- සියවසේ මහා බොරුව - “කාලගුණ අනාවැකිය”

 


උද්ගතව ඇති ව්යසනකාරී තත්ත්වයට පාදක වූ මහා වර්ෂාව, ගංවතුර හා නායයාම් පිළිබද කළින් දැනගන හා දැනුම් දී සිටි බවත්– ඒකාබද්ධ යාන්ත්රණ පවා හදන්නට නිලධාරීන් විසින් උපදෙස් දී තිබූ බවත්– පියවරක් ගත්තා නම් මේ ව්යසනයේ හානිය අවම කරන්නට තිබූ බවත්– “වගකිවයුතු හා කළ යුතු අය එසේ නොකළ නිසා” මේ තරම් ජීවිත හා දේපල හානියක් වූ බවත් කියනු අසන්නට ලැබේ.

පළමුව මෙම මතය දේශපාලනඥයකුට අයත් (ලියවිලිවල තිබ්බා හෝ නැතා ඇත්ත වශයෙන්ම අයිතිකාරයා) රූපවාහීනී නාලිකාව විසින් නිර්මාණය කර දවසට එකසිය අටවාරයක් මැතුරුවේය. පසුව මේ කතාව එළියේ අය කරට ගත් අතර– දැන් අර නාලිකාව විසින් තමන්ම හදපු මතය– එළියේ කියමින් යන අයගේ කතා උස්සාගනවිත් විකාශය කරමින් “ආතල් එකක්” ගනිමින් සිටියි.
කතාව කියවන්න කළින් මෙන්න මේ දින ටික මතක තියාගන්න.
- 12 – 18, 18 – 22 සහ 22 න් පසු...
ඇත්තටම සිදුවුණේ මොකද්ද
නොවැම්බර් පළමුවනදා සිට 12 වැනිදා දක්වා සාමාන්ය රිද්මයේ වැස්සක් තිබිණි. 12 වැනිදා කිසිදු හැරවුම්මය යමක් සිදු නොවීය. කාලගුණ වාර්තාවලට අනුව එදාත් “සාමාන්ය” දවසකි. ඒ දක්වාම සාමාන්ය රටාවට නිවේදන නිකුත් කරන 0530, 1400 හා 1600 පැයවලට මෙන්ම කඩින් කඩ සුවිශේෂී කරුණු ඇතුළත් නොමැති නමුත් අවස්ථානුකූල යාවත්කාලීන කිරීම් සහිත නිවේදන කාලගුණේ විසින් නිකුත් කර ඇත.
12 සිදුවන්නේ මෙවැන්නකි. වෙන කතාවකට දෙරණට ගිය කාලගුණ ඩීජී “වැසි වැස්සොත් ගග පිරෙයි- ගග පිරුණොත් ගග ගග ගලයි..” පන්නයේ කතාවක් අඩමානයට අත අරියි.
“බෙංගාල බොක්කේ වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක් නිරීක්ෂණය වන බවත් ඔහුගේ අත්දැකීම් අනුව එය අඩු පීඩන අවපාත මට්ටමකට වර්ධනය විය හැකි බව” (I repeat විය හැකි බව (නිශ්චිතව නොකියයි)) කියයි.
13 වැනිදා දහවල් නිවේදනයට අනුව, දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතී. ඒ හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ. එසේම, 15 සවස 4 නිවේදනයට අනුව දිවයිනට නැගෙනහිර දෙසින්න පහළ වායුගෝලයේ
කැලඹිලි තත්තත්තවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇත.
17 වැනිදා රාත්රී ජාතික රූපවාහිනියේ ප්රවෘත්ති විකාශයේ කාලගුණ අනාවැකියට අනුව “දිවයින ආශ්රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වල ද හම්බන්තවතාට දිස්ත්රික්කයේ
වරින්වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කියා සිටියි.
පෙර සදහන් කළ 12-18 පරිච්ඡේදයේ වැදගත්ම මොහොතට එළැඹෙන්නේ දැනුයි.
දිවයින ආශ්රිතව මේ දක්වා පැවති අඩු පීඩන කලාපය ක්රමානුකූලව දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී. ඒ හේතුවෙන් 19 හා 20 දෙදින තුළ වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් බලාපොරොත්තු වේ.
Interesting fact : මේ දක්වා පැවති අඩු පීඩන කලාපය ක්රමානුකූලව දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී.
එනම් එතෙක් පැවති තත්ත්වය හෝ ඒ සම්බන්ධයෙන් නිශ්චිතව කියා ඇති අනාවැකි ආදිය එතැනින් අවසන් වේ.
18 වැනිදා රාත්රී 8ට පමණ ඉදිරිපත් කරන අලුත් තත්ත්වයට අනුව 22 වැනිදා පමණ වනවිට ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතී. (I repeat හැකියාව පවතියි. (සම්භාවිතවක් මිස නිශ්චිතව දක්වා නැත)). පසුව එම පද්ධතිය තවදුරටත්ත වර්ධනය වෙමින් ශ්රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව (I repeat ආසන්නව) ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.
එදිනම, එනම් 18 වැනිදා රාත්රී 8 ජාතික රූපවාහිනී ප්රවෘත්ති විකාශයයේ මෙසේ සදහන්.. “දැනට පවතින වැසි සහිත කාළගුණ තත්ත්වය තාවකාලික අඩු වීමක් අපි හෙට දිනෙන් පසුව අපේක්ෂා කරනවා. 20,21,22 වගේ දිනවල තාවකාලික අඩුවීමක් තියනවා නමුත් ඉන්ත පසුව තවදුරටත් වැසි තත්ත්වයේ වැඩිවිමක් තමයි බලාපොරොත්තු වීමේ හැකියාව දැනට පවතින්නේ...” (මෙරිල් මෙන්ඩිල් - අධ්යක්ෂ අනාවැකි)
එම ප්රවෘත්ති ප්රකාශයට අනුවම, ඒ වනවිටත් දැදුරු ඔයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් ද දෙකක් අඩි දෙක බැගින්ද විවෘත කර ඇත.
22 වැනිදා සවස 2.30 ට නිකුත් කළ නිවේදනයකට අනුව කියැවුණේ - දිවයිනේ ඇතැම් ප්රවේශවල තද වැසි ඇතිවීමට ඉඩ ඇති බවයි. එම නිවේදනයේද සදහන් වුණේ මිමී 100ක පමණ වර්ෂාපතනයක් ගැනයි.
නැවත එදිනම, ප.ව. 3.30ට නිකුත් කළ නිවේදනයට අනුව, දකුණු අන්දමන් මුහුදු ප්රදේශය ආශ්රිතව අඩු පීඩන කළාපයක් නිර්මාණය වී ඇති බව නිවේදනය කරයි. එය බටහිරට බරව වයඹ දෙසට ගමන්ත කරමින් නොවැම්බර් 24 වනදා වනවිට ගිනිකොන දිග බෙංගාල බොක්ක ප්රදේශයේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇත.
එහි සම්පූර්ණ අවදානය යොමුව තිබුණේ බහුදින යාත්රා ඉලක්ක කරගනිමිනි.
22 වැනිදා රාත්රී 8 ට නැවත ජාතික රූපවාහිනියේ ප්රවෘත්ති විකාශවේදී ආපදා
කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විසින්, උසස් පෙළ විභාගය ඉලක්ක කර ගනිමින් විශේෂ විභාග ආපදා සැලසුමක් සකස් කර ඇති බව කියා සිටියි.
23 වැනිදා හවස 4.00ට පමණ, නොවැම්බර් මස 25 දින පමණ වන විට ශ්රී ලංකාවට යාබද නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතින අතර ඒ හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තුවන බව සදහන් කරයි.
ඒ අනුව, 18 වැනිදා වාර්තා කළ අඩු පීඩන කලාපයට පසුව නව අඩු පීඩන කලාපයක් 23 වැනිදා වනවිට නිර්මාණය වෙමින් පවතින බව මෙම නිවේදන අනුව කියැවේ.
23 දින අද දෙරණ ප්රවෘත්ති විකාශය අතරතුරදී කාර්යයේ නියුතු කාලගුණ විද්යාඥ මලිත් ප්රනාන්දු විසින් “දකුණු අන්දමන් මුහුද ආශ්රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වුණා. මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් හෙට දවසේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වේවි යැයි සිතන්න පුලුවන්. ඉන්පසුව තමයි ඇත්තතටම ඒ පද්ධතියේ ගමන් මාර්ගය ගැන හොඳ අදහසක් ගන්න පුලුවන් වෙන්නේ. ඉතින් ඒ වෙනකම් දැනට තියන අනාවැකි වලදී අපිට දකින්න පුලුවන් වෙන්නේ මේක ලංකාවට ඔබ්බෙන් නැගෙනහිර මුහුදෙන් ඉන්දියාව දෙසට ගමන් කරන ආකාරයක් තමයි දකින්න තියෙන්නේ...” යනුවෙන් පවසයි. (I repeat දැනට තියන අනාවැකි වලදී... මේක ලංකාවට ඔබ්බෙන් නැගෙනහිර මුහුදෙන්..... ඉන්දියාව දෙසට ගමන් කරන ආකාරයක්.....).
24 දින අළුයම කාලගුණ නිවේදනයට අනුව දිවයින අශ්රිතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය 25 වැනිදා වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතී. ඒ හේතුවෙන්දි වයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපවේදී තවදුරටත් බලාපොරොත්තු වේ.
25 වැනිදා අළුයම නිවේදනයට අනුව දිවයින ආශ්රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන්උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වවේ වැඩි වීමක් 25 වැනිදා සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව සදහන් කරන අතර පෙ.ව. 10 නිවේදනයට අනුව කියැවුණේ නිරිතදිග බෙංගාල බොක්ක සහ ශ්රී ලංකාව ආශ්රිතව පහළ වායුගෝලයේ පැවති කැළඹිලි තත්තත්තවය අද (25) උදෑසන වනවිට අඬු පීඩන තත්තත්තවයක් දක්වා වර්ධනය වී ඇත. එය ඉදිරි පැය 24 තුළ තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බවයි.
2025.11.25 දින පැය 1200 - ජාතික රූපවාහිනියේ ප්රවෘත්ති තුළින් කාලගුණ විද්යා
අධයක්ෂ ජනරාල් විසින් කළ අදහස් දැක්වීමේ දී ද පෙර පරිදිම සදහන් කළේ, “උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්යම දකුණ වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් තියනවා” යනුවෙනි.
නමුත්, BBC කාලගුණ වාර්තාව මිමි 500 ක වැස්සක වැටෙන බව කියා සිටියි. 100ත් 500 ත් අතර මිමි 400කම වෙනසක් ඇත. එසේ වූයේ කෙසේද..
කාලගුණේ පරතු නිවේදනයක් නිකුත් කරන 26 වැනිදා පෙ.ව. 10.30ටත් සදහන් වන්නේ මිමි 100 හෝ 150 ප්රමාණයේ වැසි අපේක්ෂා කරන බවයි. BBC බැරිනම් අඛනිටාවේ හෝ අවීචියේ අනාවැකි බලා අවසන් නිගමනයකට පැමිණිය යුත්තේ කාලගුණේය.
දොඹ සූරණ වැහි, වැහි පිට වැහි වැටෙනකොටත් නිවේදනවල හා ප්රකාශවල වැසි සීමාව මිලිමීටර් 150 න් එහාවක් ගැන කතාවක් තිබුණේම නැත.
27 වනදා දහවල් වනවිට ශ්රීලංකාවට ගිනිකොණ දෙසින් පැවති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 120km ක් ගිනිලකාණ දෙසින් ස්ථානගත වී ඇති බව සදහන් කරයි. එය උතුරට බරව වයඹ දෙසින් ගමන්ත කරමින්ත ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත.
27 වැනිදා වනවිටනම් සාමාන්ය මිනිහෙකුට පේන ආකාරයටත් කියන්නට පුළුවන් තරමටම තත්ත්වය වර්ධනය වී අවසන්ව තිබිණි.
දැන් අපි බලමු වාරිමාර්ග නිවේදනය ගැන. අර වැව් හිස් කරන්න කිව්වා කියන නිවේදනේ.
දිනේ නොවැම්බර් 25. ඒ කියන්නේ කාලගුණේ ඇම්බර් නිවේදන නිකුත් කරමින් සිටි සමය. වාරිමාර්ග ඇඩ්රස් කරපු කෙනෙක් නෑ. ඒ කියන්නේ පොදු නිවේදනයක්. වර්ණය ඇම්බර්. පළවෙනි වතාවට කාලගුණේ එකෙන් මිමී 200 ක වැස්සක් ගැන කියනවා. ඒක කාලගුණේ 150ටත් වඩා වැඩි එකක්.
හැබැයි 150ට හෝ 200 වැඩි කියන්නේ 300 හෝ 400 නෙවෙයි. ලොජිකලි හරි තමයි, හැබැයි ආයේ ලොජිකලිම 150-200 කියන්නේ 300-400 නෙවෙයි. එහෙමනම් 300 කියන්නේ 50ටත් වැඩි තමයි. ඇම්බර් නිවේදනයක් "ඉතා හොදින් කල්තබා දැනුම් දුන් නිවේදනයක්" ලෙස උස්සාගන ජනයා නොමග යවමින් රැගෙන යන්නේ එක පිරිසකි.
ඒ, මහනුවරදී ගංවතුර හා නායයෑම් සහනාධාර එකතු කරමින් හා බෙදා හරිමින් සිටි තරුණ පිරිස් බිය ගන්වා එලවා දමා 'විපක්ෂ මන්ත්රීවරුන්ගේ මන්ත්රී කාමරයේ භුක්තිය' තහවුරු කරගත් පිළයි.
ඔය කිසිදු නිවේදනේක ජලාශ හිස් කරන්න කියලා- කියලා නෑ. එහෙම කිව්වා නම්- එසේ කිව්වැයි කියන කිසිදු අභ්යන්තර ලියවිල්ලක් හෝ ඇවිල්ලා නෑ එළියට.
මෙය මෙස් කරන්නැයි මෙසේ නොකරන්නයැයි උපදෙස් දෙමින් හෝ නියෝග පතමින් කිසිදු අධිකාරියකට ලියුම් ගසා තිබේද. එවැනි පසුබිමක කවුරුන්ගේ හෝ නොසැලකිල්ල නිසා යමක් සිදුව තිබේද.
මේක ස්වභාවික ව්යසනයක්.
ඊට වඩා ව්යසනයක් මේ ව්යසනය- වසංගත වසන්තයක් කර ගැනීමේ පුරුද්දටම ගොස් වසන්තයක් කර ගන්නට උත්සාහ කිරීම අනුතමක කළ නොහැක. එය පරංය කළ යුතු තක්කඩිකමකි.
ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නදැයි ඇසීමට ඉඩ නොතියන්න.
I repeat ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද...

1 comment:

  1. සුනාමිය එන කාලෙත් කාලගුණ දෙපාර්තමේන්තුවෙන් වෙච්ච වැඩක් නෑ, අදත් නෑ. ඒකත් අර "සුබසෙත කිව්වා" ජාතියෙ සාත්තර කියැවිල්ලක් විතරයි. ඔය කියන ජාතික ආපදා කළමනාකරණ එකක් තිබ්බත් ඔච්චර තමයි.

    ඒත් මේ විනාසයෙන් පාඩම් ඉගෙන ගෙන, යම් ප්‍රායෝගික වැඩ පිලිවෙලක් හදන්න ඕනෙ කියන එකයි මට හිතෙන්නෙ.

    මේ කාලගුණ බොරුව ගැන ලියපු එක හොඳයි.

    ReplyDelete

ප්‍රතිචාරයට ස්තූතියි

- සියවසේ මහා බොරුව - “කාලගුණ අනාවැකිය”

  උද්ගතව ඇති ව් ‍ යසනකාරී තත්ත්වයට පාදක වූ මහා වර්ෂාව, ගංවතුර හා නායයාම් පිළිබද කළින් දැනගන හා දැනුම් දී සිටි බවත්– ඒකාබද්ධ යාන්ත් ‍ රණ පවා ...