හිරුගේ අඩවියේ ප්‍රෙස් එකක වැඩ කලාය කියපු පරණ සහෝ කෙනෙකු හමු වෙච්ච වෙලාවේ ආපහු වාම අංශය පැත්තට වැඩ කරන්නේ නැත්දැයි ඇසු විට පොරට මල පැන්න සයිස් එකට ගුටි නොකා බේරුනේ අනු නවයෙන්ය. පස්සේ මම පොරට කීවේ දැන් හිරුගේ අඩවියේ හිටපු හිතරෝ බස්සාත් තවම වමේ අංශයේ නෝ වේ පැත්තේද කොහෙද ස්ව යොං නිර්නන දෙපාර්තමේන්තුවේ වැඩ බවය. ඒකට පොර දුන්න උත්තරය වුනේ
ඌට ඒ දවස්වලත් පිස්සු බව දැන සිටි නිසා ඒකේ ලොකු පුදුමයක් නැති වුනත් අඩුම ගානේ ඌ හිත හොඳ එකා බවය. (ඔය ස්වයං නිර්නනෙට මේ පක්සයේ අය හැමදාම බයය.) නමුත් භාවිතාවෙන් ඉතාම උසස්, හැම වෙලේම නොනවත්වා ලෙනින් වගේම වැඩ කොළ ගාම ලතාවක් වැනි වංශ විලා ට වෙච්ච දේ හෙවත් කොර ගත්ත දේ මතක් කරන කරන වෙලාවට පොරට යකා ආරුඪ වෙනවා පමණක් නොව ...ලඟම ඉන්න එවුන්ට ගහන්නටද පනී.
ඔය අතරේ හෙප්ප ඩලා සිටින්නේ කොතනදැයි ඇසූ විට ඌ කලේ හඬන්නට පටන් ගැනීමයි. හෙප්ප ඩලා තමන්ගේ සින්දු කිරිල්ලී අධිරාජ්‍යවාදයේ මෙහෙයුම් රටට යවා එය බිඳ හෙලන්නේ කෙලෙසද කියා රිසර්ච් එකක් කල බවත් ඒකෙන් ඔප්පු වුනේ ඒ රටේ ජීවිතය වඩාත් හොඳ නිසාත් , ලංකාව ගලවා ගැනීමේ මෙහෙයුමට එහෙ සිටීම වඩාත් හොඳ නිසාත් හෙප්ප ඩලා අධිරාජ්‍යවාදී රටට ගිය බවත්ය. හැබැයි රාවය ගියේ (වී. අ ගේ රාවයේ නොවේ , කටකතාව කටකතාව) අහවල් පවුලේ නායිකාව බොස් වී හිටි කාලේ හොඳ ඇමත්තන් කමක් නොලැබීමේ හිත අමනාපයට බවය.
මේ ලඟදි ප්‍රවුර්තියක් අන්තරඃ ජාලයෙන් බලා මම පෙරලි පෙරලි හිනා වෙන විට මගේ බිරින්දෑ නුරුස්නා මුහුණින් කිව්වේ "ඔය අන්තරඃ ජාලයේ නිතරම හිටියාම මිනිස්සු පිස්සන් වෙන බවය. මම කිවේ මට නිව්ස් එකක් බලා හිනා ගිය බවයි." ඒකෙ තිබ්බේ අර අම්බානක භාවිතාව කොරගෙන හිටිය නිසා සිගිරි ගලේ වත් මන්ගන්ච්චන්ට බැරිවුන වංශ විලා කූබාවට ගොස් චඃ ගුවාරා ගේ දූට අතට අත දෙන අන්දමය. චඃ ගුවාරා ජිවත්ව හිටියා නම් සිඅයිඒ කාරයන්ගෙන් පිස්තොලයක් උදුරාගෙන තමාටම වෙඩි තබා ගන්නවාය. චඃ ගුවාරා තමන්ගේ ඇමති පට්ටමද අතහැර දුක් විදින මිනිසුන් වෙනුවෙන් දිවි පුදන්නට ගියේය. අපේ එකා කොන්ඩේ තවත් වටින ජෙල් ටිකක් ගාගන්න ඇමති කමකට ගියේය. පොර දාලා ගිය පක්සේ ඊට හපන්ය. චඃ ගුවාරා ට නිදහසේ ඇවිදින්න ගහක් සමග මල් පාත්තියක් හදා චීන ක්‍රමයට සමාජවාදී ධනවාදය හදන්ට යනවාය. කඩාගෙන ගිය පක්ෂයේ නාගමුවයා නාගන්න හරි ඉල්ලන නිසා දැන් කස්ටිය තක්බිර් වෙලා දෙලොවටම නැති කතා කියනවාය. මන් නං කියන්නේ සෝ.... හාමුදුරුවෝ හොරෙන් හරි හම්බවෙලා දානයක් දී එලොවට හරි යමක් කරගන්න එක හොඳයි කියාය.
දැන් ගමරාලලගේ සේන සිරියා ඉල්ලන නිසා වංශ විලා හා හෙප්ප ඩලා අන්දුන් කුන්දුන් වෙලා කියල හොඳට පේනවය. ඒ නිසා දැන් ආපහු බෙදුන්වාහේ කර තියාගෙනය. හැබැයි බෙදුන්වාහේ ට අම්බානක දුන්න කියා රට වටේ ගියේද මේ මේ කට්ටියමය. මේ ගොබිලන්ට නොපෙනෙන දේ රටේ මිනිසුන්ට පෙනෙන බව බාගෙට ඉස්කෝලේ ගිය , ජඃ මාධ්‍යවේදින් වෙලා හිටි මේ දෙපලට වැටහෙන්නේ නැත. එහෙම ඔලුවක් තියෙන වුන්ට රටේ ඇමැතිකම් ලැබෙන්නේත් නැත. පොලේ වට්ටි අම්මලට වඩා හයියෙන් ගිරිය යටින් රුපවාහිනී නාලිකාවල කෑ ගහන්න පුළුවන් කමත් මරදානේ චෝප්පෙටත් වඩා හොඳට, කතා කරන්නට ආ එකාට ගහන්න පැනීමේ සුදුසුකමත් හොඳටම ඇතිය.
මට හොල්මන් වෙලා ගියේ අර රතුඅලියේ අතන කස්ටියටත් දේශද්‍රෝහී , ජාතිද්‍රෝහී, පාවාදෙන්නන්ගේ ලේබලය වැදී ඒ කස්ටියත් බෙදුන්වාහෙට වැඩ බව මේ දෙන්නා දහ අතේ දිවුරා කීමය. ඒ කස්ටිය මේ දෙන්නටත් වඩා ඒ කාලේ අහවල් සන්නද්ධ කට්ටියට එදිරිව වැඩ කලෝය. ජාතිවාදය මේ ගොල්ලන්ටත් වඩා ඉස්සරහින් කර තබාගෙන හිටි කට්ටියටත් ඒ ලේබල් ගහන්නේ කොහොමද කියා කල්පනා කරන විට මට යුරේකා යුරේකා කියා කෑ ගහන්නට හිතුනේය. මුන් මේ බෙදුන් වාහේ සමග නිදි වැදීමේ ලේබලය ගහන්නේ රජගෙදර මිදුලේ ඉරක් ඇඳීමෙන් කියා මට එක පාරටම නිවන් ගියා වගේ වැටහුනේය.
මේ ඉරෙන් පැනල අනිත් පැත්තට යන හැමෝම බෙදුන්වාහේ සමග හැමිනෙන්නට යන එවුන්ය. ඉරෙන් එහා පැත්තේ හිටිය වුනුත්, දමල ගහලා ගිය එවුනුත් දේශ ද්‍රෝහින්ය. මේ පැත්තේ සිටින්නේ අම්බානක රජගෙදරින් පිනා බත් කා පින් අඩිය බී රට වටේ පහරන උන්ය. අර කොරන් ප්‍රභා ගේ දෙවනියාව හිටි අකාරුණා පොරත් විදේශ මාෆියා ලේකම් කප්පයාත් මේ නිසා දේශ ප්රෙමින්ය. උන් තරම් රටට කල වුන් නැතිය. හපොයි මේ වංශ විලා හා හෙප්ප ඩලා දෙන්නගේ ඇස් අන්ධ වීමේ පාපය ගෙවන්නේ රටේ ජනතාවය.
මුන් දෙන්නා ටම හරියන තවත් හොරෙන් හොරන්දිරන් කියා පිට රටක ගාඩියන් කියා පත්තරේකට ලියන තව හොර වාහේ කෙනෙකුත් ඉඳි. උගේ වැඩෙත් ඉඳල හිටලා ඔහේ යුද අදිකරණයක් ගැන කියා ලංකාවේ චන්දේ දෙන්න ඉන්න මන්ද බුද්ධිකයන් අවුස්සන එකය. ඌ ගැන හොඳින් දන්නා පොරක් මට කිවේ ඌ කරන්නේ ඒ රටවල ඉන්න අහිංසක තමන්ගේම මිනිසුන් රවටා ගානක් කඩා ගන්න ගමන් අර ලොකුබෙන් එක තියන පාරලි මේන්තුවේ සාමි සභාවට රිංග ගන්න ට්‍රයි කරන එක කියායි.
බලාගෙන ගියාම මුන් ඔක්කොම එකය.

Comments
ජනාධිපතිවරනයේදි සමසමාජ, කොපය, වාසු වැනි පක්ෂ දෙකඩවී හමාරය. කොටසක් ඒකාධිපති කඳවුරේය. අනිත් කොටස ඉන් මුදවාගැනීම යනුවෙන් සඳහන් කඳවුරේය. පේරටුගාමින්ටද තිබුනේ මින් එක කොටසකට ඇතුලුවීම මිස, අපිත් ඉන්නවා මොඩ්ල් එකේ ඉදිරිපත් වීමක් නොවන බව මගේ විශ්වාසයයි. ඔවුන්ද අපිත් ඉන්නාවා ගොඩට වැටෙන්නේ, දැනටමත් ඡන්දෙට ඉදිරිපත්වී ඇති 'සමාජවාදි' නමෙන් ඉදිරිපත් වී ඇති පක්ෂ අපේක්ෂයන් දෙස බැලීමෙනි. මෙවන් පක්ෂ හතක් හෝ අටක් දැනටමත් ඇප මුදල් තැන්පත් කර අවසන්ය. වාම කඬ්හ්වුරක අපේක්ෂාවන් මෙලෙස විය හැකිද....
ජවිපෙ එක කඳවුරක් තෝරා ගෙන ඇත. ඒ ඒකාධිපතිත්වය පරදවමු යන පැත්තය. අනිකුත් කොටස්ද කලයුතුව තිබුනේ මේ අවස්තාවේ, පවතින තත්වය මත වහ වහා නවතා දැමිය යුතු පාලන රෙජිමය නවතා දැමීමට කඳවුරු බැඳීමය. ඉන් පසුව පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීමට අවශ්‍යනම්, වෙන වෙනම තරඟ බිමට බැසීමය.
මගේ බ්ලොගයේ ලිපියකට, 'නිදහස් සිතුවිලි' ලියන රවී නම් බ්ලොග්කරුවා දැමු අදහසක් මෙතනට ගෙනත් තබන්නෙමි.
////Future generations are not going to ask us what political party were you in. They are going to ask what did you do about it, when you knew the glaciers were melting. – Martin Sheen
මතු පරපුර ඔබ කුමන දේශපාලන පක්ෂයකට අයත් වූයේ දැයි විමසනු නැත. ඔවුන්ගේ පැනය වනුයේ මෙවන් තීරණාත්මක අවස්ථාවක ඔබ කුමක් කලේද යන්න පමණි – මාටින් ෂීන්//////////////////
//ජවිපෙ එක කඳවුරක් තෝරා ගෙන ඇත. ඒ ඒකාධිපතිත්වය පරදවමු යන පැත්තය. අනිකුත් කොටස්ද කලයුතුව තිබුනේ මේ අවස්තාවේ, පවතින තත්වය මත වහ වහා නවතා දැමිය යුතු පාලන රෙජිමය නවතා දැමීමට කඳවුරු බැඳීමය. ඉන් පසුව පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීමට අවශ්‍යනම්, වෙන වෙනම තරඟ බිමට බැසීමය.// ජවිපෙ මෙච්චර කල් කලෙට්ර්හ් ඕකම නෙමේද? ඉන් සුගතියක් ඇති වුනාද?
මෙවන් ඊනියා තීරණාත්මක අවස්ථා කියක පසුගිය්ස් හතලිස් අවුරුද්ද තුල පැමිණියේද?
කවදාත් සාධරණ සමාජයක් සඳහා සිවිල් අරගලයේ සටන් කාමියෙක්වූ ජයතිලක බංඩාරයන් අද එප්පාවල මැරයන්ගේ ප්‍රහාරයට හසුවීමෙන් පසු කියා සිටියේ කුමක්ද....
"මම ප්‍රෙමදාස, ජේආර් යුගයේවත්, චන්ද්‍රිකා යුගයේවත් මෙවන් පහරදීමකට ගොඳුරුවී නැත. නමුත් මේ පාලනය තුල මම අද එය අත්වින්දෙමි"
ජයතිලක බංඩාර යනු තම නිදහස් මතවාදය, සංගීතය හෝ සංස්කෘතික මාධ්‍යන් තුලින් ප්‍රකාශ කරන්නෙක් මිස, දේශපාලකයෙක් නොවන බව අපි දණිමු.
සංගීතය - ඩබ්.ඩී. අමරදේව
ගී පද - මහගම සේකර
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 'දෙලොවක් අතර' චිත්‍රපටියෙන්
විස්තර උපුටා ගත්තේ ගී පැදුර බ්ලොග් එකෙන්, මෙන්න ඔරිජිනල් වර්ශන් එක ලඟින් යන එකක්.
ගායනය - නෙවිල් ප්‍රනාන්දු, ලොස් කැබලෙරොස්
සංගීතය - ඩබ්.ඩී. අමරදේව
ගී පද - මහගම සේකර