උතුරට ගිය ගමනක්..
පෙබරවාරි පළමුවෙනි දා පෝය වැඩසටහනෙන් පස්සෙ මාන්කුලම් හි පිහිටි තේරාන්කණ්ඩල් ගමට යන්න පිටත් වුණා. ඒ අප ආයතනය විසින් ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ වසන හිතවතුන්ගේ සහායයෙන් ඒ ගමේ පවත්වාගෙන යන ' රාහුල-තංගරාජා වඩු කාර්මිකයින්ගේ සමූපකාර සමිතියේ වැඩකටයුතුවල ප්රගතිය සොයා බලන්න සහ කොරියානු මහායාන බෞද්ධ සංවිධානයකින් කරන ආර්ථික අපහසුතාවලින් පෙළෙන පවුල්වලට උදව් කරන වැඩපිළිවෙළකට සුදුසු ගම්මාන කිහිපයක් හඳුනා ගන්න.
උඩුබද්දාවට යනකම් කුලියට ගත් වාහනයකින් ගිහිල්ලා එතැන ඉඳලා මේ වැඩවලදි අපිත් එක්ක එකට වැඩකරන දිමුතු සොහොයුරාගෙ වාහනයෙන් මාන්කුලමට යනකොට රෑ 9 විතර වුණා. (දිමුතු කියන්නෙ තමන්ගේ මියගිය පියා වෙනුවෙන් කරන පිංකම හැටියට තේරාන්කණ්ඩල් ගමේ බොහෝ හානියට පත් පවුලක දුවෙකුට ඉගෙනීමට ශිෂ්යත්වයක් ලබා දීල ආදරයෙන් බලා ගන්න කෙනෙක්).
අපි රෑ නතර වුනේ අම්බාලපුරම් කියන ගමේ හිතවත් ගෙදරක. ඒ ගෙදර හිටියේ අම්මයි තාත්තයි බාල පුතයි. අනිත් දරුවො ජීවත් වුණේ යාපනේ සහ වව්නියාව වගේ පිට ප්රදේශවල. ඒ ගෙදර හිටිය තුන්දෙනාටම හොඳටම සිංහල පුළුවන්. ඒ නිසා වෙනද උතුරට ගියාම දැනෙනවට වඩා පහසුවෙන් සහ නිදහස්ව අදහස් බෙදාගන්න පුළුවන් වුණා.
පළමුවෙන්ම මම අහපු ප්රශ්නය තමයි මෙච්චර හොඳට සිංහල පුළුවන් වුණේ කොහොම ද කියන එක. මේ ගෙදර වැඩිහිටි පිරිමියා 1977 වෙනකම් නුවර ප්රදේශයේ ජීවත් වුණු කෙනෙක්. 1977 දි ඇතිවුණු ජාතිවාදී පහරදීම් නිසායි දෙමාපියන් එක්ක මාන්කුලම් වෙත ඇවිත් අද ඉන්න තැන කැලෑ එලිකරල ගෙයක් හදාගෙන පදිංචි වෙන්නෙ. එතකොට එයාට වයස 17ක්. 1958 සහ 1983 ඇතිවුණු සාහසික ක්රියා ගැන අප දැන සිටියත් 1977 දිත් එවැනි දේ සිදුවුණු බව අපි වැඩි දෙනෙක් දන්නෙ නෑ.
මම ඇහුවා ඒ සිද්ධි ගැන තව තොරතුරු ඇහුවට කමක් නැත් ද කියල. එයා කැමැත්තෙන්ම තොරතුරු බෙදා ගන්න ඉදිරිපත් වුණා. ඔහු කී තොරතුරු අනුව 1977 ඡන්ද ප්රතිඵල වලින් පස්සෙ ලංකාවෙ නොයෙක් පළාත්වල හිටපු දෙමළ මිනිසුන්ට හිරිහැර කිරීම් පහර දීම් සිදු කෙරෙනවා. අපේ කතා නායකයගෙ ගමේ දෙමළ අය දෙන්නෙක්ව ඝාතනය වෙනවා ඒ වෙලාවෙ. මම ඇහුවා ගහන්න ආවේ පිට ප්රදේශවලින් ද කියල. ඔහු කිව්වා, ‘නෑ.. ගොඩක් අය දන්න අය. මගේ ඕ ලෙවෙල් පොත් ටික ගිනි තිව්වේ අල්ලපු ගෙදර අය’ කියල.
අම්බාලපුරම් ගමේ ඉන්න අය ලංකාවෙ නොයෙක් පළාත්වලින් අවතැන්වෙලා ආපු අය. ඒ අය ආපු මුල්ගම් ගැන ඇහුවම පුදුම හිතෙනවා. ඉහල ගිරිබාව, පහල ගිරිබාව, ගල්ගමුව, තඹුත්තේගම, අඹන්පොළ සහ ගාල්ල එබඳු මුල් ගම් කිහිපයක්. පරන්තන් ඉඳලා මුලතිව් යන පාරේ තියෙන ධර්මපුරම් කියන්නේ 1958 උන්හිටි තැන් අහිමි වෙලා දකුණු ප්රදේශවලින් ගිය දෙමළ අයගෙන් හැදුණු ගමක්. ආනෛවේලුන්දාම් කුලම් කියන්නේ ගාල්ලෙන් අවතැන් වෙලා ගිය අයගෙන් හැදුණු ගමක්. වල්පොළ රාහුල ආයතනය අවුරුදු 9 තිස්සෙ විවිධ වැඩසටහන් කරන තේරාන්කන්ඩල් කියන්නෙත් මේ විදිහටම උන්හිටි තැන් අහිමි වූ මිනිසුන්ගෙන්, ගැහැනුන්ගෙන් හැදුණු ගමක්. මාන්කුලම් ඉඳල කි මී 20 ක 30 ක විතර කලාපයක විසිරිලා තියෙන ගම්වල ඉන්නේ මේ පැතිවලින් වරින් වර පළවා හැරි මිනිස්සු. පුදුමයි!
මීට අවුරුදු 10කට විතර ඉස්සර දකුණු අප්රිකාවෙ ඉඳල ආව මයිකල් ලැප්ස්ලි කියන බෝම්බයකින් දෑත් අහිමි වුණු පියතුමා පැවැත් වූ වැඩසටහනකට සහභාගී වුණා අවුරුදු 60ක විතර දෙමළ අම්ම කෙනෙක්. පවුලේ සියල්ලන් යුද්දයෙන් අහිමි වී තිබුණු ඇය හිටියේ විශාල කම්පනයක. දවල් දවස ගත කරනවා කිව්වේ එළදෙන බැඳල ඉන්න තැන. ගේ ඇතුළේ ඉන්න අපහසු නිසා. මේ වැඩසටහනේ අවස්ථාවක් ආව සහභාගී වූ හැම කෙනෙකුටම ගීතයක් ගායනා කරන්න. මේ අම්මගේ වාරෙ ආවම ඇය ගායනා කළේ ‘බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට - මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට..’ කියන සිංහල කවිය. මම පුදුම වෙලා ඇගෙන් ඇහුවා ඔයා කොහොම ද ඒ කවිය දන්නේ කියල. ඇය කිව්වා මම ඉපදුනෙත් හැදුනෙත් අනුරාධපුරේ. මම සිංහල කවි ඇර වෙන දෙයක් දන්නෙ නෑ කියල.
අපේ කතා නායකයගෙ කතාවත් ඒ වගේ. සිංහලෙන් ඉගෙන ගත්ත, බුද්ධාගම විෂයයක් හැටියට පාසැලේ දි ඉගෙනගත් ඔහු අද කිතුණුවෙක්. නමුත් හිනාවෙමින් ඔහු කිව්වේ 77 සිද්ධි නොවුන නම් මම දෙමළ නමක් තියෙන සිංහල බෞද්ධයෙක් වෙන්න තිබුණා කියල.
පෙබරවාරි දෙවෙනිදා ඒ අයගෙන් සමුගෙන අම්බාලපුරම් පාසැලටත් තේරාන්කන්ඩල් පාසැලටත් ගොඩවෙලා අදාළ වැඩකටයුතු නිම කිරීමෙන් පස්සෙ මම කිලිනොච්චියේ ඉඳලා යාපනයට යන්න පිටත් වුණා තනියම. අරමුණ වුණේ කන්කසන්තුරේ පිහිටි ජාතීන් අතර ගැටුමකට මූලයක් වී ඇති විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ හමුවීම. වව්නියාවේ සිට යාපනය බලා යන බස් එකකට කිලිනොච්චියෙන් ගොඩ වුණා. පැයක විතර ගමනකින් යාපනයට ළඟා වුණා. එතැන ඉඳලා ත්රී වීල් එකකින් කන්කසන්තුරේට යන්න පිටත් වුණා. මම ප්රදේශය නොදන්නා කෙනෙකු වුණත් අසාධාරණ ගානක් ඉල්ලුවේ නෑ.
අන්තිමේ පංසලට ගොඩවුණා. පැයක වගේ කාලයක් එහි ගත කළා. එහි වසන හාමුදුරුවන්ට ඇහුම්කන් දුන්නා. උන්වහන්සේට දානය ලැබෙන්න හමුදාවෙන් බවත් උන්වහන්සේට දෙමළ බස නොහැකි බවත් කියැවුණා. කොහොම වුණත් සාකච්ඡාවක් ආරම්භ වීම හොඳ දෙයක්. ආයෙත් දවසක හමුවුණාම මීට වඩා ගැඹුරට යන්න අපි දෙන්නටම හැකි වේවි. හිතුනොත් රෑ නවතිනවා කියල හිතාගෙන ගියත් එහෙම හිතුනෙ නෑ. පැයකින් විතර මම ආපහු එන්න පිටත් වුණා. කිලෝමීටරයක් විතර එන්න ඕන කන්කසන්තුරේ පුංචි බස් නැවතුමට. මුහුද ඈතින් පෙනෙන පාරේ මම පයිංම ඇවිදගෙන ආවා. ඒ පයිං ආපු ටිකෙත් එතැන් ඉඳල බස් එකෙන් ආ පැය එකහමාරක විතර කාලය පුරාමත් මම කල්පනා කළේ බුදුහාමුදුරුවො ගැන. ඉපැදුනේ එක තැනක. බුදු වුණේ තව තැනක. ආරාම ගොඩක් පිදූ බව කියැවුණත් ඒ එකක් එක්කවත් බැඳුණේ නෑ. අවසන් හුස්ම හෙලන්නේ පාරක් අයිනේ ගහක් යට. පොළොවේ කිසිතැනක් අල්ල ගත්තෙ නෑ. වයස අසූව වෙද්දිත් මිනිස්සු සොයා ගියා. ජීවිත කාලය පුරා සැරිසැරූ ප්රදේශ ගත්තම බුදු හාමුදුරුවන්ට ඒ කාලේ දඹදිව මිනිසුන් කතා කළ භාෂා විශාල ප්රමාණයක් කතා කරන්න පුළුවන් වෙන්න ඕන. ත්රිපිටකයෙනුත් ඒ බවට ශාක්ෂි හමු වෙනවා. එහෙව් බුදු හාමුදුරුවන්ගේ ගෝලයෝ අපි!
කන්කසන්තුරේ ඉඳල රෑ 7ට විතර යාපනය බලා එන සාමාන්ය මිනිස්සුත් එක්ක සීටීබී බස් එකෙන් මම යාපනයට ආවා. අවස්ථා දෙකක විතර ගැහැනු අය මම හිඳගෙන හිටි සීට් එකේ ඉතිරි ඉඩේ ඉඳගෙන ආවා. ඉතිං ඒ අයත් ආවා. මමත් ආවා!
යාපනය බස් නැවතුමේ පැය දෙකහමාරක් විතර ඉන්න වුණා බස් එකක් ගන්න. ඒ කාලය තුළ තුන්දෙනෙක් ඇවිත් මට යම් උදව්වක් ඕනැ ද ඇහුවා. අතරමං වෙලා ද ඉන්නෙ ඇහුවා. අන්තිමේ පේදුරුතුඩුවේ ඉඳල එන බස් එකක 45 වැනි සීට් එක හිස්ව තිබුණා. කාලෙකින් බස් එකක පිටිපස්සෙම සීට් එකක ඉඳගෙන කොළඹට ආවා එලිවෙනකොට.
මේ දාල තියෙන පොටෝ එකක් කන්කසන්තුරෙන් යාපනයට එන්න බස් එකට නැගල ඉන්න අතර. දෙවැන්න යාපනයට එන ගමන්.ඉස්කෝලවල ළමයි ආදරයෙන් ඇඟේ එල්ලුණු පොටොත් තියෙනව. ඒව දැම්මෙ නෑ.
After the Poya programme on February 1st, I set off for Therankandal village in Mankulam. The visit had two purposes: to review the progress of the 'Rahula–Thangarajah Carpenters’ Cooperative Society', which our institute runs with the support of friends in Sri Lanka and Australia, and to identify suitable villages for a livelihood support initiative funded by a Korean Mahayana Buddhist organization to assist economically vulnerable families.
I travelled by hired vehicle up to Udubaddawa and then continued to Mankulam in the vehicle of Dimuthu, who works closely with us in these efforts. (Dimuthu is a person who sponsors the education of a young girl from a severely affected family in Therankandal and supports her with deep personal commitment, in memory of his late father).
We reached Mankulam by 9 pm. That night we stayed at a friendly home in Ambalapuram. The household consisted of the parents and their youngest son; the other children were living in Jaffna and Vavuniya. What struck me immediately was that all three spoke fluent Sinhala. Because of this, conversation flowed with an ease and openness that one does not always experience during visits to the North.
My first question was simple: How did you learn Sinhala so well?
The elderly man of the house had lived in the Kandy area until 1977. When ethnic violence erupted that year, he and his parents fled to Mankulam. They cleared jungle land and built a home there. He was only seventeen at the time. While most of us know of the violence of 1958 and 1983, far fewer remember that similar events took place in 1977.
When I asked if he would share more, he did so without hesitation. After the 1977 election results, Tamil communities in various parts of the country faced harassment and attacks. In his own village, two Tamil men were killed. I asked whether the attackers were outsiders.
“No,” he said quietly. “Most were people we knew. It was our neighbours who burned my O-Level books.”
Ambalapuram itself is a village of the displaced. When one asks about the original homes of its residents, the list is startling: Ihala Giribawa, Pahala Giribawa, Galgamuwa, Tambuttegama, Ambanpola, Galle. Dharmapuram, on the Paranthan–Mullaitivu road, was formed by Tamil families displaced in 1958 from the South. Anaivilunthan Kulam was formed by those displaced from Galle. Therankandal, where the Walpola Rahula Institute has worked for nine years, is also a village born of loss and uprooting. Within a 20–30 km radius around Mankulam are many such villages — communities shaped by repeated displacement. It is astonishing!
About ten years ago, I attended a programme led by Father Michael Lapsley, who lost both his hands in a bombing in South Africa. Among the participants was a Tamil mother in her sixties who had lost her entire family in the war. She was deeply traumatised. She said she spent her days beside the cow shed because she could not bear to remain inside her house.
At one point, each participant was invited to sing. When her turn came, she sang a Sinhala verse:
“When I went hungry to my son’s house,
he measured out a little rice into my bag…”
I was deeply moved. When I asked how she knew that Sinhala poem, she replied, “I was born and raised in Anuradhapura. I know nothing except Sinhala poetry.”
Our host’s story carried the same irony. He studied in Sinhala and even learned Buddhism as a school subject. Today he is a Christian. Smiling gently, he said, “If the events of ’77 had not happened, I might have been a Sinhala Buddhist with a Tamil name.”
On February 2nd, after bidding farewell, I visited Ambalapuram School and Therankandal School to complete our work. Then I travelled alone from Kilinochchi to Jaffna. My intention was to meet the monk at a temple in Kankesanthurai that has become a point of ethnic tension.
I reached Jaffna by bus and then took a three-wheeler to Kankesanthurai. Though unfamiliar with the area, I was not overcharged. At the temple, I spent about an hour listening to the resident monk. It was said that his alms came from the military and that he did not speak Tamil. Even so, the beginning of a conversation is itself meaningful. Perhaps another meeting will allow us to go deeper. Though I had considered staying overnight, I did not feel inclined to do so.
I walked about a kilometre to the small bus stand, along a road where the sea shimmered in the distance. During that walk — and during the long bus ride that followed — my thoughts turned to the Buddha.
Born in one place. Enlightened in another. Though many monasteries were offered to him, he did not bind himself to any. He passed away beneath a tree by the roadside. He did not cling to land or possession. Even at eighty, he continued travelling among people. Considering the vast regions he covered, he must have spoken many of the languages of his time. The Tripitaka itself suggests this.
And we are followers of such a Buddha.
Around 7 p.m., I returned to Jaffna by CTB bus among ordinary travellers. On two occasions, women shared the remaining space on my seat. They travelled. I travelled.
At the Jaffna bus stand, I waited for nearly two and a half hours. Three different people approached me to ask whether I needed help, whether I was lost. Eventually, I found an empty seat — number 45 — on a bus coming from Point Pedro. After a long time, I sat in the very back seat of a bus and travelled to Colombo, arriving at dawn.
The photographs shared here were taken on the journey from Kankesanthurai to Jaffna. I also have pictures of schoolchildren clinging to me with affection — but those I have chosen not to share.
ගල්කන්දේ ධම්මානන්ද හිමි
https://www.facebook.com/share/1Fn42DjHcH/
පන්සලේ පියතුමා= මර්සලීන් ජයකොඩි
ReplyDeleteපල්ලියේ සාදු = ගල්කන්දේ පොන්නයා
ඇයි එහෙම කියන්නේ , එකක් ට්‍රාන්ස් මිනිසුන්ට අපහාසයක් , අනික වැදගත් හාමුදුරු වහන්සේ කෙනෙක් . හොඳ මනුස්සයෙක් වෙන්න දරුවා
Deleteසිදුහතුන් ඉපැදුනේ ගහක් යට. බුදු වුණේ ගහක් යට. ආරාම ගොඩක් පිදූ බව කියැවුණත් ඒ එකක් එක්කවත් බැඳුණේ නෑ. අවසන් හුස්ම හෙලන්නේ පාරක් අයිනේ ගහක් යට. අරුමයක් නේද?
ReplyDeleteඑක එක කාලවල අයසට පත් කෙරුණු
උන් හිටි තැන්වලින් පාරට ඇද දැමුණු
තවමත් තිබෙයි පෑරුණු හිත් සුව නොවුණු
අනේ මේවයෙන්වත් උගනිමු කරුණු!
ඔව් නිදි - ‘නෑ.. ගොඩක් අය දන්න අය. මගේ ඕ ලෙවෙල් පොත් ටික ගිනි තිව්වේ අල්ලපු ගෙදර අය’ කියල. - ඇනෝ හැටියට සමහර වෙලාවට අගහ්න්න එන්නෙත් දන්න අය , ඕක තමා මිනිස් ස්වභාවය
Deleteඔතන දෙපැත්තක් තියෙනවනේ. ගිනි තියපු කෙනාටත් සාධාරණ හේතු ඇති.
Deleteඅල්ලපු ගෙදර දෙමල එකා හොඳින් ඉගෙන ගනී කියල , නැත්නම් ඌ ට හොඳ කාරෙකක් තිබීම හෝ තමන්ට වඩා හොඳ රැකියාවක් තිබිම , තව තියනවද හේතු
Deleteමෙතන පෙන්වන සිද්ධි දෙකේදී නම් ඔවුන් සිංහල සංස්කෘතියට එක්වෙන්න කැමැත්තෙන් හිටිය අය බව පේනවා. ඒත් ඒ ගමේ ඉන්න අනෙක් අයත් ඒ විදියටම හැසිරුනාද කියලා සැකයි. ඒ විදියට ගත්තොත් ඒ දෙන්න හැර අනෙක් අය එලවිීම හරි.
Deleteඒ වගේම 1977 වනවිට දෙමළ නමින් හඳුන්වන පිරිස් අතර අන්තවාදී අදහස් පැතිරිලා තිබුනා. ගමේ මිනිස්සු හිතන්න ඇති. අපේ ගමේ දෙමෙල්ලුත් සිංහල ඉස්කෝල වලට ගියාට යම් අවස්ථාවක අපිට ද්‍රෝහිවෙයි කියලා.
දෙවැනි ලෝක යුද්ධකාලේ ඇමරිකා ඔ.නාවේ සේයාරුවක් දැක්කා තියෙනවා. එහි චීන ජාතිකයෙක් මම ජපනෙක් නෙමෙයි කියලා සඳහන් දැන්වීම් පුවරුවක් බෙල්ලේ එල්ලාගෙන ඉන්නවා.
1977 වනවිට කරන්න තිබුනේ, ඊලාම් වාදයට අකමැති දෙමෙල්ලුන්ට, කමන් සිංහල ජාතියට එක්වෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලා, හැකිනම් සංවිධානයක් පිහිටුවාගෙන ප්‍රසිද්ධ කරන්න.
දෙමල අය සිංහල සංස්කෘතියට නිකම්ම් එකතු වෙනවා මෝඩ අහංකාර යක්කු හිටියේ නැත්නම් . අන්ටහ්වාදී අදහස් පැතිරෙන්න පටන් ගත්තේ යටත්විජිත කාලයේ ඉඳන් . වරප්‍රසාද නැතිවෙයි කියල බයට . නමුත් සිංහලලු ගැහුවේ දුප්පත් දෙමල මිනිහට . උන් ගැහුවෙත් දුප්පත් සිංහල මිනිහට . එතනයි වැරැද්ද
Delete++++++++++++++++++++👌
ReplyDelete++++++++++++++++++
Delete