උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න.
කෙහෙළිය ගේ කතාව
පළාත් සභා බලය ගැනීමේදී මාලිමා ආණ්ඩුව වැරදිද
පහුගිය අවුරුද්දේ ජවිපෙ / මාලිමාව නායකයෝ කිහිප දෙනෙක්ම ලන්ඩන් ආව . අමාත්‍ය නලින්ද ජයතිස්ස , අගමැතිනි හරිනි අමරසූරිය සහ අවසානයේ ජනාධිපති අනුර කුමාර දිසානායක. මේ ගැන මම ලිපි කිහිපයක්ම ලීවා. ඒ ජනාධිපතිවරණය පැවැත්වෙන්න කලින් . මාලිමාව බලය ගන්න කලින් .
මෙන්න ඒ ලිපි .
ෂාරුක් ඛාන් ජයතිස්ස මේ ලිපියේ අග මෙහෙම අවවාදයකුත් දැම්මා.
අවවාදයයි: පරණ ගිලෙන නැව් වලින් පනින මීයන් ගෙන් ප්‍රවේසම් වන්න. උන් අලුත් නැව්ද හිල් කරන්නට ඉඩ තිබේ.
අනුර - හරිනි විකට්ටුවට බවුන්සර් එන්නේ කොහෙන්ද
ටිල්වින් සිල්වා සහෝදරයා ට ප්‍රශ්න කිහිපයක් සමග ජාජබේ ඇට් ලන්ඩන්
දැන් අනුර සහෝදරයා ජනාධිපති වෙලා , මාලිමා ආණ්ඩුවක් පිහිටුවලා , මාලිමා ආණ්ඩුවට ලැබුන චන්ද අඩුවෙලා නමුත් වැඩිම පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලයත් අල්ලාගෙන තියෙන්නේ . මේ අතරේ විවේචනයක් යනව , මේ විවේචනය එන්නේ විපක්ෂයේ සජබ , පොහොට්ටුව අයගෙන් විතරක් නෙමෙයි . ඒ කියන්නේ ඔවුන්ගේ සභිකයෝ අහිමි වෙනකොට වේදනාවක් එනවා තමයි . ඉතින් විවේචනය සහ ඇඬිල්ල සාධාරණයි කියමු . ප්රන්සිස්කුකරනයක් නේ කරන්නේ. (මතකද සිද්ධිය ) හැබැයි කවුරුත් ඉස්සුවේ නම් නැහැ. හැබැයි මාලිමාවට සහයෝගය දුන්නු අයත් , වමේ මිතුරන් හා වමේ විරුද්ධවාදිනුත් , ප්‍රනී ජවිපෙ සාමාජිකයනුත් මේ ගොඩට එකතු වෙලා කියල පේනවා .
ඔය ලන්ඩන් ලිපි තුනේම මම කියල තියෙන පොදු දෙයක් තමයි ඒ ආපු ජනතාව ගෙන් වැඩි හරියක් ජවිපෙ සාමාජිකයන්ම නෙමේ . ජවිපෙ හෝ පෙසපේ '71 සමරුව හෝ 88-89 සමරු වලට වැඩිම වුනොත් තිහ හතළිහක් නේ එන්නේ . ඇත්ත ඒකනේ. ඔය රැස්වීම් වලට ආව අය ගෙන් මගේ යුඇන්පී ටොයි යාලුවෝ ගොඩක් හම්බ වුනා . පොහොට්ටුවේ හිටි බයි යාළුවෝ හමු වුනා. ඒ අතරේ අතර මැදි අයත් හිටිය. තීරණයක් නැති . ඉදිරියට වෙන්නේ මොනවාද කියල බලන්න ආපු අයත් හිටිය . ඒ යුඇන්පී , ෆොට්ටු , ශ්‍රීලනිප සහ පාවෙන සෙට් එකේ එක පොදු අරමුණක් තිබ්බ . රටට හොඳක් වෙන්න ඕනේ කියන එක . සමහරු ගෝඨාභයට සපෝර්ට් කරල තිබ්බ ඇත්තටම රට ගොඩ ගනී කියල හිතල . පිටරට ආවහම තම තමන්ගේ රට ගැන ආදරේ වැඩි වෙන්නේ .
අනුරත් ම ගැලරියට සමාජවාදී කතා කිව්වේ නැහැ . පොහොසත් රටක් , මේ ලන්ඩන් වගේ, යුරෝපයේ වගේ පොහොසත් රටක් හදන්න අපට එකතු වෙන්න . අපට උදව් කරන්න කියල . උදව් කරන්න එන ඕන කෙනෙක් අනුර ආදරෙන් භාර ගන්නවා . මේ කතාවලදී උඹ සජබ , උඹ ටොයියා , උඹ බයියා එන්න එපා කියල බැන්නේ නැහැ ඔය කිසි කෙනෙක් . මිනිස්සු ඒවා විශ්වාස කළා . පරණ ජවිපෙ සෙට් එකයි වමේ අයයි විතරක් ඡන්දේ දුන්න නම් මාලිමා ආණ්ඩුවක් කීයටවත් එන්නේ නැහැ .
ඒ නිසා ඔය පළාත් සභා පිහිටුවද්දී පිල්ලෙයාන් ගේ හෝ පොහොට්ටුවේ හෝ යුඇන්පී එකේ කියන එක ප්‍රශ්නයක් වෙන්න විධිහක් නැහැ . ඒ හැමෝටම තමා එන්න කිව්වේ රට හදන්න . ඒ ගොල්ල දුෂණ කරල තියනවනම් අල්ලස් හා දුෂණ කොමිසමට කියන්න පුළුවන්. නඩු දායි . ඔප්පු වුනොත් ඇතුලට යයි . අධිකරණය සහ ඒ ආයතන ස්වාධීනව හැසිරෙනවා කියල පේනවනේ . එහෙනම් මොකද්ද ප්‍රශ්නේ .
ඔයාලට මතකද ලෙනින් . රාජ්‍ය බලය ගන්න බෝල්ෂෙවික් පක්ෂයට සල්ලි නැහැ . එවෙලේ ජර්මනියේ කයිසර් ගෙන් සල්ලි ගත්ත යුද්ධේ නවත්වන්න පොරොන්දු වෙලා . ඒ කතාව මම මේ ලිපියෙ ලියල තියනව .
ඊළඟ එක තමා ලෙනින් මේ නිකලායි බෞමන් ගේ ප්‍රශ්නෙදි ක්‍රියා කරපු ආකාරය.
ලෙනින් බලය ගන්න අවශ්‍ය දේවල් බොහොමයක් කළා . ජර්මනියෙන් සල්ලි ගත්ත එක විතරක් නෙමේ . කෙරෙන්ස්කි ගේ ආණ්ඩුවත් පෙරළුව ආයුධ බලයෙන් .
දැන් ඔය විවේචනය කරන වමේ පක්ෂ වල අයට කියන පුලුවන්ද ඒගොල්ලෝ සීයට සීයක් පාරිශුද්ධයි කියල .
ජවිපෙ ඉතිහාසය තුල ඔය වගේ සන්ධාන ඕන තරම් ගහල තියනවනේ . මහින්ද එක්ක එකතු වුනා 2005. ෆොන්සේකා ගේ ජනාධිපති සටනට උදව් කළා. රනිල් ගේ යහපාලනයට මුලදී සහයෝගය දුන්න 2015. මේවා පක්ෂයේ ප්‍රතිපත්ති වලට අනුව ගත් තීරණ නේ .
පළාතක්, ප්‍රදේශයක් හදන්න ඒව වල බලය ආණ්ඩු පක්ෂයට තිබෙනවා නම් හොඳයි . ඒ අනුව විරුද්ධ පක්ෂයක් එක්ක එකතු වෙන එකේ ප්‍රශ්නයක් නැහැ සීමිත රාමුවක් තුල . රජයේ ප්‍රධාන අරමුණ රට හදන එක නම් ඒකට බලය බිම් මට්ටමේ සිට අවශ්‍යනම් මේ වගේ ක්‍රියාමාර්ග ගන්න වෙනවා . ඒවා වලක්වන්න බැහැ . බලය ගැනීම වගේ විතරක් නෙමේ ඒක රැක බලා ගැනීමත් වැදහත් .
අපි විමසිල්ලෙන් බලා සිටිමු .
බර්කිනා ෆාසෝ ඉබ්‍රහිම් ට්‍රොරේ හා ගොබ්බ ෆේස්බුකින්
බර්කිනා ෆාසෝ වල නායකයා ගැන මාර රැල්ලක් යනවනේ මේ දවස් වල. අපේ යාළු පෙරෙට්ටෝ සහ සමහර ඩයි හාඩ් ජෙප්පෝ තමා ඉස්සෙල්ලම වගේ ඉබ්‍රහිම් ට්‍රොරේ ගේ කතාව දැම්මේ හැමතැනම. අම්මට සිරි ඒ කතාව . අධිරාජ්‍ය වාදයට, අයි එම් එෆ් එකට දෙසා බාලා. අන්න නායකයෝ . මේ AKD ල වගේද නේද , IMF එකට දෙකට නැවෙන . වැඩේ කියන්නේ දකුණේ සෙට් එකත් රැල්ලට ඇවිත්. ආචාර්ය හපුගොඩ ත් ලියල තිබුන ඒ වගේ දැකුම් කළු නායකයෙක් කෝ අපිට!!! වගේ කතාවක් (කුඹීනේ තොපිට රජෙක් ඉන්නේ .. කතාව මතක් වුනා). අයිඑම් එෆ් එකට සපෝර්ට් කර කර ඉඳල ට්‍රොරේ නිසාම අංශක 180ක් හැරිලද මන්ද ?
මතකද ගඩාෆි ට වෙච්ච් දේ, තෙල් තිබ්බට බැකර් කෙනෙක් නැහැ . චිනේ, රුසියාව එක්කත් වලි දා ගෙන හිටියේ. බඩු සෙට් වුනා . එතකොට ඊට කලින් ඉරාකේ සදාම් ට කෙලවුනා , සිරියාවේ අසාද්ව පුටින් හීන් සීරුවේ ට්‍රම්ප් ට පාවල දුන්න. කොටින්ම බල තුලනය තියා ගන්න කාට හරි හේත්තු වුනේ නැත්නම් ගේම සෙට් වෙනව.
බර්කිනා ෆාසෝ සහ බටහිර අප්‍රිකානු රටවල් . මාලි , නයිජර් අනිත් දෙක . මේවල බලය පතුරුවගෙන හිටියේ ප්‍රංශ හමුදා . (පරණ අධිරාජ්‍යය , දැන් ප්‍රංශ සහ බටහිර මයිනින් කම්පැනි වල සපෝර්ට් එකට ) මොකද වුනේ . යුක්රේනයේ සටන් කරමින් හිට රුසියානු කුලී හමුදා, වැග්නර් ගෘප් එක (අතුරුදහන් වුනු ප්‍රිගොෂින් ආවේත් මෙහෙට) අප්‍රිකාවට බැස්ස . ඒ වල හිටි ඉස්ලාමික හමුදා එලවල ප්‍රංශ හමුදවලට ගේම දුන්න . කෙලින් නෙමේ වක්‍රව . රුසියානු අවි ආයුධ ඔක්කොම ගලාගෙන ආව මේ මිලිටරි ජුන්ටා වලට . වැග්නර් ගෘප් එකේ උදව්වෙන් හමුදා කුමන්ත්රණයකින් 2022 දී ට්‍රොරේ බර්කිනා ෆාසෝ වල බලය අල්ලනවා .
දැන් මේ අප්‍රිකානු රටවල් තුන එකතු කරලා මිලිටරි සන්ධානයක් හදල තියෙන්නේ රුසියානු උදව් ඇතිව .
එදා ඉඳන් ප්රජාතන්ත්රවාදය අරව මේවා නැහැ . හමුදා ආණ්ඩුවක් . රට දියුණු වෙනවා . ආර්ථිකය හොඳයි . අපි එකඟයි .
හැබැයි මේ රටවල් තුනටම රුසියානු කුලී හමුදා චීන ආණ්ඩුවේත් ආශීර්වාදයෙන් බැස්සේ ඇයි? ප්‍රංශ කාරයෝ මෙච්චර කල් අල්ලන් හිටියේ ඇයි? හරි කතාව තියෙන්නේ එතන . ලිතියම් , රත්රන් , යුරේනියම් වැහි වැහැල. රුසියාව පහුගිය අවුරුදු දෙකේ විතරක් ඩොලර් බිලියන් දෙකහමාරක රත්රන් ඇදල තියනව . අනිත් ඒවා චීන කම්පැනි යටතේ . මම මේ ඒවාට විරුද්ධව කතා කරනවා හෝ ප්‍රංශ කාරයාගේ හෝ ඇමෙරිකන් කාරයාගේ පැත්ත ගන්නව නෙමේ . ට්‍රොරේ ට කතා කරන්න හයිය ආවේ කොහෙන්ද කියන්න .
ඔය පේසාලේ පැත්තෙන් තෙල් ටිකක් හරි පුල්මුඩේ පැත්තෙන් රත්තරන් ටිකක් හරි හොයල දෙනවලකෝ , IMF එකට පුපට පයින් ගහල එලවන්න . ආ පුටින් සහෝදරයාව බැකින් එකට ගන්නත් වෙනවා .
කපු වලින් දේශීය ඇඳුම් නිෂ්පාදනය කරන එක හොඳයි . මිනිස්සු අඳින්න කැමති නම්. 70-77 ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉන්දීය කපු සාරි , භූමිතෙල් ගඳ ගහන සරන් ඇඳගෙන ගිහින් තමයි කට්ටිය 5/6 බලයක් ජේ ආර් ට දුන්නේ. මිනිස්සු හැසිරෙන්නේ එහමයි .
මේ ලියන ඈයෝ වෑයො වගේ ලියනවා මිසක්ක කොච්චර දුරට හොයනවද කියන එක මම දන්නේ නැහැ .
අනුර කුමාර නිලධාරීන් විශ්වාස කරන එක නවත්වන්න වෙලා තියෙන්නේ . ජනාධිපති සමාව දෙන මිනිස්සු තුන්සිය ගානක ලිස්ට් එයට පෞද්ගලිකව චෙක් කරන්න බැහැ . ඒවාට තමා අදාල අංශ වල නිලධාරීන් ඉන්නේ . එයා තොත්ත බබෙක් නෙමේ . එයාට ඊට වඩා වැදගත් වැඩ තියෙනවා . නමුත් අර සෙට් එක දන්නවා ඊට කලිනුත් තමන්ගේ එවුන් ඔය ලිස්ට් එකෙන් එලියට දාගත්ත කියල . ඒක තමා ඒ ගොල්ලෝ ප්‍රශ්න කරන්නේ දැනගෙනම .
එතකොට ලන්ඩන් වල සහ අනිත් රටවල ඉන්න එවුන් දන්නවා දැන් කාලෙක ඉඳන් (කෝවිඩ් කාලේටත් කලින් පටන් ගත්තේ . කෝවිඩ් කාලේ වැඩි වුනා ) ලංකාට යවන කෑම බිම පෙට්ටි කස්ටම් එකෙන් චෙක් කරන්නේ නැහැ , ගෙදරටම යවනවා කියල . ඒවා වල කන්ටේනර් නම්බර්ස් රේගුව දන්නවා . ඉලෙක්ට්‍රිකල් අයිට්ම්ස් , කාර් , අමු ද්‍රව්‍ය තියෙනවනම් ෆෝම් වල ලියල , ඒ කන්ටේනර් නවත්වා ගන්නවා . එහෙම කන්ටේනර් එලියට යවන නිසා තමා අර ප්‍රසිද්ධ පෝට්ටුවේ එක්කෙනෙක් යූකේ වලින් ඉස්පිරිතාල වල කුණු ලොරි දුසිමක් ලංකාවට පැටෙව්වේ . හොඳ වෙලාවට ඔත්තුවක් ලැබුන නිසා රේගුව ඒවා නවත්ත ගත්ත .
විදුහල්පතිලා ගත්තොත් උන් ළමයි දණ ගස්සවල කොණ්ඩේ කපනවා විතරක් නෙමෙන් . අපයෝජන කරපු ගුරුවරුත් තියා ගන්නවා . උන් තවම් හොඳින් නේද?
ඉතින් ආණ්ඩුවට දැන් තියෙන්නේ මේ නිලධාරී රොත්ත කෙලින්ම එළවල දාන්න . තව දුරටත් බබා හුකුම් හරියන්නේ නැහැ .
අනික බර්කිනා ෆාසෝ වල අලුත් ෆේස්බුක් නීතියක් සම්මත කරනවා . ඩොලර් 300 දඩ ගහනවා ගැහැණුන්ට අප්‍රිකාවේ ආගමික නිතිය සහ සංස්කෘතික අගයන් ට හානි වන පොස්ට් පල කලොත් .
මියා කලීෆා ගේ ඒවා බලන්න තහනම් කරලා තියෙන්නේ . මම බලන හින්ද නෙමේ නෙමේ කියන්නේ . ලංකාවේ රෙකෝඩ් එකක් තියෙන නිසා . කැමති වෙලාවලට එයාල ෆේස්බුක් සහ සෝෂල් මිඩියා බ්ලොක් කරනවා.
සියදිවි හානි කරගන්න ලෝකේ ලිස්ට් එකේ 33 වෙනියා . ජපානෙට ගොඩක් ඉස්සරහින් ඉන්නේ .
සමහර වෙලාවට හපුගොඩ වගේ දකුණේ ප්‍රගතිශීලින් සහ පෙරටු වමේ ඇත්තන්ට ඒකාධිපති ආණ්ඩුවක් ඕනේ ඇති.
ඒකත් දීල බලන්න තියෙන්නේ.
ලන්ඩනයේ ජවිපෙ හැට විය සමරයි
සැල්වදෝර් අලියන්දේ ගේ චිලි යේ සමාජ ප්රජාතන්ත්රවාදී රජය පැවතියේ වසර තුනකටත් අඩු කාලයකි . අලියන්දේ මාක්ස්වාදියෙකු වුවද ඔහු පිහිටවූයේ (populist) ජනප්‍රිය එක්සත් රජයකි . එම රජය මෙහෙයවන ලද්දේ චිලියන් කොමියුනිස්ට් පක්ෂය, රැඩිකල් පක්ෂය , සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය ආදී වශයෙන් වාමාංශික පක්ෂ කිහිපයක් එක්වුණු එක්සත් පෙරමුණකිනි. එක්සත් ජනපදය හා දක්ෂිණාංශික කණ්ඩායම් ඔවුන් සමාජවාදයට රට ගෙනයතියි චෝදනා කල අතර චිලී රජයට විරුද්ධව සම්බාධක පැනවීය. ආර්ථික දුෂ්කරතා වැඩි වුන අතර උද්ධමනය ඉහල ගියේය . රජයේ විවිධ පක්ෂ අතර අසමගියක් වර්ධනය වුනි . ඉන්පසු සීඅයිඒ සංවිධානය දියත් කල කුමන්ත්රණයකින් අලියන්දේ ගේ ලතින් ඇමෙරිකාවේ ප්‍රථම වාමාංශික රජය පෙරලා දැමුණි . ජෙනරල් පිනෝචේ ප්රමුඛ හමුදාව බලය පැහැර ගත්තේය .
අලියන්දේ ගේ රජය මාක්ස්වාදී රජයක් නොවුණු අතර එය සමාජ ප්රජාතන්ත්රවාදී ස්වරුපයක් ගත් එකකි . නමුත් එහි සහායක පක්ෂ අතර සෝවියට් සබඳතා තිබූ කොමියුනිස්ට් පක්ෂයද විය . එනිසා අලියන්දේ රජය මැතිවරණ අකුලා දමන බවට බොරුවක් සමාජගත කරන්නටද විරුද්ධ වාදීන්ට හැකිවිය .
1917 ජුනි 17 වනදා ප්‍රථම සමස්ත සෝවියට් කොන්ග්‍රස රැස්වීමේදී තවකාලික කෙරෙන්ස්කි රජයේ අමාත්‍යවරයෙකු , මේ අතිශය අමාරු අවස්ථාවේ රටේ පාලනය භාර ගන්නට පක්ෂයක් තිබේ දැයි විමසුවේය . ලෙනින් එයට පිළිතුරු වශයෙන් "එවැනි පක්ෂයක් තිබේ" යයි පැවසීය. පසුවදා එම සිද්ධිය ගැන ප්‍රකාශයක් කරමින් ප්‍රබල විනයක් සහිත බෝල්ෂෙවික් පක්ෂය රාජ්‍ය බලය ගැනීමට සූදානම් බව ප්‍රකාශ කළේය. බොහෝ අය උසුළු විසුළු කළද , එම අවුරුද්දේ ඔක්තෝබරයේ රාජ්‍ය බලය පවරා ගත්තේ බෝල්ෂෙවික් පක්ෂය සහ වාමාංශික සමාජවාදී විප්ලවවාදී පක්ෂයේ එකමුතුවයි . පසුව මේ පක්ෂ දෙක එකතුව සෝවියට් කොමියුනිස්ට් පක්ෂය පිහිටුවන ලදී . එයින් වෙනත් පක්ෂ හා කණ්ඩායම් අතර අසමගිකම් ඇතිවීම වලක්වන ලදී . (Source: Lenin Collected Works, Progress Publishers, 1977, Moscow, Volume 25, pages 15-42.)
ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවන ලද්දේ 1965 මැයි 14 වනදාය. රෝහණ විජේවීර සහ තවත් කිහිප දෙනෙකු විසින් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ගොඩ නගන ලද පක්ෂය, වෙල්ලස්සේ කැරැල්ලෙන් පසු ප්‍රථම වතාවට රැජිනගේ ආණ්ඩුවට විරුද්ධව ලංකාවේ කැරැල්ලක් දියත් කරන්නේ 1971 දීය. එසේ කරන්නේද හැට ගණන් වල අග භාගයේ සිට අත් අඩංගුවට ගැනීම් සහ වෙනත් නොයෙකුත් මර්දනය කිරීම් වලට පිළිතුරක් ලෙසය . මේවා දයලෙක්තිකවාදී ලෙස අප තේරුම් ගත යුතුය. මර්දනයක් ගෙන එන විට ඒ සඳහා ප්රතිවිරෝධයක් පැන නැගීම ස්වභාවිකව ඕනෑම අවස්ථාවක සිදුවේ . මින් අනතුරුව රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු කණ්ඩායමක් පක්ෂය නැවතත් බලවත් ලෙස ගොඩ නගන ලද්දේ සිර දඬුවම් විඳිමින් හා ඉනික්බිතිව 1978 දී නිදහස ලැබීමෙන් අනතුරුවය. තනි පක්ෂයක් ලෙස දේශපාලනයේ යෙදෙන ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති මැතිවරණයට රෝහණ සහෝදරයා ඉදිරිපත් කරන්නේය . ඉන්පසු පවත්වන ලද අසාධාරණ ජනමත විචාරණයට විරුද්ධව ජනතාව හසුරුවන්නේය .
ජාතිවාදී කණ්ඩායම් විසින් අවුළුවන ලද 1983 ජාතිවාදී කෝලාහල ඇති කරන ලදැයි බොරු චෝදනා නගා ඉතා අසාධාරණ ලෙස පක්ෂය පැවති ආණ්ඩුව විසින් තහනම් කරන්නේය . යටිබිම්ගත වන පක්ෂය ඉතා අසීරුකම් මධ්‍යයේ ක්‍රියාත්මක වුවද පැවැති දැඩි පීඩනය හමුවේ අවි අතට ගන්නේ රජයට එරෙහිවය. එම දයලෙක්තිකවාදී ප්රතිවිරෝධය විසින් අවුළුවන ලදුව රට පුරා සිවිල් යුද්ධයක් පැතිර ගිය අතර ජනතා විමුක්ති පෙරමුණේ ඉහල නායකත්වය මෙන්ම අති විශාල සාමාජික සංඛ්‍යාවක් මරා දමා පීඩකයන් විසින් පක්ෂය විනාශ කරන ලදී.
බොහෝ අයට වරදින්නේ මෙතනදීය. පක්ෂය විනාශ කල නොහැකිය . ජනතා විමුක්ති පෙරමුණ යනු සාමූහික සවිඥානයක ප්රතිඵලයකි . එය පිහිටුවන වන ලද්දේ පීඩිත පන්තියේ නියෝජනයක් ලෙස ඔවුන් උදෙසාය . එහි නිර්මාතෘන් වූ රෝහණ සහෝදරයා ඇතුළු පිරිස මිය ගියද එවැනි පක්ෂයක් මිය යන්නේ නැත. 1994 සිට පක්ෂය නැවත ගොඩ නැගෙන්නේ පන්ති පහට සහභාගී වූවන්ගෙන් පමණක් නොවේ . ප්‍රභුත්වයට හා පීඩක පන්තියට විරුද්ධව නැගෙන ජන විඥානය තුල පක්ෂය සක්‍රියව සැඟව පැවතෙමින් අවස්ථාව ලද විගස ෆීනික්ස් පක්ෂියා මෙන් අළු ගසා දමා නැගී සිටින්නේය. ඉන්පසු වසර 2025 දී අනුර කුමාර දිසානායක සහ ටිල්වින් සිල්වා ප්රමුඛ ජවිපෙ නායකත්වය මෙහෙයවන ජාතික ජන බලවේගය බලය ලබා ගන්නේ මේ සාමුහිකත්ව සවිඥාන බලය තුලිනි.
ජාතික ජන බලවේගය යනු තනි පක්ෂයක් වටා ගොඩ නැගෙන ජන බලයකි . එහි තුල ප්‍රශ්න තිබුනද ජනතාවට හා සමාජයට එය ඒකාබද්ධ බලවේගයකි. එයින් බිඳී ගිය අවස්ථා කිහිපයක්ද ඇත්තේය. එහෙත් මේ රජය වනාහි ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ප්‍රභූ පන්තිය පරාජය කොට බලයට පත් වූවකි. එයට විරුද්ධ වාදීන් බොහෝය . පාලක ප්‍රභූ සමාජයට කත් අදින නිලධාරී පැලැන්තිය , ප්‍රභූන් විසන් මෙහෙයවන පාතාලය, ඔවුන් ගේ විදේශ සම්බන්ධතා ජාලය , ඔවුන් සතු මාධ්‍ය ජාලය , මේ සියල්ල ළඳරු ජාතික ජන බලවේග ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වන්නේය . ඒ සියලු කුමන්ත්‍රණ පැරදවීමට ශක්තිමත් පක්ෂ යාන්ත්‍රණයක් අත්‍යවශ්‍ය දෙයකි . අලියන්දේ ට සහ ඔහුගේ රජයට සිදුවූ දේ මගින් අපට ඓතිහාසික අත්දැකීමක් කියාදෙයි . ලෙනින් ගේ වෙළුම් කියවන්නෙකුට ඔහු මේ අනතුර හඳුනා ගත් බවත් එසේම බලය හැසිරුවිම පිළිබඳව මනා අවබෝධයකින් සිටි බවත් පෙනෙයි. ඒවා හැදෑරීම අදටද වැදගත් වන්නේ එබැවිනි .
ඒ හැදෑරීම සහිත පක්ෂයක් තිබේ . හැට විය පිරෙන්නේ මේ බාධක මැදින් නොබියව, නොසැලී ඉදිරියට ආ පක්ෂයකටය. ජනතා විමුක්ති පෙරමුණටය . පක්ෂය ඉතිහාසය තුල ලන්ඩන් වල පක්ෂ හිතවතුන් ගෙන් ලැබුණු සහය වටනේය. විජේවීර, සෝමවංශ සමයේ සිට අනුර දිසානායක දක්වා නයුවන්ට ඒ සහය නොවෙනස් ව ලැබුනේය . ඒ ඉතිහාසය සමරමින් දර්ශන හෙට්ටිආරච්චි සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ හැට විය සමරන්නේ පසුගිය මැයි 31 වනදාය . සැමරුම අමතමින් ටිල්වින් සිල්වා සහෝදරයාද දර්ශන හෙට්ටි ආරච්චි සහෝදරයාද සිය කථනයන් ගෙන් මතු කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ප්‍රභූ පන්තිය පෙරලා දමා ප්‍රථම වරට නිර්ප්‍රභූ ජනතාව , පිඩිත පන්තිය බලය ලබා ගත් බවය . නමුත් ප්‍රභූ පන්තිය තම බලය ලෙහෙසින් හැර දමා යන්නේ නැත. ඔවුන් නොයෙක් බොරු වපුරනු ඇත . නොයෙකුත් කුමන්ත්‍රණ කරනු ඇත . අවලාද නගනු ඇත . සුළු වැරැද්දක් පවා මහා මෙරක් සේ උපුටා දක්වනු ඇත . මෙයින් පක්ෂයේ අය අතින් හෝ රජයේ මැති ඇමති සාමාජිකයන් ගෙන් වැරදි සිදු නොවන බවක් අදහස් නොවේ . වැරදි සිදු නොවී රජයක් ගෙන යාම අපහසුය , ඒවා නිවැරදී කර ගනිමින් ඉදිරියට යා යුතුය . එහෙත් කුමන්ත්‍රණ වලට හසු නොවී අවලාද වල ට හසු නොවී පීඩකයාට බිය නොවී බොරු වලවල් වල නොවැටී මේ ගමන යා යුතුය.
ලන්ඩනයේ කැටපත් පවුරක් තනා , විශේෂ ඡායාරුප ප්‍රදර්ශනයක් ද පවත්වා පක්ෂයේ හැට විය සමරුවේ එබැවිනි. රන්ජිත් විජේසිරිවර්ධන සොහොයුරා සිය පිලි ගැනීමේ කතාවේදී ලන්ඩනයේ ජනතාව ජාතික ජන බලවේගය වටා රොද බැඳගත් අයුරු පැහැදිලි කළේය . ලද විජයග්‍රහණය රැක ගත යුතුය. එය ලැබුනේ ලෙයින් හා යකඩින් මර්දනය කරන ලද පක්ෂයක සාමාජිකත්වයේ වීරත්වයද සාමූහික ප්‍රයත්නයේද ප්‍රතිඵලයක් ලෙසය . ඒ සඳහා රජයට සහය දීමට ලන්ඩනයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය හා සාමාජිකත්වය එක සිතින් සැදී පැහැදී සිටින බව මේ සැමරුම මගින් සාඩම්බරයෙන් දන්වන ලදී .
එවැනි පක්ෂයක් තිබේ
එවැනි පක්ෂයක් තිබේ
******************************************************************
"There is Such a Party": Lenin 4 th of June 1917 Petrograd Soviets
When answering if there is a prty to take power:
Red Army Song about the incident:
Party, party, reason and conscience of the people,
Your decisions inspire hearts.
Lenin told everyone in the distant years:
"There is such a party!"
"There is such a party!"
We will be faithful to you until the end!
පෙට්‍රොග්‍රඩ් සෝවියට් සභා රැස්වීමේදී සභානායක - බලය ගැනීමට පක්ෂයක් තිබේද යන්න ඇසූ විට - ලෙනින් නැගිට පිළිතුරු දුන්නේ එවැනි පක්ෂයක් ඇති බවයි .
ඒ ගැන සමරා ලියු රතු හමුදා ගීතය -
පක්ෂය , පක්ෂය , හේතුව සහ හෘද සාක්ෂිය ජනතාවගේ
ඔබේ තීරණය හදවත් පුබුදුවාලයි
ලෙනින් ඒ ඈත කාලයේදී පැවසුවේ හැමෝටම
"එවැනි පක්ෂයක් තිබේ
එවැනි පක්ෂයක් තිබේ "
අප ඔබට විශ්වාසවන්ත වෙමු
දිවි ඇති තුරා
- අපටද එවැනි පක්ෂයක් තිබේ
රෝහණ විජේවීරයන් නෙක දුක් වළඳමින්
ගොඩ නැගූ පක්ෂයක් තිබේ
ඒ ජනතා විමුක්ති පෙරමුණයි
හැට විය සමරන ~~~~~~~~~~~~~~~~~~~~~~~
ලන්ඩනයේ 31/05/2025 පැවැත්වූ ජවිපෙ 60 වැනි උපන් දින සැමරුම වෙනුවෙනි .
හැට පිරුණු පක්ෂය
හැට පිරුණු පක්ෂය
*****************************************
මට හැටක් පිරුණේ අප්රියලයේය
පක්ෂයට හැට පිරුණේ මැයි වලය
මා පක්ෂයට වඩා මාසයක් වැඩිමල් ය
මගේ අප්‍රියෙල් උපන් දිනයට
අමතක නොවන දිනයක්ද එකතුව ඇත්තේ ය .
ඒ අප්‍රියෙල් පස් වනදාය
වෙල්ලස්සේ කැරැල්ලට උරදුන්
අසාධාරණ බදු වලට එරෙහිව ගිය වුන්
ලෙයින් යකඩින් මර්දනය කළෝ
රැජිනගේ ලංකා ආණ්ඩුවයි
හැත්තෑ එකේ තිබුනෙත් එම
ආණ්ඩුව මය , වෙනස තිබුනේ සාරියේ පමණය
ඒ බව දත් තරුණ කොලු කෙල්ලන් සමූහයක්
අවි අතට ගත්තෝ අසාධාරණයට විරුද්ධව ය
ඒ ඉපදී වසර හයකින්ය
උන්ගේ හඬ ජනතාවට නො ඇසුනි
ඒ නොඇසුණු කතාව ලෙයෙහි රුවාගෙන
අදිටන හිස තබාගෙන
ගොඩ නැගුනේ ඒ විශ්මිත පක්ෂයමය
එහි උරුමය ඇත්තේ හැලූ ලේ වලය
ඒ උරුමය මා දුටුවේද භද්‍ර යෞවන වියේදී මය
දෙවන වරටද පක්ෂය බිඳ දමනු රිසියෝ
තරුණ සමුහයේ ගෙල සිඳුහ
එහෙත් එය නැගී සිටියේ
ෆීනික්ස් පක්ෂියා මෙනි
ඒ පක්ෂය යනු පුද්ගලයා නොවන හෙයිනි
මගේ හැට වැදගත් නැත
හැට විය පිරුණේ දහසකුත් එකක්
සාමාජික සාමාජිකාවන්ගේ
ලේ කඳුළු හා දහිරිය සමගිනි
එය සාමූහික චින්තනයක් පමණක්ම විය
එය මරා දැමිය නොහැකිය
එය ඉවත් කල නොහැකිය
වරෙක මහා මේඝයක් මෙන්ම
තව කලෙක කුඩා සුළගක්ව වුව පක්ෂයේ ජිවය නොනැසී
සාමූහික කර මතින් නැගී සිටියාය
අද හැට වසර සමරන්නේ
ඒ වීර චින්තනයයි
ඒ සාමූහිකත්වයේ හඬයි-
- ලන්ඩනයේ 31/05/2025 පැවැත්වු 60 වැනි සමරුව වෙනුවෙන්
දළඳා වන්දනාව
දළදා වන්දනාවේ සිදුවූ අභාවාචක සිද්ධි කිහිපයක් හේතුවෙන් සිත බිඳවැටී ඇති නිසා මේ අකුරු කිරීම සිදු කරමි. කලකට පෙර මම මහනුවර පැරණි උඩරට රාජධානියට අයත් එක්තරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ප්‍රාදේශීය ලේකම්වරයකුව සිටියෙමි.
එය මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලවරණය පැවැත් වූ සමයයි.
එක් දිනක් මා ඇමතුවේ අපේ දිස්ත්‍රික්කයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයායි. "නිලංග නිලමේතුමාට ඔයාව හම්බවෙන්න ඕන ලු එන්න කියන්නද ක්වාටස් එකට" ඔහු ඇසුවේය.
මේ අරමුණ පිළිබඳව අවබෝධයක් නොතිබූ බැවින් මා එයට එකඟත්වය පළ කරමි. නිලංග දෑල ඔහුගේ බිරිඳ සමඟ අපේ නිල නිවසට පැමිණියේය .ඒ නවීන පන්නයේ තේ කෝප්ප සෙට් එකක් ද ත්‍යාග වශයෙන් රැගෙනය.
ත්‍යාගයේ වටිනාකම වැඩි බැවින් අපහසුවකට පත්වුව ද ප්‍රභූවරයෙකුව එකවරම ප්‍රතික්ෂේප කිරීමට එකල කොන්ද පණ නොතිබූ නිසා එය භාරගතිමි.ඔවුන්ට තේ දී පිටත් කළෙමි.
ඔවුන් දෙදෙනා නැවත දෙවන වතාවට ද පැමිණියෝය .ඒ අවස්ථාවේදී බිරිඳට සාරියක් සහ හෑන්ඩ් බෑගයක් රැගෙන විත් තිබිණි.
ලස්සනම වැඩේ වූයේ තුන්වැනි වතාවේදීය .
දියවඩන නිලමේ දෑල බණ්ඩාර වෙනුවෙන් මාලිගාවේ තනතුරු දරන ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් විශ්‍රාමික රැවුල වැවූ නිලධාරියකු පැමිණියේය.
"නිළෙමේතුමාගේ පැකේජ් එකක් තියෙනවා ..ලක්ෂ තුනක ..එතුමාට ඔයාගේ ඡන්දෙ විශ්වාස වෙන්න ඒක ගන්න "ඔහු කීවේය . මීට දස වසරකට පෙර ලක්ෂ 3 වැඩි අගයකි.
එය ප්‍රතික්ෂේප කලෙමි. ලේකම්වරයා "මොනවා උනත් පරිපාලන සේවයේ අලුත් අය ගැන අපි ආඩම්බර වෙනවා'' යැයි කියමින් නිල නිවසෙන් පිටතට ගියේය.
දළදා මාලිගාවට ජවිපෙ විසින් පහර දුන්නැයි මේ දිනවල මොර දෙන නිරංජන් විජයරතන නැමැත්තා තවත් දවසක පැමිණියේය .ඒ හාල් පොල් බඩු මල්ලක් රැගෙනය. ඒ වන විට තෙම්පරාදු වී සිටි බැවින් එය ප්‍රතික්ෂේප කළෙමි. පසුව ඔහු රුපියල් පනස්දාහක් දෙන්නට තුන්වෙනි පාර්ශවයක් මගින් විමසා සිටි අතර කුණුහරප දෙකක් කීමෙන් පසු ඒ උත්සාහය ව්‍යාර්ථ වී ගියේය.
වැඩිම පැකේජය දුන් නිලංග දෑල බණ්ඩාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඡන්දයෙන් සාතිශය බහුතරයක් ලබමින් ජයගත්තේ ඔහොමය. දළදා පෙරහැරේ වීඅයිපී පෝලිමේ වැඩි ඉඩක් සැප්තැම්බර් නිළමේ නිලවරණයේ චන්දදායකයන්ට වෙන් වන්නේ ඇයි බොහෝ දෙනෙකුට දැන් තේරුම් යනු ඇතැයි සිතමි.
දළදා හාමුදුරුවන් විකුණා ගෙන කන මොවුන්ට වැහි නැති හෙණ පතනු
හැර, වැඩවසම් රාජ්‍යය ඉක්මනින් කඩවසම් නොවන බව දකින අපට වෙන විකල්පයක් ඇත්තේ නැත.
"දහස් ගණන් පෝලිමේ ඉඳිද්දි හොර පාරෙන් දළඳා වැන්ද කවුරුහරි එකෙක් ඉන්නව නම් කණ්නාඩිය ඉස්සරහට ගියාම ඌට පේන්න ඕන
උගේ පව්කාර ආත්මය.
"සඳකඩ පහණක කැටයම් ඔපලා..."
"සඳකඩ පහණක කැටයම් ඔපලා..."
වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා නම් ඔහු...
දහසකුත් එකක් facebook වීරයන් බිහිවන වර්තමානයේ ඇතැම් වීරවරු නිහඬවම වීරකම් කරති. ඔවුන්ගේ වීරත්වය වචන වලින් එළියට නොපැමිණියද ක්‍රියාවෙන් ඉස්තරම් ය. මනුෂ්‍ය ප්රාණියෙකුට ජීවිතය දීම අතිශය අමාරු කටයුත්තකි. එවැනි මරණය අභියස සිටින මනුෂ්‍යයෙකුට ජීවිතය දීම ඊටත් වඩා භාරදූර කටයුත්තකි. මේ සඳහා සද් භාවයෙන් ම තම වේලාව, ධනය, ශ්‍රමය කැප කරන වෙදැදුරන් අතලොස්සක් මගේ ජීවිත කාලය තුළ හමු විය. ඒ අතරින් ජීවිතය ජීවත් කරවීමට පොරබදන දහසකුත් එකක් පිළිකා රෝගීන්ට දෙවන උපත දීමට තම කාර්යශූර දක්ෂතා දැනුම ආකල්ප උපයෝගී කරගන්නා උතුම් ජීවකවරයෙකු කරාපිටිය රෝහලට නිහඬ සේවයක් සපයමින් සිටිනු මා පසුගිය කාලයේ අත්වින්දෙමි. එතුමා නමින් ක්‍රිසන්ත පෙරේරා නම් වූවේය.
සියල්ල සූරා දමන්නා යන විරුදාවලිය ඇතැම්විට එතුමාගේ නම සමග පෑහෙ යයි කිහිප වරක් මා අසා ඇත්තෙමි එයට හේතුව එම ශ්‍රී හස්තයට හා දෑසට හසුවන මාරාන්තික පිලිකාවක අගමුල සියල්ල මුලිනුපුටා දැමීමට එතුමා දක්ෂ වන බව එතුමාගෙන් ප්රරතිකාර ලැබූ රෝගීන් සාක්ෂි දරනවා ඇත. හිරුටත් පෙර අවදිවන වෛද්‍යවරු කිහිප පොළ අතර මෙතුමාද ප්රමුඛ පෙළේ වැජඹෙන්නෙකි. තම වාට්ටු සන්චාරය පටන් ගන්නා විට උදේ හතේ කනිසම ද එළබී නැත. මෙතුමාට වෙලාව නම් වෙලාවය. සක්කරයාටද එකය.
ක්‍රිෂාන්ත පෙරේරා මහතා ගේ වාට්ටුව අති පිරිසිදු ය. අධික මුදලක් අය කරන පෞද්ගලික රෝහල්වල පිරිසිදුකම එයට පරාදය. වාට්ටුව, කෑම කාමරය, වැසිකිලි, නාන කාමර සියල්ල පිරිසිදුකම අතින් කිසිදු පෞද්ගලික රෝහලකට නොදෙවෙනිය. ශල්‍යාගාරය, දැඩි සත්කාර ඒකකය ඉතාමත් පිළිවෙළය, පිරිසිදුය වෙද හෙද, කනිටු කාර්ය මණ්ඩලය, පිරිසිදු කරන්නියන් සියල්ලෝම සීරුවෙන් ය. මෙතුමාට වැඩ නම් වැඩය. නීතිය නම් කොයි කාටත් එකය. රෝගියා ගේ ජීවිතය පමණක් පළමු තැන ය. මෙම අගනා සේවාව වෙනුවෙන් 48 , 49 වාට්ටුවේ සියලු කාර්ය මණ්ඩලය මෙන්ම දැඩිසත්කාර ඒකකයේ හා ශල්‍යාගාරයේ සියලු කාර්ය මණ්ඩලයකාරුණිකව යුහුසුලුව ක්‍රියා කරයි. ඒ සඳහා ඔවුන් සියලු දෙනාම කෙලෙස ඇගයුම් කලත් මදිය. මුදල් පසුපස හඹායන සමාජයක මුදල් තුට්ටුවකට මායිම් නොකරන මේ උතුම් වෛද්‍යවරයාගේ ඒකකය තරම් පිළිවෙල වෙනත් ඒකකයක් කරාපිටිය රෝහලේ තිබේ නම් අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි. ඇගයුම් ගැන නොතකා අහිංසක රෝගීන්ට සේවය සලසන මෙවැනි උතුම් මනුෂ්‍ය රත්නයන් රැක ගැනීම වර්තමාන සමාජයේ මහත් වූ වගකීමකි.
තමන්ගේ වල තමන්ම කපාගත් සනිල් උන්නැහේ
ජපානේ හිටියා බෞද්ධ භික්ෂුන් වගයක් . මෙයාලට කියන්නේ සොකුශින්බට්සු (Sokushinbutsu) කියලා . ඒ ගොල්ල කෑම අඩු කරලා , දුෂ්කර ක්‍රියා කරලා, ...

-
අපි ග්‍රීසියෙන් පටන් ගමු . මොකද දැනට ග්‍රීසියේ තමන්ගේ ඉතිහාසය නැවත ලියන්න ඕනේ කියන ව්‍යාපාරයක් තිබෙන නිසා. හිස්ටෝරියා කියන වචනය එන්නේ ග්...
-
ඔන්න මට සල්ලි හුඟක් ලැබෙනවා හදිසියේ . මගේ පවුලේ අයට ඒ සල්ලි ලැබෙන්නේ කොහොමද කියන්න මම දන්නේ නැහැ. මට හොයන්න ඕන කමකුත් නැහැ . දැන් මං මොක...
-
ඉතිහාසය ගැන හොඳ උද්ධෘත පාඨ කිහිපයක් මතක් වෙනවා . කොන්ෆියුසියස් කියල තියෙන්නේ "අතීතය ඉගෙන ගන්න, ඉන් අනාගතය තීරණය කරාවි" -කියල . චර...