NPP ආණ්ඩුවට අවුරුදු 1 1/2යි... රටට මොකද වුණේ?

 ඉලක්කම් බොරු කියන්නේ නෑනේ. 😎

📉 බඩු මිල සහ බිල්:

✅ විදුලි බිල: ගෙදර බිල 20% කින් අඩු වුණා. (කර්මාන්ත වලට 30%ක්!)

✅ පෙට්‍රල්: රු. 330 තිබුන එක දැන් රු. 292 යි. ⛽

✅ බිත්තර: මතකද 60 ට කෑවා? දැන් රු. 35 යි. 🥚

✅ බස් ගාස්තු: ඉතිහාසයේ පළමු වතාවට අඩු වුණා.

💰 රටේ ආදායම ඩබල් වෙලා:

🚀 Stock Market: 11,200 තිබුන එක 23,700 පැනලා! (සල්ලි තියෙන මිනිස්සු රට ගැන විශ්වාස කරලා).

🥥 Exports: පොල් විතරක් ඩොලර් බිලියනයක්! මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 14.4ක් (වාර්තාවක්!).

💵 ඩොලර් එවන කොල්ලො කෙල්ලො: මාස 18ට ඩොලර් බිලියන 8ක් රටට එවලා. 

Respect 🫡

මේක තමයි ඇත්ත වෙනස! හුළං බැහැපු ආර්ථිකේ ආයේ පිම්බුවේ මෙහෙමයි

සිස්ටම් එකේ වෙනස! 🏥📚

රටක් හැදෙන්න නම් මිනිස්සුන්ගේ ඔලුවයි, ඇඟයි දෙකම ෆිට් වෙන්න ඕන. මේ බලන්න මාස 18ක් ඇතුළත වෙච්ච පෙරළිය.

🎓 අධ්‍යාපනයට දුන්නු තැන:

🔥 මහපොළ: රු. 2,500 න් රු. 10,000 ට වැඩි කළා! (කැම්පස් ළමයින්ට ලොකු හයියක්).

📚 Education Budget: කවදාවත් නැති විදියට බිලියන 704ක් වෙන් කරලා.

👶 පෙර පාසල්: ටීචර්ලට රු. 10,000ක දීමනාවක්.

🏥 සෞඛ්‍යය (Health):

💊 ඖෂධ බජට් එක: බිලියන 185ක්! බෙහෙත් හිඟය ගොඩක් දුරට විසඳිලා.

🍲 අපේක්ෂා රෝහල: දිනපතා 2,000+ දෙනෙක්ට නොමිලේ කෑම. මේවා පින් වැඩ! ❤️

🤰 ගර්භනී අම්මලාට: පෝෂණ මලු සඳහා බිලියන 7.5ක්.

💼 රාජ්‍ය සේවකයින්ට:

💸 Basic Salary: රු. 24,250 ඉඳන් රු. 40,000 ට! (සාමාන්‍යයෙන් 35% ක වැඩිවීමක්).


🌱 වතු කම්කරු පඩි: දවසට රු. 1,750 දක්වා වැඩි වුණා.


අවුරුදු ගාණක් තිස්සේ නොවිච්ච දේවල්, අවුරුදු 1.5න් පේන්න තියෙනවා. මේක තමයි වෙනස!

රට Smart වුණාද? 🌍📱


"හොරකම නවත්තනවා, සිස්ටම් හදනවා" කිව්වට මොකද වුණේ?


📱 ඩිජිටල් ලංකාව:

📲 GovPay App: පෝලිම් වල ලැගපු කාලේ ඉවරයි. ෆෝන් එකෙන් වැඩ.

🚗 Digital License: පරණ කබල් සිස්ටම් අයින් කරලා අලුත් ක්‍රමයක්.

📄 Embassy වැඩ: උප්පැන්න, විවාහ සහතික ඔක්කොම දැන් Online ගන්න පුළුවන්. පිටරට ඉන්න අපේ අයට මාරම වාසියක්!

🌍 ජාත්‍යන්තරය දිනීම:

✈️ සංචාරකයෝ (Tourism): 2016 වාර්තාවත් කැඩුවා! මිලියන 2.36ක් ලංකාවට ඇවිත්. ඩොලර් බිලියන 3.2ක ආදායමක්!

🛂 VISA ප්‍රශ්නය: VFS මාෆියාව එලවලා, පරණ ලාබ සිස්ටම් එක ආයේ ගෙනාවා.

✈️ රට විරුවන්: එයාපෝට් එකේ ඉඳන් ගෙදරට යනකම් සැලකිලි වැඩි කළා. ටිකට් ගාස්තු අඩු කළා.

⚖️ නීතිය සහ විනය:

දූෂණයට එරෙහිව ස්වාධීන කොමිෂන් සභා බලගන්නලා තියෙනවා. හොරා කාපු අයට නීතිය ක්‍රියාත්මක වෙනවා පේනවා. අතුරුදන්වූවන් ගැන, වන්දි ගැන හොයන්න පටන් අරන්.

ලෝකෙට ණය නැති, කොන්ද කෙලින් තියන් ඉන්න රටක් හදන්න අඩිතාලම වැටිලා ඉවරයි! 

ගමන තාම ඉවර නෑ! 

මචංලා, අපි මේ කතා කළේ මාස 18කින් කරපු දැවැන්ත වැඩ කොටස ගැන. හැබැයි අපි "පොළවෙ ඉන්න" මිනිස්සු විදියට ඇත්තත් දැනගන්න ඕන.

🛑 තාම විසඳගන්න බැරි වුණ දේවල්:

අපිට තාම ඩොලර් බිලියන 37ක ණය කන්දක් තියෙනවා. 

අපේ දක්ෂ කොල්ලො කෙල්ලො රට දාලා යන එක (Brain Drain) තාම නතර වෙලා නෑ. රැකියා ප්‍රශ්න තියෙනවා.

💡 ඒත් හිතන්න...

👉 ආර්ථිකය අංශක 360කින් හැරිලා.

👉 හොරකම අඩුවෙලා.

👉 මිනිස්සුන්ට සහන ලැබිලා.

අපි පටන් ගත්තා විතරයි. මේ ගමන ආපස්සට හරවන්න බැහැ. වැරදි තියෙනවා නම් ඒවා පෙන්වා දෙමු, හැබැයි රට ගොඩදාන මේ ගමනට අකුල් හෙලන්න එපා. 🚫

🚨 හදිසි අනතුරු ඇඟවීමයි! බොරුවට අහුවෙන්න එපා! 🚨

මචංලා, මේ දවස්වල Facebook එකේ සහ සමහර Group වල "Bot Network" එකක් හරහා දරුණු බොරු ප්‍රචාරයක් (Misinformation Campaign) යනවා. මේකේ ප්‍රධානම ඉලක්කය පිටරට ඉන්න අපේ අය! ⚠️

🛑 මොකක්ද මේ "කුලී නිවැසියන්ගේ පනත" (Protection of Renting Bill) ගැන කියන බොරුව?

ඔවුන් කියනවා අලුත් නීති ගෙනල්ලා, ඔයාලා දුක් මහන්සියෙන් හම්බ කරලා ගන්න ඉඩම්, ගෙවල් කුලියට දුන්නම ආයේ ගන්න බෑ කියලා. අයිතිය නැති වෙනවා කියලා.

✅ ඇත්ත මොකක්ද?

මේක සම්පූර්ණ අසත්‍යයක්! කිසිම විදියකින් ඔබේ ඉඩම් අයිතියට හෝ නිවාස අයිතියට හානි වෙන නීති ගේන්නේ නෑ. රජය මේ වෙලාවේ කරන්නේ විදේශගත අයගේ ආයෝජන (Investment) ආරක්ෂා කරන එක මිසක් නැති කරන එක නෙවේ. මේ බොරු පතුරවන්නේ ඔයාලා ලංකාවට සල්ලි එවන එක, ඉඩම් ගන්න එක නවත්තලා ආර්ථිකය ආයේ වට්ටන්න බලාගෙන ඉන්න පිරිසක්.

🏢 පිටරට ඉන්න අපේ "රට විරුවන්ට" කියන්නේ:

බය වෙන්න එපා! ඔයාලගේ දේපළ සුරක්ෂිතයි. මේ බොරු වලට කලබල වෙලා ඔයාලගේ හීන අතාරින්න එපා. රජය ඉන්නේ ඔයාලා එක්ක.


-copied 

විමුක්තියේ සිහිනය කවියක්ව



 දේශයත් ජීවිතයත් මරණයේ භීතියෙන් වෙලී සිටිනා විට ඒ පීඩනයේ හඬ පිටතට අවදි කරන්න දීපචෙල්ලන් දැරූ වෑයම 2005 සිට ඔහු කවියක් එළි දක්වනවා. "ලිපිනයක් හෝ හැඳුනුම්කමක් සටහන් කිරීම මිනී පෙට්ටියක් මිලට ගෙන ළඟ තබා ගැනීමකට "සමාන කරන දීපචෙල්වන් ඔවුනට සියල්ල අහිමි කළ යුගයක සියල්ල අහිමි කළ දේශයක ලියවුනු එම පීඩනයේ වේදනාව "අහිමි කවි" නමින් හඳුන්වනවා.

" බංකරයක උපන් දරුවෙක් "නමින් 2008 දී ඔහු සිය පළමු කාව්ය එකතුව එළි දක්වනුයේ උතුරේ දමිළ ජනයා මත දැඩි රාජ්ය ආක්රමණයක් පමණවමින් ඔවුනගේ ජීවිත තලා පෙළා මනුෂ්යත්වයේ සිහින විනාශ කර දැමූ භූමියක නිරන්තරව අවතැන් වෙමින් හිස් ලූ ලූ අත පලා යමින් බංකර තුළ රහසිගතව ජීවිතය සඟවා ගන්නට වෑයම් කරන අතරතුරයි. සුවහසක් ඝාතනය කරමින් තවත් දහස් ගණනක් අතුරුදහන් කරමින් ලක්ෂ සංඛ්යාත ජනකායක් අවතැන් කරමින් නිහඬත්වය හා බිය තුළට සීමා කරනු ලැබූ සිය ජනයාට තම නිජබිම තුළ නිදහස් හා ගෞරවනීය පුරවැසියෙකු ලෙස ජීවත්වීමට ඇති ගැඹුරු අභිලාෂය මුදා හැරීම ඔහුගේ කවිය විය. ජීවත්වීමේ අයිතිය අහිමි කළ මිනිස් වේදනාවක යටපත් කළ හඬ අවදි කරමින් යුක්තිය හා නිදහස පිළිබඳ තම ජනයා අතරද කෲර මර්දනීය දේශපාලන අභියසද දේශපාලන සංවාදයක් ගොඩනංවන්නට තරම් දීප චෙල්වන් මානව හිතවාදීව නිර්භීත වූයෙන් සිය තුරුණු වියෙහිදීම ජීවිතය පරදුවට තබමින් උමතු වාර්ගික හිංසනයකට එරෙහිව ඔහුගේ ප්රකාශනය කවියක් කරමින් සමාජය සමඟ බෙදා ගනියි.
මානවීයත්වයක් විඳවූ මෙතරම් කුරිරු පීඩනයක් රිද්මීය බසකින් අපිට ගෙනහැර පාන දීපචෙල්වන්ටත් ඔහුගේ ඒ මානුෂීයත්වය සිතීමේ දෘෂ්ටිමේ රිද්මය එපරිද්දෙන්ම ඉස්මතු කරමින් "රාත්රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන" නමින් දකුණේ සහෘදයන්ට අභිමුඛ කර වූ අනුශා සිවලිංගම් සොයුරියටත් අපගේ දේශයේ ආදරය හා ගෞරවය පුදනවා..
දීපචෙල්වන් සොඳුරු හා මානවීය ලෙස කාව්ය අඬහැරය අවදි කරනුයේ බියවද්දා නිහඩ හා නිසල කළ දේශපාලනයක සිරවී සිටි මිනිසුන් අතරය. ඔහුගේ යාල් නගරය කවිය ඇරඹෙන්නේ මෙසේය.
" කොත්තු රොටි කඩයක් නාඳුනන මළකුණක්
වට කරගත් නගරයක් යාපනය නිහඬියාවක්
යාළ් නගරය අවසන් වෙනුයේ මෙසේය,
"පණ නැති මා නිහඩය
පණ ඇති ඔබත් නිහඩය තව සැණෙකින් ඇඳිරි නීතිය
පොදු සිරිත බිඳ දැමූ
යාළ් නගරය
දැන් කුමක් සිදු වේද..."
දීප චෙල්වෙන් ඒ නිහඬියාව කවියෙන් කවියට වැකියෙන් වැකියට බිඳ දමන්නට වැර දරයි. "කුරුල්ලෙක් විනාශ වූ ගමක් ත්රස්ත පිහාටුවක්" කවියේ ඔහු මෙසේ නිහඬියාව බිඳී.
"හැම මාවතක්ම
විනාශ කළ
ගොළු වූ ගමක
දුක ගලමින් තිබුණි.
දුකම වැළඳගත්
ගමත්
එයම ඔසවා ගත් කුරුල්ලත්
කූඩුවක සිරවුණි
ඉනික්බිති,
සියල්ලෝම ගොළුවෝය."
උතුරුකරයේ" ගම් අතර ගිය වුන්ගේ ගීතයේ" වේදනාත්මක ස්වරය දීප චෙල්වෙන් ගයන්නේ මෙසේය.
"ධාන්ය පිරුණු නිවෙස්ය නිවෙස් පිරුණු ගම්ය
ඒත් , අත්හැර
අපි පිටත්වීමු
දුකින් පිරි මාවත් ය
බෙදී දික්වෙන
ඒ හැම මාවතකම
හිසෙහි මළු දරාගෙන.. නැවතී මොහොතකට
දැන් හැරී බලන්න
මේ අපේ ගම් දිහා
ගේ පිළි හිස්ය
නිවෙස් මුල් පිටින්ම
ඉරී ගොස්ය
මගේ අම්මත් නොදත් මාවතක ඔහේ යනු ඇත ඇය කොතනකදී හෝ මට හමුවනු ඇත
මගේ වයසටත් සිරුරටත් බර දරන පොදියක් මම කර තබාගෙන යමි. අම්මාගේ හිසෙහිද බර පොදියකි
මේ පොදි සමඟ අපි ජීවිතයක් ඇරඹීමට
පටන් ගන්නෙමු.
අපේ අහස
අපෙන් උදුරා ගෙනය
අපේම තාරකා
අපෙන් සොරා ගෙනය
ෂෙල් වෙඩි
මිදුලට පාත් වෙයි. දොරකඩ අවුලවා
ගඳ ගසයි
අහස් යක්ෂයන්
ගුවන ඉරමින්
ගම්මාන ගිල දමයි.
ඒ ගම් නිදහස් කළ බව රජයේ රේඩියෝවෙන් දැනුම් දෙයි.
දැන් අප ටෙන්ට් කැබැල්ලක් සොයා ඇවිදිනු ඇත
ගසක සෙවණක් සොයමින් ගමන් කරනු ඇත
එබී බලනු !
මෙහෙ කළුවරයි හොඳටම
අපි කළු මිනිස්සු
කළු පොදි දරා
සෙවණැති නිවෙස් අහිමි පුංචිම සෙවණක් සොයා ඉබාගාතේ යන..."
දශක ගණනාවක අවතැන් ජීවිතයෙහි කතාවත දීපචෙල්වන් කවියක සිතුවම් කරන්නේ ලොවට ඒ දෙස එබී බලන්නට ආරාධනා කරමිනි. දකුණේ සමාජ දේශපාලනය විසින් කියවා නොගත් වටහා නොගත් උතුරේ ජීවිතයේ සැබෑව විනිවිද දකින්න ඔහු කවිය ඒ කටුක සත්යයෙන් සිතුවම් කරයි.
තිස් වසරක බිහිසුණු වාර්ගික යුද්ධයක මංකොල්ලකෑමකින් අනතුරුව තවත් දශක එකහමාරකට අධික කාලයක් ගෙවී ගොස් ඇතත් උතුරේ බහුතරයකට තවමත් සිදුව ඇත්තේ හුදු භෞතික සිරුරු පමණක් දරා ඒ සියල්ල අහිමි වූවන් ලෙස දිවි ගෙවන්නටයි. සිය ගම්මාන හමුදා කඳවුරු බවට පත්ව ඇති භූමියක බිම් අගලක් අහිමිව අවතැන් වූ දහස් ගණනක ඛේදනීය අත්දැකීම් පාදක කර ගනිමින් දීපචෙල්වන් යුක්තිය ඉල්ලා දේශපාලන කාව්ය සංවාදයක් ගොඩනංවයි.
ඒ සංවාදය කෲරත්වයට එරෙහි මානවීය හෘදය ස්පන්දනයක රිද්මයක් ලොව පුරා ගලා යාමට සලස්වමින් දීපචෙල්වන්ගේ කවි දෙමළ බසින් සිංහල හා ඉංග්රීසි භාෂාවන්ටද පරිවර්තනය කරවා ඇත ." Im Not A Srilankan "නමින් ඔහුගේ කාව්ය සංග්රහයක් ඉංග්රීසි බසින් පළ කර ඇත. එසේම දීපචෙල්වන් සිය අත්දැකීම් ප්රකාශ කරමින් වාර්ගික ප්රහාර අවසන් වීමෙන් පසු උතුරේ ලියවුණු ප්රථම නවකතාව "නඩුගල් නමින් "දමිළ බසින් ප්රකාශ කරයි. ජී.ජී.සරත් ආනන්ද විසින් එය සිංහලට "ස්මාරක ශිලාවත" නමින් පරිවර්තනය කරයි.
"ස්මාරක ශිලාවත"සිංහල ප්රජාව වෙත ඔහු තිළිණ කරනුයේ කෙළි දෙලෙන් අහිංසකව දිවි ගෙවූ දමිළ දරුවන්ට හා නව යෞවනයන්ට සිය ළමා විය අහිමි කරමින් යුද්ධයකට එරෙහිව යුද්ධයක පාර්ශවකරුවන්ව අවි දරා සිටීමට සිදුවූ දේශපාලන ඛේදයේ මූල පදනම් විදහාලමින් දකුණේ දේශපාලන හෘදය සාක්ෂිය ගැඹුරු සිතීමේ සංලක්ෂයකට ළගා කරමිනි.
අදහස් ප්රකාශනය මරණයෙන් අවසන් වන බරපතල අහිමි වීමක් බව දැන සිටියද තමාට පූර්වයෙන් හා සමකාලීනව ඉතිහාසය පුරා ලොව පුරා එවන් ඝාතන හා නිසල කිරීම් වලින් පිරී තිබුණද තම සහෝදර ජනයාගේ ජීවත් වීමේ අයිතිය හා නිදහස භුක්ති විඳීමේ අයිතිය උදෙසා තමා සතු දෘෂ්ටිමය හා භාෂාමය ශක්යතාවය මුසුකර විමුක්තියේ රාව
නං වන්නට දීපචෙල්වන් ඉදිරිපත් වීම හුදු සාහිත්යමය වින්දනයකින් ඔබ්බේ මනුෂ්යත්වයට එරෙහි හිංසනය පිළිබඳ අපට සිතා බලන්නට දේශපාලන අවකාශයක් විවර කරනවා.
කෲර මර්දනයකට එරෙහිව සිය ජනතාවගේ නිදහස වෙනුවෙන් අදහස් ප්රකාශ කරමින් ජනතාව අත් නොහැර ඔවුන් සමගම දිවි ගෙවන දීපචෙල්වන්ගේ ජීවිතයට මේ දක්වා එබී ඇති තර්ජන නොතකා ඔහු සිදුකරන ප්රචණ්ඩත්වයට විරෝධය පෑමේ ගැඹුරු ආත්මීය ප්රකාශනය නිසා දීපචෙල්වෙන් අපගේ යුගයේ අපගේ දේශය බිහි කළ "විශිෂ්ටතම මානව හිතවාදී කවියා හා අදහස් පළ කරන්නා "ලෙස නම් කිරීමට කැමැත්තෙමි.
මෑත ඉතිහාසයේ හිට්ලර්ගේ නාසි කඳවුරු වල සිට වර්තමානයේ ගාසා තීරය වසා පැතිර ගත් උමතු වාර්ගික ප්රචණ්ඩත්වයකට එරෙහිව පබැදුණු සියලු කව් ගී කතා අතරට ලාංකික වේදනාවේ දීපචෙල්වන් නිමවන ස්වරය එක් වනු ඇත.
හිට්ලර්ගේ වධකාගාරයක සිට "ජනතාවනි, මම නුඹලාට ආදරය කරනවා. ප්රවේසම් වෙන්න "යයි රහසිගතව අදහස් ලියා ජනතාව අතරට එවූ පුවත්පත් කලාවේදී ජුලියස් පූචික්ට සේම සිය දෑත් සිද දමමින් මරණයට කැඳවාගෙන යද්දී ජනතාව වෙනුවෙන් ගී ගයමින් මරණයට ළඟා වූ වික්ටර් හාරාට මෙන්ම අදහස් ප්රකාශනය වරදට සිරගතව සිටින කල සිර කුටියෙහි වැසිකිලි පත්රිකා මත ඇයි බැමි අදින පැන්සල් තුඩකින් අදහස් රහසිගතව ලියා පිටතට එවූ මිසර ලේඛිකා නවාල් එල් සදාවිට මෙන්ම විසි එක්වන සියවසේ මුල රුසියාව චෙච්නියාවේ සිදුකළ වාර්ගික හිංසනයයට එරෙහිව අදහස් පළ කිරීම නිසා මහ මඟ ඝාතනය කළ රුසියානු මාධ්යවේදීනී අන්නා පොලිකෞෂ්කයාට මෙන්ම ලොවක ආදරය හා ගෞරවය උරුම කර ගනිමින් ,සංග්රාම භූමියකදී තම ජනතාවගේ නිදහස වෙනුවෙන් කවි ලියූ දීපචෙල්වන් ඔබද වාර්ගික ම්ලේච්ජත්වයට එරෙහිව දේශපාලන පෙර ගමන්කරුවෙක්ව ඉතිහාසයට එක් වේවි.
දීප චෙල්වන්ගේ කවිත්වය රසවිඳින්න මෙන්ම දශක ගණනාවක් අප සැබෑ ලෙස නුදුටු අත් නො නොවිදි හා සිතා නොබලවූ දමිළ ජනයාගේ සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික පීඩනයෙහි ගැඹුරු වේදනාවෙහි අනුභූතින් හා අරුත් අත්විඳිමින් උතුර සමඟ සහෝදරාත්මක නව දේශපාලන සංස්කෘතික බැඳීමක් ගොඩනංවා ගන්න රාත්රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන සංවාදයේදී මම දකුණේ සහෝදරත්වයට ආරාධනා කරනවා කරනවා. ස්වභාව දහමින් ඔවුනට හිමිවූ නමුත් බලහත්කාරීව අහිමි කරනු ලැබූ ආකාශයත් ..
මහ පොළොවත් ..මුහුදත් මේ නිජබිමේ ඔවුනට නිදහසේ භුක්ති විදින්නට ඔවුනගේ ජීවිතය යළි උරුම කරගන්න අපි සහෝදරත්වයෙන් ඔවුන් හා දෑත් යා කරමු.
දීපචෙල්වන් ට තරමක පූර්වයෙන් 1990 දශකය මැද භාගයේ සිට උතුරේ වාර්ගික හිංසනයට එරෙහිව අදහස් ප්රකාශනයේ නිරත වූ මගේ නිර්මාණ රැසක ඔහුගේ නිර්මාණ තුළින් විදහා දැක්වෙන වේදනාවෙන් බිඳක් සිතුවම්ව තිබෙනවා. දීපචෙල්වන් සිය උපන් බිමෙහි නව යෞවනයෙක්ව සරණාගතව ..අවතැන්ව.. කවි ලිවීම අරඹමින් සිටි කාල වකවානුවේ 2003 අප්රේල් මස මංජුල වෙඩිවර්ධන මාධ්ය සගයා කී පුවතක් පදනම් කරගෙන මවිසින් පබැදි මේ කව ඔබට තිළිණ කරමින් මෙම සංවාදයෙන් සමු ගන්නෙමි.
නිමිත්ත - රජය හා එල්.ටී.ටී සංවිධානය අතර සටන් විරාම සමයේ එල්.ටී.ටී. සංවිධානයේ සාමාජිකාවන් වූ වයස අවුරුදු 14 ක දැරියන් දෙදෙනෙකු බෝම්බ නිෂ්ක්රීය කටයුතු සිදු කරමින් සිටියදී පසු ගියදා බෝම්බයකට ගොදුරුව මිය ගිය බව මාධ්යය සගයෙක් කියූ වගයි.
සාධනා.. තංගනී..
නුඹලා කොතෙක් පැයක් නම් උරා බී ඇද්ද තන කිරි..අම්මා බොහෝ ඈතට ගෙන ගියාද කවදා..කුළුණක් විතරක් ඉතුරු වූ දොරකඩින්
ළපටි සුරතලය
සඟවා තියා නික්මුණේ කවදාද කියා
මතකයක් හෙම තිබුණාද..ටිකිරි දෑතේ ඇගිලි තුඩු කොතෙක් අඟලක් දික්ව වැඩී තිබුණාද..
කොණ්ඩේ පීරා
ගැට ගසා ගන්නට
තනිවම ඉගෙන ගත්තාද..
අහසින් පියාඹන කෆීර් යානා හය
වතාවකට කිලෝ ග්රෑම් දොළොස් දාහක් බරට මරණය බිම හෙලද්දි
මේ ගම්බි මේ කොයි ඉසව්වේ හැංගුණිද
වන්නියම ගිනි යන්න සෝඩි පියයුරු මැද්දෙ ලැම පුරා ඇවිලෙද්දිත්
නුඹලා හුස්ම අල්ලන් උන්නා නොවේද
තල් වැටෙන් එහා සිදුරක්වත් නොදැකපු දකුණේ කවි සිත් ලැජ්ජාවෙන්ම ගොළුකර ජීවිතය..බලාපොරොත්තු.. හෙට දොහක්..ගැන
හාංකවිසියක්වත් නොදැනම
වන්නියේ හැංඟුණු වන්නියටම කරවුනු නුඹලා අඬන්නට ඇහේ කඳුළක්වත් නැත්තටම
නැති කාලෙකයි
හෙමි හිමිහිට යන්න ගියේ.
අනේ පුංචි සාවියනේ, ඇත්තටම කමා කරපල්ලා. නුඹලාගේ මළගමට එකම එක කඳුළක්වත් ඇන්න එන්න නැතුවාට.
ඇත්තමයි මේ යුද්ධය නුඹලා විතරක් නෙමෙයි අපි සේරොමලා
හෙමිහිට මරා දාලා...
---තිලිනා වීරසිංහ---
--2026 පෙබරවාරි 01--
දීපචෙල්වන්ගේ රාත්රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන කාව්ය සංග්රහය පිළිබද "Lit Room සාමුහිකය" පැවැත් වූ සූම් සංවාදයේදී පළ කළ අදහස්..

ජිව විද්‍යාව ගුරුවරයෙක් ගැන

 මේ දවස් වල ජනප්රිය ජීව විද්යා ගුරුවරයෙකුගේ ක්රියා කලාපයන් ගැන විවේචනය වෙනව මම දැක්කා. මම මුලින්ම රසායන විද්යාවට ටියුෂන් ගත්තේ කුරුණෑගල නගරයේ ඒ කාලයේ ජනප්රිය ගුරුවරයෙක්ගෙන් ! මම එයාගේ නම කියන්නේ නෑ. ඒ මනුස්සයා දැන් සේවයෙන් විශ්රාම අරගෙන බව මට ආරංචියි.

අපි අලුත්ම ඒ ලෙවල් බැච් එකේ, ඒ ගුරුවරයාගේ පළවෙනි තියරි ක්ලාස් එකේ ළමයි. අපි හැමෝම අලුත් ! ඒත් එදා මම මාරම අකමැති වැඩක් වුණා. එයා අපිට තියරි උගන්වමින් ඉඳලා අහඹුවෙන් වගේ ළමයින්ව නැගිට්ටවලා ප්රශ්න ඇහුවා.
මට මතකයි ගෑණු ළමයෙක්ව එයා නැගිට්ටවනව. රසායන විද්යාව සම්බන්ධව තියෙන සරල ප්රශ්නයක් අහනව. ඒ ප්රශ්නයට අර ළමයට උත්තර දෙන්න බැරි වෙනව. මේ ගුරුවරයා අර ළමයාට ඉඳගන්න දෙන්නේ නෑ. විනාඩි දහයක් පහළවක් විතර අර දාහකට විතර කිට්ටු වෙන්න ඉන්න ළමයි ගොඩ මැද අර ළමයාව තියාගෙන මේ ගුරුවරයා බැන්නා. ඉගෙන ගන්න එකේ අගයයි, බුද්ධාගමයි, අර ළමයාට ඒ ප්රශ්නයට උත්තර දෙන්න බැරි වුණේ ඒ ළමයා ඕ ලෙවල් සබ්ජට් වලදි වැඩ නොකරපු නිසාය කියන එකයි, කිව යුතු නොකිව යුතු කතා හුඟක් කියලා බුලි කළා. හැම එකෙක්ම වගේ අර ළමයාට හිනා වුණා. ඒ ළමයා බිම බලාගෙන කඳුළු පිහ දදා හිටියා.
ඒ කෙල්ලගේ වැරද්ද මොකක්ද ! මිනිස්සු ඉගෙන ගන්න එන්නේ දන්නේ නැති නිසයි. ටියුෂන් එකක් වගේ ගන්නේම ඉස්කෝලෙන් දෙන තියරි වල මදිපාඩුකම් තියෙන නිසයි. නොදැන ඉගෙන ගන්න එනව මිසක්, දැනගෙන ඉගෙන ගන්න එන මිනිස්සු නැහැ.
ඉතිං මට හරිම තරහයි. ඒත් මට ඒකට විරුද්ධ වෙන්න තරම් මාව ශක්තිමත් නෑ. මම ඉන්ටර්වල් එකේම මගේ බෑග් එක අරගෙන එන්න ආව. ආයේ මම ඒ ගුරුවරයා ගාවට ටියුෂන් ගන්න ගියේ නෑ. මට ඒ ගුරුවරයාගේ නම ඇහෙද්දිත් ඒ කාලයේදි තරහා ආව.
ඉතිං මේ ගුරුවරයා තමයි, ටියුෂන් ක්ලාස් ඇතුළේ උගන්වනකොට ත්රිපිටකය උගන්වන ගුරුවරයා වුණේ ! එයා ඒක කළේ මාකටින් එකක් කරනව වගේ. එයා ඒකෙන් හොඳ ගුරුවරයෙක් විදියට ප්රචලිත වුණා. ඒත් එයා ඇත්තටම හොඳ ගුරුවරයෙක් නෙමෙයි කියන එකට එයාගේ ටියුෂන් එකේ පළවෙනි දවසේම මම සාක්ෂිකරුවෙක් විදියට ඉන්නව.
මේ ගුරුවරයා නිසා මෙඩිසින් සිලෙක්ට් වෙච්ච කොල්ලෝ කෙල්ලෝ මහණ වුණා. මහමෙව්නා රැල්ලත් ඒකට හේතුවක් වුණා. හැබැයි මහා කාලයක් ඒ අය සිවුරේ හිටියේ නෑ. තමන්ව සිවුරට නොගැළපෙනවාය කියන එකත්, තමන් සංවේදි මයින්ඩ් ගේම් එකක් ඇතුළේ ප්ලේ වුණාය කියලා දැනගත්ත ගමන් ඒ අය සිවුරෙන් එළියට ආව. අවසානයේ ඒ අය හීරළුවන් විදියට සමාජයේ ජීවත් වෙන්න ගත්තා. මනුස්සයෙක්ගේ ජීවිතයට ඒක කොච්චර දුක්ඛිත තත්ත්වයක් ද කියලා හිතන්න.
මිනිස්සුන්ට දේවල් පෙන්නලා ඒ අයගේ ජීවිතයේ සංතෝෂය හින්දවලා, ඒ අයගේ ඔළුවට අයිඩියාලොජි එකක් ඔබලා, ඒ අයට දේවල් පෙන්වමින් ජීවිතය කළකිරවලා ඒ අයව මහණ කරනව. ඒත් ඇත්තටම මිනිස්සු සිවුරකට යන්නේ තමන් විසින් දේවල් දැකලා තමන්ගේම අවබෝධයෙන් වෙන්න ඕන නැත්ද ! හැබැයි ඔය ටියුෂන් ක්ලාස් එකේදිනම් සිද්ධ වුණේ බුරුතු පිටින් ළමයින්ගේ ඔළුව හෝදපු එක විතරමයි.
මම හැම වෙලාවකම මූලික කරගත්තු ප්රායෝගික දර්ශනයක් තියෙනව. හයියෙන් සාදු කියන හැම එකෙක්ම පව්කාරයෙක් කියන එක මම දන්නව.
ඒ ලෙවල් වයස කියන්නේ මිනිහෙක් සමාජයට අවතීර්ණ වෙන කාලය. සමාජයට බහින කොල්ලෙක් කෙල්ලෙක් ඒකේ වෙන්නේ මොකක්ද කියලා අදහසක්වත් ඔය වයසේදි නෑ. තමන්ට වඩා විශාලව පේන ඕනම මිනිහෙක්ව විශ්වාස කරනව. නැත්නම් විශ්වාස කරන්න සිද්ධ වෙනව.
බුඩිස්ට් ෆිලෝසොපි එක කියන්නේ ජීවිතය දකින්න උගන්වන දර්ශනයක් ! නැතුව ෆිලෝසොපියේ කොහේවත් තැනක ජීවිතය ගැන ආශාවන් මකලා දාන්නේ නෑ. ඒක ජීවිතය දිහා අවබෝධයෙන් බලන්න කියා දෙනව. මායාවන් පිරිච්ච ජීවිතයට සත්යය ළඟා කරලා දෙනව. ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව ඉන්න කියා දෙනව. ඒක හරි අපූර්වත්වයක් ඇතුළේ ගොඩ නැගිලා තියෙන දැනුම් පද්ධතියක් !
ඒත් මිනිස්සු මහා ලොකු ඕඩියන්ස් වලදි සන්නිවේදනය කරන්නේ ඒ දෙය නෙමෙයි. තමන්ගේ මනෝභාවයන් වල ප්රතිබිම්බ තවත් ඔළුවක හදන්න ඒ ෆිලෝසොපිය පාවිච්චි කරනව. ඒක හරිම නරක ඛේදවාචකයක් !
මම කියන්නේ මෙච්චරයි, පුංචි පුංචි ඔළු ගෙඩි ඇතුළේ සෙල්ලං කරනකොට පරෙස්සමට ඒ දේ කරන්න ඕන. මොකද ඔය තියෙන්නේ මේ රටේත් ලෝකයේත් අනාගතය මිසක්, තමන්ගේ බීජ පැළ කරන තවානක් නෙමෙයි.
ජයසේන ජයකොඩිගේ මනුස්සාත්ම කියලා පොතක් තියෙනව. ඒකේදි බීජ වැපිරීම ගැන සමාජ විද්යාත්මක කතාවක් කියනව.
දැන් ඔය ගොවියෝ ඉන්නවනේ, වී ගොවිතැන් කරන ගොවියෝ නියර මඩ තියලා, හී දෙකක් විතර හාල, වල් කුණු වෙන්න ඇරලා, කැට පාගලා ගොවිජන සේවා වලින් හොඳම බීජ ගෙනැවිත් ඉහිනව. ඒ වී පැල වෙනව. ඒත් ඒ එක්කම ගොජිරි බජිරි තුනැස්ස බටදල්ල වගේ වල් පැළත් එනව. ඒත් ගොයියා වපුරන්නේ වී විතරයි. හැබැයි වල් පැළත් තියෙනව.
ඒකට හේතුව තමයි, ගොවියා වී වපුරන්න හදපු පසේ අර කොහේදෝ ඉඳන් ආපු වල් බීජත් පැළවෙන්න ඕන කරන තත්ත්වය නිර්මාණය වෙලා තියෙනව. ඒවා ගලවලා දැම්මොත් ගොයම හොඳයි. අස්වැන්නත් හොඳයි. ඒත් ගලවාගන්න බැරි වුණොත් ගොයම වල් වලට වැහෙනව.
ඉතිං ගොවියෝ වගේ ඉන්න ඔය සමහර බීජ වපුරන ගුරුවරු, එක පාරක් නෙමෙයි සිය දහස් වතාවක් ඒ වපුරන බීජ ගැන හිතන්න වෙනව. ඒත් එක්කම ඒ අය බීජ වපුරමින් ඉන්නවානම් කුඹුරු ගැන අවදානයෙන් ඉන්නත් වෙනව. අස්වැන්න ගැන හිතන්නත් වෙනව.

වෛද්‍ය වර්ජනය

 


රෝගී ජීවිත බිල්ලට අරගෙන කරන වැඩවර්ජන නතර කරන ලෙස ඉල්ලීමක් මේ වෙලාවේ කරන්න කැමතියි. පසුගිය මාස දෙක, දෙකහමාරක පමණ කාලයක් තිස්සේ, විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තැන් කිහිපයකම වැඩ වර්ජන දියත් කළා.

එක් සිද්ධියක් වාර්තා වුණා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලෙන්. දෙහිඅත්තකණ්ඩිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් බාහිර රෝගී අංශයට දිනකට හාරසිය පනහක්, පන්සියක් පමණ රෝගීන් පැමිණෙන, සතියකට සායන වලට (Clinics) එක්දහස් දෙසියක් පමණ පැමිණෙන රෝහලක්. දිනකට ඇතුළත් කරගන්නා (Admission) රෝගීන් ප්‍රමාණය එකසිය විස්සක්, එකසිය හතළිහක් පමණ වන, නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය සපයන්න අපට තිබෙන ඉතාම වැදගත් රෝහලක් මෙය.

මේ රෝහලේ කටයුතු ඔක්තෝබර් පළමු වෙනිදා සිට ඔක්තෝබර් 7 දක්වා දවස් හයක්, හයහමාරක් විතර වැඩ වර්ජනයක් නිසා අක්‍රිය වෙලා තිබුනා. මොකක්ද මේකට හේතුව?

ඒකට හේතු වුණේ එහෙ ඉන්න වෛද්‍යවරු දෙදෙනෙකුට ස්ථාන මාරු ලබා දීමයි. එක් වෛද්‍යවරයෙක් ඩබ්ලිව්. දහනායක. ඒ වෛද්‍යවරයා 2008 මාර්තු 22 තමයි දෙහිඅත්තකණ්ඩිය රෝහලට පත්වීම ලබා ගන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔබතුමා දන්නවා, මේ වෛද්‍යවරුන්ට අවුරුදු හතරෙන් හතරට ස්ථානමාරුවීම් ලැබෙනවා.


2008 මාර්තු 22 මේ රෝහලට පත්වීම් ලබා ගත්ත මේ වෛද්‍යවරයා 2025 වෙනකම් එක දිගට සේවය කරනවා. ඔහුට 2013 දී ස්ථාන මාරුවක් ලැබෙනවා. යළිත් ඒක හදා ගන්නවා. ඒ රෝහලේ රැඳෙමින් සිටියදී 2017 දී ඔහුට නැවත ස්ථාන මාරුවක් ලැබෙනවා ලිහිණියාගම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකයට. 2017 සැප්තැම්බර් 15 දෙහිඅත්තකණ්ඩියෙන් නිදහස් වෙලා, 2017 සැප්තැම්බර් 16 අර රෝහලට යන්න නියමිතව තිබුණා. නැවත 2021 දී ඔහුට පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලට ස්ථාන මාරුවක් ලැබෙනවා. එයත් ක්‍රියාත්මක වෙන්නෙ නෑ.

ඒ අනුව 2008 ඉඳලා 2025 වෙනකම්ම එකදිගට අවුරුදු දහඅටක් මේ රෝහලේ සේවය කරපු වෛද්‍යවරයාට එරෙහිව, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ප්‍රශ්නයක් පැනනගිනවා ඔහුට කොහොමද වැටුප් සහ අතිකාල ගෙවන්නේ කියලා. මේ සම්බන්ධව විගණන විමසුමක් (Audit Query) එනවා. මෙන්න මේ විගණන විමසුම නිසා අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මේ වෛද්‍යවරයාව 2025 සැප්තැම්බර් 5 වෙනිදා නිදහස් කරනවා. ඊට කලින් ඔහු ඒ මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරි හැටියට රාජකාරි ආවරණය කරමින් හිටියා.

2024 මැයි මාසෙ 24 වෙනිදා වෙනත් වෛද්‍යවරයෙක් වැඩ බලන පදනමෙන් වෛද්‍ය අධිකාරි ලෙස පත් වෙනවා. මෙන්න මේ අවුරුදු දහඅටක් එකම තැන හිටපු වෛද්‍යවරයා මාරු කිරීමට එරෙහිව තමයි මේ ස්ට්‍රයික් (Strike) පටන් ගන්නෙ. මේකේ කිසිම සාධාරණයක් නෑ.

ඊළඟට තව වෛද්‍යවරයෙක් හිටියා පී.පී. විජේසිංහ කියලා. 2021 පෙබරවාරි 15 ඉඳලා ඔහු ඒ රෝහලේ සේවය කරනවා. අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ HDU (High Dependency Unit) එකේ සහ දැඩි සත්කාර ඒකකයේ ඇතිවෙච්ච වෛද්‍යවරුන්ගේ හිඟයක් නිසා ඒ කටයුතු පවත්වා ගැනීමට නොහැකියි කියලා අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා දැනුම් දුන්නා. ඒ අනුව මේ ස්ථාන මාරුවීම්වලට සුදුසුකම් ලබා හිටපු මේ වෛද්‍යවරයාව ඒ රෝහලට මාරු කරනවා.

මෙන්න මේ ස්ථාන මාරු දෙක පදනම් කරගෙන තමයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ජනතාවට දවස් හයක්, හයහමාරක් තමන්ගේ සේවාව ලබානොදෙන ආකාරයට මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියා කරන්නේ. ඒක කිසිසේත් සාධාරණ නෑ.

ඊට පස්සෙ සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට මම, අපේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රමුඛ තිදෙනෙකුගේ කමිටුවක් පත් කළා. අමාත්‍යාංශ ලේකම්වරයා ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කළා. ඒ අනුව අර අවුරුදු දහඅටක් එකතැන හිටපු වෛද්‍යවරයාට දිස්ත්‍රික් මහ රෝහලට ස්ථාන මාරුව සඳහා මාසයක කාලයක් ලබා දෙන්නත්, අනෙක් පැත්තෙන් අනික් වෛද්‍යවරයාගේ හදිසි ස්ථාන මාරුව නතර කරලා ඊළඟ පශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිස්තුවෙන් පත්වීමක් ලබා දෙන්නත් තීරණය කළා.



ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අවුරුදු දහඅටක් එක තැන වැඩකරපු වෛද්‍යවරයෙක් මාරු කිරීම අපි මාසයකට කල් තිබ්බා. අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රශ්නයක් පැන නැගිලා තිබියදීත් ඒ වෛද්‍යවරයාගේ මාරුවීම තාවකාලිකව නතර කරලා සෞඛ්‍ය අමාත්‍යාංශය යම් තීන්දුවක් ගත්තේ මේ වැඩවර්ජන නතර කරන්න උවමනාව තිබෙන නිසා. නැත්තං අවුරුදු 18 ක් එක තැන ඉන්න කෙනෙක් මාරු කරනවා කියන එක හරිම සාධාරණයි. හැබැයි ඒ තීන්දුව ගත්තේ මේ දෙහිඅත්තකණ්ඩිය ඇතුළු නැගෙනහිර පළාතේ ජනතාවට දිගින් දිගටම දවස් පහක් හයක් තිස්සේ වැඩ වර්ජනයට මුහුණ දෙන්න සිදුවෙලා, රෝහල් කටයුතු අකර්මණ්‍ය කරලා, අඩපණ කරලා තියෙන කොට අපිට කරන්න සිද්ධ වුණේ රෝහල් කටයුතු යළි ආරම්භ කිරීම පමණයි. ඒ ස්ථානමාරු ටික තාවකාලික පදනමින් යම් යම් වෙනස්කම් ටිකක් කරන්න අපි තීරණය කළේ ජනතාව ගැන හිතලා. හැබැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ස්ථාන මාරු දෙක පදනම් කරගෙන දවස් හයක් නැගෙනහිර පළාතේ සෞඛ්‍ය කටයුතු අකර්මණ්‍ය කළා.

ඊළඟට ආව අක්කරේපත්තුව ප්‍රශ්නය. අපි මේ ගැන පාර්ලිමේන්තුවේත් කතා කළා. අක්කරේපත්තුවේ වෛද්‍ය අධිකාරීවරයා මාරු කරන්න කියලා, ආයෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ අවුරුද්දේ ජනවාරි 13 ඉඳන් ජනවාරි 22 වෙනකම් දවස් අටකට වඩා වැඩියි වැඩ වර්ජනයක් කළා. ඒත් නැගෙනහිර පළාතේ වෛද්‍යවරු හිඟයි. උපකරණ ප්‍රශ්න තියෙනවා. සම්පත්වල ප්‍රශ්නයක් තියෙනවා. එහෙම තිබියදී ආයේ සැරයක් අක්කරේපත්තුවෙන් පටන් අරගෙන නැගෙනහිර පළාතේම රෝහල් අකර්මන්‍ය කරන ආකාරයේ වැඩ වර්ජන දියත් කළා.

එතකොට මේ වෛද්‍ය අධිකාරීවරයාට එරෙහිව පැමිණිලි කිහිපයක් ලැබිලා තිබෙනවා. මේ ගැන විභාග කරමින්, පරීක්ෂණ කරමින් හිටියේ. පැමිණිලි විභාග කරන්න පත් කරලා තිබුණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේම නිලධාරියෙක්. ඒ පැමිණිලි අනුව පමණක් වෛද්‍ය අධිකාරීවරයාගේ වැඩ තහනම් කරන්න බැහැ. ඔහොම පාරේ යන්නත් බෑ. හැබැයි ඒ රෝහලේ වැඩ කරපු වෛද්‍යවරු කියපු නිසා, මේ වෛද්‍ය අධිකාරිවරයා යටතේ වැඩ කරන්න බැහැ, තර්ජනය කරනවා කියල, ඒ මත පදනම් වෙලා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍ය අධිකාරීවරයාව පරීක්ෂණ පැවැත්වෙන තෙක් තාවකාලිකව රෝහලෙන් ඉවත් කළා.

නියෝජ්‍ය කතානායකතුමනි, අවශ්‍ය නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට තිබුණා වෛද්‍ය අධිකාරිවරයා එලෙසම තබාගෙන පරීක්ෂණ කරන්නත්. හැබැයි නැගෙනහිර පළාතේ ජනතාව දිගින් දිගටම මුහුණ දෙන මේ ප්‍රශ්නය නිසා, මේ දවස් පහේ හයේ හතේ වැඩ වර්ජන කරලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ කරපු වැඩේ නිසා අපි තාවකාලිකව ඒ වෛද්‍යවරයා වෙන තැනකට මාරු කරලා පරීක්ෂණ කඩිනම් කරන්න තීන්දු කළා.

ගරු කථානායකතුමනි, අපිට තේරුනා දේවල් සිද්ධ වෙන විදිහ. ඊළඟට මෙහෙම තිබියදී ඊයේ අයි හොස්පිටල් එකේ (Eye Hospital) හෙවත් කොළඹ ජාතික අක්ෂි රෝහලේ හදිසියේ වැඩ වර්ජනයක් දියත් කරනවා. අක්ෂි රෝහලට සාමාන්‍ය දවසකට ඕ.පී.ඩී (OPD) එකට රෝගීන් හත් සියයක්, හත්සිය පනහක් විතර එනවා. ඇඩ්මිෂන් (Admission) සාමාන්‍යයෙන් එකසිය අසූවක් විතර තියෙනවා. සාමාන්‍යයෙන් කැෂුවලිටි (Casualty) එකට හෙවත් හදිසි අනතුරු අංශයට රෝගීන් එකසිය දහයක් විතර එනවා. අක්ෂි රෝහලට රෝගීන් එන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් විතරක් නෙවෙයි. ඔබතුමා දන්නවා අනුරාධපුරයෙන්, පොළොන්නරුවෙන්, අම්පාරෙන් සහ රටපුරා රෝගීන් උදේ පාන්දර එනවා, ඊට කලින් දවසේ ඉඳන් ඇවිත් ප්‍රතිකාර ගන්න බලාගෙන ඉන්නවා.

එහෙම රෝගීන් ආපු වෙලාවක කිසිදු දැනුම්දීමකින් තොරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයක් දියත් කළා. සාධාරණ කේන්තියක් මිනිසුන්ට එනවා. මොකක්ද හේතුව? ඒකේ අධ්‍යක්ෂවරයාට සිද්ධවුණා විගණන විමසුමකට (Audit Query) උත්තර දෙන්න. එකසිය විසි එකයි ඉන්නේ, අපිට ඉන්න පුළුවන් කාඩර් (Carder) එක අනුව එකසිය විසිපහක් වෛද්‍යවරු ඉන්නවා. ඒ අනුව වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදුන්නා.

එක්කෙනෙක් ඩොක්ටර් ඩබ්ලිව්. ජී. එස්. චතුෂ්ක. ඔහු 2018 ඉඳලා මේ ජාතික අක්ෂි රෝහලේ සේවය කරනවා. ඔහුට 2022 ජාතික රෝහලට ස්ථාන මාරුවක් ලැබිලා තිබුණත් ගිහින් නෑ. ඒ නිසා ඔහුට ස්ථාන මාරුවක් ලබා දුන්නා.

තව එක්කෙනෙක් ඉන්නව ඩොක්ටර් එස්. පී. කොළඹගේ. 2013 හත්වැනි මාසේ 18 ඉඳලා ජාතික අක්ෂි රෝහලේ සේවය කරන්නේ. 2013 දී ඉඳන් බැලුවම අවුරුදු දහතුනක් දැන්. 2021 සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිදහස් වෙලා තිබුණා කිව්වට ඒක හරියට පැහැදිලි නෑ. දැන් අවුරුදු දහතුනක් හිටපු කෙනෙක්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභිකයෙක්ලු. හැබැයි 2013 ඉඳන් හිටපු කෙනෙක්ව මාරු කරන්න හදනකොට ප්‍රශ්න ඇති කරනවා. මේ දෙදෙනා සේවය කරපු ඒකකවල විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අහලා, ඒ රෝහල් සේවා අඩපණ වෙන්නේ නෑ කියන ස්ථිර සහතිකය මත තමයි රෝහල් අධ්‍යක්ෂවරයා තීන්දු කළේ මොවුන් මුදා හරින්න.

ඒ ට්‍රාන්සර් (Transfer) මත පදනම්ව මම කියන්නේ, අවුරුදු දෙකක් තුනක් ගිය කෙනෙක් නම් කමක් නෑ. හැබැයි ඒ අධ්‍යක්ෂවරයාට ප්‍රශ්නයක් තියෙන නිසා තීන්දුවක් ගත්තා. ගරු නියෝජ්‍ය කථානායකතුමා, අපි ඒ තීන්දුව සෞඛ්‍ය අමාත්‍යාංශය මදකට නතර කරා. ඇයි? රට පුරා ඉඳන් එන අක්ෂි රෝගීන් පීඩාවට පත්වන නිසා. මේ වැඩවර්ජන ඉස්සරහට ගියා නම්, අක්කරේපත්තුවේ දවස් දහ අටකට විතර, ඊට කලින් දෙහිඅත්තකණ්ඩිය දවස් ගාණක්, දැන් අක්ෂි රෝහලේ පටන් ගන්නවා. මේ රෝගීන් පීඩාවට පත්වෙන නිසාම අපි සමහර තීන්දු අකුල ගත්තා.

හැබැයි අපිට පේනවා මේ යන්නේ මොකක්ද කියල. තමන්ගේ සාමාජිකයන්, තමන්ගේ විධායක සභිකයන් සමහර වෙලාවට අවුරුදු 13, 15, 2008 ඉඳන් අවුරුදු දහඅටක් එකම තැන ඉන්නවා. මේ අයගේ පෞද්ගලික ප්‍රශ්න තියෙනවා. හැබැයි අර දුෂ්කර රෝහල්වල අවුරුදු 4, 5, 6 ඉඳලා ට්‍රාන්සර් එන්න බැරි දහස් ගාණක් ඉන්නවා.

අපි අවුරුදු දහතුනකට පස්සේ, ගිය දෙසැම්බර් මාසේ මේ ලංකාවේම වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කරන්න හිටියේ. අවුරුදු ගණන් එකතැන ඉන්න අය යන්නේ නෑ. එතකොට අනිත් කෙනෙකුට එන්න හම්බෙන්නෙත් නෑ. දැන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීමට හතර සැරයක් අපි ඒ ස්ථාන මාරු කරන දින ප්‍රමාණය කල් දැම්මා. අපිට ඕනකම තිබුණේ සෞඛ්‍ය සේවාවට බලපෑමක් වෙන්නේ නැතුව, ඒක අඩපණ කර ගන්නැතුව, වෘත්තීය සමිති බාධාවක් නැතුව මේ ස්ථාන මාරු කර ගන්න.

මම අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට කිව්වා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අය ගෙනල්ලා සාකච්ඡා කරලා, පළාතෙන් පළාතට මේ ප්‍රශ්න වෙන්නේ කොහොමද කියල බලන්න. අපි එහෙම නම්‍යශීලී වුණා. එහෙම තිබියදී හතර සැරයක් මේක කල් දැම්මා. දැන් මම දන්න සමහර වෛද්‍යවරු රෝහල්වල තමන්ගේ දරුවා අදාළ පාසලට ඇතුළත් කරලා, ඒගොල්ලො ට්‍රාන්සර් එකට ලෑස්ති වෙලා, බඩු පටවලා යන්න බලාගෙන ඉන්නේ. එහෙම තිබියදී අපි මේක නම්‍යශීලි වුණා.

හැබැයි අපි එහෙම කටයුතු කරද්දී ආයෙම සැරයක් මේ රටේ දැන් ආපදාවට පත් වෙලා, ආර්ථික අර්බුදයෙන් ගොඩඑන, යන්තන් දින පනහක් යන්න ඔන්න මෙන්න තියෙද්දි, අපි වැටුප් වැඩිවීම් ලබාදීලා තිබියදීත්, අසාධාරණ ලෙස මේ වෙලාවේ දෙන්න බැරි ආර්ථික ඉල්ලීම් පදනම් කරගෙන කවුරුහරි රෝගීන් ඇපයට තබා ගෙන පැය 48, සතියේ දවස් දෙකේ වැඩ වර්ජනවලට යන්න හදනවා. ඒක අසාධාරණයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි.

මට තේරෙනවා අද විපක්ෂ නායකතුමා සහ ඒ පැත්තෙ කට්ටිය මේ වැඩ වර්ජන ගැන වැඩිය කතා කරන්නේ නැත්තේ ඇයි කියලා. මොකද ඊයේ වෙනකොටම අර අලුතෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලයට ගත්ත, අපි ඉන්ටඩික් (Interdict) කරපු, අපි පරීක්ෂණ කරන දොස්තර මහත්තයා එහෙම මේකට සුබ පතලා, කට්ටියට එන්න කියලා, වැඩවර්ජන වලට සහාය දෙන්න කියලා කියනවා මම දැක්කා. චමල් සංජීව වගේ අය එහෙම දන්නවා ඇති.

අපට තේරුණා මේ විපක්ෂ නායකතුමා දැන් මේ ගොලු වෙලා ඉන්නේ ඇයි කියලා. වෙනදා කොහේ වැඩවර්ජනයක් ගියත් මෙතන ලොකු සද්දයක් දාන කෙනා අද සද්දයක් නොකර ඉන්නේ ඇයි කියලත් අපි දන්නවා. ඒ නිසා මම කරුණාකරලා කියන්නේ, මේ වෙලාවෙ මං විශේෂ ස්තුතිවන්ත වෙනවා, මේ වැඩ වර්ජනයට අපේ රටේ විශේෂඥ වෛද්‍යවරු දායක වෙන්නෙ නෑ. අපේ රටේ සමහර රෝහල් වල සාමාන්‍ය වෛද්‍යවරු දායක වෙන්නෙත් නෑ.

තේරුම් ගන්න, මේ අද හෙට අතට ලැබෙන වැටුප වැඩි වෙලා තියෙන්නෙ. එහෙම අතට වැඩි වැටුපක් ලැබෙන වෙලාවෙත් අසාධාරණ ලෙස ජනතාව සහ රෝගීන් අපහසුතාවට පත් කරමින් වැඩ වර්ජන කරන එකේ කිසිම සාධාරණයක් නෑ. රුපියල් එක්ලක්ෂ පනස් දහසක් ගත්ත කෙනාට දැන් දෙලක්ෂ තිස් එක් දහස් පන්සිය විස්සක් අතට ලැබෙනවා. අපි ආණ්ඩුව බාරගන්න එන්න කලින් දෙලක්ෂ හැත්ත දෙදාස් පන්සිය හැට දෙකක් ලැබෙනවා නම්, කලින් ලක්ෂ තුනක් ගත්ත කෙනාට දැන් තුන්ලක්ෂ හැට දාහක් ලැබෙනවා නම්, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආර්ථිකය වර්ධනය වෙනකොට දෙන්න පුළුවන් තව සහන දෙනවා.

මේ සියල්ල කරමින් ඉද්දි, කරුණාකරලා මම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් කියන්න කැමතියි රෝගීන් බිල්ලට තබාගෙන මේ වගේ අසාධාරණ වැඩවර්ජන කරන්න එපා. අක්කරේපත්තුවේ, දෙහිඅත්තකණ්ඩියේ, ජාතික අක්ෂි රෝහලේ අපි සමහර තීරණ පස්සට ගත්තේ මේ වැඩ වර්ජන ඉල්ලීම අසාධාරණයි කියලා දැනගෙනත්. අවුරුදු දහ අටක්, අවුරුද්දක් එකම කෙනා ට්‍රාන්සර් කරගන්න ගත්ත තීන්දුව හරි කියලා දැනගෙන තමයි අපි තීන්දු තාවකාලිකව අකුලා ගත්තේ. ඒ මේ රටේ ජනතාවට අඛණ්ඩ සේවාවක් ලබාදෙන්න ඕන නිසා.

සෞඛ්‍ය අංශයේ ප්‍රශ්න තිබෙනවා. ඖෂධ සැපයීමේ ප්‍රශ්න තියෙනවා, උපකරණ ප්‍රශ්න තියෙනවා. ඒ ඔක්කොම තියාගෙන ජනතාවට සේවාවක් සැපයීම අරමුණු කරගෙන තමයි සමහර තීන්දු අපි ගත්තෙ. හැබැයි මේ විදිහට දිගටම වැඩ වර්ජන කරමින් ජනතාව බිල්ලට ගන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරන උත්සාහය අපි හෙළා දකිනවා. මම සමස්ත වෛද්‍යවරුන්ට, ශ්‍රේණි වෛද්‍යවරුන්ට, විශේෂඥ වෛද්‍යවරුන්ට, පරිපාලන වෛද්‍යවරුන්ට හැමදෙනාගෙන්ම ඉල්ලීමක් කරන්න කැමතියි, අපි ඔබට ලබා දිය හැකි සියළු දේවල් ලබාදෙන්න සූදානම්. ආර්ථික වර්ධනයත් එක්ක ඉදිරියට යමු. ඒ නිසා කරුණාකරලා රෝගී ජීවිත බිල්ලට ගෙන කරන වැඩවර්ජන නතර කරන ලෙස ඉල්ලීමක් මේ වෙලාවේ කරන්න කැමතියි.

-සෞඛ්‍ය  ඇමැති නලින්ද  ජයතිස්ස 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීම

 


ලෙනින් ගේ ප්‍රසිද්ධ කතාවක් තියනව අහල නැත්ද? පියවරයක්  ඉදිරියට පියවර දෙකක්  පස්සට කියල. 1903 දී බ්‍රසල්ස් වලදී රුසියානු සමාජ  ප්‍ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂ සම්මේලනයේ පසු බැසීම ගැන ලෙනින් පොඩි පොත් පිංචක් ලිව්වා. 

අධ්‍යපන ප්‍රතිසංස්කරණ  බයේ හකුලා ගන්න කතාව තේරුමක් නැති දෙයක්. විමල්ට ආරංචිය ගිහින් තියනවා කොහොම හරි. ඒකත් හොයන්න ඕනේ දෙයක්. නමුත් මේ අධ්‍යාපන මොඩියුල් වල ප්‍රශ්න ගොඩක් තිබෙනවා. ඒවා බලන්න හිටි කට්ටිය හරියට බලල  නැහැ කියන එක විතරයි දැනට දන්නේ. සමලිංගික ලින්ක් එක ඇදල ගත්තට , ඉතිහාස මොඩියුල්  එකේ වැරදි තියෙනවා කියල මහාචාර්ය නිර්මාල් දේවසිරි කිව්වා. ඉංග්‍රීසි මොඩියුල් එකෙත්  වැරදි ගොඩක් තිබෙනවා ලු . ඒවා අධ්‍යාපන විශේසන්ඥයන්ට වඩා ගුරුවරු කිහිප දෙනෙක් එකතු වෙලා හදපු  බවයි පේන්නේ . කරන දෙයක් හරියට කරන්න ඕනේ. ඒ නිසා මේ විධිහට කල් දැමීම හොඳ දෙයක්.  හරිනි  අමරසුරිය අගමැතිනියට වෙලාව නැත්නම් නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිට පුළුවන් මිට වැඩිය තදින් හොයා බලන්න. නිලධාරීන් හැම දෙයක්ම තිතට  කරයි කියල හිතන් හිටියොත් වැඩේ දෙල වෙනකන්ම දන්නේ නැති වෙයි. දැන් හැමෝටම පුළුවන්  වඩා අවධානයෙන් වැඩේ කරන්න.

මේක ලීවට පස්සේ දැන් හෝ ගාල කට්ටිය පෝස්ට් දානවා ෆේස්බුක් එකේ ප්‍ප්‍රතිසංස්කරණ රන වලට පක්ෂව .  ඒ වගේම විපක්ෂවත්  ලිපි තියෙනවා . මෙතැන දෙකක් දානවා : 
 
***************************************************

අධ්යාපන ප්රතිසංස්කරණ ගැන ඉතා කෙටියෙන්
1. අපි අධ්යාපන ප්රතිසංස්කරණ සිදුවිය යුතු බව පිළිගනිමු. අපි පමණක් නොව 1972 තරම් ඈත කාලයක සිට ප්රතිසංස්කරණ අවශ්යතාවය සාකච්ඡා වී ඇත. වාර්තා ඉදිරිපත් වී ඇත. ඇතැම් ඒවා සිදු කෙරි ඇත. නමුත් මූලික හරහාත්මක වෙනසක් සිදු වී නැත.
2. ගැටළුව තිබුණේ ප්රතිසංස්කරණ කිරීම ගැන නොවේ. ප්රතිසංස්කරණ මොනවාද ? ඒවා කරන්නේ කෙසේද ? කරන කාලය කුමක්ද යන කාරණා ගැනය.
3. ගෙනා ආ ඇතැම් ප්රතිසංස්කරණවලට හා ගෙනා ආකාරය ගැන, විරෝධයක් දැක්වු සියලු දෙනා පාර්ලිමේන්තුවේ සිටින විරුද්ධ පාක්ෂික බලවේග හෝ අගමැති තුමියට අපහාස කළ අය හෝ පොල්ගැසු අය නොවෙති. ඉන් එහාට ගිය විශාල සමාජ දේශපාලන ක්රියාකාරින්, විද්වතුන්, විශ්ව විද්යාල ආචාර්යවරුන්, ගුරු සංගම් ආදි විශාල පිරිසක් ද මෙම ක්රියාවලිය සම්බන්ධයෙන් විරෝධතා දැක්වු අය අතර විය. ඒ නිසා විරෝධය හා ප්රතිසංස්කරණ වසරක් හෝ පස්සට යාමේ වගකීම ඒ පිරිස වෙත පමණක් බැර කරන කතාවන් ඇත්ත සඟවයි.
4. ප්රතිසංස්කරණ කිරීමට පක්ෂ එහෙත් කරන ආකාරය ගැන විරෝධතා දැක්වු දඩිබිඩියේ මෙසේ කිරීම අවුල් සහගත බවත්, එය කාලය, සම්පත් නාස්ති කිරීමක් බවට පත් වි අනවශ්ය ගැටළු මතු කිරිමක් බවත්, එය ගෝඨාභයගේ කාබනික වගා ව්යාපෘතියට අත්වු ඉරණම වැන්නක් හිමිකරගනු ඇති බව පැවැසු පිරිසක්ද විය. අප අයත්වන්නේ ඒ පිරිසටය. සැබැ ප්රතිසංස්කරණ ක්රියාවලිය සඳහා සිදුවිය යුතු එහෙත් ආණ්ඩුව පැත්තෙන් නොසලකා හැරි කරුණු ඉදිරිපත් කළ පිරිසටය.
5. ගැටළුව 6 වසර ඉංග්රීසි පොතේ ලින්ක් එක නොවේ. එවැනි ගැටළු ඇති වීමට හේතු වූ ක්රියාත්මක වු ආකාරයේ හා සමස්ථ ක්රියාවලියේ ය. ලින්ක් එක පිළිබඳ ගැටළුවට පසු එවැනි ලින්ක් ඇතුළත් නොකළ යුතු යැයි මඟ පෙන්වීමක් සිදු කරන ලදී. සිදුවිය යුතු වන්නේ මඟ පෙන්වීම් ප්රමිතින් ලබාදීමෙන් පසු මොඩියුල ලිවීම හා ලියු මොඩියුල මුද්රණයට පෙර පරීක්ෂා කිරීමේ ක්රමය හොඳින් සකසා ක්රියාත්මක වීමයි.
6. ගැටළුවක් ආ විට ඒවා අපි පටන්ගත්තු දේවල් නෙවෙයි කියමින් කරන ප්රතිසංස්කරණයක් යනු තමන් තුළ ද ගැඹුරු විශ්වාසයක් නැති ක්රියාවලියක් නිසා රජය ඒ සඳහා තව වසරක්වත් ගෙන අදාල ක්ෂේත්රවල විශේෂයෙන් අධ්යාපනඥයින් හා ගුරුවරුන්ගේ අදහස් ලබාගෙන එය කළ යුතු බව අපිදු මුල සිට කීවෙමු. එසේ නොකිරීම නිසා දැන් සිදු වී තිබෙන්නේ වීරවංශ වැනි අයට පවා අනවශ්ය වටිනාකමක් එකතු වීමයි. ජනාධිපති තුමා 13 දා ගුරු වෘත්තීය සමිති සමඟ ගත් සාකච්ඡාව ගැනීමට තිබුණේ 2025 වසර මුලදීය. එය නොකිරීම ගැන අවංක පිළිගැනීමක් කළ යුතුය. 2027 දක්වා කල්යාමේ වගකීම හුදු විරෝධතාකරුවන් පිට නොදැමිය යුතුය. ආණ්ඩුව පැත්තෙන්ද එහි වගකීම භාර ගත යුතුය.
7. ආණ්ඩුව පැත්තෙන් අධ්යාපන ප්රතිසංස්කරණ ගැන කියු කරුණු වන්නේ ප්රතිසංස්කරණ ක්රියාවලිය තුළ විෂය නිර්දේශ අලුත් කිරිම පමණක් නොව කුළුණු පහකින් යුතු ප්රතිසංස්කරණ ක්රියාවලියක් පවතින බවයි. ඒවා නම්
1. යටිතල පහසුකම් වර්ධනය
2. විෂය මාලා සංවර්ධනය
3. පරිපාලන ප්රතිසංවිධාන
4. තක්සේරුව හා ඇගයීම
5. මහජනයා දැනුවත් කිරිම හා ප්රවර්ධනය
ඒ අංශ පහම ඉතා වැදගත්ය. ලංකාවට අවශ්යව ඇත්තේ අධ්යාපනයේ සමස්ථ ප්රතිසංස්කරණයකි.
8. නමුත් ලංකාවේ අධ්යාපනයේ පවතින ප්රධාන ගැටළුවක් මේ කුළුණු පහ තුළ ඇතුලත් නැත. ඒ වනාහි පාසල් පද්ධතියේ ඇති බරපතල විෂමතාවයයි. පාසල් පද්ධතියේ හෙවත් පාසල් ව්යුහයේ වෙනසක් නොමැති කිසිදු ප්රතිසංස්කරණයක් දුප්පත් දරුවන්ට සාධනීයව බලපාන්නේ නැත. හයවැනි කුළුන ලෙස පාසල් පද්ධතියේ ව්යුහාත්ම වෙනස අනිවාර්යය එකකි. එය වනාහි ආර්ථීකමය ගණන් බැලීම් මත ළමුන් අඩු පාසල් වසා දැමීම නොවේ. ඉන් ඔබ්බට ගිය දැවැන්ත ව්යුහාත්මක වෙනසකි.
6 වසරේ ප්රතිසංස්කරණය වසරකින් කල් දමා එක වසරේ ප්රතිසංස්කරණ ඇරඹෙන මේ මොහොතේ පවා අති දුෂ්කර පාසල් ගණනාවකට ප්රතිසංස්කරණය ක්රියාත්මක කිරිමට අවශ්ය පහසුකම් නැතිබව පිළිගත යුතුය. මෙම ලියුම්කරු පසුගිය මාස කිහිපය තුල අති දුෂ්කර පාසල් කිහිපයක් පිළිබඳ ලද අත්දැකීම් ඒ බවට සාක්ෂි වේ. විෂය නිර්දේශවල නව අන්තර්ගතයේ ඉතා සාධනීය වෙනස්වීම් තිබෙන බවට විවාදයක් නැත. නමුත් අප සමස්ථ රටකට බලපාන අධ්යාපන ප්රතිසංස්කරණවලදී වඩාත් සංවේදිව බැලිය යුත්තේ දුෂ්කර, නැතිබැරි දරුවන් හට එය ඉතා හොඳින් ලැබීම සහතික වීමයි. නගරාසන්න ඇති හැකි මධ්යම පාන්තික දෙමව්පියන්ට මේ මොහොතේ වුවද මේ විෂය නිර්දේශයට අදාල ප්රතිසංස්කරණවලට අනුව තම දරුවන් ඉදිරියට ගෙනයාමේ ගැටළුවක් නැත.
9. මේ අධ්යාපන ප්රතිසංස්කරණවල තවත් බරපතලම දුර්වලතාවයක් වූයේ මීට පෙර කරන ලද ප්රතිසංස්කරණවල ක්රියාත්මකභාවය පිළිබඳ කිසිදු ගැඹුරු ඇගයීමක් සිදුනොවීම හා ඒ පිළිබඳ කතිකාවක් නොමැතිවීමයි. ප්රතිසංස්කරණ යථාර්ථයක් වන්නේ දැනට කරන ලද ප්රතිසංස්කරණ සාර්ථික නොවි තිබීම ගැන කරන ගැඹුරු සලකා බැලීමක් හා ඒවාට පිළියම් සහිතව සිදුවූහොත් පමණි.
10. මොඩියුල අධ්යාපන ක්රමය ශිෂ්ය කේන්ද්රීය ක්රමයකි. මීට පෙර දෙවතාවකදීම ශිෂ්ය කේන්ද්රීය ක්රමය හඳුන්වා දෙන ලදී. මේ ආකාරයටම ඒ සඳහා පුහුණුවීම් ලබාදෙන ලදී. ඒවා ක්රියාත්මක නොවීම ගැන ගැඹුරු සාකච්ඡාවක් අවැසිය. එය මේ තුළ සිදුවූයේ නැත.
11. 1988-89 කාලයේදී චන්ද්රිකා කුමාරතුංග ජනපති සමයේ සැලකිය යුතු ප්රතිසංස්කරණ ගණනාවක් සිදුවිය. විශේෂයෙන් උසස් පෙළ මට්ටමේදී විෂයන් ගණන හතරේ සිට තුනට අඩුකිරිම, සාමාන්ය පොදු පරීක්ෂණ හඳුන්වාදීම, සාමාන්ය ඉංග්රීසි හඳුන්වාදීම, සාමාන්ය තොරතුරු තාක්ෂණය හඳුන්වාදීම, පාසල් පාදක ඇගයීම් හඳුන්වා දීම, උසස් පෙළ සඳහා ව්යාපෘති හඳුන්වාදීම ඒ අතර විය. නමුත් මේවායින් බොහෝ ඒවා ජාතික මහා බොරු කිරීම් බවට පත් වී ඇත. ඉතා යහපත් අරමුණුවලින් හඳුන්වා දුන් බොහෝ දේ හකුලා ගෙන ඇති අතර ඇතැම් දේ කරන්නාන් වාලේ කරන දේ මිස අදාල අරමුණ සාක්ෂාත් කරන්නේ නැත. මේ තත්ත්වයන් නව ප්රතිසංස්කරණ ක්රියාවලිය තුළ ගැඹුරින් සළකා බැලිය යුතුව තිබුණි. මේ පිළිබඳ අප මීට පෙරද වගකිව යුත්තන්ගේ අවධානය යොමු කර ඇත. නමුත් ඒ පිළිබඳ සාධනීය යොමුවීමක් සිදුවී නැති බව පෙනේ.
12. ජනප්රිය, ජනප්රිය නොවන පාසල් ක්රමය අහෝසි කිරිම යටිතල පහසුකම්වලින් පමණක් කළ නොහැකිය. ඊට පිළියම් යෝජිත ප්රතිසංස්කරණය තුළ සාකච්ඡා නොවේ. එකී වෙනස පවතින තුරු ‘තරඟකාරිත්වය’ තිබේ. එමෙන්ම විශ්ව විද්යාල ප්රවේශ තරඟය වෙනස් කරන්නේ කෙසේද ? යන්නද ආර්ථිකයේ ඉතා විශාල කර්මාන්ත අංශයක් වී තිබෙන ටියුෂන් කර්මාන්තයෙන් ළමුන් නිදහස් කිරිමේ කිසිදු දිගුකාලීන වැඩපිළිවෙලක් ඉදිරිපත් වී නොතිබීම, නව ක්රමය සඳහා ලබා දුන් ගුරු පුහුණුව ගුරුවරුන් තුළ බරපතල ආකල්ප වෙනසකට ආමන්ත්රණය නොකිරීම හා එවැනි වෙනසකට ප්රායෝගික ක්රියාදාමයන් නොමැතිවීම සැබෑ ප්රතිසංස්කරණ වැඩපිළිවෙලක් සාර්ථක වීමට බාධාකාරිව පවතී. මේ ගැටලුද ආමන්ත්රණය වන සංවාදයක් හා ක්රියාදාමයක් ප්රතිසංස්කරණවලට පෙර විධිමත්ම කළ යුතුය. ඒ සඳහා පුළුල් සියලු පාර්ශව නියෝජනය වන වසර තුනක්වත් ස්ථීරව ක්රියාත්මක වන මණ්ඩලයක් වහාම පත් කළ යුතුය. විනිවද පෙනෙන ආකාරයේ එවැනි මණ්ඩලයක් සඳහා විශාල ප්රමුඛතාවයක් දිය හැකි පරිදි නිදහස් වූ වැඩ ගොඩක හිර නොවුනු දේශපාලන නායකත්වයක් දීම අත්යවශ්ය වේ.
13. දැන් නැවත ළමුන් ලක්ෂ ගණනකගේ මානසිකතාවයට බලපෑමක් වී ඇත. වාර විභාග නැති ක්රියාකාරි අධ්යාපනයන් ගැන සිහින මැවු දරුවන්ගේ සිහින බිඳ වැටි ඇත. දෙමව්පියන්ද අවුලට පත් වී ඇත. ඒ තත්ත්වයට වහා ආමන්ත්රණය කළ යුතුය. 6 වන ශ්රේණියට පැමිණෙන ළමුන් මෙවැනි ප්රතිසංස්කරණ තිබුණත් නැතත් කඩයීමකට පැමිණෙන ළමුන් වන නිසා ඔවුන්ට විශේෂ උපකාර සෑම විටම අවශ්යව පැවතුනි. ඔවුන්ට පමණක් නොව ඔවුන්ගේ දෙමව්පියන්ටද එය අවශ්යය. මෙම ලියුම්කරු බොහෝ කාලයක සිට එම ළමුන් හා දෙමව්පියන් සඳහා දිශානුගත කිරීමේ වැඩසටහන් පවත්වා ඇති අයෙකු ලෙස පවසන්නේ මෙම සිදු නොවිය යුතු ව තිබු තත්ත්වය සිදුවීම මඟින් වන හානියට වහා පිළියම් යෙදිය යුතු බවයි. නැවතත් පැවසිය යුත්තේ එහි වගකීමේ කොටසක් රජය භාර ගත යුතු බවයි. ඉන් අදහස් වන්නේ විරුද්ධ පක්ෂය මේ ආණ්ඩුවට වඩා
හොඳවන බව නොවේ.
අධ්යාපන ප්රතිසංස්කරණය යනු කිසිවිටකත් එක් ආණ්ඩුවක වැඩක් විය නොහැක. එය ජාතියක කාර්යභාරයකි. මේ මොහොතේ රජය පැක්තෙන් කියන සාධාරණ විවේචන පිළිගන්න සූදානම් අවම අවිශ්වාසයක් හෝ තබා ගැන මේවා ඉදිරියට ගෙන යන්නේ නෑ වැනි ආකල්ප මිට පෙර තිබුණේ නම් මේ ක්රියාවලිය මෙසේ නොවනු ඇත.
විය යුත්තේ නිසි පරිදි අධ්යාපන ප්රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමයි.

- මහින්ද නාමල් 

*******************************************විරුද්ධව 

ආණ්ඩුවට කඩේ ගියා හොඳටම ඇති... නඩේ ඇතුළේ කතා කළත් ඇති... මේ ප්‍රතිසංස්කරණ එක්ක ගමනක් නෑ... ආණ්ඩුව නෙමෙයි අධ්‍යාපනය රැකගමු..! - මහාචාර්ය අර්ජුන පරාක්‍රම...

ඇත්තෙන්ම කරුණු තුනක් මුලින් ම කියන්න ඕනෙ. එකක් තමයි අධ්‍යාපනය සම්බන්ධව සාධාරණය මෑත කාලයේ කිසිම ආණ්ඩුවක් මේ දක්වා කරල නෑ. පහත් යැයි සම්මත සමාජවල ඉන්න කට්ටියට සහ දුප්පත් අයට පවා සමාජයේ පිළිගැනීමක් ලබාගැනීමේ හා ඉහළ යෑමේ එකම සාධාරණ මාර්ගය වුණේ අධ්‍යාපනය. නිදහස් අධ්‍යාපනය, අධ්‍යාපන අයිතිවාසිකම කියන දෙකම ආරක්ෂා කිරීම අපට අවශ්‍යයි. කිසිම ආණ්ඩුවක් ඒක නිවැරදිව හා සාධාරණව කරල නෑ.

ඉතින් ඒ වගේ තත්ත්වයක අපිට ලොකු බලාපොරොත්තුවක් තිබ්බා මේ ආණ්ඩුව යම් මට්ටමකින් හෝ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හා අධ්‍යාපන අයිතිවාසිකම හැටියට ස්ථාපිත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි කියල. හැබැයි අපි දකින ඛේදවාචකය තමයි මේ අයත් අර කලින් කරපු ප්‍රශ්නම ඊටත් වඩා උග්‍ර හා නොසැලකිලිමත් ලෙස ක්‍රියාත්මක කිරීම. උදාහරණ කීපයක් ගත්තොත් ඇත්ත වශයෙන් ම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියල ක්‍රියාත්මක කළේ ධවන පත්‍රිකාවක්වත් නැතුව, කිසිම සාකච්ඡාවක්වත් නැතුව තමන්ට අවශ්‍ය විදිහට, හිතුවක්කාර විදිහට, අහේතුක විදිහට හා අත්තනෝමතික විදිහට. 

ඒවා අපි නැවත නැවත බැලුවට පස්සෙ අපිට තේරෙන්නෙ ඒවා කලින් කරපු සංශෝධන ම එලෙසම ක්‍රියාත්මක කිරීමක් බව. ඇත්ත වශයෙන් ම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ සහ ඊට කලින් තිබුණු ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ තිබිච්ච මේ ප්‍රතිසංස්කරණ එලෙසම ක්‍රියාත්මක කිරීම හරහා ආණ්ඩුවේ නොහැකියාව සහ නොසැලකිලිමත්කම තමයි මෙතන ඉදිරිපත් වුණේ. ඒක තමන්ගේ හැටියට කියලා අධ්‍යාපන ඇමතිතුමිය ප්‍රකාශ කළත්, මේක දැඩි හා පුළුල් සාකච්ඡාවක් ඇතුළෙ සිදු කළා කිව්වත්, ඒකට කිසිම සාක්ෂියක් අපිට පෙනෙන්න නෑ. අඩුම තරමෙ අමාත්‍යංශයේ නමවත් සංශෝධනය කරන්නෙ නැතුව ඒ පෙර සංශෝධන ම කිසිම වෙනසක් නොකරයි ක්‍රියාත්මක කරලා තියෙන්නෙ. ඒක ඛේදවාචකයක්.

ඇත්තටම මම අගමැතිතුමියගෙන් බොහොම යටහත්ව අහන්නෙ මේ ගැන සැලකිලිමත් වෙන්නෙ නැද්ද ? මේ ගැන හිතන්නෙ නැද්ද? මේක මහ විශාල වගකීමක්. ආණ්ඩු පෙරළෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අධ්‍යාපනය අපි සුරකින්න ඕනෙ නේ ද? නිදහස් අධ්‍යාපනයෙන් සෑම දෙනාටම තියෙන සම අධ්‍යාපන අවස්ථාව ආරක්ෂා කරන්න ඕනෙ නේද? මේක තමයි මූලික ප්‍රශ්නය.

ඒ මූලික ප්‍රශ්නය අපි පැත්තකින් තියලා මේ අලුත් මතභේදය බලමු. ඒක අරකේ ප්‍රතිබිම්භයක්. එහෙම නැත්නම් දිගහැරීමක් හෝ මතුවීමක්. හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළපොත බැලුවම තේරෙනවා ඒක කිසිම සැලකිල්ලක් නැතුව ඒ කලින් තිබුණ අධ්‍යාපන අර්බුදයට වගකිව යුතු කට්ටිය ම විසින් එලෙසම කිසිම වගකීමක් නැතුව, තැකීමක් නැතුව, සංවාදයක් නැතුව කරපු විකාර මගඩියක් බව. ඒක තුළ ඇත්තෙන්ම ඔය තියෙන විදිහට හය වසරේ ශිෂ්‍යයන්ට කිසිසේත්ම අදාළ නැති, වලංගු නොවන ඒකට සුදුසු නොවන වෙබ්සයිට් පවා යොමුකිරීම ඒක ඉතාම බරපතල වරදක්. හැබැයි ඊට වඩා වරද නොසැලකිලිමත්කම. අගමැතිතුමිය මේ ගැන බලන්නෙ නැද්ද? එයාට තේරෙන්නෙ නැද්ද?

මේ ප්‍රශ්නවල මුලයි, මැදයි, අගයි ඔය ජාතික අධ්‍යාපන ආයතනයේ තියෙන නොහැකියාව, නොසැලකිල්ල, පිරිස් කළමනාකරණය කිරීමේ දුර්වලකම, වග නොවීම. එතුමියගෙන් සහ ආණ්ඩුවෙන් මම අහන්නෙ ප්‍රශ්නයක් තියෙන බව අපි පිළිගන්නවා. අධ්‍යාපන අර්බුදයක් තියෙනවා. ගැටලුවක් තියෙනවා. ඒක නවීකරණය විය යුතුයි, ශිෂ්‍ය කේන්ද්‍රීය විය යුතුයි. ඒක විභාග මට්ටමෙන් දුරස් විය යුතුයි. ඉතින් ඒකට වග කියන්නෙ කවුද? මේ නිලධාරීන් ම නේද? අවුරුදු ගාණක් තිස්සෙ රජයන් වෙනස් වුණත් ඒ නිලධාරීන්ම තමයි මේවා කළේ. ඉතින් ඔබතුමිය සහ මේ ආණ්ඩුව හිතනවා ද කිසිම අධීක්ෂණයක් නැතිව, කිසිම යම් විදිහෙ වෙනසක් නැතිව ඒ නිලධාරීන්ට ම පුළුවන් කියලා මේ වෙනස ඇති කරන්න. ප්‍රශ්නය ක්‍රියාත්මක කරපු, ප්‍රශ්නය වවාගෙන කන, ප්‍රශ්නයම වෙන අයගෙන් අපිට විසඳුමක් ලබාගන්න පුළුවන්ද?

ඒකෙ වෙනසක් කරේ නෑ. අධීක්ෂණයක් නෑ. ඉංග්‍රීසි පෙළපොත ගැන මට යම් දැනුමක් තියෙනව. මම දන්නව මේක සැලකිල්ලක් නෑ. එවෙලෙ කරන එකක්. කොත්තු රොටියක් වගේ. මේ සංවාදය කෝ? සාකච්ඡාව කෝ? පුළුල් මට්ටමෙන් මේවා කතා කිරීම වැදගත් නේද? අධ්‍යාපනය කියන්නෙ අපේ වටිනාම දේ. අපේ ශිෂ්‍යන්ට, අපේ දරුවන්ට අපි දෙන එකම දායාදය. ඒක තුළ තමයි පන්තිය එහා මෙහා කරන්න පුළුවන් හැකියාවක් තියෙන්නෙ. අපේ වටිනාකම් ස්ථාපිත වෙන්නෙ ඒකෙන්. සාධාරණය ඉෂ්ඨ වෙන්නෙ ඒකෙන්. ඉතින් ඒ මූලික ප්‍රශ්නවලට මුහුණ නොදී ලෝක බැංකුවෙන් දෙන ඩොලර් මිලියන දෙසීය ලබාගන්න කරපු මේ විෂය නිර්දේශ සංශෝධනය දිගටම යනවා. මේක ගෝඨාභය රාජපක්ෂ කාලෙ කරපු එකක්. වෙනස් වෙලා නෑ. ඒකෙ අර ධවල පත්‍රිකාවකුත් නැහැ. 

අගමැතිතුමිය අධ්‍යාපන ඇමතිතුමිය විදිහට දුන්න Power point එකෙත් අන්තිම Slide එකේ සාකච්ඡා කළ යුතු අංශ අතර අධ්‍යාපන දෙපාර්තමේන්තුව තියෙනවා, අධ්‍යාපන ප්‍රකාශක අංශය තියෙනවා, විභාග දෙපාර්තමේන්තුව තියෙනවා, අධ්‍යාපන කොමිසම තියෙනවා, ජාතික අධ්‍යාපන ආයතනය තියෙනවා. ඒ පහයි ඊට අමතරව තියෙන්නෙ පෞද්ගලික අංශය. ගුරුවරු නෑ. වෘතිය සමිති නෑ. ශිෂ්‍යයෝ නෑ. වෙන පාර්ශ්වයන් නෑ. විශ්වවිද්‍යාලයේ අය නෑ. මේක කලින් ආණ්ඩුව කරපු එකක්. අඩුතරමෙ ඒකවත් වෙනස් කරේ නෑ. වෙන එකක් තියා එතන තියෙන මුල් පිටපත්වල අධ්‍යාපන අමාත්‍යංශයේ නමත් වැරදියි. රනිල් වික්‍රමසිංහගෙ අධ්‍යාපන අමාත්‍යංශය තමයි එතන තිබ්බෙ. මං කියන්නෙ මේක දැවැන්ත නොසැලකිල්ලක් නෙ.

ඒත් අපි දන්නව ආණ්ඩුවට විරුද්ධ අය මේක වවාගෙන කනවා. ආණ්ඩුවට පක්ෂ අය; මම ඒක හඳුන්වන්නෙ කඩේ යන නඩේ කියල. ඒ අය මේක පිරිසිදු කරන්න හදනවා. එක එක ඒවා අරගෙන කතා කරනවා. අපි ඒ දේශපාලන වාසි අවාසි පැත්තක තියල එකතු වෙලා මේ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරමු. මේක කළ නොයුතු දෙයක්. හදිසියේ කරන්න බැහැ. ගුරු පුහුණු කරන්න බෑ මේ තත්ත්වය මත. ඒ පෙළපොත් අයින් කරන්න ඕනෙ. ඒවා ඉතාම ප්‍රාථමික මට්ටමේ තියෙන්නෙ. ගැටලුත් ප්‍රාථමික මට්ටමේ. ඒකෙ තියෙන Internet Links ඉතා ම වැරදියි. සැලකිල්ලක් නෑ. අති ඛේදනීයයි මේක.

ඉතින් මේ වෙනුවෙන් විශ්වවිද්‍යාලයේ ඉන්න ආචාර්ය මහාචාර්යවරු මේ පක්ෂයේ ඉන්නවලු, මේ කණ්ඩායමේ ඉන්නවලු. එතකොට ජාතික අධ්‍යාපන කොමිසමේ පත්කිරීම් ගැනත් අපි දන්නවා. ජාතික අධ්‍යාපන ආයතනයේ ඒකෙ පාලක කමිටුවේ ඉන්නව විශ්වවිද්‍යාලයේ කට්ටිය. ඒ අය බලන්නෙ නැද්ද මේක? වගවෙන්නෙ නැද්ද ? ජාතික අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි අංශය ගැන බලන්නකො. ඒකෙ හිටපු අධ්‍යක්ෂ දැන් ජාතික අධ්‍යාපන ආයතනයේ ඉහළ නිළයක් දරනවා. එයාගෙ ඇබෑර්තුව පුරවලා නැහැ. එතන ඉන්නෙ එකම තාවකාලික සහකාර ආචාර්යවරයෙක් විතරයි. අනිත් අය පිට කට්ටිය. ඇයි විද්වත් අය දාන්නෙ නැත්තෙ මේකට. ඇයි මේකට කාලය ගන්නෙ නැත්තෙ? මේකට කාලය ගන්න ඕනෙ. 

මේක තුළින් අපේ ශිෂ්‍යයන්ගේ තියෙන අවස්ථාව අහිමි කරන්න එපා. නැවත නැවත මම කියන්නෙ අධ්‍යාපනයේ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්නවලට වගකිවයුතු අයට කිසිම පාලනයක් නැතුව මේවා විසඳන්න ඉඩ දෙනව ද ? අගමැතිතුමියගේ හෘද සාක්ෂිය ඉඩ දෙනව ද මෙහෙම දෙයක් කරන්න? ඊට පස්සෙ එක එක ප්‍රශ්න මතු කරනවා. එතකොට කඩේ යන නඩේ ඒව පිරිසිදු කරනවා. නොයෙක් විදිහෙ ඒව කියනවා. විපක්ෂයේ අය කොහොමද මේව කතා කරන්නෙ, අනිත් අය මොනවද කියන්නෙ ඒක නෙවෙයි අදාළ. පණිවිඩ ගේන කෙනාට දෝෂාරෝපණයක් නෙවෙයි අවශ්‍ය වෙන්නෙ. මොන විදිහෙ හොරෙක් පණිවිඩය ගෙනාවත් පණිවිඩය බලන්න.

මේ සංශෝධනය වැරදියි. මේ පෙළපොත සම්පූර්ණයෙන් අලුත් කරන්න ඕනෙ. මේවා කඩිමුඩියෙ කරන්න බෑ. මේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ වගේ ඒවා පලැස්තර අලවනව වගේ කරන්න බෑ. ඒවට අවුරුද්දක් දෙකක් යනවා. පුහුණුවක් කරන්න ඕනෙ. ඉංග්‍රීසි පුහුණුවක් කෝ ? ජාතික අධ්‍යාපන ආයතනය අතේ මේ පුහුණුව තියෙන තාක්කල් ඉංග්‍රීසි අධ්‍යාපනය පිරිහෙනව පිරිහෙනවමයි. ඒක අපි දන්නවා. ඒක අපි අත්විඳල තියෙනව. අපි දැකල තියෙනව ඒක. ඒකට සාක්ෂි තියෙනව. ගුරුවරු නෑ ඒව කරන්න. පුහුණුකරන ක්‍රමවේදය වැරදියි. හැබැයි ඉතින් ඒක කුමන්ත්‍රණයක්. 

ඉංග්‍රීසි උගත් පැලැන්තියට අවශ්‍යයි ඉංග්‍රීසි කියන වරප්‍රසාදය ආරක්ෂා කරන්න. ඉතින් ඒ අය මුකුත් කියන්නෙ නෑ මේ ඛේදවාචකය ගැන. ඉංග්‍රීසි පෙළපොත් වැරදියි, ඉගැන්වීමේ ක්‍රම වැරදියි. උගන්නන ගුරුවරුන්ගේ හැකියාවන් වර්ධනය වෙලා නෑ. ඒ පුහුණුව හරියට පටන්ගෙන නෑ. ඉතින් ඒ කුමන්ත්‍රණයට මේ අය කැමතියි. ඉතින් මම කෙටියෙන්ම කිව්වොත්. ඉංග්‍රීසි අධ්‍යාපනය අසාර්ථක වීම මේ පන්තියේ සාර්ථකත්වය හැටියට මනින්නෙ. එතකොට ඒගොල්ලන්ගෙ වරප්‍රසාද රැකෙනවා.

අගමැතිතුමිය මේක පක්ෂ මට්ටමෙන් බලන්න එපා. ඔබතුමියට අපිව පිළිකුල් වෙන්න පුළුවන්. අපිව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නෙ. අධ්‍යාපනය වටිනවා. ඒ අධ්‍යාපනය වෙනුවෙන් අපි එකතු වෙන්න ඕනෙ. මම කඩේ යන නඩේටත් කියන්නෙ මේකයි කඩේ ගියා ඇති. නඩෙත් කතා කරා ඇති. මේ ප්‍රශ්නයට අපි මුහුණදෙමු. දැන් මගේ සහෘදයොත් ඉන්නවා. ඒගොල්ලොත් කියනවා අපි මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න ඕනෙ කියල. හැබැයි අධ්‍යාපනය ආරක්ෂා කරන්නෙ කවුද? අධ්‍යාපනය ආරක්ෂා කෙරෙන්නෙ නැද්ද? ඒක තමයි මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නය.

***********************************



******************තවත් අදහසක් 

රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ඇයි 

අවශ්‍යද?  එය අපේ සමාජයට ඇති බලපෑම


ශ්‍රී ලංකාව අද වැදගත් මංසන්ධියක නිරතව සිටී. අප රට දිගු කාලයක් පුරා නිදහස් අධ්‍යාපනය සහ උසස් සාක්ෂරතා අනුපාතය පිළිබඳ ගෞරවය ගෙන ඇත. එහෙත් අද ලෝකය වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර, අපගේ අධ්‍යාපන පද්ධතිය එම වෙනස්වීම් සමඟ පියවර තබාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇත.

වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ ගැටලු

අපගේ අධ්‍යාපන ක්‍රමය තවමත් විභාග කේන්ද්‍රිතය. සිසුන්ගෙන් බලාපොරොත්තු වන්නේ මතක තබාගෙන උත්තර ලියන එකයි.

එහෙත් අද රැකියා වෙළඳපොළට අවශ්‍ය වන්නේ:

 • ගැටලු විසඳන හැකියාව

 • විවේචනාත්මක ලෙස සිතීම

 • තාක්ෂණික දැනුම

 • කණ්ඩායමක් ලෙස වැඩ කිරීම

 • නායකත්වය සහ සන්නිවේදන කුසලතා

මෙම කුසලතා බොහෝ සිසුන්ට පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ලැබෙන්නේ නැත. එය උපාධිධාරී बेरोजගාරීභාවයටත්, රැකියාව හා අධ්‍යාපනය අතර නොගැළපීමටත් හේතු වී ඇත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන්නේ කුමක්ද?

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන්නේ අධ්‍යාපනය විනාශ කිරීමක් නොවේ.

එය අධ්‍යාපනය නව යුගයට ගැළපෙන ලෙස යාවත්කාලීන කිරීමකි.

මෙහි අරමුණු වන්නේ:

 • විභාගය මත පමණක් පදනම් නොවූ ඉගෙනුමක්

 • තාක්ෂණය හා ඩිජිටල් දැනුම පාසල්වලට ගෙන ඒම

 • සිසුන්ට සිතීමට, ප්‍රශ්න කිරීමට, සහ නව අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථා ලබාදීම

 • රැකියා වෙළඳපොළට ගැළපෙන කුසලතා වර්ධනය කිරීම

මෙය සමාජයට ඇති ප්‍රතිලාභ

හොඳ අධ්‍යාපන පද්ධතියක් රටේ සමාජයම ශක්තිමත් කරයි.

 • දරුවන්ට හොඳ රැකියා අවස්ථා ලැබේ

 • පවුල්වල ආර්ථික තත්ත්වය වැඩිදියුණු වේ

 • ව්‍යාපාරිකත්වය සහ නව නිර්මාණ වර්ධනය වේ

 • සමාජ අසමානතාව අඩු වේ

ඊට අමතරව, හිතාමතා සිතන, දැනුවත් පුරවැසියන් බිහි වීම මගින් දේශපාලනික රැවටිලි වලට ලක් වීමත් අඩු වේ.

දේශපාලනයෙන් ඉවතට ගෙන යා යුතු විෂයයක්

අධ්‍යාපනය දේශපාලන ක්‍රීඩාවක් විය යුතු නැත.

රජය කවුරු වුවත්, විපක්ෂය කවුරු වුවත් දරුවන්ගේ අනාගතය පළමුව තැබිය යුතුය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රමාද වන සෑම අවස්ථාවකම, අහිමි වන්නේ දේශපාලනඥයින්ට නොව, අපේ දරුවන්ටයි.

නිගමනය

ශ්‍රී ලංකාවට නවීන, ප්‍රයෝජනවත්, සහ ලෝකයට ගැළපෙන අධ්‍යාපන පද්ධතියක් අවශ්‍යය.

එය අද නොකළහොත්, හෙටට එහි මිල ගෙවීමට සිදුවන්නේ අපේ දරුවන්ටය.

අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම රටේ අනාගතය ආරක්ෂා කිරීමක් වන අතර, එය කාලය ඉක්මවා ඇති අත්‍යවශ්‍ය කාර්යයකි.

********************

මගේ අදහස වැරදි තිබෙනවානම් හදාගෙන මේවා අනිවාර්යයයෙන්ම ක්‍රියාත්මක කල යුතුයි කියන එක . 

මේ ධර්ම චක්‍රය වැරදියි කියල හදපු බොරු කතාව ගැන : https://www.facebook.com/share/v/1GjP29K3sg/

- කොළඹ ගමයා 

"ලිලිත්ලා" අපූර්වත්වය සමග ... ගයනිගේ ආත්මීය භාෂණය

  "එවිට අපට මහා ලොකු දේවල් පෙනෙන්නේම නැත. මහා විශාලයට පෙනෙන්නේ ඉතාම කුඩා දේවල්ය" දැන් ඉතින් ඉතිරි හරිය ඔබට කියන්නට මට ලොකු වෙහෙසක්...