ඇමෙරිකාවේ ඉන්දියන් සාගර මෙහෙයුම් හා ලංකාව



මම මේ යුද්ධයට  නොව හැම යුද්ධයටකටම දරුණු ලෙස විරුද්ධය. එය රුසියානු - යුක්‍රෙනද , ඇමෙරිකා  - ඉරානද කියා අදාල නැත. මෑතක ඉරානයේ සිසුන් ඇමෙරිකන් බෝම්බයකින් ඝාතනය කිරීම සේම  ගාසා තිරයේ ළමුන් ඝාතනයට ද ශ්‍රී ලංකා හමුදා බෝම්බ දමා චෙන්චෝලයි හි දෙමල අනාථ නිවාසයේ දරුවන් ඝාතනය කිරීමටද එකසේ  විරුද්ධ වුනෙමි . වෙමි .

 හැබැයි ලංකාවේ නාමලයා ඇතුළු පශ්චාත් භාගය උඩ දමමින් ඇමෙරිකාව ට විරුද්ධව මහින්ද  ක්‍රියා කළා   යයි කියන එංගලන්තයේ වෙසෙන දාර බයියන්ගේ දැන  ගැනීම පිණිස ලියමි. 

(ඒ ඔහෙලා ගේ නායකයන් ගේ තිබුණු ,  තිබුණු , තිබෙන  අමෙරිකන් පාස්පෝර්ට් වලට අමතරවය)  

ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ අවසාන අදියර පිළිබඳ වාර්තාවලට අනුව, 2007 වසරේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය සතු පාවෙන අවි ගබඩාවලින් සැලකිය යුතු ප්‍රමාණයක් හඳුනාගෙන විනාශ කිරීමට ඇමරිකානු බුද්ධි අංශ ශ්‍රී ලංකා නාවික හමුදාවට සහාය ලබා දී ඇත.

විනාශ කරන ලද මුළු ප්‍රමාණය

වැඩිදියුණු කරන ලද බුද්ධි තොරතුරු හැකියාවන් හේතුවෙන්, අවි ජාවාරම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිතා කළ බවට විශ්වාස කෙරෙන නැව් දහයකින් නවයක්ම 2007 සැප්තැම්බර් මාසය වන විට විනාශ කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් පෙන්වා දුන්හ.

ඇමරිකානු බුද්ධි අංශවල කාර්යභාරය

ඉන්දුනීසියාව අසල නාවික සැතපුම් 1,500ක් පමණ දුරින් පිහිටි යාත්‍රා පවා හඹා යාමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකි වන පරිදි ක්‍රියාකාරී බුද්ධි තොරතුරු 2007 වසරේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ලබා දෙන ලදී.

විනාශ කරන ලද ප්‍රධාන යාත්‍රා

මෙම බුද්ධි තොරතුරු මත පදනම් වූ මෙහෙයුම්වලදී විනාශ කරන ලද වැදගත් නැව් අතර පහත ඒවා ඇතුළත් වේ:

  • MV කෝෂියා (MV Koshia): 2007 සැප්තැම්බර් මාසයේදී විනාශ කරන ලදී (තුවක්කු උණ්ඩ 29,000ක් රැගෙන යමින් තිබුණි).

  • MV මත්සුෂිමා (MV Matsushima): ගුවන් යානා කොටස් සහ පතොරම් ඇතුළු ද්‍රව්‍ය රැගෙන යමින් තිබුණි.

මෙම මෙහෙයුම් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බර අවි සහ උපකරණ සැපයුම අඩාල කිරීමට තීරණාත්මක ලෙස බලපෑ අතර, එය 2008 අගභාගය වන විට ඔවුන්ගේ සටන් කිරීමේ හැකියාව සැලකිය යුතු ලෙස දුර්වල කළේය.

5 comments:

  1. Jagath Pathirana5 March 2026 at 21:59

    ඉස්ලාමය ජාතිවාදයට වරුද්ධයි.
    ඒනිසා අයතුල්ලා රෙජීමය දිගටම තිබුනොත් ඉරාන ජාතිය විනාශ වෙනවා.
    ඒ වගේම යුද්දය ඇදුනොත් ඉරානය බෝල්කනීකරණය වෙනවා.
    විසඳුම හැකි ඉක්මනින් අයතුල්ලා රෙජීමය පැරදිවීමයි.

    ReplyDelete
    Replies
    1. හැමදේම වෙන්න හොඳටයි කියල මම දැන් හිතන් ඉන්නේ . වෙන මොනව හිතන්නද

      Delete
  2. Replies
    1. අවුල්ද ? මම ඇමෙරිකාවේ පැත්ත ගන්නවාම නෙමේ , ට්‍රම්ප් කියන්නේ ඒ ඇමෙරිකාව නෙමේ . නමුත් කොමේනි සහ ට්‍රම්ප් කියන දෙන්නටම මම කැමති නැහැ .

      Delete
    2. අවුලක් නෑ, කොමේනි සහ ට්‍රම්ප් කියන දෙන්නටම මමත් කැමති නැහැ. ඒ වගේම කොමේනි කියන්නෙත් ඉරානෙ නෙමෙයි.

      Delete

ප්‍රතිචාරයට ස්තූතියි

ශූන්‍යතා සිහිනයෙන් අවදිවීම- බිණු නාගාර්ජුනගේ මතකවත 03

  පළමු ලිපිය  : ‘විසාලා මහනුවර’ උපන්  බිණු නාගාර්ජුන  (1) දෙවන ලිපිය: ආචාර්ය නාගාර්ජුනගේ තොටගමු විහාරය.  (2) ශූන්‍යතා සිහිනයෙන් අවදිවීම ‘කොත...