Skip to main content

වංශ විලා සහ හෙප්ප ඩලා සමග බෙදුම් වාහේ

හිරුගේ අඩවියේ ප්‍රෙස් එකක  වැඩ කලාය  කියපු පරණ  සහෝ කෙනෙකු හමු වෙච්ච වෙලාවේ ආපහු වාම  අංශය පැත්තට වැඩ කරන්නේ නැත්දැයි ඇසු  විට පොරට මල පැන්න සයිස් එකට ගුටි නොකා බේරුනේ අනු නවයෙන්ය. පස්සේ මම පොරට කීවේ දැන් හිරුගේ අඩවියේ හිටපු හිතරෝ බස්සාත් තවම වමේ අංශයේ නෝ  වේ පැත්තේද කොහෙද ස්ව යොං නිර්නන දෙපාර්තමේන්තුවේ වැඩ බවය. ඒකට පොර දුන්න උත්තරය වුනේ
ඌට ඒ දවස්වලත් පිස්සු බව දැන සිටි නිසා ඒකේ ලොකු පුදුමයක් නැති වුනත් අඩුම ගානේ ඌ හිත හොඳ එකා බවය. (ඔය ස්වයං නිර්නනෙට මේ පක්සයේ අය හැමදාම බයය.)  නමුත් භාවිතාවෙන් ඉතාම උසස්, හැම වෙලේම නොනවත්වා ලෙනින් වගේම වැඩ කොළ ගාම ලතාවක් වැනි වංශ විලා ට වෙච්ච දේ හෙවත් කොර ගත්ත දේ මතක් කරන කරන වෙලාවට පොරට යකා ආරුඪ වෙනවා පමණක් නොව ...ලඟම  ඉන්න එවුන්ට ගහන්නටද පනී.
ඔය අතරේ හෙප්ප ඩලා සිටින්නේ කොතනදැයි ඇසූ විට ඌ කලේ හඬන්නට පටන් ගැනීමයි. හෙප්ප ඩලා තමන්ගේ සින්දු කිරිල්ලී  අධිරාජ්‍යවාදයේ මෙහෙයුම් රටට යවා එය බිඳ හෙලන්නේ කෙලෙසද කියා රිසර්ච් එකක් කල බවත් ඒකෙන් ඔප්පු වුනේ ඒ රටේ ජීවිතය වඩාත් හොඳ නිසාත් , ලංකාව ගලවා ගැනීමේ මෙහෙයුමට එහෙ සිටීම වඩාත් හොඳ නිසාත් හෙප්ප ඩලා අධිරාජ්‍යවාදී රටට ගිය බවත්ය.  හැබැයි රාවය ගියේ (වී. අ ගේ රාවයේ නොවේ , කටකතාව කටකතාව) අහවල් පවුලේ නායිකාව බොස් වී හිටි කාලේ හොඳ ඇමත්තන් කමක් නොලැබීමේ හිත අමනාපයට බවය.

මේ ලඟදි ප්‍රවුර්තියක් අන්තරඃ ජාලයෙන් බලා මම පෙරලි පෙරලි හිනා වෙන විට මගේ බිරින්දෑ නුරුස්නා මුහුණින් කිව්වේ "ඔය අන්තරඃ ජාලයේ නිතරම හිටියාම මිනිස්සු පිස්සන් වෙන බවය. මම කිවේ මට නිව්ස් එකක්  බලා හිනා ගිය බවයි."  ඒකෙ තිබ්බේ අර අම්බානක භාවිතාව කොරගෙන හිටිය නිසා සිගිරි ගලේ වත් මන්ගන්ච්චන්ට බැරිවුන වංශ විලා කූබාවට ගොස් චඃ ගුවාරා ගේ  දූට අතට අත දෙන අන්දමය.  චඃ ගුවාරා ජිවත්ව හිටියා නම් සිඅයිඒ කාරයන්ගෙන් පිස්තොලයක් උදුරාගෙන තමාටම වෙඩි තබා ගන්නවාය. චඃ ගුවාරා තමන්ගේ ඇමති පට්ටමද අතහැර දුක් විදින මිනිසුන් වෙනුවෙන් දිවි පුදන්නට ගියේය. අපේ එකා කොන්ඩේ තවත් වටින ජෙල් ටිකක් ගාගන්න ඇමති කමකට ගියේය. පොර දාලා ගිය පක්සේ ඊට හපන්ය. චඃ ගුවාරා ට නිදහසේ ඇවිදින්න ගහක් සමග මල් පාත්තියක් හදා චීන ක්‍රමයට සමාජවාදී ධනවාදය හදන්ට යනවාය.  කඩාගෙන ගිය පක්ෂයේ නාගමුවයා නාගන්න හරි ඉල්ලන නිසා දැන් කස්ටිය තක්බිර් වෙලා දෙලොවටම නැති කතා කියනවාය.  මන් නං කියන්නේ  සෝ.... හාමුදුරුවෝ හොරෙන් හරි හම්බවෙලා දානයක් දී එලොවට හරි යමක් කරගන්න එක හොඳයි කියාය.

දැන් ගමරාලලගේ සේන සිරියා ඉල්ලන නිසා වංශ විලා හා හෙප්ප ඩලා අන්දුන් කුන්දුන් වෙලා කියල හොඳට පේනවය. ඒ නිසා දැන් ආපහු බෙදුන්වාහේ කර තියාගෙනය. හැබැයි බෙදුන්වාහේ ට අම්බානක දුන්න කියා රට වටේ ගියේද මේ මේ කට්ටියමය. මේ ගොබිලන්ට නොපෙනෙන දේ රටේ මිනිසුන්ට පෙනෙන බව බාගෙට ඉස්කෝලේ ගිය , ජඃ  මාධ්‍යවේදින් වෙලා හිටි මේ දෙපලට වැටහෙන්නේ නැත. එහෙම ඔලුවක් තියෙන වුන්ට රටේ ඇමැතිකම් ලැබෙන්නේත් නැත. පොලේ වට්ටි අම්මලට වඩා හයියෙන් ගිරිය යටින් රුපවාහිනී නාලිකාවල කෑ  ගහන්න පුළුවන් කමත් මරදානේ  චෝප්පෙටත් වඩා හොඳට,   කතා කරන්නට ආ එකාට ගහන්න පැනීමේ සුදුසුකමත් හොඳටම ඇතිය.

මට හොල්මන් වෙලා ගියේ අර රතුඅලියේ අතන  කස්ටියටත් දේශද්‍රෝහී , ජාතිද්‍රෝහී,   පාවාදෙන්නන්ගේ  ලේබලය වැදී ඒ කස්ටියත් බෙදුන්වාහෙට වැඩ බව මේ දෙන්නා දහ අතේ දිවුරා කීමය. ඒ කස්ටිය මේ දෙන්නටත් වඩා ඒ කාලේ අහවල් සන්නද්ධ කට්ටියට එදිරිව වැඩ කලෝය. ජාතිවාදය මේ ගොල්ලන්ටත් වඩා  ඉස්සරහින් කර තබාගෙන හිටි කට්ටියටත්   ඒ ලේබල් ගහන්නේ කොහොමද කියා කල්පනා කරන විට මට යුරේකා යුරේකා කියා කෑ ගහන්නට හිතුනේය. මුන් මේ බෙදුන් වාහේ සමග නිදි වැදීමේ ලේබලය ගහන්නේ රජගෙදර මිදුලේ ඉරක් ඇඳීමෙන් කියා මට එක පාරටම නිවන් ගියා වගේ වැටහුනේය.

මේ ඉරෙන් පැනල අනිත් පැත්තට යන හැමෝම බෙදුන්වාහේ සමග හැමිනෙන්නට යන එවුන්ය. ඉරෙන් එහා පැත්තේ හිටිය වුනුත්, දමල ගහලා ගිය එවුනුත් දේශ ද්‍රෝහින්ය. මේ පැත්තේ සිටින්නේ අම්බානක රජගෙදරින් පිනා  බත් කා  පින් අඩිය බී රට වටේ පහරන උන්ය. අර කොරන් ප්‍රභා ගේ දෙවනියාව හිටි අකාරුණා පොරත් විදේශ මාෆියා ලේකම් කප්පයාත් මේ නිසා දේශ ප්රෙමින්ය. උන් තරම් රටට කල වුන් නැතිය. හපොයි මේ  වංශ විලා හා හෙප්ප ඩලා දෙන්නගේ ඇස් අන්ධ වීමේ පාපය ගෙවන්නේ රටේ ජනතාවය.
මුන් දෙන්නා ටම හරියන තවත් හොරෙන් හොරන්දිරන් කියා පිට රටක ගාඩියන් කියා පත්තරේකට ලියන තව හොර වාහේ  කෙනෙකුත් ඉඳි. උගේ වැඩෙත් ඉඳල හිටලා ඔහේ යුද අදිකරණයක් ගැන  කියා ලංකාවේ චන්දේ දෙන්න ඉන්න මන්ද බුද්ධිකයන්  අවුස්සන එකය. ඌ  ගැන හොඳින් දන්නා පොරක්  මට කිවේ  ඌ කරන්නේ ඒ රටවල ඉන්න අහිංසක තමන්ගේම මිනිසුන් රවටා  ගානක් කඩා ගන්න ගමන් අර ලොකුබෙන් එක තියන පාරලි මේන්තුවේ සාමි සභාවට රිංග ගන්න ට්‍රයි කරන එක කියායි.

බලාගෙන ගියාම මුන් ඔක්කොම එකය.  

Comments

Anonymous said…
වමේ අවන්හල..........මෙතෙක් කල් රට තුල ගලාගෙන ගිය දේශපාලන ප්‍රවනතාවයන් දෙස නැවත හැරී බලන විට පෙනෙන්නේ, ගෙඩි පිටින් වාමවාදි පාලනයකට ලාංකිකයන් සුදානම් නැති බවකි. එසේ සුදානමක් ඇත්නම් ලාංකීය වාම ව්‍යාපාරය මේ ලෙස කෑලි කැඩි සුනු විසුනු වී යා නොහැකිය. එක් වීම වෙනුවට පෙනෙන්නේ විසීරි යාමය.

ජනාධිපතිවරනයේදි සමසමාජ, කොපය, වාසු වැනි පක්ෂ දෙකඩවී හමාරය. කොටසක් ඒකාධිපති කඳවුරේය. අනිත් කොටස ඉන් මුදවාගැනීම යනුවෙන් සඳහන් කඳවුරේය. පේරටුගාමින්ටද තිබුනේ මින් එක කොටසකට ඇතුලුවීම මිස, අපිත් ඉන්නවා මොඩ්ල් එකේ ඉදිරිපත් වීමක් නොවන බව මගේ විශ්වාසයයි. ඔවුන්ද අපිත් ඉන්නාවා ගොඩට වැටෙන්නේ, දැනටමත් ඡන්දෙට ඉදිරිපත්වී ඇති 'සමාජවාදි' නමෙන් ඉදිරිපත් වී ඇති පක්ෂ අපේක්ෂයන් දෙස බැලීමෙනි. මෙවන් පක්ෂ හතක් හෝ අටක් දැනටමත් ඇප මුදල් තැන්පත් කර අවසන්ය. වාම කඬ්හ්වුරක අපේක්ෂාවන් මෙලෙස විය හැකිද....

ජවිපෙ එක කඳවුරක් තෝරා ගෙන ඇත. ඒ ඒකාධිපතිත්වය පරදවමු යන පැත්තය. අනිකුත් කොටස්ද කලයුතුව තිබුනේ මේ අවස්තාවේ, පවතින තත්වය මත වහ වහා නවතා දැමිය යුතු පාලන රෙජිමය නවතා දැමීමට කඳවුරු බැඳීමය. ඉන් පසුව පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීමට අවශ්‍යනම්, වෙන වෙනම තරඟ බිමට බැසීමය.

මගේ බ්ලොගයේ ලිපියකට, 'නිදහස් සිතුවිලි' ලියන රවී නම් බ්ලොග්කරුවා දැමු අදහසක් මෙතනට ගෙනත් තබන්නෙමි.

////Future generations are not going to ask us what political party were you in. They are going to ask what did you do about it, when you knew the glaciers were melting. – Martin Sheen

මතු පරපුර ඔබ කුමන දේශපාලන පක්ෂයකට අයත් වූයේ දැයි විමසනු නැත. ඔවුන්ගේ පැනය වනුයේ මෙවන් තීරණාත්මක අවස්ථාවක ඔබ කුමක් කලේද යන්න පමණි – මාටින් ෂීන්//////////////////
එසේ වී ඇත්තේ මහා ජනතාවගේ වරදින් නොව වමේ උන්ගේම වරදිනි. ලංකාවේ ඇත්තේ ජනතාවට බය නමුත් ජනතාව ඕනෑ කියා මොරදෙන වමේ පිල් ටිකකි. ශ්‍රී ලංකා පෙරටුගාමින් යනු දීප්ති කුමාර ගුණරත්නගේ පක්ෂයයි. ඔවුන් චන්දයට ඉල්ලන්නේ නැත. නමුත් අනියමින් මයිත්‍රී පිලට සහය දෙන බවක් පෙනේ. හෙවත් ඒ පිල හෝ දිනුවට කම් නැත යන මතයේ සිටි. පෙරටුගාමී සමාජවාදීන් මෙහිදී ඉදිරිපත් නොවුනහොත් ඔවුන් ගේ අනන්‍යතාවයනැති වී යනු ඇත. ඒ නිසා ඔවුන්ගේ පැත්තෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම හැර වෙන විකල්පයක් නැත.
//ජවිපෙ එක කඳවුරක් තෝරා ගෙන ඇත. ඒ ඒකාධිපතිත්වය පරදවමු යන පැත්තය. අනිකුත් කොටස්ද කලයුතුව තිබුනේ මේ අවස්තාවේ, පවතින තත්වය මත වහ වහා නවතා දැමිය යුතු පාලන රෙජිමය නවතා දැමීමට කඳවුරු බැඳීමය. ඉන් පසුව පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීමට අවශ්‍යනම්, වෙන වෙනම තරඟ බිමට බැසීමය.// ජවිපෙ මෙච්චර කල් කලෙට්‍ර්හ් ඕකම නෙමේද? ඉන් සුගතියක් ඇති වුනාද?

මෙවන් ඊනියා තීරණාත්මක අවස්ථා කියක පසුගිය්ස් හතලිස් අවුරුද්ද තුල පැමිණියේද?
Anonymous said…
වමේ එකෝ.....මම දන්නා දේශපාලන ඉතිහාසය තුල තම බලය රඳවා ගැනීම පිනිස මේ තරමටම, අධිකරණයත්, ව්‍යවසතාවත්, ආගමත්, මාධ්‍යයත් මැතිවරන ක්‍රම වේදයන් පවා දහදුරාවේ යැව් පාලන සමයක් මතකයේ නැත. මින් පෙර එසේ නොවුනාම යැයි නොකියමි. මේ පවතින වටපිටාව තුල තුන්වැනි වරටත් දෑත් සවිමත් කරන්නට සුදානම් නම් ඒ කුමක් සඳහාද යන්න පැහැදිලි කර යුතුය. අද වන විට එකාධිපතිත්වය නැවතීමට බාධා වනසේ එක් ඡන්දයක් හෝ තමන්ගේ න්‍යායික මනෝ රාජ්‍යයන් හී පඩිපෙළ තනන්නට යන පටු අරමුණෙන් හෝ යොදවන්නන්, අනියම් ආකාරයෙන් මේ බලකාමී රෙජීමයට තුන්වන වරටත් කණවැල අල්ලන් විය යුතුය. ජවිපෙ දේශපාලන න්‍යාය පත්‍රය පසෙකින් තැබුවත්, ඔවුන් අත්වැල් අල්ලන් නොවී ඉල්ලා සිටින්නේ මේ දැති රෝදයට තිත තැබිය යුතු බව නොවේද... අනන්‍යතාවය නැතිවී යාම වෙනුවෙන්, ඒකාධිපතිත්වයට මග සැලසෙනා ක්‍රියා මාරගයන්ට යොමුවීම කොතරම් සදාචාර සම්පන්නද. අතීත ජවිපෙ ක්‍රියාකාරකම් මේහා සසඳන්න එපා. මම ජවිපෙ වෙනුවෙන් පෙනී සිටින්නෙක් නොව, මැදිහත් සිතින් තත්වය නිරීක්ෂනය කරන්නෙක්මි.

කවදාත් සාධරණ සමාජයක් සඳහා සිවිල් අරගලයේ සටන් කාමියෙක්වූ ජයතිලක බංඩාරයන් අද එප්පාවල මැරයන්ගේ ප්‍රහාරයට හසුවීමෙන් පසු කියා සිටියේ කුමක්ද....

"මම ප්‍රෙමදාස, ජේආර් යුගයේවත්, චන්ද්‍රිකා යුගයේවත් මෙවන් පහරදීමකට ගොඳුරුවී නැත. නමුත් මේ පාලනය තුල මම අද එය අත්වින්දෙමි"

ජයතිලක බංඩාර යනු තම නිදහස් මතවාදය, සංගීතය හෝ සංස්කෘතික මාධ්‍යන් තුලින් ප්‍රකාශ කරන්නෙක් මිස, දේශපාලකයෙක් නොවන බව අපි දණිමු.
Ajith Dharma. said…
This comment has been removed by a blog administrator.
Unknown said…
අපි හිතන විදිහට අදයි මේ පැත්තට අාවේ................ හරිම සතුටුයි බ්ලොගය ගැන......... නියමයි.......... දිගට ම ඒන්නම්.........................
බොහොම ස්තුතියි ආවාට කුරුටු ගී.
Anonymous said…
අපි සාකච්ඡා කරමු!!!!! මම ඉගෙනගන්නම්...උඹලා කියා දීපන්. මම බොහොම හොඳ සිසුවෙක් :D
Anonymous said…
This comment has been removed by a blog administrator.
Anonymous said…
ගායනය - නෙවිල් ප්‍රනාන්දු, ලොස් කැබලෙරොස්
සංගීතය - ඩබ්.ඩී. අමරදේව
ගී පද - මහගම සේකර
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 'දෙලොවක් අතර' චිත්‍රපටියෙන්

විස්තර උපුටා ගත්තේ ගී පැදුර බ්ලොග් එකෙන්, මෙන්න ඔරිජිනල් වර්ශන් එක ලඟින් යන එකක්.
ගායනය - නෙවිල් ප්‍රනාන්දු, ලොස් කැබලෙරොස්
සංගීතය - ඩබ්.ඩී. අමරදේව
ගී පද - මහගම සේකර

ප්‍රේමදාස යුගය සහ අද පවතින යුගය වාම න්‍යාය තුල එකම දේ විය හැකියි. ඒ පට්ට ගහන න්‍යාය තුලනේ. මචං වමේ එකා..කියන්නේ වමට එකයි...වම පමනයි වගේ කතාවක්. ඒක හදන්න වෙන්නේ ඒකාධිපතිත්වය කුණු වෙන සමාජයක. එහෙම නම් මරා නැවත ඇවිත් තව අවුරුදු අටක් ගියාට පස්සේ බලමු ඔය කියන වාදේ ගොඩනගන්න. වමේ එකාට .. මම කියන්නේ දකුණ වහ වහා නවතා දැමීමෙන් තොරව, වමට වෙන්නේ වමට පෙර හම බේර ගන්න. ඔය කියන තත්වය නිර්මාණය වෙන කොට වාම මතවාදයක් රටේ ඉතුරු වෙයිද....පේනවනේ වම රඟන රැඟුම්...
වමේ එකා කියල නම දාල තියෙන්නේ වමෙන් තවත් අයෙක් කියන අදහසින්.
දැනුත් එහෙම එකක් තිබෙනවාද? 1994 චන්ද්‍රිකා ඉල්ලනකොට එහෙනම් ජවිපෙ ගලප්පති දාපු එක වැරදියි නේද ? අච්චර 88-89 මර්ධනයකට මුහුණ දීල ඒත් චන්ද්‍රිකාට මේ වගේම ජන බලයක් කැමැත්තක් තියෙද්දී ජවිපෙ ඉල්ලුවනේ මචන්. (ඊට පස්සේ නන්දන ගුනතිලක්ත් ඉල්ලුව )
//වමේ එකෝ.....මම දන්නා දේශපාලන ඉතිහාසය තුල තම බලය රඳවා ගැනීම පිනිස මේ තරමටම, අධිකරණයත්, ව්‍යවසතාවත්, ආගමත්, මාධ්‍යයත් මැතිවරන ක්‍රම වේදයන් පවා දහදුරාවේ යැව් පාලන සමයක් මතකයේ නැත. // මේ කතාව මේ විධිහටම ප්‍රේමදාස යුගය ගැන කියා තිබේ.

Popular posts from this blog

බර්කිනා ෆාසෝ ඉබ්‍රහිම් ට්‍රොරේ හා ගොබ්බ ෆේස්බුකින්

  බර්කිනා ෆාසෝ වල නායකයා ගැන මාර රැල්ලක් යනවනේ මේ දවස් වල. අපේ යාළු   පෙරෙට්ටෝ සහ  සමහර ඩයි හාඩ් ජෙප්පෝ තමා ඉස්සෙල්ලම වගේ  ඉබ්‍රහිම් ට්‍රොරේ ගේ කතාව දැම්මේ හැමතැනම. අම්මට සිරි  ඒ කතාව . අධිරාජ්‍ය වාදයට, අයි එම් එෆ් එකට දෙසා බාලා. අන්න නායකයෝ . මේ AKD ල  වගේද නේද , IMF එකට දෙකට නැවෙන .  වැඩේ කියන්නේ දකුණේ සෙට් එකත් රැල්ලට ඇවිත්. ආචාර්ය හපුගොඩ ත්  ලියල තිබුන ඒ වගේ දැකුම් කළු නායකයෙක් කෝ අපිට!!! වගේ කතාවක් (කුඹීනේ  තොපිට රජෙක් ඉන්නේ  .. කතාව මතක් වුනා).  අයිඑම් එෆ් එකට සපෝර්ට් කර කර ඉඳල ට්‍රොරේ නිසාම අංශක 180ක්  හැරිලද මන්ද ?    මතකද ගඩාෆි ට වෙච්ච් දේ, තෙල් තිබ්බට බැකර් කෙනෙක් නැහැ .  චිනේ, රුසියාව එක්කත්  වලි දා ගෙන හිටියේ. බඩු සෙට් වුනා .  එතකොට ඊට කලින් ඉරාකේ සදාම් ට කෙලවුනා , සිරියාවේ අසාද්ව   පුටින් හීන් සීරුවේ ට්‍රම්ප් ට පාවල දුන්න. කොටින්ම බල තුලනය තියා ගන්න කාට හරි හේත්තු වුනේ නැත්නම් ගේම සෙට් වෙනව.  බර්කිනා ෆාසෝ සහ බටහිර අප්‍රිකානු රටවල් . මාලි , නයිජර් අනිත් දෙක .  මේවල බ...

ලන්ඩනයේ ජවිපෙ හැට විය සමරයි

සැල්වදෝර් අලියන්දේ ගේ චිලි යේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රජය පැවතියේ වසර තුනකටත් අඩු කාලයකි .  අලියන්දේ මාක්ස්වාදියෙකු වුවද ඔහු පිහිටවූයේ (populist)  ජනප්‍රිය එක්සත් රජයකි .  එම රජය මෙහෙයවන ලද්දේ  චිලියන් කොමියුනිස්ට් පක්ෂය, රැඩිකල් පක්ෂය , සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආදී වශයෙන් වාමාංශික පක්ෂ කිහිපයක් එක්වුණු එක්සත් පෙරමුණකිනි. එක්සත් ජනපදය හා දක්ෂිණාංශික කණ්ඩායම් ඔවුන් සමාජවාදයට රට ගෙනයතියි  චෝදනා කල අතර චිලී රජයට විරුද්ධව සම්බාධක පැනවීය. ආර්ථික දුෂ්කරතා  වැඩි වුන අතර උද්ධමනය ඉහල ගියේය .  රජයේ විවිධ පක්ෂ අතර අසමගියක් වර්ධනය වුනි .  ඉන්පසු සීඅයිඒ සංවිධානය දියත් කල කුමන්ත්‍රණයකින් අලියන්දේ ගේ ලතින් ඇමෙරිකාවේ ප්‍රථම වාමාංශික  රජය පෙරලා දැමුණි .   ජෙනරල් පිනෝචේ ප්‍රමුඛ  හමුදාව බලය පැහැර ගත්තේය .      අලියන්දේ ගේ රජය මාක්ස්වාදී රජයක් නොවුණු අතර එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරුපයක් ගත් එකකි .  නමුත් එහි සහායක පක්ෂ අතර සෝවියට් සබඳතා තිබූ  කොමියුනිස්ට් පක්ෂයද විය .  එනිසා අලියන්දේ රජය මැතිවරණ අකුලා දමන බවට බො...

කෙහෙළිය ගේ කතාව

 උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න. හොර කෙහෙළිය 01 මාධ් ‍ ය හරහා දිගින් දිගටම සිදුවූ බලපෑම හමුවේ පසුගිය දා සෞඛ් ‍ ය අමාත් ‍ යාංශයේ හිටපු ලේකම් සීමාහේවගේ ජනක ශ් ‍ රී චන්ද් ‍ රගුප්ත හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප් ‍ රතිදේහජනක ඖෂධ වංචාවට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර එහිදී හිටපු ලේකම්වරයා මෙම සිද්ධියට අදාළ හයවන සැකකරු ලෙස දෙසැම්බර් 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නට මාලිගාකන්ද මහේස්ත් ‍ රාත් ලෝචනා අබේවික් ‍ රම නියෝග නිකුත් කළාය. මේ වනවිට මෙම සිදුවීමට අදාළව අයුසුලේට් බයෝටෙක් ෆාර්මා සමාගමේ හිමිකරු හේවගේ සුදත් ජානක ප් ‍ රනාන්දු, වෛද් ‍ ය සැපයීම් අංශයේ අධ් ‍ යක්ෂ වෛද් ‍ ය කපිල වික් ‍ රමනායක, සහකාර අධ් ‍ යක්ෂ දේවශාන්ති සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. දැන් අප අසන්නේ මෙම වංචාවට වගකිවයුතු පුද්ගලයින් සියල්ල අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතිද යන්නයි. අපට දැනට ලැබෙන තොරතුරු අනුව තව තිදෙනෙකු මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත යුතුය. ඔ...