අදහස් ප්‍රකාශනයේ මර්දනීය දේශපාලන සංස්කෘතියට එරෙහිව

 





2026 මාර්තු මස දීපචෙල්වන්ගේ පොත් තොගයක් ශ්රී ලංකා රේගුව මගින් රදවා තබා ගැනීමේ ගැටලුව නිරාකරණය කිරීම පිළිබද සංස්කෘතික අමාත්යවරයා ඍජුව මැදිහත්ව සිටින බවද එය සාමාන්ය රේගු ක්රියාවලියක් බවටද පසු ගියදා සමාජ මාධ්යය හරහා අදහස් සංසරණය විය. එහිදී ඇතැම් පාර්ශ්ව කියා සිටියේ රේගුව අනුගමනය කරන මේ සාමාන්ය ක්රියාවලිය පිළිබද දීපචෙල්වන්ට නිසි ලෙස ඔහුගේ නියෝජිතයා සංනිවේදනය කර නොමැති නිසා සංනිවේදන දුබලතාවක් මත ඇතිවූ මේ ගැටලුව ඇතමුන් වාර්ගික හා දේශපාලන මුහුණු වරක් ආරෝපණය කිරීමට වෑයම් කිරීමට උත්සාහ දරණ බවයි.

මේ සාවද්ය අදහස් පළ කිරීම් වලින් ඔබ්බේ දීපචෙල්වන්ගේ පොත් රදවා ගැනීමේ ඇති සිංහල අධිපතිවාදී පටු වාර්ගික සංස්කෘතික දේශපාලන දෘෂ්ටිය හා දේශපාලන ක්රියාවලිය අප මුල සිට වටහා ගත් නිසාම ඔහුගේ සිතීමේ හා අදහස් පළ කිරීමේ අයිතිය වෙනුවෙන් දකුණේ දේශපාලනිකව සබුද්ධික හා මානවහිතවාදී අතලොස්සක් මෙයට එරෙහිව හඩ නැංවූහ.
උතුරේ අයිතිවාසිකම් ගොඩ නැංවීමට හා වාර්ගික සුහදත්වය ගොඩ නැංවීමට ක්රියා කරන බවට දේශපාලනිකව ප්රතිඥා දුන් ජාතික ජන බලවේග රජයේ ඉහළ දේශපාලන අධිකාරිය අමතමින් මා දීපචෙල්වන්ගේ සිතීමේ හා අදහස් ප්රකාශනයේ ඇති අයිතිය වහාම තහවුරු කරමින් උතුරේ ජනයාගේ පීඩනයේ හඩ නියෝජනය කරන දීපචෙල්වන්ගේ කෘතීන් කඩිනමින් නිදහස් කරන ලෙස ද එසේ නොවන්නේ නම් විරෝධය පෑමේ හා යුක්තිය ඉල්ලා ඉදිරි පියවර ගැනීමට යොමුවන බව ද දන්වා සිටියෙමි.
එහිදී මා වෙත දැනුම් දුන්නේ රජයේ පාර්ශ්වයෙන් මෙහි ගැටලුවක් නොමැති බවත් ජනාධිපති අනුර සහෝදරයා පවා මේ කෘති නිදහස් කරන ලෙස දන්වා ඇති බවත් නිලධර තන්ත්රයේ යම් ගැටලු සහගත තත්වයක් මත මෙය නිදහස් කිරීම පමාව ඇති නමුත් ඉදිරි දින කිහිපය තුළ මේ පොත් තොගය නිදහස් කිරීමට අවශ්ය පියවර ගන්නා බවත් ය.
එහිදී මා පිළිතුරු ලෙස ඉදිරියේදී නැවත කිසිදු ලාංකිකයෙකුට මෙවන් අපහසුතාවකට පත් නොවන සේ ආංඩුක්රම ව්යවස්ථාවෙන් ලද අදහස් ප්රකාශනයේ අයිතිය සුරක්ෂා වෙන අයුරින් සියලු ආයතන හා බල අධිකාරින්හි දැනට පවතින යල් පැන ගිය නීති රීති හා ක්රියාපටිපාටීන් සංශෝධනයට අවශ්ය පියවර ගන්නා මෙන්ද දීපචෙල්වන්ගේ කෘති පරිශීලනය කරමින් එහි අරුත් වටහා ගන්නා මෙන්ද ඉල්ලා සිටියෙමි.
එහෙත් 2026 අප්රේල් මස 10 වන දින දීපචෙල්වන් වෙත සංස්කෘතික අමාත්යංශයෙන් යොමු කළ ලිපියක් මගින් ඔහුගේ නිර්මාණ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සාකච්ජා කිරීමට 26 අප්රේල් 17වන දින දවල් 2ට කිලිනොච්චියෙ පදිංචිව සිටින මෙම ලේඛකයා සංස්කෘතික අමාත්යංශය වෙත කැදවනු ලැබීම පිළිබද දැඩි අප්රසාදය හා විරෝධය පළ කර සිටිමි.
රජය පිළිගෙන ඇති ජාත්යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතෙහි 19වන වගන්තිය යටතේ මත දැරීමේ,අදහස් ප්රකාශ කිරීමේ හා තොරතොරු ලබා ගැනීමේ නිදහසට ඇති අයිතිය නීර්ණය කරයි. බාධා කිරීම්,ඇගිලි ගැසීම් යනාදියෙන් තොරව ඕනෑම මතයක් දැරීමට පුද්ගලයකුට ඇති පරම අයිතිය එහි 1වන ජේදයෙන් දැඩිව ප්රකාශ කරයි."මෙම අයිතිය මොනම තත්වයක් යටතේ හෝ සීමාවකට බදුන් කළ නොහැකිය" යනුවෙන් එහි දැක්වේ.
නිර්මාණකරුවෙකුගේ සිතීමේ හා අදහස් ප්රකාශනයේ අයිතිය,එය සමාජය සමග බෙදා ගැනීමේ අයිතිය කිසිවකුට හෝ කිසිදු අධිකාරියකට බාධා කළ නොහැකි, විනිශ්චය කළ නොහැකි නෛසර්ගික ස්වභාවික අයිතියකි. ඒ අයිතිය තහවුරු කර ගැනීම වෙනුවෙන් පැවති මර්දිත රජයන් සමග අප දශක ගණනාවක් අඛණ්ඩව ලාංකික දේශපාලන සංදර්භය තුළ අරගල කර ඇත්තෙමු. ඇතැම් මාධ්යවේදීන් ජීවිත පරිත්යාගයෙන් සිරගත වීමෙන් විවිධාකාර හිංසා පීඩාවන්ට මුහුණ දීමෙන් පවා මේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි බවද ඔවුනට ප්රණාමය පුදමින් සිහිපත් කරමි.
ශිෂ්ට සම්පන්න මානවීය දේශපාලන සංස්කෘතියක් ගොඩ නැංවීම අපේක්ෂා කරන්නේ නම් ඒ සදහා දෘෂ්ටිමය වශයෙන් අගතීන්ගෙන් හා ආධිපත්යය මතධාරාවන්ගෙන් බැහැර වීම, ප්රායෝගිකව අභ්යාස කිරීම සදහා මැදිහත්වීම,අවදානම් හා අභියෝගයන්ට මුහුණ දෙමින් ඒ අභියෝග කළමනාකරණයටද නව ක්රමවේද උපාය මාර්ග හදුනා ගත යුතුය.
නොඑසේව වත්මන් රජයද පසුගිය වාර්ගික මර්දනයේම දේශපාලන සංස්කෘතික දිගුවක් පවත්වා ගෙන යාම අපි තරයේ ප්රතික්ෂේප කරන්නෙමු.
වාර්ගික සුහදත්වය ගොඩ නැංවීම යනු උතුරට ගොස් දෙමළ වැසියන් බදා සිප ගෙන සෙල්ෆි ඡායාරූප ගනිමින් මාධ්යය සංදර්ශන දැක්වීම නොව අතිශයින් මර්දිත පීඩිත ජනතාවකගේ හඩට ඇහුම්කන් දීම, සංවේදී වීම හා ඔවුනගේ බිද දැමූ, යටපත් කරනු ලැබූ,අහිමි කරනු ලැබූ දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික අයිතීන් යලි ගොඩ නංවා සුරක්ෂිත කිරීම බව ජාතික ජන බලවේගයේ පාලකයන්ට අවධාරණය කරනු කැමැත්තෙමි.
ජනාධිපති අනුර දිසානායක "අප යුධ ගර්භාෂයක හැදී වැඩී පීඩනයට පත්වූවන් ,නැවත එවන් පීඩනයක් මේ භූමිය තුළ ඇති වීමට කිසිසේත් ඉඩ නොදෙන බව" මැතිවරණ වේදිකාවන්හි කළ ආකර්ශනීය වදන් සදහා සැබෑ දේශපාලන අරුතක් එක් කර එය අපගේ ලාංකික භූමිය තුළ යථාර්ථයක් බවට පත් කළ හැක්කේ ඔවුන්ද ඇතුලු බතරක් ලාංකිකයන් පාර්ශ්වකරුවන් වූ වාර්ගික අධිපතිවාදී සැහැසි ජාතිවාදී දේශපාලන මනෝභාවයන්ගෙන් පූර්ණ ලෙස අත් මිදී දේශපාලනික මානවීය දෘෂ්ටියකින් උතුරේ වැසියන්ගේ අයිතීන් පිළි ගැනීම හා ඒ අයිතීන් තහවුරු කිරීමට සැබෑ ලෙසම මැදිහත් වීම තුළින් පමණි.
දශක දෙකකට ආසන්න කාලයක් උතුරේ වැසියන්ගේ පීඩනයට එරෙහිව ඔවුනගේ දේශපාලන ආර්ථික හා සංස්කෘතික අයිතීන් ගොඩ නැංවීම වෙනුවෙන් ඉතාමත් පුලුල් දේශපාලන දෘෂ්ටියක සිට උතුරේ මානවීය හඩ නියෝජනය කරමින් නිර්මාණකරණයේ යෙදෙන දීපචෙල්වන්ගේ අදහස් ප්රකාශනය බෙහෙවින් විශිෂ්ටය.එය ලාංකිකත්වය ඉක්මවමින් විශ්වීය සිතා බැලීමක් දක්වා දිගුවන දේශපාලන සංවාදයකි.
දීපචෙල්වන් යනු දමිළ වාර්ගිකත්වයෙහි.. දේශපාලන සංස්කෘතියෙහි.. ප්රකාශනයෙහි වත්මන් ප්රභල හඩක් හා සංකේතයකි.
එහෙයින් දීපචෙල්වන්ගේ හඩ යටපත් කිරීමට ඔහුගේ අදහස් වාරණය කිරීමට තැත් දැරීම සමස්ත දෙමළ ප්රජාවක හඩ යටපත් කිරීමට හා වාරණයේ සංකේතයක් බව රජය හා සිංහල ජන සමාජය දේශපාලනිකව අවබෝධ කර ගත යුතුය. උතුරේ ප්රජාවගේ හඩ යටපත් කිරීම හරහා පසුගිය අතීත දේශපාලනය තුළ අත් විදි ඛේදනීය සමාජ දේශපාලන පුපුරා යෑම පිළිබද මතකය අප කිසිවෙකුත් අමතක නොකළ යුතුය.එසේ එක් ජනවර්ගයක හඩ යටපත් කිරීමට තවත් ජනවර්ගයකට දේශපාලන හා මානවීය සදාචාරාත්මක අයිතියක් නැති බව ද මර්දිතයන් හෝ වාරණකරුවන් හා එබදු මර්දනයන් වාරණයන් ඉල්ලා සිටින ජාතිවාදී මනෝභාවයන් ගෙන් යුතු සියලු දෙනා 21වන සියවසේ දෙවන කාර්තුවේදී හෝ ගැඹුරු ලෙස අවබෝධ කර ගත යුතුය.
වාර්ගික ප්රචණ්ඩත්වයේ කෲරත්වය විදහාලමින් දීපචෙල්වන් වෑයම් කරනුයේ නැවත එවන් ප්රචණ්ඩත්වක් හට නොගන්නා මානවීය ශිෂ්ට සම්පන්න දේශපාලනයක් ලාංකික දේශපාලනය තුළ ගොඩ නැංවීමයි.
ඒ සදහා ඔහු දකුණේ දේශපාලනයේ සැබෑ සහයෝගය අපේක්ෂා කරයි.
එය 1971 හා 1987-90 කාලපරිච්ඡේදයන් පසුබිම් කරගෙන රාජ්ය හා හමුදා මර්දනයට එරෙහිව සිය අද්දැකීම් ප්රති නිර්මාණය කරන දකුණේ සිංහල ජනවර්ගයට සේම තමා මුහුණ දුන් රාජ්ය හා හමුදා ප්රචණ්ඩත්වය නිර්මාණාත්මකව සංවාදයට ගැනීමට දෙමළ පුරවැසියෙකුට ඇති සමාන අයිතියකි.එසේම එය ලොව කවර දේශයක හෝ කාලයක යුධමය ප්රචණ්ඩත්වට එරෙහිව සිය අනුභූතීන් හරහා අදහස් ප්රකාශනයේ ඕනෑම් මානවයකුට ඇති නිදහස් අයිතිය හා සම වේ.එය ශ්රී ලංකා ආංඩුක්රම ව්යවස්ථාවෙන් හා ජාත්යන්තර සිවිල් හා දේශපාලන සම්මුතිය මගින් තහවුරු කර ඇත්තා වූ කිසිවෙකු විසින් බාධා කළ නොහැකි සිතීමේ හා මානවීය ප්රකාශනයේ පුරවැසි අයිතියකි.
අනුෂා සිවලිංගම් විසින් විශිෂ්ට ලෙස සිංහලට පරිවර්තනය කළ "රාත්රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන" ,ජී .ජී.සරත් ආනන්ද පරිවර්තනය කළ "ස්මාරක ශිලාවත" හා "භයංකරවාදියා" යන දීපචෙල්වන්ගේ කෘතීන් සමස්ත ලාංකිකයන් විසින් කියවා ගනිමින් එහි අරුත් වටහා ගනිමින් මනුෂ්යත්වයට එරෙහි සිය ම්ලේච්ජ වාර්ගික මනෝභාවයන් පිළිබද ගැඹුරු සිතා බැලීමකට දෘෂ්ටිමය යා කිරීමක් කරනු ලබන, යුධමය කාලයක් අවකාශයක් මානුෂිකත්වයෙන් ග්රහණය කර ගන්නා විශිෂ්ට ප්රකාශනයන් ය.
ජාතීවාදී පටු උමතු මනෝභාවයන්ගෙන් මිදී සැබෑ සහෝදරත්වයක් කරා ලාංකිකයන් පෙළ ගස්සන්නා වූ මේ ප්රකාශයන් රදවා තබා ගැනීම,වාරණය කිරීම මර්දනය කිරීම හා නිර්මාණකරුවා මානසික හිංසනයට ලක් කිරීම හෝ ඔහුට හිරිහැර කිරීම නොව මේ නිර්මාණ සමාජගත කරමින් නිදහස් සංවාදයකට ලක් කිරීම සබුද්ධික දේශපාලන සංදර්භයක සිදු විය යුත්තකි.
ඔහුගේ මතවාදය සම්බන්ධයෙන් කිසිවෙකුට හෝ කිසියම් පාර්ශවකට එකගතාවක් නැති නම් හෝ ගැටලුවක් ඇත්නම් ඒ සමග මතවාදීව සංවාද කරනු විනා දමිළ ජනයාගේ හඩ යටපත් කළ අතීත මුග්ධ හා සැහැසි හා විනාශකාරී ප්රතිපත්තීන් ඉදිරියට රැගෙන නොයන මෙන් අදාල දේශපාලන පාර්ශ්වයන්ට හා නිලධාරීන්ට දැඩිව අවධාරණය කරන්නෙමු.
දීපචෙල්වන්ගේ අදහස් ප්රකාශනයේ නිදහස රාජ්යය තුළ දේශපාලනික ඉල්ලීම් හරහා දිනාගත නොහැකි නම් ඔහුගේ හා සමස්ත ලාංකිකයන්ගේ අදහස් , වාරණයෙන් හා මර්දනයෙන් තොරව ප්රකාශනයේ අයිතිය සදහා නෛතික වශයෙන් යුක්තිය උරගා බැලීම සඳහා අප ඉදිරිපත් වන බවද අවධාරණය කරන්නෙමු.
ඒ සදහා අප සමග අත්වැල් බැද ගන්නා මෙන්ද උතුරේ හා දකුණේ නිර්මාණකරුවන්ගෙන් මාධ්යවේදීන්ගෙන්,මානවහිමිකම්වේදීන් හා සිවිල් ක්රියාධරයන්ගෙන් හා දීපචෙල්වන්ගේ පාඨකයන්ගෙන් හා සමස්ත ලාංකික සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි.
---තිලිනා වීරසිංහ---
---2026 අප්රේල් 12---
----கருத்துச் சுதந்திரத்திற்கு எதிரான அடக்குமுறை அரசியல் கலாச்சாரத்திற்கு எதிராக---------
2026 மார்ச் மாதம் தீபச்செல்வனின் புத்தகத் தொகுதியை இலங்கை சுங்கப் பிரிவினர் தடுத்து வைத்த விவகாரத்தில் கலாசார அமைச்சர் நேரடியாகத் தலையிட்டுள்ளதாகவும், இது ஒரு சாதாரண சுங்க நடைமுறை எனவும் அண்மையில் சமூக வலைதளங்களில் கருத்துக்கள் பரப்பப்பட்டன. சுங்கப் பிரிவினர் பின்பற்றும் இந்தச் சாதாரண நடைமுறை குறித்து தீபச்செல்வனுக்கு அவரது முகவர் சரியாகத் தெரிவிக்காததால் ஏற்பட்ட தொடர்பாடல் இடைவெளியையே சிலர் இனவாத மற்றும் அரசியல் ரீதியாகச் சித்தரிக்க முயற்சிப்பதாகவும் சில தரப்பினர் வாதிட்டனர்.
இவ்வாறான தவறான கருத்துக்களுக்கு அப்பால், தீபச்செல்வனின் புத்தகங்கள் தடுத்து வைக்கப்பட்டதன் பின்னால் உள்ள சிங்கள மேலாதிக்கவாத, குறுகிய இனவாத கலாச்சார அரசியல் நோக்கத்தையும் அதன் பின்னணியையும் நாம் ஆரம்பத்திலிருந்தே புரிந்து கொண்டோம். அதனால்தான், அவரது சிந்தனை மற்றும் கருத்துச் சுதந்திரத்திற்காக தெற்கைச் சேர்ந்த அரசியல் ரீதியாக விழிப்புணர்வுள்ள மற்றும் மனிதாபிமானமிக்க ஒரு சிறு குழுவினர் இதற்கு எதிராகக் குரல் கொடுத்தனர்.
வடக்கின் உரிமைகளை மேம்படுத்துவதாகவும் இன நல்லுறவை கட்டியெழுப்புவதாகவும் அரசியல் ரீதியாக உறுதியளித்த தேசிய மக்கள் சக்தி அரசாங்கத்தின் உயர் மட்டத்தினரைத் தொடர்புகொண்ட நான், தீபச்செல்வனின் சிந்தனை மற்றும் கருத்துச் சுதந்திரத்தை உடனடியாக உறுதிப்படுத்துமாறு கேட்டுக்கொண்டேன். வடக்கின் மக்களின் வலிகளைப் பிரதிபலிக்கும் தீபச்செல்வனின் படைப்புகளை உடனடியாக விடுவிக்குமாறும், இல்லையெனில் நீதி கோரி போராட்டங்களை முன்னெடுக்க நேரிடும் என்றும் தெரிவித்திருந்தேன்.
இதன்போது, அரசாங்கத் தரப்பில் எவ்விதப் பிரச்சினையும் இல்லை என்றும், ஜனாதிபதி தோழர் அநுர அவர்களே இந்தப் புத்தகங்களை விடுவிக்குமாறு அறிவித்துள்ளதாகவும் எனக்குத் தெரிவிக்கப்பட்டது. உத்தியோகபூர்வ நடைமுறைச் சிக்கல்களால் இது தாமதமடைந்துள்ள போதிலும், அடுத்த சில நாட்களில் புத்தகங்களை விடுவிக்கத் தேவையான நடவடிக்கைகள் எடுக்கப்படும் என உறுதியளிக்கப்பட்டது.
இதற்குப் பதிலளித்த நான், எதிர்காலத்தில் எந்தவொரு இலங்கையரும் இவ்வாறான அசௌகரியங்களுக்கு உள்ளாகாத வகையில், அரசியலமைப்பால் வழங்கப்பட்டுள்ள கருத்துச் சுதந்திரத்தைப் பாதுகாக்கும் பொருட்டு, அனைத்து நிறுவனங்களிலும் அதிகார சபைகளிலும் உள்ள காலாவதியான சட்டவிதிகளையும் நடைமுறைகளையும் திருத்த நடவடிக்கை எடுக்குமாறும், தீபச்செல்வனின் படைப்புகளை வாசித்து அதன் பொருளைப் புரிந்துகொள்ளுமாறும் கேட்டுக்கொண்டேன்.
இருப்பினும், 2026 ஏப்ரல் 10 ஆம் திகதி கலாசார அமைச்சினால் தீபச்செல்வனுக்கு அனுப்பப்பட்ட கடிதத்தின் மூலம், அவரது படைப்புகள் தொடர்பான சிக்கல்களைக் கலந்துரையாட ஏப்ரல் 17 ஆம் திகதி மதியம் 2 மணிக்கு கிளிநொச்சியில் வசிக்கும் இந்த எழுத்தாளரை கொழும்பில் உள்ள அமைச்சிற்கு அழைத்துள்ளமைக்கு எனது கடும் கண்டனத்தையும் எதிர்ப்பையும் தெரிவித்துக் கொள்கின்றேன்.
அரசாங்கம் ஏற்றுக்கொண்டுள்ள சர்வதேச சிவில் மற்றும் அரசியல் உரிமைகள் உடன்படிக்கையின் (ICCPR) 19வது பிரிவின் கீழ், கருத்துக்களைக் கொண்டிருப்பதற்கும், அவற்றை வெளிப்படுத்துவதற்கும், தகவல்களைப் பெறுவதற்குமான உரிமை உறுதி செய்யப்பட்டுள்ளது. எவ்விதத் தடையுமின்றி எந்தவொரு கருத்தையும் கொண்டிருக்க ஒரு தனிமனிதனுக்கு உள்ள முழுமையான உரிமையை அதன் முதலாவது பந்தி வலியுறுத்துகிறது. "இந்த உரிமையை எக்காரணம் கொண்டும் கட்டுப்படுத்த முடியாது" என்று அதில் குறிப்பிடப்பட்டுள்ளது.
ஒரு படைப்பாளியின் சிந்தனை மற்றும் கருத்துச் சுதந்திரம், அதனைச் சமூகத்துடன் பகிர்ந்து கொள்ளும் உரிமை என்பன எவராலும் அல்லது எந்தவொரு அதிகார அமைப்பாலும் தடுக்கப்பட முடியாத, தீர்மானிக்கப்பட முடியாத இயல்பான உரிமையாகும். அந்த உரிமையை உறுதிப்படுத்துவதற்காக இலங்கையின் அரசியல் சூழலில் கடந்த பல தசாப்தங்களாக அடக்குமுறை அரசாங்கங்களுக்கு எதிராக நாம் தொடர்ந்து போராடியுள்ளோம். சில ஊடகவியலாளர்கள் உயிரிழப்புகளைச் சந்தித்தனர், சிறை சென்றனர், பல்வேறு சித்திரவதைகளை எதிர்கொண்டனர். அந்த உரிமையைப் பாதுகாப்பதற்காக நின்ற அவர்களை நன்றியுடன் நினைவுகூர்கின்றேன்.
நாகரீகமான மனிதாபிமான அரசியல் கலாசாரத்தை உருவாக்க வேண்டுமாயின், அதற்கு சித்தாந்த ரீதியான தப்பெண்ணங்கள் மற்றும் மேலாதிக்க மனோபாவங்களிலிருந்து விடுபட வேண்டும். நடைமுறைச் சவால்களை எதிர்கொண்டு அவற்றை முகாமைத்துவம் செய்வதற்கான புதிய உத்திகளைக் கண்டறிய வேண்டும். அவ்வாறன்றி, கடந்த கால இனவாத அடக்குமுறையின் அரசியல் கலாசாரத் தொடர்ச்சியை முன்னெடுத்துச் செல்வதை நாம் வன்மையாக நிராகரிக்கின்றோம்.
இன நல்லுறவைக் கட்டியெழுப்புவது என்பது வடக்குக்குச் சென்று தமிழ் மக்களைக் கட்டிப்பிடித்து முத்தமிட்டு, 'செல்பி' எடுத்து ஊடகக் காட்சிகளை நடத்துவது அல்ல. மாறாக, மிக மோசமாக ஒடுக்கப்பட்ட மக்களின் குரலுக்குச் செவிசாய்ப்பதும், அவர்கள் இழந்த மற்றும் நசுக்கப்பட்ட அரசியல், சமூக, பொருளாதார மற்றும் கலாச்சார உரிமைகளை மீண்டும் நிலைநிறுத்திப் பாதுகாப்பதே ஆகும் என்பதை தேசிய மக்கள் சக்தியின் ஆட்சியாளர்களுக்கு வலியுறுத்த விரும்புகின்றேன்.
"நாம் ஒரு போர்க் கருப்பையிலேயே வளர்ந்து பாதிக்கப்பட்டவர்கள், மீண்டும் அவ்வாறானதொரு சூழல் இந்த மண்ணில் உருவாக இடமளிக்க மாட்டோம்" என்று ஜனாதிபதி அநுர திஸாநாயக்க தேர்தல் மேடைகளில் கூறிய கவர்ச்சிகரமான வார்த்தைகளுக்கு உண்மையான அரசியல் அர்த்தத்தைச் சேர்க்க வேண்டுமாயின், அவர்கள் உட்பட அனைத்து இலங்கையர்களும் தங்களுக்குள் ஊறிப்போயுள்ள இன மேலாதிக்கவாத, கொடூர இனவாத மனோபாவங்களிலிருந்து முழுமையாக விடுபட வேண்டும். மனிதாபிமான நோக்கில் வடக்கின் மக்களின் உரிமைகளை ஏற்றுக்கொண்டு, அவற்றை உறுதிப்படுத்த உண்மையாகத் தலையிட வேண்டும்.
கடந்த இரு தசாப்தங்களாக வடக்கின் மக்களின் ஒடுக்குமுறைக்கு எதிராக, அவர்களின் அரசியல், பொருளாதார மற்றும் கலாச்சார உரிமைகளுக்காக மிகவும் விரிவான அரசியல் பார்வையிலிருந்து வடக்கின் குரலைப் பிரதிநிதித்துவப்படுத்தி படைப்புகளை உருவாக்கி வரும் தீபச்செல்வனின் கருத்து வெளிப்பாடுகள் மிகவும் பாராட்டுக்குரியவை. இது இலங்கையையும் தாண்டி ஒரு உலகளாவிய சிந்தனையை நோக்கிய அரசியல் உரையாடலாகும். தீபச்செல்வன் என்பவர் தமிழ் இனத்தின், அரசியலின் மற்றும் பண்பாட்டு வெளிப்பாட்டின் ஒரு வலிமையான குரலாகவும் அடையாளமாகவும் திகழ்கின்றார்.
எனவே, தீபச்செல்வனின் குரலை ஒடுக்க முயற்சிப்பதும், அவரது கருத்துக்களைத் தணிக்கை செய்ய முயல்வதும் ஒட்டுமொத்த தமிழ் சமூகத்தின் குரலை ஒடுக்குவதன் அடையாளமாகும் என்பதை அரசாங்கமும் சிங்கள சமூகமும் அரசியல் ரீதியாகப் புரிந்து கொள்ள வேண்டும். வடக்கின் மக்களின் குரலை நசுக்கியதன் மூலம் கடந்த கால அரசியலில் நாம் சந்தித்த துயரமான சமூக அரசியல் வெடிப்புகளை எவரும் மறந்துவிடக் கூடாது. ஒரு இனத்தின் குரலை ஒடுக்க இன்னொரு இனத்திற்கு அரசியல் ரீதியாகவோ மனிதாபிமான ரீதியாகவோ எந்த உரிமையும் இல்லை என்பதை ஒடுக்குமுறையாளர்களும், அத்தகைய தணிக்கைகளைக் கோரும் இனவாத மனோபாவம் கொண்டவர்களும் இந்த 21 ஆம் நூற்றாண்டிலாவது ஆழமாகப் புரிந்து கொள்ள வேண்டும்.
இன வன்முறையின் கொடூரத்தை வெளிப்படுத்துவதன் மூலம், மீண்டும் அத்தகைய வன்முறை ஏற்படாத ஒரு நாகரீகமான அரசியல் கலாசாரத்தை இலங்கையில் உருவாக்குவதையே தீபச்செல்வன் முயற்சிக்கின்றார். அதற்காக அவர் தெற்கின் அரசியலில் இருந்து உண்மையான ஒத்துழைப்பை எதிர்பார்க்கின்றார். 1971 மற்றும் 1987-90 காலப்பகுதிகளில் அரச மற்றும் இராணுவ அடக்குமுறைகளுக்கு எதிராகத் தங்களது அனுபவங்களை மீள் உருவாக்கம் செய்யும் தெற்கின் சிங்கள சமூகத்திற்கு இருக்கும் அதே உரிமை, தான் எதிர்கொண்ட வன்முறைகளை ஆக்கபூர்வமாக உரையாடலுக்கு உட்படுத்தும் ஒரு தமிழ் குடிமகனுக்கும் உண்டு. இது உலகின் எந்தவொரு நாட்டிலும் அல்லது எந்தக் காலத்திலும் போர் வன்முறைக்கு எதிராகத் தனது அனுபவங்கள் ஊடாகக் கருத்துத் தெரிவிக்கும் ஒவ்வொரு மனிதனுக்குமான சுதந்திரமாகும். இது இலங்கை அரசியலமைப்பின் மூலமும் சர்வதேச சிவில் மற்றும் அரசியல் உடன்படிக்கையின் மூலமும் உறுதிப்படுத்தப்பட்ட, யாராலும் தடுக்க முடியாத ஒரு பிரஜையின் அடிப்படை உரிமையாகும்.
அனுஷா சிவலிங்கம் அவர்களால் மிகச் சிறப்பாகச் சிங்களத்திற்கு மொழிபெயர்க்கப்பட்ட "இரவின் மீது அமர்ந்திருக்கும் ஒரு சிவப்புப் பறவை" (ராත්රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන), ஜி.ஜி. சரத் ஆனந்த அவர்களால் மொழிபெயர்க்கப்பட்ட "நடுகல்" (ස්මාරක ශිලාවත) மற்றும் "பயங்கரவாதி" (භයංකරවාදියා) ஆகிய தீபச்செல்வனின் நூல்கள் அனைத்து இலங்கையர்களாலும் வாசிக்கப்பட வேண்டியவை. இவை மனிதாபிமானத்திற்கு எதிரான கொடூர இனவாத மனோபாவங்கள் குறித்து ஆழமாகச் சிந்திக்க வைக்கும் சிறந்த படைப்புகளாகும்.
இனவாதக் குறுகிய மனோபாவங்களிலிருந்து விடுபட்டு, உண்மையான சகோதரத்துவத்தை நோக்கி இலங்கையர்களை அணிதிரட்டும் இவ்வாறான படைப்புகளைத் தடுத்து வைப்பதோ, தணிக்கை செய்வதோ, படைப்பாளியை மன உளைச்சலுக்கு ஆளாக்குவதோ அல்லாமல், இப் படைப்புகளைச் சமூகமயப்படுத்தி ஒரு சுதந்திரமான உரையாடலுக்கு உட்படுத்துவதே அறிவுபூர்வமான அரசியலில் நிகழ வேண்டிய ஒன்றாகும்.
அவரது கருத்தியல் தொடர்பில் எவருக்கேனும் அல்லது ஏதேனும் ஒரு தரப்பினருக்கு உடன்பாடு இல்லையெனில், அதனுடன் கருத்தியல் ரீதியாக உரையாட வேண்டுமே தவிர, தமிழ் மக்களின் குரலை நசுக்கிய கடந்த கால அறிவற்ற மற்றும் அழிவுகரமான கொள்கைகளை முன்னெடுத்துச் செல்ல வேண்டாம் என்று சம்பந்தப்பட்ட அரசியல் தரப்பினரிடமும் அதிகாரிகளிடமும் மிகத் தெளிவாக வலியுறுத்துகின்றோம்.
தீபச்செல்வனின் கருத்துச் சுதந்திரத்தை அரசாங்கத்திடம் அரசியல் கோரிக்கைகள் மூலம் வெல்ல முடியாவிடில், அவருக்கும் ஒட்டுமொத்த இலங்கையர்களுக்குமான கருத்துச் சுதந்திரத்தை உறுதிப்படுத்த சட்ட ரீதியாக நாம் முன்வருவோம் என்பதையும் இறுதியாக வலியுறுத்துகின்றோம்.
---திலினா வீரசிங்க ---
--- 2026 - 04 -12 ---

ශ්‍රී ලංකා ගල්අඟුරු ටෙන්ඩර් අර්බුදය (2025–2026)

 


ඉංග්‍රීසියෙන් මුලින් පල කරන ලද ලිපියේ පරිවර්තනයකි .  පරිවර්තනය ගූගල් ට්‍රාන්ස්ලේට් මගින් කල එකකි . 

මෙම ලිපියේ සපයා ඇති සියලුම දත්ත සහ තොරතුරු තොරතුරු දැනගැනීමේ අරමුණින් පමණක් ලබා දී ඇත. අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරුවල නිරවද්‍යභාවය පිළිබඳව කතුවරයා වගකියනු නොලැබේ.

ශ්‍රී ලංකා ගල්අඟුරු ටෙන්ඩර් අර්බුදය (2025–2026)

ට්‍රයිඩන්ට් චෙම්පර් Trident Chemphar සමාගම 2025–2026 වාරය සඳහා මෙට්‍රික් ටොන් මිලියන 1.5ක (නැව්වාර 25ක) ගල්අඟුරු සැපයීමේ ප්‍රධාන ටෙන්ඩරය ජයග්‍රහණය කළේ මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 98.50 බැගින් වූ මිලකට ලංකා ගල්අඟුරු සමාගම (LCC) වෙත ලබා දීමටයි. කෙසේ වෙතත්, මෙම කොන්ත්‍රාත්තුව දැඩි විමර්ශනයකට ලක්ව ඇත්තේ පහත කරුණු හේතුවෙනි:

  • ගුණාත්මකභාවයේ අසාර්ථකත්වය: දකුණු අප්‍රිකාවෙන් ලැබුණු නැව්වාර කිහිපයක් ස්වාධීන පරීක්ෂණාගාරයක් වන Cotecna විසින් සිදු කරන ලද පරීක්ෂණවලින් අසමත් වී ඇති බවට චෝදනා එල්ල වී ඇත. අධික අළු ප්‍රමාණය සහ අඩු තාපන අගය (Calorific Value) හේතුවෙන් මෙම තොග නියමිත ප්‍රමිතියෙන් තොර බව වාර්තා වූ අතර, එමඟින් ලක්විජය බලාගාරයට එහි උපරිම මෙගාවොට් 900 ක ධාරිතාව කරා ළඟා වීමට නොහැකි විය.
  • මෙහෙයුම් ප්‍රමාදයන්: 2026 මාර්තු අග වන විට, සමාගම සිය කාලසටහනට වඩා බොහෝ පසුපසින් සිටි අතර, ඔවුන් විසින් ගොඩබා තිබුණේ 13 වන නැව්වාරය පමණි. නමුත් එම කාලය වන විට 19 වන නැව්වාරය ගොඩබා තිබිය යුතුව තිබුණි. මෙම ප්‍රමාදය හේතුවෙන් ශ්‍රී ලංකා රජයට හදිසි ටෙන්ඩරයක් හරහා මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 142 වැනි ඉහළ මිලකට ගල්අඟුරු මිලදී ගැනීමට සිදු විය.
  • මූල්‍ය දඩුවම්: 2026 මාර්තු වන විට, ගුණාත්මකභාවය සහ සැපයුම් ගැටලු හේතුවෙන් Trident සමාගමට දළ වශයෙන් ඩොලර් මිලියන 8.1ක දඩයක් නියම කර ඇත.
  • හදිසි ලංසු නුසුදුසුකම: පවතින ගැටලු මධ්‍යයේ වුවද, Trident සමාගම හදිසි ගල්අඟුරු ටෙන්ඩරය සඳහාද ඉදිරිපත් වූ නමුත්, ලංසු විවෘත කිරීමෙන් පසුව සිය මිල සංශෝධනය කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් ඔවුන්ව නුසුදුසුකම් ලැබූවන් ලෙස නම් කරන ලදී.
  • දේශීය නියෝජනය: විමර්ශනවලින් හෙළි වී ඇත්තේ මෙම සමාගම ශ්‍රී ලංකාව තුළ නියෝජනය කරන්නේ Panaurora සමාගමට සම්බන්ධ දේශීය නියෝජිතයෙකු විසින් බවයි. මෙය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳ පාර්ලිමේන්තු ප්‍රශ්න මතු වීමට හේතු වී ඇත.

ප්‍රධාන කාර්ය සාධන ගැටලු (ලක්විජය බලාගාරය)

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පවසන පරිදි, මීට පෙර භාවිතා කරන ලද උසස් තත්ත්වයේ රුසියානු ගල්අඟුරු මඟින් විදුලිය කිලෝවොට්-පැය එකක් නිපදවීමට ගල්අඟුරු ග්‍රෑම් 365ක් අවශ්‍ය වූ අතර, Trident සමාගම සැපයූ ගල්අඟුරු මඟින් එය නිපදවීමට ග්‍රෑම් 391 සිට 452 දක්වා ප්‍රමාණයක් අවශ්‍ය වී ඇත.

දේශීය නියෝජිතායතනය සහ පුද්ගලයින් පිළිබඳ විමර්ශනය

Trident Chemphar (TCPL) සමාගමේ දේශීය නියෝජනය පිළිබඳ විමර්ශනය කේන්ද්‍රගත වී ඇත්තේ 2025 මැයි මාසයේදී ලියාපදිංචි කරන ලද Panaurora (Pvt) Ltd සමාගම වටා ය.

ප්‍රධාන පුද්ගලයින් සහ ආයතන:

  • සනත් බණ්ඩාර ජයසුන්දර: TCPL හි ප්‍රධාන නියෝජිතයා ලෙස හඳුනාගෙන ඇත. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් වසර ගණනාවක තහනමකට ලක් කර ඇති හිටපු ක්‍රිකට් විශ්ලේෂකයෙකි.
  • Panaurora (Pvt) Ltd: නිල දේශීය නියෝජිතයා ලෙස ලැයිස්තුගත කර ඇති සමාගමයි. එහි හිමිකාරිත්වය ප්‍රධාන වශයෙන් Invest LK (Pvt) Ltd සහ Sayaara Holdings අතර බෙදී ඇත.
  • රඛිත නිර්මල රාජපක්ෂ: Invest LK හි අධ්‍යක්ෂවරයෙකු සහ කොටස් හිමියෙකි. ලංකා ගල්අඟුරු සමාගමේ වාර්තාවල සඳහන් වුවද, තම සමාගම් සහ TCPL අතර නිල නියෝජිත ගිවිසුමක් නොමැති බව ඔහු මාධ්‍ය හමුවේ ප්‍රතික්ෂේප කර ඇත.
  • හක්මන නන්දාලෝක හිමි: Panaurora සහ Invest LK යන සමාගම් දෙකෙහිම අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන බෞද්ධ භික්ෂුවකි.
  • H.B.A.O. හේරත්: Sayaara Holdings හි අධ්‍යක්ෂවරයෙකු වන මොහු Trident Chemphar සහ ලංකා ගල්අඟුරු සමාගම අතර අත්සන් කරන ලද නිල කොන්ත්‍රාත්තුවේ සාක්ෂිකරුවෙකු ලෙස අත්සන් කර ඇත.

විමර්ශන සොයාගැනීම් සහ තත්ත්වය (2026 මාර්තු)

පාර්ලිමේන්තු සහ මාධ්‍ය විමර්ශන මගින් කරුණු කිහිපයක් හෙළි කර ඇත:

  1. ලියාපදිංචි කිරීමේ කාලය: Panaurora සමාගම ලියාපදිංචි කර ඇත්තේ ටෙන්ඩරය පිරිනැමීමට මාස කිහිපයකට පෙර වන අතර, TCPL සමාගම ලංකා ගල්අඟුරු සමාගමේ ලියාපදිංචිය ලබා ඇත්තේ ටෙන්ඩරය ප්‍රකාශයට පත් කිරීමට දින පහකට පෙරය.
  2. අභ්‍යන්තර තොරතුරු කාන්දුවීම: හදිසි ටෙන්ඩරයකදී TCPL විසින් ඉදිරිපත් කරන ලද සංශෝධිත මිල ඊළඟ අඩුම ලංසුකරුට වඩා හරියටම ඩොලර් 1.00 කින් අඩු වීම සැකයට තුඩු දී ඇත.
  3. දේශපාලන සම්බන්ධතා: දේශීය නියෝජිතායතනය සහ බලගතු දේශපාලන පුද්ගලයින් හෝ හිටපු අමාත්‍යවරුන්ගේ ඥාතීන් අතර පවතින බව කියන සම්බන්ධතා පිළිබඳව මහජන විරෝධයක් මතු වී ඇත.

මූල්‍ය බලපෑම සහ දඩුවම්

  • මුළු දඩ මුදල: මේ දක්වා TCPL වෙත දළ වශයෙන් ඩොලර් මිලියන 8.1ක දඩයක් නියම කර ඇත.
  • මෙහෙයුම් පාඩු: බාල ප්‍රමිතියෙන් යුත් ගල්අඟුරු හේතුවෙන් ලක්විජය බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 135 සිට 185 දක්වා ප්‍රමාණයකින් අඩු වී ඇත.

කළු ලැයිස්තුගත කිරීමේ අවදානම: "Umpire" පරීක්ෂණ මගින් ගුණාත්මකභාවය පිළිබඳ වංචාවක් තහවුරු වුවහොත්, TCPL සහ එහි නියෝජිත Panaurora සමාගම අනාගතයේදී බලශක්ති ටෙන්ඩර්වලින් ස්ථිරවම කළු ලැයිස්තුගත කිරීමට නිර්දේශ කර ඇත.

Trident Chemphar Limited (TCPL) සමාගම පිළිබඳ විස්තර

TCPL යනු 2007 පෙබරවාරි මාසයේදී ස්ථාපනය කරන ලද ඉන්දියානු රසායනික සහ වෙළඳ සමාගමකි. එහි මූලස්ථානය ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද්හි පිහිටා ඇත.

විශේෂාංගය

විස්තර

පිහිටුවීම

2007 පෙබරවාරි 21

කළමනාකාර අධ්‍යක්ෂ

චිට්ටූරි කිරන් කුමාර් ගාරු

කර්මාන්තය

රසායනික ද්‍රව්‍ය, පෙට්‍රෝ රසායනික සහ ජාත්‍යන්තර වෙළඳාම

ආදායම

දළ වශයෙන් ඩොලර් මිලියන 5.1 (2026 වන විට)

නිල වෙබ් අඩවිය

tridentchemphar.com


මුලාශ්‍ර - බ්ලුම්බර්ග් වෙබ් අඩවිය 
සන්ඩේ ටයිම්ස් ශ්‍රී ලංකා -https://www.sundaytimes.lk/260301/news/conflicting-claims-compound-coal-crisis-633039.html

ලාංකික ගැහැනියගේ ජීවිතයෙන් බිදක් සොයා යන ..."ජෙරුසලමේ දූවරුනි"


 ලාංකික ගැහැනියගේ ජීවිතයෙන් බිදක් සොයා යන ..."ජෙරුසලමේ දූවරුනි"

උතුරු නැගෙනහිර වැන්දඹුවනගේ හුදකලා පීඩනයෙහි සංක්ෂිප්ත සංවාදයක් ඔස්සේ ආරම්භව ක්රිස්තියානි ආගමික ස්ත්රීත්වයේ විමුක්තිය පිළිබද සංකල්පනාව හා සමීපව යා වෙමින් ගෘහස්ත දිවිය තුළ නිරන්තරෙන් පීඩනයට පත් වන ලාංකික ගැහැනියකගේ අනුභූතියක් කේන්ද්රීය සංවේදී නිර්මාණයක් තරංගනී රෙසිකා ප්රනාන්දු "ජෙරුසලමේ දූවරුනි" නමින් 2023 වසරේදී නිර්මාණය කරනු ලබයි.
උතුරු නැගෙනහිර යුධමය වාතාවරණය තුළ සමීපතමයන් අහිමි වූ උතුරේද දකුණේද ස්ත්රීන් දෙස මානවීය දෘෂ්ටියක් හෙලමින් 'ජෙරුසලමේ දූවරුනි 'නිර්මාණය ආරම්භයේ පාඨක මනසට ප්රවේශ වේ.
එහිදී වැන්දඹුවන් දෙස හෙලන පෙරදිග සංස්කෘතික පසුගාමී දෘෂ්ටිය මෙන්ම මෙම ස්ත්රීන් වැන්දඹුවන් බවට පත්කරනු ලැබීමේ බලහත්කාරී දේශපාලනය පිළිබද හැගවුම්කරණයක් "ගෞරි"ගේ චරිතය හරහා නිරූපණය කරන්නට තරංගනී වෑයම් කරයි.
"මම වැන්දඹුවක් කියන්නේ මේ සමාජය.මහා අප්රසන්න වචනයක්. මං කැමති නෑ කවුරුවත් මට එහෙම කියනවට. අපි කවුරුවත් කැමැත්තෙන් වත් අපගේ වරදකින් වත් අපේ මිනිස්සු නැති කරගත්තා නෙමෙයි. අනික මං මගේ මනුස්සයාගේ මිනියක්වත් දැක්කේ නෑ. ඉතින් මං කොහොමද වැන්දඹුවක් වෙන්නේ..ඒක මේ සමාජය මං පිට බලෙන් තිබ්බ එකක්."
එසේම මානවීය සංවාදය හා මානවීය හැගීම් අවබෝධය සදහා භාෂාව අත්රික්රමණය කළ හැකි බව තරංගනී මෙම නිර්මාණය තුළ ගම්ය කරයි.
"අපි දැන් සිංහලෙන්ද දෙමළෙන් ද ඉංග්රීසියෙන් ද හස්ත මුද්රාවෙන්ද ඇසින් ද ස්පර්ශයෙන්ද නිහඬතාවයෙන්ද කියනා ඕනෑම කතාවක් තේරුම් ගත හැකි මට්ටමේ අන්යෝන්යය අවබෝධයකට එළඹී සිටියෙමු"
මනුෂ්යත්වයේ අසීමිත වේදනාවන් දෙස කතුවරිය බැලුම් හෙළනුයේ ඒ වේදනාවන් සුවපත් කිරීමට දිගුකාලීන දේශපාලන සමාජ ආර්ථික මානුෂීය ක්රියාවලියද අවශ්යතාව පිළිබද සියුම් ඉඟි කිරීමක්ද පෙරදැරිවය.
ළමා වියේ පටන් හමුදා කදවුරු වල ජීවිතය විසිරී සියල්ල අහිමු වූ මිනිස් සමූහයක වේදනාවේ මතකයන් සුවපත් කිරීමට හා අහිමි වූ ඔවුනගේ දිවිය යථාවත් කිරීමට වන දුෂ්කර දේශපාලන අභියෝගය
" ජෙරුසලමේ දූවරුනි " සියුම්ව ස්පර්ශ කරනු ලබයි.
"අපේ අම්මල අතුරුදහන් වෙච්ච දරුවෝ කෝ කියලා අහනව .දැන් අවුරුදු ගාණක් .උත්තර නෑ. යුක්තියක් සාධාරණයක් ගැන හැඟීමක්වත් නැති රටකින් මම මට නැති වුණු ජීවිතය ඉල්ලන්නේ නෑ . මේ සීතල කාමර වල ඉඳන් අඬා වැටුණාට අපේ ඇතුළෙ ගින්දර නිවෙන්නේ නැහැ. ඒත් අපි ගැන හිතන කතා කරන පිරිසක් දකුණෙත් ඉන්නවා කියලා දැනෙද්දි ගිනි ගහන අව්වෙ කුලී වැඩකට දුවද්දී පවා හිතට සැනසීමක් සන්තෝසයක් දැනෙනවා."
තරංගනී නිර්මාණය කරනා 'ගෞරිගේ' චරිතයෙහි අත්දැකීම් ස්පර්ශ කිරීමේදී මට "සමනල මරණය" ප්රබන්ධයෙහි
" වැන්දඹුවගේ සංවාදය" සිහිපත් කරයි.මා එම අත්දැකීම් ලබා දශක දෙකකට පසුවද එකී සමාජ ආර්ථික දේශපාලන පීඩනය එයාකාරයෙන්ම ප්රති නිර්මාණය කරන්නට අපට සිදු වීම දේශපාලන සමාජ ඛේදවාචකයකි.අපි දේශපාලන සමාජයක් ලෙස මානවීයත්වය ආරක්ෂා කර ගැනීමට කොතරම් අසමත්ද යන්න මෙයින් පිළිඹිඹු කෙරෙන දේශපාලන යථාර්ථයයි.
ජීවිතයම දුෂ්කර වධ වේදනාවක් ලෙසින් ගෙවා ගන්නා ගැහැනුන් අප වටා නිරතුරුව සැරිසරයි.එකී ගැහැනුන්ගේ වේදනාවන් පීඩාවන් නිමා කරලන සාමූහික සමාජ ගමනක් පිළිබද ලේඛිකාව සිහින දකියි..
නිර්මාණය පුරාම ක්රිස්තියානි ස්ත්රී විමුක්තියේ හා ප්රේමයේ පරමාදර්ශී චරිතය' මරියා' හෙවත් 'මීරියම්' සමග සංවාදයක් ගොඩ නංවා ඇත.හීබෲ බසින් 'මීරියම්' යන්නෙහි අරුත "සිදු තාරුකාව" යන්නය.මීරියම්, අදුරු දිවි දියඹක මග කියන පහන් තාරකාවක් සෙයින් සංකේතීයකරණය කරමින් ලේඛිකාව
'මීරියම් 'සමග කරන සංවාදය ට නිර්මාණය සිසාරා පුළුල් අවකාශයක් විවර කර ඇත.
"අමතක කරන්න එපා මැවීමේ පළමු කතාවෙහි සඳහන් වන්නේ දෙව් පියාණන් තමන්ගේම ස්වරූපයට අනුව පුරුෂයාද ස්ත්රියද වශයෙන් ඔවුන් මැවූ බව. මෙහිදී කිසිවෙකු උසස් හෝ පහත් වන්නේ නැහැ. දෙදෙනාම සමාන මනුෂ්යයන්..."
"නමුත් දෙවන මැවීමේ කතාව තුළ ඔබ ඔය මතු කරන අර්බුදය පවතිනවා. අපේ ඉතිහාසය කොහොමත් පුරුෂ මූලික දේව ධාර්මික ඉතිහාසයක්. පුරුෂ මූලික නම් ධාර්මික වන්නේ කෙසේදැයි ඔබ මවෙතින් විමසනු ඇත. නමුත් යථාර්ථය එයයි. අතීත ලියා කතා ලිව්වේත් කිව්වෙත් පිරිමින්. ඔවුන් ඇදහූවේත් පුරුෂ දෙවි කෙනෙක් ඔවුන් ගැහැණිය දකින්නේ පෘථග්ජන මිනිස් ඇසින් මිස විශ්වීය දිව්යමය මේ මනසකින් නොවේ. "ගැහැණිය අසම්පූර්ණයි" යන අදහස මුල් ශුද්ධ ලියවිලි ඉගැන්වීමක් නොවේ. ඒ පසු කාලීනව ග්රීක දර්ශනය නිසා ක්රිස්තියානි ට එක්වූ අදහසක්. නමුත් ඒ නිසා වන්දි ගෙවන්නට සිදුවූ ගැහැනුන් නම් අප්රමාණයි .. එය සත්යයක්.."
"ඒවා" කියන්නෙ ඉතිහාසය පුරා ජීවත් වූ ගැහැණුන්ගේ සංකේතාත්මය. අතීතයේ, වර්තමානයේ, අනාගතයේ වෙනත් අයුරකින් හඳුන්වනවා නම් ඇයයි නිදහස් මනුෂ්යයකු වන්නට පළමු පියවර තැබූ ගැහැණියගේ සංකේතය."
බයිබලයේ මිනිස් මැවීම පිළිබද උත්පත්ති කතාවෙහි ස්ත්රීත්වයෙහි ද්විතීයික භාවය සහ ඉතිහාසයෙහි මුල්ම ගැහැනියගේ සිට මේ දක්වා ගැහැනිය පිළිබද සාවද්ය කියවීම පිළිබද රූපකාර්ථයන් දෙස අභියෝගාත්මක දෘෂ්ටියක් හෙළන්නටද කතුවරිය 'මීරියම්' හරහා වෑයම් කරන්නීය..
සත්යය සාපේක්ෂ බැවින් ඉතිහාසය තුළ ස්ත්රීත්වය කෙරෙහි නව දෘෂ්ටිමය කියවීමක් ස්ත්රිය විසින් ගොඩ නැංවිය යුතු බවද මෙහිලා සියුම්ව අවධාරණය කරයි..
අධිරාජ්යවාදීන්ගේ... පාලකයන්ගේ..
බලලෝභීත්වය අතීතයේ සිට වර්තමානය දක්වා සාමාන්ය ජනයා පීඩනයට පත්කරමින් ඓතිහාසිකව ප්රතිනිර්මාණය වන අයුරු ද කතුවරිය මීරියම්ගේ දෙබස් හරහා ඉස්මතු කරයි.
"අපි මිසරයට පළා ගියා.දරුවාගේ ජීවිතය බේරගන්න.ඒත් අපේ දරුවා වෙනුවෙන් තවත් දහස් ගණනක් දරුවන්ට ජීවිතය දෙන්නට සිදුවුණා. ඒ බිළිඳුන්ගේ කෑ ගැසීම් ඒ මව්වරුන්ගේ හඬා වැටීම්. තවමත් මා දෙසවන් තුළ
දෝංකාර දෙනවා. පාලකයන්ට උවමනා තම පුතුන්ගේ හිස මත පමණක් කිරුළ තියෙනව දකින්න .තමන්ගේ පරපුරට පමණක් කිරුළ උරුම වෙනව දකින්න. ඒ නිසයි ඔවුන් මා පුතු පසු පස පැන්නුවේ .ඔවුන් සිතුවේ මා පුතුගේ උපත ඔවුන්ගේ ලෞකික රාජ්යයට අභියෝගයක් වේවි කියා ..."
"අධිරාජ්යයක පමණක් නොවෙයි ඕනෑම කුඩා රාජයක සිදුවන්නේත් එයමයි. එදා වගේමයි අදත් පාලකයන් ස්වකීය දරුවන්ගේ උරුමය රැක ගන්නට ඕනෑ තරම් රටේ දරුවෝ මරා දමාවි, කිසිදු හැඟීමකින් තොරව, දරුවන් ඔසවා ගන්නා, දරුවන් සිප ගන්නා, දරුවන් නළවනා දාරක ප්රේමය ඔවුන්ගේ කෙතරම් විහිළුවක්ද එය.."
"මා සිතින් දකිමින් සිටියේ තම නැති වූ දරුවන්ගේ පින්තූරය රැගෙන වීදි පුරා රැඳී ඉන්නා මව්වරුන්ය. කවදා හෝ තම දරුවන් නිවසට පැමිණෙනු ඇතැයි මග බලමින් සිටිනා අම්මලාය .යුද්ධයේදී මිය ගිය සෙබල පුතුන්ගේ නම සොයා දැවැන්ත ස්මාරකවල කුරා කුහුඹු අකුරු පිරික්සන විය පත් මව්වරුන්ය."
" ධනවතුන්ගේ බලවතුන්ගේ සිහින රාජයන් ගොඩනඟන්නට හැමදාමත් දිවි දුන්නේ දුප්පත් අම්මලාගේ දරුවන්ය."
"ලෝක ඉතිහාසයම අපේ දරුවන්ගේ ලේ කඳුළු වලින් නැහැවිලා. රාජ්යත්වය පිළිබඳ තෘෂ්ණාව බොහොමයක් මිනිස්සුන්ට ඉතිරි කළේ රිදවුම් පසුතැවීම් පමණයි."
'මීරියම්' හා ජෙරුසලමේ දූවරුනි කතා නායිකාව බලය පිළිබද ඓතිහාසික දේශපාලන යථාර්ථය විදහාලමින් සංවාදය ගලායාමට සලස්වයි.
විමුක්තියේ .. මානව ප්රේමයේ හා දරා සිටීමේ ඓතිහාසික සංකේතීය ගැහැනියක අභිමුඛව මානව ප්රේමය පෙරදැරි කරගත් වර්තමානයේ සමාජ දේශපාලන සංස්කෘතික පසුතලය තුළ පීඩනය අත්විදින ගැහැනියක වසර දහස් ගණනක පීඩිතයාගේ අද්දැකීම්හි සාම්යත්වය විහිදමින් සංවාදයට ගැනීම කතුවරියගේ අභිප්රාය විය හැකිය.
එහෙත් "ජෙරුසලමේ දූවරුනි "නිර්මාණය සිසාරා මේ සංවාදය වඩා වැඩි අවකාශයක් අත්පත් කර ගැනීම හරහා වර්තමාන නිමේෂයෙහි යථාව වඩා පුළුල්ව නිරූපණය කිරීමට තිබූ ඉඩ කඩ ඇහිරී යාම මෙන්ම මේ සංවාදයන්හි වන දීර්ඝ බව නිසා කියවන්නා වෙහෙසකර බවකට පත් වන බවක් මට හැගී යයි.මීරියම් හා සංවාදය වඩා සංක්ෂිප්තව නිර්මාණය කර වත්මන් ලාංකික ගැහැනියගේ ජීවිතය මෙයට වඩා ගැඹුරු ලෙස ග්රහණය කළා නම් "ජෙරුසලමේ දූවරුනි " වඩාත් අපූර්ව ලාංකික දේශපාලන නිර්මාණාත්මක කතිකාවක් ලෙසින් ගොඩ නැංවීමට තරංගනීට හැකිව තිබුණි.
කතා නායකාව රටෙහි පීඩිත කාන්තවන් සදහා යම් පිළිසරණක් වීමට වෘත්තිමය ජීවිතය තුළ අවකාශයක් හිමිකර ගත්තද සිය එක් කුස උපන් සහෝදරියගේ ජීවන පීඩනයේදී දෙදෙනා අතර වන දුරස්ත භාවය "ජෙරුසලමේ දූවරුනි " සංවාදයට ගනුයේ අපට මග හැරී යන සමීප මානුෂීය සහයෝගයන් හා සිතා බැලීම් පිළිබද යම් පු පුළුල් සිතා බැලීමේ අවකාශයක් විවර කරමිනි..
"ජෙරුසලමේ දූවරුනි " ප්රබන්ධය ආරම්භයේ සිට අවසානය දක්වා විවිධ දුක්ඛ දෝමනස්සයට චක්රීය ආකාරයෙන් මුහුණ දෙන මිනිස් සමූහයක් අපට මුණගැසේ..ඒ තුළ ජීවිතය උපේක්ෂාවෙන් දරා ගනිමින් බිද වැටුණු ජීවිත යළිත් ගොඩ නගා ගැනීමට හුදකලාව වැර දරණ ගැහැනුන් නිරූපණය වේ.සිය චිත්තවේගයන් පාලනය කර ගැනීමට නොහැකිව ජීවිතයේ ගැටලු බෙදා හදා ගැනීමට නොහැකි සංස්කෘතික පරිසරයක හුදකලාව ජීවිතය අතැර යන පිරිමින් හමුවේ.. යුද්ධය නිසා සැමියන් අහිමි බිරින්දෑවරු යුද්ධය නිසා පෙම්වතුන් අහිමිව හුදකලාවූ පෙම්වතියන්,සැමියන් අතැරයාම් හා සියදිවි නසා ගැනීම නිසා හුදකලා වන ගැහැනු,යුද්ධය නිසා දරුවන් අහිමි වියපත් මව්වරුන්,සිය දරුවන්ගේ අනේක ප්රශ්න මැද පීඩනය දරා සිටින වියපත් මව්වරුන් හා දෙමව්පියන්ගේ ගැටුම්,වියෝවන් මැද හුදකලාව සංකීර්ණ මානසික පීඩනයන්ට ගොදුරුවන දරුවන් ගෙන් සම්ම්ශ්රිත.."ජෙරුසුලමේ දූවරුනි " විවිධ ජීවන අනුභූතිමය පරාසයකින් විහිදෙන වර්ණාවලියක් සිතුවම් කරයි.
ලංකාවෙහි විවිධ පළාත් හි ස්ත්රීන් පෙළන සමාජ ආර්ථික හා මානසික පීඩනයෙන් මුදවා ගැනීම සදහා ඔවුන්ව සමාජ ආර්ථිකව බල ගැන්වීමේ රාජ්ය නොවන ව්යාපෘතියක වැඩ කටයුතු මැද අවිවේකී දිවියක් ගෙවන මැදිවියට ළගා වෙමින් සිටින තැනැත්තියක සිය සහෝදරියගේ දෙවන සැමියා සිය දිවි නසා ගැනීමේ අනපේක්ෂිත පුවත සැලව උපන් ගම්මානය වෙත පැමිණෙයි. එහිදී තමාද,සිය සොයුරිය ඇගේ දෙවන විවාහය සමග මවගෙන් වෙන්ව සිටින නව යොවුන් වැඩි මහල් දියණිය හා දෙමව්පියන් ඇතුලු සමස්ත පවුල මේ ක්ෂිතිමය මනෝභාවය සංස්කෘතික හා මානවීය වශයෙන් අත් විදින ආකාරය සිනමාත්මක හා කවීත්ව
භාෂාත්මක අත් හදා බැලීමක් හරහා තරංගනී පාඨකයා වෙත සමීප කරවීමට නිර්මාණාත්මක අත් හදා බැලීමක් කර ඇත.
මෙහිදී මානව සබදතා හා චර්යාවන් පිළිබද අප තුළ වන පටු දෘෂ්ටිමය කියවීම් හා මානව ඛේදාන්ත හමුවේ සමාජ සංස්කෘතික තිගැස්ම තුළින් හටගන්නා ප්රතිචාරයන්හි වන රළු හා මුග්ධත්වය විදහාලීමටද කතුවරිය උත්සාහ කරයි.
"ජෙරුසලමේ දූවරුනි" තුළ" යුද්ධයෙහි ගොදුරක්ව මිය යන හමුදා භටයකුට පාසැල් වියේ සිට පෙම් බැදි ඔහු ගේ මරණයෙන් මතුවද ඔහු කෙරෙහි වන අධ්යාත්මික ප්රේමයෙන් උපේක්ෂාවෙන් ජීවිතය දරා සිටින " බුලත් අරමෙහි ලොකූ "මෙන්ම , ජීවිතයේ කෙටි කලක් තුළ සැමියන් දෙදෙනෙකුම අතැරයාම හා සියදිවි නසා ගැනීම නිසා අහිමිව දියණියන් දෙදෙනෙකු සමග හුදකලා වන සොයුරිය ජීවිතයේ දුක්ඛ දෝමනස්ස මැදින් ප්රේමයම දරා ගනිමින් ප්රේමයම සොයා යමින් සමස්ත සමාජයට ප්රේමයම පුදමින් ඉදිරියට පියමනින ස්ත්රීත්වයේ.. ශක්තියේ... ප්රතිමූර්තියන් ය..
"ඔයා එල්ලුණා බාල්කේ...මම එල්ලුණා ජීවිතයේ .." ජීවිතයේ අනේක විද අර්බූද හමුවේ පිරිමියා මරණය සමග යා වෙද්දී ජීවත් වීම සදහා අරගල කරන ගැහැනිය පිළිබද රූපකාර්ථයෙහි අරුත් උද්දීපනය කිරීමට තමා කියවමින් සිටින ප්රබන්ධයක මාර්තුකාවක් කතුවරිය කතාව තුළ වරින් වර මනාව සුසංයෝගී කර ගැනීම අපූර්වය.
2017 දී පළ කළ "දේශ ද්රෝහියාගේ නිර්මල හෘදය" පළමු නවකතාවෙහි සිට තරංගනී ඇය සතු කවීත්ව බස් වහර ඔස්සේ "ජෙරුසලමේ දූවරුනි " හරහා නිර්මාණාත්මක හා දෘෂ්ටිමය වශයෙන් වඩා ඉදිරි මාවතකට ප්රවේශ වී ඇති බව පිළිඹිඹු වේ.
නිදහස් ප්රේමයක් පිළිබද නැවුම් සංවාදයක්ද මෙම නිර්මාණයෙහි යටි පෙළ ගලා යාමට සලස්වන නමුදු ගැහැනියගේ අභ්යන්තරික ප්රේමයට ඉහළින් දිව්යමය තලයකට පෙම්බරා ඔසොවා තබන්නට ඔවුනතර වන ඇතැම් සංවාද සහ ස්වයං ආත්ම භාෂණය ඔස්සේ කතුවරිය වෑයම් දරා ඇතැයි
සිතේ.
පෙම්බරා සේම පෙම්බරියගේද මානවීය ප්රේමයේ වටිනාකම් හා ජීවන අවබෝධය සමාජ කියවීම් සමපාත වන නව දෘෂ්ටිමය තලයක ලාංකික දේශපාලන සමාජ සංස්කෘතික සංදර්භයයෙහි යතාවෙහි නව වර්ණාවලියක් වඩා පුළුල් පථයක ප්රති නිර්මාණය කරන්න තරංගනී රෙසිකා ප්රනාන්දුට මගේ ආදරණිය සුභාශිංසන පිරිනමමි..
--තිලිනා වීරසිංහ--
--2026 මාර්තු 30--


සමාජවාදයේ තෙවැනි රැල්ල

  පහත පලවන්නේ චීන ජාතික මාක්ස්වාදී ශාස්ත් ‍ රඥයෙක් වන යැංග් පිංග් විසින් රචිත ‘The Third Wave of Socialism’ නම් රචනාවේ සිංහල පරිවර්තනයයි. මෙ...