Skip to main content

Posts

Showing posts from 2014

පෙරටුගාමි සමාජවාදී පක්ෂය ගැන හිතවතෙකුගේ මතයක්?

දැඩි ඉල්ලීම නිසා පෙරටුගාමි සමාජවාදී පක්ෂය ගැන පොඩි හැදින්වීමක් ලියන්නම්. මේක පක්ෂකය නිල මතයක් නෙවෙයි, ඒත් මගේ අත්දැකීම් හා දැනුමේ සීමාවන් එක්ක, ඒත් හැකි ආකාරයෙන් ලියන්නම්. මේක ලොකු කතාවක් ඒත් හැකිතාක් කෙටිකර ලියන්නම්. මුලින්ම පසුබිම ගැන ටිකක් ලියන්නම්. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මව් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ලංකාවේ ධනේෂ්වර ආර්ථික ක්‍රමයට විරුද්ධව සමාජවාදී සමාජ ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම සදහා 1960 ගණන්වල අගභාගයේදී පිහිටවපු පක්ෂයක්. ඒ අරමුණේ ප්‍රතිඵලයක් විදිහට 71 සහ 89 දී පක්ෂය මූලික වුණු සන්නද්ධ අරගල සිදුකරනවා. මේවා තාක්ෂණික වශයෙන් න්‍යායාත්මක වශයෙන් වගේම ප්‍රායෝගික වශයෙන් අඩුපාඩු සහිත වූවක්. කිසියම් කෙනෙක් මේ සිද්ධි ගැන විවේචනයක් ඉදිරිපත් කරනවා නම් ඒවා ගැන පිළිතුරු දීමට පෙසප පෙනී ඉන්නවා. ඒක හුදු සමාව ඉල්ලීමකට වඩා එහා ගිය එකක්. අපේ පරම්පරාවේ අය ජවිපෙ ගැන දන්නේ 94 න් පස්සේ ජවිපෙ පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදය සමග දේශපාලනයට ආවට පසු යුගයෙයි. මේ කාලය ඇතුලත 2000 මුල් කාලය දක්වා අපි දේශපාලනිකව කුමන පක්ෂයකට ඡන්දය දුන්නත් ලංකාවේ හෘද සාක්ෂිය නියෝජනය කරන පක්ෂයක...

ලන්ඩන් චන්දයක්

වැඩ නම් ගොඩක් වැඩියි. තත්වෙත් එන්න එන්නම සැහෙන්න ත්‍රිල් වේගෙන එන්නේ. ඉතින් මෙන්න මේ බිසි සෙනසුරාදාවක අවන්හල  පිරිලා. වැඩියෙන්ම මේ ජනාධිපතිවරණ උණුසුමත් එක්ක අලුත් නිව්ස් දැන ගන්න කතා කරන්න ආපු අයගෙන්. කන්න ගත්ත ඉඳි ආප්පේ කටේම හිර වෙලා කතාවල සැර  කමට. වරදවා වටහා ගන්න එපා ඔන්න. එංගලන්තේ ජනාධිපතිවරණයක් නැහැ. මෙහෙ ඉන්නේ විධායක අගමැති කෙනෙක්. නමුත් අවන්හලට සෙට් වෙන වැඩි හරියක් එක්ස්පැට් ලා ඒ කියන්නේ මේ ඩයස්පෝරාවේ කට්ටිය තමන් දාල ආපු පෙරදිග මුතු ඇටේ  වෙන ඕන දෙයක් ගැන සෙවිල්ලෙන් නේ ඉන්නේ. ඉතින් මෙතෙන්ට  මේ ලඟදි අලුතෙන් එන්න ගත්ත  නියම බුවෙක්. නියම පපර මහත්තයෙක් රුවන් කියල. ලන්ඩන් වලම දැන් අවුරුදු පහලවක් විතර බින්න බැහැපු පොරක්. බින්න බැස්ස කිව්වේ ලන්ඩන් වලින් බැන්ද  කියන එකම  නෙමේ. ලන්ඩන් ඇවිල්ල නතර වුනා  කියන එක. නැත්නම් රුවන් ගේ බිරිඳ  බලයි මේ....... කතාව පටන් ගත්තේ අවන්හල අයිති නතෑනියෙල් ආරච්චි මේ ලඟදි කියවපු ඉන්ටෙර්නෙට් බ්ලොගයක තිබ්බ අමරබන්දු මහත්මය ගැන කතාවකින්. මිනිහත් ඉතින් ඔය හොඳට...

පෙරටුගාමී සමාජවාදීන්ට ප්‍රශ්නයක් -අරුණ පෙරේරා

මෙතෙක් කල් රට තුල ගලාගෙන ගිය දේශපාලන ප්‍රවනතාවයන් දෙස නැවත හැරී බලන විට පෙනෙන්නේ, ගෙඩි පිටින් වාමවාදි පාලනයකට ලාංකිකයන් සුදානම් නැති බවකි. එසේ සුදානමක් ඇත්නම් ලාංකීය වාම ව්‍යාපාරය මේ ලෙස කෑලි කැඩි සුනු විසුනු වී යා නොහැකිය. එක් වීම වෙනුවට පෙනෙන්නේ විසීරි යාමය. ජනාධිපතිවරනයේදි සමසමාජ, කොපය, වාසු වැනි පක්ෂ දෙකඩවී හමාරය. කොටසක් ඒකාධිපති කඳවුරේය. අනිත් කොටස ඉන් මුදවාගැනීම යනුවෙන් සඳහන් කඳවුරේය. පේරටුගාමින් සමාජවාදීන් ටද තිබුනේ මින් එක කොටසකට ඇතුලුවීම මිස, අපිත් ඉන්නවා මොඩ්ල් එකේ ඉදිරිපත් වීමක් නොවන බව මගේ විශ්වාසයයි. ඔවුන්ද අපිත් ඉන්නාවා ගොඩට වැටෙන්නේ, දැනටමත් ඡන්දෙට ඉදිරිපත්වී ඇති 'සමාජවාදි' නමෙන් ඉදිරිපත් වී ඇති පක්ෂ අපේක්ෂයන් දෙස බැලීමෙනි. මෙවන් පක්ෂ හතක් හෝ අටක් දැනටමත් ඇප මුදල් තැන්පත් කර අවසන්ය. වාම කඬ්හ්වුරක අපේක්ෂාවන් මෙලෙස විය හැකිද.... ජවිපෙ එක කඳවුරක් තෝරා ගෙන ඇත. ඒ ඒකාධිපතිත්වය පරදවමු යන පැත්තය. අනිකුත් කොටස්ද කලයුතුව තිබුනේ මේ අවස්තාවේ, පවතින තත්වය මත වහ වහා නවතා දැමිය යුතු පාලන රෙජිමය නවතා දැමීමට කඳවුරු බැඳීමය. ඉන් පසුව පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීමට අවශ්‍යන...

වංශ විලා සහ හෙප්ප ඩලා සමග බෙදුම් වාහේ

හිරුගේ අඩවියේ ප්‍රෙස් එකක  වැඩ කලාය  කියපු පරණ  සහෝ කෙනෙකු හමු වෙච්ච වෙලාවේ ආපහු වාම  අංශය පැත්තට වැඩ කරන්නේ නැත්දැයි ඇසු  විට පොරට මල පැන්න සයිස් එකට ගුටි නොකා බේරුනේ අනු නවයෙන්ය. පස්සේ මම පොරට කීවේ දැන් හිරුගේ අඩවියේ හිටපු හිතරෝ බස්සාත් තවම වමේ අංශයේ නෝ  වේ පැත්තේද කොහෙද ස්ව යොං නිර්නන දෙපාර්තමේන්තුවේ වැඩ බවය. ඒකට පොර දුන්න උත්තරය වුනේ ඌට ඒ දවස්වලත් පිස්සු බව දැන සිටි නිසා ඒකේ ලොකු පුදුමයක් නැති වුනත් අඩුම ගානේ ඌ හිත හොඳ එකා බවය. (ඔය ස්වයං නිර්නනෙට මේ පක්සයේ අය හැමදාම බයය.)  නමුත් භාවිතාවෙන් ඉතාම උසස්, හැම වෙලේම නොනවත්වා ලෙනින් වගේම වැඩ කොළ ගාම ලතාවක් වැනි වංශ විලා ට වෙච්ච දේ හෙවත් කොර ගත්ත දේ මතක් කරන කරන වෙලාවට පොරට යකා ආරුඪ වෙනවා පමණක් නොව ...ලඟම  ඉන්න එවුන්ට ගහන්නටද පනී. ඔය අතරේ හෙප්ප ඩලා සිටින්නේ කොතනදැයි ඇසූ විට ඌ කලේ හඬන්නට පටන් ගැනීමයි. හෙප්ප ඩලා තමන්ගේ සින්දු කිරිල්ලී  අධිරාජ්‍යවාදයේ මෙහෙයුම් රටට යවා එය බිඳ හෙලන්නේ කෙලෙසද කියා රිසර්ච් එකක...