දැඩි ඉල්ලීම නිසා පෙරටුගාමි සමාජවාදී පක්ෂය ගැන පොඩි හැදින්වීමක් ලියන්නම්. මේක පක්ෂකය නිල මතයක් නෙවෙයි, ඒත් මගේ අත්දැකීම් හා දැනුමේ සීමාවන් එක්ක, ඒත් හැකි ආකාරයෙන් ලියන්නම්. මේක ලොකු කතාවක් ඒත් හැකිතාක් කෙටිකර ලියන්නම්. මුලින්ම පසුබිම ගැන ටිකක් ලියන්නම්. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මව් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ලංකාවේ ධනේෂ්වර ආර්ථික ක්‍රමයට විරුද්ධව සමාජවාදී සමාජ ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම සදහා 1960 ගණන්වල අගභාගයේදී පිහිටවපු පක්ෂයක්. ඒ අරමුණේ ප්‍රතිඵලයක් විදිහට 71 සහ 89 දී පක්ෂය මූලික වුණු සන්නද්ධ අරගල සිදුකරනවා. මේවා තාක්ෂණික වශයෙන් න්‍යායාත්මක වශයෙන් වගේම ප්‍රායෝගික වශයෙන් අඩුපාඩු සහිත වූවක්. කිසියම් කෙනෙක් මේ සිද්ධි ගැන විවේචනයක් ඉදිරිපත් කරනවා නම් ඒවා ගැන පිළිතුරු දීමට පෙසප පෙනී ඉන්නවා. ඒක හුදු සමාව ඉල්ලීමකට වඩා එහා ගිය එකක්. අපේ පරම්පරාවේ අය ජවිපෙ ගැන දන්නේ 94 න් පස්සේ ජවිපෙ පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදය සමග දේශපාලනයට ආවට පසු යුගයෙයි. මේ කාලය ඇතුලත 2000 මුල් කාලය දක්වා අපි දේශපාලනිකව කුමන පක්ෂයකට ඡන්දය දුන්නත් ලංකාවේ හෘද සාක්ෂිය නියෝජනය කරන පක්ෂයක...