" ඔයා කිව්ව නිසා පුතා admit කරා. ඒත් මුකුත්ම කරේ නෑ. දවසක් තියාගෙන ප්‍රශ්නයක් නෑ කියලා ගෙදර එව්වා. අපරාදේ ගෙදරම තියාගන්න තිබුනා"
"Hospital එකේ මුකුත්ම කරේ නැද්ද?"
"සැරෙන් සැරේට ඇවිත් pressure එක බැලුවා. තව ඇස් වලට ටෝච් එකක් ගහලා බැලුවා විතරයි. පැනඩෝල් පෙත්තක්වත් දුන්නේ නෑ."
"හ්ම්ම්....."
"Scan එකක්වත් කරන්නේ නැතුව ඔලුව ඇතුලේ මුකුත් වෙලා නෑ කියලා කියන්නේ කොහොමද?"
දන්න කියන අවුරුදු 12 ක විතර පොඩි එකෙක් බයිසිකලෙන් වැටිලා ඔලුව බිම වැදිලා. ළමයගේ අම්ම කතා කරලා ඇහුවා මොකද කරන්න ඕනේ කියලා.
අවධානමක් ගන්න බෑනේ. මම කිව්ව hospital එක්කන් යන්න කියලා.
Hospital ගියාම admit වෙන්න කියලා. ඒ වෙලාවෙත් මට call කරා.
"මල්ලි පුතාව admit කරන්න කියනවා. Admit කරන්නේ නැතුව මුකුත් කරන්න බැරිද?"
"Hospital එකෙන් admit වෙන්න කියනවනම් admit වෙන්න"
Admit කරත් hospital එකේ පැය 24ක් තියාගෙන ගෙදර එවලා.
අද අපි ඒ ගැන ටිකක් කතා කරමු. 😊
හිසට සිදුවන අනතුරකදි(head injury) රෝහලේදී බලන්නේ මොනවාද?
Head Injury එකකදි වැදගත්ම දේ තමයි මොළයට හරි ස්නායු පද්ධතියට බලපෑමක් තියෙනවද කියල බලන එක. Head Injury එකකින් පස්සේ hospital එකට ගියාම මොළේට හානි වෙලාද නැද්ද කියලා තහවුරු කරගන්න ඕනේ. ඒකට විවිධ ක්‍රම භාවිත කරනවා.
✅ අනතුරින් පස්සේ මොලයට හරි ස්නායු පද්ධතියට හානි උනාම ඇතිවෙන රෝග ලක්ෂණ තියෙනවද බලනවා. (වමනය, ඔලුව රිදීම, සිහිය නැති උනාද?, fit එක හැදුනද? එදිනෙදා හැසිරීම්වල වෙනස්කම් තිබෙනවාද? වගේ දේවල්)
✅ හිසේ තුවාල, ඉදිමුම්, හෝ ස්නායු පද්ධතියේ ගැටලු තියෙනවාද කියලා පරීක්ෂා කරලා බලනවා.
✅ අනතුරේ ස්වභාවය බලනවා - අනතුර උනේ කොහොමද, කවද්ද, ඒ වෙලාවේ තිබුණ වෙනත් ලක්ෂණ මොනවද කියලා අනතුරට ලක් උන කෙනාගෙන් හරි දැකපු කෙනෙක්ගෙන් හරි අහනවා.
💡 වැදගත්ම දේ hospital එකේදී Head Injury Observation Chart(HIOC) එකක් භාවිතා කරනවා. මේ chart එකෙන් වෛද්‍යවරු හෝ හෙදියන් නිතරම ඔයාගේ තත්ත්වය පරීක්ෂා කරනවා.
- ඔයාගේ හුස්ම, හදවතේ ගැස්ම, රුධිර පීඩනය වගේ දේවල් බලනවා.
- ඔයාගේ ඇස්වල ප්‍රතිචාර (pupils), බුද්ධිමය තත්ත්වය, හෝ හැසිරීමේ වෙනස්කම් බලනවා
- වමනය, හිසරදය වගේ ගැටලු ඇති වෙනවාද කියලා බලනවා
මේ chart එකෙන් ඔයාගේ තත්ත්වය විධිමත්ව, විද්‍යාත්මකව බලනවා. ඒ නිසා රෝහලේ තියාගෙන හිටියා කියන්නේ නිකම් ඇඳක තියාගන්න එකම නෙමෙයි.
🚨හිසට සිදුවන අනතුරකදී පළවෙනි පැය 24 වැදගත් වෙන්නේ ඇයි?
හිසට සිදුවන අනතුරකදි මොළයේ තුවාල, ලේ ගැලීම්, ඉදිමුම් වගේ බරපතල ගැටලු එන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒවගේ රෝග ලක්ෂණ පළවෙනි පැය 24 ඇතුළත පෙන්නනවා. ඒ නිසා රෝහලේදී මේ කාලය තුළ ඔයාව පරීක්ෂා කරලා, අවදානමක් තියෙනවද කියලා බලනවා. මේක ඔයාගේ ජීවිතේ බේරගන්න පුළුවන් ඉතාම වැදගත් ක්‍රියාවලියක්! 💪
ඇයි හිසට අනතුරු වෙලා එන හැමෝටම CT scan කරන්නේ නැත්තේ?
CT scan එකකින් මොළයේ තුවාල, ලේ ගැලීම්, හෝ ඉදිමුම් බලන්න පුළුවන්. ඒත් එක හැමෝටම කරන්න ඕන නෑ. ඒකට හේතු තියෙනවා.
විකිරණ (Radiation) බලපෑම
CT scan එකකින් X-ray කිරණ වැඩි ප්‍රමාණයක් අපේ ශරීරයට යනවා. විශේෂයෙන්ම පොඩි ළමයින්ට මේක බලපෑමක් කරන්න පුළුවන්.
මොළයට හරි ස්නායු පද්ධතියට හරි හානියක් වෙන අවදානම අඩු නම් (රෝග ලක්ෂණ බරපතල නැත්නම්) CT scan එකකින් හොයාගන්න දෙයක් නැති වෙන්න පුළුවන්.
වෛද්‍යවරු ජාත්‍යන්තර මාර්ගෝපදේශ (guidelines) අනුව තමයි CT scan එකක් ඕනද කියලා තීරණය කරන්නේ.
පොඩි ළමයින්ටත් එහෙම තමයි.
ළමයින්ගේ හිසට සිදුවන අනතුරකදි එයාලට රෝග ලක්ෂණ හරියට කියන්න බැරි නිසා ටිකක් වැඩිපුර බලාගන්නවා.
ඒත් ලක්ෂණ සාමාන්‍ය නම්, CT scan එකක් නැතුවත් ගෙදර යවන්න පුළුවන්.
ඕනෑම වෙලාවක ලක්ෂණ වල වෙනසක් වුණොත් (වමනය, හිසරදය, හැසිරීමේ වෙනස්කම් තියෙනව නම්) ඉක්මනින් රෝහලට එන්න! 🚑
ඔබ කරන්න ඕන දේ.
✅ ගෙදර ගියාට පස්සේ ලක්ෂණ ගැන අවධානයෙන් ඉන්න.
✅ බය නොවී වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුගමනය කරන්න.
📢 මේ ගැන තවත් දැනගන්න ඕන නම්, comment එකකින් අහන්න.
📢 හැමෝටම දකින්න share කරන්න
වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න
#HealthTips #HeadInjury #StaySafe #headijury_gayan
++++++++++++++++=
ReplyDelete