අනුරගේ අදහස හරිද ?

අපි මේ දිනවල කතා කරන්නේ රජය ඉදිරිපත් කල අධ්‍යාපන  ප්‍රතිසංස්කරණ (ප්‍රධන වශයෙන් දරුවන්ට පහර දීම ,  අපයෝජන වැළැක්වීම  තහනම් කිරීම  ) වැනි යෝජනා වලට සහය දීමට .  ඒ වගේමේ ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ ඇති  අධිරාජ්‍යවාදී ඉංග්‍රීසින් විසින් පැනවූ වැඩිහිටි අයගේ සමලිංගික සේවනය තහනම් කිරීමේ පනත අයින් කිරීම ට සහය දීම .  

දැන් මේ දෙකම හුඟක් අය විකෘති කරල කතා කරන්නේ . ළමයින්ට දඬුවම් කිරීම  සම්පුර්ණයෙන්ම තහනම් කරනවා හෝ ,  ළමයෙකුට බැන්නොත් හිරේ යවනවා  වගේ බොළඳ ප්‍රකාශ කරමින්  ලොකු විරුද්ධතාවයක් අරන් යනව.  ඒ වගේම මේ යන්නේ LGBTQ  ප්‍රචාරණය කරන්න කියල අනිත් පැත්තෙන් මඩ කතාවක් යනව.  පුදුමේ තමා  යහපාලන කාලේ  ලිබරල් කතා කියපු  දිව දෙකේ හොරුනුත් ඉන්නේ එතැන. 

මේ අතරේ ජනාධිපති අනුර කුමාර දිසානායක  කතාවකදී කිව්වා ,  ජනතාවට අවශ්‍ය නැත්නම් , එයාලා එපා කියන නීති රීති ගේන්නේ නැහැ කියල .  මේකට විවේචනයක් ගියා පස්ස ගහනවා කියල . 

මම ජනමාධ්‍ය වේදී  මිතුරෙක් සහ  තවත් කිහිප දෙනෙක් එක්ක මේ ගැන සාකච්ඡා කළා .  අපි වාද කරලා අවසානයේ තීරණය කලේ අනුර හරි කියල . 

ඇයි ඒ? 

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ  ලංකා ඊ නිව්ස් ලිව්ව ලිපියක් .  ඒක හයදාහකට වඩා කියවල නැතිලු . 

ඒ ලිපිය මෙතන :  වැඩිහිටියෙකුට පහරදීම වරදක් නම් දරුවෙකුට පහරදීමත් වරදක් නොවේද? දරුවන්ට ශාරීරික දඬුවම්දීම වැරදියි..! -විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

ඒ  දවසකට ලක්ෂ දෙක තුනක් ක්ලික් වෙන වෙබ් අඩවියක .  ඒ වගේම වෛද්‍ය ලලිත් චන්ද්‍රකාන්ත මහත්මයා කීව එයාගේ ලිපිය පුවත්පත් වලට යැව්වා  භාර ගත්තේ වත් නැහැ කියල .  (ඒ පත්තර විකිනෙනවද නැත්ද කියන එක වෙනම කතාවක් ) .

මේ තියෙන්නේ ඒ ලිපිය :  අපේ ලාබාලතම පුරවැසියන් 'අපෙන්' ආරක්ෂා කර ගැනීම...! මෙය නායකත්වය වඩාත් අවශ්‍යම මොහොතයි..!-ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලලිත් චන්ද්‍රකාන්ත ලියයි

  නමුත් මේකෙන් වැටහෙන්නේ ඇත්තටම   ලංකාවේ මිනිසුන්ට මේක අනවශ්‍යයි කියල .  ළමයින්ට ගහල හදන්න  ඕනේ කියන මතයේ තමා  බහුතරයක් ඉන්නේ .    සුද්දගේ පරණ නීතිය බල රහිත කිරීම LGBTQ ප්‍රවර්ධනය හැටියට දකින්නේ.  ලංකාවේ සඟ සසුන ඇතුලේ අපචාර චෝදනා තියනව .  අනිත් ආගමික ආයතන වලටත් එම චෝදනාවම අඩු වැඩි වශයෙන් තිබෙනවා .  . එහෙමෙ තියෙද්දී තමා ආගමික පූජක වරුන්ගෙන් සහ , ශ්‍රමණ වෙස් ගත් අයගෙන් විරෝධය පල වෙන්නේ .  

ඒ නිසා අපි හිතනවා  අනුර සහෝදරයා  හරි කියල .  මිනිසුන්ට ඕනේ නැත්නම් ඒ නීති ගෙනල්ල වැඩක් නැහැ.  එයාලගේ මනස ඒ සඳහා හැඩ ගැහිලා නැත්නම් බලෙන් නීති පනවල ස්ටලින්වාදී වෙන්න අවශ්‍ය නැහැ.  

අනික කාරනේ තමයි ලංකාවේ නීති කොහොමත් දැනට තියනව ළමා රක්ෂණයට. ළමා මෙහෙකාර සේවය තහනම්,  ශරීරික හිංසා කිරීම තහනම් වගේ නීති වගේ නීති තිබෙනවා .    ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ .   ළමා රක්ෂණ අධිකාරියක් තියනවා .  ඉතින් ඒ නීති හරියට බලාත්මක කරලා ඒවා ක්‍රියාත්මක කරන්න කියන එක ඇරෙන්න අලුත්  නීති හදන්න  ඕනේ නැහැ මිනිස්සු කැමති නැත්නම්. තියෙන නීති ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු කලහම හරි රටේ දියුණුවත් එක්ක .  

ශාරීරික දඬුවම අදට ගැලපෙනවද ? | අද ලොවට බුදුදහම කියලා හොඳ වීඩියෝ එකක් මේක . 



කොළඹ ගමයා -21/10/2025



  

No comments:

Post a Comment

ප්‍රතිචාරයට ස්තූතියි

අනුරගේ අදහස හරිද ?

අපි මේ දිනවල කතා කරන්නේ රජය ඉදිරිපත් කල අධ්‍යාපන  ප්‍රතිසංස්කරණ (ප්‍රධන වශයෙන් දරුවන්ට පහර දීම ,  අපයෝජන වැළැක්වීම  තහනම් කිරීම  ) වැනි යෝජන...