ඔන්න මට සල්ලි හුඟක් ලැබෙනවා හදිසියේ . මගේ පවුලේ අයට ඒ සල්ලි ලැබෙන්නේ කොහොමද කියන්න මම දන්නේ නැහැ. මට හොයන්න ඕන කමකුත් නැහැ . දැන් මං මොකද කරන්නේ . මේ සල්ලි එංගලන්තේ බැංකු වලට දාන්න දාන්න බැහැ . උන් ඔය මළ මගුල් ප්‍රශ්න අහනවනේ . සල්ලි හොයපු විධිහ මොකද්ද? ඇන්ටි මනි ලෝන්ඩරින් ද මොකද්ද කියල නීතියක් පාස් කරලා නිසා අහන්න වෙනවලු. නැත්නම් උනුත් ගන්නවා . වික්ටෝරියා රැජින කියන්නෙත් නැව් වලින් සල්ලි කඩා ගත්තු කෙනෙක්නෙ .
ඒ වුනාට මටත් මොළේ පහල වෙන වෙලාවල් තියනවා . කැනඩාවේ බකුස් කියල යාළුවෙක් ඉන්නව මතක් වුනා පොඩි ජොබක් කරන . හැමදාම බර බරේ සල්ලි හම්බ වුනාට වැඩක් නැහැ වියදම් වෙනවා . තවම කුලියට ඉන්නේ කියල .
මට පුංචි කාලේ ඉඳල රොබටික් වැඩ කරන්න ආසයි. ඒවාට අවශ්‍ය දේ නිපැයුම් කරන්න හෙම . මම කොහොම හරි උපාධියකුත් කළා එංගලන්තේ ඉම්පීරියල් එකේ . ඉතින් මම ගැහුවා නියම ප්ලෑනක්.
මම බකුස් ට කීව , මචන් මම උඹට සල්ලි දෙන්නම් . උඹ මෙහෙ ඇවිත් උඹ හම්බ කළා වගේ ආයෝජනය කරපන්. පිටරට ඉන්න එවුන්ට සීමාවක් නැහැනේ සල්ලි අරන් එන්න . මම උඹට සීයට දහයක් දෙන්නම් . හැබැයි උඹ ආයෝජනය කරන්නේ මම කියන ඒවාට විතරයි .
බකුසුවත් කැමති වුනා එක පයින් . නිකන් ඉන්න පොරට අහල ගියත් මොකද ?
ඉතින් බකුස් ඇවිත් ලන්ඩන් ආයෝජන කලාපේ සල්ලි දැම්ම රොබටික් කෑලි හදන්න කම්පනියක් ඒ අව් අස්සේ බකුස් (මම කියල ) හෝටල් දෙක තුනක් ගත්ත . පොල් ඉඩම් දෙක තුනක් ගත්ත . ලොකු ගෙයක් කැනඩාවේ ගත්ත. මට ගියහම ඉන්න පුළුවන් . බකුස් මුලදී හිතුවේ මම මේ පොඩි ගානක් කියනව කියල . දැන් පොරටම හිතා ගන්න බැහැ මට මෙච්චර් සල්ලි තියනව . මොකද උගේ සීයට දහයත් ? නැහැ ඕනේ නැහැ . ඔයාලට දුක හිතෙයි ඒක කීවොත්. බකුස් ට ලොතරැයියක් ලැබුන වගේ . .මේ ලඟදි කැෆේ එකකුත් ගත්තද කොහෙද ? අපේ නෑදෑයෙක් එතැන් ගිහින් නිකන් කාල ෆේස්බුක් එකේ දාල තිබ්බ . බකුස් ඌ ට නිකන් කන්න දීලා . තුක් විතරක් මගේ සල්ලි වලින් කාලා ෆොටෝස් නුත් දානවා බකුස් ට තෑන්ක් කරලා . කියන්නය ඉතින් .
මගේ වැඩේ හරි ගියා හැබැයි . බකුස් මාව රොබොටික් කම්පනියේ ප්‍රධාන උපදේශක තනතුරට දැම්ම . ලැබ් එකේ ප්රධානියාත් මමම තමයි . පොඩි කාලේ ඉඳන් තිබ්බ ආසාවනේ . කොහොමද සුදු ලැබ් කෝට් එක ඇඳලා යන කොට ගැම්ම.
අපේ රොබොටික් කම්පනියේ ආයෝජන පාට්නර් හැටියට ගත්තේ රෂියන් කම්පැනි එකක් . ලැබ් එකට බඩු සේරම උන්ගෙන්. වර්ල්ඩ් මාකට් එකට විතරක් නෙමේ රුසියානු ස්පේස් ශටල් එකටත් අපේ බඩු ගන්නම් ලු . දැන් ආදායමත් හරි. උන් හිතන්නේ කැනේඩියන් ආයෝජකයෙක් කියල .
බ්‍රිතාන්‍ය ආණ්ඩුවත් හැපී ඉතින් . ආයෝජන බදු කලාපෙටයි , අපේ නිෂ්පාදන යවනවටයි එයාලට ලොකු ගානක් හම්බ වෙනවා අදායම . බකුස් නුත් හැපී . එයා හොඳින් ජිවත් වෙනවා . ලස්සන ගෑනු ළමයි පිරිවරාගෙන . මමත් හැපී . අපේ ඩැඩි ත් හැපී . අපි ඔක්කොම හැපී .
-- නිකන් ඉන්නවට ලියන ඒවා
අපේ සොඳුරු බ්ලොග් කරු දොරකඩ ගහේ මූකලන් බස්සා මහතා සහ මේ ලිපිය අතර කිසිදු සම්බන්ධකමක් නොමැති බා කරුණාවෙන් සළකන්න.
අඩේ මේක මරු නෙ. මාත් කල්පනා කර කර හිටියෙ, මගෙ සල්ලි ටික ලීගලයිස් කරන්නෙ කොහොම ද කියලා. බස්සො දාමු ද, මෙහෙත් මොකක් හරි කොම්පැනි ජාලයක්?
ReplyDeleteThis comment has been removed by the author.
Deleteලංකාවේ යථාර්තය:
Deleteනැනෝ තාක්ෂණයෙන් ගොඩ යෑම - හුචස්!
අභ්‍යවකාෂ තාක්ෂණයෙන් ගොඩ යෑම - හුචස්!
AI තාක්ෂණයෙන් ගොඩ යෑම - හුචස්!
කලු සල්ලි/කුඩු/පාතාල තාක්ෂණයෙන් ගොඩ යෑම - ආන්න ජංසන්!
@ද්රකි අන්න එහෙමයි වැඩ කරන්නේ . ආ බොල කොළඹ ගමයා එකට එන්නේ නැත්තේ මම අහවල් මගුලක් කලාටද 😀
Deleteබස්සා , හුඟක් අය කලේ ඒක තමා . ඔය මත්ද්‍රව්‍ය විකුණන් සල්ලි වලට මොකද වෙන්නේ
Deleteවෙලාවකට හිතෙනවා කොච්චර සම්පත් තිබ්බත්, ලංකාව හැමදාම හිඟන රටක් විදිහට තියෙයි කියලා. රටේම ඉන්නෙ, බොරු පුරසාරම් කාරයෝ, කම්මැලියො, හොරු සහ ගේම් කාරයෝ.☹️
DeleteThis comment has been removed by the author.
ReplyDeleteWhat jobs do people think are easy but are actually very hard in real life?
ReplyDeleteරොබොටික් කම්පැනි, කැෆේ, ආයෝජන ඔව්වා වලට ඇලුනොත් බැඳීම් වැඩියි. එතකොට වෙන්නෙ ආතතිය වැඩිවෙලා......
මමත් කැමැති කොහේ හරි තැනක වැඩ කරලා ආතල් එකේ ඉන්න . යෝජනා කරන්න කරන්න ඇන ගන්නවා වැඩියි
Deleteබ්ලොගීශ්වර කමෙන්ට් චක්‍රවර්තී නීතියට රිටි හිටවන උන්නාන්සේගේ උපදෙස් පරිදි , නොතේරෙන පෝස්ට් සඳහා පල කරන කමෙන්ටුවකි:
ReplyDelete1. කලු සල්ලි ලොන්ඩරියක කතාවක් බව ඇරුනු විට අනෙක් කිසිවක් තේරුනේ නැත.
2. කැනඩාවෙ බස්සොත් ඉන්නවද?
3. උන් හිම බස්සොද, අටු බස්සොද?
4. සුපියල් 5000කට වඩා, මූලාශ්‍රයක් නැති සල්ලි බැංකුවල දාන්න ගියොත් CRA - ටැක්ස් ඒජන්සියට ෆ්ලෑග් වෙනවාය.
දේශපාලනේ ගැන උනන්දු නැති නිසා වෙන්න පුළුවන් . මෙන්න සලකුණු - කැනඩා ව ගත්තේ එහෙ 'ප්‍රංශ' ප්‍රාන්තයක් තියෙන නිසාය . කැනඩාවේ බස්සෝ නැති නිසා එහෙ කතාවක් වෙන්නට බැරිය . කැනඩාවේ ඕවගේ වැඩක් කොහෙත්ම කරන්නට බැරිය . අන්තිමට හැරිනි අමරණිය සූරිය ගේ කතාව බලන්ටය .
Deleteහම්මේ ඇති යාන්තං නිව්ස් එක හොයා ගත්තා. මේක මේ රොකට් අජ්ජගෙ මඩ පාර්ලිමේන්තුවෙදි හෝදලා දුන්න කතාව නේද?
ReplyDeleteමිලියන් ඩොලර් ප්‍රශ්ණෙ, හොරු අල්ලන්න ආපු ආණ්ඩුව, හොරුන්ගෙම මඩ හෝදන්නෙ ඇයි කියන එකයි?
අන්න ඒක තමා මගෙත් ප්‍රශ්නේ . මට පේන්නේ psyop එකක් හෝ ඩයිවර්ශන් ටැක්ටික් එකක් කියල . අර අපේ යෙහෙළිය ප්‍රශ්මිකා ගේ ප්‍රශ්නෙත් මග ඇරුන . හෙට අනිද්දට ආයෝජන මණ්ඩලේම සුද්ද කරල දායි වගේ .
Deleteආයෝජන මණ්ඩලේ වගකියන්න ඕනෙ ඔහොම තොරතුරු අනලා දුන්නට. ඒත් රටේ අගමැතිනිය විහිලුවක් වෙලා වෙච්ච ඩැමේජ් එක සෑහෙන දරුණුයි.
Deleteමේක දැක්කාම මට ඔබතුමාව මතක් වුනා.
ReplyDeleteModel railroad track switch control
මාව මතක් වුනේ කොහොමද ? අමං මේ වෙන කෙනෙක් නේ . හැබැයි ලින්ක් එකට ස්තූතියි
Deleteපු ලුවන්නම් හොයල දෙන්න පොඩි කන්දක් හද ගන්නේ කොහොමද කියල. දෙමෝදර කන්දනම් වඩා හොඳයි .
DeleteHow to Make Easy Hills & Mountains for Model Train Layouts
Delete