකම්වරයා නිකන් බොරුවට වාගේ පස් දෙනෙකුගෙන් සමන්විත ඇගයීම් කමිටුවක් පත් කර තිබී ඇති අතර එහි ප්රසම්පාදන අංශයේ ප්රධානියා සේ කටයුතු කළ සමන් රත්නායකද සිට ඇත. මෙහි පිළිකා ඖෂධ වැනි විශේෂිත ඖෂධ ඇගයීම සඳහා සුදුසුකම් තිබෙන කිසිවෙකු සිට නැත. එයත් මෙම මූලික සැලසුමේම කොටසක් බව පෙනෙයි. එසේ පිළිකා ඖෂධ පිළිබඳ දැනුවත් පුද්ගලයෙකු මෙහි සිටියා නම් රිටොක්සිමැප් නම් ඖෂධය ගෙන්වීමේ ප්රයත්නය වැළකෙන්නට ඉඩ තිබුණි. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ වන විට තත්ත්වය මේකය.
මේ ඖෂධ ගෙන්වීම වෙනුවෙන් ලංසු ඉදිරිපත් කළ බොහෝමයක් සැපයුම්කරුවන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වලංගු සහතික තිබී නැත. එසේ නොමැති සමාගම් ටෙන්ඩර් ඉදිරිපත් කිරීම සඳහා දිරිගන්වා ඇති අතර ඔවුන්ට ඇණවුම් ලබාදීමේ අරමුණෙන්ම, ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කරනු ලබන ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතිකය නිකුත් කිරීමේ පිළිගත් ක්රමවේදයෙන් බැහැරව කටයුතු කර ඇත. ඒ සඳහා ස්පෙෂල් පාත්වේ නම් ක්රමයක් සකසාගෙන ඇත.
මේ සියලු මගඩි ක්රමයන් බලාත්මක කරමින් යන අතරතුර රුපියල් බිලියන 6.9ක් වටිනා ඖෂධ ඇනවුම් 158ක් ගෙන්වීම සමාගම් 21ක් අතර බෙදා දී තිබුණි. එම සමහර සමාගම් එකම සමාගම් ජාලයකට අයත් සමාගම් ය. එයින් පෙනෙන්නේ එකම සමාගම් ජාලය වෙන වෙනස් ලංසු ඉදිරිපත් කර ඇති බව නොවේද?
මෙතරම් හදිසියක් සහ ඖෂධ හිඟයක් ගැන අමාත්ය මණ්ඩලයට බොරු අඟවමින් ඉන්දියානු ණය ආධාර බොරුවද ප්රකාශ කරමින් 2022 නොවැම්බර් මසයේ මෙම හදිසි ඖෂධ ඇණවුම් ලබාදුන්නත් එයින් 2023 අප්රේල් 24 දක්වා ලැබී ඇත්තේ ඖෂධ අයිතම 22කට අදාළ තොග පමණි. ඖෂධ අයිතම 136කට අදාළව 2023 අප්රේල් 24 දක්වාම තොග ලැබී නැත. මෙයින් පෙනෙන්නේ කෙහෙළිය අමාත්ය මණ්ඩලයට අඟවා ඇති ඖෂධ හිඟය බොරුවක් බවද? එසේ නැතිනම් ප්රශ්නය එතරම් දරුණුව නොතිබුණත් හොද්ද බොර කරගැනීමේ අරමුණෙන්ම මෙම කැබිනට් සංදේශ හැදුවා ද යන්නයි.
කෙහෙළිය අහිංසකද?
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්ය අමාත්ය ධුරය භාරගත් පසුව ඔහු සෞඛ්ය අමාත්යාංශයට, ජාතික ඖෂධ නියාමන අධිකාරියට සහ රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවට ආදි ස්ථානවලට ප්රධානීන් සේ පත් කරන පුද්ගලයින් මෙම ඖෂධ ගනුදෙනුවලදී හැසිරී තිබෙන ආකාරය දෙස බලන විට කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්යවරයා අහිංසක නැති බව කිව යුතුය. ඔහු අමාත්යාංශය භාරගත් පසුව මෙම ඖෂධ මිලදී ගැනීම්වලට අදාළව පළමු කැබිනට් පත්රිකාව කැබිනට්ටුව වෙත ඉදිරිපත් කරන්නේ 2022 සැප්තැම්බර් 26 දිනයේදී ය.
22/1523/610/018 යන අංකය යටතේ එම අමාත්ය මණ්ඩල සංදේශය ඉදිරිපත්වී ඇත. මේ පිළිබඳව අප පසුගිය කලාපයේත් සඳහන් කළෙමු. මේ ගේම පටන් ගන්නේ මෙතැනින් ය. ගේමට අවශ්ය පිටිය සකස් කරගැනීම සඳහා එක පිට එක ලෙස අමාත්ය මණ්ඩල සංදේශ, පත්රිකා ඉදිරිපත් වී ඇති අතර එම පෙරහැරේ පළමු පිම්ම මේ කැබිනට් සංදේශයයි. මෙම ඖෂධ මිලදී ගැනීමේ යෝජනාවට 2022/10/03 දිනයේදී අමාත්ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
2022/10/25 නැවතත් අමාත්ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරමින්, නැවතත් ඖෂධ හිඟය ගැන මෙන්ම ඉන්දියානු ණය ආධාර ක්රමය ගැනද, සඳහන් කරමින් ඉන්දියාවේ ගුජරාට්හි සැවෝරයිට් ෆාමසියුටිකල් පුද්ගලික සමාගමෙන් ඖෂධ අයිතම 38ක් මිලදී ගන්නට අවසර දෙන්න යැයි ඉල්ලා ඇත. 2022/10/25 දින අමාත්ය මණ්ඩල රැස්වීමේදී මෙම සන්දේශය සඳහා ප්රතිපත්තිමය අනුමැතිය ලබාදෙන්නටත් අවසන් තීරණයක් සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්රතිපත්ති අනුකමිටුව එම සංදේශය යොමුකරන්නටත් තීරණය කර ඇති අතර එහිදී 2022/11/02 දිනයේදී මෙම කැබිනට් සංදේශයට මුදල් අමාත්යවරයාගේ විරෝධයක් නැති බව දන්වා ඇති අතර ඒ අනුව 2022/11/14 කැබිනට්ටුව මේ සංදේශය සඳහා අනුමැතිය ලබාදී ඇත.
ඉන්දියාවේ මෙම සමාගමට අමතරව, නැවතත් 2022/12/05 අමාත්ය මණ්ඩලය වෙත සංදේශයක් ඉදිරිපත් කරන අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඉන්දියාවේ Kausikh Therapeutics LTd සමාගම සමග ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් ගිවිසුම්ගත වීමට අවසර ඉල්ලා ඇත. එහිදී අමාත්ය මණ්ඩලය 2022/11/02 දරන කැබිනට් අනුමැතියට යටත් ව කටයුතු කරන්නට අවසර ලබාදී ඇත.
මේ තොරතුරුවලින් පෙනෙන්නේ ඖෂධ සමාගම් සමග ඖෂධ ගෙන්වීමට අදාළව අමාත්යවරයා කෙලින්ම සාකච්ඡා පවත්වමින් කටයුතු කර ඇති බවය. අපි මේ පිළිබඳව බොහෝ තොරතුරු පසුගිය සතියේ ප්රකාශයට පත් කළෙමු. එහෙත් කිසි දෙයක් සිදුවෙන්නේ නැත. එයට හේතුව කෙහෙළිය රඹුක්වැල්ල නීතියට ඉහළින් වැජඹෙන ජයකෙහෙළියක් නිසාදැයි කියන්නට අප දන්නේ නැත.
අප මෙම සිදුවීම් දාමය හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්රතිදේහජනක ඖෂධ වංචාවට ලඝු කරන්නට සූදානම් නැත. ඊට එහාට ගිය බිහිසුණු පොදු දේපල මංකොල්ලයක් මේ කතාව පිටුපස ඇතිබව සක්සුදක් සේ පැහැදිලිය. හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඖෂධ සමාගම් සමග සම්බන්ධතා පවත්වා නැතිද? අඩුම දැනට අත්අඩංගුවේ සිටින අයුසුලේට් බයෝටෙක් ෆාර්මා සමාගමේ හිමිකරු හේවගේ සුදත් ජානක ප්රනාන්දු සමග හෝ සම්බන්ධතා පවත්වා නැතිද? ඒ පිළිබඳව සොයාගැනීමට අවශ්ය නම් සීඅයිඩීයට අමාත්යවරයාගේ දූරකථන දත්තයන් විමර්ශනයට ලක්කළ හැකිය.
විගණන විමසුමක්
2022 සහ 2023 වර්ෂයන්ට අදාළව මෙම ඖෂධ මගඩිය පිළිබඳව විගණන විමසුමක් සිදුකර ඇත. එහිදී විගණකාධිපති දෙපාර්තමේන්තුව විමසුම් අංක MSU/B/MSD/BCD/2/23/08/AQ/06 යටතේ සෞඛ්ය අමාත්යාංශයේ ලේකම්වරයාට වාර්තාවක් යවමින් විගණන විමසුමක් සිදුකර ඇත. එම විමසුම් ලියවිල්ලේ අප පසුගිය කාලයේ ලියූ බොහෝ කරුණු අන්තර්ගතය. සීඅයිඩීයට මෙම ලියවිල්ල විගණකාධිපතිවරයාගෙන් ගෙන්වාගෙන කියෙව්වා නම් කෙහෙළිය සීඅයිඩීයට ගෙන්වා ප්රකාශයක් සටහන් කරගැනීමට හිතෙන්න පුළුවන් ය. මෙම ලියවිල්ලේ අන්තර්ගත අප පසුගිය කාලයේ කතා නොකළ තොරතුරු මොනවාද? මඳක් විමසා බලමු.
‘2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ 58, 82, සහ 101 වගන්ති නොසලකා කටයුතු කර ඇත. එම පනතේම 109 වගන්තිය නොසලකා ලියාපදිංචිය නිදහස් කිරීමේ ලිපි නිකුත් කර ඇත‘ යනුවෙන් එහි නිරීක්ෂණයන් ආරම්භ වී ඇත.
‘ඖෂධයක් ලියාපදිංචි කිරීමේදී එම ඖෂධයේ නිෂ්පාදක සහ දේශීය නියෝජිතයා පිළිබඳ තොරතුරු, පරිපාලන හා නිර්දේශ කිරීමේ තොරතුරු, ඖෂධයට අදාළ ලිපිගොනුවේ සමස්ත සාරාංශ තොරතුරු, ඖෂධයේ ගුණාත්මකභාවය සහතික කරනු ලබන ලේඛන, සායනික නොවන අධ්යයන වාර්තා, සායනික අධ්යයන වාර්තා, ඇතුළත්ව පුළුල් ලේඛන පරීක්ෂාවක් සිදුකරන නමුත් ඊට සාපේක්ෂව ඖෂධ ඇගයීම් කමිටුව යටතේ පිහිටුවන ලද ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අනුකමිටුව මගින් ඉතාමත් සීමිත ලේඛන ප්රමාණයක් ඇගයීම මගින් සහ සාම්පල් පරීක්ෂාවකින් තොරව ඖෂධ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතික නිකුත් කිරීමේ හේතුවෙන් ගුණත්වය පිළිබඳ තහවුරුවක් නැති ඖෂධ රට තුළට පැමිණ ඇත’. යනුවෙන් එහි නිරීක්ෂණයක් ඇත. මෙයින් කියන්නේ කුමක්ද? මෙයින් කියන්නේ රෝගීන්ගේ ජීවිත බිල්ලට දී සෞඛ්ය බලධාරීන් මෙම සෙල්ලම කර ඇති බවය.
‘2020 වර්ෂයේ දී නිකුත් කරනු ලැබූ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපියක් යටතේ ආනයනය කරනු ලැබූ හෘදය, අක්මා, වකුගඩු රෝග හා අධිරුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන්වලදී භාවිත කරන furosemide syrup බෝතල් 6000ක තොගයක් තත්ත්වයෙන් අසමත් බව වාර්තා වන විටත් එම ඖෂධ තොගයෙන් 98%ක ප්රමාණයක් රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු රජයේ රෝහල්වල රෝගීන් සඳහා භාවිත කර තිබී ඇත.’ මෙම විමසුම සඳහන් කරයි. එයින් පෙනෙන්නේ මේ ජාවාරම් චෞරයන්ට පුංචි ළමයින්ගේ ජීවිත පිළිබඳව හෝ සහ කම්පනයක් තිබී නැති බවය.
‘2022 වර්ෂය තුළ නිකුත් කරනු ලැබූ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපියක් යටතේ වෛද්ය සැපයුම් අංශය විසින් මිලදී ගන්නා ලද Bupivacaine ඖෂධය භාවිත කිරීමෙන් පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබුණ අතර එම ඖෂධය රෝගීන්ට බරපතළ අහිතකර ප්රතික්රියා (Adverse Drug Reaction – ADR) සිදුකර ඇති බැවින් 2023 ජූලි 21 දින පැවති ආරක්ෂාව සහ අවදානම් ඇගයීමේ කමිටුව (safety and risk evaluation subcommittee – SAFRESC) විසින් එම ඖෂධය සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත්කර ඇත.’ මෙම සිදුවීම් සිදුවුණ කාලයේ සෞඛ්ය අමාත්යවරයා මෙන්ම සෞඛ්ය බලධාරීන් ප්රකාශ කළේ මොනවාද? මඳක් කල්පනාකර බලන්න. එම බාල බෙහෙත් භාවිත කාලයේදී මියගිය කාන්තාවන් දෙදෙනාට යුක්තිය ඉටුවිය යුතු නැද්ද? අඩුම ගානේ එම පවුල්වලට වන්දියක් හෝ දෙන්නට සෞඛ්ය බලධාරීන් කටයුතු කළාද? මෙහිදී මරණයට ලක්වූ කාන්තාවන් දෙදෙනාගේ පවුලේ ඥාතීන් මේ ජාවාරමුන්ට විරුද්ධව නඩු දැමිය යුතුය.
special pathway ක්රමය ගැන නිරීක්ෂණ
special pathway ක්රමය යනු හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්යාංශය භාරගත් පසු හිතූ හිතූ ලෙස ඖෂධ ගෙන්වීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්රධාන විධායක වෛද්ය විජිත් ගුණසේකර හරහා ක්රියාත්මක කළ ක්රමයයි. ඖෂධයක් මිලදී ගැනීමේදී එතෙක් රාජ්ය විසින් අනුගමනය කළ සියලු ප්රශස්ත ක්රමවේදයන් කුණුකූඩයට වීසිකරමින් මෙම නව ක්රමය ක්රියාත්මක කළේ ඇයි?
‘ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමේ ක්රමවේදය සම්බන්ධයෙන් අධිකාරිය විසින් 2019 ඔක්තෝබර් 15 දිනැතිව මාර්ගෝපදේශයක් පිළියෙළ කර තිබුණ අතර ඊට අනුකූලව ඖෂධ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අනුමැතිය ඊට අදාළ අනුකමිටුව මගින් ලබාගත යුතු වුවත් සෞඛ්ය අමාත්යාංශයේ ඉල්ලීම පදනම් කරගනිමින් 2022 සැප් 16 දිනැති අධ්යක්ෂ මණ්ඩල තීරණය ප්රකාරව අනුකමිටු අනුමැතිය සඳහා යොමුකිරීමෙන් තොරව special pathway ක්රමය වශයෙන් හඳුන්වනු ලබන වේගවත් යාන්ත්රණයක් හරහා ප්රධාන විධායක නිලධාරියාගේ අනුමැතිය මත ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමේ ක්රමවේදයක් අනුගමනය කර තිබුණි.
එහිදී ලියාපදිංචියෙන් නිදහස් කිරීම සඳහා අනුමැතිය ප්රදානය කිරීමේදී අනුකමිටුව විසින් සලකා බලන මිල සාධාරණත්වය, ඖෂධය පිළිබඳව විද්යාලයේ මතය, ඖෂධයේ අත්යවශ්යතාව, සැපයුම්කරුගේ සහ නිෂ්පාදකයාගේ ලියාපදිංචි තත්ත්වය, ගුණත්වය පිළිබඳව පෙර පැවති ගැටලු (තත්ත්වයෙන් අසමත් වීම) වැනි සාධක පිළිබඳව අවධානය යොමුකිරීමෙන් තොරව එම ඖෂධයේ ගුණත්වය, ආරක්ෂාව සහ ප්රත්යක්ෂභාවය, තහවුරු කරනු ලබන ලේඛන ඇගයීමෙන් තොරව ගැනුම් ඇණවුම, ඉන්ඩෙන්ටුව සහ වෙළඳ ඉන්වොයිසය වැනි ඇණවුම තහවුරු කරන ලේඛන පමණක් පරීක්ෂා කර අනුමැතිය පිරිනමා තිබුණි‘. මුලින් සඳහන් කළ දෙදෙනාගේ මරණයට මෙම ක්රමවේදය හේතුවක් නොවෙයිද? ඒ පිළිබඳව කරුණු සොයා බැලිය යුතු නැද්ද? තව කීදෙනෙක් නම් නිහඬවම මෙම බාල බෙහෙත් නිසා මිය යන්නට ඇතිද? රෝහල් බලධාරීන්ට ඒ පිළිබඳ තිබෙන තොරතුරු මොනවාද?
‘2022 වර්ෂය තුළ නිකුත් කර තිබුණු මුළු ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි සංඛ්යාව 656කි. එයින් 57ක් special pathway ක්රමය යටතේ වෛද්ය සැපයුම් අංශය වෙතද, 176ක් special pathway ක්රමය යටතේ රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) වෙතත් නිකුත් කර ඇත. මේ අනුව 2022 වර්ෂය තුළ පමණක් special pathway ක්රමය යටතේ ලිපි 233ක් නිකුත් කර ඇත. 2023 වර්ෂයේ ජූනි දක්වා කාලය තුළ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි 261ක් නිකුත් කර තිබුණ අතර එයින් 03ක් special pathway ක්රමය යටතේ වෛද්ය සැපයීම් අංශය වෙතත්, ලිපි 51කක් special pathway ක්රමය යටතේ රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව වෙතත් නිකුත් කර ඇත. මේ අනුව 2022 වර්ෂය තුළ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ මුළු ලිපි සංඛ්යාවෙන් 36%ක් special pathway ක්රමය යටතේ ගිය ඒවාය. 2023 අවුරුද්දේ ජූනි වන තෙක් එම ප්රතිශත අගය 21%කි‘. මෙම නිරීක්ෂණයෙන් හොරා කෑමේ පරිමාව තේරුම් ගන්නට පුළුවන් වෙනු නියතය. මෙසේ අනුමැතිය ලබාදුන් සමාගම් ගෙනා බෙහෙත් වර්ග මොනවාද? කිසිදු ප්රතිචාරයක් නොදැක්වූ බෙහෙත් ඔහේ රෝගීන්ගේ රුධිරය මත දියව යන්නට ඇත. සල්ලි, ජාවාරමුන්ගේ සාක්කුවලට වැටෙන්නට ඇත.
‘meropenem injection USP 500mg යන ප්රතිජීවක ඖෂධයෙන් ඒකක 400,000ක් මෙරටට ආනයනය කිරීම සඳහා special pathway ක්රමය යටතේ අනුමැතිය ලබාදී තිබුණ අතර මීට පෙර තත්ත්වයෙන් අසමත්වීමේ වාර්තා තිබීම හේතුවෙන් ඒ ඖෂධ සඳහා ඖෂධ ඇගයීම් කමිටුවේ අපරානුමැතිය හිමිවී නොතිබුණි. මීට අමතරව ඉහත ක්රමයට අනුමැතිය දුන් තවත් ඖෂධ 15කට අදාළ නිෂ්පාදකයන්ගේ ඖෂධ තත්ත්වයෙන් අසමත්වීම් වාර්තා වී ඇත.’
‘කර්ණ ආසාදන, රක්තපාත තත්ත්වයන් සහ ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු ආදි රෝග සඳහා භාවිත කරනු ලබන Ofloxacin viaeye/ ear drops 5ml/ Cinnarizine Tablets BP 25mg/ Rifaximin Tablets 550mg iy Mosapride Citrate Tablets 5mg වැනි ඖෂධ සඳහා special pathway ක්රමය හරහා ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අනුමැතිය ලබාදී තිබුණ අතර එම ඖෂධ 29ක් අත්යවශ්ය නොවෙන ඖෂධ වීම නිසා එම ඖෂධ සඳහා ඖෂධ ඇගයීම් කමිටුවේ අපරානුමැතිය හිමිව නොතිබුණි.’
විද්වතුන් කැළේට
‘විද්වතුන් 14 දෙනෙකුගෙන් සමන්විත ඖෂධ ඇගයීම් කමිටුව අබිබවා special pathway ක්රමය හරහා ඖෂධ ලියාපදිංචියෙන් නිදහස් කිරීම සඳහා අනුමැතිය ලබාදීම තුළින් ගුණත්වය, ආරක්ෂාව සහ ප්රත්යක්ෂභාවය පිළිබඳව කිසිදු තහවුරුවක් නැතිව ඖෂධ ආනයනය කිරීම මගින් රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇත’
‘2022 දෙසැම්බර් මාසයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනායාචිත යෝජනා ඉදිරිපත් වූ ඖෂධ අයිතම 38ක් ආනයනය කිරීම සඳහා පුද්ගලික සමාගමක් වෙත ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික (WOR) 38ක් නිකුත් කර තිබුණ නමුත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අදාළ ඖෂධ ඇගයීම සිදුකර නැති බවත්, ඒ හේතුවෙන් එම ඖෂධවල ගුණත්වය, ආරක්ෂාකාරී බව, සහ ප්රත්යක්ෂභාවය පිළිබඳව අධිකාරිය වග නොකියන බවටත්, වගකීම වෛද්ය සැපයීම් අංශයේ අධ්යක්ෂ විසින් භාරගත යුතු බවටත් කොන්දේසි ඉදිරිපත් කරමින් එහි වගකීම අධිකාරිය විසින් අත්හැර තිබුණි.’ මෙම නිරීක්ෂණයෙන් කියවෙන්නේ බල්ලාගේ වැඩේ බූරුවාට පැවරීමේ තත්ත්වයයි. මෙවැනි සිදුවීම් රැසක් මෙම ජාවාරම සිදුවන අවස්ථාවේ සෞඛ්ය අමාත්යාංශයේ සහ ඊට අයත් සෞඛ්ය ආයතන තුළ සිදුව ඇත. එයින් කියන්නේ හිටපු සෞඛ්ය අමාත්යවරයා රාජ්යයේ සෞඛ්ය පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳහෙළා ඇති බව නොවේද?
‘ඖෂධ නියාමන අධිකාරිය විසින් ආනයන පාලක ජනරාල් වෙත යවනු ලබන ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතිකයේ පිටපත් වෛද්ය සැපයීම් අධ්යක්ෂට එවන බවට අදාළ සහහිකයේ සඳහන් වුවද 2022 වර්ෂයේ සිට සිදුකරන ලද හදිසි මිලදී ගැනීම් හා ඉන්දියානු ණය ආධාර යටතේ සිදුකළ මිලදී ගැනීම්වලට අදාළ WOR සහතිකයේ පිටපත් වෛද්ය සැපයීම් අංශයට එවා නොතිබුණ අතර 2023 ඔක්තෝබර් 16 දින පිටපත් 105ක් ඖෂධ නියාමන අධිකාරිය විසින් වෛද්ය සැපයීම් අංශයට එවා තිබුණි. නමුත් විගණිත දින දක්වාම ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කර තිබුණ අනෙකුත් WOR සහතිකවලට අදාළ වෛද්ය සැපයීම් පිටපත් එවා නොතිබුණ බවද ඒ හේතුවෙන් සැපයුම්කරුවන්ට තොග භාරදීමේදී වංචා සිදුකිරීම සඳහා ඉඩකඩ විවර වෙන බවද නිරීක්ෂණය විය. අදාළ පිටපත් මුල් අවස්ථාවේම වෛද්ය සැපයීම් අංශයට ලැබී තිබුණේ නම් තොග පරිපාලන නිළධාරීන්ට එමගින් තහවුරු කිරීම් සිදුකර ගත හැකිව තිබුණ බවද ඒ හේතුවෙන් වර්තමානයේ බරපතළ ගැටලු පැනනැඟුණු Human Immunoglobulin සහ Rituximab වැනි ව්යාජ ඖෂධ ලබාදීමේ වංචාවන් හසුකරගැනීමට අභ්යන්තර පරිපාලනය සමත් වන බවත් නිරීක්ෂණය විය.’
කෙහෙළියලා ගේම් ගසන කාලයේ ලියූ මෙම ලිපි පෙළ කියවන්නට අවැසිනම් - www.anidda.lk

https://www.facebook.com/share/p/16nmbf2qBW/

පළාත් සභා බලය ගැනීමේදී මාලිමා ආණ්ඩුව වැරදිද

පහුගිය අවුරුද්දේ ජවිපෙ / මාලිමාව  නායකයෝ කිහිප දෙනෙක්ම ලන්ඩන් ආව . අමාත්‍ය  නලින්ද ජයතිස්ස , අගමැතිනි හරිනි  අමරසූරිය සහ අවසානයේ ජනාධිපති අනුර කුමාර දිසානායක.  මේ ගැන මම ලිපි කිහිපයක්ම ලීවා.  ඒ ජනාධිපතිවරණය  පැවැත්වෙන්න කලින් . මාලිමාව බලය ගන්න කලින් . 

මෙන්න ඒ ලිපි . 

ෂාරුක් ඛාන් ජයතිස්ස  මේ ලිපියේ අග මෙහෙම අවවාදයකුත් දැම්මා.

අවවාදයයි: පරණ ගිලෙන නැව් වලින් පනින මීයන් ගෙන් ප්‍රවේසම් වන්න. උන් අලුත් නැව්ද හිල් කරන්නට ඉඩ තිබේ. 

අනුර - හරිනි විකට්ටුවට බවුන්සර් එන්නේ කොහෙන්ද

ටිල්වින් සිල්වා සහෝදරයා ට ප්‍රශ්න කිහිපයක් සමග ජාජබේ ඇට් ලන්ඩන් 


දැන් අනුර සහෝදරයා ජනාධිපති වෙලා , මාලිමා ආණ්ඩුවක් පිහිටුවලා , මාලිමා ආණ්ඩුවට ලැබුන චන්ද අඩුවෙලා නමුත් වැඩිම පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලයත් අල්ලාගෙන තියෙන්නේ .  මේ අතරේ විවේචනයක් යනව ,  මේ විවේචනය එන්නේ  විපක්ෂයේ සජබ ,  පොහොට්ටුව අයගෙන් විතරක් නෙමෙයි .  ඒ කියන්නේ ඔවුන්ගේ සභිකයෝ අහිමි වෙනකොට වේදනාවක්  එනවා තමයි .  ඉතින් විවේචනය  සහ ඇඬිල්ල  සාධාරණයි කියමු .  ප්‍රන්සිස්කුකරනයක් නේ කරන්නේ.  (මතකද සිද්ධිය )  හැබැයි කවුරුත් ඉස්සුවේ නම් නැහැ.  හැබැයි මාලිමාවට සහයෝගය දුන්නු අයත් , වමේ මිතුරන්  හා වමේ විරුද්ධවාදිනුත් , ප්‍රනී ජවිපෙ සාමාජිකයනුත් මේ ගොඩට එකතු වෙලා කියල පේනවා . 

ඔය ලන්ඩන් ලිපි තුනේම මම කියල තියෙන පොදු දෙයක් තමයි  ඒ ආපු ජනතාව ගෙන් වැඩි හරියක් ජවිපෙ සාමාජිකයන්ම නෙමේ . ජවිපෙ හෝ පෙසපේ '71 සමරුව හෝ 88-89 සමරු වලට වැඩිම වුනොත් තිහ හතළිහක් නේ එන්නේ .  ඇත්ත ඒකනේ. ඔය රැස්වීම් වලට  ආව  අය ගෙන් මගේ යුඇන්පී ටොයි යාලුවෝ ගොඩක් හම්බ වුනා .  පොහොට්ටුවේ හිටි බයි යාළුවෝ හමු වුනා. ඒ අතරේ අතර මැදි අයත් හිටිය. තීරණයක් නැති .  ඉදිරියට වෙන්නේ මොනවාද  කියල බලන්න ආපු අයත් හිටිය .  ඒ යුඇන්පී , ෆොට්ටු ,  ශ්‍රීලනිප සහ පාවෙන සෙට් එකේ එක පොදු  අරමුණක් තිබ්බ .  රටට හොඳක් වෙන්න ඕනේ කියන එක .  සමහරු ගෝඨාභයට සපෝර්ට් කරල තිබ්බ ඇත්තටම  රට ගොඩ ගනී කියල හිතල .  පිටරට ආවහම තම තමන්ගේ රට ගැන ආදරේ වැඩි වෙන්නේ .  

අනුරත් ම ගැලරියට සමාජවාදී කතා කිව්වේ නැහැ .  පොහොසත් රටක් ,  මේ ලන්ඩන් වගේ,  යුරෝපයේ  වගේ පොහොසත්  රටක් හදන්න අපට එකතු වෙන්න .  අපට උදව් කරන්න කියල .  උදව් කරන්න එන ඕන කෙනෙක් අනුර ආදරෙන් භාර ගන්නවා .  මේ කතාවලදී  උඹ සජබ ,  උඹ ටොයියා , උඹ බයියා එන්න එපා කියල බැන්නේ නැහැ  ඔය කිසි කෙනෙක් . මිනිස්සු ඒවා විශ්වාස කළා . පරණ ජවිපෙ සෙට් එකයි වමේ අයයි විතරක් ඡන්දේ දුන්න නම් මාලිමා ආණ්ඩුවක් කීයටවත් එන්නේ නැහැ . 

ඒ නිසා ඔය පළාත් සභා පිහිටුවද්දී පිල්ලෙයාන් ගේ හෝ පොහොට්ටුවේ හෝ යුඇන්පී එකේ කියන එක ප්‍රශ්නයක් වෙන්න විධිහක් නැහැ .  ඒ හැමෝටම  තමා එන්න කිව්වේ රට හදන්න .  ඒ ගොල්ල දුෂණ කරල තියනවනම් අල්ලස් හා දුෂණ කොමිසමට කියන්න පුළුවන්.  නඩු දායි .  ඔප්පු වුනොත් ඇතුලට යයි .  අධිකරණය සහ ඒ ආයතන ස්වාධීනව හැසිරෙනවා කියල පේනවනේ .  එහෙනම් මොකද්ද ප්‍රශ්නේ . 

ඔයාලට මතකද ලෙනින් .  රාජ්‍ය බලය ගන්න බෝල්ෂෙවික් පක්ෂයට සල්ලි නැහැ .  එවෙලේ ජර්මනියේ කයිසර් ගෙන් සල්ලි ගත්ත යුද්ධේ නවත්වන්න පොරොන්දු වෙලා .  ඒ කතාව මම මේ ලිපියෙ ලියල තියනව .

ලෙනින් ගේ ජර්මන් දුම්රිය ගමන 

ඊළඟ එක තමා ලෙනින් මේ නිකලායි බෞමන් ගේ ප්‍රශ්නෙදි ක්‍රියා කරපු ආකාරය.

ලෙනින් බලය ගන්න අවශ්‍ය දේවල් බොහොමයක් කළා .  ජර්මනියෙන් සල්ලි ගත්ත එක විතරක් නෙමේ .  කෙරෙන්ස්කි ගේ ආණ්ඩුවත් පෙරළුව ආයුධ බලයෙන් . 

දැන් ඔය විවේචනය කරන වමේ පක්ෂ වල අයට කියන පුලුවන්ද ඒගොල්ලෝ සීයට සීයක් පාරිශුද්ධයි කියල .  

ජවිපෙ ඉතිහාසය තුල ඔය වගේ සන්ධාන ඕන තරම් ගහල තියනවනේ  .  මහින්ද එක්ක එකතු වුනා 2005. ෆොන්සේකා ගේ ජනාධිපති සටනට උදව් කළා. රනිල්  ගේ යහපාලනයට මුලදී සහයෝගය දුන්න 2015.  මේවා පක්ෂයේ ප්‍රතිපත්ති වලට අනුව ගත් තීරණ නේ . 

පළාතක්, ප්‍රදේශයක් හදන්න ඒව වල බලය ආණ්ඩු පක්ෂයට තිබෙනවා නම් හොඳයි .  ඒ අනුව විරුද්ධ පක්ෂයක් එක්ක එකතු වෙන එකේ ප්‍රශ්නයක් නැහැ සීමිත රාමුවක් තුල .  රජයේ ප්‍රධාන අරමුණ රට හදන එක නම් ඒකට බලය බිම් මට්ටමේ සිට අවශ්‍යනම් මේ වගේ ක්‍රියාමාර්ග ගන්න වෙනවා .  ඒවා වලක්වන්න බැහැ . බලය ගැනීම වගේ විතරක් නෙමේ ඒක  රැක බලා ගැනීමත් වැදහත් . 

අපි විමසිල්ලෙන් බලා සිටිමු . 




බර්කිනා ෆාසෝ ඉබ්‍රහිම් ට්‍රොරේ හා ගොබ්බ ෆේස්බුකින්

 


බර්කිනා ෆාසෝ වල නායකයා ගැන මාර රැල්ලක් යනවනේ මේ දවස් වල. අපේ යාළු   පෙරෙට්ටෝ සහ  සමහර ඩයි හාඩ් ජෙප්පෝ තමා ඉස්සෙල්ලම වගේ  ඉබ්‍රහිම් ට්‍රොරේ ගේ කතාව දැම්මේ හැමතැනම. අම්මට සිරි  ඒ කතාව . අධිරාජ්‍ය වාදයට, අයි එම් එෆ් එකට දෙසා බාලා. අන්න නායකයෝ . මේ AKD ල  වගේද නේද , IMF එකට දෙකට නැවෙන .  වැඩේ කියන්නේ දකුණේ සෙට් එකත් රැල්ලට ඇවිත්. ආචාර්ය හපුගොඩ ත්  ලියල තිබුන ඒ වගේ දැකුම් කළු නායකයෙක් කෝ අපිට!!! වගේ කතාවක් (කුඹීනේ  තොපිට රජෙක් ඉන්නේ  .. කතාව මතක් වුනා).  අයිඑම් එෆ් එකට සපෝර්ට් කර කර ඉඳල ට්‍රොරේ නිසාම අංශක 180ක්  හැරිලද මන්ද ?   

මතකද ගඩාෆි ට වෙච්ච් දේ, තෙල් තිබ්බට බැකර් කෙනෙක් නැහැ .  චිනේ, රුසියාව එක්කත්  වලි දා ගෙන හිටියේ. බඩු සෙට් වුනා .  එතකොට ඊට කලින් ඉරාකේ සදාම් ට කෙලවුනා , සිරියාවේ අසාද්ව   පුටින් හීන් සීරුවේ ට්‍රම්ප් ට පාවල දුන්න. කොටින්ම බල තුලනය තියා ගන්න කාට හරි හේත්තු වුනේ නැත්නම් ගේම සෙට් වෙනව. 

බර්කිනා ෆාසෝ සහ බටහිර අප්‍රිකානු රටවල් . මාලි , නයිජර් අනිත් දෙක .  මේවල බලය පතුරුවගෙන හිටියේ ප්‍රංශ හමුදා .  (පරණ අධිරාජ්‍යය , දැන් ප්‍රංශ සහ බටහිර මයිනින් කම්පැනි වල සපෝර්ට් එකට )  මොකද වුනේ .  යුක්රේනයේ සටන් කරමින් හිට රුසියානු කුලී හමුදා, වැග්නර් ගෘප් එක (අතුරුදහන් වුනු ප්‍රිගොෂින් ආවේත් මෙහෙට) අප්‍රිකාවට බැස්ස .  ඒ වල හිටි ඉස්ලාමික හමුදා එලවල ප්‍රංශ හමුදවලට ගේම දුන්න . කෙලින් නෙමේ වක්‍රව .  රුසියානු අවි ආයුධ ඔක්කොම ගලාගෙන ආව මේ මිලිටරි ජුන්ටා  වලට .  වැග්නර් ගෘප් එකේ උදව්වෙන් හමුදා කුමන්ත්‍රණයකින්  2022 දී ට්‍රොරේ  බර්කිනා ෆාසෝ වල බලය අල්ලනවා . 

දැන් මේ අප්‍රිකානු රටවල් තුන එකතු කරලා මිලිටරි සන්ධානයක් හදල තියෙන්නේ රුසියානු උදව් ඇතිව .  

එදා ඉඳන් ප්‍රජාතන්ත්‍රවාදය  අරව මේවා නැහැ .  හමුදා ආණ්ඩුවක් .  රට දියුණු වෙනවා .  ආර්ථිකය හොඳයි . අපි එකඟයි . 

හැබැයි මේ රටවල් තුනටම රුසියානු කුලී හමුදා චීන ආණ්ඩුවේත් ආශීර්වාදයෙන් බැස්සේ ඇයි? ප්‍රංශ කාරයෝ මෙච්චර  කල් අල්ලන් හිටියේ ඇයි? හරි කතාව තියෙන්නේ එතන  .  ලිතියම් ,  රත්රන් ,  යුරේනියම් වැහි වැහැල. රුසියාව පහුගිය අවුරුදු දෙකේ විතරක් ඩොලර් බිලියන් දෙකහමාරක රත්රන් ඇදල තියනව .  අනිත් ඒවා චීන කම්පැනි යටතේ . මම මේ ඒවාට විරුද්ධව කතා කරනවා හෝ ප්‍රංශ කාරයාගේ හෝ ඇමෙරිකන් කාරයාගේ පැත්ත ගන්නව නෙමේ .  ට්‍රොරේ ට කතා කරන්න හයිය ආවේ කොහෙන්ද කියන්න . 

ඔය පේසාලේ පැත්තෙන් තෙල් ටිකක් හරි පුල්මුඩේ පැත්තෙන් රත්තරන් ටිකක් හරි හොයල දෙනවලකෝ ,  IMF එකට පුපට පයින් ගහල එලවන්න . ආ පුටින් සහෝදරයාව බැකින් එකට ගන්නත් වෙනවා .  

 කපු වලින් දේශීය ඇඳුම් නිෂ්පාදනය කරන  එක හොඳයි .  මිනිස්සු අඳින්න කැමති නම්. 70-77 ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉන්දීය කපු සාරි  ,  භූමිතෙල් ගඳ ගහන සරන්  ඇඳගෙන ගිහින් තමයි කට්ටිය 5/6 බලයක් ජේ ආර් ට දුන්නේ. මිනිස්සු හැසිරෙන්නේ එහමයි .   

මේ ලියන ඈයෝ වෑයො වගේ ලියනවා මිසක්ක කොච්චර දුරට හොයනවද කියන එක මම දන්නේ නැහැ . 

අනුර කුමාර නිලධාරීන් විශ්වාස කරන එක නවත්වන්න වෙලා තියෙන්නේ .  ජනාධිපති සමාව දෙන මිනිස්සු තුන්සිය ගානක  ලිස්ට්  එයට පෞද්ගලිකව චෙක් කරන්න බැහැ .  ඒවාට තමා අදාල අංශ වල නිලධාරීන්  ඉන්නේ .  එයා තොත්ත බබෙක් නෙමේ .  එයාට ඊට වඩා වැදගත් වැඩ තියෙනවා .  නමුත් අර සෙට් එක දන්නවා ඊට කලිනුත් තමන්ගේ එවුන් ඔය ලිස්ට් එකෙන් එලියට දාගත්ත කියල .  ඒක තමා ඒ ගොල්ලෝ ප්‍රශ්න කරන්නේ දැනගෙනම . 

එතකොට ලන්ඩන් වල සහ අනිත් රටවල ඉන්න එවුන් දන්නවා දැන් කාලෙක ඉඳන්  (කෝවිඩ් කාලේටත් කලින් පටන් ගත්තේ .  කෝවිඩ් කාලේ වැඩි වුනා  )  ලංකාට යවන කෑම බිම පෙට්ටි කස්ටම් එකෙන් චෙක් කරන්නේ නැහැ , ගෙදරටම යවනවා කියල .  ඒවා වල කන්ටේනර් නම්බර්ස් රේගුව දන්නවා .  ඉලෙක්ට්‍රිකල්  අයිට්ම්ස් ,  කාර් , අමු ද්‍රව්‍ය  තියෙනවනම් ෆෝම් වල ලියල ,   ඒ කන්ටේනර් නවත්වා ගන්නවා .  එහෙම කන්ටේනර් එලියට යවන නිසා තමා අර ප්‍රසිද්ධ පෝට්ටුවේ  එක්කෙනෙක් යූකේ වලින් ඉස්පිරිතාල වල  කුණු ලොරි දුසිමක් ලංකාවට පැටෙව්වේ .  හොඳ වෙලාවට ඔත්තුවක්   ලැබුන නිසා රේගුව ඒවා නවත්ත ගත්ත . 

විදුහල්පතිලා ගත්තොත් උන් ළමයි දණ ගස්සවල කොණ්ඩේ කපනවා විතරක් නෙමෙන් .  අපයෝජන කරපු ගුරුවරුත් තියා ගන්නවා .   උන් තවම් හොඳින් නේද? 

ඉතින් ආණ්ඩුවට දැන් තියෙන්නේ මේ නිලධාරී රොත්ත කෙලින්ම  එළවල දාන්න . තව දුරටත් බබා හුකුම් හරියන්නේ නැහැ .  

අනික බර්කිනා ෆාසෝ වල අලුත් ෆේස්බුක් නීතියක් සම්මත කරනවා .  ඩොලර් 300  දඩ ගහනවා ගැහැණුන්ට අප්‍රිකාවේ ආගමික නිතිය සහ සංස්කෘතික අගයන් ට හානි වන පොස්ට් පල කලොත් .  

මියා කලීෆා ගේ ඒවා බලන්න තහනම් කරලා තියෙන්නේ .    මම බලන හින්ද නෙමේ නෙමේ කියන්නේ .  ලංකාවේ රෙකෝඩ් එකක් තියෙන නිසා .  කැමති වෙලාවලට එයාල  ෆේස්බුක් සහ සෝෂල් මිඩියා  බ්ලොක් කරනවා.

සියදිවි හානි කරගන්න ලෝකේ ලිස්ට්  එකේ 33 වෙනියා .  ජපානෙට ගොඩක් ඉස්සරහින් ඉන්නේ .  

සමහර වෙලාවට හපුගොඩ වගේ දකුණේ ප්‍රගතිශීලින් සහ පෙරටු වමේ   ඇත්තන්ට ඒකාධිපති ආණ්ඩුවක් ඕනේ ඇති. 

ඒකත් දීල බලන්න තියෙන්නේ.




ලන්ඩනයේ ජවිපෙ හැට විය සමරයි


සැල්වදෝර් අලියන්දේ ගේ චිලි යේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රජය පැවතියේ වසර තුනකටත් අඩු කාලයකි .  අලියන්දේ මාක්ස්වාදියෙකු වුවද ඔහු පිහිටවූයේ (populist)  ජනප්‍රිය එක්සත් රජයකි .  එම රජය මෙහෙයවන ලද්දේ  චිලියන් කොමියුනිස්ට් පක්ෂය, රැඩිකල් පක්ෂය , සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආදී වශයෙන් වාමාංශික පක්ෂ කිහිපයක් එක්වුණු එක්සත් පෙරමුණකිනි. එක්සත් ජනපදය හා දක්ෂිණාංශික කණ්ඩායම් ඔවුන් සමාජවාදයට රට ගෙනයතියි  චෝදනා කල අතර චිලී රජයට විරුද්ධව සම්බාධක පැනවීය. ආර්ථික දුෂ්කරතා  වැඩි වුන අතර උද්ධමනය ඉහල ගියේය .  රජයේ විවිධ පක්ෂ අතර අසමගියක් වර්ධනය වුනි .  ඉන්පසු සීඅයිඒ සංවිධානය දියත් කල කුමන්ත්‍රණයකින් අලියන්දේ ගේ ලතින් ඇමෙරිකාවේ ප්‍රථම වාමාංශික  රජය පෙරලා දැමුණි .   ජෙනරල් පිනෝචේ ප්‍රමුඛ  හමුදාව බලය පැහැර ගත්තේය .     

අලියන්දේ ගේ රජය මාක්ස්වාදී රජයක් නොවුණු අතර එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරුපයක් ගත් එකකි .  නමුත් එහි සහායක පක්ෂ අතර සෝවියට් සබඳතා තිබූ  කොමියුනිස්ට් පක්ෂයද විය .  එනිසා අලියන්දේ රජය මැතිවරණ අකුලා දමන බවට බොරුවක් සමාජගත කරන්නටද විරුද්ධ වාදීන්ට හැකිවිය . 

 1917 ජුනි 17  වනදා ප්‍රථම සමස්ත සෝවියට් කොන්ග්‍රස රැස්වීමේදී තවකාලික කෙරෙන්ස්කි රජයේ අමාත්‍යවරයෙකු , මේ අතිශය අමාරු අවස්ථාවේ රටේ පාලනය භාර ගන්නට පක්ෂයක් තිබේ දැයි විමසුවේය .   ලෙනින් එයට පිළිතුරු වශයෙන් "එවැනි පක්ෂයක් තිබේ" යයි පැවසීය. පසුවදා එම සිද්ධිය ගැන ප්‍රකාශයක් කරමින්  ප්‍රබල විනයක් සහිත බෝල්ෂෙවික් පක්ෂය රාජ්‍ය බලය ගැනීමට සූදානම් බව ප්‍රකාශ  කළේය. බොහෝ අය උසුළු විසුළු කළද , එම අවුරුද්දේ ඔක්තෝබරයේ රාජ්‍ය බලය පවරා  ගත්තේ බෝල්ෂෙවික් පක්ෂය සහ වාමාංශික සමාජවාදී විප්ලවවාදී පක්ෂයේ එකමුතුවයි .  පසුව මේ පක්ෂ දෙක එකතුව සෝවියට් කොමියුනිස්ට් පක්ෂය පිහිටුවන ලදී .  එයින් වෙනත් පක්ෂ හා කණ්ඩායම් අතර අසමගිකම් ඇතිවීම වලක්වන ලදී .  (Source: Lenin Collected Works, Progress Publishers, 1977, Moscow, Volume 25, pages 15-42.)

ජනතා  විමුක්ති පෙරමුණ පිහිටුවන ලද්දේ 1965 මැයි 14 වනදාය. රෝහණ විජේවීර සහ තවත් කිහිප දෙනෙකු විසින් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ගොඩ නගන ලද පක්ෂය,  වෙල්ලස්සේ කැරැල්ලෙන් පසු ප්‍රථම වතාවට රැජිනගේ ආණ්ඩුවට විරුද්ධව ලංකාවේ  කැරැල්ලක් දියත් කරන්නේ 1971 දීය. එසේ කරන්නේද හැට ගණන් වල අග භාගයේ සිට අත් අඩංගුවට ගැනීම් සහ වෙනත් නොයෙකුත් මර්දනය කිරීම් වලට  පිළිතුරක් ලෙසය .  මේවා දයලෙක්තිකවාදී ලෙස අප තේරුම් ගත යුතුය. මර්දනයක් ගෙන එන විට ඒ සඳහා ප්‍රතිවිරෝධයක් පැන නැගීම ස්වභාවිකව ඕනෑම අවස්ථාවක සිදුවේ .  මින් අනතුරුව රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු කණ්ඩායමක් පක්ෂය නැවතත් බලවත් ලෙස  ගොඩ නගන ලද්දේ සිර දඬුවම්  විඳිමින් හා ඉනික්බිතිව 1978 දී නිදහස ලැබීමෙන් අනතුරුවය.  තනි පක්ෂයක් ලෙස දේශපාලනයේ යෙදෙන ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති මැතිවරණයට රෝහණ  සහෝදරයා ඉදිරිපත් කරන්නේය .  ඉන්පසු පවත්වන ලද  අසාධාරණ ජනමත විචාරණයට විරුද්ධව ජනතාව හසුරුවන්නේය . 


ජාතිවාදී කණ්ඩායම් විසින් අවුළුවන ලද 1983 ජාතිවාදී  කෝලාහල ඇති කරන ලදැයි බොරු චෝදනා නගා  ඉතා අසාධාරණ ලෙස  පක්ෂය පැවති ආණ්ඩුව විසින් තහනම් කරන්නේය .  යටිබිම්ගත වන පක්ෂය ඉතා අසීරුකම් මධ්‍යයේ ක්‍රියාත්මක වුවද පැවැති දැඩි පීඩනය හමුවේ අවි අතට ගන්නේ රජයට එරෙහිවය. එම දයලෙක්තිකවාදී  ප්‍රතිවිරෝධය විසින් අවුළුවන ලදුව  රට පුරා සිවිල් යුද්ධයක් පැතිර ගිය අතර ජනතා විමුක්ති පෙරමුණේ ඉහල නායකත්වය මෙන්ම අති විශාල සාමාජික සංඛ්‍යාවක් මරා දමා පීඩකයන් විසින් පක්ෂය විනාශ කරන ලදී.

බොහෝ අයට වරදින්නේ මෙතනදීය.  පක්ෂය විනාශ කල නොහැකිය . ජනතා විමුක්ති පෙරමුණ යනු සාමූහික සවිඥානයක ප්‍රතිඵලයකි .  එය පිහිටුවන වන ලද්දේ පීඩිත පන්තියේ නියෝජනයක් ලෙස ඔවුන් උදෙසාය .  එහි නිර්මාතෘන් වූ රෝහණ සහෝදරයා ඇතුළු පිරිස මිය ගියද එවැනි පක්ෂයක් මිය යන්නේ නැත. 1994 සිට පක්ෂය නැවත ගොඩ නැගෙන්නේ පන්ති පහට සහභාගී වූවන්ගෙන් පමණක් නොවේ .  ප්‍රභුත්වයට හා පීඩක පන්තියට විරුද්ධව නැගෙන ජන විඥානය තුල පක්ෂය  සක්‍රියව සැඟව පැවතෙමින්  අවස්ථාව ලද විගස ෆීනික්ස් පක්ෂියා මෙන් අළු ගසා දමා  නැගී සිටින්නේය.  ඉන්පසු වසර 2025 දී අනුර කුමාර දිසානායක සහ ටිල්වින් සිල්වා ප්‍රමුඛ ජවිපෙ නායකත්වය මෙහෙයවන ජාතික ජන බලවේගය බලය ලබා ගන්නේ මේ සාමුහිකත්ව සවිඥාන බලය තුලිනි. 

ජාතික ජන බලවේගය යනු තනි පක්ෂයක් වටා ගොඩ නැගෙන ජන බලයකි .  එහි තුල  ප්‍රශ්න තිබුනද ජනතාවට හා සමාජයට එය ඒකාබද්ධ බලවේගයකි. එයින් බිඳී ගිය අවස්ථා කිහිපයක්ද ඇත්තේය. එහෙත්   මේ රජය වනාහි ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ප්‍රභූ පන්තිය පරාජය කොට බලයට පත් වූවකි. එයට විරුද්ධ වාදීන් බොහෝය .  පාලක ප්‍රභූ සමාජයට කත් අදින නිලධාරී පැලැන්තිය ,  ප්‍රභූන් විසන් මෙහෙයවන පාතාලය, ඔවුන් ගේ විදේශ සම්බන්ධතා ජාලය , ඔවුන් සතු මාධ්‍ය ජාලය , මේ සියල්ල ළඳරු ජාතික  ජන බලවේග ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක  වන්නේය .  ඒ සියලු  කුමන්ත්‍රණ පැරදවීමට ශක්තිමත් පක්ෂ යාන්ත්‍රණයක් අත්‍යවශ්‍ය දෙයකි .  අලියන්දේ ට සහ ඔහුගේ රජයට සිදුවූ දේ මගින් අපට ඓතිහාසික අත්දැකීමක් කියාදෙයි .  ලෙනින් ගේ වෙළුම් කියවන්නෙකුට ඔහු මේ අනතුර හඳුනා ගත් බවත් එසේම බලය හැසිරුවිම පිළිබඳව මනා  අවබෝධයකින් සිටි බවත් පෙනෙයි. ඒවා හැදෑරීම අදටද වැදගත් වන්නේ එබැවිනි . 

ඒ හැදෑරීම සහිත පක්ෂයක් තිබේ .   හැට විය පිරෙන්නේ මේ බාධක මැදින් නොබියව, නොසැලී ඉදිරියට ආ පක්ෂයකටය. ජනතා විමුක්ති පෙරමුණටය .  පක්ෂය ඉතිහාසය තුල ලන්ඩන් වල පක්ෂ හිතවතුන් ගෙන් ලැබුණු සහය වටනේය. විජේවීර,  සෝමවංශ සමයේ  සිට අනුර දිසානායක දක්වා නයුවන්ට ඒ සහය නොවෙනස් ව ලැබුනේය .   ඒ ඉතිහාසය සමරමින් දර්ශන හෙට්ටිආරච්චි  සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ හැට  විය සමරන්නේ පසුගිය මැයි 31 වනදාය .   සැමරුම අමතමින් ටිල්වින් සිල්වා සහෝදරයාද දර්ශන හෙට්ටි ආරච්චි  සහෝදරයාද සිය කථනයන් ගෙන් මතු කරන ලද්දේ ශ්‍රී ලංකාවේ  ප්‍රභූ පන්තිය පෙරලා දමා   ප්‍රථම වරට නිර්ප්‍රභූ ජනතාව , පිඩිත පන්තිය බලය ලබා ගත්  බවය .  නමුත්  ප්‍රභූ පන්තිය තම බලය ලෙහෙසින් හැර දමා  යන්නේ නැත.  ඔවුන් නොයෙක් බොරු වපුරනු ඇත . නොයෙකුත් කුමන්ත්‍රණ  කරනු ඇත .  අවලාද නගනු ඇත .    සුළු  වැරැද්දක්  පවා මහා මෙරක් සේ උපුටා දක්වනු ඇත .  මෙයින් පක්ෂයේ  අය අතින් හෝ රජයේ මැති  ඇමති සාමාජිකයන් ගෙන් වැරදි සිදු නොවන බවක් අදහස් නොවේ .  වැරදි සිදු නොවී රජයක් ගෙන යාම අපහසුය ,  ඒවා නිවැරදී කර ගනිමින් ඉදිරියට යා යුතුය .  එහෙත් කුමන්ත්‍රණ වලට හසු නොවී අවලාද වල ට හසු නොවී පීඩකයාට  බිය නොවී බොරු වලවල් වල නොවැටී මේ ගමන යා යුතුය.

ලන්ඩනයේ කැටපත් පවුරක් තනා , විශේෂ ඡායාරුප ප්‍රදර්ශනයක් ද පවත්වා පක්ෂයේ හැට  විය සමරුවේ එබැවිනි. රන්ජිත් විජේසිරිවර්ධන සොහොයුරා සිය පිලි ගැනීමේ කතාවේදී ලන්ඩනයේ ජනතාව ජාතික ජන බලවේගය වටා රොද  බැඳගත් අයුරු  පැහැදිලි කළේය .  ලද විජයග්‍රහණය රැක  ගත යුතුය. එය ලැබුනේ ලෙයින් හා යකඩින් මර්දනය කරන ලද පක්ෂයක සාමාජිකත්වයේ වීරත්වයද සාමූහික ප්‍රයත්නයේද ප්‍රතිඵලයක් ලෙසය .     ඒ සඳහා රජයට සහය දීමට ලන්ඩනයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය හා සාමාජිකත්වය එක සිතින්  සැදී පැහැදී සිටින බව මේ සැමරුම මගින් සාඩම්බරයෙන් දන්වන ලදී .      


 



 


එවැනි පක්ෂයක් තිබේ


එවැනි පක්ෂයක් තිබේ 

******************************************************************

"There is Such a Party": Lenin 4 th  of June 1917 Petrograd Soviets 

When answering if there is a prty to take power:


Red Army Song about the incident:


Party, party, reason and conscience of the people,

Your decisions inspire hearts.

Lenin told everyone in the distant years:

"There is such a party!"

"There is such a party!"

We will be faithful to you until the end!


පෙට්‍රොග්‍රඩ් සෝවියට් සභා රැස්වීමේදී සභානායක - බලය ගැනීමට පක්ෂයක් තිබේද යන්න ඇසූ විට - ලෙනින් නැගිට පිළිතුරු දුන්නේ එවැනි පක්ෂයක් ඇති බවයි . 

ඒ ගැන සමරා  ලියු රතු හමුදා ගීතය -


පක්ෂය ,  පක්ෂය ,  හේතුව සහ හෘද සාක්ෂිය ජනතාවගේ 

ඔබේ තීරණය හදවත් පුබුදුවාලයි 

ලෙනින් ඒ ඈත කාලයේදී පැවසුවේ හැමෝටම  

"එවැනි පක්ෂයක් තිබේ 

එවැනි පක්ෂයක් තිබේ " 

අප ඔබට විශ්වාසවන්ත වෙමු 

දිවි ඇති තුරා 



- අපටද එවැනි පක්ෂයක් තිබේ 


රෝහණ විජේවීරයන් නෙක දුක් වළඳමින් 


ගොඩ නැගූ පක්ෂයක් තිබේ 


ඒ ජනතා විමුක්ති පෙරමුණයි 


හැට  විය සමරන ~~~~~~~~~~~~~~~~~~~~~~~

ලන්ඩනයේ 31/05/2025 පැවැත්වූ ජවිපෙ 60 වැනි උපන් දින සැමරුම වෙනුවෙනි . 

හැට පිරුණු පක්ෂය


හැට පිරුණු පක්ෂය 

*****************************************

මට හැටක් පිරුණේ අප්‍රියලයේය 

පක්ෂයට හැට  පිරුණේ මැයි වලය 


 මා පක්ෂයට වඩා මාසයක් වැඩිමල් ය 


මගේ අප්‍රියෙල් උපන් දිනයට 


අමතක නොවන දිනයක්ද එකතුව ඇත්තේ ය . 


ඒ අප්‍රියෙල්  පස් වනදාය 




වෙල්ලස්සේ කැරැල්ලට උරදුන් 


අසාධාරණ බදු වලට එරෙහිව ගිය වුන් 


ලෙයින් යකඩින් මර්දනය කළෝ 


රැජිනගේ ලංකා ආණ්ඩුවයි 


හැත්තෑ එකේ තිබුනෙත් එම 


ආණ්ඩුව මය , වෙනස තිබුනේ සාරියේ පමණය 


ඒ බව දත් තරුණ කොලු කෙල්ලන් සමූහයක් 


අවි අතට ගත්තෝ අසාධාරණයට විරුද්ධව ය 


ඒ ඉපදී වසර හයකින්ය 



උන්ගේ හඬ ජනතාවට නො ඇසුනි 


ඒ නොඇසුණු කතාව ලෙයෙහි රුවාගෙන 


අදිටන හිස තබාගෙන 


ගොඩ නැගුනේ ඒ විශ්මිත පක්ෂයමය 


එහි උරුමය ඇත්තේ හැලූ ලේ වලය 



ඒ උරුමය මා දුටුවේද භද්‍ර යෞවන වියේදී මය 


දෙවන වරටද පක්ෂය බිඳ දමනු රිසියෝ 


තරුණ සමුහයේ ගෙල සිඳුහ


එහෙත් එය නැගී සිටියේ


ෆීනික්ස් පක්ෂියා මෙනි 


ඒ පක්ෂය යනු පුද්ගලයා නොවන හෙයිනි 


මගේ හැට වැදගත් නැත 



හැට විය පිරුණේ දහසකුත් එකක් 


සාමාජික සාමාජිකාවන්ගේ 


ලේ කඳුළු හා දහිරිය සමගිනි  


එය සාමූහික චින්තනයක් පමණක්ම විය 


එය මරා දැමිය නොහැකිය 


එය ඉවත් කල නොහැකිය 


වරෙක මහා මේඝයක් මෙන්ම 


තව කලෙක කුඩා සුළගක්ව වුව පක්ෂයේ ජිවය නොනැසී 


සාමූහික කර මතින් නැගී සිටියාය 


අද හැට වසර සමරන්නේ 


ඒ වීර චින්තනයයි 


ඒ සාමූහිකත්වයේ හඬයි-

- ලන්ඩනයේ 31/05/2025 පැවැත්වු  60 වැනි සමරුව වෙනුවෙන් 

දළඳා වන්දනාව

 දළදා වන්දනාවේ සිදුවූ අභාවාචක සිද්ධි කිහිපයක් හේතුවෙන් සිත බිඳවැටී ඇති නිසා මේ අකුරු කිරීම සිදු කරමි. කලකට පෙර මම මහනුවර පැරණි උඩරට රාජධානියට අයත් එක්තරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ප්‍රාදේශීය ලේකම්වරයකුව සිටියෙමි.

එය මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලවරණය පැවැත් වූ සමයයි.

එක් දිනක් මා ඇමතුවේ අපේ දිස්ත්‍රික්කයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයායි. "නිලංග නිලමේතුමාට ඔයාව හම්බවෙන්න ඕන ලු එන්න කියන්නද ක්වාටස් එකට" ඔහු ඇසුවේය.

මේ අරමුණ පිළිබඳව අවබෝධයක් නොතිබූ බැවින් මා එයට එකඟත්වය පළ කරමි. නිලංග දෑල ඔහුගේ බිරිඳ සමඟ අපේ නිල නිවසට පැමිණියේය .ඒ නවීන පන්නයේ තේ කෝප්ප සෙට් එකක් ද ත්‍යාග වශයෙන් රැගෙනය.

ත්‍යාගයේ වටිනාකම වැඩි බැවින් අපහසුවකට පත්වුව ද ප්‍රභූවරයෙකුව එකවරම ප්‍රතික්ෂේප කිරීමට එකල කොන්ද පණ නොතිබූ නිසා එය භාරගතිමි.ඔවුන්ට තේ දී පිටත් කළෙමි.

ඔවුන් දෙදෙනා නැවත දෙවන වතාවට ද පැමිණියෝය  .ඒ අවස්ථාවේදී බිරිඳට සාරියක් සහ හෑන්ඩ් බෑගයක් රැගෙන විත් තිබිණි.

ලස්සනම වැඩේ වූයේ තුන්වැනි වතාවේදීය .

දියවඩන නිලමේ දෑල බණ්ඩාර වෙනුවෙන් මාලිගාවේ තනතුරු දරන ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් විශ්‍රාමික රැවුල වැවූ නිලධාරියකු පැමිණියේය.

"නිළෙමේතුමාගේ පැකේජ් එකක් තියෙනවා ..ලක්ෂ තුනක ..එතුමාට ඔයාගේ ඡන්දෙ විශ්වාස වෙන්න ඒක ගන්න "ඔහු කීවේය . මීට දස වසරකට පෙර ලක්ෂ 3 වැඩි අගයකි.

එය  ප්‍රතික්ෂේප කලෙමි. ලේකම්වරයා "මොනවා උනත් පරිපාලන සේවයේ අලුත් අය ගැන අපි ආඩම්බර වෙනවා'' යැයි කියමින් නිල නිවසෙන් පිටතට ගියේය.

දළදා මාලිගාවට ජවිපෙ විසින් පහර දුන්නැයි මේ දිනවල මොර දෙන නිරංජන් විජයරතන නැමැත්තා තවත් දවසක පැමිණියේය .ඒ හාල් පොල් බඩු මල්ලක් රැගෙනය. ඒ වන විට තෙම්පරාදු වී සිටි බැවින් එය ප්‍රතික්ෂේප කළෙමි. පසුව ඔහු රුපියල් පනස්දාහක් දෙන්නට තුන්වෙනි පාර්ශවයක් මගින් විමසා සිටි අතර කුණුහරප දෙකක් කීමෙන් පසු ඒ උත්සාහය ව්‍යාර්ථ වී ගියේය.

වැඩිම පැකේජය දුන් නිලංග දෑල බණ්ඩාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඡන්දයෙන් සාතිශය බහුතරයක් ලබමින් ජයගත්තේ ඔහොමය. දළදා පෙරහැරේ වීඅයිපී පෝලිමේ වැඩි ඉඩක් සැප්තැම්බර් නිළමේ නිලවරණයේ චන්දදායකයන්ට වෙන් වන්නේ  ඇයි බොහෝ දෙනෙකුට දැන් තේරුම් යනු ඇතැයි සිතමි.

දළදා හාමුදුරුවන් විකුණා ගෙන කන මොවුන්ට වැහි නැති හෙණ පතනු

හැර, වැඩවසම් රාජ්‍යය ඉක්මනින් කඩවසම් නොවන බව දකින අපට වෙන විකල්පයක් ඇත්තේ නැත.

"දහස් ගණන් පෝලිමේ ඉඳිද්දි හොර පාරෙන් දළඳා වැන්ද කවුරුහරි එකෙක්  ඉන්නව නම් කණ්නාඩිය ඉස්සරහට ගියාම ඌට පේන්න ඕන

උගේ පව්කාර ආත්මය.

"සඳකඩ පහණක කැටයම් ඔපලා..."

 "සඳකඩ පහණක කැටයම් ඔපලා..."

ගීතයක පළමු පදයෙන් කනට ඇහෙන වචන දෙක,තුනකට ගිතයේ අර්ථය සිමා කරන්නට හුදෙක් මිනිසුන් පුරුදු වෙලා ඉන්නවා.ඇත්තට ඒක එහෙම වෙන්නේ නොදැනුවත්කම නිසාවෙන්ද? ගීතයේ රසය පරතෙරට විදින්නට ඔවුන්ට ඇල්මක් නැත්ද? ඒ කොහොම වුණත් ගීතයක අර්ථය ගීතය පිළිබඳ ව සැබැ හෙළිදරව්වක් සිදුකරනවා .ඒ නිසාමයි සාහිත්ය තුළ තියන මේ අපුරු නිර්මාණය විචාරය කරන්න හිතුවේ,
මේ ගීතය හැත්තෑව දශකයේ ඉදලා මෙරට රසික සවන්පත් සනහාලන ගීතයක්..,"සඳකඩ පහනට කැටයම් ඔපලා.."ගීතය.මෙය සතිස්චන්ද්ර එදිරිසිංහ අධික්ෂණය කල "මාතර ආච්චි " චිත්රපටයෙන් සුවහසක් රසිකයන්ට ලැබුණු මහඟු තිළිණයක්..ඒ වගේම මේ ගීතය සිවු කුලුදුල් ගීතයක් ලෙස හදුන්වන්න පුලුවන්.එකට හේතුව තමයි වොලි නානායක්කාරයන්ගේ පළමු ගී පද රචනය විමත්,වික්ටර් රත්නායකයන්ගේ පළමු සංගීත අධ්යක්ෂණය විමත්,සතිස්චන්ද්ර එදිරිසිංහයන්ගේ කුලුදුල් චිත්රපට අධික්ෂණය විමත් හැරුණු කොට සුනිල් එදිරිසිංහයන්ගේ ගායන ප්රවේශයත් මේ ගීතය තුළින් සිදුවිම.ඔහුගේ ඒ හඬ මේ ගිතයේ සංවේදිභාවය හදේ ගැඹුරුම ඉසව්වක ප්රතයයන් කරන්නට සමත් වෙනවා.මේ ගීතය පිළිබඳ ව ඇතැමුන් විවිධ අරුත් පෙන්වන්වා.ඒ කොම වුණත් ඒ නිර්මාණය ට සාධාරණත්වයක් ඉටුකරන්න පුලුවන් අර්ථයක් එය මුසු කිරිමම සාහිත්ය තුළ එය කාලයක් පුරා රැදිම හේතුවක්ම වේවි...
"සඳකඩ පහණට කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැඟුම් ගනී...
කැළැතුනු රසයක පැන ආ බුබුළක්
අකුරු වැළක් දෙහදක ලියවේ..."
"සඳකඩ පහණ " බෞද්ධයන් හා බැදි කලාකෘතියක්...තනුව වෙනුවෙන් මිනිසුන් මේ ගීත රස වින්දට,,එහි අර්ථය මෙවැනි පැතිකඩකට ගලා යන බව නොහිතන තරම්...මෙහි කියවෙන විදියටනම්...කැටයම් ඔපන ලද සඳකඩ පහණ කාන්තාවක් එහෙමත් නැත්නම් ගණිකාවක්.මෙතනින් එහාට ගීතයේ අර්ථය කොයි දිහාවකට යාවිද?? පාවෙන දේදුනු නැමැති සල්ලාලයින් එනවා ඇය එක්ක යහන්ගත වෙන්න.ඒ යහන්ගත විමත් එක්ක ඇතිවන රාගීක හැගීම් දෙන්නටම හොදින් දැනෙන වග..,,"අකුරු වැලක් දෙහදක ලියවේ" යන්නෙන් කවියා ව්යංගයෙන් ප්රකාශ කරනවා.
" යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දි...
නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා
සියුමැලි කැකුළක් මැළවෙද්දි ..."
සමාජය වරදකදී, ඒ වරදින් ඒ කෙනාව හංවඩු ගහන්න තරම් පහත් තත්වයක එදා මෙදා තුර සමාජය පෙළඹිලා තියනවා.ඉතින් මේ කාන්තාව මේ වෘත්තිය කරගෙන යද්දි සමාජය සුපුරුදු විදියට ඇය ගණිකාවක් ලෙස සමාජගත කරනවා ,මේ කාන්තාවගේ අසම්මත ප්රමයකින් ලැබුණු දරුවෙක් ඉන්නවා,අම්මගේ තාත්තගේ උණුහුම නොලබන මේ දරුවත් තනියම ජිවත් වෙනවා කියන කාරණාව පද සංකලනය තුළ හරි ලස්සනට රචකයා ඇතුළත් කරලා තියනවා.
" දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බිංදු...
ගව්වක් ඉහළට ගොනුකොට රදවා පොපියන දෙතොළක් එහි කැන්දු...
අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුහුවන වැහි බිංදු...
ඈ ගෙන යද්දි නටබුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හඳ රැන්දු..."
එකම එක වරදක් ජිවිතයම අඳුරේ ජිවත් කරවන්න හේතුව කාගේ වරදද? සමාජයේද? ඇගේද ?
ගව්වක් උසට බලාපොරොත්තු තිබුණත්,යහපත් රැකියාවක් කරන්න ආසාවක් තිබුණත් සිද්ද වෙන්නේ හැමදාමත් ඇයට ඒ සුපුරුදු රැකියාව කරන්නයි.මේ සන්සර්ගයේ හැසිරීම හා එහි අවසානය බෝහෝ අපුරුවට පද පේළි දෙකකින් දක්වල තියනවා.
"අහසක් ගුඟුරා කලුවක් වපුරා
ඒ හා මුසුවන වැහි බින්දු... "
සන්සර්ග අහස ගුගුරා අකුණු ගහලා,කලුවෙලා,හිතට බිය දැනෙන කර්කශක දෙයක් ලෙසත් එහි අවසානය ගොරවලා,අකුණු ගහලා අන්තිම පොඳ වැස්සක් වගේ ආස්වාද ජනක අවසානයක් ලෙසත් කවියා පද මුසු කරලා තියනවා.
" හදවිල ඉපැදුණු කැකුළක් නොකළට
නටුවෙන් ගලවා ඳුරක යවා...
මිහීලිය තෙත්කොට ගිලිහුණු කඳුලක්
සත් සමුඳුරකට මුහුව ගියා...
ඔබට උරුම වු රිඳුනු තැවුණු හඳ
එක්ටැම් මැඳුරක කවුලු අරා...
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හඳවත සිටියි බලා... "
" අම්මා" ඇගේ ආදරයේ නාමයෙන් මේ ලෝකේ තවත් මනුෂ්යයෙක්ට ජීවය දෙනවා.ඒ වගේම ඇගේ නමින්ම ආදරය මුල්වරට ඉගෙන ගන්නවා.ජිවිත ගමනේදි ඇගේ ආදරය,කරුණාව දරුවනට නැතිවම බැරි දෙයක් වෙනවා.ඔවුන් අසම්මතයේ පිහිටලා හෝ දරුවන් සම්මතයේ දුර ගමනක් අරන් යන්න ඕනම දෙයක් කරන්න සුදානම්...
තමන්ගේ රැකියාව නිසා,තමන්ගේ දියණිය කෙදිනක හෝ අපහසුතාවයට පත්වවෙයි කියලා ඇයව නැයෙකු ළගට ඇඩු කදුලින් පිට මං කරනවා.ඒ ඇයට උරුම වෙලා තියෙන රිඳුණු,තැවුණු ජිවිතය හදවත නමැති එක්ටැම් ගෙයි පමණක් තියාගෙන තම දරුවගේ ජිවිතය සැපවත් කරන්න.
මේ සංවේදි ජනක සිදුවිම ගීතයට එකතු කරන්න කවියා නොගත් උපමාවක් නැති තරම්...මෙවැනි ගිතයක් ඔහුගේ අතින් ලියවෙන්නට එදා ,අද මෙවැනි සිදුවිම් නොවෙන්නට පුලුවන් ද?
රාගය නමැති ඇවිලිම සංසිදවන්න මිනිසුන් අසම්මතය පෙළඹෙන්නේ නැත්නම්...ජිවිතයට මුදලින් මිනිස්සු වටිනාකම් නොදෙනවනම්...සමාජය තුළ මනුෂ්යත්වයට අසමනත්වය නොදෙනවනම් ..
ඇයත් ගැහැණියක් ලෙස සමාජ සම්මතය තුළ ජිවත් වෙවි...අම්මගේ තාත්තගේ උණුහුම නොලැබෙන දරුවන් අකලට නොපිපෙවි...
.....ස්තුතියි.....

- කර්තෘ නොදනී

වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා නම් ඔහු...

 දහසකුත් එකක් facebook වීරයන් බිහිවන වර්තමානයේ ඇතැම් වීරවරු නිහඬවම වීරකම් කරති. ඔවුන්ගේ වීරත්වය වචන වලින් එළියට නොපැමිණියද ක්‍රියාවෙන් ඉස්තරම් ය. මනුෂ්‍ය ප්‍රාණියෙකුට ජීවිතය දීම අතිශය අමාරු කටයුත්තකි. එවැනි මරණය අභියස සිටින මනුෂ්‍යයෙකුට ජීවිතය දීම ඊටත් වඩා භාරදූර කටයුත්තකි. මේ සඳහා සද් භාවයෙන් ම තම වේලාව, ධනය, ශ්‍රමය කැප කරන වෙදැදුරන් අතලොස්සක් මගේ ජීවිත කාලය තුළ හමු විය. ඒ අතරින් ජීවිතය ජීවත් කරවීමට පොරබදන දහසකුත් එකක් පිළිකා රෝගීන්ට දෙවන උපත දීමට  තම කාර්යශූර දක්ෂතා දැනුම ආකල්ප උපයෝගී කරගන්නා උතුම් ජීවකවරයෙකු කරාපිටිය රෝහලට නිහඬ සේවයක් සපයමින් සිටිනු මා පසුගිය කාලයේ අත්වින්දෙමි. එතුමා නමින් ක්‍රිසන්ත පෙරේරා නම් වූවේය.


 සියල්ල සූරා දමන්නා යන විරුදාවලිය ඇතැම්විට එතුමාගේ නම සමග පෑහෙ යයි කිහිප වරක් මා අසා ඇත්තෙමි එයට හේතුව එම ශ්‍රී හස්තයට හා දෑසට හසුවන මාරාන්තික පිලිකාවක අගමුල සියල්ල මුලිනුපුටා දැමීමට එතුමා දක්ෂ වන බව එතුමාගෙන් ප්‍රරතිකාර ලැබූ රෝගීන් සාක්ෂි දරනවා ඇත. හිරුටත් පෙර අවදිවන වෛද්‍යවරු කිහිප පොළ අතර මෙතුමාද ප්‍රමුඛ පෙළේ වැජඹෙන්නෙකි. තම වාට්ටු සන්චාරය පටන් ගන්නා විට උදේ හතේ කනිසම ද එළබී නැත. මෙතුමාට වෙලාව නම් වෙලාවය. සක්කරයාටද එකය. 


ක්‍රිෂාන්ත පෙරේරා මහතා ගේ වාට්ටුව අති පිරිසිදු ය. අධික මුදලක් අය කරන පෞද්ගලික රෝහල්වල පිරිසිදුකම එයට පරාදය. වාට්ටුව, කෑම කාමරය, වැසිකිලි, නාන කාමර සියල්ල පිරිසිදුකම අතින් කිසිදු පෞද්ගලික රෝහලකට නොදෙවෙනිය. ශල්‍යාගාරය, දැඩි සත්කාර ඒකකය ඉතාමත් පිළිවෙළය, පිරිසිදුය වෙද හෙද, කනිටු කාර්ය මණ්ඩලය, පිරිසිදු කරන්නියන් සියල්ලෝම සීරුවෙන් ය. මෙතුමාට  වැඩ නම් වැඩය. නීතිය නම් කොයි කාටත් එකය. රෝගියා ගේ ජීවිතය පමණක් පළමු තැන ය. මෙම අගනා සේවාව වෙනුවෙන් 48 , 49 වාට්ටුවේ සියලු කාර්ය මණ්ඩලය මෙන්ම දැඩිසත්කාර ඒකකයේ හා ශල්‍යාගාරයේ සියලු කාර්ය මණ්ඩලයකාරුණිකව යුහුසුලුව ක්‍රියා කරයි. ඒ සඳහා ඔවුන් සියලු දෙනාම කෙලෙස ඇගයුම් කලත් මදිය. මුදල් පසුපස හඹායන සමාජයක මුදල් තුට්ටුවකට මායිම් නොකරන මේ උතුම් වෛද්‍යවරයාගේ ඒකකය තරම් පිළිවෙල වෙනත් ඒකකයක් කරාපිටිය රෝහලේ තිබේ නම් අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි.  ඇගයුම් ගැන නොතකා අහිංසක රෝගීන්ට සේවය සලසන මෙවැනි උතුම් මනුෂ්‍ය රත්නයන්  රැක ගැනීම වර්තමාන සමාජයේ මහත් වූ වගකීමකි.

--කතෘ අවිනිශ්චිතය. 

ශ්‍රී ලංකා පෙරටුගාමි පක්ෂයේ සාමාජිකයෙකුගේ ප්‍රශ්න වැලක් (පෙසප නොවේ )



මහත්වරුනේ මෝඩ මගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්න?
අද හවස 06ට මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ හයවන විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. සියළු දුෂ්ඨ බලවේග පරදවා අවසානයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. ඉතිං ඊට පස්සේ මොනවද වෙන්නේ?
දැන් මෛත්‍රීපාල සිරිසේන ගේ මෛත්‍රි පාලන දින සියයේ ප්‍රතිපත්ති මාලාව යටතේ ඔහු විසින් දින සියයක් තුල කළ යුතු වැඩ කන්දරාව අපමණය. එහි පළමු පියවර වශයෙන් ඔහු අද දිනයේ මේ රටේ මීළග විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.
ඔහු දැනට අගවිනිසුරු ධූරය හොබවන මොහාන් පීරිස් මහතා ඉදිරියේ දිවුරුම්දීම පසෙකලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ජේෂ්ඨතම විනිසුරුවරයෙකු වන කේ. ශ්‍රි පවන් ඉදිරියේ දිවුරුම් දුන්නේය. අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් අභිනවන ජනාධිපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය. දැන් රට සාමාකාමීය. පැපරල් සහ කැෆේ ඇතුලු සියලු නිරීක්ෂන සංවිධාන මෙවර මැතිවරණ ඉතිහාසයේ පැවති අතිශයින්ම සාධාරණ මැතිවරණය බවට මේ වන විටත් පවසා අවසන්ය. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය යනු මේ රටේ බිහිවූ අතිශයින්ස සාධාරණ මැතිවරණ කොමසාරිස්වරයාය. ඒ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවට ඉඩ නොතබා ඔහු මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරමින් පවත්වනු ලැබූ නිසාය. දැන් රට සාමකාමිය. දැන් අපට ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන නම් විෂ්මකර්ම පුත්‍රයා දින සියයකින් ශ්‍රී ලංකාව සුරපුරයක් බවට පත්කරන තුරු බලා සිටින්නට පමණි.
ඒ අනුව දැන් අභිනව ජනාධිපතිවරයාට කරන්නට වැඩ රාජකාරි රාශියක් ඉතිරිව ඇත. ඔහු දින සියයකින් මූලිකවම විධායක ජනාධිපති ධූරය අහෝසිකර, සමානුපාතික සහ කේවල ඡන්ද ක්‍රමයෙන් සම්මිශ්‍රිත නව පරිපාලන රාමුවක් සකස් කළ යුතුය. ඒ අනුව ඔහුට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට නම් නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම අත්‍යවශ්‍යය. ඒ අනුව අප සාමාන්‍යෙයන් දන්නා පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව මගින් ගම්‍යමාන වන 32 ව්‍යවස්ථාව ප්‍රකාරව විධායක ජනාධිපති ධූරය වෙනස් කරන්නට නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ යුතුය. ඒ අනුව එකී සංශෝධනය සදහා අවශ්‍ය 3/2ක බලය ලබා ගැනීම අභිනව ජනාධිපතිවරයා ඉදිරියේ ඇති බැරෑරුම් වගකීමකි.
ඒ අනුව පවතින පාර්ලිමේන්තුවේ නියෝජිතයන් 225 දෙනා ගෙන් 156 දෙනෙකුට වඩා වැඩි ඡන්දයක් ලබා ගැනීමට නම් හැකි ඉක්මනින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් තමට සහය දක්වන්නට කැමතිකරවා ගන්නට ඔහුට සිදුවනු ඇත. ඒ අනුව එය ඉතා දුෂ්කර සහ බැරෑරුම් ක්‍රියාවලියකි. මන්ද යත් ලංකාවේ ව්‍යවස්ථාදායකයේ නියෝජතියන් යනු රටට ආදර කරන පිරිසක් නොව මුදල් වලට කෑදර පිරිසක් වන නිසාය. ඒ අනුව එකී වෑයම තනිකරම මුදල් මත පදනම් වන ඩීල් එකක් වනු ඇත. ඒ අනුව යහ පාලනය ගැන කතා කරන සිවිල් සංවිධාන නියෝජිතයන් යළිත් පරණ වතුර අලුත් බෝතලයකට දමනවාට කැමතිද? කෙසේ හෝ එවැනි ආකාරයේ ඩීල් එකක් හරි ගියා වුවද යහ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන යළිත් කතා කරන්නට මේ මහත්වරන්ට හැකිවනු ඇතිද?
එසේ නොමැති නම් පාර්ලිමේන්තුවේ කාලසීමාව අහවර වීම නිසා මාස තුනක් තුළ මහ මැතිවරණයක් කැදවන්නට අභිනව ජනාධිපතිවරයාට සිදුවනු ඇත. එහිදී මෙකී පොදු මිනිසුන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන ඡන්ද ලකුණක් යටතේද? එ.ජා.පයේ දැනටමත් පක්ෂ අභ්‍යන්තරයෙ ඇති අර්බුද නිසා ඔහුන් කිසි ලෙසකින්වත් යළිත් වරක් මහ මැතිවරණයේ දී හංසයා ගෙන් ඡන්දය ඉල්ලනන්ට එකග නොවන බව පැහැදිලිය. සජිත් ප්‍රේමාදාස වැනි පුද්ගලයෙක් අනිවාර්යෙන්ම අලියා ලකුණින් එ.ජා.පය වශයෙක් තිනිව තරග කළ යුතු බවට තීරණය කරනු ඇත. මන්ද මෙවර මැතිවරණයේදී පවා සජිත් ප්‍රේමදාස කපන්නට බැරි අත ඉබිනවා විනා අවංකවම පොදු අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටියේ නැත. එවිට එ.ජා.පය වශයෙන් ඔහුනට මැතිවරණයේදී වැඩි ආසන සංඛ්‍යවක් දිනා ගන්නට හැකිවනු ඇත.
ද්‍රවිඩ සංධානය අනිවාර්යෙන්ම තනිව මැතිවරණයට මුහුණ දෙන බව සක්සුදක් සේ පැහැදිලිය. මුස්ලිම් කොන්ගසය සහ ඡන්ද පදනමක් සහිත දිගම්බරන්ලාද තිනව තරගකරනු ඇත. ඒ අනුව මහින්ද රාජපක්ෂ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සංධානය වැඩි ආසන ප්‍රමාණයක් සහ බෝනස් ආසන දිනා ගන්නට නියමිතය. මීලග පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්නට නම් අඩුම තරමේ ඡන්ද 113ක් ලබා ගත යුතුය. ද්‍රවිඩ සංධානය කෙසේ වෙතත් දෙපැත්තට පනින් ගෙම්බන් බදු අනෙක් සුළු ජාතිකයන් කුමන තීරණයක් ගනු ඇත්ද යන්න අවිනිශ්චිතය. අනෙක් අතට තුනෙන් දෙකක බලයක් මෛත්‍රිට ලබා ගන්නට නම් ඔහුට දැනටමත් ඛණ්ඩනය වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් ගේ සහය ලබා ගැනීම අහම්බයක් නොව අනිවාර්යතාවයකි. ඒ අනුව එ.ජා.පය තම පක්ෂය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළ දියකර හරින්නට ඉඩ දී බලා සිටිනු ඇතිද?
ඒ අනුව මෛත්‍රිට දින සියයකින් විධායක ජනාධිපතිධූරය අහෝසිකර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නට තනිව කටයුතු කළ හැකිද? යම් හෙයකින් දැනටමත් ලක්ෂ හතලිස් හතකට ආසන්න ප්‍රමාණයක් ලබා සිටින එක්සත් ජනතා නිදහස් සංධානයට වැඩි ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කරන්නට හැකි වුවහොත් ඔහුනට නැවතත් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් හිමිවනු ඇත. ඉන් පසු තත්ත්වය කුමක් වනු ඇත්ද?
ඒ අනුව නැවතත් ජනාධිපතිවරයා එක් පක්ෂයකින් සහ අගමැතිවරයා තවත් පක්ෂයකින් පත්වීම වලක්වන්ට හැකි නෛතික පදනම කුමක් ද? ද්‍රවිඩ සංධානය දැනටමත් පවසා ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේ දී ඒකාධිපති මහින්ද පරාජය කරන්නට අවශ්‍ය නිසා පමණක් තමන් 13+ ගැන කතා නොකරන බවය. නමුත් මහ මැතිවරණයකදී තමන් ගේ ජනතාව රවටන්නට ඔහුනට හැකි වනු ඇත්ද? ඒ අනුව ද්‍රවිඩ ජාතික ගැටලුවට පොදු අපෙක්ෂකයා ලබා දෙන දේශපාලන විසදුම කුමක්ද? එකී විසදුම සිංහල බෞද්ධ බහුතරය පිළිගනු ඇත්ද? සිංහල බෞද්ධ බහුතරය සනසන්නට ලබා දෙන විසදුමක් නිසා සුළුතර ද්‍රවිඩ,මුස්ලිම් ජ්‍රජාව කුමන තීරනයක් ගනු ඇත්ද?
ඒ අනුව දැනටමත් මෙකී සමස්ථ වැඩ පිළිවෙල මට දැනට ආකාරයට අවුල් ජාලාවකි. එය අවුලක් නොවන බව පෙන්වන්නට පොදු අපේක්ෂකයාට සහ වර්ථමාන රජයට ඇති දේශපාලන අර්ථකථනය කුමක්ද? එය යථාර්ථවාදීද?
අනෙක් අතට පොදු අපේක්ෂකයා පවසන ආකාරයට ඇමති මණ්ඩලය 30කට අඩු කරනවා නම් ඒ සදහා සුදුසුකම් ලබන්නේ කවුද? ආරක්ෂක ලේකම් ධූරය හෝ ආරක්ෂක ඇමතිධූරය සරත් ෆොන්සේකාට ලබා දෙනවා නම් ඔහු එකී තනතුරෙහි බලතල ගොඨාභය රාජපක්ෂට වඩා වැඩියෙන් භාවිතා කරමින් ජනතාව පීඩාවට පත්කිරීමෙන් වලක්වනු ඇති බවට දෙන්නට පලුවන් සහතිකය කුමක්ද? යම් හෙයකින් හිටපු අගනිවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක යළි අගවිනිසුරුධූරයට පත්කරනවා නම් ඊට නෛතික හැකියාවක් පවතින්නේ ද? නෛතික හැකියාවක් ඇතත් තමන්ට උපකාර කළ නීතීඥවරන්ට පක්ෂපාතීව සහ තමන්ව පීඩාවට පත්කළ නීතීඥයන් ගෙන් පළි ගන්නට ඇය කටයුතු නොකරනු ඇතැයි දෙන්නට පුලුවන් සහතිකය කුමක් ද? කේ.ශ්‍රී පවන් වැනි ජේෂ්ඨ විනිසුරෙකු අගවිනිසුරු ධූරයට පත් නොකරන්නට කටයුතු කරන්නේ නම් එයට හේතුව ඔහු දෙමළ වීම යැයි නොකියන්නට ගොඩනගන තර්කය කුමක් ද?
අතුරලියේ රතනලාට,චම්පිකලාට, අසාද් සාලිලාට, රිසාද් බදියුදීන්ලා ඇතුලු සියළු අයට ඇමතිකම් ලබා දෙනවා නම් එකී ඇමති මණ්ඩලය 25කට හෝ 30කට සීමා කරන්නට ඇති තාක්ෂණකික ක්‍රමවේදය දේශපාලනිකව වටහා දෙන්නේ කෙසේද?
ජනතාවගෙන් බහුතරය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව මෛත්‍රිපාල සිරිසේනට ඡන්දය ලබාදුන් ප්‍රධාන හේතුවක් වන රටේ බඩුමිල අඩුකරන්නට ඇති ක්‍රමවේදය කුමක්ද? නව ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක් ද? මේ අකාරයෙන් විවිධ ප්‍රශ්ණ ඇමීබාකරණයට ලක්කරමින් තව තවත් ප්‍රශ්ණ රැසක් අසන්නට පුලුවන. ඒ අනුව මේ වත්මන් ආණ්ඩුව සැබෑ ජනතාවාදී ආණ්ඩුවක් බවට පත් කරන්නට මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ පොදු සංධානයට ඇති තාර්කික හැකියාව කුමක්ද? ඒ සම්බන්ධයෙන් සිවිල් සංවිධාන සහ වෘත්තිකයන්,කළාකරුවන් ඇතුලු බලපෑම් කණ්ඩායම් වලට ඇති ශඛ්‍යතාවය කුමක්ද?
තව දුරටත් මහින්ද රාජපක්ෂ පරාජය කර කිරිබත් උයාකෑම මට අනුව වර්ෂ 2009 දී විමුක්ති කොටි සංවිධානය සමූල ඝාතනය කිරීමෙන් පසු කිරිබත් කා රතිඥ්ඥා පත්තු කලාට වැඩි යමක් නොවන බව කියන්නට කිසිදු තාර්කික පදනමක් නැත.
මුහුණු මාරුකරනවා වෙනුවට ක්‍රමය වෙනස් කරන්න යැයි කෑමොර දෙන පොරටුගාමී සමාජවාදී කුමාර් ගුණරත්නම්ලා ගේ ආණ්ඩුවේ ඩීල් අවසන් නිසා ලංකාවේ විප්ලවීය විභවය තව දුරටත් වලංගු නැතැයි කියා කියන්නට අරදින මෝඩ මිනිසුන් තරම් අප මුග්ධ නැත. අවසන් වශයෙන් මා වර නගන ප්‍රශ්ණය වන්නේ දින සියයකින් අලුත් රටක් හැදෙයි කියා බලා සිටින්නට තරම් මා මෝඩයෙකු නොවීම ඇත්තටම මගේ මෝඩකමද? කෙසේ නමුත් පුරවැසියෙකු ලෙස මගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්නට යහ පාලනය ගැන කෑ ගසන ප්‍රජාතන්ත්‍රවාදය ගැන දේශනා කරන පොදු අපේක්ෂකයා රජකරවන්නට ඡන්ද දුන් සියල්ලන්ටම වගකීමක් ඇතැයි මම සිතමි. කරුණාකර මහතවරුනේ මෝඩ මගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්න? මන්ද මම මේ රටේ ඡන්ද හිමි පුරවැසියෙක්මි!
තුෂාර එන් දස්කොන්

-උපුටා ගත්තේ ෆේස් බුක් සමාජ ජලයෙනි.


තමන්ගේ වල තමන්ම කපාගත් සනිල් උන්නැහේ

  ජපානේ හිටියා බෞද්ධ භික්ෂුන් වගයක් .  මෙයාලට කියන්නේ සොකුශින්බට්සු (Sokushinbutsu) කියලා .  ඒ ගොල්ල කෑම අඩු කරලා  ,  දුෂ්කර  ක්‍රියා කරලා, ...