තමන්ගේ වල තමන්ම කපාගත් සනිල් උන්නැහේ

 

ජපානේ හිටියා බෞද්ධ භික්ෂුන් වගයක් .  මෙයාලට කියන්නේ සොකුශින්බට්සු (Sokushinbutsu) කියලා .  ඒ ගොල්ල කෑම අඩු කරලා  ,  දුෂ්කර  ක්‍රියා කරලා, භාවනා කරන ගමන් තමන්ගේ ම මරණයට ලඟා වෙනවා .  හැබැයි එතකොට සිරුර දිරා පත් වෙලා නැහැ .  මමියක් වෙලා .  ඒ කියන්නේ එම්බාම් කරන්නේ නැතිව හිටිය විධිහට ශරීරය සුරැකෙනවා .  මේක ලිවින් බුද්ධා නැතිනම් පිරුණු සිරුරින්  යුත් බෝධිසත්ව කියලත් කියනවා .  දහනම ශත වර්ෂයේදී ජපන් රජය මේ මමිකරණය තහනම් කළා.

කැනඩා වල  ජිමි කිකම් තමන්ගේ වල තමන්ම කපා ගත්ත. ඔන්න බිබිසි  එකේ ගියා කතාව .  

 මතකද දන්නේ නැහැ, 2015දී  අපේ මුල්ම  බ්ලොග් සම්මාන  උළෙලේ  ප්‍රධාන කාර්යයක් හැටියට අපි හිතුවේ තොරතුරු දැන  ගැනීමේ පනත ගැන විස්තර ඉදිරිපත් කිරීම සහ ඒ සඳහා කරු ජයසූරිය මහතාට (පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට )  සප් එකක් දීම.  යහපාලන ආණ්ඩුවෙන් කරපු එකම හොඳ වැඩේද මන්ද .  ඕන කෙනෙකුට ආණ්ඩුවේ ඕන කෙනෙක් ගැන විස්තර ගන්න පුළුවන් වෙන්න .  හොඳ පාලනයක් එන්න නම් තියෙන්න ඕන දෙයක් . 

ඔය යහපාලන ආණ්ඩුව කාලෙම (2015 අප්‍රේල් )  රනිල් වික්කමසිංහ ගේනවා ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම  ව්‍යවස්ථාවට 19 වැනි සංශෝධනය .  විධායක ජනාධිපති ගේ බලතල අඩු කිරීම .  ජනාධිපතිට කැබිනට් අනුමැතිය නැතිව අගමැති නෙරපන්න නොහැකි වීම ,  විශේෂයෙන් ස්වාධින කොමිෂන් සභා පිහිටුවීම .   

  ඔය ස්වාධින කොමිෂන් සභා වැඩේ නිකන් බූමරංගයක් වගේ කියල තේරුනාද  මන්ද . ස්වාධින  මැතිවරණ  කොමිසම  - කුරුණෑගල ඡන්ද පෙට්ටි භීෂණය වගේ ඒවා කරන්න බැහැ. මහර (විජය ගේ සීන් එක ) වගේ දහ පාරක් ගණන් කරන්න බැහැ.   

පබ්ලික් සර්විස් කමිෂන් එක - තමන්ට ඕන විධිහට පත්වීම් දෙන්න බැහැ. මාරුවීම් කරන්න බැහැ රාජ්‍ය සේවයේ . අර නාමල්  ඇඬුවට   මන්ත්‍රී ලියුම් කප්පාදු කලේ ඔන්න  ඕකෙන්. 

පොලිස් කමිෂන් එක -තමන්ට ඕන විධිහට   පොලිස්කාරයො මාරු කරන්න බැහැ ඕන ඕන කරන තැන් වලට .  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව ,   ඉස්සර වගේ සුටුස්  කියල අයින් කරන්නේ නැතිව අනුර කුමාර දිසානායකට පාර්ලිමේන්තුව හරහා යන්න වුනේ ඒ නිසා .   මේක නිසා  අර පොලසියේ ඕ අයි සී ගේ සීට් එකේ ඉඳගෙන තොණ්ඩ -ගන්දමන් ලට පොලිසියට අණ දෙන්නත් බැහැ. පොලිසියට අවශ්‍ය නම් කොන්ද කෙලින් තියාගෙන රාජකාරි කළ හැකි. 

අධිකරණයේ ස්වාධීනත්වයත් මේකෙන්ම  රැකෙනවා ජනාධිපති ගේ ඇඟිලි ගැසීමකින් තොරව. මේකට අනුර මල්ලිගේ අවුට්ෆිට් එකත් සහයෝගය දුන්න සයිඩ් එකේ ඉඳන් .  ඒ දවස් වල රතු - අලි සන්ධානය කියල දේශපාලන ප්‍රහාරයක් ගියා මතකද ?  පෙරටුගාමින් තවමත් ඇදන් යන්නේ .  

ඕක ජරා පස්ස කල්ලියකට ඇල්ලුවේ නැහැ .  ඒ නිසා ආණ්ඩුව පෙරලුනා. අර බැංකු සිද්ධියත් සම්බන්ධයි .  උනුත් ඒකම ඊට කලින් කරලා තිබ්බ නිසා ඔවුන් වැඩේ දන්නවා. 

ඊට පස්සේ අර කමිෂන් වලට තමන්ගේ එවුන් කොහොම  කොහොම  හරි පුරවා ගෙන ජනාධිපතිගේ කෝල් එකට තීන්දුවල ඉඳන් මාරු කිරීම් කරන්න ආයෙත් හදා ගත්ත . 

ඉතින් මේ සෙට් එකේ ප්‍රධාන විරුද්ධවාදියා  සනිල් වික්කමසිංහ .  මතකද දන්නේ නැහැ මේ  ගොල්ලෝ බැනපු බැනුම්. දයාසිරි ජයසේකර ,  මහින්දානන්ද , නාමල්, රෝහිත  ............ලිස්ට් එක දිගයි . 

මෙන්න රනිල්ට වල කපන්න උදව් වෙච්ච තව අයගෙන් ටික දෙනෙක් . 

මෙන්න දයාසොරි -https://www.facebook.com/share/v/16zZwrxcGW/

මෙන්න බැදුම්කරේට රෝහිත අබේගුනවර්ධන කියනව රනිල් ඉන්න ඕනේ වැලිකඩ කියල . 

https://www.facebook.com/share/r/1CvNehjduS/

මහින්දානන්ද -https://www.facebook.com/share/r/1B6k1mDRp1/

මෙන්න සිරිසේනගේ සමනලකතාව  - https://www.facebook.com/share/v/173oZvtkoy/

පවිත්‍රා වන්නි ආරච්චි කියනවා ගාමිණී දිසානායක,  ලලිත් ඇතුලත්මුදලි (කොටි මරපු ) මැරුවෙත් රනිල් කියල    - https://www.facebook.com/share/r/1E2PQBtsD5/

මේ සනිල් එක්ක එක පන්තියේ හිටපු දිනේෂ් ගුණවර්ධන -  https://www.facebook.com/share/v/1D93fPMk7L/

හිරුනිකා ;  https://www.facebook.com/share/v/1EycUQZufn/

හැබැයි, රනිල් කියන්නේ පවතින ක්‍රමයේ ආරක්ෂකයෙක් .  ඒ නිසා වගේ වගක් නැතිව අර සෙට් එක බේරා  ගන්න ඉදිරිපත් වුනා අරගලයෙන් පස්සේ. ආර්ථිකය බේරා ගන්න තමා ආවේ. නමුත් සෙට් එකත් බේරනවා .  ඒකත් එක වගන්තියක් .  ඔන්න තමන්ගේ වලේ පළමු පස් පිඩැල්ල රනිල් කපා ගත්ත .

ඊට පස්සේ ඉතින් දිගටම කපාගෙන කපාගෙන ගියා . 

දැන් ඕනෙනම් ඔයාල මට ඩෝබි කියල බනියි .  ආණ්ඩුව හෝදනව කියල කියයි . 

දැන් මේකේ අනුර කුමාර දිසානායකට යි පැලවත්තටයි බනින්නේ මොකටද කියල මට තවම තේරෙන්නේ නැහැ. පාස්කු පල්ලියෙන් බේරිච්චි  හිරාන් කියනව ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ කියල.

රනිල් හදපු ස්වාධින පොලිස් කොමිසම නිසා ස්වාධින වෙච්චි පොලිසිය, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇඟිලි ගහන්නේ නැහැ කියල දැන ගත්තම ඔවුන් තමන්ගේ වැඩේ කරනවා .  අධිකරණයට ඇඟිලි ගැසීමක් නැහැ.  ඔවුන් ස්වාධීනව තමන්ගේ කාර්යය ඉටු කරනවා . 

ඉතින් රනිල් මේක පෙන්වන්නම අර වගේ ආණ්ඩුවේ සල්ලි  ටිකක් අරන් ලන්ඩන් ගියාද කවුද දන්නේ . 

ඕගොල්ලෝ බනින්න ඕනේ ස්වාධින පොලිසියටයි ස්වාධින අධිකරණයටයි නේ .  

මෙන්න මෙහම කතාත් කියනව මිනිස්සු . https://www.facebook.com/share/v/1BTLjxPdJK/?mibextid=wwXIfr

  - ලින්ක් ලබා දුන් සුසිලා සහෝදරියට ස්තූතියි .


   

     


සුප්‍රීම් saටලයිට්ටුව

 


ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), ජාත්‍යන්තර විදුලි සන්දේශ සංගමයේ (ITU) සාමාජිකයෙකු වන අතර, භූස්ථාවර කක්ෂීය ස්ථාන දෙකක හිමිකාරිත්වය දරයි: 121.5°E සහ 50°E. මෙම ස්ථාන ශ්‍රී ලංකාව සඳහා වෙන් කර ඇතත්, ශ්‍රී ලංකාවේ  කිසිදු චන්ද්‍රිකාවක් දැනට මෙම කක්ෂවල නොමැති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් SupremeSAT-2 ගැන මූලාශ්‍ර කිහිපයක සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා මෙහෙයුම්කරුවෙකු වන SupremeSAT (Pvt) Ltd විසින් SupremeSAT-II චන්ද්‍රිකාව සැලසුම් කිරීම, නිෂ්පාදනය සහ දියත් කිරීම සඳහා චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රි කෝපරේෂන් (CGWIC) සමඟ ගිවිසුමක් අත්සන් කරන ලදී.

මුලින්, SupremeSat සැලසුම් කළේ චයිනා සැට්කොම් (China Satcom) සමඟ එක්ව SupremeSAT-2 හි සම අයිතිය දරමින්, එය 98°E කක්ෂයට දියත් කිරීමටයි. පසුව, SupremeSAT සඳහන් කළේ SupremeSAT-2 ශ්‍රී ලංකාවට පූර්ණ අයිතිය ඇති පළමු චන්ද්‍රිකාව බවට පත්වන බවත්, එය 50°E කක්ෂයට දියත් කිරීමට ඉඩ ඇති බවත්ය.

කෙසේ වෙතත්, වෙළෙඳපොළ තත්ත්වය දුර්වල වීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය අත්හිටවූ බවත්, SupremeSAT සිය අවධානය වෙනත් ව්‍යාපෘති වෙත යොමු කළ බවත් වාර්තා වේ. එක් මූලාශ්‍රයකට අනුව, ChinaSat-11 චන්ද්‍රිකාවේ සන්නිවේදන පද්ධතියක කොටසක් SupremeSAT වෙත බදු දී ඇති අතර එය SupremeSAT-2 ලෙස නම් කර ඇත. ChinaSat-11 ක්‍රියාත්මක වන්නේ 98°E හි ය.

2025 අගෝස්තු මාසයේදී, චීන වාණිජ අභ්‍යවකාශ සමාගමක් වන Geespace විසින් එහි GEESATCOM චන්ද්‍රිකා මණ්ඩලයේ සිව්වන කක්ෂගත කිරීම සම්පූර්ණ කරන ලද නමුත්, මෙය SupremeSAT ව්‍යාපෘතිවලින් ස්වාධීන මුලපිරීමකි.

චීනය සහ SupremeSAT-2 පිළිබඳ සඳහන් කිරීම් තිබුණද, SupremeSAT-2 වෙනම චන්ද්‍රිකාවක් ලෙස අවසානයේ දියත් කළාද නැතහොත් එම නාමය ChinaSat-11 හි පද්ධතියකට පමණක් භාවිත කළාද යන්න පැහැදිලි නැත.

එබැවින්, පවතින තොරතුරු අනුව, SupremeSAT-2 හි සංවර්ධනය සහ දියත් කිරීමේ ගිවිසුමට චීනය දැඩි ලෙස සම්බන්ධ වුවද, මෙම ව්‍යාපෘතිය ප්‍රමාදයන්ට සහ උපාය මාර්ගික වෙනස්වීම්වලට මුහුණ දී ඇති බව පෙනේ. SupremeSAT-2 යන නමින් එය වෙනම චන්ද්‍රිකාවක් ලෙස දියත් කළාද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත්, මෙම නාමය 98°E හි පිහිටි ChinaSat-11 හි පද්ධතියක් හැඳින්වීමට භාවිත කරන්නට ඇත.

supreme

ඉහත ලියා ඇති  දේවල් සියල්ල ගුගල් කර සොයා හැකි දේය . ශ්‍රී ලංකාවට අයත් කක්ෂයේ කිසිමචන්ද්‍රිකාවක් ලියා  පදිංචි කර නැත .  මේඅනුව ශ්‍රී ලංකාව සුප්‍රීම් සැට් 1 චන්ද්‍රිකාව යැව්වා යි සුප්‍රීම් සැට් සමාගම  ඔවුන්ගේ වෙබ් අඩවියේ ලියා  ඇතිදේ කෙතරම් නිවැරදිද ?  

එසේම සුප්‍රීම් සැට් 1 හෙවත් චයිනා සැට් 2 නමැති කුඩා සන්නිවේදන චන්ද්‍රිකාවේ  කක්ෂය  98°E8. එය අයිති චිනයටය .  ඒ කියන්නේ එක්කෝ චන්ද්‍රිකාව  යවා ඇත්තේ චීනයයි. නැතිනම් සුප්‍රීම් සැට් සමගම  චීනයේ කක්ෂය කුලියට ගෙන ඇත .  එසේ නම් ආයෝජන මණ්ඩලය හෙවත් BOI කියන පරිදි සුප්‍රීම් සැට් සමාගම  ලංකාවට මුදල් ගෙවන්නේ ඇයි? සුප්‍රීම් සැට් 2 සඳහාද ?  ඒ සඳහා ගිවිසුම් අත්සන් කල බව කියයි . 

තමන් භාවිතා නොකරන කක්ෂයක් සඳහා මුදල් ගෙවන්නට සුප්‍රීම් සැට් සමාගමට පිස්සුද ?   .  

ITU

සුප්‍රීම් සැට් සමාගමේ වෙබ් අඩවිය 

දැන් අපි හිතමුකෝ මෙහෙම

 


ඔන්න මට සල්ලි හුඟක් ලැබෙනවා හදිසියේ .  මගේ පවුලේ අයට ඒ සල්ලි ලැබෙන්නේ කොහොමද කියන්න මම දන්නේ නැහැ. මට හොයන්න ඕන කමකුත් නැහැ .  දැන් මං මොකද කරන්නේ .  මේ සල්ලි  එංගලන්තේ බැංකු වලට දාන්න දාන්න බැහැ . උන් ඔය මළ මගුල් ප්‍රශ්න අහනවනේ .  සල්ලි හොයපු විධිහ  මොකද්ද? ඇන්ටි මනි ලෝන්ඩරින් ද මොකද්ද කියල නීතියක් පාස් කරලා නිසා  අහන්න වෙනවලු. නැත්නම් උනුත් ගන්නවා .  වික්ටෝරියා රැජින කියන්නෙත් නැව් වලින් සල්ලි කඩා ගත්තු කෙනෙක්නෙ . 

ඒ වුනාට මටත් මොළේ පහල වෙන වෙලාවල් තියනවා .  කැනඩාවේ   බකුස් කියල යාළුවෙක් ඉන්නව මතක් වුනා පොඩි ජොබක් කරන .  හැමදාම බර බරේ සල්ලි හම්බ වුනාට වැඩක් නැහැ වියදම් වෙනවා .  තවම කුලියට ඉන්නේ කියල .  

මට පුංචි කාලේ ඉඳල රොබටික් වැඩ කරන්න ආසයි. ඒවාට අවශ්‍ය දේ නිපැයුම් කරන්න හෙම .  මම කොහොම හරි උපාධියකුත් කළා එංගලන්තේ ඉම්පීරියල් එකේ .   ඉතින් මම ගැහුවා නියම ප්ලෑනක්.

මම බකුස් ට කීව , මචන් මම උඹට සල්ලි දෙන්නම් .  උඹ මෙහෙ ඇවිත් උඹ හම්බ කළා වගේ ආයෝජනය කරපන්.  පිටරට ඉන්න එවුන්ට සීමාවක් නැහැනේ සල්ලි අරන් එන්න .  මම උඹට සීයට දහයක් දෙන්නම් .  හැබැයි උඹ ආයෝජනය කරන්නේ මම කියන ඒවාට විතරයි . 

බකුසුවත් කැමති වුනා එක පයින් .  නිකන් ඉන්න පොරට අහල ගියත් මොකද ?  

ඉතින් බකුස්  ඇවිත් ලන්ඩන් ආයෝජන කලාපේ සල්ලි දැම්ම රොබටික් කෑලි හදන්න  කම්පනියක් ඒ අව් අස්සේ බකුස් (මම කියල )  හෝටල් දෙක තුනක් ගත්ත .  පොල් ඉඩම් දෙක තුනක් ගත්ත .  ලොකු ගෙයක් කැනඩාවේ ගත්ත.  මට ගියහම ඉන්න පුළුවන් .  බකුස් මුලදී හිතුවේ මම මේ පොඩි ගානක් කියනව කියල .  දැන් පොරටම හිතා ගන්න බැහැ මට මෙච්චර් සල්ලි තියනව .  මොකද උගේ සීයට දහයත් ?  නැහැ ඕනේ නැහැ .  ඔයාලට දුක හිතෙයි ඒක කීවොත්. බකුස් ට ලොතරැයියක් ලැබුන වගේ .   .මේ ලඟදි කැෆේ එකකුත් ගත්තද කොහෙද ?  අපේ නෑදෑයෙක් එතැන් ගිහින් නිකන් කාල ෆේස්බුක් එකේ දාල තිබ්බ .  බකුස් ඌ ට නිකන් කන්න දීලා .  තුක් විතරක් මගේ සල්ලි වලින් කාලා ෆොටෝස් නුත් දානවා බකුස් ට තෑන්ක් කරලා .  කියන්නය ඉතින් . 

මගේ වැඩේ හරි ගියා හැබැයි .  බකුස්  මාව රොබොටික් කම්පනියේ ප්‍රධාන උපදේශක තනතුරට දැම්ම .  ලැබ් එකේ ප්‍රධානියාත් මමම තමයි .  පොඩි කාලේ ඉඳන් තිබ්බ ආසාවනේ . කොහොමද සුදු ලැබ් කෝට් එක ඇඳලා යන කොට ගැම්ම.

අපේ රොබොටික් කම්පනියේ  ආයෝජන පාට්නර් හැටියට ගත්තේ රෂියන් කම්පැනි එකක් .  ලැබ් එකට බඩු සේරම උන්ගෙන්. වර්ල්ඩ් මාකට් එකට විතරක්  නෙමේ රුසියානු ස්පේස් ශටල් එකටත් අපේ බඩු ගන්නම් ලු .  දැන් ආදායමත්  හරි. උන් හිතන්නේ කැනේඩියන් ආයෝජකයෙක් කියල .    

බ්‍රිතාන්‍ය ආණ්ඩුවත් හැපී ඉතින්  .  ආයෝජන බදු කලාපෙටයි , අපේ නිෂ්පාදන යවනවටයි එයාලට ලොකු ගානක් හම්බ වෙනවා අදායම .  බකුස් නුත් හැපී .  එයා හොඳින් ජිවත් වෙනවා .  ලස්සන ගෑනු ළමයි පිරිවරාගෙන .  මමත් හැපී .  අපේ ඩැඩි ත් හැපී .  අපි ඔක්කොම හැපී .

-- නිකන් ඉන්නවට ලියන ඒවා 

අපේ සොඳුරු බ්ලොග් කරු දොරකඩ ගහේ මූකලන් බස්සා මහතා සහ මේ ලිපිය අතර කිසිදු සම්බන්ධකමක් නොමැති බා කරුණාවෙන් සළකන්න. 

බොසාගේ ඩිප්ලොමැටික් සංඥාව හෙවත් දීර්ඝායු පුත, ළඟ නොබලන්න දුර බලන්න

  බොසා ලයිෆ් ජැකට් එකක් නැතිව දෙමළ ෆිල්ම් එකක වීරයා වගේ බෝට්ටුවේ ඉස්සරහින් යන සීන් එකකට බුකියේ කට්ටිය හිනා වෙනවා දැක්ක .  ලයිෆ් ජැකට්  එකක් ...