"සඳකඩ පහණක කැටයම් ඔපලා..." ගීතයක පළමු පදයෙන් කනට ඇහෙන වචන දෙක,තුනකට ගිතයේ අර්ථය සිමා කරන්නට හුදෙක් මිනිසුන් පුරුදු වෙලා ඉන්නවා.ඇත්තට ඒක එහෙම වෙන්නේ නොදැනුවත්කම නිසාවෙන්ද? ගීතයේ රසය පරතෙරට විදින්නට ඔවුන්ට ඇල්මක් නැත්ද? ඒ කොහොම වුණත් ගීතයක අර්ථය ගීතය පිළිබඳ ව සැබැ හෙළිදරව්වක් සිදුකරනවා .ඒ නිසාමයි සාහිත් ය තුළ තියන මේ අපුරු නිර්මාණය විචාරය කරන්න හිතුවේ, මේ ගීතය හැත්තෑව දශකයේ ඉදලා මෙරට රසික සවන්පත් සනහාලන ගීතයක්..,"සඳකඩ පහනට කැටයම් ඔපලා.."ගීතය.මෙය සතිස්චන්ද් ර එදිරිසිංහ අධික්ෂණය කල "මාතර ආච්චි " චිත් රපටයෙන් සුවහසක් රසිකයන්ට ලැබුණු මහඟු තිළිණයක්..ඒ වගේම මේ ගීතය සිවු කුලුදුල් ගීතයක් ලෙස හදුන්වන්න පුලුවන්.එකට හේතුව තමයි වොලි නානායක්කාරයන්ගේ පළමු ගී පද රචනය විමත්,වික්ටර් රත්නායකයන්ගේ පළමු සංගීත අධ් යක්ෂණය විමත්,සතිස්චන්ද් ර එදිරිසිංහයන්ගේ කුලුදුල් චිත් රපට අධික්ෂණය විමත් හැරුණු කොට සුනිල් එදිරිසිංහයන්ගේ ගායන ප් රවේශයත් මේ ගීතය තුළින් සිදුවිම.ඔහුගේ ඒ හඬ මේ ගිතයේ සංවේදිභාවය හදේ ගැඹුරුම ඉසව්වක ප් රතයයන් කරන්නට සමත් වෙනවා.මේ ගීතය පිළිබඳ ව ඇතැමුන් වි...