තමන්ගේ වල තමන්ම කපාගත් සනිල් උන්නැහේ

 

ජපානේ හිටියා බෞද්ධ භික්ෂුන් වගයක් .  මෙයාලට කියන්නේ සොකුශින්බට්සු (Sokushinbutsu) කියලා .  ඒ ගොල්ල කෑම අඩු කරලා  ,  දුෂ්කර  ක්‍රියා කරලා, භාවනා කරන ගමන් තමන්ගේ ම මරණයට ලඟා වෙනවා .  හැබැයි එතකොට සිරුර දිරා පත් වෙලා නැහැ .  මමියක් වෙලා .  ඒ කියන්නේ එම්බාම් කරන්නේ නැතිව හිටිය විධිහට ශරීරය සුරැකෙනවා .  මේක ලිවින් බුද්ධා නැතිනම් පිරුණු සිරුරින්  යුත් බෝධිසත්ව කියලත් කියනවා .  දහනම ශත වර්ෂයේදී ජපන් රජය මේ මමිකරණය තහනම් කළා.

කැනඩා වල  ජිමි කිකම් තමන්ගේ වල තමන්ම කපා ගත්ත. ඔන්න බිබිසි  එකේ ගියා කතාව .  

 මතකද දන්නේ නැහැ, 2015දී  අපේ මුල්ම  බ්ලොග් සම්මාන  උළෙලේ  ප්‍රධාන කාර්යයක් හැටියට අපි හිතුවේ තොරතුරු දැන  ගැනීමේ පනත ගැන විස්තර ඉදිරිපත් කිරීම සහ ඒ සඳහා කරු ජයසූරිය මහතාට (පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට )  සප් එකක් දීම.  යහපාලන ආණ්ඩුවෙන් කරපු එකම හොඳ වැඩේද මන්ද .  ඕන කෙනෙකුට ආණ්ඩුවේ ඕන කෙනෙක් ගැන විස්තර ගන්න පුළුවන් වෙන්න .  හොඳ පාලනයක් එන්න නම් තියෙන්න ඕන දෙයක් . 

ඔය යහපාලන ආණ්ඩුව කාලෙම (2015 අප්‍රේල් )  රනිල් වික්කමසිංහ ගේනවා ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම  ව්‍යවස්ථාවට 19 වැනි සංශෝධනය .  විධායක ජනාධිපති ගේ බලතල අඩු කිරීම .  ජනාධිපතිට කැබිනට් අනුමැතිය නැතිව අගමැති නෙරපන්න නොහැකි වීම ,  විශේෂයෙන් ස්වාධින කොමිෂන් සභා පිහිටුවීම .   

  ඔය ස්වාධින කොමිෂන් සභා වැඩේ නිකන් බූමරංගයක් වගේ කියල තේරුනාද  මන්ද . ස්වාධින  මැතිවරණ  කොමිසම  - කුරුණෑගල ඡන්ද පෙට්ටි භීෂණය වගේ ඒවා කරන්න බැහැ. මහර (විජය ගේ සීන් එක ) වගේ දහ පාරක් ගණන් කරන්න බැහැ.   

පබ්ලික් සර්විස් කමිෂන් එක - තමන්ට ඕන විධිහට පත්වීම් දෙන්න බැහැ. මාරුවීම් කරන්න බැහැ රාජ්‍ය සේවයේ . අර නාමල්  ඇඬුවට   මන්ත්‍රී ලියුම් කප්පාදු කලේ ඔන්න  ඕකෙන්. 

පොලිස් කමිෂන් එක -තමන්ට ඕන විධිහට   පොලිස්කාරයො මාරු කරන්න බැහැ ඕන ඕන කරන තැන් වලට .  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව ,   ඉස්සර වගේ සුටුස්  කියල අයින් කරන්නේ නැතිව අනුර කුමාර දිසානායකට පාර්ලිමේන්තුව හරහා යන්න වුනේ ඒ නිසා .   මේක නිසා  අර පොලසියේ ඕ අයි සී ගේ සීට් එකේ ඉඳගෙන තොණ්ඩ -ගන්දමන් ලට පොලිසියට අණ දෙන්නත් බැහැ. පොලිසියට අවශ්‍ය නම් කොන්ද කෙලින් තියාගෙන රාජකාරි කළ හැකි. 

අධිකරණයේ ස්වාධීනත්වයත් මේකෙන්ම  රැකෙනවා ජනාධිපති ගේ ඇඟිලි ගැසීමකින් තොරව. මේකට අනුර මල්ලිගේ අවුට්ෆිට් එකත් සහයෝගය දුන්න සයිඩ් එකේ ඉඳන් .  ඒ දවස් වල රතු - අලි සන්ධානය කියල දේශපාලන ප්‍රහාරයක් ගියා මතකද ?  පෙරටුගාමින් තවමත් ඇදන් යන්නේ .  

ඕක ජරා පස්ස කල්ලියකට ඇල්ලුවේ නැහැ .  ඒ නිසා ආණ්ඩුව පෙරලුනා. අර බැංකු සිද්ධියත් සම්බන්ධයි .  උනුත් ඒකම ඊට කලින් කරලා තිබ්බ නිසා ඔවුන් වැඩේ දන්නවා. 

ඊට පස්සේ අර කමිෂන් වලට තමන්ගේ එවුන් කොහොම  කොහොම  හරි පුරවා ගෙන ජනාධිපතිගේ කෝල් එකට තීන්දුවල ඉඳන් මාරු කිරීම් කරන්න ආයෙත් හදා ගත්ත . 

ඉතින් මේ සෙට් එකේ ප්‍රධාන විරුද්ධවාදියා  සනිල් වික්කමසිංහ .  මතකද දන්නේ නැහැ මේ  ගොල්ලෝ බැනපු බැනුම්. දයාසිරි ජයසේකර ,  මහින්දානන්ද , නාමල්, රෝහිත  ............ලිස්ට් එක දිගයි . 

මෙන්න රනිල්ට වල කපන්න උදව් වෙච්ච තව අයගෙන් ටික දෙනෙක් . 

මෙන්න දයාසොරි -https://www.facebook.com/share/v/16zZwrxcGW/

මෙන්න බැදුම්කරේට රෝහිත අබේගුනවර්ධන කියනව රනිල් ඉන්න ඕනේ වැලිකඩ කියල . 

https://www.facebook.com/share/r/1CvNehjduS/

මහින්දානන්ද -https://www.facebook.com/share/r/1B6k1mDRp1/

මෙන්න සිරිසේනගේ සමනලකතාව  - https://www.facebook.com/share/v/173oZvtkoy/

පවිත්‍රා වන්නි ආරච්චි කියනවා ගාමිණී දිසානායක,  ලලිත් ඇතුලත්මුදලි (කොටි මරපු ) මැරුවෙත් රනිල් කියල    - https://www.facebook.com/share/r/1E2PQBtsD5/

මේ සනිල් එක්ක එක පන්තියේ හිටපු දිනේෂ් ගුණවර්ධන -  https://www.facebook.com/share/v/1D93fPMk7L/

හිරුනිකා ;  https://www.facebook.com/share/v/1EycUQZufn/

හැබැයි, රනිල් කියන්නේ පවතින ක්‍රමයේ ආරක්ෂකයෙක් .  ඒ නිසා වගේ වගක් නැතිව අර සෙට් එක බේරා  ගන්න ඉදිරිපත් වුනා අරගලයෙන් පස්සේ. ආර්ථිකය බේරා ගන්න තමා ආවේ. නමුත් සෙට් එකත් බේරනවා .  ඒකත් එක වගන්තියක් .  ඔන්න තමන්ගේ වලේ පළමු පස් පිඩැල්ල රනිල් කපා ගත්ත .

ඊට පස්සේ ඉතින් දිගටම කපාගෙන කපාගෙන ගියා . 

දැන් ඕනෙනම් ඔයාල මට ඩෝබි කියල බනියි .  ආණ්ඩුව හෝදනව කියල කියයි . 

දැන් මේකේ අනුර කුමාර දිසානායකට යි පැලවත්තටයි බනින්නේ මොකටද කියල මට තවම තේරෙන්නේ නැහැ. පාස්කු පල්ලියෙන් බේරිච්චි  හිරාන් කියනව ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ කියල.

රනිල් හදපු ස්වාධින පොලිස් කොමිසම නිසා ස්වාධින වෙච්චි පොලිසිය, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇඟිලි ගහන්නේ නැහැ කියල දැන ගත්තම ඔවුන් තමන්ගේ වැඩේ කරනවා .  අධිකරණයට ඇඟිලි ගැසීමක් නැහැ.  ඔවුන් ස්වාධීනව තමන්ගේ කාර්යය ඉටු කරනවා . 

ඉතින් රනිල් මේක පෙන්වන්නම අර වගේ ආණ්ඩුවේ සල්ලි  ටිකක් අරන් ලන්ඩන් ගියාද කවුද දන්නේ . 

ඕගොල්ලෝ බනින්න ඕනේ ස්වාධින පොලිසියටයි ස්වාධින අධිකරණයටයි නේ .  

මෙන්න මෙහම කතාත් කියනව මිනිස්සු . https://www.facebook.com/share/v/1BTLjxPdJK/?mibextid=wwXIfr

  - ලින්ක් ලබා දුන් සුසිලා සහෝදරියට ස්තූතියි .


   

     


3 comments:

  1. Replies
    1. ඒක මම කියෙව්වා වෙන ගෘප් එකක තිබිල . එකඟයි

      Delete

ප්‍රතිචාරයට ස්තූතියි

තමන්ගේ වල තමන්ම කපාගත් සනිල් උන්නැහේ

  ජපානේ හිටියා බෞද්ධ භික්ෂුන් වගයක් .  මෙයාලට කියන්නේ සොකුශින්බට්සු (Sokushinbutsu) කියලා .  ඒ ගොල්ල කෑම අඩු කරලා  ,  දුෂ්කර  ක්‍රියා කරලා, ...