දැඩි ඉල්ලීම නිසා පෙරටුගාමි සමාජවාදී පක්ෂය ගැන පොඩි හැදින්වීමක් ලියන්නම්. මේක පක්ෂකය නිල මතයක් නෙවෙයි, ඒත් මගේ අත්දැකීම් හා දැනුමේ සීමාවන් එක්ක, ඒත් හැකි ආකාරයෙන් ලියන්නම්. මේක ලොකු කතාවක් ඒත් හැකිතාක් කෙටිකර ලියන්නම්. මුලින්ම පසුබිම ගැන ටිකක් ලියන්නම්. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මව් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ.
ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ලංකාවේ ධනේෂ්වර ආර්ථික ක්‍රමයට විරුද්ධව සමාජවාදී සමාජ ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම සදහා 1960 ගණන්වල අගභාගයේදී පිහිටවපු පක්ෂයක්. ඒ අරමුණේ ප්‍රතිඵලයක් විදිහට 71 සහ 89 දී පක්ෂය මූලික වුණු සන්නද්ධ අරගල සිදුකරනවා. මේවා තාක්ෂණික වශයෙන් න්‍යායාත්මක වශයෙන් වගේම ප්‍රායෝගික වශයෙන් අඩුපාඩු සහිත වූවක්. කිසියම් කෙනෙක් මේ සිද්ධි ගැන විවේචනයක් ඉදිරිපත් කරනවා නම් ඒවා ගැන
පිළිතුරු දීමට පෙසප පෙනී ඉන්නවා. ඒක හුදු සමාව ඉල්ලීමකට වඩා එහා ගිය එකක්.
අපේ පරම්පරාවේ අය ජවිපෙ ගැන දන්නේ 94 න් පස්සේ ජවිපෙ පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදය සමග දේශපාලනයට ආවට පසු යුගයෙයි. මේ කාලය ඇතුලත 2000 මුල් කාලය දක්වා අපි දේශපාලනිකව කුමන පක්ෂයකට ඡන්දය දුන්නත් ලංකාවේ හෘද සාක්ෂිය නියෝජනය කරන පක්ෂයක් ලෙස ජවිපෙ පෙනී සිටි බව අපිට අවම එකගතාවයකට එන්න පුළුවන් කියලා හිතනවා. මේ කාලය ඇතුලට ගත්ත තීරණ සම්බන්ධයෙන් අපිට විවේචන තියෙන බව ඉන් නොසගවන්නේ නැහැ.
හැබැයි 94න් පටන් ගත්ත මේ අලුත් වකවානුව ඇතුලත ජවිපෙ වාමාංශික
පක්ෂයක් ලෙස තමන්ගේ දේශපාලනය වෙනස්ම තලයකට අරගෙන ගියා. පෙසප පටන් ගන්නේ මෙන්න මේ වාමාංශික නොවන දිශාවට ජවිපෙ යාමත් සමගයි. පෙසපෙන් ඉදිරිපත් කරන කාරණා මෙන්ම මට දැනෙන කාරණාත් කරුණු වශයෙන් මෙහෙමයි.
1. මූලිකවම ජවිපෙ කියන්නෙ ධනේෂ්වර ආර්ථික ක්‍රමයට (මේක මහින්ද
විරෝධී, අධිරාජ්‍ය විරෝධී, ප්‍රභාකරන් විරෝධී යනුවෙන් පටු නැත) විරුද්ධ, ඒ ආර්ථික ක්‍රමය නිසා සමස්ත මානව ශිෂ්ඨාචාරයම විනාශයට පත්කරන සමාජ ක්‍රමයක් නිසා ඊට විකල්ප සමාජ ආර්ථික ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටිය යුතු පක්ෂයක්. ( එහෙම නැත්තං ඒක වාමාංශික වන්නේ නැත) හැබැයි පහුගිය දශක දෙක ඇතුලෙ ජවිපෙ විසින් මේ කියන ක්‍රමයට විරුද්ධ ජනමතයක් සමාජ ගත කරන්න සමත්වන්නේ හෝ උත්සාහ කරන්නෙ වත් නැහැ. ඒ වෙනුවට
රනිල් විරෝධයක්, ප්‍රභාවකරන් විරෝධයක්, හුදු ඇමරිකන් විරෝධයක්, අවසාන වශයෙන් මේ මොහොතෙ මහින්ද හෝ රාජපක්ෂක විරෝධයක් සමාජ ගත කරමින්, ඊට සමාජය පෙළගස්සමින් සිටිනවා. ඒත් සත්‍ය වෙන්නේ ජවිපෙ අභ්‍යන්තරිකව සාක්ච්ඡා වන ක්‍රමවිරෝධය දේශපාලනිකව සමාජය ඇතුලෙ ගොඩනගනන්න ජවිපෙ ක්‍රියාකරන්නේ නැහැ. මේක පුද්ගල වරදකට වඩා හුදු පාර්ලිමෙන්තු ක්‍රමය මත යැපෙන ජනප්‍රියවාදයකට පක්ෂය වැඩකරපු හින්දා සිද්ධවුණු ප්‍රතිඵලයක්.
2. එල්ටීටීඊ යේ භාවිතාව ගැන කොතරම් විවේචන තිබුණත්, ජවිපෙ වාමාංශික පක්ෂයක් ලෙස ජාතිවාදි දේශපාලනකට සහයෝගය දෙන එක කිසිලෙසකින් වත් අනුමත කරන්න බැහැ. එල්ටීටීඊය පිට දමා දෙමළ, මුස්ලිම් සියළු ජනතාවගේ ප්‍රශ්ණ ගැන කිසිදු අවධානයක් යොමු නොකර අවසාන වශයෙන් දෙමළ ජනතාව සහ මුස්ලිම් ජනතාව සිංහල බෞද්ධ වර්ගවාදයක ගොදුරක් බවට පත්කරන්න අවශ්‍ය මූලික මතවාදය සකස් කරේ ජවිපෙ. මේ වන විට රාජපක්ෂ විසින් අත්තනෝමතික විදිහට පාවිච්චි කරන බලය ලබා දීමට අවශ්‍ය මතවාදීමය ශක්තිය සහ ජනමතය ඒ
වෙනුවෙන් ගොඩනැංවීමට ජවිපෙ වගකිව යුතු බවට කිසිදු තර්කයක් නැහැ.
3. 2000 න් පස්සේ මේ දක්වා ජවිපෙ විසින් ධනේෂ්වර පාලකයින්ට බලය ලබාදීම සදහා තමන්ගේ හැකියාවන් ලබාදුන්න බව අපි දැකපු දෙයක්. 2000 දි චන්ද්‍රිකාගේ ආණ්ඩුවට, 2004 දි සන්ධාන ආණ්ඩුවට, 2005 දී මහින්ද බලයට ගෙන එන්න, 2010 දි සරත් ෆොන්සේකාට අවසාන වශයෙන් 2015 දි මෛත්‍රීට වශයෙන් තමන්ගේ ක්‍රියකාරී සියළු කේඩර වල ශක්තිය එකතු කරලා ලබා දුන්නු සහයෝගයෙන් බලාපොරෙරාත්තු වුණු කිසිම සමාජ ප්‍රගමනයක් අවසාන වශයෙන් දකින්න හම්බවුණේ නැහැ. මෛත්‍රීගේ කැම්පෙන් එකේ බිම් මට්ටමේ ප්‍රචාරණයේ අඩුව තියෙන්නේ ජවිපෙ ඒ වෙනුවෙන් ක්‍රියා නොකිරීමයි. හැබැයි මහින්ද වෙනුවෙන් චන්ද්‍රිකා වෙනුවෙන් ෆොන්සේකා වෙනුවෙන් තමන්ගේ පක්ෂයේ කිසිම ලාභයක් බලාපොරොත්තු නොවෙමින්, සියළුම ආකාරයෙන් කැපකිරීම් කරමින් පක්ෂය වෙනුවෙන් කැපවී සිටින සිය සාමාජිකයින් යොදා සහයෝගය දෙන්න ජවිපෙ ක්‍රියාකරනවා. සමාජ ප්‍රගමනයක් විතරක් බලාපොරොත්තුවෙන් සහයෝගය
දෙන සාමාජිකයගේ ශ්‍රමය කැපකිරීම අවසාන වශයෙන් ගගට කැපූ ඉනිබවටම පත්වෙලා තියෙන්නේ දේශපාලන උපක්‍රම වල අසාර්ථක වීම නිසයි.
4. පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහිවෙන්නෙ ජවිපෙ විසින් සිදුකරන මේ
වැරදි අභ්‍යන්තරිකව නිවරැදි කරගන්න අපහසු වීමත් සමගයි. ඉහත කරුණු වලම තියෙනවා ජවිපෙන් පෙසප වෙනස් වෙන තැන. ජනප්‍රියවාදි සටන්පාඨ නැති නිසාත්, ක්‍රම විරෝධයක් වෙනුවෙන් පෙනී ඉන්න අලුත් පක්ෂයක් නිසාත් එවැන්නකට
සමාජය තුලින් ඉදිරියට එන එක ලේසි දෙයක් නෙවෙයි. ජවිපෙට ලැබුණු ආධාර උපකාර වත් පෙසපෙට හබ්වෙන්නේ නැහැ. ජනාධිපතිවරණය ඇතුලේ අපේ ක්‍රියාකාරීත්ව ජනප්‍රිය නොවෙන්නේ ඒක නිසයි.
හැබැයි අපි කියන දේවල් අපි ඉල්ලුම සැපයුම් න්‍යායට අනුව වෙනස් කරන්නේ නැහැ. මේ සමාජ ක්‍රමය වැරදියි සහ මිනිස්සු විසින් හදපු මේ ක්‍රමය මිනිස්සු විසින්ම වෙනස්කරනන ඕන සහ පුළුවන් කියන මතයේ මේ කුඩා පක්ෂයේ අපි කෙළින් පෙනී ඉන්නවා. එතකොට කවුරුහරි අහන්න පුළුවන් ඇයි මේ සමාජ ක්‍රමය වැරදි කියලා. එහෙම නැත්තං මහින්ද හරි රනිල් හරි එහෙමත් නැත්තං අපේ දේශපාලකයෝ තමයි මේ හැමදේටම වැරදි කියලා. පොඩි විවේකයක් ඇතිව හදාරන්න ඕන කාරණය මේකයි. අපේ සමාජය සමාජ ක්‍රමයක් (system එකක් ) කියන්නේඒකටයි.
ලෝකයේ ඉන්න සුළු ප්‍රතිශතයක් වැඩි ප්‍රතිශතයකගේ විසින් තමන්ගේ ශ්‍රමය භාවිතා කරලා කරන දේවල් ක්‍රමානුකූලව පැහැරගැනීම ඇතුලෙයි මේ සමාජ ක්‍රමය පවතින්නේ. මේක ටිකක් ඉගෙනගන්න ඕන දෙයක්. කාටහරි අවශ්‍යනම් ඒවට ඇති තරම් සම්පත් අන්තර්ජාලයේ තියෙනවා. මේ සමාජ ක්‍රමයේ වැරැද්ද සහ අපි විසින් ඒක සියළුම මිනිස්සුන්ට, පරිසරයට, සාධාරණ විදිහෙ සමාජක්‍රමයක් ඇති කරන්නේ කොහොමද කියන එකයි මාක්ස්වාදය කියන්නේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියන්නේ මාක්ස් විසින් ඒ කියපු න්‍යාය පිළිගන්න සහ ඒක ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙනී ඉන්න පක්ෂයක්. ඔය කියන වාමාංශිකයින් ඇත්තටම මාක්ස් කියන දේ වෙනුවෙන් පෙනී ඉන්නවද කියන ප්‍රශ්නේ එන්නේ එතකොටයි.
ප්‍රශ්න සහ විවේචන සදහා විවෘතයි...
-- සංඛ රණධීර විතාන
මෙය ලියා ඇත්තේ සංඛ රනධිර විතාන
මෙයට සුරේඛා සමරසේන ලියු පිළිතුරක් :
වාමාංශික පක්ෂයක් හැටියට ජ.වි.පෙ. ගැන විවේචන තිබුණත්, පාර්ලිමේන්තුවාදී
පක්ෂයක් හැටියට එය දැන් ඊට අනන්‍ය වන හැඩයක් හදාගෙන තිබෙන අතර, ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වැඩිපුරම කෑ ගාන පක්ෂය ද වෙලා තිබෙනවා... එහෙත් න්‍යායිකව තව දුරටත් ඔවුන් වාමාංශික විප්ලවිය සටන් අත හැර නැති බවත්, ඒවා අපට නොපෙනෙන මානයක පක්ෂය ඇතුළත තිබෙන බවත්, ඉදහිට මුණ ගැහෙන ෆුල්ටයිමස් ලා කියනවා... (ඊට එහා දෙයක් ඒ ගැන දන්නේ නැත...)කෙසේ වෙතත්, මව් පක්ෂයට න්‍යායික විවේචන එල්ල කරමින් දැනට වසර දෙකකට පමණ පෙර ජ.වි.පෙ.න් කැඩී ගිය ‘පෙරටුගාමී සමාජවාදී පක්ෂය තව දුරටත් න්‍යායික සහ ප්‍රායෝගික නොඑකගතාවන් මත තව තව කුඩා කණ්ඩායම් වලට කැඩී ගිය බව ඔබ දන්නවා ඇතැයි සිතමි...(සමහරවිට නොදන්නවා විය හැක) මෑතකදී පෙරටුගාමී පක්ෂය දුමින්ද නාගමුව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරමින්, ‘මුහුණු වෙනුවට ක්‍රම මාරුවක් කරමු‘ කියා පෝස්ටරයක් ඇලවූ බව දුටුවෙමු... ඊට අමතරව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විශ්වවිද්‍යාලයේ අන්තරය කිසිදු නවතාවකින් තොරව පැරණි සටන් පාඨ ම කියමින් උද්ඝෝෂණ වලට දක්කන හැටිය පෙනෙන්නට තිබෙනවා විනා ඔවුන් කරන වෙන යම් ‘පෙරටුගාමී‘ වැඩක් නම් මේ ලංකාව තුළ දැකගත නොහැකි ය... පෙරටුගාමී සමාජවාදී පක්ෂය යනු එවැන්නක් ඉල්ලා සිටි සමාජ උවමනාවක් මතට කඩා වැටුණු තරුවකි... එය න්‍යායික විවේචන කරමින් කඩාගෙන යාම පටන් ගන්නා විට, දීප්තියෙන් අනූන උත්කර්ෂයක් දැකගත හැකි වූ අතර පොළොව මත පතිත වන විට යන්තම් චූස් ගාන නිවුණු ගිිණි අගුරක්ව තිබිණි... ඔවුන්ගේ නායකයා කව්ද...? කුමාර් ගුණරත්නම් නම් ඇත්තට ම ඒ කවුද...? මොනව ද කරන්නෙ...? පුබුදු ජයගොඩලා දැන් කරන්නේ කුමක් ද...? දුමින්ද නාගමුව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ තේරුම කුමක් ද...?ඔවුන් දැන් පක්ෂය හදනවාද...? සමාජය හදනවාද...? රටේ වත්මන් දේශපාලන කතිකාව තුළට ඔවුන්ගේ මතවාදය ගෙන යාමේ ක්‍රමවේදයක් තිබේද...? ‘‘පෙරටුගාමී සමාජවාදී පක්ෂය යනු කුමක් ද...? ඔවුන් කරමින් සිටින්නේ මොනවාද...? ‘‘ යන්නට Sankha Ranadheera Vithana විසින් ලබා දි ඇති පිළිතුර ‘නොන්ඩි‘ ගසයි... එයට උත්තර දීමට ඔහු අපොහොසත් වන්නේ, ඔහු ඉන් පිටත සිටින්නෙකු නිසා විය හැකියි... නමුත් මෙය දකින එෆ්.එස්.පී. අය මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ නම්, වැදගත් ය... Sankha Ranadheera Vithana ඔයා එෆ්.එස්.පී. ද...?
උපුටා ගත්තේ බුකියෙන්
- වමේ එකා
Comments
ඕගොල්ලො ඔය පොත් වල තියන වචන කටපාඩම් කරගන්න.ඒව ජපකරන්න .
ඉන් පසු නිශ්පාදන ක්‍රමවේදය වෙනස්වන විට බලය ,ධනය,කීර්තිය,ප්‍රපංචාලය හිමි පිරිස වෙනස් වුනා.සෝවියට් රටවලත් මේකමයි වුනේ.එහි ධනය හැර අනෙක් සියල්ල එක් පිරිසකට සීමා වුනා.
අප උත්සාහ කළ යුත්තේ සැමට සාධාරණ සමාජයක් නිර්මාණය කරන්නයි.වෙනත් මුහුණුවරකින් දුෂ්ට සමාජයක් ගොඩනගන්න නොවෙයි.නමුත් වම දිහා බලන කොට එතන තියෙන්නෙ පක්ෂ පිරමීඩයක්.අප අරගල කල යුත්තේ මේ පිරමීඩ ආකෘතියට එරෙහිව.මාක්ස්වාදය ප්‍රායෝගිකව අත්හදා බැලූ කිසි තැනක මෙම පිරමීඩ ආකෘතිය ප්‍රශ්න කර නැහැ.ඔබ ජවිපෙහි සිටියානම් දන්නවා ඇති එහි ප්කෂ පිරමීඩය ධනපති පක්ෂවලටත් වඩා දරුණු බව.මේවා මග හෙළිකරන්නේ නියත ආඥාදායකත්වයටයි.
අප කළ යුත්තේ විසංයෝජනයයි,ඌණනය නොවෙයි.
මම යෝජනා කරනවා පොත් වල ලියා ඇති ශුද්ධ වාක්‍යවලින් එහා ගොස් හිතන්න කියලා.වචන උඩප්පරන් ගැසීමෙන් කිසිවක් සොයා ගන්න බැහැ.සිතන්න එපා 19 වන සියවසේ ජීවත් වූ කිසිම කෙනෙක් සර්වඥ කියා.