තක්කඩි

 



මේ  කාලේ  දැක්ක හොඳ  පින්තූර කිහිපයක්. මුල් එකේ ඉන්නේලංකාවේ ජනාධිපති එක්ක  බ්‍රසීල ජනාධිපති ලුලා.  හොඳ වාමාංශික රටට ආදරේ කරන නායකයෙක්. හැබැයි , ට්‍ර්ම්ප් එක්කත් හොඳින් ඉන්න ඕනේ ,   අනිත් ඒවල  ප්‍රංශ ජනාධිපති සහ ඉන්දීය අගමැති. ඒ වගේම චීන නායකයෝ එක්කත් හොඳින් ඉන්න ඕනේ . ජනාධිපති තුමා කතා  කලේ සිංහලෙන් .  ඒකෙ කිසි අවුලක් නැහැ .  රටේ ප්‍රධාන භාෂාවෙන් කතා කරන  එක . ඉංග්‍රීසියෙන් කතා කරන්න අවශ්‍ය නැහැ .  

නමුත් සමහර තක්කඩින්ට තියනවා වෙනත් ප්‍රශ්න 😀.  අඩි  හතක් උස සර්බියන් ජනාධිපතිට වඩා  වඩා කොට වීම.  නැත්නම් , ඒ අයි (AI ) කියන වචනය   ඇයි අයි කියල උච්චාරණය කලාලු .  මටනම් එහෙම එකක් ඇහුනේ නැහැ.  නමුත් ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. කරපු කතාවේ  වැදගත් දේවල් වත් රාජ්‍ය  නායකයෝ එයාට සලකන ආකාරය වත් නෙමෙයි .  සමහර විට ඇහේ කටු ඇනෙනවා වගේ ඇති. ඒකයි අවුල. කෙටියෙන්ම කියනවනම් කුකක කම වගේ .        

මම චැලේන්ජ් එකක් දෙනවා ව ඔය ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න අදින  අයට ඉස්සෙල්ලම තමන්ගේ වීඩියෝ එකක් මුදා හරින්න කියල ෆේස්බුක් එකට හෝ අනිත් මාධ්‍ය ජාලා වලට.  හැබැයි අපි දෙන්නම් හොඳ  ඉංග්‍රීසි පොතක් පරිච්ඡේදයක් කියවන්න .  අපි බලමු එයාලගේ උච්චාරණ කොහොමද කියල? 

මට වැඩිය හොඳට ඉංග්‍රීසි උච්ඡාරණය කරන්න බැරි  වුනත් මගේ වීඩියෝ දෙක තුනක් යු ටියුබ් එකේ තියනව. ඒ නිසා තක්කඩින්ට පුළුවන් තමන්ගේ ඒවාත්  මුදා හරින්න.

ඕක කියද්දී මට මතක් වුනා අවුරුදු විසිහයකට  කලින් වෙච්චි දෙයක්,  මම රැකියාවට ගිය අලුත. දුරකථනයෙන් ක්ලයන්ට් කෙනෙකුට කතා කරන කොට ලිපිනයේ තැනක Watford කියන වචනේ කියවුන .  මම වැට්ෆෝඩ්  කියල උච්චාරණය කලේ . a අකුර ඇ වශයෙන් අපට උගන්වන්නේ මම හිතන්නේ . මගේ ටීම් එකේ අනිත් තුන්දෙනා හිනාවුනා. ඔය මගේ ෆේස්බුක් යාලුවෝ හැටියට  දැනටත් ඉන්න තුන්දෙනෙක්.  මම කිව්වා එහනම් අයන්න හැටියට වට්ෆොඩ්  කියලද කියන්නේ කියල .  උන් තව හිනාවුනා .  ඊට පස්සේ සයිමන් කිව්වා මෝඩයෝ වොට්ෆෝඩ් කියලයි උච්චාරණය කරන්නේ කියල .  මම උන්ට කිව්වා මම මේ රටේ (එංගලන්තයේ )  ඉපදිලා නැහැනේ එහෙම දැනගන්න .  මට හොඳටම ශුවර් අනිත් පැත්තෙන් කතා කරපු කෙල්ල කිව්වේ වැට්ෆෝඩ් කියල. උන් නැහැම  කිව්වා . 

මම ඒ නම්බර් එකට ආයේ කෝල් එකක් ගත්ත . අරගෙන න් කෙල්ල ගෙන් ඇහුව මොකද්ද කිව්වේ කියල .  එයා කිව්වා වැට්ෆෝඩ් කියල .  මම කිව්වා මෙන්න මගේ ටීම් එකේ උන්  හිනා වෙනවා ඒක උච්චාරණය කරන්නේ වොට්ෆෝඩ් වශයෙන් කියල .   

කෙල්ල කිව්වා ,  ආ ඒ ගොල්ල හිතන් ඉන්නේ එයා ඉන්නේ  ලන්ඩන් වල තියන වොට්ෆෝඩ් Watford වල කියල .  නමුත් එයා ඉන්නේ නෝත්හැම්ප්ටන්ශයර් (Watford, Northamptonshire) වල තියන වැට්ෆෝඩ් කියන ගමේ කියල. ලියන්නේ එක විධිහට. නමුත් උච්ඡාරණය වෙනස්  .  ඉතිං අරුන් තුන්දෙනා මූණට මූණ බලාගෙන විරිත්තන්න ගත්ත. මම පොඩි ලෙක්චර් එකකුත් දුන්න .  කොහොමද යකෝ අපි ඕව දන්නේ කියල .  ඊට පස්සේ මට වැඩිය කට්ටිය හිනා වෙන්න ආවේ නැහැ .  මොකද මමත් උන්ට වැලි අදින්න ගත්ත ,  ඉංගිරිසි විතරයි නේ උන් දන්නේ කියල. මම උන්ගේ හොමොනිම් වලත් හිනා වෙනවා .  බැට් කියන්නේ හරියටම මොකද්ද ?  ක්‍රිකට් බැට් එකද වවුලද ?   ඩෙසට් , පාක් , රෝ වගේ වචන  කොපමණ තියෙනවද? කොච්චර දුර්වල භාෂාවක්ද ඉංග්‍රීසි කියන්නේ කියල .  

    මගේ දුවල න(ර්)සරි යනකොට ගෙදර ඇවිත් වෝහා කියනවා .  වතුර water වලට .  මම ගුරුතුමී ගෙන් ඇහුව.  බලනකොට එඩ්මන්ටන් ,  සෙවන් සිස්ට( ර්)ස් වගේ පළාත් වල කැරිබියන් අය එහෙම කියන්නේ. මම කිව්වා කරුණාකරලා වෝට කියන්න පුරුදු කරන්න කියල .  පස්ස එකාලෙක ක මම උච්චාරණ වැරැද්දුවොත් ළමයි හදනව.       

ඇත්තම කියනවනම් මේ තක්කඩින්ට ගහන්න දෙයක් නැහැ .  ඒ තරම්ම අනාථයි . ඉතින් පොඩි කෑලි හොයනවා. ඒක  නෙමේ . මිට පස්සේ උඹල ඉංග්‍රීසි කතා කරන  වීඩියෝ දාපල්ලා ඉස්සෙල්ලම .  අපටත් බලා ගන්න . 

 හරි 






11 comments:

  1. අනුර කලේ හොඳ නුවනක්කාර වැඩක්( හඳුන්නෙත්ති නාඩගම මතකද?). බොහෝ රටවල නායකයො තමන් ගෙ බාසාවෙන් තමයි කතා කරන්නෙ. ඉංග්‍රීසී= IQ කියල හිතන්නෙ යටත්විජිත වහල්ලු. අර සජිත් එහෙමත්, අද භාවිතයේ නැති බරපතල ඉංග්‍රීසී වචන ඔබලා මෝඩ කතන්දර නිසා චා වුනා නේද?

    හැබැයි ඔය ඉන්දියන් AI නාඩගම එහෙම්පිටින් බොරු ෂෝ එකක්. ලංකාවෙත් AI එහෙමත් "නැනෝ තාක්ෂණේ" වගේම, මහජන සල්ලි කන- ප්‍රතිඵල නැති තොයිලයක් වේවි.

    ඒ අතර මේ වගේ සැබෑ මිණිකැට යට යනවා, ගොමරිටි උඩ එනවා.
    https://www.youtube.com/watch?v=bOtjlhwEffo

    ReplyDelete
    Replies
    1. කවදාහරි චීන්නු ඔය පැත්තෙන් උඩට ඒවි. මගේ ඒ ගැන අකමැත්තක් නෑ, මම ලෝක දේශපාලන-තාක්ෂණ බල සමතුලිතතාවයට කැමතියි,අද ඇමරිකාවෙ "ෂිට් ෂෝ" දිහා බැලුවාම.

      Delete
    2. චීන්නු දැනටමත් සෑහෙන්න උඩ ඉන්නේ . එංගලන්තේ ටිකක් පරක්කුයි නමුත් කැචින් අප් .

      Delete
    3. ලින්ක් එකට ස්තුති . ඉංග්‍රීසි =IQ කියල හිතන් මොල්ලු තමා ඕව ලියන්නෙත් . ඉන්දියාව කලේ කන්ටක්‌ට් හදපු එක එතන . ඉදිරිය බලා . ඉන්දියන් කාරයෝ මෝඩ නැහැ

      Delete
  2. ලංකාවේ අපිට ඉංග්‍රිසි අවශ්‍ය වෙලා තියෙන්නේ දෙමළ මධ්‍යමපන්තික ජාතිවාදය නිසා. ඉන්දියාවෙදිත් හින්දි භාෂාවට විරුද්ධ ප්‍රධාන බලවේගය දෙමෙල්ලු.
    ඒ අනුව දෙමළු යනු ඉංග්‍රිසි භාෂාවේ මුර බල්ලෝ විදියට සලකන්න පුලුවන්.

    ඉන්දියාවට තියෙන ලොකුම දුරුවලකමත් ජාතික භාෂාවක් නොමැතිවිම විදියට සලකන්න වෙනවා. මම අනුර වුනා නම් ඉංග්‍රිසි සිංහලටහරවන කෘතිම බුද්ධි මෘදුකාංග හදන්න නියම කරනවා.

    කෘතිම බුද්ධීය නිසා භාෂා ප්‍රශ්න විසඳෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රිසි සිංහලටහරවන කෘතිම බුද්ධි මෘදුකාංග - ඔය තියෙන්නේ

      Delete
  3. original ඉංග්‍රීසි කතා කරන ඉංග්‍රීසි ජාතිකයින්ට, modified english කතා කරන ඇමරිකන්කාරයින්ට, ඔස්ට්‍රේලියන්කාරයින්ට නිව් සීලන්ඩ්කාරයින්ට නැති ප්‍රශ්න තමයි ලංකාවේ බයියන්ට තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක හරි . උන්ටවත් ඕක ප්‍රශ්නයක් නෙමේ . අනික ඕස්ට්‍රේලියන් ඇක්සෙන්ට් ක හෙම ලන්ඩන් එකට වඩා වෙනස් . බයියන් ඒවාට මොනවා කියන්වද මන්ද ? මේ ආණ්ඩුවේ ප්‍රශ්න තියනවා . හැබැයි ඒවා ගැන විවේචන නැතිව මේ වගේ බල දේවල් ඇදන් යන්නේ ඇයි කියන එක ප්‍රෙහෙලිකාවක්

      Delete
  4. හුටපට වෙනව එක පිටටම එක දිගට
    කොයි දේ වුණත් හරවතහැකි කණපිටට
    එව්වා කියන්නත් තැන් ඇත ඕසේට
    රට්ටු කැමති රස වෑහෙන බොරුවලට

    ReplyDelete

ප්‍රතිචාරයට ස්තූතියි

ශූන්‍යතා සිහිනයෙන් අවදිවීම- බිණු නාගාර්ජුනගේ මතකවත 03

  පළමු ලිපිය  : ‘විසාලා මහනුවර’ උපන්  බිණු නාගාර්ජුන  (1) දෙවන ලිපිය: ආචාර්ය නාගාර්ජුනගේ තොටගමු විහාරය.  (2) ශූන්‍යතා සිහිනයෙන් අවදිවීම ‘කොත...