Skip to main content

පෙරටුගාමී සමාජවාදීන්ට ප්‍රශ්නයක් -අරුණ පෙරේරා



මෙතෙක් කල් රට තුල ගලාගෙන ගිය දේශපාලන ප්‍රවනතාවයන් දෙස නැවත හැරී බලන විට පෙනෙන්නේ, ගෙඩි පිටින් වාමවාදි පාලනයකට ලාංකිකයන් සුදානම් නැති බවකි. එසේ සුදානමක් ඇත්නම් ලාංකීය වාම ව්‍යාපාරය මේ ලෙස කෑලි කැඩි සුනු විසුනු වී යා නොහැකිය. එක් වීම වෙනුවට පෙනෙන්නේ විසීරි යාමය.

ජනාධිපතිවරනයේදි සමසමාජ, කොපය, වාසු වැනි පක්ෂ දෙකඩවී හමාරය. කොටසක් ඒකාධිපති කඳවුරේය. අනිත් කොටස ඉන් මුදවාගැනීම යනුවෙන් සඳහන් කඳවුරේය. පේරටුගාමින් සමාජවාදීන් ටද තිබුනේ මින් එක කොටසකට ඇතුලුවීම මිස, අපිත් ඉන්නවා මොඩ්ල් එකේ ඉදිරිපත් වීමක් නොවන බව මගේ විශ්වාසයයි. ඔවුන්ද අපිත් ඉන්නාවා ගොඩට වැටෙන්නේ, දැනටමත් ඡන්දෙට ඉදිරිපත්වී ඇති 'සමාජවාදි' නමෙන් ඉදිරිපත් වී ඇති පක්ෂ අපේක්ෂයන් දෙස බැලීමෙනි. මෙවන් පක්ෂ හතක් හෝ අටක් දැනටමත් ඇප මුදල් තැන්පත් කර අවසන්ය. වාම කඬ්හ්වුරක අපේක්ෂාවන් මෙලෙස විය හැකිද....

ජවිපෙ එක කඳවුරක් තෝරා ගෙන ඇත. ඒ ඒකාධිපතිත්වය පරදවමු යන පැත්තය. අනිකුත් කොටස්ද කලයුතුව තිබුනේ මේ අවස්තාවේ, පවතින තත්වය මත වහ වහා නවතා දැමිය යුතු පාලන රෙජිමය නවතා දැමීමට කඳවුරු බැඳීමය. ඉන් පසුව පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීමට අවශ්‍යනම්, වෙන වෙනම තරඟ බිමට බැසීමය.

////Future generations are not going to ask us what political party were you in. They are going to ask what did you do about it, when you knew the glaciers were melting. – Martin Sheen

මතු පරපුර ඔබ කුමන දේශපාලන පක්ෂයකට අයත් වූයේ දැයි විමසනු නැත. ඔවුන්ගේ පැනය වනුයේ මෙවන් තීරණාත්මක අවස්ථාවක ඔබ කුමක් කලේද යන්න පමණි – මාටින් ෂීන්//////////////////
අප දන්නා දේශපාලන ඉතිහාසය තුල තම බලය රඳවා ගැනීම පිනිස මේ තරමටම,

අධිකරණයත්, ව්‍යවසතාවත්, ආගමත්, මාධ්‍යයත් මැතිවරන ක්‍රම වේදයන් පවා දහදුරාවේ යැව් පාලන සමයක් මතකයේ නැත. මින් පෙර එසේ නොවුනාම යැයි නොකියමි. මේ පවතින වටපිටාව තුල තුන්වැනි වරටත් දෑත් සවිමත් කරන්නට සුදානම් නම් ඒ කුමක් සඳහාද යන්න පැහැදිලි කර යුතුය. අද වන විට එකාධිපතිත්වය නැවතීමට බාධා වනසේ එක් ඡන්දයක් හෝ තමන්ගේ න්‍යායික මනෝ රාජ්‍යයන් හී පඩිපෙළ තනන්නට යන පටු අරමුණෙන් හෝ යොදවන්නන්, අනියම් ආකාරයෙන් මේ බලකාමී රෙජීමයට තුන්වන වරටත් කණවැල අල්ලන් විය යුතුය. ජවිපෙ දේශපාලන න්‍යාය පත්‍රය පසෙකින් තැබුවත්, ඔවුන් අත්වැල් අල්ලන් නොවී ඉල්ලා සිටින්නේ මේ දැති රෝදයට තිත තැබිය යුතු බව නොවේද... අනන්‍යතාවය නැතිවී යාම වෙනුවෙන්, ඒකාධිපතිත්වයට මග සැලසෙනා ක්‍රියා මාරගයන්ට යොමුවීම කොතරම් සදාචාර සම්පන්නද. අතීත ජවිපෙ ක්‍රියාකාරකම් මේහා සසඳන්න එපා. මම ජවිපෙ වෙනුවෙන් පෙනී සිටින්නෙක් නොව, මැදිහත් සිතින් තත්වය නිරීක්ෂනය කරන්නෙක්මි.

කවදාත් සාධරණ සමාජයක් සඳහා සිවිල් අරගලයේ සටන් කාමියෙක්වූ ජයතිලක බංඩාරයන් අද එප්පාවල මැරයන්ගේ ප්‍රහාරයට හසුවීමෙන් පසු කියා සිටියේ කුමක්ද....

"මම ප්‍රෙමදාස, ජේආර් යුගයේවත්, චන්ද්‍රිකා යුගයේවත් මෙවන් පහරදීමකට ගොඳුරුවී නැත. නමුත් මේ පාලනය තුල මම අද එය අත්වින්දෙමි"

ජයතිලක බංඩාර යනු තම නිදහස් මතවාදය, සංගීතය හෝ සංස්කෘතික මාධ්‍යන් තුලින් ප්‍රකාශ කරන්නෙක් මිස, දේශපාලකයෙක් නොවන බව අපි දණිමු.

--අරුණ පෙරේරා 

Comments

අද හවසට බලමු ලයිස්තුව.
//වාමවාදි පාලනයකට ලාංකිකයන් සුදානම් නැති බවකි// වාම වාදී පාලනයක් කියන්නේ මොකක්ද ඇත්තටම්? මන් හිතන්නේ දුමින්ද නාගමුකියන්නේ
1. පෙසපේ ඉදිරිපත් කරන වමේ මොඩලය මොකක්ද (ඉස්සරහට වැඩ කරන)
2.ඉදිරිපත් කරන සමාජවාදී මොඩලය මොකක්ද
3. ජවිපෙන් වෙනස වන්නේ කොතැනද
4. වඩා ප්‍රජාතන්තවාදී පාලන කමයක් සඳහා සිරිසේන දිනවීම හොඳ නැත්ද?

මෙතන උත්තරයක් දීල තිබෙනවා.
https://www.youtube.com/watch?v=xAdN0g5scxo&index=1&list=PLuPsC3ECsC8ZWspJhooCT2bCcBxfCTWj_

Popular posts from this blog

බර්කිනා ෆාසෝ ඉබ්‍රහිම් ට්‍රොරේ හා ගොබ්බ ෆේස්බුකින්

  බර්කිනා ෆාසෝ වල නායකයා ගැන මාර රැල්ලක් යනවනේ මේ දවස් වල. අපේ යාළු   පෙරෙට්ටෝ සහ  සමහර ඩයි හාඩ් ජෙප්පෝ තමා ඉස්සෙල්ලම වගේ  ඉබ්‍රහිම් ට්‍රොරේ ගේ කතාව දැම්මේ හැමතැනම. අම්මට සිරි  ඒ කතාව . අධිරාජ්‍ය වාදයට, අයි එම් එෆ් එකට දෙසා බාලා. අන්න නායකයෝ . මේ AKD ල  වගේද නේද , IMF එකට දෙකට නැවෙන .  වැඩේ කියන්නේ දකුණේ සෙට් එකත් රැල්ලට ඇවිත්. ආචාර්ය හපුගොඩ ත්  ලියල තිබුන ඒ වගේ දැකුම් කළු නායකයෙක් කෝ අපිට!!! වගේ කතාවක් (කුඹීනේ  තොපිට රජෙක් ඉන්නේ  .. කතාව මතක් වුනා).  අයිඑම් එෆ් එකට සපෝර්ට් කර කර ඉඳල ට්‍රොරේ නිසාම අංශක 180ක්  හැරිලද මන්ද ?    මතකද ගඩාෆි ට වෙච්ච් දේ, තෙල් තිබ්බට බැකර් කෙනෙක් නැහැ .  චිනේ, රුසියාව එක්කත්  වලි දා ගෙන හිටියේ. බඩු සෙට් වුනා .  එතකොට ඊට කලින් ඉරාකේ සදාම් ට කෙලවුනා , සිරියාවේ අසාද්ව   පුටින් හීන් සීරුවේ ට්‍රම්ප් ට පාවල දුන්න. කොටින්ම බල තුලනය තියා ගන්න කාට හරි හේත්තු වුනේ නැත්නම් ගේම සෙට් වෙනව.  බර්කිනා ෆාසෝ සහ බටහිර අප්‍රිකානු රටවල් . මාලි , නයිජර් අනිත් දෙක .  මේවල බ...

ලන්ඩනයේ ජවිපෙ හැට විය සමරයි

සැල්වදෝර් අලියන්දේ ගේ චිලි යේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රජය පැවතියේ වසර තුනකටත් අඩු කාලයකි .  අලියන්දේ මාක්ස්වාදියෙකු වුවද ඔහු පිහිටවූයේ (populist)  ජනප්‍රිය එක්සත් රජයකි .  එම රජය මෙහෙයවන ලද්දේ  චිලියන් කොමියුනිස්ට් පක්ෂය, රැඩිකල් පක්ෂය , සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආදී වශයෙන් වාමාංශික පක්ෂ කිහිපයක් එක්වුණු එක්සත් පෙරමුණකිනි. එක්සත් ජනපදය හා දක්ෂිණාංශික කණ්ඩායම් ඔවුන් සමාජවාදයට රට ගෙනයතියි  චෝදනා කල අතර චිලී රජයට විරුද්ධව සම්බාධක පැනවීය. ආර්ථික දුෂ්කරතා  වැඩි වුන අතර උද්ධමනය ඉහල ගියේය .  රජයේ විවිධ පක්ෂ අතර අසමගියක් වර්ධනය වුනි .  ඉන්පසු සීඅයිඒ සංවිධානය දියත් කල කුමන්ත්‍රණයකින් අලියන්දේ ගේ ලතින් ඇමෙරිකාවේ ප්‍රථම වාමාංශික  රජය පෙරලා දැමුණි .   ජෙනරල් පිනෝචේ ප්‍රමුඛ  හමුදාව බලය පැහැර ගත්තේය .      අලියන්දේ ගේ රජය මාක්ස්වාදී රජයක් නොවුණු අතර එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරුපයක් ගත් එකකි .  නමුත් එහි සහායක පක්ෂ අතර සෝවියට් සබඳතා තිබූ  කොමියුනිස්ට් පක්ෂයද විය .  එනිසා අලියන්දේ රජය මැතිවරණ අකුලා දමන බවට බො...

කෙහෙළිය ගේ කතාව

 උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න. හොර කෙහෙළිය 01 මාධ් ‍ ය හරහා දිගින් දිගටම සිදුවූ බලපෑම හමුවේ පසුගිය දා සෞඛ් ‍ ය අමාත් ‍ යාංශයේ හිටපු ලේකම් සීමාහේවගේ ජනක ශ් ‍ රී චන්ද් ‍ රගුප්ත හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප් ‍ රතිදේහජනක ඖෂධ වංචාවට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර එහිදී හිටපු ලේකම්වරයා මෙම සිද්ධියට අදාළ හයවන සැකකරු ලෙස දෙසැම්බර් 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නට මාලිගාකන්ද මහේස්ත් ‍ රාත් ලෝචනා අබේවික් ‍ රම නියෝග නිකුත් කළාය. මේ වනවිට මෙම සිදුවීමට අදාළව අයුසුලේට් බයෝටෙක් ෆාර්මා සමාගමේ හිමිකරු හේවගේ සුදත් ජානක ප් ‍ රනාන්දු, වෛද් ‍ ය සැපයීම් අංශයේ අධ් ‍ යක්ෂ වෛද් ‍ ය කපිල වික් ‍ රමනායක, සහකාර අධ් ‍ යක්ෂ දේවශාන්ති සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. දැන් අප අසන්නේ මෙම වංචාවට වගකිවයුතු පුද්ගලයින් සියල්ල අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතිද යන්නයි. අපට දැනට ලැබෙන තොරතුරු අනුව තව තිදෙනෙකු මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත යුතුය. ඔ...