බොසාගේ ඩිප්ලොමැටික් සංඥාව හෙවත් දීර්ඝායු පුත, ළඟ නොබලන්න දුර බලන්න

 


බොසා ලයිෆ් ජැකට් එකක් නැතිව දෙමළ ෆිල්ම් එකක වීරයා වගේ බෝට්ටුවේ ඉස්සරහින් යන සීන් එකකට බුකියේ කට්ටිය හිනා වෙනවා දැක්ක .  ලයිෆ් ජැකට්  එකක්  දුන්නේ නැත්නම්, ඒක එතැන් හිටි නේවි එකේ ලොක්ක ගේ නැතිනම් බෝට්ටුවේ නියාමක ගේ වැරැද්ද ද මම දන්නේ නැහැ .  අපිට  නම් මෙහේ පැයට  හැතැප්ම පහේ  බෝට්ටු වල යනකොටත්  ඕකක් දාගන්න දෙනවා අර හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි මගුලකට. 

පස්සේ තමයි මට මීටර් වුනේ. තමිල්නාඩු ඇක්ටර් විජේ ගොයියට   තේරෙන  භාෂාවෙන් දෙන්න එපාය උත්තරේ. . 


ඔහෙලා  දැකල නැත්ද දන්නේ නැහැ තමිල්නාඩු ෆිල්ම් වල ෆිසික්ස් කැලේ දාල දෙන ගේම් කෑලි. 


ඉතින් බොස්ට පුලුවන්ද විජේට සෙකන්ඩ් වෙන්න.  ඒ හින්ද ඔන්න ඔය ජැකට් මගුල  විසි කරනවා අයිසේ , කියල කියන්න ඇති. 

හැබැයි ඔතන ඇත්ත කතාව මේකයි .  

1974 දී අගමැතිනි  සිරිමාවෝ බණ්ඩාරනායක,  ඉන්දියාවේ අගමැතිනි ඉන්දිර ගාන්ධි එක්ක ගිවිසුමක් ගහනවා . ඒ ගිවිසුමට අනුව කච්චතිවු දූපත අයිති වෙන්නේ ශ්‍රී ලංකාවට .  කොහොමත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව කාලෙත් ඊට කලිනුත් කච්චතිවු අයිති ලංකාවට .  හැබැයි සුද්දා  ඒක  පාලනය කරන්න   ඔය තමිල්නාඩු වල කාටද දීල තිබ්බ ,  ඉන්දියාව හෙවත් තමිල්නාඩුව ඒකට අයිතිවාසිකම් කියන්නේ ඒ පදනමින්. අනික ධීවරයෝ ඇවිත් මාළු බාල නවාතැන් ගන්න නිසා සහ කතෝලික පල්ලියට වඳින්න එන නිසා . 

නමුත්  බොසා බෝට්ටුවෙන් කච්චතිවු ගිහිල්ල තමිල්නාඩු විජේ අයියලාට ගැහුවේ ඩිප්ලොමැටික් කනේ පාරක් .  කච්චතිවු  දෙන්නේ නැහැ, එච්චරයි . 

බුකියේ අයියලා කොහොමත් ළඟ නේ බලන්නේ .  උන් ඔය දීර්ඝායු කතාව දන්නේ නැහැ ,  ඒ නිසා උන්ට පේන්නේ  ලයිෆ් ජැකට් එක විතරයි .  ඉන්දියන් කාරයින්ට ඊට එහාපේනවා . 

මේ සාකච්ඡා කරන්නේ ඒක . වෙල්ඩන් බොසා . 


     

 කොළඹ ගමයා 02/09/2025

7 comments:

  1. https://bassigenawathana.blogspot.com/2025/09/how-time-flies-when-youre-stuck-in.html?sc=1756878096586#c2753742413477222284

    ReplyDelete
    Replies
    1. එනවා වගේ කට්ටිය . රොහාන් ධනංජය ගේ ටෙක් පවුරත් ආයේ වැඩ

      Delete
    2. ටෙක් සයුර නේද?
      https://www.techsayura.com/2023/10/fix-for-anonymous-commenting-blogger.html

      Delete
  2. https://www.divaina.lk/editorial/26752

    ReplyDelete
  3. කච්චතිව් නහී.
    එය කච්ඡප දීපය වියයුතුයැ. එය ආර්ය සකු වදනකි.

    කච්චප දීපය සම්බන්ධයෙන් ජෝෂප් විජයට කලහැකි දෙයක් නැත.
    නමුත් ඒ මිනිහාගේ කතාව මුල්කරගෙන. ලංකාවේ ඉන්නා ඉන්දියන් භාෂාව කතා කරන එවුන් තමන් දේශප්‍රේමීන් බව පෙන්ව කොමෙන්ටු සමාජ ජාල වල දමනු දැක්කෙමි.
    මම ඒ වැනි ඉන්දියන් භාෂා කතාකරන්නන්ට සුද්ධ සිංහලෙන් ගුණ කථන කොමෙන්ටු දැම්මෙමි.
    එසේම ජනාධිපතිත් බොරු දේශප්‍රේමයක් පෙන්වන රංගනයක් කලේය.
    අපි රැවටෙයි ඔ්වට.

    ReplyDelete

ප්‍රතිචාරයට ස්තූතියි

බොසාගේ ඩිප්ලොමැටික් සංඥාව හෙවත් දීර්ඝායු පුත, ළඟ නොබලන්න දුර බලන්න

  බොසා ලයිෆ් ජැකට් එකක් නැතිව දෙමළ ෆිල්ම් එකක වීරයා වගේ බෝට්ටුවේ ඉස්සරහින් යන සීන් එකකට බුකියේ කට්ටිය හිනා වෙනවා දැක්ක .  ලයිෆ් ජැකට්  එකක් ...