ඉතිහාසය සහ කලාව උගනිමුද උගන්නමුද


ඉතිහාසය ගැන හොඳ උද්ධෘත පාඨ කිහිපයක් මතක් වෙනවා .  කොන්ෆියුසියස් කියල තියෙන්නේ "අතීතය ඉගෙන ගන්න, ඉන් අනාගතය තීරණය කරාවි" -කියල . චර්චිල් කියල තියෙනවා ,   "ඔබ බොහෝ ඈතට අතීතය දෙස එබී බලන සේම ඔබට අනාගතයටද  ඒ හා සමාන කාලයක් බැලීමට සිතේ" කියල.  හේගල් කියනව ,  "අපි ඉතිහාසයෙන් ඉගෙන ගන්නේ අපි ඉතිහාසයෙන් ඉගෙන නොගත්  දේ" කියල . 

මගේ ප්‍රියතම ලේඛකයෙක් වන මයිකල් ක්‍රයිටන් කියල තියනවා, "ඔබ ඉතිහාසය දන්නේ නැත්නම්, ඔබ කිසිම  දෙයක් දන්නේ නැහැ. ඔබ හරියට තමන් ගහක කොටසක් බව නොදන්නා එම ගහේම  කොළයක් වගේ "  කියා .  නැපෝලියන් බොනපාර්ට් මාර  කතාවක් කියල තියෙන්නේ. "ඉතිහාසය කියන්නේ කලින් එකඟ වෙච්ච බොරු ගොඩක්ලු" .  කාල් මාක්ස් ඉතා ප්‍රසිද්ධ ලෙස ඓතිහාසික භෞතිකවාදය ඉදිරිපත් කලේ ඉතිහාසයෙන් ණයට අරගෙනනේ .  



මම ඉතිහාසයට  සෑහෙන්න කැමැති කෙනෙක් .  රජවරු ගැන, රජ කාලේ ගැන,  යුද්ධ ගැන හොයන්න් ,  කියවන්න .  ඉතිහාසය හරිම අලංකාර , පුදුමය දනවන විෂයක් .  අපි රුසියාව ,  ග්‍රීසිය , තුර්කිය ,  උස්බෙකිස්ථානය වගේ රටවල් වල මෙන්ම ම ලංකාවේ සංචාරය කරන කොටත්   විශේෂයෙන් ඓතිහාසික ස්ථාන හොයාගෙන  ගියා.  පොත පත ගත්ත .  කෞතුකාගාර පීරුව.  

අර ග්‍රීසියේ අලුත් පුරා විද්‍යාත්මක කැණීම් කරන තැන්වලට ගිහන් පින්තූර ත් දාහක් විතර අරගෙන තමා මතයක් ඉදිරිපත් කළේ , සමහර විට පුරාණ  ලංකාව එක්ක මිට වඩා එහා ගිය සබඳකමක් තිබිල තියෙන්න පුළුවනි  කියල .  සුදු ජාතික පුරා විද්‍යාඥයෝ (විශේෂයෙන් ප්‍රංශ )  සමහර සාක්ෂි ඕන කමින් විනාශ කරලා තියනව. නගර පිටින් .  ලැජ්ජාවට. අපට වඩා මුන් ශිෂ්ටාචාර වුනේ කොහොමද කියල .  ගණිතය විතරක් ඔලුවේ තියාගෙන පොරවල් කියල හිතාගෙන  උඩින් පල්ලෙන් නගරයක දෙකකට ගියාට ඉතිහාසය තේරෙන්නේ නැහැ .  මොකද ඒක හරියට හදාරන්න ඕනේ ගැඹුරු විෂයක් .  අපි තනියම පැය ගණන් පොත් අරන් කියවන්නෙත් ඒ නිසා . 

හැබැයි ඒ නිසාම මම හිතන්නේ ඉතිහාසය අනිවාර්ය විෂයක්  කළ යුතු නැහැ කියල.  කොටින්ම  ගණිතය සහ විද්‍යාව  වගේ තව කෙනෙකුට අමාරු කියල හිතෙන විෂයන් වුනත් අනිවාර්ය කල යුතු නැහැ. ගණිතය අසමත් වෙලා පන්ති කට් කරලා ජිවිතේ ඇන ගත්තු අය කොපමණ ඉන්නවද ?  මම සාහිත්‍යට සෞන්දර්ය, කළා ආදී විෂයන් හැම දේටම කැමතියි .  චිත්‍රපට බලනව ,  නාට්‍ය බලනවා.  ක්ලැසිකල් සින්දු ,  වාදන අහන්න යනවා,  නැටුම්, ඔපෙරා  බලන්න යනවා .  නමුත් එහෙම කරන්න අකමැති අයත් ඉන්නව ,  අපි ඒකත් පිළි ගන්න ඕනේ .   ඉතිහාසය වගේ ගැඹුරු විෂයන් ,  සෞන්දර්ය විෂයන් ඒවා ට කැමති අයට යි හදාරන්න දෙන්න ඕනේ.  විෂයන් දියුණු වෙන්නේ එහෙම .  අලුත් නිර්මාණ එකතු වෙන්නේ එහෙම .  

මම හිතන්නේ ලංකාවේ නම් සිංහලයි , දෙමළයි , ඉංග්‍රීසියි විතරයි අනිවාර්ය කරන්න ඕනේ කියල.  ඕනෙනම් සෞඛ්‍ය අධ්‍යාපනය , සහ භූගෝලය අනිවාර්ය කලාට කමක් නැහැ. ගණිතය , විද්‍යාව අසමත් වුනාට වෙනත් පැත්තකින් දක්ෂතා තියෙන අය මම ඕන තරම් දැකල තියනව .  ඇයි මේ ඒ වගේ විෂයන් දෙක තුනකින් ළමයෙක්ගේ අනාගතය තීරණය කරන්නේ . 

ලංකාවේ ඉරුදින පාසල් තියෙනවනේ හැම ආගමටම . ආගම ඉගෙන ගන්න කැමති අයට ඒවාට ගිය හැකි .  පාසලෙන් හැම ආගමක් ගැනම පොඩ්ඩක් ඉගැන්නුවම ඇති කියල මම හිතන්නේ .  

අග්‍රාමාත්‍ය හරිනි  අමරසූරිය මේ කතාවේ පැහැදිලිව කියනව ඉතිහාසය සහ සෞන්දර්ය විෂයයන් හලලා නැහැ ඒවා ඉලෙක්ටිව් සබ්ජෙක්ට් ලිස්ට් එක යටතේ තියනව කියල .  ඒ කියන්නේ කැමති කෙනාට ඒක  තෝරාගෙන කරන්න පුළුවන් කියල .  ඇත්තම ප්‍රශ්නේ තමා මෙපමණ කල් ,  තමන් දක්ෂ එකට නොව කරන්න  පුළුවන් ලෙහෙසියි කියල හිතන නිසා ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් කරන  අය නේද ඉන්නේ .  ඒක නේද වෙනස් වෙන්න ඕනේ .   නැතිනම් අදාල ගණිත ,  විද්‍යා ගුරුවරු නැති නිසා හෝ  ඒ විෂයන් අමාරු නිසා ඉතිහාස කළා ධාරාවට  යනවා .  එහෙම අවශ්‍ය නැහැ .  දක්ෂ ළමයින්ට තෝරා  ගන්න දෙන්න . 

අග්‍රාමාත්‍ය හරිනි  අමරසූරිය ගේ කතාව 

කොළඹ ගමයා 18/07/2025 

   

14 comments:

  1. Jagath Pathirana18 July 2025 at 02:37

    මම හිතන්නේ ලංකාවේ නම් සිංහලයි , දෙමළයි , ඉංග්‍රීසියි //
    මව් බස නොවන වෙනත් භාෂාවක් ඉගෙනිමේ හැකියාව හැමෝටම තියෙනවා කියලා සහතිකද?
    අනිත් කාරණය තමයි,
    සිංහල කිටන්නේ ජාතික උරුමයක්, මේ රටේ මිනිස්සු ශ්‍රී ලාංකිකයෝ විදියට එක්කරන්න යොදාගතහැකි එකම භාෂාව බව ඔප්පු කල භාෂාව.
    ඉංග්‍රිසි කියන්නේ ජාත්‍යන්තර භාෂාවක්.
    දෙමළ කියන්නේ මොකක්ද? ගෝත්‍රික සංකේතයක්.

    ReplyDelete
  2. දෙමළ භාෂාව සෑහෙන්න පරණ භාෂාවක් . ද්‍රවිඩ භාෂා කුලයේ . සිංහලයේ දෙමල වචන තියෙනවා . ඒනිසා ඉගෙන ගත්තට කමක් නැහැ

    ReplyDelete
  3. මම මේ පෝස්ට් එකට එකඟයි.🙏 අපිට තෝරා ගැනීම් තිබුනේ අල්පයයි🤏. මම කැමතියි අජිත්ට පුලුවන් නම් බ්‍රිතාන්‍යය සිස්ටම් එක ගැනත් යමක් ලියන්න හැකිනම්🙏. අපිට ඉස්සර තිබුනා ප්‍රාග්වෘත්තිය 1,ප්‍රාග්වෘත්තිය 2 සහ සෞන්දර්‍ය අධ්‍යාපනය කියලා විශයන් 3ක්. මේ තුනම අනිවාර්යයි. ඒත් මේ විශයන් තුන ඇතුලේ තෝරා ගැනීම් තිබුනා.👍 උදාහරනයකට චිත්‍ර හෝ නැටුම් හෝ සංගීතය අතරින් එකක් තෝර ගන්න පුලුවන්🎨🕺🎻. ප්‍රාග්වෘත්තිය 1ත් එහෙමයි. ඒක ඒ ඒ ප්‍රදේශය සහ පාසල සහ අවට සම්පත් අනුව වෙනස් වුනා. අපිට තිබුනේ මැටි වැඩ, ලෝහ වැඩ සහ ලී වැඩ අතරින් එකක් තෝරගන්න🖐️. ප්‍රාග් වෘත්තිය 2ට තිබුනේ, ජායාරූප ශිල්පය, මුද්‍රණ ශිල්පය හෝ උද්‍යාන විද්‍යාව අතරින් එකක් තෝරගන්න.🖐️ නමුත් මේ ප්‍රතිසංස්කරනය බැචස් දෙකකටයි තිබුනේ.ආණ්ඩු මාරුවක් සමගින් වෙනස් කලා.🤫🤫🤔

    ReplyDelete
  4. Jagath Pathirana18 July 2025 at 18:10

    ද්‍රවිඩ භාෂා කුලයේ . සිංහලයේ දෙමල වචන තියෙනවා //
    එසේනම් කලයුත්තේ ඉන්දියානු භාෂා අතර සමාන කම් වෙනස් කම් ගැන තුලනාත්මක අධ්‍යයනයක් ලබාදිම. නැතිනම් වෙන්නේ ඊලාම්වාදින්ගේ විවිධ කොන්පිරන්සි තියරි වලින් සිංහල මිනිස්සු නොමග යාම. මම දවසක් දෙමළ මිනිහෙක්ගෙන් ඇහුවා තමිල් කියන වචනයේ තේරුම මොකක්ද කියලා. ඌ කියනවා ඒ අකුරු තුන වචනේ කෑලි දෙකකට කඩලා "සිය බිම" මට හිතුනා අරිසෙන් අහුබුදු හොඳයි කියලා. මම කිව්වා ඔය වචනේ තේරුම නෙලුම් මල වෙන්න බැරිද කියලා. සාමාන්‍යයෙන් දෙමළ කියන්නේ අකුරු 7-8 දිග වචන තියෙන භාෂාවක්. එහෙම භාෂාවක කුඩා වචනයක් කෑලි කරලා නිරුක්ති දෙනවා නම්... ඔයවගේ තව දේ තියෙනවා. ටයිප් කරන්න කම්මැලියි. ඔයවගේ විකාර වලට අහුනොවී ඉන්න සිංහල දරුවන් බුද්ධිමත් කල යුතුයි.

    ReplyDelete
  5. @අරුණ අපටත් ඒකම තිබුනා . ඉතිහාසය සමාජ අධ්‍යනය ඇතුලේ හංගලා ආවේ . එන්ගාන්ත සිස්ටම් එක ගැන ලියන්න ළමයින් ගෙන අහන්න ඕනේ . අද දුවගෙන් ඇහුවා කීවේ අට වසර වෙනකන් විෂයයන් 9 තිබ්බ කියල .

    ReplyDelete
  6. @ජගත් ඒක තමං දෙමල උගන්වන්න් ඕනේ . ඊලම් වාදීන් වලක්වන් තියෙන හොඳම දේ ඒක

    ReplyDelete
  7. Jagath Pathirana20 July 2025 at 18:48

    భారతదేశం చిన్న దేశం కాదు.
    ఇది ప్రపంచ జనాభాలో ఐదవ వంతు.
    భారతదేశానికి ఇంగ్లీష్ అవసరం లేదు. భారతదేశం ఒక ప్రపంచం. హిందీని ఒక సాధారణ భాషగా మరియు హిందీని అంతర్జాతీయ భాషగా చేద్దాం.

    ReplyDelete
    Replies
    1. ??????????????????????කාම්බෝජ භාෂාවද

      Delete
    2. තෙලිඟු -India is not a small country.
      It has one-fifth of the world's population.
      India does not need English. India is a world. Let's make Hindi a common language and Hindi an international language.

      Delete
  8. අපේ කාලේ ඉතිහාසය, සාහිත්‍ය, කලා ඉගෙන ගත්තේ ලංකාවේ ශිෂ්‍යයෝ ඒක කරන්නේ ගණන් , විද්‍යාව, අරක මේක කරන්න ලකුණු මදි වුනහම හරි ඉස්කෝලේ වෙන සබ්ජෙක්ට් නැත්නම් හරි ( දැන් කොහොමද දන්නේ නැහැ ) . ලංකාවේ ඉතිහාසය අනිවාර්ය කරන්න කියල කෑ ගහන එංගලන්තේ , ඕස්ට්‍රේලියා, ඇමෙරිකාව වගේ 'සමාජවාදී' රටවල ඉන්න අයගේ ළමයි කරන්නේ මැත්ස් , further maths , බයෝ මෙඩිකල් සයන්ස් , ඉංජිනියරින් , කම්පියුටර් සයන්ස් , ලෝ etc etc . මෙහෙ ටීචර්ස් ල ස්කුල් ඩිරෙක්ටස් ලා මීටින් වල අඬනවා ආසියානු දෙමාපියන් ඉස්සරහා - "අනේ ඔයාලගේ ළමයින්ට ඉංග්‍රීසි සාහිත්‍ය , ඉතිහාසය, භූගෝලය වගේ විෂයනුත් නහදාරන්න කියන්න. අපට ඒවාට විශ්ව විද්‍යාල වලට යවන්න ළමයි නැහැ . හැමෝම ඉංජිනියරින් . මෙඩිසින් කරන්නේ කියල" . සැබෑවට වෙන්න ඕනේ ඒක නේද ? දක්ෂ සිසුන් අදාල විෂයයන්ට යොමු කරන එක .

    ReplyDelete
    Replies
    1. Jagath Pathirana21 July 2025 at 01:02

      මුලින් දාපු කොමෙන්ටුව මම න්දියන් යූටියුබ නාලිකාවකට දාපු එකක්. ඉන්දියාවේ හින්දි විරෝධයක් ඇතිවෙලා තියෙනවා.
      මමත් ඉන්දියන් කාරයො වගේ ගිහින් වැඩේට පෝර දානවා.

      මේ කොමෙන්ටුවෙන් පෙන්වන්නේ බ්‍රිතාන්‍යය සමාජයේ අර්බුධයක්.
      බ්‍රිතානයට එන ආසියානුවන් ඉංග්‍රිසි බාෂාවට හුරුවෙනවා. ලංකාවේ දෙමළ ප්‍රශ්නේ වගේ ජරා තත්වයක් එහි නෑ.
      ඒත් ඒ රටේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි ප්‍රධාන සංස්කෘතියට වැදගත්වන
      සාහිත්‍යය, සම්භාව්‍ය සංගීතය, බැලේ නැටුම්, ඉතිහාසය වගේ දේවලට ආසියානුවන් යොමුවෙනවා අඩුයි. ඒකෙන් ඒ සමාජය තුල වාර්ගික බෙදිම් ඇතිවෙනවා.

      Delete
    2. එහෙම ප්‍රශ්නයක් තිබෙනවා තමා

      Delete

ප්‍රතිචාරයට ස්තූතියි

බොසාගේ ඩිප්ලොමැටික් සංඥාව හෙවත් දීර්ඝායු පුත, ළඟ නොබලන්න දුර බලන්න

  බොසා ලයිෆ් ජැකට් එකක් නැතිව දෙමළ ෆිල්ම් එකක වීරයා වගේ බෝට්ටුවේ ඉස්සරහින් යන සීන් එකකට බුකියේ කට්ටිය හිනා වෙනවා දැක්ක .  ලයිෆ් ජැකට්  එකක් ...