උතුරට ගිය ගමනක්..
NPP ආණ්ඩුවට අවුරුදු 1 1/2යි... රටට මොකද වුණේ?
ඉලක්කම් බොරු කියන්නේ නෑනේ. 😎
📉 බඩු මිල සහ බිල්:
✅ විදුලි බිල: ගෙදර බිල 20% කින් අඩු වුණා. (කර්මාන්ත වලට 30%ක්!)
✅ පෙට්‍රල්: රු. 330 තිබුන එක දැන් රු. 292 යි. ⛽
✅ බිත්තර: මතකද 60 ට කෑවා? දැන් රු. 35 යි. 🥚
✅ බස් ගාස්තු: ඉතිහාසයේ පළමු වතාවට අඩු වුණා.
💰 රටේ ආදායම ඩබල් වෙලා:
🚀 Stock Market: 11,200 තිබුන එක 23,700 පැනලා! (සල්ලි තියෙන මිනිස්සු රට ගැන විශ්වාස කරලා).
🥥 Exports: පොල් විතරක් ඩොලර් බිලියනයක්! මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 14.4ක් (වාර්තාවක්!).
💵 ඩොලර් එවන කොල්ලො කෙල්ලො: මාස 18ට ඩොලර් බිලියන 8ක් රටට එවලා.
Respect 🫡
මේක තමයි ඇත්ත වෙනස! හුළං බැහැපු ආර්ථිකේ ආයේ පිම්බුවේ මෙහෙමයි
සිස්ටම් එකේ වෙනස! 🏥📚
රටක් හැදෙන්න නම් මිනිස්සුන්ගේ ඔලුවයි, ඇඟයි දෙකම ෆිට් වෙන්න ඕන. මේ බලන්න මාස 18ක් ඇතුළත වෙච්ච පෙරළිය.
🎓 අධ්‍යාපනයට දුන්නු තැන:
🔥 මහපොළ: රු. 2,500 න් රු. 10,000 ට වැඩි කළා! (කැම්පස් ළමයින්ට ලොකු හයියක්).
📚 Education Budget: කවදාවත් නැති විදියට බිලියන 704ක් වෙන් කරලා.
👶 පෙර පාසල්: ටීචර්ලට රු. 10,000ක දීමනාවක්.
🏥 සෞඛ්‍යය (Health):
💊 ඖෂධ බජට් එක: බිලියන 185ක්! බෙහෙත් හිඟය ගොඩක් දුරට විසඳිලා.
🍲 අපේක්ෂා රෝහල: දිනපතා 2,000+ දෙනෙක්ට නොමිලේ කෑම. මේවා පින් වැඩ! ❤️
🤰 ගර්භනී අම්මලාට: පෝෂණ මලු සඳහා බිලියන 7.5ක්.
💼 රාජ්‍ය සේවකයින්ට:
💸 Basic Salary: රු. 24,250 ඉඳන් රු. 40,000 ට! (සාමාන්‍යයෙන් 35% ක වැඩිවීමක්).
🌱 වතු කම්කරු පඩි: දවසට රු. 1,750 දක්වා වැඩි වුණා.
අවුරුදු ගාණක් තිස්සේ නොවිච්ච දේවල්, අවුරුදු 1.5න් පේන්න තියෙනවා. මේක තමයි වෙනස!
රට Smart වුණාද? 🌍📱
"හොරකම නවත්තනවා, සිස්ටම් හදනවා" කිව්වට මොකද වුණේ?
📱 ඩිජිටල් ලංකාව:
📲 GovPay App: පෝලිම් වල ලැගපු කාලේ ඉවරයි. ෆෝන් එකෙන් වැඩ.
🚗 Digital License: පරණ කබල් සිස්ටම් අයින් කරලා අලුත් ක්‍රමයක්.
📄 Embassy වැඩ: උප්පැන්න, විවාහ සහතික ඔක්කොම දැන් Online ගන්න පුළුවන්. පිටරට ඉන්න අපේ අයට මාරම වාසියක්!
🌍 ජාත්‍යන්තරය දිනීම:
✈️ සංචාරකයෝ (Tourism): 2016 වාර්තාවත් කැඩුවා! මිලියන 2.36ක් ලංකාවට ඇවිත්. ඩොලර් බිලියන 3.2ක ආදායමක්!
🛂 VISA ප්‍රශ්නය: VFS මාෆියාව එලවලා, පරණ ලාබ සිස්ටම් එක ආයේ ගෙනාවා.
✈️ රට විරුවන්: එයාපෝට් එකේ ඉඳන් ගෙදරට යනකම් සැලකිලි වැඩි කළා. ටිකට් ගාස්තු අඩු කළා.
⚖️ නීතිය සහ විනය:
දූෂණයට එරෙහිව ස්වාධීන කොමිෂන් සභා බලගන්නලා තියෙනවා. හොරා කාපු අයට නීතිය ක්‍රියාත්මක වෙනවා පේනවා. අතුරුදන්වූවන් ගැන, වන්දි ගැන හොයන්න පටන් අරන්.
ලෝකෙට ණය නැති, කොන්ද කෙලින් තියන් ඉන්න රටක් හදන්න අඩිතාලම වැටිලා ඉවරයි!
ගමන තාම ඉවර නෑ!
මචංලා, අපි මේ කතා කළේ මාස 18කින් කරපු දැවැන්ත වැඩ කොටස ගැන. හැබැයි අපි "පොළවෙ ඉන්න" මිනිස්සු විදියට ඇත්තත් දැනගන්න ඕන.
🛑 තාම විසඳගන්න බැරි වුණ දේවල්:
අපිට තාම ඩොලර් බිලියන 37ක ණය කන්දක් තියෙනවා.
අපේ දක්ෂ කොල්ලො කෙල්ලො රට දාලා යන එක (Brain Drain) තාම නතර වෙලා නෑ. රැකියා ප්‍රශ්න තියෙනවා.
💡 ඒත් හිතන්න...
👉 ආර්ථිකය අංශක 360කින් හැරිලා.
👉 හොරකම අඩුවෙලා.
👉 මිනිස්සුන්ට සහන ලැබිලා.
අපි පටන් ගත්තා විතරයි. මේ ගමන ආපස්සට හරවන්න බැහැ. වැරදි තියෙනවා නම් ඒවා පෙන්වා දෙමු, හැබැයි රට ගොඩදාන මේ ගමනට අකුල් හෙලන්න එපා. 🚫
🚨 හදිසි අනතුරු ඇඟවීමයි! බොරුවට අහුවෙන්න එපා! 🚨
මචංලා, මේ දවස්වල Facebook එකේ සහ සමහර Group වල "Bot Network" එකක් හරහා දරුණු බොරු ප්‍රචාරයක් (Misinformation Campaign) යනවා. මේකේ ප්‍රධානම ඉලක්කය පිටරට ඉන්න අපේ අය! ⚠️
🛑 මොකක්ද මේ "කුලී නිවැසියන්ගේ පනත" (Protection of Renting Bill) ගැන කියන බොරුව?
ඔවුන් කියනවා අලුත් නීති ගෙනල්ලා, ඔයාලා දුක් මහන්සියෙන් හම්බ කරලා ගන්න ඉඩම්, ගෙවල් කුලියට දුන්නම ආයේ ගන්න බෑ කියලා. අයිතිය නැති වෙනවා කියලා.
✅ ඇත්ත මොකක්ද?
මේක සම්පූර්ණ අසත්‍යයක්! කිසිම විදියකින් ඔබේ ඉඩම් අයිතියට හෝ නිවාස අයිතියට හානි වෙන නීති ගේන්නේ නෑ. රජය මේ වෙලාවේ කරන්නේ විදේශගත අයගේ ආයෝජන (Investment) ආරක්ෂා කරන එක මිසක් නැති කරන එක නෙවේ. මේ බොරු පතුරවන්නේ ඔයාලා ලංකාවට සල්ලි එවන එක, ඉඩම් ගන්න එක නවත්තලා ආර්ථිකය ආයේ වට්ටන්න බලාගෙන ඉන්න පිරිසක්.
🏢 පිටරට ඉන්න අපේ "රට විරුවන්ට" කියන්නේ:
බය වෙන්න එපා! ඔයාලගේ දේපළ සුරක්ෂිතයි. මේ බොරු වලට කලබල වෙලා ඔයාලගේ හීන අතාරින්න එපා. රජය ඉන්නේ ඔයාලා එක්ක.
-copied
විමුක්තියේ සිහිනය කවියක්ව
දේශයත් ජීවිතයත් මරණයේ භීතියෙන් වෙලී සිටිනා විට ඒ පීඩනයේ හඬ පිටතට අවදි කරන්න දීපචෙල්ලන් දැරූ වෑයම 2005 සිට ඔහු කවියක් එළි දක්වනවා. "ලිපිනයක් හෝ හැඳුනුම්කමක් සටහන් කිරීම මිනී පෙට්ටියක් මිලට ගෙන ළඟ තබා ගැනීමකට "සමාන කරන දීපචෙල්වන් ඔවුනට සියල්ල අහිමි කළ යුගයක සියල්ල අහිමි කළ දේශයක ලියවුනු එම පීඩනයේ වේදනාව "අහිමි කවි" නමින් හඳුන්වනවා.
ජිව විද්‍යාව ගුරුවරයෙක් ගැන
මේ දවස් වල ජනප්රිය ජීව විද්යා ගුරුවරයෙකුගේ ක්රියා කලාපයන් ගැන විවේචනය වෙනව මම දැක්කා. මම මුලින්ම රසායන විද්යාවට ටියුෂන් ගත්තේ කුරුණෑගල නගරයේ ඒ කාලයේ ජනප්රිය ගුරුවරයෙක්ගෙන් ! මම එයාගේ නම කියන්නේ නෑ. ඒ මනුස්සයා දැන් සේවයෙන් විශ්රාම අරගෙන බව මට ආරංචියි.
වෛද්‍ය වර්ජනය
රෝගී ජීවිත බිල්ලට අරගෙන කරන වැඩවර්ජන නතර කරන ලෙස ඉල්ලීමක් මේ වෙලාවේ කරන්න කැමතියි. පසුගිය මාස දෙක, දෙකහමාරක පමණ කාලයක් තිස්සේ, විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තැන් කිහිපයකම වැඩ වර්ජන දියත් කළා.
එක් සිද්ධියක් වාර්තා වුණා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලෙන්. දෙහිඅත්තකණ්ඩිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් බාහිර රෝගී අංශයට දිනකට හාරසිය පනහක්, පන්සියක් පමණ රෝගීන් පැමිණෙන, සතියකට සායන වලට (Clinics) එක්දහස් දෙසියක් පමණ පැමිණෙන රෝහලක්. දිනකට ඇතුළත් කරගන්නා (Admission) රෝගීන් ප්‍රමාණය එකසිය විස්සක්, එකසිය හතළිහක් පමණ වන, නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය සපයන්න අපට තිබෙන ඉතාම වැදගත් රෝහලක් මෙය.
මේ රෝහලේ කටයුතු ඔක්තෝබර් පළමු වෙනිදා සිට ඔක්තෝබර් 7 දක්වා දවස් හයක්, හයහමාරක් විතර වැඩ වර්ජනයක් නිසා අක්‍රිය වෙලා තිබුනා. මොකක්ද මේකට හේතුව?
ඒකට හේතු වුණේ එහෙ ඉන්න වෛද්‍යවරු දෙදෙනෙකුට ස්ථාන මාරු ලබා දීමයි. එක් වෛද්‍යවරයෙක් ඩබ්ලිව්. දහනායක. ඒ වෛද්‍යවරයා 2008 මාර්තු 22 තමයි දෙහිඅත්තකණ්ඩිය රෝහලට පත්වීම ලබා ගන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔබතුමා දන්නවා, මේ වෛද්‍යවරුන්ට අවුරුදු හතරෙන් හතරට ස්ථානමාරුවීම් ලැබෙනවා.
2008 මාර්තු 22 මේ රෝහලට පත්වීම් ලබා ගත්ත මේ වෛද්‍යවරයා 2025 වෙනකම් එක දිගට සේවය කරනවා. ඔහුට 2013 දී ස්ථාන මාරුවක් ලැබෙනවා. යළිත් ඒක හදා ගන්නවා. ඒ රෝහලේ රැඳෙමින් සිටියදී 2017 දී ඔහුට නැවත ස්ථාන මාරුවක් ලැබෙනවා ලිහිණියාගම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකයට. 2017 සැප්තැම්බර් 15 දෙහිඅත්තකණ්ඩියෙන් නිදහස් වෙලා, 2017 සැප්තැම්බර් 16 අර රෝහලට යන්න නියමිතව තිබුණා. නැවත 2021 දී ඔහුට පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලට ස්ථාන මාරුවක් ලැබෙනවා. එයත් ක්‍රියාත්මක වෙන්නෙ නෑ.
ඒ අනුව 2008 ඉඳලා 2025 වෙනකම්ම එකදිගට අවුරුදු දහඅටක් මේ රෝහලේ සේවය කරපු වෛද්‍යවරයාට එරෙහිව, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ප්‍රශ්නයක් පැනනගිනවා ඔහුට කොහොමද වැටුප් සහ අතිකාල ගෙවන්නේ කියලා. මේ සම්බන්ධව විගණන විමසුමක් (Audit Query) එනවා. මෙන්න මේ විගණන විමසුම නිසා අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මේ වෛද්‍යවරයාව 2025 සැප්තැම්බර් 5 වෙනිදා නිදහස් කරනවා. ඊට කලින් ඔහු ඒ මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරි හැටියට රාජකාරි ආවරණය කරමින් හිටියා.
2024 මැයි මාසෙ 24 වෙනිදා වෙනත් වෛද්‍යවරයෙක් වැඩ බලන පදනමෙන් වෛද්‍ය අධිකාරි ලෙස පත් වෙනවා. මෙන්න මේ අවුරුදු දහඅටක් එකම තැන හිටපු වෛද්‍යවරයා මාරු කිරීමට එරෙහිව තමයි මේ ස්ට්‍රයික් (Strike) පටන් ගන්නෙ. මේකේ කිසිම සාධාරණයක් නෑ.
ඊළඟට තව වෛද්‍යවරයෙක් හිටියා පී.පී. විජේසිංහ කියලා. 2021 පෙබරවාරි 15 ඉඳලා ඔහු ඒ රෝහලේ සේවය කරනවා. අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ HDU (High Dependency Unit) එකේ සහ දැඩි සත්කාර ඒකකයේ ඇතිවෙච්ච වෛද්‍යවරුන්ගේ හිඟයක් නිසා ඒ කටයුතු පවත්වා ගැනීමට නොහැකියි කියලා අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා දැනුම් දුන්නා. ඒ අනුව මේ ස්ථාන මාරුවීම්වලට සුදුසුකම් ලබා හිටපු මේ වෛද්‍යවරයාව ඒ රෝහලට මාරු කරනවා.
මෙන්න මේ ස්ථාන මාරු දෙක පදනම් කරගෙන තමයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ජනතාවට දවස් හයක්, හයහමාරක් තමන්ගේ සේවාව ලබානොදෙන ආකාරයට මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියා කරන්නේ. ඒක කිසිසේත් සාධාරණ නෑ.
ඊට පස්සෙ සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට මම, අපේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රමුඛ තිදෙනෙකුගේ කමිටුවක් පත් කළා. අමාත්‍යාංශ ලේකම්වරයා ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කළා. ඒ අනුව අර අවුරුදු දහඅටක් එකතැන හිටපු වෛද්‍යවරයාට දිස්ත්‍රික් මහ රෝහලට ස්ථාන මාරුව සඳහා මාසයක කාලයක් ලබා දෙන්නත්, අනෙක් පැත්තෙන් අනික් වෛද්‍යවරයාගේ හදිසි ස්ථාන මාරුව නතර කරලා ඊළඟ පශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිස්තුවෙන් පත්වීමක් ලබා දෙන්නත් තීරණය කළා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අවුරුදු දහඅටක් එක තැන වැඩකරපු වෛද්‍යවරයෙක් මාරු කිරීම අපි මාසයකට කල් තිබ්බා. අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රශ්නයක් පැන නැගිලා තිබියදීත් ඒ වෛද්‍යවරයාගේ මාරුවීම තාවකාලිකව නතර කරලා සෞඛ්‍ය අමාත්‍යාංශය යම් තීන්දුවක් ගත්තේ මේ වැඩවර්ජන නතර කරන්න උවමනාව තිබෙන නිසා. නැත්තං අවුරුදු 18 ක් එක තැන ඉන්න කෙනෙක් මාරු කරනවා කියන එක හරිම සාධාරණයි. හැබැයි ඒ තීන්දුව ගත්තේ මේ දෙහිඅත්තකණ්ඩිය ඇතුළු නැගෙනහිර පළාතේ ජනතාවට දිගින් දිගටම දවස් පහක් හයක් තිස්සේ වැඩ වර්ජනයට මුහුණ දෙන්න සිදුවෙලා, රෝහල් කටයුතු අකර්මණ්‍ය කරලා, අඩපණ කරලා තියෙන කොට අපිට කරන්න සිද්ධ වුණේ රෝහල් කටයුතු යළි ආරම්භ කිරීම පමණයි. ඒ ස්ථානමාරු ටික තාවකාලික පදනමින් යම් යම් වෙනස්කම් ටිකක් කරන්න අපි තීරණය කළේ ජනතාව ගැන හිතලා. හැබැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ස්ථාන මාරු දෙක පදනම් කරගෙන දවස් හයක් නැගෙනහිර පළාතේ සෞඛ්‍ය කටයුතු අකර්මණ්‍ය කළා.
ඊළඟට ආව අක්කරේපත්තුව ප්‍රශ්නය. අපි මේ ගැන පාර්ලිමේන්තුවේත් කතා කළා. අක්කරේපත්තුවේ වෛද්‍ය අධිකාරීවරයා මාරු කරන්න කියලා, ආයෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ අවුරුද්දේ ජනවාරි 13 ඉඳන් ජනවාරි 22 වෙනකම් දවස් අටකට වඩා වැඩියි වැඩ වර්ජනයක් කළා. ඒත් නැගෙනහිර පළාතේ වෛද්‍යවරු හිඟයි. උපකරණ ප්‍රශ්න තියෙනවා. සම්පත්වල ප්‍රශ්නයක් තියෙනවා. එහෙම තිබියදී ආයේ සැරයක් අක්කරේපත්තුවෙන් පටන් අරගෙන නැගෙනහිර පළාතේම රෝහල් අකර්මන්‍ය කරන ආකාරයේ වැඩ වර්ජන දියත් කළා.
එතකොට මේ වෛද්‍ය අධිකාරීවරයාට එරෙහිව පැමිණිලි කිහිපයක් ලැබිලා තිබෙනවා. මේ ගැන විභාග කරමින්, පරීක්ෂණ කරමින් හිටියේ. පැමිණිලි විභාග කරන්න පත් කරලා තිබුණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේම නිලධාරියෙක්. ඒ පැමිණිලි අනුව පමණක් වෛද්‍ය අධිකාරීවරයාගේ වැඩ තහනම් කරන්න බැහැ. ඔහොම පාරේ යන්නත් බෑ. හැබැයි ඒ රෝහලේ වැඩ කරපු වෛද්‍යවරු කියපු නිසා, මේ වෛද්‍ය අධිකාරිවරයා යටතේ වැඩ කරන්න බැහැ, තර්ජනය කරනවා කියල, ඒ මත පදනම් වෙලා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍ය අධිකාරීවරයාව පරීක්ෂණ පැවැත්වෙන තෙක් තාවකාලිකව රෝහලෙන් ඉවත් කළා.
නියෝජ්‍ය කතානායකතුමනි, අවශ්‍ය නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට තිබුණා වෛද්‍ය අධිකාරිවරයා එලෙසම තබාගෙන පරීක්ෂණ කරන්නත්. හැබැයි නැගෙනහිර පළාතේ ජනතාව දිගින් දිගටම මුහුණ දෙන මේ ප්‍රශ්නය නිසා, මේ දවස් පහේ හයේ හතේ වැඩ වර්ජන කරලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ කරපු වැඩේ නිසා අපි තාවකාලිකව ඒ වෛද්‍යවරයා වෙන තැනකට මාරු කරලා පරීක්ෂණ කඩිනම් කරන්න තීන්දු කළා.
ගරු කථානායකතුමනි, අපිට තේරුනා දේවල් සිද්ධ වෙන විදිහ. ඊළඟට මෙහෙම තිබියදී ඊයේ අයි හොස්පිටල් එකේ (Eye Hospital) හෙවත් කොළඹ ජාතික අක්ෂි රෝහලේ හදිසියේ වැඩ වර්ජනයක් දියත් කරනවා. අක්ෂි රෝහලට සාමාන්‍ය දවසකට ඕ.පී.ඩී (OPD) එකට රෝගීන් හත් සියයක්, හත්සිය පනහක් විතර එනවා. ඇඩ්මිෂන් (Admission) සාමාන්‍යයෙන් එකසිය අසූවක් විතර තියෙනවා. සාමාන්‍යයෙන් කැෂුවලිටි (Casualty) එකට හෙවත් හදිසි අනතුරු අංශයට රෝගීන් එකසිය දහයක් විතර එනවා. අක්ෂි රෝහලට රෝගීන් එන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් විතරක් නෙවෙයි. ඔබතුමා දන්නවා අනුරාධපුරයෙන්, පොළොන්නරුවෙන්, අම්පාරෙන් සහ රටපුරා රෝගීන් උදේ පාන්දර එනවා, ඊට කලින් දවසේ ඉඳන් ඇවිත් ප්‍රතිකාර ගන්න බලාගෙන ඉන්නවා.
එහෙම රෝගීන් ආපු වෙලාවක කිසිදු දැනුම්දීමකින් තොරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයක් දියත් කළා. සාධාරණ කේන්තියක් මිනිසුන්ට එනවා. මොකක්ද හේතුව? ඒකේ අධ්‍යක්ෂවරයාට සිද්ධවුණා විගණන විමසුමකට (Audit Query) උත්තර දෙන්න. එකසිය විසි එකයි ඉන්නේ, අපිට ඉන්න පුළුවන් කාඩර් (Carder) එක අනුව එකසිය විසිපහක් වෛද්‍යවරු ඉන්නවා. ඒ අනුව වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදුන්නා.
එක්කෙනෙක් ඩොක්ටර් ඩබ්ලිව්. ජී. එස්. චතුෂ්ක. ඔහු 2018 ඉඳලා මේ ජාතික අක්ෂි රෝහලේ සේවය කරනවා. ඔහුට 2022 ජාතික රෝහලට ස්ථාන මාරුවක් ලැබිලා තිබුණත් ගිහින් නෑ. ඒ නිසා ඔහුට ස්ථාන මාරුවක් ලබා දුන්නා.
තව එක්කෙනෙක් ඉන්නව ඩොක්ටර් එස්. පී. කොළඹගේ. 2013 හත්වැනි මාසේ 18 ඉඳලා ජාතික අක්ෂි රෝහලේ සේවය කරන්නේ. 2013 දී ඉඳන් බැලුවම අවුරුදු දහතුනක් දැන්. 2021 සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිදහස් වෙලා තිබුණා කිව්වට ඒක හරියට පැහැදිලි නෑ. දැන් අවුරුදු දහතුනක් හිටපු කෙනෙක්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභිකයෙක්ලු. හැබැයි 2013 ඉඳන් හිටපු කෙනෙක්ව මාරු කරන්න හදනකොට ප්‍රශ්න ඇති කරනවා. මේ දෙදෙනා සේවය කරපු ඒකකවල විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අහලා, ඒ රෝහල් සේවා අඩපණ වෙන්නේ නෑ කියන ස්ථිර සහතිකය මත තමයි රෝහල් අධ්‍යක්ෂවරයා තීන්දු කළේ මොවුන් මුදා හරින්න.
ඒ ට්‍රාන්සර් (Transfer) මත පදනම්ව මම කියන්නේ, අවුරුදු දෙකක් තුනක් ගිය කෙනෙක් නම් කමක් නෑ. හැබැයි ඒ අධ්‍යක්ෂවරයාට ප්‍රශ්නයක් තියෙන නිසා තීන්දුවක් ගත්තා. ගරු නියෝජ්‍ය කථානායකතුමා, අපි ඒ තීන්දුව සෞඛ්‍ය අමාත්‍යාංශය මදකට නතර කරා. ඇයි? රට පුරා ඉඳන් එන අක්ෂි රෝගීන් පීඩාවට පත්වන නිසා. මේ වැඩවර්ජන ඉස්සරහට ගියා නම්, අක්කරේපත්තුවේ දවස් දහ අටකට විතර, ඊට කලින් දෙහිඅත්තකණ්ඩිය දවස් ගාණක්, දැන් අක්ෂි රෝහලේ පටන් ගන්නවා. මේ රෝගීන් පීඩාවට පත්වෙන නිසාම අපි සමහර තීන්දු අකුල ගත්තා.
හැබැයි අපිට පේනවා මේ යන්නේ මොකක්ද කියල. තමන්ගේ සාමාජිකයන්, තමන්ගේ විධායක සභිකයන් සමහර වෙලාවට අවුරුදු 13, 15, 2008 ඉඳන් අවුරුදු දහඅටක් එකම තැන ඉන්නවා. මේ අයගේ පෞද්ගලික ප්‍රශ්න තියෙනවා. හැබැයි අර දුෂ්කර රෝහල්වල අවුරුදු 4, 5, 6 ඉඳලා ට්‍රාන්සර් එන්න බැරි දහස් ගාණක් ඉන්නවා.
අපි අවුරුදු දහතුනකට පස්සේ, ගිය දෙසැම්බර් මාසේ මේ ලංකාවේම වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කරන්න හිටියේ. අවුරුදු ගණන් එකතැන ඉන්න අය යන්නේ නෑ. එතකොට අනිත් කෙනෙකුට එන්න හම්බෙන්නෙත් නෑ. දැන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීමට හතර සැරයක් අපි ඒ ස්ථාන මාරු කරන දින ප්‍රමාණය කල් දැම්මා. අපිට ඕනකම තිබුණේ සෞඛ්‍ය සේවාවට බලපෑමක් වෙන්නේ නැතුව, ඒක අඩපණ කර ගන්නැතුව, වෘත්තීය සමිති බාධාවක් නැතුව මේ ස්ථාන මාරු කර ගන්න.
මම අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට කිව්වා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අය ගෙනල්ලා සාකච්ඡා කරලා, පළාතෙන් පළාතට මේ ප්‍රශ්න වෙන්නේ කොහොමද කියල බලන්න. අපි එහෙම නම්‍යශීලී වුණා. එහෙම තිබියදී හතර සැරයක් මේක කල් දැම්මා. දැන් මම දන්න සමහර වෛද්‍යවරු රෝහල්වල තමන්ගේ දරුවා අදාළ පාසලට ඇතුළත් කරලා, ඒගොල්ලො ට්‍රාන්සර් එකට ලෑස්ති වෙලා, බඩු පටවලා යන්න බලාගෙන ඉන්නේ. එහෙම තිබියදී අපි මේක නම්‍යශීලි වුණා.
හැබැයි අපි එහෙම කටයුතු කරද්දී ආයෙම සැරයක් මේ රටේ දැන් ආපදාවට පත් වෙලා, ආර්ථික අර්බුදයෙන් ගොඩඑන, යන්තන් දින පනහක් යන්න ඔන්න මෙන්න තියෙද්දි, අපි වැටුප් වැඩිවීම් ලබාදීලා තිබියදීත්, අසාධාරණ ලෙස මේ වෙලාවේ දෙන්න බැරි ආර්ථික ඉල්ලීම් පදනම් කරගෙන කවුරුහරි රෝගීන් ඇපයට තබා ගෙන පැය 48, සතියේ දවස් දෙකේ වැඩ වර්ජනවලට යන්න හදනවා. ඒක අසාධාරණයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි.
මට තේරෙනවා අද විපක්ෂ නායකතුමා සහ ඒ පැත්තෙ කට්ටිය මේ වැඩ වර්ජන ගැන වැඩිය කතා කරන්නේ නැත්තේ ඇයි කියලා. මොකද ඊයේ වෙනකොටම අර අලුතෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලයට ගත්ත, අපි ඉන්ටඩික් (Interdict) කරපු, අපි පරීක්ෂණ කරන දොස්තර මහත්තයා එහෙම මේකට සුබ පතලා, කට්ටියට එන්න කියලා, වැඩවර්ජන වලට සහාය දෙන්න කියලා කියනවා මම දැක්කා. චමල් සංජීව වගේ අය එහෙම දන්නවා ඇති.
අපට තේරුණා මේ විපක්ෂ නායකතුමා දැන් මේ ගොලු වෙලා ඉන්නේ ඇයි කියලා. වෙනදා කොහේ වැඩවර්ජනයක් ගියත් මෙතන ලොකු සද්දයක් දාන කෙනා අද සද්දයක් නොකර ඉන්නේ ඇයි කියලත් අපි දන්නවා. ඒ නිසා මම කරුණාකරලා කියන්නේ, මේ වෙලාවෙ මං විශේෂ ස්තුතිවන්ත වෙනවා, මේ වැඩ වර්ජනයට අපේ රටේ විශේෂඥ වෛද්‍යවරු දායක වෙන්නෙ නෑ. අපේ රටේ සමහර රෝහල් වල සාමාන්‍ය වෛද්‍යවරු දායක වෙන්නෙත් නෑ.
තේරුම් ගන්න, මේ අද හෙට අතට ලැබෙන වැටුප වැඩි වෙලා තියෙන්නෙ. එහෙම අතට වැඩි වැටුපක් ලැබෙන වෙලාවෙත් අසාධාරණ ලෙස ජනතාව සහ රෝගීන් අපහසුතාවට පත් කරමින් වැඩ වර්ජන කරන එකේ කිසිම සාධාරණයක් නෑ. රුපියල් එක්ලක්ෂ පනස් දහසක් ගත්ත කෙනාට දැන් දෙලක්ෂ තිස් එක් දහස් පන්සිය විස්සක් අතට ලැබෙනවා. අපි ආණ්ඩුව බාරගන්න එන්න කලින් දෙලක්ෂ හැත්ත දෙදාස් පන්සිය හැට දෙකක් ලැබෙනවා නම්, කලින් ලක්ෂ තුනක් ගත්ත කෙනාට දැන් තුන්ලක්ෂ හැට දාහක් ලැබෙනවා නම්, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආර්ථිකය වර්ධනය වෙනකොට දෙන්න පුළුවන් තව සහන දෙනවා.
මේ සියල්ල කරමින් ඉද්දි, කරුණාකරලා මම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් කියන්න කැමතියි රෝගීන් බිල්ලට තබාගෙන මේ වගේ අසාධාරණ වැඩවර්ජන කරන්න එපා. අක්කරේපත්තුවේ, දෙහිඅත්තකණ්ඩියේ, ජාතික අක්ෂි රෝහලේ අපි සමහර තීරණ පස්සට ගත්තේ මේ වැඩ වර්ජන ඉල්ලීම අසාධාරණයි කියලා දැනගෙනත්. අවුරුදු දහ අටක්, අවුරුද්දක් එකම කෙනා ට්‍රාන්සර් කරගන්න ගත්ත තීන්දුව හරි කියලා දැනගෙන තමයි අපි තීන්දු තාවකාලිකව අකුලා ගත්තේ. ඒ මේ රටේ ජනතාවට අඛණ්ඩ සේවාවක් ලබාදෙන්න ඕන නිසා.
සෞඛ්‍ය අංශයේ ප්‍රශ්න තිබෙනවා. ඖෂධ සැපයීමේ ප්‍රශ්න තියෙනවා, උපකරණ ප්‍රශ්න තියෙනවා. ඒ ඔක්කොම තියාගෙන ජනතාවට සේවාවක් සැපයීම අරමුණු කරගෙන තමයි සමහර තීන්දු අපි ගත්තෙ. හැබැයි මේ විදිහට දිගටම වැඩ වර්ජන කරමින් ජනතාව බිල්ලට ගන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරන උත්සාහය අපි හෙළා දකිනවා. මම සමස්ත වෛද්‍යවරුන්ට, ශ්‍රේණි වෛද්‍යවරුන්ට, විශේෂඥ වෛද්‍යවරුන්ට, පරිපාලන වෛද්‍යවරුන්ට හැමදෙනාගෙන්ම ඉල්ලීමක් කරන්න කැමතියි, අපි ඔබට ලබා දිය හැකි සියළු දේවල් ලබාදෙන්න සූදානම්. ආර්ථික වර්ධනයත් එක්ක ඉදිරියට යමු. ඒ නිසා කරුණාකරලා රෝගී ජීවිත බිල්ලට ගෙන කරන වැඩවර්ජන නතර කරන ලෙස ඉල්ලීමක් මේ වෙලාවේ කරන්න කැමතියි.
-සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස
ඊළාමයේ සිටි අනුබුද්ධ නාගාර්ජුනගේ බැතිමත්තු..! -බිණු නාගාර්ජුනගේ මතකපොත 04
Forwarded this email? Subscribe here for more ඊළාමයේ සිටි අනුබුද්ධ නාගාර්ජුනගේ බැතිමත්තු..! බිණු නාගාර්ජුනගේ මතකපොත 04 *****************...
-
මේකට මම මෙහෙම පිළිතුරක් දුන්න : //ටොමි රොබින්සන් කියන්නේ ජාතිවාදී බල්ලෙක්. කවුද කියන්නේ ටොමියා ජනප්‍රියම දේශපාලනඥයා කියල. නයිජල් ෆාරාජ්...
-
ඔන්න මට සල්ලි හුඟක් ලැබෙනවා හදිසියේ . මගේ පවුලේ අයට ඒ සල්ලි ලැබෙන්නේ කොහොමද කියන්න මම දන්නේ නැහැ. මට හොයන්න ඕන කමකුත් නැහැ . දැන් මං මොක...
-
*ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් වෙත,* *මහත්මයාණනි / මහත්මියනි,* කලකට පසු ඔබ සෑම දෙනා අමතා ලිපියක් එවීමට නොහ...

