අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීම

 


ලෙනින් ගේ ප්‍රසිද්ධ කතාවක් තියනව අහල නැත්ද? පියවරයක්  ඉදිරියට පියවර දෙකක්  පස්සට කියල. 1903 දී බ්‍රසල්ස් වලදී රුසියානු සමාජ  ප්‍ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂ සම්මේලනයේ පසු බැසීම ගැන ලෙනින් පොඩි පොත් පිංචක් ලිව්වා. 

අධ්‍යපන ප්‍රතිසංස්කරණ  බයේ හකුලා ගන්න කතාව තේරුමක් නැති දෙයක්. විමල්ට ආරංචිය ගිහින් තියනවා කොහොම හරි. ඒකත් හොයන්න ඕනේ දෙයක්. නමුත් මේ අධ්‍යාපන මොඩියුල් වල ප්‍රශ්න ගොඩක් තිබෙනවා. ඒවා බලන්න හිටි කට්ටිය හරියට බලල  නැහැ කියන එක විතරයි දැනට දන්නේ. සමලිංගික ලින්ක් එක ඇදල ගත්තට , ඉතිහාස මොඩියුල්  එකේ වැරදි තියෙනවා කියල මහාචාර්ය නිර්මාල් දේවසිරි කිව්වා. ඉංග්‍රීසි මොඩියුල් එකෙත්  වැරදි ගොඩක් තිබෙනවා ලු . ඒවා අධ්‍යාපන විශේසන්ඥයන්ට වඩා ගුරුවරු කිහිප දෙනෙක් එකතු වෙලා හදපු  බවයි පේන්නේ . කරන දෙයක් හරියට කරන්න ඕනේ. ඒ නිසා මේ විධිහට කල් දැමීම හොඳ දෙයක්.  හරිනි  අමරසුරිය අගමැතිනියට වෙලාව නැත්නම් නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිට පුළුවන් මිට වැඩිය තදින් හොයා බලන්න. නිලධාරීන් හැම දෙයක්ම තිතට  කරයි කියල හිතන් හිටියොත් වැඩේ දෙල වෙනකන්ම දන්නේ නැති වෙයි. දැන් හැමෝටම පුළුවන්  වඩා අවධානයෙන් වැඩේ කරන්න.

මේක ලීවට පස්සේ දැන් හෝ ගාල කට්ටිය පෝස්ට් දානවා ෆේස්බුක් එකේ ප්‍ප්‍රතිසංස්කරණ රන වලට පක්ෂව .  ඒ වගේම විපක්ෂවත්  ලිපි තියෙනවා . මෙතැන දෙකක් දානවා : 
 
***************************************************

අධ්යාපන ප්රතිසංස්කරණ ගැන ඉතා කෙටියෙන්
1. අපි අධ්යාපන ප්රතිසංස්කරණ සිදුවිය යුතු බව පිළිගනිමු. අපි පමණක් නොව 1972 තරම් ඈත කාලයක සිට ප්රතිසංස්කරණ අවශ්යතාවය සාකච්ඡා වී ඇත. වාර්තා ඉදිරිපත් වී ඇත. ඇතැම් ඒවා සිදු කෙරි ඇත. නමුත් මූලික හරහාත්මක වෙනසක් සිදු වී නැත.
2. ගැටළුව තිබුණේ ප්රතිසංස්කරණ කිරීම ගැන නොවේ. ප්රතිසංස්කරණ මොනවාද ? ඒවා කරන්නේ කෙසේද ? කරන කාලය කුමක්ද යන කාරණා ගැනය.
3. ගෙනා ආ ඇතැම් ප්රතිසංස්කරණවලට හා ගෙනා ආකාරය ගැන, විරෝධයක් දැක්වු සියලු දෙනා පාර්ලිමේන්තුවේ සිටින විරුද්ධ පාක්ෂික බලවේග හෝ අගමැති තුමියට අපහාස කළ අය හෝ පොල්ගැසු අය නොවෙති. ඉන් එහාට ගිය විශාල සමාජ දේශපාලන ක්රියාකාරින්, විද්වතුන්, විශ්ව විද්යාල ආචාර්යවරුන්, ගුරු සංගම් ආදි විශාල පිරිසක් ද මෙම ක්රියාවලිය සම්බන්ධයෙන් විරෝධතා දැක්වු අය අතර විය. ඒ නිසා විරෝධය හා ප්රතිසංස්කරණ වසරක් හෝ පස්සට යාමේ වගකීම ඒ පිරිස වෙත පමණක් බැර කරන කතාවන් ඇත්ත සඟවයි.
4. ප්රතිසංස්කරණ කිරීමට පක්ෂ එහෙත් කරන ආකාරය ගැන විරෝධතා දැක්වු දඩිබිඩියේ මෙසේ කිරීම අවුල් සහගත බවත්, එය කාලය, සම්පත් නාස්ති කිරීමක් බවට පත් වි අනවශ්ය ගැටළු මතු කිරිමක් බවත්, එය ගෝඨාභයගේ කාබනික වගා ව්යාපෘතියට අත්වු ඉරණම වැන්නක් හිමිකරගනු ඇති බව පැවැසු පිරිසක්ද විය. අප අයත්වන්නේ ඒ පිරිසටය. සැබැ ප්රතිසංස්කරණ ක්රියාවලිය සඳහා සිදුවිය යුතු එහෙත් ආණ්ඩුව පැත්තෙන් නොසලකා හැරි කරුණු ඉදිරිපත් කළ පිරිසටය.
5. ගැටළුව 6 වසර ඉංග්රීසි පොතේ ලින්ක් එක නොවේ. එවැනි ගැටළු ඇති වීමට හේතු වූ ක්රියාත්මක වු ආකාරයේ හා සමස්ථ ක්රියාවලියේ ය. ලින්ක් එක පිළිබඳ ගැටළුවට පසු එවැනි ලින්ක් ඇතුළත් නොකළ යුතු යැයි මඟ පෙන්වීමක් සිදු කරන ලදී. සිදුවිය යුතු වන්නේ මඟ පෙන්වීම් ප්රමිතින් ලබාදීමෙන් පසු මොඩියුල ලිවීම හා ලියු මොඩියුල මුද්රණයට පෙර පරීක්ෂා කිරීමේ ක්රමය හොඳින් සකසා ක්රියාත්මක වීමයි.
6. ගැටළුවක් ආ විට ඒවා අපි පටන්ගත්තු දේවල් නෙවෙයි කියමින් කරන ප්රතිසංස්කරණයක් යනු තමන් තුළ ද ගැඹුරු විශ්වාසයක් නැති ක්රියාවලියක් නිසා රජය ඒ සඳහා තව වසරක්වත් ගෙන අදාල ක්ෂේත්රවල විශේෂයෙන් අධ්යාපනඥයින් හා ගුරුවරුන්ගේ අදහස් ලබාගෙන එය කළ යුතු බව අපිදු මුල සිට කීවෙමු. එසේ නොකිරීම නිසා දැන් සිදු වී තිබෙන්නේ වීරවංශ වැනි අයට පවා අනවශ්ය වටිනාකමක් එකතු වීමයි. ජනාධිපති තුමා 13 දා ගුරු වෘත්තීය සමිති සමඟ ගත් සාකච්ඡාව ගැනීමට තිබුණේ 2025 වසර මුලදීය. එය නොකිරීම ගැන අවංක පිළිගැනීමක් කළ යුතුය. 2027 දක්වා කල්යාමේ වගකීම හුදු විරෝධතාකරුවන් පිට නොදැමිය යුතුය. ආණ්ඩුව පැත්තෙන්ද එහි වගකීම භාර ගත යුතුය.
7. ආණ්ඩුව පැත්තෙන් අධ්යාපන ප්රතිසංස්කරණ ගැන කියු කරුණු වන්නේ ප්රතිසංස්කරණ ක්රියාවලිය තුළ විෂය නිර්දේශ අලුත් කිරිම පමණක් නොව කුළුණු පහකින් යුතු ප්රතිසංස්කරණ ක්රියාවලියක් පවතින බවයි. ඒවා නම්
1. යටිතල පහසුකම් වර්ධනය
2. විෂය මාලා සංවර්ධනය
3. පරිපාලන ප්රතිසංවිධාන
4. තක්සේරුව හා ඇගයීම
5. මහජනයා දැනුවත් කිරිම හා ප්රවර්ධනය
ඒ අංශ පහම ඉතා වැදගත්ය. ලංකාවට අවශ්යව ඇත්තේ අධ්යාපනයේ සමස්ථ ප්රතිසංස්කරණයකි.
8. නමුත් ලංකාවේ අධ්යාපනයේ පවතින ප්රධාන ගැටළුවක් මේ කුළුණු පහ තුළ ඇතුලත් නැත. ඒ වනාහි පාසල් පද්ධතියේ ඇති බරපතල විෂමතාවයයි. පාසල් පද්ධතියේ හෙවත් පාසල් ව්යුහයේ වෙනසක් නොමැති කිසිදු ප්රතිසංස්කරණයක් දුප්පත් දරුවන්ට සාධනීයව බලපාන්නේ නැත. හයවැනි කුළුන ලෙස පාසල් පද්ධතියේ ව්යුහාත්ම වෙනස අනිවාර්යය එකකි. එය වනාහි ආර්ථීකමය ගණන් බැලීම් මත ළමුන් අඩු පාසල් වසා දැමීම නොවේ. ඉන් ඔබ්බට ගිය දැවැන්ත ව්යුහාත්මක වෙනසකි.
6 වසරේ ප්රතිසංස්කරණය වසරකින් කල් දමා එක වසරේ ප්රතිසංස්කරණ ඇරඹෙන මේ මොහොතේ පවා අති දුෂ්කර පාසල් ගණනාවකට ප්රතිසංස්කරණය ක්රියාත්මක කිරිමට අවශ්ය පහසුකම් නැතිබව පිළිගත යුතුය. මෙම ලියුම්කරු පසුගිය මාස කිහිපය තුල අති දුෂ්කර පාසල් කිහිපයක් පිළිබඳ ලද අත්දැකීම් ඒ බවට සාක්ෂි වේ. විෂය නිර්දේශවල නව අන්තර්ගතයේ ඉතා සාධනීය වෙනස්වීම් තිබෙන බවට විවාදයක් නැත. නමුත් අප සමස්ථ රටකට බලපාන අධ්යාපන ප්රතිසංස්කරණවලදී වඩාත් සංවේදිව බැලිය යුත්තේ දුෂ්කර, නැතිබැරි දරුවන් හට එය ඉතා හොඳින් ලැබීම සහතික වීමයි. නගරාසන්න ඇති හැකි මධ්යම පාන්තික දෙමව්පියන්ට මේ මොහොතේ වුවද මේ විෂය නිර්දේශයට අදාල ප්රතිසංස්කරණවලට අනුව තම දරුවන් ඉදිරියට ගෙනයාමේ ගැටළුවක් නැත.
9. මේ අධ්යාපන ප්රතිසංස්කරණවල තවත් බරපතලම දුර්වලතාවයක් වූයේ මීට පෙර කරන ලද ප්රතිසංස්කරණවල ක්රියාත්මකභාවය පිළිබඳ කිසිදු ගැඹුරු ඇගයීමක් සිදුනොවීම හා ඒ පිළිබඳ කතිකාවක් නොමැතිවීමයි. ප්රතිසංස්කරණ යථාර්ථයක් වන්නේ දැනට කරන ලද ප්රතිසංස්කරණ සාර්ථික නොවි තිබීම ගැන කරන ගැඹුරු සලකා බැලීමක් හා ඒවාට පිළියම් සහිතව සිදුවූහොත් පමණි.
10. මොඩියුල අධ්යාපන ක්රමය ශිෂ්ය කේන්ද්රීය ක්රමයකි. මීට පෙර දෙවතාවකදීම ශිෂ්ය කේන්ද්රීය ක්රමය හඳුන්වා දෙන ලදී. මේ ආකාරයටම ඒ සඳහා පුහුණුවීම් ලබාදෙන ලදී. ඒවා ක්රියාත්මක නොවීම ගැන ගැඹුරු සාකච්ඡාවක් අවැසිය. එය මේ තුළ සිදුවූයේ නැත.
11. 1988-89 කාලයේදී චන්ද්රිකා කුමාරතුංග ජනපති සමයේ සැලකිය යුතු ප්රතිසංස්කරණ ගණනාවක් සිදුවිය. විශේෂයෙන් උසස් පෙළ මට්ටමේදී විෂයන් ගණන හතරේ සිට තුනට අඩුකිරිම, සාමාන්ය පොදු පරීක්ෂණ හඳුන්වාදීම, සාමාන්ය ඉංග්රීසි හඳුන්වාදීම, සාමාන්ය තොරතුරු තාක්ෂණය හඳුන්වාදීම, පාසල් පාදක ඇගයීම් හඳුන්වා දීම, උසස් පෙළ සඳහා ව්යාපෘති හඳුන්වාදීම ඒ අතර විය. නමුත් මේවායින් බොහෝ ඒවා ජාතික මහා බොරු කිරීම් බවට පත් වී ඇත. ඉතා යහපත් අරමුණුවලින් හඳුන්වා දුන් බොහෝ දේ හකුලා ගෙන ඇති අතර ඇතැම් දේ කරන්නාන් වාලේ කරන දේ මිස අදාල අරමුණ සාක්ෂාත් කරන්නේ නැත. මේ තත්ත්වයන් නව ප්රතිසංස්කරණ ක්රියාවලිය තුළ ගැඹුරින් සළකා බැලිය යුතුව තිබුණි. මේ පිළිබඳ අප මීට පෙරද වගකිව යුත්තන්ගේ අවධානය යොමු කර ඇත. නමුත් ඒ පිළිබඳ සාධනීය යොමුවීමක් සිදුවී නැති බව පෙනේ.
12. ජනප්රිය, ජනප්රිය නොවන පාසල් ක්රමය අහෝසි කිරිම යටිතල පහසුකම්වලින් පමණක් කළ නොහැකිය. ඊට පිළියම් යෝජිත ප්රතිසංස්කරණය තුළ සාකච්ඡා නොවේ. එකී වෙනස පවතින තුරු ‘තරඟකාරිත්වය’ තිබේ. එමෙන්ම විශ්ව විද්යාල ප්රවේශ තරඟය වෙනස් කරන්නේ කෙසේද ? යන්නද ආර්ථිකයේ ඉතා විශාල කර්මාන්ත අංශයක් වී තිබෙන ටියුෂන් කර්මාන්තයෙන් ළමුන් නිදහස් කිරිමේ කිසිදු දිගුකාලීන වැඩපිළිවෙලක් ඉදිරිපත් වී නොතිබීම, නව ක්රමය සඳහා ලබා දුන් ගුරු පුහුණුව ගුරුවරුන් තුළ බරපතල ආකල්ප වෙනසකට ආමන්ත්රණය නොකිරීම හා එවැනි වෙනසකට ප්රායෝගික ක්රියාදාමයන් නොමැතිවීම සැබෑ ප්රතිසංස්කරණ වැඩපිළිවෙලක් සාර්ථක වීමට බාධාකාරිව පවතී. මේ ගැටලුද ආමන්ත්රණය වන සංවාදයක් හා ක්රියාදාමයක් ප්රතිසංස්කරණවලට පෙර විධිමත්ම කළ යුතුය. ඒ සඳහා පුළුල් සියලු පාර්ශව නියෝජනය වන වසර තුනක්වත් ස්ථීරව ක්රියාත්මක වන මණ්ඩලයක් වහාම පත් කළ යුතුය. විනිවද පෙනෙන ආකාරයේ එවැනි මණ්ඩලයක් සඳහා විශාල ප්රමුඛතාවයක් දිය හැකි පරිදි නිදහස් වූ වැඩ ගොඩක හිර නොවුනු දේශපාලන නායකත්වයක් දීම අත්යවශ්ය වේ.
13. දැන් නැවත ළමුන් ලක්ෂ ගණනකගේ මානසිකතාවයට බලපෑමක් වී ඇත. වාර විභාග නැති ක්රියාකාරි අධ්යාපනයන් ගැන සිහින මැවු දරුවන්ගේ සිහින බිඳ වැටි ඇත. දෙමව්පියන්ද අවුලට පත් වී ඇත. ඒ තත්ත්වයට වහා ආමන්ත්රණය කළ යුතුය. 6 වන ශ්රේණියට පැමිණෙන ළමුන් මෙවැනි ප්රතිසංස්කරණ තිබුණත් නැතත් කඩයීමකට පැමිණෙන ළමුන් වන නිසා ඔවුන්ට විශේෂ උපකාර සෑම විටම අවශ්යව පැවතුනි. ඔවුන්ට පමණක් නොව ඔවුන්ගේ දෙමව්පියන්ටද එය අවශ්යය. මෙම ලියුම්කරු බොහෝ කාලයක සිට එම ළමුන් හා දෙමව්පියන් සඳහා දිශානුගත කිරීමේ වැඩසටහන් පවත්වා ඇති අයෙකු ලෙස පවසන්නේ මෙම සිදු නොවිය යුතු ව තිබු තත්ත්වය සිදුවීම මඟින් වන හානියට වහා පිළියම් යෙදිය යුතු බවයි. නැවතත් පැවසිය යුත්තේ එහි වගකීමේ කොටසක් රජය භාර ගත යුතු බවයි. ඉන් අදහස් වන්නේ විරුද්ධ පක්ෂය මේ ආණ්ඩුවට වඩා
හොඳවන බව නොවේ.
අධ්යාපන ප්රතිසංස්කරණය යනු කිසිවිටකත් එක් ආණ්ඩුවක වැඩක් විය නොහැක. එය ජාතියක කාර්යභාරයකි. මේ මොහොතේ රජය පැක්තෙන් කියන සාධාරණ විවේචන පිළිගන්න සූදානම් අවම අවිශ්වාසයක් හෝ තබා ගැන මේවා ඉදිරියට ගෙන යන්නේ නෑ වැනි ආකල්ප මිට පෙර තිබුණේ නම් මේ ක්රියාවලිය මෙසේ නොවනු ඇත.
විය යුත්තේ නිසි පරිදි අධ්යාපන ප්රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමයි.

- මහින්ද නාමල් 

*******************************************විරුද්ධව 

ආණ්ඩුවට කඩේ ගියා හොඳටම ඇති... නඩේ ඇතුළේ කතා කළත් ඇති... මේ ප්‍රතිසංස්කරණ එක්ක ගමනක් නෑ... ආණ්ඩුව නෙමෙයි අධ්‍යාපනය රැකගමු..! - මහාචාර්ය අර්ජුන පරාක්‍රම...

ඇත්තෙන්ම කරුණු තුනක් මුලින් ම කියන්න ඕනෙ. එකක් තමයි අධ්‍යාපනය සම්බන්ධව සාධාරණය මෑත කාලයේ කිසිම ආණ්ඩුවක් මේ දක්වා කරල නෑ. පහත් යැයි සම්මත සමාජවල ඉන්න කට්ටියට සහ දුප්පත් අයට පවා සමාජයේ පිළිගැනීමක් ලබාගැනීමේ හා ඉහළ යෑමේ එකම සාධාරණ මාර්ගය වුණේ අධ්‍යාපනය. නිදහස් අධ්‍යාපනය, අධ්‍යාපන අයිතිවාසිකම කියන දෙකම ආරක්ෂා කිරීම අපට අවශ්‍යයි. කිසිම ආණ්ඩුවක් ඒක නිවැරදිව හා සාධාරණව කරල නෑ.

ඉතින් ඒ වගේ තත්ත්වයක අපිට ලොකු බලාපොරොත්තුවක් තිබ්බා මේ ආණ්ඩුව යම් මට්ටමකින් හෝ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හා අධ්‍යාපන අයිතිවාසිකම හැටියට ස්ථාපිත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි කියල. හැබැයි අපි දකින ඛේදවාචකය තමයි මේ අයත් අර කලින් කරපු ප්‍රශ්නම ඊටත් වඩා උග්‍ර හා නොසැලකිලිමත් ලෙස ක්‍රියාත්මක කිරීම. උදාහරණ කීපයක් ගත්තොත් ඇත්ත වශයෙන් ම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියල ක්‍රියාත්මක කළේ ධවන පත්‍රිකාවක්වත් නැතුව, කිසිම සාකච්ඡාවක්වත් නැතුව තමන්ට අවශ්‍ය විදිහට, හිතුවක්කාර විදිහට, අහේතුක විදිහට හා අත්තනෝමතික විදිහට. 

ඒවා අපි නැවත නැවත බැලුවට පස්සෙ අපිට තේරෙන්නෙ ඒවා කලින් කරපු සංශෝධන ම එලෙසම ක්‍රියාත්මක කිරීමක් බව. ඇත්ත වශයෙන් ම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ සහ ඊට කලින් තිබුණු ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ තිබිච්ච මේ ප්‍රතිසංස්කරණ එලෙසම ක්‍රියාත්මක කිරීම හරහා ආණ්ඩුවේ නොහැකියාව සහ නොසැලකිලිමත්කම තමයි මෙතන ඉදිරිපත් වුණේ. ඒක තමන්ගේ හැටියට කියලා අධ්‍යාපන ඇමතිතුමිය ප්‍රකාශ කළත්, මේක දැඩි හා පුළුල් සාකච්ඡාවක් ඇතුළෙ සිදු කළා කිව්වත්, ඒකට කිසිම සාක්ෂියක් අපිට පෙනෙන්න නෑ. අඩුම තරමෙ අමාත්‍යංශයේ නමවත් සංශෝධනය කරන්නෙ නැතුව ඒ පෙර සංශෝධන ම කිසිම වෙනසක් නොකරයි ක්‍රියාත්මක කරලා තියෙන්නෙ. ඒක ඛේදවාචකයක්.

ඇත්තටම මම අගමැතිතුමියගෙන් බොහොම යටහත්ව අහන්නෙ මේ ගැන සැලකිලිමත් වෙන්නෙ නැද්ද ? මේ ගැන හිතන්නෙ නැද්ද? මේක මහ විශාල වගකීමක්. ආණ්ඩු පෙරළෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අධ්‍යාපනය අපි සුරකින්න ඕනෙ නේ ද? නිදහස් අධ්‍යාපනයෙන් සෑම දෙනාටම තියෙන සම අධ්‍යාපන අවස්ථාව ආරක්ෂා කරන්න ඕනෙ නේද? මේක තමයි මූලික ප්‍රශ්නය.

ඒ මූලික ප්‍රශ්නය අපි පැත්තකින් තියලා මේ අලුත් මතභේදය බලමු. ඒක අරකේ ප්‍රතිබිම්භයක්. එහෙම නැත්නම් දිගහැරීමක් හෝ මතුවීමක්. හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළපොත බැලුවම තේරෙනවා ඒක කිසිම සැලකිල්ලක් නැතුව ඒ කලින් තිබුණ අධ්‍යාපන අර්බුදයට වගකිව යුතු කට්ටිය ම විසින් එලෙසම කිසිම වගකීමක් නැතුව, තැකීමක් නැතුව, සංවාදයක් නැතුව කරපු විකාර මගඩියක් බව. ඒක තුළ ඇත්තෙන්ම ඔය තියෙන විදිහට හය වසරේ ශිෂ්‍යයන්ට කිසිසේත්ම අදාළ නැති, වලංගු නොවන ඒකට සුදුසු නොවන වෙබ්සයිට් පවා යොමුකිරීම ඒක ඉතාම බරපතල වරදක්. හැබැයි ඊට වඩා වරද නොසැලකිලිමත්කම. අගමැතිතුමිය මේ ගැන බලන්නෙ නැද්ද? එයාට තේරෙන්නෙ නැද්ද?

මේ ප්‍රශ්නවල මුලයි, මැදයි, අගයි ඔය ජාතික අධ්‍යාපන ආයතනයේ තියෙන නොහැකියාව, නොසැලකිල්ල, පිරිස් කළමනාකරණය කිරීමේ දුර්වලකම, වග නොවීම. එතුමියගෙන් සහ ආණ්ඩුවෙන් මම අහන්නෙ ප්‍රශ්නයක් තියෙන බව අපි පිළිගන්නවා. අධ්‍යාපන අර්බුදයක් තියෙනවා. ගැටලුවක් තියෙනවා. ඒක නවීකරණය විය යුතුයි, ශිෂ්‍ය කේන්ද්‍රීය විය යුතුයි. ඒක විභාග මට්ටමෙන් දුරස් විය යුතුයි. ඉතින් ඒකට වග කියන්නෙ කවුද? මේ නිලධාරීන් ම නේද? අවුරුදු ගාණක් තිස්සෙ රජයන් වෙනස් වුණත් ඒ නිලධාරීන්ම තමයි මේවා කළේ. ඉතින් ඔබතුමිය සහ මේ ආණ්ඩුව හිතනවා ද කිසිම අධීක්ෂණයක් නැතිව, කිසිම යම් විදිහෙ වෙනසක් නැතිව ඒ නිලධාරීන්ට ම පුළුවන් කියලා මේ වෙනස ඇති කරන්න. ප්‍රශ්නය ක්‍රියාත්මක කරපු, ප්‍රශ්නය වවාගෙන කන, ප්‍රශ්නයම වෙන අයගෙන් අපිට විසඳුමක් ලබාගන්න පුළුවන්ද?

ඒකෙ වෙනසක් කරේ නෑ. අධීක්ෂණයක් නෑ. ඉංග්‍රීසි පෙළපොත ගැන මට යම් දැනුමක් තියෙනව. මම දන්නව මේක සැලකිල්ලක් නෑ. එවෙලෙ කරන එකක්. කොත්තු රොටියක් වගේ. මේ සංවාදය කෝ? සාකච්ඡාව කෝ? පුළුල් මට්ටමෙන් මේවා කතා කිරීම වැදගත් නේද? අධ්‍යාපනය කියන්නෙ අපේ වටිනාම දේ. අපේ ශිෂ්‍යන්ට, අපේ දරුවන්ට අපි දෙන එකම දායාදය. ඒක තුළ තමයි පන්තිය එහා මෙහා කරන්න පුළුවන් හැකියාවක් තියෙන්නෙ. අපේ වටිනාකම් ස්ථාපිත වෙන්නෙ ඒකෙන්. සාධාරණය ඉෂ්ඨ වෙන්නෙ ඒකෙන්. ඉතින් ඒ මූලික ප්‍රශ්නවලට මුහුණ නොදී ලෝක බැංකුවෙන් දෙන ඩොලර් මිලියන දෙසීය ලබාගන්න කරපු මේ විෂය නිර්දේශ සංශෝධනය දිගටම යනවා. මේක ගෝඨාභය රාජපක්ෂ කාලෙ කරපු එකක්. වෙනස් වෙලා නෑ. ඒකෙ අර ධවල පත්‍රිකාවකුත් නැහැ. 

අගමැතිතුමිය අධ්‍යාපන ඇමතිතුමිය විදිහට දුන්න Power point එකෙත් අන්තිම Slide එකේ සාකච්ඡා කළ යුතු අංශ අතර අධ්‍යාපන දෙපාර්තමේන්තුව තියෙනවා, අධ්‍යාපන ප්‍රකාශක අංශය තියෙනවා, විභාග දෙපාර්තමේන්තුව තියෙනවා, අධ්‍යාපන කොමිසම තියෙනවා, ජාතික අධ්‍යාපන ආයතනය තියෙනවා. ඒ පහයි ඊට අමතරව තියෙන්නෙ පෞද්ගලික අංශය. ගුරුවරු නෑ. වෘතිය සමිති නෑ. ශිෂ්‍යයෝ නෑ. වෙන පාර්ශ්වයන් නෑ. විශ්වවිද්‍යාලයේ අය නෑ. මේක කලින් ආණ්ඩුව කරපු එකක්. අඩුතරමෙ ඒකවත් වෙනස් කරේ නෑ. වෙන එකක් තියා එතන තියෙන මුල් පිටපත්වල අධ්‍යාපන අමාත්‍යංශයේ නමත් වැරදියි. රනිල් වික්‍රමසිංහගෙ අධ්‍යාපන අමාත්‍යංශය තමයි එතන තිබ්බෙ. මං කියන්නෙ මේක දැවැන්ත නොසැලකිල්ලක් නෙ.

ඒත් අපි දන්නව ආණ්ඩුවට විරුද්ධ අය මේක වවාගෙන කනවා. ආණ්ඩුවට පක්ෂ අය; මම ඒක හඳුන්වන්නෙ කඩේ යන නඩේ කියල. ඒ අය මේක පිරිසිදු කරන්න හදනවා. එක එක ඒවා අරගෙන කතා කරනවා. අපි ඒ දේශපාලන වාසි අවාසි පැත්තක තියල එකතු වෙලා මේ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරමු. මේක කළ නොයුතු දෙයක්. හදිසියේ කරන්න බැහැ. ගුරු පුහුණු කරන්න බෑ මේ තත්ත්වය මත. ඒ පෙළපොත් අයින් කරන්න ඕනෙ. ඒවා ඉතාම ප්‍රාථමික මට්ටමේ තියෙන්නෙ. ගැටලුත් ප්‍රාථමික මට්ටමේ. ඒකෙ තියෙන Internet Links ඉතා ම වැරදියි. සැලකිල්ලක් නෑ. අති ඛේදනීයයි මේක.

ඉතින් මේ වෙනුවෙන් විශ්වවිද්‍යාලයේ ඉන්න ආචාර්ය මහාචාර්යවරු මේ පක්ෂයේ ඉන්නවලු, මේ කණ්ඩායමේ ඉන්නවලු. එතකොට ජාතික අධ්‍යාපන කොමිසමේ පත්කිරීම් ගැනත් අපි දන්නවා. ජාතික අධ්‍යාපන ආයතනයේ ඒකෙ පාලක කමිටුවේ ඉන්නව විශ්වවිද්‍යාලයේ කට්ටිය. ඒ අය බලන්නෙ නැද්ද මේක? වගවෙන්නෙ නැද්ද ? ජාතික අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි අංශය ගැන බලන්නකො. ඒකෙ හිටපු අධ්‍යක්ෂ දැන් ජාතික අධ්‍යාපන ආයතනයේ ඉහළ නිළයක් දරනවා. එයාගෙ ඇබෑර්තුව පුරවලා නැහැ. එතන ඉන්නෙ එකම තාවකාලික සහකාර ආචාර්යවරයෙක් විතරයි. අනිත් අය පිට කට්ටිය. ඇයි විද්වත් අය දාන්නෙ නැත්තෙ මේකට. ඇයි මේකට කාලය ගන්නෙ නැත්තෙ? මේකට කාලය ගන්න ඕනෙ. 

මේක තුළින් අපේ ශිෂ්‍යයන්ගේ තියෙන අවස්ථාව අහිමි කරන්න එපා. නැවත නැවත මම කියන්නෙ අධ්‍යාපනයේ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්නවලට වගකිවයුතු අයට කිසිම පාලනයක් නැතුව මේවා විසඳන්න ඉඩ දෙනව ද ? අගමැතිතුමියගේ හෘද සාක්ෂිය ඉඩ දෙනව ද මෙහෙම දෙයක් කරන්න? ඊට පස්සෙ එක එක ප්‍රශ්න මතු කරනවා. එතකොට කඩේ යන නඩේ ඒව පිරිසිදු කරනවා. නොයෙක් විදිහෙ ඒව කියනවා. විපක්ෂයේ අය කොහොමද මේව කතා කරන්නෙ, අනිත් අය මොනවද කියන්නෙ ඒක නෙවෙයි අදාළ. පණිවිඩ ගේන කෙනාට දෝෂාරෝපණයක් නෙවෙයි අවශ්‍ය වෙන්නෙ. මොන විදිහෙ හොරෙක් පණිවිඩය ගෙනාවත් පණිවිඩය බලන්න.

මේ සංශෝධනය වැරදියි. මේ පෙළපොත සම්පූර්ණයෙන් අලුත් කරන්න ඕනෙ. මේවා කඩිමුඩියෙ කරන්න බෑ. මේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ වගේ ඒවා පලැස්තර අලවනව වගේ කරන්න බෑ. ඒවට අවුරුද්දක් දෙකක් යනවා. පුහුණුවක් කරන්න ඕනෙ. ඉංග්‍රීසි පුහුණුවක් කෝ ? ජාතික අධ්‍යාපන ආයතනය අතේ මේ පුහුණුව තියෙන තාක්කල් ඉංග්‍රීසි අධ්‍යාපනය පිරිහෙනව පිරිහෙනවමයි. ඒක අපි දන්නවා. ඒක අපි අත්විඳල තියෙනව. අපි දැකල තියෙනව ඒක. ඒකට සාක්ෂි තියෙනව. ගුරුවරු නෑ ඒව කරන්න. පුහුණුකරන ක්‍රමවේදය වැරදියි. හැබැයි ඉතින් ඒක කුමන්ත්‍රණයක්. 

ඉංග්‍රීසි උගත් පැලැන්තියට අවශ්‍යයි ඉංග්‍රීසි කියන වරප්‍රසාදය ආරක්ෂා කරන්න. ඉතින් ඒ අය මුකුත් කියන්නෙ නෑ මේ ඛේදවාචකය ගැන. ඉංග්‍රීසි පෙළපොත් වැරදියි, ඉගැන්වීමේ ක්‍රම වැරදියි. උගන්නන ගුරුවරුන්ගේ හැකියාවන් වර්ධනය වෙලා නෑ. ඒ පුහුණුව හරියට පටන්ගෙන නෑ. ඉතින් ඒ කුමන්ත්‍රණයට මේ අය කැමතියි. ඉතින් මම කෙටියෙන්ම කිව්වොත්. ඉංග්‍රීසි අධ්‍යාපනය අසාර්ථක වීම මේ පන්තියේ සාර්ථකත්වය හැටියට මනින්නෙ. එතකොට ඒගොල්ලන්ගෙ වරප්‍රසාද රැකෙනවා.

අගමැතිතුමිය මේක පක්ෂ මට්ටමෙන් බලන්න එපා. ඔබතුමියට අපිව පිළිකුල් වෙන්න පුළුවන්. අපිව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නෙ. අධ්‍යාපනය වටිනවා. ඒ අධ්‍යාපනය වෙනුවෙන් අපි එකතු වෙන්න ඕනෙ. මම කඩේ යන නඩේටත් කියන්නෙ මේකයි කඩේ ගියා ඇති. නඩෙත් කතා කරා ඇති. මේ ප්‍රශ්නයට අපි මුහුණදෙමු. දැන් මගේ සහෘදයොත් ඉන්නවා. ඒගොල්ලොත් කියනවා අපි මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න ඕනෙ කියල. හැබැයි අධ්‍යාපනය ආරක්ෂා කරන්නෙ කවුද? අධ්‍යාපනය ආරක්ෂා කෙරෙන්නෙ නැද්ද? ඒක තමයි මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නය.

***********************************



******************තවත් අදහසක් 

රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ඇයි 

අවශ්‍යද?  එය අපේ සමාජයට ඇති බලපෑම


ශ්‍රී ලංකාව අද වැදගත් මංසන්ධියක නිරතව සිටී. අප රට දිගු කාලයක් පුරා නිදහස් අධ්‍යාපනය සහ උසස් සාක්ෂරතා අනුපාතය පිළිබඳ ගෞරවය ගෙන ඇත. එහෙත් අද ලෝකය වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර, අපගේ අධ්‍යාපන පද්ධතිය එම වෙනස්වීම් සමඟ පියවර තබාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇත.

වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ ගැටලු

අපගේ අධ්‍යාපන ක්‍රමය තවමත් විභාග කේන්ද්‍රිතය. සිසුන්ගෙන් බලාපොරොත්තු වන්නේ මතක තබාගෙන උත්තර ලියන එකයි.

එහෙත් අද රැකියා වෙළඳපොළට අවශ්‍ය වන්නේ:

 • ගැටලු විසඳන හැකියාව

 • විවේචනාත්මක ලෙස සිතීම

 • තාක්ෂණික දැනුම

 • කණ්ඩායමක් ලෙස වැඩ කිරීම

 • නායකත්වය සහ සන්නිවේදන කුසලතා

මෙම කුසලතා බොහෝ සිසුන්ට පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ලැබෙන්නේ නැත. එය උපාධිධාරී बेरोजගාරීභාවයටත්, රැකියාව හා අධ්‍යාපනය අතර නොගැළපීමටත් හේතු වී ඇත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන්නේ කුමක්ද?

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන්නේ අධ්‍යාපනය විනාශ කිරීමක් නොවේ.

එය අධ්‍යාපනය නව යුගයට ගැළපෙන ලෙස යාවත්කාලීන කිරීමකි.

මෙහි අරමුණු වන්නේ:

 • විභාගය මත පමණක් පදනම් නොවූ ඉගෙනුමක්

 • තාක්ෂණය හා ඩිජිටල් දැනුම පාසල්වලට ගෙන ඒම

 • සිසුන්ට සිතීමට, ප්‍රශ්න කිරීමට, සහ නව අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථා ලබාදීම

 • රැකියා වෙළඳපොළට ගැළපෙන කුසලතා වර්ධනය කිරීම

මෙය සමාජයට ඇති ප්‍රතිලාභ

හොඳ අධ්‍යාපන පද්ධතියක් රටේ සමාජයම ශක්තිමත් කරයි.

 • දරුවන්ට හොඳ රැකියා අවස්ථා ලැබේ

 • පවුල්වල ආර්ථික තත්ත්වය වැඩිදියුණු වේ

 • ව්‍යාපාරිකත්වය සහ නව නිර්මාණ වර්ධනය වේ

 • සමාජ අසමානතාව අඩු වේ

ඊට අමතරව, හිතාමතා සිතන, දැනුවත් පුරවැසියන් බිහි වීම මගින් දේශපාලනික රැවටිලි වලට ලක් වීමත් අඩු වේ.

දේශපාලනයෙන් ඉවතට ගෙන යා යුතු විෂයයක්

අධ්‍යාපනය දේශපාලන ක්‍රීඩාවක් විය යුතු නැත.

රජය කවුරු වුවත්, විපක්ෂය කවුරු වුවත් දරුවන්ගේ අනාගතය පළමුව තැබිය යුතුය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රමාද වන සෑම අවස්ථාවකම, අහිමි වන්නේ දේශපාලනඥයින්ට නොව, අපේ දරුවන්ටයි.

නිගමනය

ශ්‍රී ලංකාවට නවීන, ප්‍රයෝජනවත්, සහ ලෝකයට ගැළපෙන අධ්‍යාපන පද්ධතියක් අවශ්‍යය.

එය අද නොකළහොත්, හෙටට එහි මිල ගෙවීමට සිදුවන්නේ අපේ දරුවන්ටය.

අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම රටේ අනාගතය ආරක්ෂා කිරීමක් වන අතර, එය කාලය ඉක්මවා ඇති අත්‍යවශ්‍ය කාර්යයකි.

********************

මගේ අදහස වැරදි තිබෙනවානම් හදාගෙන මේවා අනිවාර්යයයෙන්ම ක්‍රියාත්මක කල යුතුයි කියන එක . 

මේ ධර්ම චක්‍රය වැරදියි කියල හදපු බොරු කතාව ගැන : https://www.facebook.com/share/v/1GjP29K3sg/

- කොළඹ ගමයා 

1 comment:

ප්‍රතිචාරයට ස්තූතියි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීම

  ලෙනින් ගේ ප්‍රසිද්ධ කතාවක් තියනව අහල නැත්ද? පියවරයක්  ඉදිරියට පියවර දෙකක්  පස්සට කියල. 1903 දී බ්‍රසල්ස් වලදී රුසියානු සමාජ  ප්‍ප්‍රජාතන්ත...