මාක්ස් ගේ 'මාධ්‍ය නිදහසේ සටන' හා තක්කඩි


ජාතිවාදියා ගේ අවසන් නවාතැන ආගම කියන්න සේ තක්කඩින් ගේ අවසන් නවාතැන මාක්ස් ගේ ක්වෝට් වී තිබේ .  මාක්ස් ඒ අදහස් කිවේ කුමන සන්දර්භයක් යටතේද කියා පැහැදිලි කිරීමකින් තොරව උපුටා දැක්වීමෙන් පෙනෙන්නේ මාක්ස් සියලු ධනපති මාධ්‍ය වල නිදහස් වෙනුවෙන් සටන් කළ සෙයකි . 

මාක්ස්ගේ මුල් කාලය සලකා බලමු .  

1842 දී, 24 හැවිරිදි වියේ පසුවූ කාල් මාක්ස් තවමත් "කොමියුනිස්ට්වාදයේ පියා" නොවූ අතර, ඔහු රැඩිකල් තරුණ මාධ්‍යවේදියෙකු පමණක් විය. මාධ්‍ය නිදහස පිළිබඳ ඔහුගේ ලේඛන බිහිවූයේ පෘසියානු  (Prussian) රාජ්‍යයේ දැඩි ඒකාධිපතිවාදයට එරෙහිව ඔහු කළ සෘජු අරගලය තුළිනි.

දැඩි පාලකයෙකු සිටි  රාජ්‍යයක ජීවත්වූ  තරුණ හෙගලියානුවාදියෙකු වූ මාක්ස්  සිය ආචාර්ය උපාධිය අවසන් කිරීමෙන් පසු,  හතරවන ෆ්‍රෙඩ්රික් විලියම් රජු විසින් පාලනය කරන ලද පෘසියාවේ සේවය කළේය. රජු මුලදී ලිබරල් ප්‍රතිසංස්කරණ ගැන ඉඟි කළද, රාජාණ්ඩුවේ "දේව වරම" ආරක්ෂා කර ගැනීම සඳහා ඔහු ඉක්මනින්ම වාරණය (Censorship) දැඩි කළේය. මේ කාලයේ මාක්ස් කොලෝන් නුවර Rheinische Zeitung (රයින් පුවත්පත) හා සම්බන්ධ විය. එම කාලයේ රයින්ලන්තය පෘසියාවේ  වඩාත්ම කාර්මික සහ ලිබරල් ප්‍රදේශය වූ අතර, එහි ප්‍රාදේශීය සභාව (Landtag) තම සාකච්ඡාවල වාර්තා මහජනයාට දැකීමට ඉඩ දිය යුතුද යන්න ගැන විවාද කරමින් සිටියේය. වාරණය කරන ලද මාධ්‍යයක් යනු මිනිස් ආත්මයේ "භයානක" විකෘතියක් බව තර්ක කිරීමට මාක්ස් මෙම විවාද වේදිකාවක් ලෙස භාවිතා කළේය.

 මාක්ස් මාධ්‍ය නිදහස ගැන ලිවීමට හේතුමාධ්‍ය නිදහස පිළිබඳ මාක්ස්ගේ ස්ථාවරය ගැඹුරු දාර්ශනික එකක් විය. ඔහු මෙසේ තර්ක කළේය:

"මාධ්‍යය "ජනතාවගේ ඇස" ලෙස ඔහු දුටුවේය: නිදහස් මාධ්‍යයක් යනු "සෑම තැනකම ජනතාවගේ ආත්මයේ සුපරික්ෂාකාරී  ඇස" ලෙස ඔහු සැලකීය. ඔහුට අනුව  එය රජය වගකීමට බැඳ තැබීම සඳහා  අත්‍යවශ්‍ය දෙයකි .   වාරණයේ ඇති තර්කානුකූල දෝෂය මාක්ස් පෙන්වා දුන්නේය: පෘසියානු  රජය කියා සිටියේ ජනතාව නිදහස ලැබීමට තරම් "මුහුකුරා ගොස් නැති" බවයි, නමුත් ඔවුන් එම නොමේරූ තත්ත්වයේම සදාකාලිකව තබා ගැනීමට රජය වාරණය (පොලිස් ක්‍රමවේදයක් ලෙස) භාවිතා කළේය.

 වාරණය කරන්නෙකු තීරණය කරන්නේ "අපරාධ" ගැන නොව "මතයන්" ගැන බව මාක්ස්  තර්ක කළේය. එබැවින්, වාරණය කරන්නා විනිසුරුවරයෙකු නොව, මහජන මතය රාජ්‍යයේ පෞද්ගලික දේපළක් ලෙස සලකන "රාජ්‍ය අවයවයක්" පමණි.

මෙහිදී තක්කඩින් විසින් නොලියන්නේ මාක්ස් ගේ මේ සඳහනයි . 

"මාධ්‍යයේ පළමු නිදහස වන්නේ එය වෙළඳාමක් නොවීමයි." — කාල් මාක්ස්

පෘසියානු රජය  Rheinische Zeitung පුවත්පත තහනම් කළේ ඇයි?



1843 මාර්තු මාසයේදී පුවත්පත තහනම් කිරීමට ප්‍රධාන හේතු තුනක් බලපෑවේය:

රජුගේ යුද්ධ සන්ධානවලට පහර දීම: පෘසියානු  රජුගේ සමීප මිතුරෙකු වූ රුසියාවේ පළමු වන නිකලස් සාර් රජුව විවේචනය කරමින් මාක්ස් ලිපි පළ කළේය. සාර් රජු පෞද්ගලිකවම පෘසියානු  රජුට මේ ගැන පැමිණිලි කළ අතර, එය පුවත්පත වසා දැමීමට හේතු විය.

සමාජ රැඩිකල්වාදය: මාක්ස් "මොසෙල් වයින් වගා කරන්නන්ගේ දරිද්‍රතාවය" සහ ගැමියන් විසින් දර සොරකම් කිරීම ගැන ලිවීමට පටන් ගත්තේය. දුප්පතුන්ගේ ආර්ථික දුක්ගැහැට ගැන කතා කිරීමෙන් ඔහු "ලිබරල් දර්ශනයෙන්" ඔබ්බට ගොස් "රැඩිකල් උද්ඝෝෂණ" වෙත යොමු විය.

පුවත්පතේ අලෙවිය වැඩිවීම : මාක්ස්ගේ සංස්කරණය යටතේ පුවත්පතේ අලෙවිය සීඝ්‍රයෙන් ඉහළ ගියේය. පුවත්පත වැසී යනවා වෙනුවට එය ජර්මනියේ වඩාත්ම බලපෑම් සහගත රැඩිකල් හඬ බවට පත්වන බව රජය තේරුම් ගත්තේය.

 රැඩිකල් වාමාංශික  පුවත්පත් සම්බන්ධයෙන් පෘසියානු  රජයේ ප්‍රවේශය නිලධාරිවාදී බියගැන්වීම් සහ සෘජු මර්දනයේ මිශ්‍රණයක් විය.

මුද්‍රණය කිරීමට පෙර සෑම පිටුවක්ම රජයේ නිලධාරියෙකුට ඉදිරිපත් කළ යුතු විය. යම් වාරණය කරන්නෙකු "මෘදු" වැඩි නම්, රජය ඔහු වෙනුවට දැඩි නිලධාරියෙකු පත් කළේය.

එසේම රජය විසින් මූල්‍යමය බාධා ඇති කළේය . රැඩිකල් පුවත්පත්වලට වෙළඳ දැන්වීම් පළ කිරීම රජය විසින් තහනම් කරන ලදී. ඒ ඔවුන්ගේ ආදායම් මාර්ග අහුරා දැමීමටය.

එසේම දැඩි පොලිස් ක්‍රියාමාර්ග ගැනීමද සිදු කරන  ලදී.  ලේඛකයින්ට තමන්ව ආරක්ෂා කර ගත හැකි අධිකරණ ක්‍රියාමාර්ග වෙනුවට, රජය නඩු විභාගයකින් තොරව පුවත්පත් වසා දැමීමට "පොලිස් බලතල" භාවිතා කළේය.මෙම අත්දැකීම මාක්ස්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. "තර්කානුකූල විවාද" මගින් පමණක් රාජ්‍යය කිසිදා ප්‍රතිසංස්කරණය කළ නොහැකි බව ඔහු වටහා ගත්තේය. මෙය ඔහුව පැරිසියට යාමටත්, පන්ති අරගලය සහ විප්ලවය පිළිබඳ ඔහුගේ න්‍යායන් වර්ධනය කිරීමටත් පොළඹවන ලදී.

මාක්ස් ගේ කොමියුනිස්ට් ප්‍රකාශනයෙන් පසු කාලය: 

මාක්ස්ගේ පසුකාලීන දැක්මකොමියුනිස්ට් ප්‍රකාශනය (1848) සහ ප්‍රාග්ධනය (1867) ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවද මාක්ස් ජීවිත කාලය පුරාම මාධ්‍ය නිදහසේ ආරක්ෂකයෙකු ලෙස සිටියේය. නමුත් ඔහුගේ අවධානය දාර්ශනික මට්ටමේ සිට ප්‍රායෝගික පන්ති අරගලයේ ආයුධයක් දක්වා වර්ධනය විය.

 1848 විප්ලවය සමයේදී ඔහු   "නව රයින් ගැසට් පත්‍රය" Neue Rheinische Zeitung ආරම්භ කළේය. එහිදී ඔහු මාධ්‍යය දුටුවේ පාලක පන්තියට පහර දීමට කම්කරු පන්තිය භාවිතා කළ යුතු "බලකොටුවක්" ලෙසයි. මාක්ස්ගේ Neue Rheinische Zeitung (නව රයින් ගැසට් පත්‍රය) බලධාරීන් විසින් බලහත්කාරයෙන් වසා දැමීමට නියෝග කළ විට, 1849 මැයි 19 දින ඔහු එහි අවසාන කලාපය සම්පූර්ණයෙන්ම රතු පැහැති තීන්තෙන් මුද්‍රණය කළේය. මෙය මාධ්‍ය ඉතිහාසයේ අතිශය විප්ලවීය සහ නිර්භීත අවස්ථාවක් ලෙස සැලකේ.

රතු කලාපයේ (Red Issue) සමුගැනීමේ පණිවිඩයේ දී මාක්ස්  පෘසියානු  රජයට සෘජුවම අභියෝග කළේය:

"අපි අනුකම්පාව ඉල්ලන්නේ නැත, අපි ඔබෙන් අනුකම්පාව බලාපොරොත්තු වන්නේද නැත. අපේ වාරය පැමිණි විට, අපි අපේ භීෂණය (Terror) සඳහා නිදහසට කරුණු ඉදිරිපත් නොකරන්නෙමු."

මෙම ප්‍රකාශයෙන් මාක්ස් අදහස් කළේ රජය මාධ්‍ය මර්දනය කරන්නේ නම්, අනාගතයේදී ජනතාව විප්ලවීය ලෙස බලය අල්ලාගත් විට ඔවුන්ද රජය කෙරෙහි මෘදු නොවනු ඇති බවයි.

 තමන් බියගැන්විය නොහැකි බව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය . පුවත්පත වසා දැමුවද, තම අදහස් ජනතාව තුළ දැනටමත් පැලපදියම් වී ඇති බව මාක්ස් පැවසීය. රජය නීතිය අවභාවිත කරමින් පුවත්පත වසා දැමූ බවත්, එය "නීති විරෝධී පියවරක්" බවත් ඔහු පෙන්වා දුන්නේය.

 ඔහු තම පාඨකයන්ට මෙසේ පොරොන්දු විය:"ඕනෑම තැනක සහ සෑම විටම අපගේ අවසාන වචනය මෙය වනු ඇත: කම්කරු පන්තියේ විමුක්තිය!"

මාක්ස් රතු වර්ණය කම්කරු පන්තියේ සහ විප්ලවයේ සංකේතය ලෙස භාවිතා කරමින් රජයට දැඩි විරෝධයක් පෑවේය. සිරගත වීමේ හෝ පිටුවහල් කිරීමේ අවදානම තිබියදීත්, මාක්ස් තම ස්ථාවරය පාවා නොදෙන බව මෙයින් ඔප්පු කළේය. මෙම පුවත්පත වසා දැමීමෙන් පසු මාක්ස්ට ජර්මනියෙන් පිටවීමට සිදු වූ අතර, ඔහු අවසානයේ ලන්ඩනයට ගොස් ඔහුගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන "ප්‍රාග්ධනය" (Das Kapital) ලිවීමට පටන් ගත්තේය

මාක්ස්ගේ මෙම අත්දැකීම අපට කියා දෙන්නේ, සැබෑ මාධ්‍ය නිදහස යනු හුදෙක් ලිවීමට ඇති අයිතිය පමණක් නොව, පවතින අසාධාරණ පාලනයන්ට එරෙහිව බියෙන් තොරව නැගී සිටීමට ඇති අයිතිය බවයි.

 "ප්‍රාග්ධනය" පල කිරීමෙන්  පසු පුවත්පත්  නිදහස අරබයා මාක්ස් ගේ දැක්ම වෙනස් විය . රජය පුවත්පත් තහනම් නොකළද, ධනේශ්වර වෙළඳපොළට මාධ්‍ය නිදහස විනාශ කළ හැකි බව මාක්ස් පෙන්වා දුන්නේය. ඔහු මෙය නම් කලේ වෙළඳපොල වාරණය ලෙසය .  පුවත්පතක් ව්‍යාපාරයක් නම්, එය සැබවින්ම නිදහස් නැත. එය එහි හිමිකරුවන්ගේ සහ වෙළඳ දැන්වීම්කරුවන්ගේ වහලෙකු බවට පත්වේ. ධනේශ්වර සමාජයක "මාධ්‍ය නිදහස" යන්නෙන් බොහෝ විට අදහස් වන්නේ මුද්‍රණ යන්ත්‍ර මිලදී ගැනීමට සහ දුප්පතුන්ගේ හඬ යටපත් කිරීමට "පොහොසතුන්ට ඇති නිදහස" පමණක් බව මාක්ස්  පැවසීය.

මේ අනුව මේ තක්කඩින්ට අමතක වී ඇත්තේ 'අරගල' නම් ඇති පුවත්පත් ආදිය ශ්‍රී ලංකාවේ වැසි ගියේ කෙසේද  යන්න ගැනය . එසේම ලංකාවේ බොහෝ රූපවාහිනී ජාල  හා පත්තරවල හිමිකම් ඇත්තේ කාටද යන්නය .   

මාක්ස්ගේ මාධ්‍ය නිදහස පිලිබඳ අදහස් වල විකාශනය:

තරුණ මාක්ස් (1842) - දාර්ශනික අදහසක් ලෙස වාරණය යනු "ආත්මීය වහල්භාවයකි" යයි ඔහු පැවසිය . 

මධ්‍යම කාලයේ මාක්ස්  (1848) - විප්ලවවාදීයෙකු ලෙස මාධ්‍යය යනු රජවරුන් පෙරලා දැමීමට ජනතාව භාවිතා කරන ආයුධයකි යයි පැවසිය 

පසුකාලීන මාක්ස් (1867+)  -ආර්ථික පැත්තෙන් ගත කල පුවත්පතක් "ලාභය සඳහා" පවත්වාගෙන යන තාක් සැබෑ මාධ්‍ය නිදහසක් පැවතිය නොහැකි බව පැවසීය. 

මේ අනුව අපට නිගමනය කළ හැක්කේ  පසුකාලීන මාක්ස්ට අනුව, සැබෑ නිදහස් මාධ්‍යයක් යනු වාණිජමය නොවන—ලාභය සඳහා නොව සත්‍යය උදෙසා ජනතාව විසින් මෙහෙයවනු ලබන එකකි.

දැන් ඔබට මාක්ස් ගේ පාඨ උපුටා දක්වන තක්කඩියන්ගේ නිරුවත වැටහේද ?  

-කොළඹ ගමයා 30/12/2028 


උපාධි කතා සහ රන්වල කතා

 මේ පින්තූරය මට එව්වේ ජාතික ජනබලවේගයට සහය දෙන කෙනෙක් .  ඊට පස්සේ ගිය සංවාදයේදී  මතුවුණ කාරනා තමා මේ ලියන්නේ .  


දැන් ඒ කාලේ -77, 83, 88-90 කාල පරිච්ඡේද  වල,   ලංකාවේ ප්‍රශ්න නිසා පිටරට වලට පැනල දේශපාලන අනාථභාවය (political asylem) ඉල්ලපු අය සෑහෙන්න ඉන්නවනේ .  ඒ දවස් වල යුඇන්පී එකට සහය දුන් අයත්,  ශ්‍රීලනිප අයත් ඕකම කළා.  නමුත් හුඟක් වෙලාවට වෙන නම් වලින් .  සමහර යුඇන්පී සහ ශ්‍රී ලංකා කාරයෝ තමන් ජේවීපී කියල තමා මේ අනාථාභාවයට ඉල්ලුම් කරලා තියෙන්නේ. දෙමල අය මුලදී දෙමල කොටි කියල පස්සේ ඒක ත්‍රස්තවාදී කියල නම් කෙරුවහම කොටින්ගෙන් කරදරයි කියල ඉල්ලුවේ . එහෙම අයත් පාස්පෝර්ට් ෆ්ලයිට් එකේදී ටොයිලට් එකට දාලා හෝ විනාශ කරල බහින නිසා සැබෑ නම් නෙමේ දීල තියෙන්නේ . 

දැන් හිතන්න ඒ ගොල්ලෝ ඉගෙන ගන්නවා ඒ නමින්ම .  සහතික ඔක්කොමතියෙන්නේ ඒ බොරු නමින් .  තමන් ජීවත්වන රටේ නම් ඒවා පාවිච්චි වෙන්නේ අවුලක්  නැහැ. ආපහු ලංකාවට ගියොත් කොහොමද කරන්නේ.  නමේ අකුරක් දෙකක් වෙනස් කරලා ඉන්න කට්ටියට නම් ලොකු අවුලක් වෙන්නේ නැහැ .  නමුත් හුඟක් වෙනස් නම් දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරලා හරි නම කියල විවා විද්‍යාලයට ආයේ ලියල අලුතින් සහතිකයක් නිකුත් කරන්න කියල ඉල්ලීමක් කරන්න පුළුවන් .  හැබැයි ,  දේශපාලන අනාතභාවය සැබෑ නමින් නැතිව හොර නමකින් දැම්මොත් බ්‍රිතාන්‍යයේ නීතියට අනුව අපරාධ නඩුවක් හෙවත් ක්‍රිමිනල් ඇක්ට් එකක් .  හිරේ යන වරදක් .  ජපානේ හිරේ දානවට අමතරව ලොකු දඩයකුත් ගහනව. 

දැන් කාට හරි, වෙන නමකින් ඒ රටේ ඉඳල , උපාධියක් කරලා පස්සේ ලංකාවට  ගිහින් ආයෙත් අර උපාධිය ඉල්ලුවොත්  පිලි ගන්න වෙනවා හොර නමකින් හිටියේ කියල. ඒ කියන්නේ ඉතින් හිරේ ගිහින් දඩත් ගෙවල අලුත් සහතිකයක් ඉල්ලන්න වෙන්නේ. උදාහරනයක් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්වලට ආචාර්ය උපාධියක් තිබුනත් ඒක ලංකාවට ගේන්න බැහැ ඔය විධිහට .  

එය හුඟක් හොඳ  කෙනෙක් අවංක කෙනෙක් කියල යාලුවෝ  හැමෝම කියනවා. ඉතින් එහෙමනම් එච්චර අවංක නම් එඑයාට යෙන්නේ මන්ත්‍රිකමින්  ඉල්ලා අස්වෙන්න ,  මොකද ,  එයා මේ  ආණ්ඩුවට හානි කරල ඉවරයි ජනතාවගේ ඇසින් .  මන්ත්‍රිකමින්  ඉල්ලා අස් වුනාට ජවිපෙ එක්ක හෝ ජාජබ එක්ක වැඩ කරන්න අවුලක් නැහැනේ ඉස්සර  වැඩ කරපු විධිහටම .  එයා තවත් ඕක අල්ලාගෙන ඉන්න ඉන්න ආණ්ඩුව අපකීර්තියට පත්වෙන එක විතරයි වෙන්නේ . 

   මේ කතාව ඇද්දේ කවුද කියල හොයල බැලුවහම පැරණ බ්ලොග් පසමිතුරෙක් ගේ නමක් තමයි ආවේ. ආචාර්ය කුමාර කළුආරච්චි මහතා .  මේ තියෙන්නේ ඒ ගැන ලිපිය .  Speaker Asoka Ranwala’s PhD Controversy: What You Need to Know එතුමාගේ ෆේස්බුක් පෝස්ට් එකකින් තමා වැඩේ ඇදල තියෙන්නේ .  මේකේ තියෙන විධිහට එතුමා රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කෙනෙක් වශයෙන් සේවය කරන්නේ.  හොඳ වැඩක් කරල තියෙන්නේ  රන්වල වගේ වංචනිකයෙක් නිරාවරණය කරපු එක .  හැබැයි එතුමාටත් චෝදනාවක්  තියනව ලිංගික අපයෝජනයක්  පිළිබඳව . එයා හිතන්නේ මමයි එක ලංකාඊ නිව්ස් එකට දුන්නේ කියල ඒ විස්තර .   ඒ අනුව ප්‍රශ්නයක් ඇතිවී තිබෙනවා .  ලංකා ඊ නිව්ස්කාරයා  පැත්තකට වෙලා හිනාවෙනවා ඇති මේවා කියවල .  පළමුවෙනි කාරණය එහෙම දෙයක් කියන්න මම දැනගෙන ඉන්න  එපාය. මම දන්නෙවත් වත් නැහැ .  එයා වැඩ  කරපු ආසිරි රෝහලින්  ඉවත් කරලා තියනවලු ඒ අනුව .  මේ තියෙන්නේ ඒ ලිපිය . 

Asiri hospital Dental doctor ‘sex Kumaraya’ explores contours of female patient while examining the tooth !

  මම දන්නා තරමින් ආචාර්ය කුමාර කළු ආරච්චි මහත්මය ආසිරි රෝහලට විරුද්ධව නීති ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ වගේම ලංකාඊනිව්ස් එකට විරුද්ධවත් ගෙන නැහැ .

එතකොට කවිඳු කියල බ්ලොග් ලියන අයෙක් මට පණිවිඩය එව්වා ආචාර්ය කුමාර කළු ආරච්චි පේරාදෙණියේ ඉගෙන ගන්න කාලයේ  ලැබ් එක්ක පර්යේෂණ වලට හිටි සත්තු වගයක් වස දී මැරූ බවට .  ඒක නිසා ඒ ගැන ආචාර්ය උපාධි පර්යේෂණ කරපු ළමයින්ට අපරාධයක් සිද්ධ වුනා කියල .  

ඊට අමතරව හැලපයා ගේ බ්ලොගය කියන එකේ ප්‍රතිචාරයක ඕස්ට්‍රේලියාවේ සිද්ධියක් ගැන වාර්තා කරලා තිබෙනවා.  ඒක පෞද්ගලික තොරතුරක් එතුමාගේ පවුලට අපහසයක් වගේ පෙනෙන නිසා ඒක දමන්නේ නැහැ. දැන් මගේ ප්‍රශ්නේ තමා ඔය චෝදනා තිබෙන කෙනෙක්ට  රජරට විශ්ව විද්‍යාලයේ තනතුරක් ලැබුනේකොහොමද කියල .  ඒවා පරික්ෂා කරලා නොවේද ගන්නේ ?  රජරට විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා තරුණියන්ට තර්ජනයක්ද කියල හොයල බලන්නේ නැත්ද ? 

    ඒ මහතාටම පුළුවන් තැන්  තැන්වල මඩ නොගසා මේවාට පිලිතුරු දෙන්න. 

බ්‍රිතාන්‍යයේ වීසා ගන්න ක්‍රමයක් තිබ්බ ඉස්සර .  දැන් අමාරුයි .  මෙහෙට විත් විශ්ව විද්‍යාල පාඨමාලාවකට ලියා පදිංචි වෙනවා  .  එතකොට පාඨමාලාවේ කාලයට වීසා ලැබෙනවා .  වසර 3-4-5 ආදී වශයෙන් .  ලංකාවේ ප්‍රථම උපාධිය කරලා  නම් පශ්චාත් උපාධියකට (PhD) එකකට ලිය පදිංචි වෙන්න පුළුවන් .  ඉතින් අපේ අය ,  ඉන්දියානු සහෝදරවරු කරන්නේ  මොකද්ද රැකියාවක් කරනවා ඉගෙනීමට ගෙවන්න .  නමුත්  මේ උපාධි අවුරුදු තුනෙන් ඉවර වෙන්නේ නැහැ .  දිගින් දිගට කල් දදා ඉන්නව වීස ගහගෙන. එහෙම කෙනෙක් මම දන්නවා අවුරුදු 15 ක් විතර පශ්චාත් උපාධියක් කරනවා ඇහුවොත් මොකද වුනේ කියල බනිනවා  විශ්ව විද්‍යාලයට .  විශ්ව විද්‍යාලේ වැරැද්දලු. එයටත් ලොකු ප්‍රශ්නයක් තියනවා රන්වලය ගැන .  හැමදාම අදිනවා .  අම්මප ඔහේගේ පීඑච්ඩී කෑලි ටිකක්  එකතු කරලවත් බලනවද කොහේද තියෙන්නේ කියල .  එක යාළුවෙක් කිව යා  ගන්න පුළුවන් බෙනිෆිට් ඔක්කොම ගත්ත, තවම ගන්නවත් ඇති කියල .  ලන්ඩන් වල ගෙයක් ගත්තේ නැත්තේ ඒකලු.  ළොකු ම ලොකු ගෙයක් ලංකාවේ  හදල ෆොටෝ දාල තිබ්බ .    කිසි වැරැද්දක්  නැහැ ඒකෙ . හැබැයි සමාජවාදීන් ට ගෙවල් ගැනීම ගැන ලොකු විවේචනයක්  නම් එයා  කලා.    ජේසුස් කියල තියනවලු පව් කරපු නැති එකෙක් පළමු ගල ගහන්න කියල . ඒ වගේම් වන්චනිකයාගේ අන්තිම නවාතැන ආගම කියලත් කතාවක් තියනව .  

මම අර නාමල්ගේ උපාධිය ගැන හෝ සජිත් ගේ උපාධිය ගැන කවදාවත් කොහෙවත් කිසිම දෙයක් ලියල නැහැ. ඒකට හේතුවක් තියෙනවා .  ඔන්න ඔය මම මේ දාපු ලියමනේ පරිදි " ආචාර්ය මහාචාර්ය ප්‍රයිවෙට් බස්සෙක   " ලංකාවේ සමහර විශ්ව විද්‍යාල වල විභාග පාස් කරවල තියෙන්නේ ලිංගික බලහත්කාරකම් කරල. අනික් පැත්තෙන් සමහර උපාධි නිබන්ධන ලියල තියෙන්නේ ඒවා  ලියන්න ඕනේ කෙනා නෙමේ .  වෙන අය. ඔය වගේ චෝදනා හැට හුමාරක් තියෙනවානම් ඒවා හොයන්නේ නැතිව අර දෙන්නට බැනල වැඩක් තියෙනවද .  

  රන්වලගේ ඇක්සිඩන්ට් කේස්  එකේදී  පොලෝසිය ඇයි බීලද කියල බැලුවේ නැත්තේ කියන ප්‍රශ්නය තියෙනවා .  නමුත් දැන් ඔප්පු වෙලා තියනවා බීල හිටියේ නැහැ කියල .  ඒ වුනත් හානිය වෙලා ඉවරයි .  

රන්වල හොඳද නරකද කියන එක ජනතාවට  අදාල නැහැ දැන්. පොඩි පැල්මක් ලොකු දෙදරීමක් වෙන්න ඉඩ හරිනවට වඩා තමන් ගේ රජය බේරා ගන්න රණවලට පුළුවන් වෙන්න ඕනේ . 

ඔය මම ලියපු දෙන්න ගැන මට කිසිම තරහක්  හෙම නැහැ. මම කියන්න හැදුවේ එයාලටත් චෝදනා තියනව .  එහෙම නැති අය හොයන්න අමාරු බව .    

මේ මට ආපු ප්‍රතිචාර සමූහයක්  : 

//සමාජයේ කිසිදු අදහසක්, විවේචනයක් හෝ පක්ෂග්‍රාහී ආකල්පයක් “ඔවුන් ප්‍රාථමිකයි”, “අපි උසස්යි” කියන බෙදීමකින් විස්තර කිරීම මූලික වශයෙන්ම ගැටලුකාරී තත්වයක් නේද...මන්ද,  අදහසක් හරි වැරදිද කියලා තීරණය වෙන්නේ ඒ අදහස ඉදිරිපත් කරන කෙනාගේ “පන්තියෙන්” නොව, ඒ අදහසේ ධ්වනිත වන සත්‍යත්යතාව  සහ නීතියට, සාධාරණයට තියෙන සම්බන්ධය බව මතක් කරන්න කැමති....අශෝක රංවලගේ බීමත්ව රිය පැදවීමක් පිළිබඳ චෝදනා ඇත්තනම්, ඒක නීතියෙන් පරීක්ෂා විය යුතු කාරණාවක්. එය කතා කරන, විවේචනය කරන හෝ ආරක්ෂා කරන අය “ප්‍රාථමික”ද “උසස්”ද කියලා වර්ගීකරණය කිරීමෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. එහෙම ලේබල් දාගැනීමෙන් සිද්ධ වෙන්නේ නීතිය, වගකීම සහ සමාජීය සාධාරණය වගේ මූලික ප්‍රශ්න වලින් අවධානය ඉවතට ගෙන යාමයි.

තවත් වැදගත් දෙයක් තමයි, බහුතරය කියන එකත් පන්තියක් නෙමෙයි. බහුතරය කියන්නේ විවිධ අධ්‍යාපනික, ආර්ථික, වෘත්තීය සහ සමාජ පසුබිම් වලින් ආපු මිනිස්සු එකතුවක්. ඔවුන් එකම අදහසක් දැරුවත්, ඒ නිසා ඔවුන් “ප්‍රාථමික පන්තියට” අයත් වෙන්නේ නැහැ කියන එක හිතලුවක්....එංගලන්තයේ දේශපාලනයේ ප්‍රධාන පාඩමක් වන්නේ,

👉 “නීතියෙන් වැරදි නොවුණත්, සදාචාරයෙන් වැරදි නම් වගකීම ගන්නවා” යන සංකල්පයයි. බොරිස් ජොන්සන්, ඇන්ජෙලා රේනර්ගේ ඉල්ලා අස්වීම  නීතිමය පැත්තෙන්  අනිවාර්ය නොවන නිසා නොව, ජනතා විශ්වාසය රැක ගැනීම සඳහා කළ තීරණයක්..  .නමුත් අපේ රටේ බෙදුණු සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය රැකීම අතිශය දුෂ්කර අභියෝගාත්මක ක්‍රියාවලියක්...නමුත් එය අතහැර දමන්න හේතුවක්ද  .නැත 👉 එය රකින්නේ එක් සිදුවීමකින් නොව, අඛණ්ඩ ජනතා වගකීම පෙරදැරිකරගෙන...ප්‍රජාතන්ත්‍රවාදය  රැක ගැනීම යනු දිනයක හෝ සිදුවීමක කාර්යයක් නොව, දිගුකාලීන සමාජ වගකීමක්. ජනතාව අවදියෙන්, විවේචනාත්මකව, සහ නීතියට ගරු කරමින් ක්‍රියා කරන තරමට, රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය ශක්තිමත් වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය රකින්නේ නායකයන් පමණක් නොව  ජනතාවමයි...//


//ජීප් එකක් මරුටි එකක හැප්පුනා කිව්වොත් ඒක නිවුස් එකක් නෙවෙයි. 

හැබැයි හිටපු කතානායක රංවල බීල බීල ජීප් එකක ගිහින් චූටි මරුටි කාර් එකක හප්පල චූටි ලමයෙක්ගෙ ඔලුව ගෙඩි ගැහිල කිව්වොත් ඒක නිවුස් එකක්..  

දෙරණට සහ හිරුට ඕන නිවුස් මවන්න. පරාජිත විපක්ෂයට ඕන ඒව උස්සන් යන්න. 

අවුල තියෙන්නෙ මේ බොරු නිවුස් වලට උත්තර දෙන්න තියෙන ප්‍රමාදයෙ නෙවෙයි. මොකද මේවට උත්තර දීල ඉවර කරන්න බැහැ. නිවුස් හදන ඉක්මනට ඒවට පිලිතුරු සපයන්න බැහැ.. 

අභියෝගය තියෙන්නෙ මේ බොරු නිවුස් වල තිබෙන දේශපාලනය තේරුම් ගැනීමට අසමත් ඒව උස්සගෙන ගිහිල්ල ඒවට ලොකු ප්‍රචාරයක් දෙන ගමන් තමනුත් අධ්‍යෛර්‍යයට පත්වෙන පාක්ෂිකයන් පිරිසක් සිටීමයි.

හැම දෙයක් එක්කම දේශපාලනය ගැට ගැහිල තියෙනවා. හැම නිවුස් එක්කම දේශපාලනය ගැට ගැහිල තියෙනවා.  

පරාජිත පැරණි දේශපාලන ක්‍රමය නැවත හිස එසවීම සදහා කරන අරගලය සහ ජයග්‍රහණය කල නව දේශපාලනය ක්‍රමය තම ජයග්‍රහණය ස්ථාවර කරගැනීම සදහා කරන අරගලය තමයි මේ වෙලාවෙ අපි ඉදිරියේ තිබෙන දේශපාලනය. 

අපි තෝරා ගතයුත්තේ පරාජිත දේශපාලන ක්‍රමයට නැවත හිස එසවීම සදහා වාසි වෙන මාවතද එහෙම නැත්නම් නව දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් කරන මාවතද?? 

මේ තෝරා ගැනීම මත ඔබ හෝ ඔබ දරණ මතය එක්කො ප්‍රගතිශීලි වෙනවා නැත්නම් ප්‍රතිගාමි වෙනවා.//

ගංවතුර ආතල්

 




මහින්ද දේශප්‍රිය(හිටපු මැකො) අනුරාධ ජයරත්නගේ (දි මු ජයරත්න ගේ පුත්‍රයා) කතාවක් උපුටා දක්වමින් ගන්න හැදූ  "ගංවතුර ආතල්" වලට ප්‍රවීණ මාධ්‍යවේදී නන්දන වීරරත්න දුන් පිළතුර........

අනුරාධ ජයරත්න, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අද ලස්සන කතාවක් කළා. ඒ ගැන මම මොකුත්ම කියන්නේ නෑ. එහෙම තමයි ප්‍රශ්න අහන්න ඕන. 

ඒ වගේම, එතුමාගේ පියා; හිටපු අගමැති දි. මු. ජයරත්න ගම්පොළ භූමියට - පරිසරයට ආදරය කරපු හැටි ගැනත් කිව්වා නම් ඉතාම වටිනවා. එතුමාගේ පිංතූරයක් පහළින් අලවන්නේ එතුමන්ට පිං පිණිස ; ගෞරවයක් පිණිස.

අම්බුලුවාව කියන්නේ කාගෙ කෙළිබිමද කියලා හොයලා බලන්න! පිහිටි පොළොවේ ඉඳන් අඩි 1000 කට වඩා උස අම්බුලුවාව මුදුනේ ඉතා අවිධිමත් කොන්ක්‍රීට් ගොඩවල් ගොඩගැහුවේ කවුද කියලා හොයලා බලන්න.

අච්චර උස කන්දක් උඩ; කන්දක තියෙන එකම වැව කියලා වැවක් හැදුවේ කවුද කියලා හොයලා බලන්න.

බාමියන් පිළිම, අම්බුලුවාවේ හදන්න කියලා කලුගල් කඩලා බරපතල හානියක් අම්බුලුවාවේ භූමියට කළේ කවුද කියලා හොයලා බලන්න.

ඉතාම අවදානම් විදිහට අම්බුලුවාව උඩ - කිසිම ඉංජිනේරු උපදේශනයක් නැතුව චෛත්‍යයක් කියලා කුණුහරුප කොන්ක්‍රීට් කණුවක් ඇටෙව්වේ කවුද කියලා හොයලා බලන්න.

අම්බුලුවාවට යන පාර අන්තිම අවිධිමත් විදිහට හැදුවේ කවුද කියලා හොයල බලන්න

හෙම්මාතගම පාරත් එහෙමයි. දැන් ඔක්කොම නාය ගිහින්. නැත්තම් ගිලා බැහැලා. එහෙම නැත්තම් ගල් පෙරලෙනවා.

බෝතලාපිටියේ ගඟේ කටට යනකම් ජනපද හදාගන්න අවසර ලැබුණේ කොහොමද කියලා හොයලා බලන්න.

කාණු නැති - වතුර බැස්මක් නැති නිදහස් මාවත හැදුවේ කවුද කියලා හොයලා බලන්න.

කිසිම අවශ්‍යතාවක් නැති තැනක කෝච්චි බිංගෙයක් අටවලා ඒක උඩ කඩ කෑලි දාලා, හිතවතුන්ට බෙදලා දුන්නේ කවුද කියලා හොයලා බලන්න.

ගම්පොළ - නාවලපිටිය පාරේ : රෝහලට මෙහායින් තිබ්බා වගුරු - තෙත් බිම් - කුඹුරු හිතුමනාපෙට ගොඩ කරගත්තේ ඒ කාලේ හිටපු ශ්‍රිලනිප හෙංචයියො ටික. 

ඒ හරියේ තමා වැඩිම මරණ සිද්ධ වුණේ.

නාවලපිටිය පාරේ ෆුඩ්සිටියට ඉස්සරහින් ඇතුළේ වගුරු ගොඩ කරලා මු/ස්ලිම් ජනපද හැදුවේ කවුද? ශ්‍රීලනිප සංවිධායක. එයා හිටියේ කාගේ ඔඩොක්කුවේද? කියලා හොයලා බලන්න.

දුම්රිය ස්ථානය ඉදිරියේ තිබ්බ වගුර ගොඩ කරලා, අභබ්බ පාරක් හදලා මහා විනාසයක් කළේ කවුද කියලා හොයලා බලන්න.

1970 ඉඳන් ගම්පොළ ආසනේ නියෝජනය කරපු පාර්ලිමේන්තු මන්ත්‍රී - ඉඩම්, කෘෂිකර්ම, වනාන්තර සත්ව නිෂ්පාදන ඇමති (1994) - කෘෂිකර්ම, ඉඩම් සහ වනසංරක්ෂණ ඇමති (1997) - කෘෂිකර්ම සහ ඉඩම් ඇමති (1999) - කෘෂිකර්ම ඇමති (2000) - කෘෂිකර්ම, ඉඩම්, වනසංරක්ෂණ, ආහාර සහ සමූපකාර සංවර්ධන ඇමති (2001) - තැපැල් සහ සන්නිවේදන ඇමති (2004) - සන්නිවේදන, ග්‍රාමීය සංවර්ධන ප්‍රවර්ධන ඇමති (2005) - සන්නිවේදන සහ උඩරට සංවර්ධන ඇමති (2006) - වැවිලි සංවර්ධන ඇමති (2009) විදිහට ඉඩම් - පරිසර - සංවර්ධන විෂයන්ට අදාළ ඇමතිකම් ගණනාවක් කරපු - අගමැතිකම අවුරුදු පහක්ද කොහෙද කළේ කවුද කියලා හොයලා බලන්න.

ගම්පොළ තිබ්බ වගුරු - කුඹුරු ගොඩ කරනකොට කෘෂිකර්ම - ඉඩම් ඇමති කවුද කියලා හොයලා බලන්න.

තැනින් තැන කඳු කපලා කොලනි අටවපු ලණුවෙන් අල්ලල කඳු වල ඉඩම් බෙදපු එකා කවුද කියලා හොයලා බලන්න.

මහවැලියෙ වැලි ගොඩ දාලා, අන්තිමට ඉවුරක් නැති වෙන තැනට පත් වෙනකම් බකන්නිලගෙන හිටියේ කවුද කියලා හොයලා බලන්න.

දොලුව පැත්තෙන් කිසි ප්‍රමිතියක් නැතුව පාරක් කපලා, කඳු ඉරාගෙන යන තැනට වැඩ කළේ කවුද කියලා අහලා බලන්න.

ගම්පොළ නගරය, ලෙහන්න බැරි අවුල් ජාලාවක් වෙනකම් උඩගෙඩි දුන්නේ කවුද කියලා හොයලා බලන්න.

ඊට පස්සේ පාර්ලිමේන්තුවේ නෙවෙයි;

ගෙදර තියෙන තාත්තගෙ පිංතූරෙ ගාවට ගිහිනුත්, සද්දෙට ප්‍රශ්න කරන්න.

ඊට පස්සේ,

ගම්පොළ නගරයේ කිසිම ආපදාවකදී මුහුණ දෙන්න හැකියාවක් නැති කාල/කණ්ණි - මු/ඩුම - මුස්පේන්තු නගරයක් කරපු එකාව උස්සල පොළොවේ ගහන්න.

අවුරුද්දක් වයස ආණ්ඩුවට, ඒ කාල-කණ්ණියාගේ සාපය පවරන්න එපා.

නන්දන වීරරත්න.

ප්‍රවීණ මාධ්‍යවේදී.

- සියවසේ මහා බොරුව - “කාලගුණ අනාවැකිය”

 


උද්ගතව ඇති ව්යසනකාරී තත්ත්වයට පාදක වූ මහා වර්ෂාව, ගංවතුර හා නායයාම් පිළිබද කළින් දැනගන හා දැනුම් දී සිටි බවත්– ඒකාබද්ධ යාන්ත්රණ පවා හදන්නට නිලධාරීන් විසින් උපදෙස් දී තිබූ බවත්– පියවරක් ගත්තා නම් මේ ව්යසනයේ හානිය අවම කරන්නට තිබූ බවත්– “වගකිවයුතු හා කළ යුතු අය එසේ නොකළ නිසා” මේ තරම් ජීවිත හා දේපල හානියක් වූ බවත් කියනු අසන්නට ලැබේ.

පළමුව මෙම මතය දේශපාලනඥයකුට අයත් (ලියවිලිවල තිබ්බා හෝ නැතා ඇත්ත වශයෙන්ම අයිතිකාරයා) රූපවාහීනී නාලිකාව විසින් නිර්මාණය කර දවසට එකසිය අටවාරයක් මැතුරුවේය. පසුව මේ කතාව එළියේ අය කරට ගත් අතර– දැන් අර නාලිකාව විසින් තමන්ම හදපු මතය– එළියේ කියමින් යන අයගේ කතා උස්සාගනවිත් විකාශය කරමින් “ආතල් එකක්” ගනිමින් සිටියි.
කතාව කියවන්න කළින් මෙන්න මේ දින ටික මතක තියාගන්න.
- 12 – 18, 18 – 22 සහ 22 න් පසු...
ඇත්තටම සිදුවුණේ මොකද්ද
නොවැම්බර් පළමුවනදා සිට 12 වැනිදා දක්වා සාමාන්ය රිද්මයේ වැස්සක් තිබිණි. 12 වැනිදා කිසිදු හැරවුම්මය යමක් සිදු නොවීය. කාලගුණ වාර්තාවලට අනුව එදාත් “සාමාන්ය” දවසකි. ඒ දක්වාම සාමාන්ය රටාවට නිවේදන නිකුත් කරන 0530, 1400 හා 1600 පැයවලට මෙන්ම කඩින් කඩ සුවිශේෂී කරුණු ඇතුළත් නොමැති නමුත් අවස්ථානුකූල යාවත්කාලීන කිරීම් සහිත නිවේදන කාලගුණේ විසින් නිකුත් කර ඇත.
12 සිදුවන්නේ මෙවැන්නකි. වෙන කතාවකට දෙරණට ගිය කාලගුණ ඩීජී “වැසි වැස්සොත් ගග පිරෙයි- ගග පිරුණොත් ගග ගග ගලයි..” පන්නයේ කතාවක් අඩමානයට අත අරියි.
“බෙංගාල බොක්කේ වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක් නිරීක්ෂණය වන බවත් ඔහුගේ අත්දැකීම් අනුව එය අඩු පීඩන අවපාත මට්ටමකට වර්ධනය විය හැකි බව” (I repeat විය හැකි බව (නිශ්චිතව නොකියයි)) කියයි.
13 වැනිදා දහවල් නිවේදනයට අනුව, දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතී. ඒ හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ. එසේම, 15 සවස 4 නිවේදනයට අනුව දිවයිනට නැගෙනහිර දෙසින්න පහළ වායුගෝලයේ
කැලඹිලි තත්තත්තවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇත.
17 වැනිදා රාත්රී ජාතික රූපවාහිනියේ ප්රවෘත්ති විකාශයේ කාලගුණ අනාවැකියට අනුව “දිවයින ආශ්රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වල ද හම්බන්තවතාට දිස්ත්රික්කයේ
වරින්වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කියා සිටියි.
පෙර සදහන් කළ 12-18 පරිච්ඡේදයේ වැදගත්ම මොහොතට එළැඹෙන්නේ දැනුයි.
දිවයින ආශ්රිතව මේ දක්වා පැවති අඩු පීඩන කලාපය ක්රමානුකූලව දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී. ඒ හේතුවෙන් 19 හා 20 දෙදින තුළ වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් බලාපොරොත්තු වේ.
Interesting fact : මේ දක්වා පැවති අඩු පීඩන කලාපය ක්රමානුකූලව දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී.
එනම් එතෙක් පැවති තත්ත්වය හෝ ඒ සම්බන්ධයෙන් නිශ්චිතව කියා ඇති අනාවැකි ආදිය එතැනින් අවසන් වේ.
18 වැනිදා රාත්රී 8ට පමණ ඉදිරිපත් කරන අලුත් තත්ත්වයට අනුව 22 වැනිදා පමණ වනවිට ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතී. (I repeat හැකියාව පවතියි. (සම්භාවිතවක් මිස නිශ්චිතව දක්වා නැත)). පසුව එම පද්ධතිය තවදුරටත්ත වර්ධනය වෙමින් ශ්රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව (I repeat ආසන්නව) ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.
එදිනම, එනම් 18 වැනිදා රාත්රී 8 ජාතික රූපවාහිනී ප්රවෘත්ති විකාශයයේ මෙසේ සදහන්.. “දැනට පවතින වැසි සහිත කාළගුණ තත්ත්වය තාවකාලික අඩු වීමක් අපි හෙට දිනෙන් පසුව අපේක්ෂා කරනවා. 20,21,22 වගේ දිනවල තාවකාලික අඩුවීමක් තියනවා නමුත් ඉන්ත පසුව තවදුරටත් වැසි තත්ත්වයේ වැඩිවිමක් තමයි බලාපොරොත්තු වීමේ හැකියාව දැනට පවතින්නේ...” (මෙරිල් මෙන්ඩිල් - අධ්යක්ෂ අනාවැකි)
එම ප්රවෘත්ති ප්රකාශයට අනුවම, ඒ වනවිටත් දැදුරු ඔයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් ද දෙකක් අඩි දෙක බැගින්ද විවෘත කර ඇත.
22 වැනිදා සවස 2.30 ට නිකුත් කළ නිවේදනයකට අනුව කියැවුණේ - දිවයිනේ ඇතැම් ප්රවේශවල තද වැසි ඇතිවීමට ඉඩ ඇති බවයි. එම නිවේදනයේද සදහන් වුණේ මිමී 100ක පමණ වර්ෂාපතනයක් ගැනයි.
නැවත එදිනම, ප.ව. 3.30ට නිකුත් කළ නිවේදනයට අනුව, දකුණු අන්දමන් මුහුදු ප්රදේශය ආශ්රිතව අඩු පීඩන කළාපයක් නිර්මාණය වී ඇති බව නිවේදනය කරයි. එය බටහිරට බරව වයඹ දෙසට ගමන්ත කරමින් නොවැම්බර් 24 වනදා වනවිට ගිනිකොන දිග බෙංගාල බොක්ක ප්රදේශයේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇත.
එහි සම්පූර්ණ අවදානය යොමුව තිබුණේ බහුදින යාත්රා ඉලක්ක කරගනිමිනි.
22 වැනිදා රාත්රී 8 ට නැවත ජාතික රූපවාහිනියේ ප්රවෘත්ති විකාශවේදී ආපදා
කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විසින්, උසස් පෙළ විභාගය ඉලක්ක කර ගනිමින් විශේෂ විභාග ආපදා සැලසුමක් සකස් කර ඇති බව කියා සිටියි.
23 වැනිදා හවස 4.00ට පමණ, නොවැම්බර් මස 25 දින පමණ වන විට ශ්රී ලංකාවට යාබද නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතින අතර ඒ හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තුවන බව සදහන් කරයි.
ඒ අනුව, 18 වැනිදා වාර්තා කළ අඩු පීඩන කලාපයට පසුව නව අඩු පීඩන කලාපයක් 23 වැනිදා වනවිට නිර්මාණය වෙමින් පවතින බව මෙම නිවේදන අනුව කියැවේ.
23 දින අද දෙරණ ප්රවෘත්ති විකාශය අතරතුරදී කාර්යයේ නියුතු කාලගුණ විද්යාඥ මලිත් ප්රනාන්දු විසින් “දකුණු අන්දමන් මුහුද ආශ්රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වුණා. මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් හෙට දවසේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වේවි යැයි සිතන්න පුලුවන්. ඉන්පසුව තමයි ඇත්තතටම ඒ පද්ධතියේ ගමන් මාර්ගය ගැන හොඳ අදහසක් ගන්න පුලුවන් වෙන්නේ. ඉතින් ඒ වෙනකම් දැනට තියන අනාවැකි වලදී අපිට දකින්න පුලුවන් වෙන්නේ මේක ලංකාවට ඔබ්බෙන් නැගෙනහිර මුහුදෙන් ඉන්දියාව දෙසට ගමන් කරන ආකාරයක් තමයි දකින්න තියෙන්නේ...” යනුවෙන් පවසයි. (I repeat දැනට තියන අනාවැකි වලදී... මේක ලංකාවට ඔබ්බෙන් නැගෙනහිර මුහුදෙන්..... ඉන්දියාව දෙසට ගමන් කරන ආකාරයක්.....).
24 දින අළුයම කාලගුණ නිවේදනයට අනුව දිවයින අශ්රිතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය 25 වැනිදා වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතී. ඒ හේතුවෙන්දි වයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපවේදී තවදුරටත් බලාපොරොත්තු වේ.
25 වැනිදා අළුයම නිවේදනයට අනුව දිවයින ආශ්රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන්උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වවේ වැඩි වීමක් 25 වැනිදා සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව සදහන් කරන අතර පෙ.ව. 10 නිවේදනයට අනුව කියැවුණේ නිරිතදිග බෙංගාල බොක්ක සහ ශ්රී ලංකාව ආශ්රිතව පහළ වායුගෝලයේ පැවති කැළඹිලි තත්තත්තවය අද (25) උදෑසන වනවිට අඬු පීඩන තත්තත්තවයක් දක්වා වර්ධනය වී ඇත. එය ඉදිරි පැය 24 තුළ තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බවයි.
2025.11.25 දින පැය 1200 - ජාතික රූපවාහිනියේ ප්රවෘත්ති තුළින් කාලගුණ විද්යා
අධයක්ෂ ජනරාල් විසින් කළ අදහස් දැක්වීමේ දී ද පෙර පරිදිම සදහන් කළේ, “උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්යම දකුණ වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් තියනවා” යනුවෙනි.
නමුත්, BBC කාලගුණ වාර්තාව මිමි 500 ක වැස්සක වැටෙන බව කියා සිටියි. 100ත් 500 ත් අතර මිමි 400කම වෙනසක් ඇත. එසේ වූයේ කෙසේද..
කාලගුණේ පරතු නිවේදනයක් නිකුත් කරන 26 වැනිදා පෙ.ව. 10.30ටත් සදහන් වන්නේ මිමි 100 හෝ 150 ප්රමාණයේ වැසි අපේක්ෂා කරන බවයි. BBC බැරිනම් අඛනිටාවේ හෝ අවීචියේ අනාවැකි බලා අවසන් නිගමනයකට පැමිණිය යුත්තේ කාලගුණේය.
දොඹ සූරණ වැහි, වැහි පිට වැහි වැටෙනකොටත් නිවේදනවල හා ප්රකාශවල වැසි සීමාව මිලිමීටර් 150 න් එහාවක් ගැන කතාවක් තිබුණේම නැත.
27 වනදා දහවල් වනවිට ශ්රීලංකාවට ගිනිකොණ දෙසින් පැවති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 120km ක් ගිනිලකාණ දෙසින් ස්ථානගත වී ඇති බව සදහන් කරයි. එය උතුරට බරව වයඹ දෙසින් ගමන්ත කරමින්ත ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත.
27 වැනිදා වනවිටනම් සාමාන්ය මිනිහෙකුට පේන ආකාරයටත් කියන්නට පුළුවන් තරමටම තත්ත්වය වර්ධනය වී අවසන්ව තිබිණි.
දැන් අපි බලමු වාරිමාර්ග නිවේදනය ගැන. අර වැව් හිස් කරන්න කිව්වා කියන නිවේදනේ.
දිනේ නොවැම්බර් 25. ඒ කියන්නේ කාලගුණේ ඇම්බර් නිවේදන නිකුත් කරමින් සිටි සමය. වාරිමාර්ග ඇඩ්රස් කරපු කෙනෙක් නෑ. ඒ කියන්නේ පොදු නිවේදනයක්. වර්ණය ඇම්බර්. පළවෙනි වතාවට කාලගුණේ එකෙන් මිමී 200 ක වැස්සක් ගැන කියනවා. ඒක කාලගුණේ 150ටත් වඩා වැඩි එකක්.
හැබැයි 150ට හෝ 200 වැඩි කියන්නේ 300 හෝ 400 නෙවෙයි. ලොජිකලි හරි තමයි, හැබැයි ආයේ ලොජිකලිම 150-200 කියන්නේ 300-400 නෙවෙයි. එහෙමනම් 300 කියන්නේ 50ටත් වැඩි තමයි. ඇම්බර් නිවේදනයක් "ඉතා හොදින් කල්තබා දැනුම් දුන් නිවේදනයක්" ලෙස උස්සාගන ජනයා නොමග යවමින් රැගෙන යන්නේ එක පිරිසකි.
ඒ, මහනුවරදී ගංවතුර හා නායයෑම් සහනාධාර එකතු කරමින් හා බෙදා හරිමින් සිටි තරුණ පිරිස් බිය ගන්වා එලවා දමා 'විපක්ෂ මන්ත්රීවරුන්ගේ මන්ත්රී කාමරයේ භුක්තිය' තහවුරු කරගත් පිළයි.
ඔය කිසිදු නිවේදනේක ජලාශ හිස් කරන්න කියලා- කියලා නෑ. එහෙම කිව්වා නම්- එසේ කිව්වැයි කියන කිසිදු අභ්යන්තර ලියවිල්ලක් හෝ ඇවිල්ලා නෑ එළියට.
මෙය මෙස් කරන්නැයි මෙසේ නොකරන්නයැයි උපදෙස් දෙමින් හෝ නියෝග පතමින් කිසිදු අධිකාරියකට ලියුම් ගසා තිබේද. එවැනි පසුබිමක කවුරුන්ගේ හෝ නොසැලකිල්ල නිසා යමක් සිදුව තිබේද.
මේක ස්වභාවික ව්යසනයක්.
ඊට වඩා ව්යසනයක් මේ ව්යසනය- වසංගත වසන්තයක් කර ගැනීමේ පුරුද්දටම ගොස් වසන්තයක් කර ගන්නට උත්සාහ කිරීම අනුතමක කළ නොහැක. එය පරංය කළ යුතු තක්කඩිකමකි.
ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නදැයි ඇසීමට ඉඩ නොතියන්න.
I repeat ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද...

සුද්දිගේ කතාව සහ අසහනකරු

මේකට මම මෙහෙම පිළිතුරක් දුන්න : 

//ටොමි රොබින්සන් කියන්නේ ජාතිවාදී බල්ලෙක්. කවුද කියන්නේ ටොමියා ජනප්‍රියම දේශපාලනඥයා කියල. නයිජල් ෆාරාජ් කීවනම් ටිකක් හරි හරි වෙන්න පුළුවන් . මූ මේ කියන්නේ මේක වෙන්නේ මේ එංගලන්තයේ කියල . මේ පෙන්නන මිනිහ මානසික පිස්සෙක් .//

ඒකට Iroshi Tharangi කියල කෙනෙක් මෙහෙම කියල තිබ්බ : 






 


උගෙන් වැඩක් නැනේ වැරදි වැඩේ උනේ ලංකාවේ එකෙක් අතින් නේ. ආයේ අහවල් මගුලකටද ඌට බනින්නේ. උබලාතමා හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලන එවුන්

මම ඔබතුමීට කියන්නම් කවුද හඳ දිහා නොබලා ඇඟිල්ල දිහා බලන්නේ කියල 

1. දැන් ඔය කියන තරුණයා වැරැද්ද කළා කියල අපට පේනවා .  රහසඟ පෙන්වපු එක .  එයාව දඬුකඳේ ගහන්න කලින් මේවා කල්පනා කරන්න .  දැන් කවුද ලිංගික අධ්‍යාපනය ළමයින්ට දෙනවට විරුද්ධ - පූජකයෝ , මහණුන් ,කාදිනල් ලා , මුල්ලා ලා , ජනතාව. ගිය අවුරුද්දේ පමණක් ළමා අපයෝජන 8000 ක් වෙලා තියෙනවා ලංකාවේ .  ඇහැට නොපෙනුනනට වීඩියෝ නොදැම්මට . තව නඩු නොදාපු කේස් 300000 තියනවලු .  එහෙම සමාජයක  ද මූව විතරක් දඬු කඳේ ගහන්නේ .  ඇයි හැංගිලා ඉන්න සෙට් එක ? තමන්ට ඇඟිල්ල දික්කරගන්න ඕනේ නේද ඉස්සෙල්ල 

2. මේ පෝස්ට් එකේ ෆැක්ට් වැරදියි .  ටොමි රොබින්සන් කියන්නේ අන්තවාදී වර්ණවාදී දක්ෂිනාන්ශිකයෙක් එංගලන්තයේ ඉන්න. ජනප්‍රියම එකා නොවේ .   මම ඉන්නෙත් එංගලන්තයේම තමා .   එංගලන්ත ආණ්ඩුවෙන් දෙතුන් පාරක් ඒ වගේ වැරදි වලට හිරේ දාපු කෙනෙක් .  නයිජල් ෆරාජ් නමැති දක්ෂිණාංශික නායකයා තමා වැඩියෙන්ම ජනප්‍රිය . 

3. එතකොට මේ ටොමියා කියන්න ඒ -  බලන්න මේ දුඹුරු පාට මිනිහ සුදු ගෑනුන්ට කරන දේ .  දුඹුරු පාට එවුන් අශිලාචරයි . අපි උන්ට අපේ රටට එන්න දෙනවා කියල .  මේ කතාවේ හරි වැරදි දෙකක් තියනවා  .  මෙහෙ  අපු සිරියන් ,  ඉතියෝපියන් , ඇෆ්ගනිස්ථාන් හා නයිජීරියන් අසයිලම් සීකර්ස් ලා රේප් හා අපයෝජන ආදී කේස්  වලට අහුවෙලා ඒ ගැන  උද්ඝෝෂණ යනවා .  පකිස්තාන් කට්ටියක් අඩුවයසේ ගැහැණු ළමයි අපයෝජන කරල හිරේ .  ඒවා දක්ෂිනාන්ශිකයෝ දරුණුවට උපයෝගී කරගන්නවා පිට ජාතීන් ට විරුද්ධව .  ඒකෙ දිගුවක් මේක .  මේකෙන් අදහස් වෙන්නේ නැහැ සුද්දෝ ඕව කරන්නේ නැහැ කියල .  ඕන තරම් වෙනවා .  ඒවා එලියට එනවා අඩුයි  .  ලඟදි සුදු පොලිස් නිලධාරියෝ කිහිප දෙනෙක් හිරේ ගියා අපයෝජන කරලා .  එකෙක් අපයෝජන කරල ඒ ගැහැණිය මරලා. ටොමියට ඒවා අහුවෙන්නේ නැහැ  . 

මම කියන්නේ නැහැ ඒ  තරුණයා  වැරදි නැහැ කියල .  එයා  වැරදියි .  එයාව අල්ලලා තියෙන්නේ දැන් .  මානසික සායනයකට  යවන්න.  හැබැයි ලංකාවේ ජනතාවට  ලිංගිකත්ව අධ්‍යාපනයත්  දෙන්න .   මම බැඳලා ඉන්නේ සුදු ජාතික එක්කෙනෙක්.  එයා එක්ක  ලංකාවට ආපු කිහිප වතාවක් සමහර පිරිමි නරක විධිහට හැසිරුනා.  අහන්නේ නැතිව ෆොටෝ ගන්න ආව . ලඟට ඇවිත් කතා කරා එයාල එක්ක යන්න.  ඉස්කෝලෙක පිරිමි ළමයි වගයක් පවා .   

ඕවට ඉතින් මිනිස්සු දැනුවත් කරන්න ඕනේ. අධ්‍යාපනය දෙන්න ඕනේ .  

නිර්මාල් සහ උයන්ගොඩ සාකච්ඡාවට ප්‍රතිචාරයක් - ලලිත් චන්ද්‍රකාන්ත

 නිර්මාල් සහ උයන්ගොඩ සාකච්ඡාවට මගේ ප්‍රතිචාරය මෙයයි.


1 කොටස- ජනතා විමුක්ති පෙරමුණේ පරිණාමය සහ “catch all party” සන්කල්පය

2 කොටස- විපක්ෂයේ අනාගතය.

3 කොටස- උතුරු නැගෙනහිර සහ ජනවාර්ගික කේන්ද්‍රීය පක්ෂවල අනාගතය

4 කොටස- ඊළඟට කුමක්ද


1 කොටස-

පක්ෂයේ පරිණාමය එහි නමෙන් හඳුනාගත හැක.

එය ජනතා විමුක්ති පෙරමුණයි. එය බොල්ෂෙවික් පෙරටුගාමී ආකෘතිය මත ගොඩනගා ඇත. එහි අරමුණ වන්නේ ජනතාවගේ විමුක්තිය සඳහා නායකත්වය සැපයීමයි. 60 සහ 70 දශකවල, පශ්චාත් යටත් විජිත යුගයේදී, ජනතාව නිදහස් කිරීමේ ප්‍රමුඛ දර්ශනය මාක්ස්වාදය හරහා විය. නමුත් පවතින තත්වයන් අනුව පක්ෂය වෙනස් විය.

උදාහරණයක් ලෙස, 80 දශකයේ වැදගත්ම අවශ්‍යතාවය වූයේ ජනතාව නිදහස් කිරීම සඳහා JR සහ IPKF පරාජය කිරීමයි. එබැවින් පක්ෂය ඒ සඳහා නායකත්වය ලබා දුන්නේය. අපි JR සහ IPKF පරාජය කළෙමු. එබැවින් අපි අපගේ අරමුණ සාක්ෂාත් කර ගත්තෙමු.

2000 වන විට දේශපාලන භූ දර්ශනය වෙනස් වී තිබුණි.  ජනතාවගේ ආකල්ප හා වටිනාකම් වෙනස් වී ඇත. ජන විකාශනය වෙනස් වී ඇත. පක්ෂය අනුවර්තනය වී ඇත. අද අවශ්‍ය වන්නේ සමාජවාදී රාජ්‍යයක් ස්ථාපිත කිරීම නොවේ. නමුත් නීතිය හා සාමය, ප්‍රජාතන්ත්‍රවාදය යථා තත්ත්වයට පත් කිරීම, ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කිරීම ය.

මෙම ක්‍රියාවලිය අතරතුර, අත්‍යවශ්‍ය පක්ෂ ව්‍යුහය වෙනස් නොවීය. අපි තවමත් මධ්‍යම කාරක සභාවක් සහ කේඩරයන් සහිත බොල්ෂෙවික් පක්ෂයකි.

එය බටහිර රටවල දක්නට ලැබෙන පරිදි සියලුම පක්ෂ අල්ලා ගැනීමක් නොවේ.

මම ඔබට උදාහරණ දෙකක් දෙන්නම්.

වර්තමාන පෝලන්තයේ නිර්මාතෘ පිල්සුඩ්ස්කි පෝලන්ත සමාජවාදී පක්ෂයේ නායකයා විය. පෝලන්ත සමාජවාදී පක්ෂය (PPS), සමාජවාදී මූලධර්ම මත ආරම්භ කරන ලද නමුත් එහි ප්‍රාථමික සහ ප්‍රමුඛ ඉලක්කය පෝලන්ත ජාතික නිදහස විය. "සමාජවාදය මාධ්‍යයකි, නිදහස අවසානයකි":

ඩෙන් ෂියාඕපින් සමයේ චීන කොමියුනිස්ට් පක්ෂය මාඕගේ කොමියුනිස්ට් චීනය ක්‍රමයෙන් පරිවර්තනය කළේය. වර්තමාන චීනය කොන්ෆියුෂියානුවාදයේ සහ කොමියුනිස්ට්වාදයේ එකතුවකි.

එබැවින් අපි "සියලු පක්ෂ අල්ලා ගැනීම" යන අදහස මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමි. ජනතා විමුක්ති පෙරමුණ සැමවිටම ජනතාව නිදහස් කිරීම සඳහා නායකත්වය සැපයීම සඳහා පෙරමුණ ගෙන සිටින පක්ෂය වී ඇති අතර සැමවිටම පවතිනු ඇත.

2 කොටස- විපක්ෂයේ අනාගතය.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සාමාන්‍ය පාර්ලිමේන්තු දේශපාලන පක්ෂ රාමුව තුළ නිර්වචනය කළ නොහැක. ඒවා පිහිටුවා ඇත්තේ පිරිසක් නියෝජනය කිරීමට නොවේ.

ඒවා පිහිටුවා ඇත්තේ පුද්ගලයෙකුට හෝ පවුලකට වරප්‍රසාද ලබා දීම සඳහා ය.

ජයග්‍රහණයෙන් පසු ඔවුන්ට ත්‍යාග පිරිනැමීමට අවශ්‍ය බවට පැහැදිලි අවබෝධයක් ඇතිව ඔවුන්ගේ ආධාරකරුවන් බඳවා ගන්නා ලදී. මෙම ත්‍යාග රජයේ රැකියා, කොන්ත්‍රාත්තුව, බලපත්‍ර ආදිය විය හැකිය.

එම ආධාරකරුවන් පක්ෂයට අරමුදල් සැපයූහ.

ජවිපෙ/ජාතික ජන බලවේගය දැන් එම ව්‍යුහය විසුරුවා හැරීමේ ක්‍රියාවලියක යෙදී සිටී. නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාම එම ව්‍යුහයේ කොටසකි.

එය කැඩී ගිය පසු, විරුද්ධ පක්ෂවලට පැවතිය නොහැකිය.

 NPP ඒකාධිපතිවාදය පිළිබඳ මෙම සංකල්පය පැමිණෙන්නේ එතැනිනි.

සිංගප්පූරුවේ තත්වය දෙස බැලීමට මම යෝජනා කරමි. එහි බහු-පක්ෂ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත, නමුත් 1960 ගණන්වල සිට බලයේ සිටින්නේ එක් පක්ෂයක් පමණි.

ඉදිරි වසර කිහිපය තුළ NPP/JVP උපාය මාර්ගය සියල්ල හොඳින් සිදුවුවහොත්, ශ්‍රී ලංකාවේ සිදුවන්නේ එයයි.

අදාල සංවාදය :



කතෘ - ලලිත් චන්ද්‍රකාන්ත 



අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීම

  ලෙනින් ගේ ප්‍රසිද්ධ කතාවක් තියනව අහල නැත්ද? පියවරයක්  ඉදිරියට පියවර දෙකක්  පස්සට කියල. 1903 දී බ්‍රසල්ස් වලදී රුසියානු සමාජ  ප්‍ප්‍රජාතන්ත...