අනුරගේ අදහස හරිද ?

අපි මේ දිනවල කතා කරන්නේ රජය ඉදිරිපත් කල අධ්‍යාපන  ප්‍රතිසංස්කරණ (ප්‍රධන වශයෙන් දරුවන්ට පහර දීම ,  අපයෝජන වැළැක්වීම  තහනම් කිරීම  ) වැනි යෝජනා වලට සහය දීමට .  ඒ වගේමේ ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ ඇති  අධිරාජ්‍යවාදී ඉංග්‍රීසින් විසින් පැනවූ වැඩිහිටි අයගේ සමලිංගික සේවනය තහනම් කිරීමේ පනත අයින් කිරීම ට සහය දීම .  

දැන් මේ දෙකම හුඟක් අය විකෘති කරල කතා කරන්නේ . ළමයින්ට දඬුවම් කිරීම  සම්පුර්ණයෙන්ම තහනම් කරනවා හෝ ,  ළමයෙකුට බැන්නොත් හිරේ යවනවා  වගේ බොළඳ ප්‍රකාශ කරමින්  ලොකු විරුද්ධතාවයක් අරන් යනව.  ඒ වගේම මේ යන්නේ LGBTQ  ප්‍රචාරණය කරන්න කියල අනිත් පැත්තෙන් මඩ කතාවක් යනව.  පුදුමේ තමා  යහපාලන කාලේ  ලිබරල් කතා කියපු  දිව දෙකේ හොරුනුත් ඉන්නේ එතැන. 

මේ අතරේ ජනාධිපති අනුර කුමාර දිසානායක  කතාවකදී කිව්වා ,  ජනතාවට අවශ්‍ය නැත්නම් , එයාලා එපා කියන නීති රීති ගේන්නේ නැහැ කියල .  මේකට විවේචනයක් ගියා පස්ස ගහනවා කියල . 

මම ජනමාධ්‍ය වේදී  මිතුරෙක් සහ  තවත් කිහිප දෙනෙක් එක්ක මේ ගැන සාකච්ඡා කළා .  අපි වාද කරලා අවසානයේ තීරණය කලේ අනුර හරි කියල . 

ඇයි ඒ? 

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ  ලංකා ඊ නිව්ස් ලිව්ව ලිපියක් .  ඒක හයදාහකට වඩා කියවල නැතිලු . 

ඒ ලිපිය මෙතන :  වැඩිහිටියෙකුට පහරදීම වරදක් නම් දරුවෙකුට පහරදීමත් වරදක් නොවේද? දරුවන්ට ශාරීරික දඬුවම්දීම වැරදියි..! -විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

ඒ  දවසකට ලක්ෂ දෙක තුනක් ක්ලික් වෙන වෙබ් අඩවියක .  ඒ වගේම වෛද්‍ය ලලිත් චන්ද්‍රකාන්ත මහත්මයා කීව එයාගේ ලිපිය පුවත්පත් වලට යැව්වා  භාර ගත්තේ වත් නැහැ කියල .  (ඒ පත්තර විකිනෙනවද නැත්ද කියන එක වෙනම කතාවක් ) .

මේ තියෙන්නේ ඒ ලිපිය :  අපේ ලාබාලතම පුරවැසියන් 'අපෙන්' ආරක්ෂා කර ගැනීම...! මෙය නායකත්වය වඩාත් අවශ්‍යම මොහොතයි..!-ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලලිත් චන්ද්‍රකාන්ත ලියයි

  නමුත් මේකෙන් වැටහෙන්නේ ඇත්තටම   ලංකාවේ මිනිසුන්ට මේක අනවශ්‍යයි කියල .  ළමයින්ට ගහල හදන්න  ඕනේ කියන මතයේ තමා  බහුතරයක් ඉන්නේ .    සුද්දගේ පරණ නීතිය බල රහිත කිරීම LGBTQ ප්‍රවර්ධනය හැටියට දකින්නේ.  ලංකාවේ සඟ සසුන ඇතුලේ අපචාර චෝදනා තියනව .  අනිත් ආගමික ආයතන වලටත් එම චෝදනාවම අඩු වැඩි වශයෙන් තිබෙනවා .  . එහෙමෙ තියෙද්දී තමා ආගමික පූජක වරුන්ගෙන් සහ , ශ්‍රමණ වෙස් ගත් අයගෙන් විරෝධය පල වෙන්නේ .  

ඒ නිසා අපි හිතනවා  අනුර සහෝදරයා  හරි කියල .  මිනිසුන්ට ඕනේ නැත්නම් ඒ නීති ගෙනල්ල වැඩක් නැහැ.  එයාලගේ මනස ඒ සඳහා හැඩ ගැහිලා නැත්නම් බලෙන් නීති පනවල ස්ටලින්වාදී වෙන්න අවශ්‍ය නැහැ.  

අනික කාරනේ තමයි ලංකාවේ නීති කොහොමත් දැනට තියනව ළමා රක්ෂණයට. ළමා මෙහෙකාර සේවය තහනම්,  ශරීරික හිංසා කිරීම තහනම් වගේ නීති වගේ නීති තිබෙනවා .    ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ .   ළමා රක්ෂණ අධිකාරියක් තියනවා .  ඉතින් ඒ නීති හරියට බලාත්මක කරලා ඒවා ක්‍රියාත්මක කරන්න කියන එක ඇරෙන්න අලුත්  නීති හදන්න  ඕනේ නැහැ මිනිස්සු කැමති නැත්නම්. තියෙන නීති ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු කලහම හරි රටේ දියුණුවත් එක්ක .  

දරුවන්ට දෙන දඬුවම් වැඩිවෙලා කියල මානව හිමිකම් කොමිසම කියනවලු . 

මේ යොමුව : 

ශාරීරික දඬුවම අදට ගැලපෙනවද ? | අද ලොවට බුදුදහම කියලා හොඳ වීඩියෝ එකක් මේක . 



කොළඹ ගමයා -21/10/2025



  

11 comments:

  1. Jagath Pathirana22 October 2025 at 03:49

    ගල්කන්දේ පොන්නානන්ද හැසිරෙන්නේ ජේසු වගේ.

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ එහෙම කියන්නේ . හොඳ හාමුදුරු කෙනෙක්ලු නේද

      Delete
  2. LGBTQ පනත නම් අවුලක් නෑ.

    //ලංකාවේ නීති කොහොමත් දැනට තියනව ළමා රක්ෂණයට. ... ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ . .....ඒ නීති හරියට බලාත්මක කරලා ඒවා ක්‍රියාත්මක කරන්න කියන එක ඇරෙන්න අලුත් නීති හදන්න ඕනේ නැහැ මිනිස්සු කැමති නැත්නම්//
    ++++++++++++👌

    ReplyDelete
    Replies
    1. ඒකට නායක හාමුදුරුවරු, කාදිනල්ලා ආදී ඔක්කොම විරුද්ධයි නේ . මොකටද ඒ ගොල්ලන්ට චාන්ස් එක්ක දෙන්නේ මිනිස්සු අවුස්සන්න

      Delete
    2. මම පත්තරේ ගිය ඕලුගල ගැන ලිපියක් කියෙව්වා.
      කවුද මේ ඕලුගල

      ඒකෙදි කියැවෙනවා, ඕලුගල කොටකෙතනට ගියාම, රත්තපුරේ දේසපාලුවො පරීක්ෂණ වලට පෙරලපු බාල්දී. ඒ ඝාතන රැල්ල වෙනකොට ඔය උන්නාන්සෙල හිටියෙ කොහෙද? ඔය කුඩු, පාතාලෙ, දේසපාලු ගැන්සි විතරක් නෙමෙයි පූජ්‍ය පක්ෂය වුනත් මේ මජර යාන්ත්‍රණයේම කොටස් වෙන්න ඉඩ තියනවා කියලයි මට හිතෙන්නෙ.

      මම නං කැමතියි අනුර මේක මකවලා හරි, ටිකක් හරි වෙනසක් කරනව නං.

      Delete
    3. වැඩේ කියන්නේ ෆේස්බුක් එකේ මගේ බයි යාලුවෝ බනිනවා මර්දනය කියල

      Delete
  3. Jagath Pathirana25 October 2025 at 03:35

    වෛද්‍ය කුමාර කලු ආරච්චි මහතාගෙන් LGBT සම්බන්ධ ප්‍රශ්නයක් දැනගන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. මම නම් දන්නේ නැහැ . මාතලන් ගේ බ්ලොග් එකේ ඇනෝ කමෙන්ට් දාන නිසා සමහරවිට මේ ප්‍රශ්නය යොමු කරන්න . පිළිතුරක් දෙයි

      Delete
  4. // මිනිසුන්ට ඕනේ නැත්නම් ඒ නීති ගෙනල්ල වැඩක් නැහැ. එයාලගේ මනස ඒ සඳහා හැඩ ගැහිලා නැත්නම් බලෙන් නීති පනවල ස්ටලින්වාදී වෙන්න අවශ්‍ය නැහැ.//

    මිනිසුන් සැවොම එක වාගෙම දැනුවත්ද
    නීති හැදිය යුතු ඔවුනගෙ රිස්සටද
    දෙව්දත් බුදු හිමිට ගල් පෙරළුව නේද
    හොඳ වැඩවලට රිසි අය හරි අඩු නෙවෙද

    ReplyDelete
    Replies
    1. මට මතක් වුනේ බූරුවව කරේ තියාගෙන ගිය පිය-පුතු කතාව. ඒත් දේශපාලන පක්ෂයක් වශයෙන්, පැවැත්ම සඳහා ජනතා මතයට හිස නමන්නත් වෙනවා. නමුත් පරිස්සම් වෙන්න ඕනෙ "ජනතාව" විදිහට පෙනී ඉන්න නූල් සූත්තරකාර ඒජන්තලගෙන්.

      මේක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. සංකීර්ණයි. අපි AKD ටම කරන්න දීලා බලමු.

      Delete
    2. නිදි ගේ අදහසත් හරි

      Delete

ප්‍රතිචාරයට ස්තූතියි

- සියවසේ මහා බොරුව - “කාලගුණ අනාවැකිය”

  උද්ගතව ඇති ව් ‍ යසනකාරී තත්ත්වයට පාදක වූ මහා වර්ෂාව, ගංවතුර හා නායයාම් පිළිබද කළින් දැනගන හා දැනුම් දී සිටි බවත්– ඒකාබද්ධ යාන්ත් ‍ රණ පවා ...