බොසාගේ ඩිප්ලොමැටික් සංඥාව හෙවත් දීර්ඝායු පුත, ළඟ නොබලන්න දුර බලන්න

 


බොසා ලයිෆ් ජැකට් එකක් නැතිව දෙමළ ෆිල්ම් එකක වීරයා වගේ බෝට්ටුවේ ඉස්සරහින් යන සීන් එකකට බුකියේ කට්ටිය හිනා වෙනවා දැක්ක .  ලයිෆ් ජැකට්  එකක්  දුන්නේ නැත්නම්, ඒක එතැන් හිටි නේවි එකේ ලොක්ක ගේ නැතිනම් බෝට්ටුවේ නියාමක ගේ වැරැද්ද ද මම දන්නේ නැහැ .  අපිට  නම් මෙහේ පැයට  හැතැප්ම පහේ  බෝට්ටු වල යනකොටත්  ඕකක් දාගන්න දෙනවා අර හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි මගුලකට. 

පස්සේ තමයි මට මීටර් වුනේ. තමිල්නාඩු ඇක්ටර් විජේ ගොයියට   තේරෙන  භාෂාවෙන් දෙන්න එපාය උත්තරේ. . 


ඔහෙලා  දැකල නැත්ද දන්නේ නැහැ තමිල්නාඩු ෆිල්ම් වල ෆිසික්ස් කැලේ දාල දෙන ගේම් කෑලි. 


ඉතින් බොස්ට පුලුවන්ද විජේට සෙකන්ඩ් වෙන්න.  ඒ හින්ද ඔන්න ඔය ජැකට් මගුල  විසි කරනවා අයිසේ , කියල කියන්න ඇති. 

හැබැයි ඔතන ඇත්ත කතාව මේකයි .  

1974 දී අගමැතිනි  සිරිමාවෝ බණ්ඩාරනායක,  ඉන්දියාවේ අගමැතිනි ඉන්දිර ගාන්ධි එක්ක ගිවිසුමක් ගහනවා . ඒ ගිවිසුමට අනුව කච්චතිවු දූපත අයිති වෙන්නේ ශ්‍රී ලංකාවට .  කොහොමත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව කාලෙත් ඊට කලිනුත් කච්චතිවු අයිති ලංකාවට .  හැබැයි සුද්දා  ඒක  පාලනය කරන්න   ඔය තමිල්නාඩු වල කාටද දීල තිබ්බ ,  ඉන්දියාව හෙවත් තමිල්නාඩුව ඒකට අයිතිවාසිකම් කියන්නේ ඒ පදනමින්. අනික ධීවරයෝ ඇවිත් මාළු බාල නවාතැන් ගන්න නිසා සහ කතෝලික පල්ලියට වඳින්න එන නිසා . 

නමුත්  බොසා බෝට්ටුවෙන් කච්චතිවු ගිහිල්ල තමිල්නාඩු විජේ අයියලාට ගැහුවේ ඩිප්ලොමැටික් කනේ පාරක් .  කච්චතිවු  දෙන්නේ නැහැ, එච්චරයි . 

බුකියේ අයියලා කොහොමත් ළඟ නේ බලන්නේ .  උන් ඔය දීර්ඝායු කතාව දන්නේ නැහැ ,  ඒ නිසා උන්ට පේන්නේ  ලයිෆ් ජැකට් එක විතරයි .  ඉන්දියන් කාරයින්ට ඊට එහාපේනවා . 

මේ සාකච්ඡා කරන්නේ ඒක . වෙල්ඩන් බොසා . 


     

 කොළඹ ගමයා 02/09/2025

බොසාගේ ඩිප්ලොමැටික් සංඥාව හෙවත් දීර්ඝායු පුත, ළඟ නොබලන්න දුර බලන්න

  බොසා ලයිෆ් ජැකට් එකක් නැතිව දෙමළ ෆිල්ම් එකක වීරයා වගේ බෝට්ටුවේ ඉස්සරහින් යන සීන් එකකට බුකියේ කට්ටිය හිනා වෙනවා දැක්ක .  ලයිෆ් ජැකට්  එකක් ...