වෛද්‍ය වර්ජනය

 


රෝගී ජීවිත බිල්ලට අරගෙන කරන වැඩවර්ජන නතර කරන ලෙස ඉල්ලීමක් මේ වෙලාවේ කරන්න කැමතියි. පසුගිය මාස දෙක, දෙකහමාරක පමණ කාලයක් තිස්සේ, විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තැන් කිහිපයකම වැඩ වර්ජන දියත් කළා.

එක් සිද්ධියක් වාර්තා වුණා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලෙන්. දෙහිඅත්තකණ්ඩිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් බාහිර රෝගී අංශයට දිනකට හාරසිය පනහක්, පන්සියක් පමණ රෝගීන් පැමිණෙන, සතියකට සායන වලට (Clinics) එක්දහස් දෙසියක් පමණ පැමිණෙන රෝහලක්. දිනකට ඇතුළත් කරගන්නා (Admission) රෝගීන් ප්‍රමාණය එකසිය විස්සක්, එකසිය හතළිහක් පමණ වන, නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය සපයන්න අපට තිබෙන ඉතාම වැදගත් රෝහලක් මෙය.

මේ රෝහලේ කටයුතු ඔක්තෝබර් පළමු වෙනිදා සිට ඔක්තෝබර් 7 දක්වා දවස් හයක්, හයහමාරක් විතර වැඩ වර්ජනයක් නිසා අක්‍රිය වෙලා තිබුනා. මොකක්ද මේකට හේතුව?

ඒකට හේතු වුණේ එහෙ ඉන්න වෛද්‍යවරු දෙදෙනෙකුට ස්ථාන මාරු ලබා දීමයි. එක් වෛද්‍යවරයෙක් ඩබ්ලිව්. දහනායක. ඒ වෛද්‍යවරයා 2008 මාර්තු 22 තමයි දෙහිඅත්තකණ්ඩිය රෝහලට පත්වීම ලබා ගන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔබතුමා දන්නවා, මේ වෛද්‍යවරුන්ට අවුරුදු හතරෙන් හතරට ස්ථානමාරුවීම් ලැබෙනවා.


2008 මාර්තු 22 මේ රෝහලට පත්වීම් ලබා ගත්ත මේ වෛද්‍යවරයා 2025 වෙනකම් එක දිගට සේවය කරනවා. ඔහුට 2013 දී ස්ථාන මාරුවක් ලැබෙනවා. යළිත් ඒක හදා ගන්නවා. ඒ රෝහලේ රැඳෙමින් සිටියදී 2017 දී ඔහුට නැවත ස්ථාන මාරුවක් ලැබෙනවා ලිහිණියාගම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකයට. 2017 සැප්තැම්බර් 15 දෙහිඅත්තකණ්ඩියෙන් නිදහස් වෙලා, 2017 සැප්තැම්බර් 16 අර රෝහලට යන්න නියමිතව තිබුණා. නැවත 2021 දී ඔහුට පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලට ස්ථාන මාරුවක් ලැබෙනවා. එයත් ක්‍රියාත්මක වෙන්නෙ නෑ.

ඒ අනුව 2008 ඉඳලා 2025 වෙනකම්ම එකදිගට අවුරුදු දහඅටක් මේ රෝහලේ සේවය කරපු වෛද්‍යවරයාට එරෙහිව, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ප්‍රශ්නයක් පැනනගිනවා ඔහුට කොහොමද වැටුප් සහ අතිකාල ගෙවන්නේ කියලා. මේ සම්බන්ධව විගණන විමසුමක් (Audit Query) එනවා. මෙන්න මේ විගණන විමසුම නිසා අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මේ වෛද්‍යවරයාව 2025 සැප්තැම්බර් 5 වෙනිදා නිදහස් කරනවා. ඊට කලින් ඔහු ඒ මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරි හැටියට රාජකාරි ආවරණය කරමින් හිටියා.

2024 මැයි මාසෙ 24 වෙනිදා වෙනත් වෛද්‍යවරයෙක් වැඩ බලන පදනමෙන් වෛද්‍ය අධිකාරි ලෙස පත් වෙනවා. මෙන්න මේ අවුරුදු දහඅටක් එකම තැන හිටපු වෛද්‍යවරයා මාරු කිරීමට එරෙහිව තමයි මේ ස්ට්‍රයික් (Strike) පටන් ගන්නෙ. මේකේ කිසිම සාධාරණයක් නෑ.

ඊළඟට තව වෛද්‍යවරයෙක් හිටියා පී.පී. විජේසිංහ කියලා. 2021 පෙබරවාරි 15 ඉඳලා ඔහු ඒ රෝහලේ සේවය කරනවා. අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ HDU (High Dependency Unit) එකේ සහ දැඩි සත්කාර ඒකකයේ ඇතිවෙච්ච වෛද්‍යවරුන්ගේ හිඟයක් නිසා ඒ කටයුතු පවත්වා ගැනීමට නොහැකියි කියලා අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා දැනුම් දුන්නා. ඒ අනුව මේ ස්ථාන මාරුවීම්වලට සුදුසුකම් ලබා හිටපු මේ වෛද්‍යවරයාව ඒ රෝහලට මාරු කරනවා.

මෙන්න මේ ස්ථාන මාරු දෙක පදනම් කරගෙන තමයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ජනතාවට දවස් හයක්, හයහමාරක් තමන්ගේ සේවාව ලබානොදෙන ආකාරයට මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියා කරන්නේ. ඒක කිසිසේත් සාධාරණ නෑ.

ඊට පස්සෙ සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට මම, අපේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රමුඛ තිදෙනෙකුගේ කමිටුවක් පත් කළා. අමාත්‍යාංශ ලේකම්වරයා ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කළා. ඒ අනුව අර අවුරුදු දහඅටක් එකතැන හිටපු වෛද්‍යවරයාට දිස්ත්‍රික් මහ රෝහලට ස්ථාන මාරුව සඳහා මාසයක කාලයක් ලබා දෙන්නත්, අනෙක් පැත්තෙන් අනික් වෛද්‍යවරයාගේ හදිසි ස්ථාන මාරුව නතර කරලා ඊළඟ පශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිස්තුවෙන් පත්වීමක් ලබා දෙන්නත් තීරණය කළා.



ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අවුරුදු දහඅටක් එක තැන වැඩකරපු වෛද්‍යවරයෙක් මාරු කිරීම අපි මාසයකට කල් තිබ්බා. අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රශ්නයක් පැන නැගිලා තිබියදීත් ඒ වෛද්‍යවරයාගේ මාරුවීම තාවකාලිකව නතර කරලා සෞඛ්‍ය අමාත්‍යාංශය යම් තීන්දුවක් ගත්තේ මේ වැඩවර්ජන නතර කරන්න උවමනාව තිබෙන නිසා. නැත්තං අවුරුදු 18 ක් එක තැන ඉන්න කෙනෙක් මාරු කරනවා කියන එක හරිම සාධාරණයි. හැබැයි ඒ තීන්දුව ගත්තේ මේ දෙහිඅත්තකණ්ඩිය ඇතුළු නැගෙනහිර පළාතේ ජනතාවට දිගින් දිගටම දවස් පහක් හයක් තිස්සේ වැඩ වර්ජනයට මුහුණ දෙන්න සිදුවෙලා, රෝහල් කටයුතු අකර්මණ්‍ය කරලා, අඩපණ කරලා තියෙන කොට අපිට කරන්න සිද්ධ වුණේ රෝහල් කටයුතු යළි ආරම්භ කිරීම පමණයි. ඒ ස්ථානමාරු ටික තාවකාලික පදනමින් යම් යම් වෙනස්කම් ටිකක් කරන්න අපි තීරණය කළේ ජනතාව ගැන හිතලා. හැබැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ස්ථාන මාරු දෙක පදනම් කරගෙන දවස් හයක් නැගෙනහිර පළාතේ සෞඛ්‍ය කටයුතු අකර්මණ්‍ය කළා.

ඊළඟට ආව අක්කරේපත්තුව ප්‍රශ්නය. අපි මේ ගැන පාර්ලිමේන්තුවේත් කතා කළා. අක්කරේපත්තුවේ වෛද්‍ය අධිකාරීවරයා මාරු කරන්න කියලා, ආයෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ අවුරුද්දේ ජනවාරි 13 ඉඳන් ජනවාරි 22 වෙනකම් දවස් අටකට වඩා වැඩියි වැඩ වර්ජනයක් කළා. ඒත් නැගෙනහිර පළාතේ වෛද්‍යවරු හිඟයි. උපකරණ ප්‍රශ්න තියෙනවා. සම්පත්වල ප්‍රශ්නයක් තියෙනවා. එහෙම තිබියදී ආයේ සැරයක් අක්කරේපත්තුවෙන් පටන් අරගෙන නැගෙනහිර පළාතේම රෝහල් අකර්මන්‍ය කරන ආකාරයේ වැඩ වර්ජන දියත් කළා.

එතකොට මේ වෛද්‍ය අධිකාරීවරයාට එරෙහිව පැමිණිලි කිහිපයක් ලැබිලා තිබෙනවා. මේ ගැන විභාග කරමින්, පරීක්ෂණ කරමින් හිටියේ. පැමිණිලි විභාග කරන්න පත් කරලා තිබුණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේම නිලධාරියෙක්. ඒ පැමිණිලි අනුව පමණක් වෛද්‍ය අධිකාරීවරයාගේ වැඩ තහනම් කරන්න බැහැ. ඔහොම පාරේ යන්නත් බෑ. හැබැයි ඒ රෝහලේ වැඩ කරපු වෛද්‍යවරු කියපු නිසා, මේ වෛද්‍ය අධිකාරිවරයා යටතේ වැඩ කරන්න බැහැ, තර්ජනය කරනවා කියල, ඒ මත පදනම් වෙලා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍ය අධිකාරීවරයාව පරීක්ෂණ පැවැත්වෙන තෙක් තාවකාලිකව රෝහලෙන් ඉවත් කළා.

නියෝජ්‍ය කතානායකතුමනි, අවශ්‍ය නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට තිබුණා වෛද්‍ය අධිකාරිවරයා එලෙසම තබාගෙන පරීක්ෂණ කරන්නත්. හැබැයි නැගෙනහිර පළාතේ ජනතාව දිගින් දිගටම මුහුණ දෙන මේ ප්‍රශ්නය නිසා, මේ දවස් පහේ හයේ හතේ වැඩ වර්ජන කරලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ කරපු වැඩේ නිසා අපි තාවකාලිකව ඒ වෛද්‍යවරයා වෙන තැනකට මාරු කරලා පරීක්ෂණ කඩිනම් කරන්න තීන්දු කළා.

ගරු කථානායකතුමනි, අපිට තේරුනා දේවල් සිද්ධ වෙන විදිහ. ඊළඟට මෙහෙම තිබියදී ඊයේ අයි හොස්පිටල් එකේ (Eye Hospital) හෙවත් කොළඹ ජාතික අක්ෂි රෝහලේ හදිසියේ වැඩ වර්ජනයක් දියත් කරනවා. අක්ෂි රෝහලට සාමාන්‍ය දවසකට ඕ.පී.ඩී (OPD) එකට රෝගීන් හත් සියයක්, හත්සිය පනහක් විතර එනවා. ඇඩ්මිෂන් (Admission) සාමාන්‍යයෙන් එකසිය අසූවක් විතර තියෙනවා. සාමාන්‍යයෙන් කැෂුවලිටි (Casualty) එකට හෙවත් හදිසි අනතුරු අංශයට රෝගීන් එකසිය දහයක් විතර එනවා. අක්ෂි රෝහලට රෝගීන් එන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් විතරක් නෙවෙයි. ඔබතුමා දන්නවා අනුරාධපුරයෙන්, පොළොන්නරුවෙන්, අම්පාරෙන් සහ රටපුරා රෝගීන් උදේ පාන්දර එනවා, ඊට කලින් දවසේ ඉඳන් ඇවිත් ප්‍රතිකාර ගන්න බලාගෙන ඉන්නවා.

එහෙම රෝගීන් ආපු වෙලාවක කිසිදු දැනුම්දීමකින් තොරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයක් දියත් කළා. සාධාරණ කේන්තියක් මිනිසුන්ට එනවා. මොකක්ද හේතුව? ඒකේ අධ්‍යක්ෂවරයාට සිද්ධවුණා විගණන විමසුමකට (Audit Query) උත්තර දෙන්න. එකසිය විසි එකයි ඉන්නේ, අපිට ඉන්න පුළුවන් කාඩර් (Carder) එක අනුව එකසිය විසිපහක් වෛද්‍යවරු ඉන්නවා. ඒ අනුව වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදුන්නා.

එක්කෙනෙක් ඩොක්ටර් ඩබ්ලිව්. ජී. එස්. චතුෂ්ක. ඔහු 2018 ඉඳලා මේ ජාතික අක්ෂි රෝහලේ සේවය කරනවා. ඔහුට 2022 ජාතික රෝහලට ස්ථාන මාරුවක් ලැබිලා තිබුණත් ගිහින් නෑ. ඒ නිසා ඔහුට ස්ථාන මාරුවක් ලබා දුන්නා.

තව එක්කෙනෙක් ඉන්නව ඩොක්ටර් එස්. පී. කොළඹගේ. 2013 හත්වැනි මාසේ 18 ඉඳලා ජාතික අක්ෂි රෝහලේ සේවය කරන්නේ. 2013 දී ඉඳන් බැලුවම අවුරුදු දහතුනක් දැන්. 2021 සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිදහස් වෙලා තිබුණා කිව්වට ඒක හරියට පැහැදිලි නෑ. දැන් අවුරුදු දහතුනක් හිටපු කෙනෙක්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභිකයෙක්ලු. හැබැයි 2013 ඉඳන් හිටපු කෙනෙක්ව මාරු කරන්න හදනකොට ප්‍රශ්න ඇති කරනවා. මේ දෙදෙනා සේවය කරපු ඒකකවල විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අහලා, ඒ රෝහල් සේවා අඩපණ වෙන්නේ නෑ කියන ස්ථිර සහතිකය මත තමයි රෝහල් අධ්‍යක්ෂවරයා තීන්දු කළේ මොවුන් මුදා හරින්න.

ඒ ට්‍රාන්සර් (Transfer) මත පදනම්ව මම කියන්නේ, අවුරුදු දෙකක් තුනක් ගිය කෙනෙක් නම් කමක් නෑ. හැබැයි ඒ අධ්‍යක්ෂවරයාට ප්‍රශ්නයක් තියෙන නිසා තීන්දුවක් ගත්තා. ගරු නියෝජ්‍ය කථානායකතුමා, අපි ඒ තීන්දුව සෞඛ්‍ය අමාත්‍යාංශය මදකට නතර කරා. ඇයි? රට පුරා ඉඳන් එන අක්ෂි රෝගීන් පීඩාවට පත්වන නිසා. මේ වැඩවර්ජන ඉස්සරහට ගියා නම්, අක්කරේපත්තුවේ දවස් දහ අටකට විතර, ඊට කලින් දෙහිඅත්තකණ්ඩිය දවස් ගාණක්, දැන් අක්ෂි රෝහලේ පටන් ගන්නවා. මේ රෝගීන් පීඩාවට පත්වෙන නිසාම අපි සමහර තීන්දු අකුල ගත්තා.

හැබැයි අපිට පේනවා මේ යන්නේ මොකක්ද කියල. තමන්ගේ සාමාජිකයන්, තමන්ගේ විධායක සභිකයන් සමහර වෙලාවට අවුරුදු 13, 15, 2008 ඉඳන් අවුරුදු දහඅටක් එකම තැන ඉන්නවා. මේ අයගේ පෞද්ගලික ප්‍රශ්න තියෙනවා. හැබැයි අර දුෂ්කර රෝහල්වල අවුරුදු 4, 5, 6 ඉඳලා ට්‍රාන්සර් එන්න බැරි දහස් ගාණක් ඉන්නවා.

අපි අවුරුදු දහතුනකට පස්සේ, ගිය දෙසැම්බර් මාසේ මේ ලංකාවේම වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කරන්න හිටියේ. අවුරුදු ගණන් එකතැන ඉන්න අය යන්නේ නෑ. එතකොට අනිත් කෙනෙකුට එන්න හම්බෙන්නෙත් නෑ. දැන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීමට හතර සැරයක් අපි ඒ ස්ථාන මාරු කරන දින ප්‍රමාණය කල් දැම්මා. අපිට ඕනකම තිබුණේ සෞඛ්‍ය සේවාවට බලපෑමක් වෙන්නේ නැතුව, ඒක අඩපණ කර ගන්නැතුව, වෘත්තීය සමිති බාධාවක් නැතුව මේ ස්ථාන මාරු කර ගන්න.

මම අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට කිව්වා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අය ගෙනල්ලා සාකච්ඡා කරලා, පළාතෙන් පළාතට මේ ප්‍රශ්න වෙන්නේ කොහොමද කියල බලන්න. අපි එහෙම නම්‍යශීලී වුණා. එහෙම තිබියදී හතර සැරයක් මේක කල් දැම්මා. දැන් මම දන්න සමහර වෛද්‍යවරු රෝහල්වල තමන්ගේ දරුවා අදාළ පාසලට ඇතුළත් කරලා, ඒගොල්ලො ට්‍රාන්සර් එකට ලෑස්ති වෙලා, බඩු පටවලා යන්න බලාගෙන ඉන්නේ. එහෙම තිබියදී අපි මේක නම්‍යශීලි වුණා.

හැබැයි අපි එහෙම කටයුතු කරද්දී ආයෙම සැරයක් මේ රටේ දැන් ආපදාවට පත් වෙලා, ආර්ථික අර්බුදයෙන් ගොඩඑන, යන්තන් දින පනහක් යන්න ඔන්න මෙන්න තියෙද්දි, අපි වැටුප් වැඩිවීම් ලබාදීලා තිබියදීත්, අසාධාරණ ලෙස මේ වෙලාවේ දෙන්න බැරි ආර්ථික ඉල්ලීම් පදනම් කරගෙන කවුරුහරි රෝගීන් ඇපයට තබා ගෙන පැය 48, සතියේ දවස් දෙකේ වැඩ වර්ජනවලට යන්න හදනවා. ඒක අසාධාරණයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි.

මට තේරෙනවා අද විපක්ෂ නායකතුමා සහ ඒ පැත්තෙ කට්ටිය මේ වැඩ වර්ජන ගැන වැඩිය කතා කරන්නේ නැත්තේ ඇයි කියලා. මොකද ඊයේ වෙනකොටම අර අලුතෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලයට ගත්ත, අපි ඉන්ටඩික් (Interdict) කරපු, අපි පරීක්ෂණ කරන දොස්තර මහත්තයා එහෙම මේකට සුබ පතලා, කට්ටියට එන්න කියලා, වැඩවර්ජන වලට සහාය දෙන්න කියලා කියනවා මම දැක්කා. චමල් සංජීව වගේ අය එහෙම දන්නවා ඇති.

අපට තේරුණා මේ විපක්ෂ නායකතුමා දැන් මේ ගොලු වෙලා ඉන්නේ ඇයි කියලා. වෙනදා කොහේ වැඩවර්ජනයක් ගියත් මෙතන ලොකු සද්දයක් දාන කෙනා අද සද්දයක් නොකර ඉන්නේ ඇයි කියලත් අපි දන්නවා. ඒ නිසා මම කරුණාකරලා කියන්නේ, මේ වෙලාවෙ මං විශේෂ ස්තුතිවන්ත වෙනවා, මේ වැඩ වර්ජනයට අපේ රටේ විශේෂඥ වෛද්‍යවරු දායක වෙන්නෙ නෑ. අපේ රටේ සමහර රෝහල් වල සාමාන්‍ය වෛද්‍යවරු දායක වෙන්නෙත් නෑ.

තේරුම් ගන්න, මේ අද හෙට අතට ලැබෙන වැටුප වැඩි වෙලා තියෙන්නෙ. එහෙම අතට වැඩි වැටුපක් ලැබෙන වෙලාවෙත් අසාධාරණ ලෙස ජනතාව සහ රෝගීන් අපහසුතාවට පත් කරමින් වැඩ වර්ජන කරන එකේ කිසිම සාධාරණයක් නෑ. රුපියල් එක්ලක්ෂ පනස් දහසක් ගත්ත කෙනාට දැන් දෙලක්ෂ තිස් එක් දහස් පන්සිය විස්සක් අතට ලැබෙනවා. අපි ආණ්ඩුව බාරගන්න එන්න කලින් දෙලක්ෂ හැත්ත දෙදාස් පන්සිය හැට දෙකක් ලැබෙනවා නම්, කලින් ලක්ෂ තුනක් ගත්ත කෙනාට දැන් තුන්ලක්ෂ හැට දාහක් ලැබෙනවා නම්, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආර්ථිකය වර්ධනය වෙනකොට දෙන්න පුළුවන් තව සහන දෙනවා.

මේ සියල්ල කරමින් ඉද්දි, කරුණාකරලා මම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් කියන්න කැමතියි රෝගීන් බිල්ලට තබාගෙන මේ වගේ අසාධාරණ වැඩවර්ජන කරන්න එපා. අක්කරේපත්තුවේ, දෙහිඅත්තකණ්ඩියේ, ජාතික අක්ෂි රෝහලේ අපි සමහර තීරණ පස්සට ගත්තේ මේ වැඩ වර්ජන ඉල්ලීම අසාධාරණයි කියලා දැනගෙනත්. අවුරුදු දහ අටක්, අවුරුද්දක් එකම කෙනා ට්‍රාන්සර් කරගන්න ගත්ත තීන්දුව හරි කියලා දැනගෙන තමයි අපි තීන්දු තාවකාලිකව අකුලා ගත්තේ. ඒ මේ රටේ ජනතාවට අඛණ්ඩ සේවාවක් ලබාදෙන්න ඕන නිසා.

සෞඛ්‍ය අංශයේ ප්‍රශ්න තිබෙනවා. ඖෂධ සැපයීමේ ප්‍රශ්න තියෙනවා, උපකරණ ප්‍රශ්න තියෙනවා. ඒ ඔක්කොම තියාගෙන ජනතාවට සේවාවක් සැපයීම අරමුණු කරගෙන තමයි සමහර තීන්දු අපි ගත්තෙ. හැබැයි මේ විදිහට දිගටම වැඩ වර්ජන කරමින් ජනතාව බිල්ලට ගන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරන උත්සාහය අපි හෙළා දකිනවා. මම සමස්ත වෛද්‍යවරුන්ට, ශ්‍රේණි වෛද්‍යවරුන්ට, විශේෂඥ වෛද්‍යවරුන්ට, පරිපාලන වෛද්‍යවරුන්ට හැමදෙනාගෙන්ම ඉල්ලීමක් කරන්න කැමතියි, අපි ඔබට ලබා දිය හැකි සියළු දේවල් ලබාදෙන්න සූදානම්. ආර්ථික වර්ධනයත් එක්ක ඉදිරියට යමු. ඒ නිසා කරුණාකරලා රෝගී ජීවිත බිල්ලට ගෙන කරන වැඩවර්ජන නතර කරන ලෙස ඉල්ලීමක් මේ වෙලාවේ කරන්න කැමතියි.

-සෞඛ්‍ය  ඇමැති නලින්ද  ජයතිස්ස 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීම

 


ලෙනින් ගේ ප්‍රසිද්ධ කතාවක් තියනව අහල නැත්ද? පියවරයක්  ඉදිරියට පියවර දෙකක්  පස්සට කියල. 1903 දී බ්‍රසල්ස් වලදී රුසියානු සමාජ  ප්‍ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂ සම්මේලනයේ පසු බැසීම ගැන ලෙනින් පොඩි පොත් පිංචක් ලිව්වා. 

අධ්‍යපන ප්‍රතිසංස්කරණ  බයේ හකුලා ගන්න කතාව තේරුමක් නැති දෙයක්. විමල්ට ආරංචිය ගිහින් තියනවා කොහොම හරි. ඒකත් හොයන්න ඕනේ දෙයක්. නමුත් මේ අධ්‍යාපන මොඩියුල් වල ප්‍රශ්න ගොඩක් තිබෙනවා. ඒවා බලන්න හිටි කට්ටිය හරියට බලල  නැහැ කියන එක විතරයි දැනට දන්නේ. සමලිංගික ලින්ක් එක ඇදල ගත්තට , ඉතිහාස මොඩියුල්  එකේ වැරදි තියෙනවා කියල මහාචාර්ය නිර්මාල් දේවසිරි කිව්වා. ඉංග්‍රීසි මොඩියුල් එකෙත්  වැරදි ගොඩක් තිබෙනවා ලු . ඒවා අධ්‍යාපන විශේසන්ඥයන්ට වඩා ගුරුවරු කිහිප දෙනෙක් එකතු වෙලා හදපු  බවයි පේන්නේ . කරන දෙයක් හරියට කරන්න ඕනේ. ඒ නිසා මේ විධිහට කල් දැමීම හොඳ දෙයක්.  හරිනි  අමරසුරිය අගමැතිනියට වෙලාව නැත්නම් නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිට පුළුවන් මිට වැඩිය තදින් හොයා බලන්න. නිලධාරීන් හැම දෙයක්ම තිතට  කරයි කියල හිතන් හිටියොත් වැඩේ දෙල වෙනකන්ම දන්නේ නැති වෙයි. දැන් හැමෝටම පුළුවන්  වඩා අවධානයෙන් වැඩේ කරන්න.

මේක ලීවට පස්සේ දැන් හෝ ගාල කට්ටිය පෝස්ට් දානවා ෆේස්බුක් එකේ ප්‍ප්‍රතිසංස්කරණ රන වලට පක්ෂව .  ඒ වගේම විපක්ෂවත්  ලිපි තියෙනවා . මෙතැන දෙකක් දානවා : 
 
***************************************************

අධ්යාපන ප්රතිසංස්කරණ ගැන ඉතා කෙටියෙන්
1. අපි අධ්යාපන ප්රතිසංස්කරණ සිදුවිය යුතු බව පිළිගනිමු. අපි පමණක් නොව 1972 තරම් ඈත කාලයක සිට ප්රතිසංස්කරණ අවශ්යතාවය සාකච්ඡා වී ඇත. වාර්තා ඉදිරිපත් වී ඇත. ඇතැම් ඒවා සිදු කෙරි ඇත. නමුත් මූලික හරහාත්මක වෙනසක් සිදු වී නැත.
2. ගැටළුව තිබුණේ ප්රතිසංස්කරණ කිරීම ගැන නොවේ. ප්රතිසංස්කරණ මොනවාද ? ඒවා කරන්නේ කෙසේද ? කරන කාලය කුමක්ද යන කාරණා ගැනය.
3. ගෙනා ආ ඇතැම් ප්රතිසංස්කරණවලට හා ගෙනා ආකාරය ගැන, විරෝධයක් දැක්වු සියලු දෙනා පාර්ලිමේන්තුවේ සිටින විරුද්ධ පාක්ෂික බලවේග හෝ අගමැති තුමියට අපහාස කළ අය හෝ පොල්ගැසු අය නොවෙති. ඉන් එහාට ගිය විශාල සමාජ දේශපාලන ක්රියාකාරින්, විද්වතුන්, විශ්ව විද්යාල ආචාර්යවරුන්, ගුරු සංගම් ආදි විශාල පිරිසක් ද මෙම ක්රියාවලිය සම්බන්ධයෙන් විරෝධතා දැක්වු අය අතර විය. ඒ නිසා විරෝධය හා ප්රතිසංස්කරණ වසරක් හෝ පස්සට යාමේ වගකීම ඒ පිරිස වෙත පමණක් බැර කරන කතාවන් ඇත්ත සඟවයි.
4. ප්රතිසංස්කරණ කිරීමට පක්ෂ එහෙත් කරන ආකාරය ගැන විරෝධතා දැක්වු දඩිබිඩියේ මෙසේ කිරීම අවුල් සහගත බවත්, එය කාලය, සම්පත් නාස්ති කිරීමක් බවට පත් වි අනවශ්ය ගැටළු මතු කිරිමක් බවත්, එය ගෝඨාභයගේ කාබනික වගා ව්යාපෘතියට අත්වු ඉරණම වැන්නක් හිමිකරගනු ඇති බව පැවැසු පිරිසක්ද විය. අප අයත්වන්නේ ඒ පිරිසටය. සැබැ ප්රතිසංස්කරණ ක්රියාවලිය සඳහා සිදුවිය යුතු එහෙත් ආණ්ඩුව පැත්තෙන් නොසලකා හැරි කරුණු ඉදිරිපත් කළ පිරිසටය.
5. ගැටළුව 6 වසර ඉංග්රීසි පොතේ ලින්ක් එක නොවේ. එවැනි ගැටළු ඇති වීමට හේතු වූ ක්රියාත්මක වු ආකාරයේ හා සමස්ථ ක්රියාවලියේ ය. ලින්ක් එක පිළිබඳ ගැටළුවට පසු එවැනි ලින්ක් ඇතුළත් නොකළ යුතු යැයි මඟ පෙන්වීමක් සිදු කරන ලදී. සිදුවිය යුතු වන්නේ මඟ පෙන්වීම් ප්රමිතින් ලබාදීමෙන් පසු මොඩියුල ලිවීම හා ලියු මොඩියුල මුද්රණයට පෙර පරීක්ෂා කිරීමේ ක්රමය හොඳින් සකසා ක්රියාත්මක වීමයි.
6. ගැටළුවක් ආ විට ඒවා අපි පටන්ගත්තු දේවල් නෙවෙයි කියමින් කරන ප්රතිසංස්කරණයක් යනු තමන් තුළ ද ගැඹුරු විශ්වාසයක් නැති ක්රියාවලියක් නිසා රජය ඒ සඳහා තව වසරක්වත් ගෙන අදාල ක්ෂේත්රවල විශේෂයෙන් අධ්යාපනඥයින් හා ගුරුවරුන්ගේ අදහස් ලබාගෙන එය කළ යුතු බව අපිදු මුල සිට කීවෙමු. එසේ නොකිරීම නිසා දැන් සිදු වී තිබෙන්නේ වීරවංශ වැනි අයට පවා අනවශ්ය වටිනාකමක් එකතු වීමයි. ජනාධිපති තුමා 13 දා ගුරු වෘත්තීය සමිති සමඟ ගත් සාකච්ඡාව ගැනීමට තිබුණේ 2025 වසර මුලදීය. එය නොකිරීම ගැන අවංක පිළිගැනීමක් කළ යුතුය. 2027 දක්වා කල්යාමේ වගකීම හුදු විරෝධතාකරුවන් පිට නොදැමිය යුතුය. ආණ්ඩුව පැත්තෙන්ද එහි වගකීම භාර ගත යුතුය.
7. ආණ්ඩුව පැත්තෙන් අධ්යාපන ප්රතිසංස්කරණ ගැන කියු කරුණු වන්නේ ප්රතිසංස්කරණ ක්රියාවලිය තුළ විෂය නිර්දේශ අලුත් කිරිම පමණක් නොව කුළුණු පහකින් යුතු ප්රතිසංස්කරණ ක්රියාවලියක් පවතින බවයි. ඒවා නම්
1. යටිතල පහසුකම් වර්ධනය
2. විෂය මාලා සංවර්ධනය
3. පරිපාලන ප්රතිසංවිධාන
4. තක්සේරුව හා ඇගයීම
5. මහජනයා දැනුවත් කිරිම හා ප්රවර්ධනය
ඒ අංශ පහම ඉතා වැදගත්ය. ලංකාවට අවශ්යව ඇත්තේ අධ්යාපනයේ සමස්ථ ප්රතිසංස්කරණයකි.
8. නමුත් ලංකාවේ අධ්යාපනයේ පවතින ප්රධාන ගැටළුවක් මේ කුළුණු පහ තුළ ඇතුලත් නැත. ඒ වනාහි පාසල් පද්ධතියේ ඇති බරපතල විෂමතාවයයි. පාසල් පද්ධතියේ හෙවත් පාසල් ව්යුහයේ වෙනසක් නොමැති කිසිදු ප්රතිසංස්කරණයක් දුප්පත් දරුවන්ට සාධනීයව බලපාන්නේ නැත. හයවැනි කුළුන ලෙස පාසල් පද්ධතියේ ව්යුහාත්ම වෙනස අනිවාර්යය එකකි. එය වනාහි ආර්ථීකමය ගණන් බැලීම් මත ළමුන් අඩු පාසල් වසා දැමීම නොවේ. ඉන් ඔබ්බට ගිය දැවැන්ත ව්යුහාත්මක වෙනසකි.
6 වසරේ ප්රතිසංස්කරණය වසරකින් කල් දමා එක වසරේ ප්රතිසංස්කරණ ඇරඹෙන මේ මොහොතේ පවා අති දුෂ්කර පාසල් ගණනාවකට ප්රතිසංස්කරණය ක්රියාත්මක කිරිමට අවශ්ය පහසුකම් නැතිබව පිළිගත යුතුය. මෙම ලියුම්කරු පසුගිය මාස කිහිපය තුල අති දුෂ්කර පාසල් කිහිපයක් පිළිබඳ ලද අත්දැකීම් ඒ බවට සාක්ෂි වේ. විෂය නිර්දේශවල නව අන්තර්ගතයේ ඉතා සාධනීය වෙනස්වීම් තිබෙන බවට විවාදයක් නැත. නමුත් අප සමස්ථ රටකට බලපාන අධ්යාපන ප්රතිසංස්කරණවලදී වඩාත් සංවේදිව බැලිය යුත්තේ දුෂ්කර, නැතිබැරි දරුවන් හට එය ඉතා හොඳින් ලැබීම සහතික වීමයි. නගරාසන්න ඇති හැකි මධ්යම පාන්තික දෙමව්පියන්ට මේ මොහොතේ වුවද මේ විෂය නිර්දේශයට අදාල ප්රතිසංස්කරණවලට අනුව තම දරුවන් ඉදිරියට ගෙනයාමේ ගැටළුවක් නැත.
9. මේ අධ්යාපන ප්රතිසංස්කරණවල තවත් බරපතලම දුර්වලතාවයක් වූයේ මීට පෙර කරන ලද ප්රතිසංස්කරණවල ක්රියාත්මකභාවය පිළිබඳ කිසිදු ගැඹුරු ඇගයීමක් සිදුනොවීම හා ඒ පිළිබඳ කතිකාවක් නොමැතිවීමයි. ප්රතිසංස්කරණ යථාර්ථයක් වන්නේ දැනට කරන ලද ප්රතිසංස්කරණ සාර්ථික නොවි තිබීම ගැන කරන ගැඹුරු සලකා බැලීමක් හා ඒවාට පිළියම් සහිතව සිදුවූහොත් පමණි.
10. මොඩියුල අධ්යාපන ක්රමය ශිෂ්ය කේන්ද්රීය ක්රමයකි. මීට පෙර දෙවතාවකදීම ශිෂ්ය කේන්ද්රීය ක්රමය හඳුන්වා දෙන ලදී. මේ ආකාරයටම ඒ සඳහා පුහුණුවීම් ලබාදෙන ලදී. ඒවා ක්රියාත්මක නොවීම ගැන ගැඹුරු සාකච්ඡාවක් අවැසිය. එය මේ තුළ සිදුවූයේ නැත.
11. 1988-89 කාලයේදී චන්ද්රිකා කුමාරතුංග ජනපති සමයේ සැලකිය යුතු ප්රතිසංස්කරණ ගණනාවක් සිදුවිය. විශේෂයෙන් උසස් පෙළ මට්ටමේදී විෂයන් ගණන හතරේ සිට තුනට අඩුකිරිම, සාමාන්ය පොදු පරීක්ෂණ හඳුන්වාදීම, සාමාන්ය ඉංග්රීසි හඳුන්වාදීම, සාමාන්ය තොරතුරු තාක්ෂණය හඳුන්වාදීම, පාසල් පාදක ඇගයීම් හඳුන්වා දීම, උසස් පෙළ සඳහා ව්යාපෘති හඳුන්වාදීම ඒ අතර විය. නමුත් මේවායින් බොහෝ ඒවා ජාතික මහා බොරු කිරීම් බවට පත් වී ඇත. ඉතා යහපත් අරමුණුවලින් හඳුන්වා දුන් බොහෝ දේ හකුලා ගෙන ඇති අතර ඇතැම් දේ කරන්නාන් වාලේ කරන දේ මිස අදාල අරමුණ සාක්ෂාත් කරන්නේ නැත. මේ තත්ත්වයන් නව ප්රතිසංස්කරණ ක්රියාවලිය තුළ ගැඹුරින් සළකා බැලිය යුතුව තිබුණි. මේ පිළිබඳ අප මීට පෙරද වගකිව යුත්තන්ගේ අවධානය යොමු කර ඇත. නමුත් ඒ පිළිබඳ සාධනීය යොමුවීමක් සිදුවී නැති බව පෙනේ.
12. ජනප්රිය, ජනප්රිය නොවන පාසල් ක්රමය අහෝසි කිරිම යටිතල පහසුකම්වලින් පමණක් කළ නොහැකිය. ඊට පිළියම් යෝජිත ප්රතිසංස්කරණය තුළ සාකච්ඡා නොවේ. එකී වෙනස පවතින තුරු ‘තරඟකාරිත්වය’ තිබේ. එමෙන්ම විශ්ව විද්යාල ප්රවේශ තරඟය වෙනස් කරන්නේ කෙසේද ? යන්නද ආර්ථිකයේ ඉතා විශාල කර්මාන්ත අංශයක් වී තිබෙන ටියුෂන් කර්මාන්තයෙන් ළමුන් නිදහස් කිරිමේ කිසිදු දිගුකාලීන වැඩපිළිවෙලක් ඉදිරිපත් වී නොතිබීම, නව ක්රමය සඳහා ලබා දුන් ගුරු පුහුණුව ගුරුවරුන් තුළ බරපතල ආකල්ප වෙනසකට ආමන්ත්රණය නොකිරීම හා එවැනි වෙනසකට ප්රායෝගික ක්රියාදාමයන් නොමැතිවීම සැබෑ ප්රතිසංස්කරණ වැඩපිළිවෙලක් සාර්ථක වීමට බාධාකාරිව පවතී. මේ ගැටලුද ආමන්ත්රණය වන සංවාදයක් හා ක්රියාදාමයක් ප්රතිසංස්කරණවලට පෙර විධිමත්ම කළ යුතුය. ඒ සඳහා පුළුල් සියලු පාර්ශව නියෝජනය වන වසර තුනක්වත් ස්ථීරව ක්රියාත්මක වන මණ්ඩලයක් වහාම පත් කළ යුතුය. විනිවද පෙනෙන ආකාරයේ එවැනි මණ්ඩලයක් සඳහා විශාල ප්රමුඛතාවයක් දිය හැකි පරිදි නිදහස් වූ වැඩ ගොඩක හිර නොවුනු දේශපාලන නායකත්වයක් දීම අත්යවශ්ය වේ.
13. දැන් නැවත ළමුන් ලක්ෂ ගණනකගේ මානසිකතාවයට බලපෑමක් වී ඇත. වාර විභාග නැති ක්රියාකාරි අධ්යාපනයන් ගැන සිහින මැවු දරුවන්ගේ සිහින බිඳ වැටි ඇත. දෙමව්පියන්ද අවුලට පත් වී ඇත. ඒ තත්ත්වයට වහා ආමන්ත්රණය කළ යුතුය. 6 වන ශ්රේණියට පැමිණෙන ළමුන් මෙවැනි ප්රතිසංස්කරණ තිබුණත් නැතත් කඩයීමකට පැමිණෙන ළමුන් වන නිසා ඔවුන්ට විශේෂ උපකාර සෑම විටම අවශ්යව පැවතුනි. ඔවුන්ට පමණක් නොව ඔවුන්ගේ දෙමව්පියන්ටද එය අවශ්යය. මෙම ලියුම්කරු බොහෝ කාලයක සිට එම ළමුන් හා දෙමව්පියන් සඳහා දිශානුගත කිරීමේ වැඩසටහන් පවත්වා ඇති අයෙකු ලෙස පවසන්නේ මෙම සිදු නොවිය යුතු ව තිබු තත්ත්වය සිදුවීම මඟින් වන හානියට වහා පිළියම් යෙදිය යුතු බවයි. නැවතත් පැවසිය යුත්තේ එහි වගකීමේ කොටසක් රජය භාර ගත යුතු බවයි. ඉන් අදහස් වන්නේ විරුද්ධ පක්ෂය මේ ආණ්ඩුවට වඩා
හොඳවන බව නොවේ.
අධ්යාපන ප්රතිසංස්කරණය යනු කිසිවිටකත් එක් ආණ්ඩුවක වැඩක් විය නොහැක. එය ජාතියක කාර්යභාරයකි. මේ මොහොතේ රජය පැක්තෙන් කියන සාධාරණ විවේචන පිළිගන්න සූදානම් අවම අවිශ්වාසයක් හෝ තබා ගැන මේවා ඉදිරියට ගෙන යන්නේ නෑ වැනි ආකල්ප මිට පෙර තිබුණේ නම් මේ ක්රියාවලිය මෙසේ නොවනු ඇත.
විය යුත්තේ නිසි පරිදි අධ්යාපන ප්රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමයි.

- මහින්ද නාමල් 

*******************************************විරුද්ධව 

ආණ්ඩුවට කඩේ ගියා හොඳටම ඇති... නඩේ ඇතුළේ කතා කළත් ඇති... මේ ප්‍රතිසංස්කරණ එක්ක ගමනක් නෑ... ආණ්ඩුව නෙමෙයි අධ්‍යාපනය රැකගමු..! - මහාචාර්ය අර්ජුන පරාක්‍රම...

ඇත්තෙන්ම කරුණු තුනක් මුලින් ම කියන්න ඕනෙ. එකක් තමයි අධ්‍යාපනය සම්බන්ධව සාධාරණය මෑත කාලයේ කිසිම ආණ්ඩුවක් මේ දක්වා කරල නෑ. පහත් යැයි සම්මත සමාජවල ඉන්න කට්ටියට සහ දුප්පත් අයට පවා සමාජයේ පිළිගැනීමක් ලබාගැනීමේ හා ඉහළ යෑමේ එකම සාධාරණ මාර්ගය වුණේ අධ්‍යාපනය. නිදහස් අධ්‍යාපනය, අධ්‍යාපන අයිතිවාසිකම කියන දෙකම ආරක්ෂා කිරීම අපට අවශ්‍යයි. කිසිම ආණ්ඩුවක් ඒක නිවැරදිව හා සාධාරණව කරල නෑ.

ඉතින් ඒ වගේ තත්ත්වයක අපිට ලොකු බලාපොරොත්තුවක් තිබ්බා මේ ආණ්ඩුව යම් මට්ටමකින් හෝ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හා අධ්‍යාපන අයිතිවාසිකම හැටියට ස්ථාපිත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි කියල. හැබැයි අපි දකින ඛේදවාචකය තමයි මේ අයත් අර කලින් කරපු ප්‍රශ්නම ඊටත් වඩා උග්‍ර හා නොසැලකිලිමත් ලෙස ක්‍රියාත්මක කිරීම. උදාහරණ කීපයක් ගත්තොත් ඇත්ත වශයෙන් ම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියල ක්‍රියාත්මක කළේ ධවන පත්‍රිකාවක්වත් නැතුව, කිසිම සාකච්ඡාවක්වත් නැතුව තමන්ට අවශ්‍ය විදිහට, හිතුවක්කාර විදිහට, අහේතුක විදිහට හා අත්තනෝමතික විදිහට. 

ඒවා අපි නැවත නැවත බැලුවට පස්සෙ අපිට තේරෙන්නෙ ඒවා කලින් කරපු සංශෝධන ම එලෙසම ක්‍රියාත්මක කිරීමක් බව. ඇත්ත වශයෙන් ම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ සහ ඊට කලින් තිබුණු ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ තිබිච්ච මේ ප්‍රතිසංස්කරණ එලෙසම ක්‍රියාත්මක කිරීම හරහා ආණ්ඩුවේ නොහැකියාව සහ නොසැලකිලිමත්කම තමයි මෙතන ඉදිරිපත් වුණේ. ඒක තමන්ගේ හැටියට කියලා අධ්‍යාපන ඇමතිතුමිය ප්‍රකාශ කළත්, මේක දැඩි හා පුළුල් සාකච්ඡාවක් ඇතුළෙ සිදු කළා කිව්වත්, ඒකට කිසිම සාක්ෂියක් අපිට පෙනෙන්න නෑ. අඩුම තරමෙ අමාත්‍යංශයේ නමවත් සංශෝධනය කරන්නෙ නැතුව ඒ පෙර සංශෝධන ම කිසිම වෙනසක් නොකරයි ක්‍රියාත්මක කරලා තියෙන්නෙ. ඒක ඛේදවාචකයක්.

ඇත්තටම මම අගමැතිතුමියගෙන් බොහොම යටහත්ව අහන්නෙ මේ ගැන සැලකිලිමත් වෙන්නෙ නැද්ද ? මේ ගැන හිතන්නෙ නැද්ද? මේක මහ විශාල වගකීමක්. ආණ්ඩු පෙරළෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අධ්‍යාපනය අපි සුරකින්න ඕනෙ නේ ද? නිදහස් අධ්‍යාපනයෙන් සෑම දෙනාටම තියෙන සම අධ්‍යාපන අවස්ථාව ආරක්ෂා කරන්න ඕනෙ නේද? මේක තමයි මූලික ප්‍රශ්නය.

ඒ මූලික ප්‍රශ්නය අපි පැත්තකින් තියලා මේ අලුත් මතභේදය බලමු. ඒක අරකේ ප්‍රතිබිම්භයක්. එහෙම නැත්නම් දිගහැරීමක් හෝ මතුවීමක්. හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළපොත බැලුවම තේරෙනවා ඒක කිසිම සැලකිල්ලක් නැතුව ඒ කලින් තිබුණ අධ්‍යාපන අර්බුදයට වගකිව යුතු කට්ටිය ම විසින් එලෙසම කිසිම වගකීමක් නැතුව, තැකීමක් නැතුව, සංවාදයක් නැතුව කරපු විකාර මගඩියක් බව. ඒක තුළ ඇත්තෙන්ම ඔය තියෙන විදිහට හය වසරේ ශිෂ්‍යයන්ට කිසිසේත්ම අදාළ නැති, වලංගු නොවන ඒකට සුදුසු නොවන වෙබ්සයිට් පවා යොමුකිරීම ඒක ඉතාම බරපතල වරදක්. හැබැයි ඊට වඩා වරද නොසැලකිලිමත්කම. අගමැතිතුමිය මේ ගැන බලන්නෙ නැද්ද? එයාට තේරෙන්නෙ නැද්ද?

මේ ප්‍රශ්නවල මුලයි, මැදයි, අගයි ඔය ජාතික අධ්‍යාපන ආයතනයේ තියෙන නොහැකියාව, නොසැලකිල්ල, පිරිස් කළමනාකරණය කිරීමේ දුර්වලකම, වග නොවීම. එතුමියගෙන් සහ ආණ්ඩුවෙන් මම අහන්නෙ ප්‍රශ්නයක් තියෙන බව අපි පිළිගන්නවා. අධ්‍යාපන අර්බුදයක් තියෙනවා. ගැටලුවක් තියෙනවා. ඒක නවීකරණය විය යුතුයි, ශිෂ්‍ය කේන්ද්‍රීය විය යුතුයි. ඒක විභාග මට්ටමෙන් දුරස් විය යුතුයි. ඉතින් ඒකට වග කියන්නෙ කවුද? මේ නිලධාරීන් ම නේද? අවුරුදු ගාණක් තිස්සෙ රජයන් වෙනස් වුණත් ඒ නිලධාරීන්ම තමයි මේවා කළේ. ඉතින් ඔබතුමිය සහ මේ ආණ්ඩුව හිතනවා ද කිසිම අධීක්ෂණයක් නැතිව, කිසිම යම් විදිහෙ වෙනසක් නැතිව ඒ නිලධාරීන්ට ම පුළුවන් කියලා මේ වෙනස ඇති කරන්න. ප්‍රශ්නය ක්‍රියාත්මක කරපු, ප්‍රශ්නය වවාගෙන කන, ප්‍රශ්නයම වෙන අයගෙන් අපිට විසඳුමක් ලබාගන්න පුළුවන්ද?

ඒකෙ වෙනසක් කරේ නෑ. අධීක්ෂණයක් නෑ. ඉංග්‍රීසි පෙළපොත ගැන මට යම් දැනුමක් තියෙනව. මම දන්නව මේක සැලකිල්ලක් නෑ. එවෙලෙ කරන එකක්. කොත්තු රොටියක් වගේ. මේ සංවාදය කෝ? සාකච්ඡාව කෝ? පුළුල් මට්ටමෙන් මේවා කතා කිරීම වැදගත් නේද? අධ්‍යාපනය කියන්නෙ අපේ වටිනාම දේ. අපේ ශිෂ්‍යන්ට, අපේ දරුවන්ට අපි දෙන එකම දායාදය. ඒක තුළ තමයි පන්තිය එහා මෙහා කරන්න පුළුවන් හැකියාවක් තියෙන්නෙ. අපේ වටිනාකම් ස්ථාපිත වෙන්නෙ ඒකෙන්. සාධාරණය ඉෂ්ඨ වෙන්නෙ ඒකෙන්. ඉතින් ඒ මූලික ප්‍රශ්නවලට මුහුණ නොදී ලෝක බැංකුවෙන් දෙන ඩොලර් මිලියන දෙසීය ලබාගන්න කරපු මේ විෂය නිර්දේශ සංශෝධනය දිගටම යනවා. මේක ගෝඨාභය රාජපක්ෂ කාලෙ කරපු එකක්. වෙනස් වෙලා නෑ. ඒකෙ අර ධවල පත්‍රිකාවකුත් නැහැ. 

අගමැතිතුමිය අධ්‍යාපන ඇමතිතුමිය විදිහට දුන්න Power point එකෙත් අන්තිම Slide එකේ සාකච්ඡා කළ යුතු අංශ අතර අධ්‍යාපන දෙපාර්තමේන්තුව තියෙනවා, අධ්‍යාපන ප්‍රකාශක අංශය තියෙනවා, විභාග දෙපාර්තමේන්තුව තියෙනවා, අධ්‍යාපන කොමිසම තියෙනවා, ජාතික අධ්‍යාපන ආයතනය තියෙනවා. ඒ පහයි ඊට අමතරව තියෙන්නෙ පෞද්ගලික අංශය. ගුරුවරු නෑ. වෘතිය සමිති නෑ. ශිෂ්‍යයෝ නෑ. වෙන පාර්ශ්වයන් නෑ. විශ්වවිද්‍යාලයේ අය නෑ. මේක කලින් ආණ්ඩුව කරපු එකක්. අඩුතරමෙ ඒකවත් වෙනස් කරේ නෑ. වෙන එකක් තියා එතන තියෙන මුල් පිටපත්වල අධ්‍යාපන අමාත්‍යංශයේ නමත් වැරදියි. රනිල් වික්‍රමසිංහගෙ අධ්‍යාපන අමාත්‍යංශය තමයි එතන තිබ්බෙ. මං කියන්නෙ මේක දැවැන්ත නොසැලකිල්ලක් නෙ.

ඒත් අපි දන්නව ආණ්ඩුවට විරුද්ධ අය මේක වවාගෙන කනවා. ආණ්ඩුවට පක්ෂ අය; මම ඒක හඳුන්වන්නෙ කඩේ යන නඩේ කියල. ඒ අය මේක පිරිසිදු කරන්න හදනවා. එක එක ඒවා අරගෙන කතා කරනවා. අපි ඒ දේශපාලන වාසි අවාසි පැත්තක තියල එකතු වෙලා මේ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරමු. මේක කළ නොයුතු දෙයක්. හදිසියේ කරන්න බැහැ. ගුරු පුහුණු කරන්න බෑ මේ තත්ත්වය මත. ඒ පෙළපොත් අයින් කරන්න ඕනෙ. ඒවා ඉතාම ප්‍රාථමික මට්ටමේ තියෙන්නෙ. ගැටලුත් ප්‍රාථමික මට්ටමේ. ඒකෙ තියෙන Internet Links ඉතා ම වැරදියි. සැලකිල්ලක් නෑ. අති ඛේදනීයයි මේක.

ඉතින් මේ වෙනුවෙන් විශ්වවිද්‍යාලයේ ඉන්න ආචාර්ය මහාචාර්යවරු මේ පක්ෂයේ ඉන්නවලු, මේ කණ්ඩායමේ ඉන්නවලු. එතකොට ජාතික අධ්‍යාපන කොමිසමේ පත්කිරීම් ගැනත් අපි දන්නවා. ජාතික අධ්‍යාපන ආයතනයේ ඒකෙ පාලක කමිටුවේ ඉන්නව විශ්වවිද්‍යාලයේ කට්ටිය. ඒ අය බලන්නෙ නැද්ද මේක? වගවෙන්නෙ නැද්ද ? ජාතික අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි අංශය ගැන බලන්නකො. ඒකෙ හිටපු අධ්‍යක්ෂ දැන් ජාතික අධ්‍යාපන ආයතනයේ ඉහළ නිළයක් දරනවා. එයාගෙ ඇබෑර්තුව පුරවලා නැහැ. එතන ඉන්නෙ එකම තාවකාලික සහකාර ආචාර්යවරයෙක් විතරයි. අනිත් අය පිට කට්ටිය. ඇයි විද්වත් අය දාන්නෙ නැත්තෙ මේකට. ඇයි මේකට කාලය ගන්නෙ නැත්තෙ? මේකට කාලය ගන්න ඕනෙ. 

මේක තුළින් අපේ ශිෂ්‍යයන්ගේ තියෙන අවස්ථාව අහිමි කරන්න එපා. නැවත නැවත මම කියන්නෙ අධ්‍යාපනයේ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්නවලට වගකිවයුතු අයට කිසිම පාලනයක් නැතුව මේවා විසඳන්න ඉඩ දෙනව ද ? අගමැතිතුමියගේ හෘද සාක්ෂිය ඉඩ දෙනව ද මෙහෙම දෙයක් කරන්න? ඊට පස්සෙ එක එක ප්‍රශ්න මතු කරනවා. එතකොට කඩේ යන නඩේ ඒව පිරිසිදු කරනවා. නොයෙක් විදිහෙ ඒව කියනවා. විපක්ෂයේ අය කොහොමද මේව කතා කරන්නෙ, අනිත් අය මොනවද කියන්නෙ ඒක නෙවෙයි අදාළ. පණිවිඩ ගේන කෙනාට දෝෂාරෝපණයක් නෙවෙයි අවශ්‍ය වෙන්නෙ. මොන විදිහෙ හොරෙක් පණිවිඩය ගෙනාවත් පණිවිඩය බලන්න.

මේ සංශෝධනය වැරදියි. මේ පෙළපොත සම්පූර්ණයෙන් අලුත් කරන්න ඕනෙ. මේවා කඩිමුඩියෙ කරන්න බෑ. මේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ වගේ ඒවා පලැස්තර අලවනව වගේ කරන්න බෑ. ඒවට අවුරුද්දක් දෙකක් යනවා. පුහුණුවක් කරන්න ඕනෙ. ඉංග්‍රීසි පුහුණුවක් කෝ ? ජාතික අධ්‍යාපන ආයතනය අතේ මේ පුහුණුව තියෙන තාක්කල් ඉංග්‍රීසි අධ්‍යාපනය පිරිහෙනව පිරිහෙනවමයි. ඒක අපි දන්නවා. ඒක අපි අත්විඳල තියෙනව. අපි දැකල තියෙනව ඒක. ඒකට සාක්ෂි තියෙනව. ගුරුවරු නෑ ඒව කරන්න. පුහුණුකරන ක්‍රමවේදය වැරදියි. හැබැයි ඉතින් ඒක කුමන්ත්‍රණයක්. 

ඉංග්‍රීසි උගත් පැලැන්තියට අවශ්‍යයි ඉංග්‍රීසි කියන වරප්‍රසාදය ආරක්ෂා කරන්න. ඉතින් ඒ අය මුකුත් කියන්නෙ නෑ මේ ඛේදවාචකය ගැන. ඉංග්‍රීසි පෙළපොත් වැරදියි, ඉගැන්වීමේ ක්‍රම වැරදියි. උගන්නන ගුරුවරුන්ගේ හැකියාවන් වර්ධනය වෙලා නෑ. ඒ පුහුණුව හරියට පටන්ගෙන නෑ. ඉතින් ඒ කුමන්ත්‍රණයට මේ අය කැමතියි. ඉතින් මම කෙටියෙන්ම කිව්වොත්. ඉංග්‍රීසි අධ්‍යාපනය අසාර්ථක වීම මේ පන්තියේ සාර්ථකත්වය හැටියට මනින්නෙ. එතකොට ඒගොල්ලන්ගෙ වරප්‍රසාද රැකෙනවා.

අගමැතිතුමිය මේක පක්ෂ මට්ටමෙන් බලන්න එපා. ඔබතුමියට අපිව පිළිකුල් වෙන්න පුළුවන්. අපිව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නෙ. අධ්‍යාපනය වටිනවා. ඒ අධ්‍යාපනය වෙනුවෙන් අපි එකතු වෙන්න ඕනෙ. මම කඩේ යන නඩේටත් කියන්නෙ මේකයි කඩේ ගියා ඇති. නඩෙත් කතා කරා ඇති. මේ ප්‍රශ්නයට අපි මුහුණදෙමු. දැන් මගේ සහෘදයොත් ඉන්නවා. ඒගොල්ලොත් කියනවා අපි මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න ඕනෙ කියල. හැබැයි අධ්‍යාපනය ආරක්ෂා කරන්නෙ කවුද? අධ්‍යාපනය ආරක්ෂා කෙරෙන්නෙ නැද්ද? ඒක තමයි මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නය.

***********************************



******************තවත් අදහසක් 

රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ඇයි 

අවශ්‍යද?  එය අපේ සමාජයට ඇති බලපෑම


ශ්‍රී ලංකාව අද වැදගත් මංසන්ධියක නිරතව සිටී. අප රට දිගු කාලයක් පුරා නිදහස් අධ්‍යාපනය සහ උසස් සාක්ෂරතා අනුපාතය පිළිබඳ ගෞරවය ගෙන ඇත. එහෙත් අද ලෝකය වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර, අපගේ අධ්‍යාපන පද්ධතිය එම වෙනස්වීම් සමඟ පියවර තබාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇත.

වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ ගැටලු

අපගේ අධ්‍යාපන ක්‍රමය තවමත් විභාග කේන්ද්‍රිතය. සිසුන්ගෙන් බලාපොරොත්තු වන්නේ මතක තබාගෙන උත්තර ලියන එකයි.

එහෙත් අද රැකියා වෙළඳපොළට අවශ්‍ය වන්නේ:

 • ගැටලු විසඳන හැකියාව

 • විවේචනාත්මක ලෙස සිතීම

 • තාක්ෂණික දැනුම

 • කණ්ඩායමක් ලෙස වැඩ කිරීම

 • නායකත්වය සහ සන්නිවේදන කුසලතා

මෙම කුසලතා බොහෝ සිසුන්ට පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ලැබෙන්නේ නැත. එය උපාධිධාරී बेरोजගාරීභාවයටත්, රැකියාව හා අධ්‍යාපනය අතර නොගැළපීමටත් හේතු වී ඇත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන්නේ කුමක්ද?

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන්නේ අධ්‍යාපනය විනාශ කිරීමක් නොවේ.

එය අධ්‍යාපනය නව යුගයට ගැළපෙන ලෙස යාවත්කාලීන කිරීමකි.

මෙහි අරමුණු වන්නේ:

 • විභාගය මත පමණක් පදනම් නොවූ ඉගෙනුමක්

 • තාක්ෂණය හා ඩිජිටල් දැනුම පාසල්වලට ගෙන ඒම

 • සිසුන්ට සිතීමට, ප්‍රශ්න කිරීමට, සහ නව අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථා ලබාදීම

 • රැකියා වෙළඳපොළට ගැළපෙන කුසලතා වර්ධනය කිරීම

මෙය සමාජයට ඇති ප්‍රතිලාභ

හොඳ අධ්‍යාපන පද්ධතියක් රටේ සමාජයම ශක්තිමත් කරයි.

 • දරුවන්ට හොඳ රැකියා අවස්ථා ලැබේ

 • පවුල්වල ආර්ථික තත්ත්වය වැඩිදියුණු වේ

 • ව්‍යාපාරිකත්වය සහ නව නිර්මාණ වර්ධනය වේ

 • සමාජ අසමානතාව අඩු වේ

ඊට අමතරව, හිතාමතා සිතන, දැනුවත් පුරවැසියන් බිහි වීම මගින් දේශපාලනික රැවටිලි වලට ලක් වීමත් අඩු වේ.

දේශපාලනයෙන් ඉවතට ගෙන යා යුතු විෂයයක්

අධ්‍යාපනය දේශපාලන ක්‍රීඩාවක් විය යුතු නැත.

රජය කවුරු වුවත්, විපක්ෂය කවුරු වුවත් දරුවන්ගේ අනාගතය පළමුව තැබිය යුතුය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රමාද වන සෑම අවස්ථාවකම, අහිමි වන්නේ දේශපාලනඥයින්ට නොව, අපේ දරුවන්ටයි.

නිගමනය

ශ්‍රී ලංකාවට නවීන, ප්‍රයෝජනවත්, සහ ලෝකයට ගැළපෙන අධ්‍යාපන පද්ධතියක් අවශ්‍යය.

එය අද නොකළහොත්, හෙටට එහි මිල ගෙවීමට සිදුවන්නේ අපේ දරුවන්ටය.

අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම රටේ අනාගතය ආරක්ෂා කිරීමක් වන අතර, එය කාලය ඉක්මවා ඇති අත්‍යවශ්‍ය කාර්යයකි.

********************

මගේ අදහස වැරදි තිබෙනවානම් හදාගෙන මේවා අනිවාර්යයයෙන්ම ක්‍රියාත්මක කල යුතුයි කියන එක . 

මේ ධර්ම චක්‍රය වැරදියි කියල හදපු බොරු කතාව ගැන : https://www.facebook.com/share/v/1GjP29K3sg/

- කොළඹ ගමයා 

මාක්ස් ගේ 'මාධ්‍ය නිදහසේ සටන' හා තක්කඩි


ජාතිවාදියා ගේ අවසන් නවාතැන ආගම කියන්න සේ තක්කඩින් ගේ අවසන් නවාතැන මාක්ස් ගේ ක්වෝට් වී තිබේ .  මාක්ස් ඒ අදහස් කිවේ කුමන සන්දර්භයක් යටතේද කියා පැහැදිලි කිරීමකින් තොරව උපුටා දැක්වීමෙන් පෙනෙන්නේ මාක්ස් සියලු ධනපති මාධ්‍ය වල නිදහස් වෙනුවෙන් සටන් කළ සෙයකි . 

මාක්ස්ගේ මුල් කාලය සලකා බලමු .  

1842 දී, 24 හැවිරිදි වියේ පසුවූ කාල් මාක්ස් තවමත් "කොමියුනිස්ට්වාදයේ පියා" නොවූ අතර, ඔහු රැඩිකල් තරුණ මාධ්‍යවේදියෙකු පමණක් විය. මාධ්‍ය නිදහස පිළිබඳ ඔහුගේ ලේඛන බිහිවූයේ පෘසියානු  (Prussian) රාජ්‍යයේ දැඩි ඒකාධිපතිවාදයට එරෙහිව ඔහු කළ සෘජු අරගලය තුළිනි.

දැඩි පාලකයෙකු සිටි  රාජ්‍යයක ජීවත්වූ  තරුණ හෙගලියානුවාදියෙකු වූ මාක්ස්  සිය ආචාර්ය උපාධිය අවසන් කිරීමෙන් පසු,  හතරවන ෆ්‍රෙඩ්රික් විලියම් රජු විසින් පාලනය කරන ලද පෘසියාවේ සේවය කළේය. රජු මුලදී ලිබරල් ප්‍රතිසංස්කරණ ගැන ඉඟි කළද, රාජාණ්ඩුවේ "දේව වරම" ආරක්ෂා කර ගැනීම සඳහා ඔහු ඉක්මනින්ම වාරණය (Censorship) දැඩි කළේය. මේ කාලයේ මාක්ස් කොලෝන් නුවර Rheinische Zeitung (රයින් පුවත්පත) හා සම්බන්ධ විය. එම කාලයේ රයින්ලන්තය පෘසියාවේ  වඩාත්ම කාර්මික සහ ලිබරල් ප්‍රදේශය වූ අතර, එහි ප්‍රාදේශීය සභාව (Landtag) තම සාකච්ඡාවල වාර්තා මහජනයාට දැකීමට ඉඩ දිය යුතුද යන්න ගැන විවාද කරමින් සිටියේය. වාරණය කරන ලද මාධ්‍යයක් යනු මිනිස් ආත්මයේ "භයානක" විකෘතියක් බව තර්ක කිරීමට මාක්ස් මෙම විවාද වේදිකාවක් ලෙස භාවිතා කළේය.

 මාක්ස් මාධ්‍ය නිදහස ගැන ලිවීමට හේතුමාධ්‍ය නිදහස පිළිබඳ මාක්ස්ගේ ස්ථාවරය ගැඹුරු දාර්ශනික එකක් විය. ඔහු මෙසේ තර්ක කළේය:

"මාධ්‍යය "ජනතාවගේ ඇස" ලෙස ඔහු දුටුවේය: නිදහස් මාධ්‍යයක් යනු "සෑම තැනකම ජනතාවගේ ආත්මයේ සුපරික්ෂාකාරී  ඇස" ලෙස ඔහු සැලකීය. ඔහුට අනුව  එය රජය වගකීමට බැඳ තැබීම සඳහා  අත්‍යවශ්‍ය දෙයකි .   වාරණයේ ඇති තර්කානුකූල දෝෂය මාක්ස් පෙන්වා දුන්නේය: පෘසියානු  රජය කියා සිටියේ ජනතාව නිදහස ලැබීමට තරම් "මුහුකුරා ගොස් නැති" බවයි, නමුත් ඔවුන් එම නොමේරූ තත්ත්වයේම සදාකාලිකව තබා ගැනීමට රජය වාරණය (පොලිස් ක්‍රමවේදයක් ලෙස) භාවිතා කළේය.

 වාරණය කරන්නෙකු තීරණය කරන්නේ "අපරාධ" ගැන නොව "මතයන්" ගැන බව මාක්ස්  තර්ක කළේය. එබැවින්, වාරණය කරන්නා විනිසුරුවරයෙකු නොව, මහජන මතය රාජ්‍යයේ පෞද්ගලික දේපළක් ලෙස සලකන "රාජ්‍ය අවයවයක්" පමණි.

මෙහිදී තක්කඩින් විසින් නොලියන්නේ මාක්ස් ගේ මේ සඳහනයි . 

"මාධ්‍යයේ පළමු නිදහස වන්නේ එය වෙළඳාමක් නොවීමයි." — කාල් මාක්ස්

පෘසියානු රජය  Rheinische Zeitung පුවත්පත තහනම් කළේ ඇයි?



1843 මාර්තු මාසයේදී පුවත්පත තහනම් කිරීමට ප්‍රධාන හේතු තුනක් බලපෑවේය:

රජුගේ යුද්ධ සන්ධානවලට පහර දීම: පෘසියානු  රජුගේ සමීප මිතුරෙකු වූ රුසියාවේ පළමු වන නිකලස් සාර් රජුව විවේචනය කරමින් මාක්ස් ලිපි පළ කළේය. සාර් රජු පෞද්ගලිකවම පෘසියානු  රජුට මේ ගැන පැමිණිලි කළ අතර, එය පුවත්පත වසා දැමීමට හේතු විය.

සමාජ රැඩිකල්වාදය: මාක්ස් "මොසෙල් වයින් වගා කරන්නන්ගේ දරිද්‍රතාවය" සහ ගැමියන් විසින් දර සොරකම් කිරීම ගැන ලිවීමට පටන් ගත්තේය. දුප්පතුන්ගේ ආර්ථික දුක්ගැහැට ගැන කතා කිරීමෙන් ඔහු "ලිබරල් දර්ශනයෙන්" ඔබ්බට ගොස් "රැඩිකල් උද්ඝෝෂණ" වෙත යොමු විය.

පුවත්පතේ අලෙවිය වැඩිවීම : මාක්ස්ගේ සංස්කරණය යටතේ පුවත්පතේ අලෙවිය සීඝ්‍රයෙන් ඉහළ ගියේය. පුවත්පත වැසී යනවා වෙනුවට එය ජර්මනියේ වඩාත්ම බලපෑම් සහගත රැඩිකල් හඬ බවට පත්වන බව රජය තේරුම් ගත්තේය.

 රැඩිකල් වාමාංශික  පුවත්පත් සම්බන්ධයෙන් පෘසියානු  රජයේ ප්‍රවේශය නිලධාරිවාදී බියගැන්වීම් සහ සෘජු මර්දනයේ මිශ්‍රණයක් විය.

මුද්‍රණය කිරීමට පෙර සෑම පිටුවක්ම රජයේ නිලධාරියෙකුට ඉදිරිපත් කළ යුතු විය. යම් වාරණය කරන්නෙකු "මෘදු" වැඩි නම්, රජය ඔහු වෙනුවට දැඩි නිලධාරියෙකු පත් කළේය.

එසේම රජය විසින් මූල්‍යමය බාධා ඇති කළේය . රැඩිකල් පුවත්පත්වලට වෙළඳ දැන්වීම් පළ කිරීම රජය විසින් තහනම් කරන ලදී. ඒ ඔවුන්ගේ ආදායම් මාර්ග අහුරා දැමීමටය.

එසේම දැඩි පොලිස් ක්‍රියාමාර්ග ගැනීමද සිදු කරන  ලදී.  ලේඛකයින්ට තමන්ව ආරක්ෂා කර ගත හැකි අධිකරණ ක්‍රියාමාර්ග වෙනුවට, රජය නඩු විභාගයකින් තොරව පුවත්පත් වසා දැමීමට "පොලිස් බලතල" භාවිතා කළේය.මෙම අත්දැකීම මාක්ස්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. "තර්කානුකූල විවාද" මගින් පමණක් රාජ්‍යය කිසිදා ප්‍රතිසංස්කරණය කළ නොහැකි බව ඔහු වටහා ගත්තේය. මෙය ඔහුව පැරිසියට යාමටත්, පන්ති අරගලය සහ විප්ලවය පිළිබඳ ඔහුගේ න්‍යායන් වර්ධනය කිරීමටත් පොළඹවන ලදී.

මාක්ස් ගේ කොමියුනිස්ට් ප්‍රකාශනයෙන් පසු කාලය: 

මාක්ස්ගේ පසුකාලීන දැක්මකොමියුනිස්ට් ප්‍රකාශනය (1848) සහ ප්‍රාග්ධනය (1867) ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවද මාක්ස් ජීවිත කාලය පුරාම මාධ්‍ය නිදහසේ ආරක්ෂකයෙකු ලෙස සිටියේය. නමුත් ඔහුගේ අවධානය දාර්ශනික මට්ටමේ සිට ප්‍රායෝගික පන්ති අරගලයේ ආයුධයක් දක්වා වර්ධනය විය.

 1848 විප්ලවය සමයේදී ඔහු   "නව රයින් ගැසට් පත්‍රය" Neue Rheinische Zeitung ආරම්භ කළේය. එහිදී ඔහු මාධ්‍යය දුටුවේ පාලක පන්තියට පහර දීමට කම්කරු පන්තිය භාවිතා කළ යුතු "බලකොටුවක්" ලෙසයි. මාක්ස්ගේ Neue Rheinische Zeitung (නව රයින් ගැසට් පත්‍රය) බලධාරීන් විසින් බලහත්කාරයෙන් වසා දැමීමට නියෝග කළ විට, 1849 මැයි 19 දින ඔහු එහි අවසාන කලාපය සම්පූර්ණයෙන්ම රතු පැහැති තීන්තෙන් මුද්‍රණය කළේය. මෙය මාධ්‍ය ඉතිහාසයේ අතිශය විප්ලවීය සහ නිර්භීත අවස්ථාවක් ලෙස සැලකේ.

රතු කලාපයේ (Red Issue) සමුගැනීමේ පණිවිඩයේ දී මාක්ස්  පෘසියානු  රජයට සෘජුවම අභියෝග කළේය:

"අපි අනුකම්පාව ඉල්ලන්නේ නැත, අපි ඔබෙන් අනුකම්පාව බලාපොරොත්තු වන්නේද නැත. අපේ වාරය පැමිණි විට, අපි අපේ භීෂණය (Terror) සඳහා නිදහසට කරුණු ඉදිරිපත් නොකරන්නෙමු."

මෙම ප්‍රකාශයෙන් මාක්ස් අදහස් කළේ රජය මාධ්‍ය මර්දනය කරන්නේ නම්, අනාගතයේදී ජනතාව විප්ලවීය ලෙස බලය අල්ලාගත් විට ඔවුන්ද රජය කෙරෙහි මෘදු නොවනු ඇති බවයි.

 තමන් බියගැන්විය නොහැකි බව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය . පුවත්පත වසා දැමුවද, තම අදහස් ජනතාව තුළ දැනටමත් පැලපදියම් වී ඇති බව මාක්ස් පැවසීය. රජය නීතිය අවභාවිත කරමින් පුවත්පත වසා දැමූ බවත්, එය "නීති විරෝධී පියවරක්" බවත් ඔහු පෙන්වා දුන්නේය.

 ඔහු තම පාඨකයන්ට මෙසේ පොරොන්දු විය:"ඕනෑම තැනක සහ සෑම විටම අපගේ අවසාන වචනය මෙය වනු ඇත: කම්කරු පන්තියේ විමුක්තිය!"

මාක්ස් රතු වර්ණය කම්කරු පන්තියේ සහ විප්ලවයේ සංකේතය ලෙස භාවිතා කරමින් රජයට දැඩි විරෝධයක් පෑවේය. සිරගත වීමේ හෝ පිටුවහල් කිරීමේ අවදානම තිබියදීත්, මාක්ස් තම ස්ථාවරය පාවා නොදෙන බව මෙයින් ඔප්පු කළේය. මෙම පුවත්පත වසා දැමීමෙන් පසු මාක්ස්ට ජර්මනියෙන් පිටවීමට සිදු වූ අතර, ඔහු අවසානයේ ලන්ඩනයට ගොස් ඔහුගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන "ප්‍රාග්ධනය" (Das Kapital) ලිවීමට පටන් ගත්තේය

මාක්ස්ගේ මෙම අත්දැකීම අපට කියා දෙන්නේ, සැබෑ මාධ්‍ය නිදහස යනු හුදෙක් ලිවීමට ඇති අයිතිය පමණක් නොව, පවතින අසාධාරණ පාලනයන්ට එරෙහිව බියෙන් තොරව නැගී සිටීමට ඇති අයිතිය බවයි.

 "ප්‍රාග්ධනය" පල කිරීමෙන්  පසු පුවත්පත්  නිදහස අරබයා මාක්ස් ගේ දැක්ම වෙනස් විය . රජය පුවත්පත් තහනම් නොකළද, ධනේශ්වර වෙළඳපොළට මාධ්‍ය නිදහස විනාශ කළ හැකි බව මාක්ස් පෙන්වා දුන්නේය. ඔහු මෙය නම් කලේ වෙළඳපොල වාරණය ලෙසය .  පුවත්පතක් ව්‍යාපාරයක් නම්, එය සැබවින්ම නිදහස් නැත. එය එහි හිමිකරුවන්ගේ සහ වෙළඳ දැන්වීම්කරුවන්ගේ වහලෙකු බවට පත්වේ. ධනේශ්වර සමාජයක "මාධ්‍ය නිදහස" යන්නෙන් බොහෝ විට අදහස් වන්නේ මුද්‍රණ යන්ත්‍ර මිලදී ගැනීමට සහ දුප්පතුන්ගේ හඬ යටපත් කිරීමට "පොහොසතුන්ට ඇති නිදහස" පමණක් බව මාක්ස්  පැවසීය.

මේ අනුව මේ තක්කඩින්ට අමතක වී ඇත්තේ 'අරගල' නම් ඇති පුවත්පත් ආදිය ශ්‍රී ලංකාවේ වැසි ගියේ කෙසේද  යන්න ගැනය . එසේම ලංකාවේ බොහෝ රූපවාහිනී ජාල  හා පත්තරවල හිමිකම් ඇත්තේ කාටද යන්නය .   

මාක්ස්ගේ මාධ්‍ය නිදහස පිලිබඳ අදහස් වල විකාශනය:

තරුණ මාක්ස් (1842) - දාර්ශනික අදහසක් ලෙස වාරණය යනු "ආත්මීය වහල්භාවයකි" යයි ඔහු පැවසිය . 

මධ්‍යම කාලයේ මාක්ස්  (1848) - විප්ලවවාදීයෙකු ලෙස මාධ්‍යය යනු රජවරුන් පෙරලා දැමීමට ජනතාව භාවිතා කරන ආයුධයකි යයි පැවසිය 

පසුකාලීන මාක්ස් (1867+)  -ආර්ථික පැත්තෙන් ගත කල පුවත්පතක් "ලාභය සඳහා" පවත්වාගෙන යන තාක් සැබෑ මාධ්‍ය නිදහසක් පැවතිය නොහැකි බව පැවසීය. 

මේ අනුව අපට නිගමනය කළ හැක්කේ  පසුකාලීන මාක්ස්ට අනුව, සැබෑ නිදහස් මාධ්‍යයක් යනු වාණිජමය නොවන—ලාභය සඳහා නොව සත්‍යය උදෙසා ජනතාව විසින් මෙහෙයවනු ලබන එකකි.

දැන් ඔබට මාක්ස් ගේ පාඨ උපුටා දක්වන තක්කඩියන්ගේ නිරුවත වැටහේද ?  

-කොළඹ ගමයා 30/12/2028 


වෛද්‍ය වර්ජනය

  රෝගී ජීවිත බිල්ලට අරගෙන කරන වැඩවර්ජන නතර කරන ලෙස ඉල්ලීමක් මේ වෙලාවේ කරන්න කැමතියි. පසුගිය මාස දෙක, දෙකහමාරක පමණ කාලයක් තිස්සේ, විශේෂයෙන්ම ...