මහත්වරුනේ මෝඩ මගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්න? අද හවස 06ට මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ හයවන විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. සියළු දුෂ්ඨ බලවේග පරදවා අවසානයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. ඉතිං ඊට පස්සේ මොනවද වෙන්නේ? දැන් මෛත්‍රීපාල සිරිසේන ගේ මෛත්‍රි පාලන දින සියයේ ප්‍රතිපත්ති මාලාව යටතේ ඔහු විසින් දින සියයක් තුල කළ යුතු වැඩ කන්දරාව අපමණය. එහි පළමු පියවර වශයෙන් ඔහු අද දිනයේ මේ රටේ මීළග විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. ඔහු දැනට අගවිනිසුරු ධූරය හොබවන මොහාන් පීරිස් මහතා ඉදිරියේ දිවුරුම්දීම පසෙකලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ජේෂ්ඨතම විනිසුරුවරයෙකු වන කේ. ශ්‍රි පවන් ඉදිරියේ දිවුරුම් දුන්නේය. අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් අභිනවන ජනාධිපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය. දැන් රට සාමාකාමීය. පැපරල් සහ කැෆේ ඇතුලු සියලු නිරීක්ෂන සංවිධාන මෙවර මැතිවරණ ඉතිහාසයේ පැවති අතිශයින්ම සාධාරණ මැතිවරණය බවට මේ වන විටත් පවසා අවසන්ය. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය යනු මේ රටේ බිහිවූ අතිශයින්ස සාධාරණ මැතිවරණ කොමසාර...