"සඳකඩ පහණක කැටයම් ඔපලා..."

 "සඳකඩ පහණක කැටයම් ඔපලා..."

ගීතයක පළමු පදයෙන් කනට ඇහෙන වචන දෙක,තුනකට ගිතයේ අර්ථය සිමා කරන්නට හුදෙක් මිනිසුන් පුරුදු වෙලා ඉන්නවා.ඇත්තට ඒක එහෙම වෙන්නේ නොදැනුවත්කම නිසාවෙන්ද? ගීතයේ රසය පරතෙරට විදින්නට ඔවුන්ට ඇල්මක් නැත්ද? ඒ කොහොම වුණත් ගීතයක අර්ථය ගීතය පිළිබඳ ව සැබැ හෙළිදරව්වක් සිදුකරනවා .ඒ නිසාමයි සාහිත්ය තුළ තියන මේ අපුරු නිර්මාණය විචාරය කරන්න හිතුවේ,
මේ ගීතය හැත්තෑව දශකයේ ඉදලා මෙරට රසික සවන්පත් සනහාලන ගීතයක්..,"සඳකඩ පහනට කැටයම් ඔපලා.."ගීතය.මෙය සතිස්චන්ද්ර එදිරිසිංහ අධික්ෂණය කල "මාතර ආච්චි " චිත්රපටයෙන් සුවහසක් රසිකයන්ට ලැබුණු මහඟු තිළිණයක්..ඒ වගේම මේ ගීතය සිවු කුලුදුල් ගීතයක් ලෙස හදුන්වන්න පුලුවන්.එකට හේතුව තමයි වොලි නානායක්කාරයන්ගේ පළමු ගී පද රචනය විමත්,වික්ටර් රත්නායකයන්ගේ පළමු සංගීත අධ්යක්ෂණය විමත්,සතිස්චන්ද්ර එදිරිසිංහයන්ගේ කුලුදුල් චිත්රපට අධික්ෂණය විමත් හැරුණු කොට සුනිල් එදිරිසිංහයන්ගේ ගායන ප්රවේශයත් මේ ගීතය තුළින් සිදුවිම.ඔහුගේ ඒ හඬ මේ ගිතයේ සංවේදිභාවය හදේ ගැඹුරුම ඉසව්වක ප්රතයයන් කරන්නට සමත් වෙනවා.මේ ගීතය පිළිබඳ ව ඇතැමුන් විවිධ අරුත් පෙන්වන්වා.ඒ කොම වුණත් ඒ නිර්මාණය ට සාධාරණත්වයක් ඉටුකරන්න පුලුවන් අර්ථයක් එය මුසු කිරිමම සාහිත්ය තුළ එය කාලයක් පුරා රැදිම හේතුවක්ම වේවි...
"සඳකඩ පහණට කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැඟුම් ගනී...
කැළැතුනු රසයක පැන ආ බුබුළක්
අකුරු වැළක් දෙහදක ලියවේ..."
"සඳකඩ පහණ " බෞද්ධයන් හා බැදි කලාකෘතියක්...තනුව වෙනුවෙන් මිනිසුන් මේ ගීත රස වින්දට,,එහි අර්ථය මෙවැනි පැතිකඩකට ගලා යන බව නොහිතන තරම්...මෙහි කියවෙන විදියටනම්...කැටයම් ඔපන ලද සඳකඩ පහණ කාන්තාවක් එහෙමත් නැත්නම් ගණිකාවක්.මෙතනින් එහාට ගීතයේ අර්ථය කොයි දිහාවකට යාවිද?? පාවෙන දේදුනු නැමැති සල්ලාලයින් එනවා ඇය එක්ක යහන්ගත වෙන්න.ඒ යහන්ගත විමත් එක්ක ඇතිවන රාගීක හැගීම් දෙන්නටම හොදින් දැනෙන වග..,,"අකුරු වැලක් දෙහදක ලියවේ" යන්නෙන් කවියා ව්යංගයෙන් ප්රකාශ කරනවා.
" යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දි...
නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා
සියුමැලි කැකුළක් මැළවෙද්දි ..."
සමාජය වරදකදී, ඒ වරදින් ඒ කෙනාව හංවඩු ගහන්න තරම් පහත් තත්වයක එදා මෙදා තුර සමාජය පෙළඹිලා තියනවා.ඉතින් මේ කාන්තාව මේ වෘත්තිය කරගෙන යද්දි සමාජය සුපුරුදු විදියට ඇය ගණිකාවක් ලෙස සමාජගත කරනවා ,මේ කාන්තාවගේ අසම්මත ප්රමයකින් ලැබුණු දරුවෙක් ඉන්නවා,අම්මගේ තාත්තගේ උණුහුම නොලබන මේ දරුවත් තනියම ජිවත් වෙනවා කියන කාරණාව පද සංකලනය තුළ හරි ලස්සනට රචකයා ඇතුළත් කරලා තියනවා.
" දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බිංදු...
ගව්වක් ඉහළට ගොනුකොට රදවා පොපියන දෙතොළක් එහි කැන්දු...
අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුහුවන වැහි බිංදු...
ඈ ගෙන යද්දි නටබුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හඳ රැන්දු..."
එකම එක වරදක් ජිවිතයම අඳුරේ ජිවත් කරවන්න හේතුව කාගේ වරදද? සමාජයේද? ඇගේද ?
ගව්වක් උසට බලාපොරොත්තු තිබුණත්,යහපත් රැකියාවක් කරන්න ආසාවක් තිබුණත් සිද්ද වෙන්නේ හැමදාමත් ඇයට ඒ සුපුරුදු රැකියාව කරන්නයි.මේ සන්සර්ගයේ හැසිරීම හා එහි අවසානය බෝහෝ අපුරුවට පද පේළි දෙකකින් දක්වල තියනවා.
"අහසක් ගුඟුරා කලුවක් වපුරා
ඒ හා මුසුවන වැහි බින්දු... "
සන්සර්ග අහස ගුගුරා අකුණු ගහලා,කලුවෙලා,හිතට බිය දැනෙන කර්කශක දෙයක් ලෙසත් එහි අවසානය ගොරවලා,අකුණු ගහලා අන්තිම පොඳ වැස්සක් වගේ ආස්වාද ජනක අවසානයක් ලෙසත් කවියා පද මුසු කරලා තියනවා.
" හදවිල ඉපැදුණු කැකුළක් නොකළට
නටුවෙන් ගලවා ඳුරක යවා...
මිහීලිය තෙත්කොට ගිලිහුණු කඳුලක්
සත් සමුඳුරකට මුහුව ගියා...
ඔබට උරුම වු රිඳුනු තැවුණු හඳ
එක්ටැම් මැඳුරක කවුලු අරා...
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හඳවත සිටියි බලා... "
" අම්මා" ඇගේ ආදරයේ නාමයෙන් මේ ලෝකේ තවත් මනුෂ්යයෙක්ට ජීවය දෙනවා.ඒ වගේම ඇගේ නමින්ම ආදරය මුල්වරට ඉගෙන ගන්නවා.ජිවිත ගමනේදි ඇගේ ආදරය,කරුණාව දරුවනට නැතිවම බැරි දෙයක් වෙනවා.ඔවුන් අසම්මතයේ පිහිටලා හෝ දරුවන් සම්මතයේ දුර ගමනක් අරන් යන්න ඕනම දෙයක් කරන්න සුදානම්...
තමන්ගේ රැකියාව නිසා,තමන්ගේ දියණිය කෙදිනක හෝ අපහසුතාවයට පත්වවෙයි කියලා ඇයව නැයෙකු ළගට ඇඩු කදුලින් පිට මං කරනවා.ඒ ඇයට උරුම වෙලා තියෙන රිඳුණු,තැවුණු ජිවිතය හදවත නමැති එක්ටැම් ගෙයි පමණක් තියාගෙන තම දරුවගේ ජිවිතය සැපවත් කරන්න.
මේ සංවේදි ජනක සිදුවිම ගීතයට එකතු කරන්න කවියා නොගත් උපමාවක් නැති තරම්...මෙවැනි ගිතයක් ඔහුගේ අතින් ලියවෙන්නට එදා ,අද මෙවැනි සිදුවිම් නොවෙන්නට පුලුවන් ද?
රාගය නමැති ඇවිලිම සංසිදවන්න මිනිසුන් අසම්මතය පෙළඹෙන්නේ නැත්නම්...ජිවිතයට මුදලින් මිනිස්සු වටිනාකම් නොදෙනවනම්...සමාජය තුළ මනුෂ්යත්වයට අසමනත්වය නොදෙනවනම් ..
ඇයත් ගැහැණියක් ලෙස සමාජ සම්මතය තුළ ජිවත් වෙවි...අම්මගේ තාත්තගේ උණුහුම නොලැබෙන දරුවන් අකලට නොපිපෙවි...
.....ස්තුතියි.....

- කර්තෘ නොදනී

වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා නම් ඔහු...

 දහසකුත් එකක් facebook වීරයන් බිහිවන වර්තමානයේ ඇතැම් වීරවරු නිහඬවම වීරකම් කරති. ඔවුන්ගේ වීරත්වය වචන වලින් එළියට නොපැමිණියද ක්‍රියාවෙන් ඉස්තරම් ය. මනුෂ්‍ය ප්‍රාණියෙකුට ජීවිතය දීම අතිශය අමාරු කටයුත්තකි. එවැනි මරණය අභියස සිටින මනුෂ්‍යයෙකුට ජීවිතය දීම ඊටත් වඩා භාරදූර කටයුත්තකි. මේ සඳහා සද් භාවයෙන් ම තම වේලාව, ධනය, ශ්‍රමය කැප කරන වෙදැදුරන් අතලොස්සක් මගේ ජීවිත කාලය තුළ හමු විය. ඒ අතරින් ජීවිතය ජීවත් කරවීමට පොරබදන දහසකුත් එකක් පිළිකා රෝගීන්ට දෙවන උපත දීමට  තම කාර්යශූර දක්ෂතා දැනුම ආකල්ප උපයෝගී කරගන්නා උතුම් ජීවකවරයෙකු කරාපිටිය රෝහලට නිහඬ සේවයක් සපයමින් සිටිනු මා පසුගිය කාලයේ අත්වින්දෙමි. එතුමා නමින් ක්‍රිසන්ත පෙරේරා නම් වූවේය.


 සියල්ල සූරා දමන්නා යන විරුදාවලිය ඇතැම්විට එතුමාගේ නම සමග පෑහෙ යයි කිහිප වරක් මා අසා ඇත්තෙමි එයට හේතුව එම ශ්‍රී හස්තයට හා දෑසට හසුවන මාරාන්තික පිලිකාවක අගමුල සියල්ල මුලිනුපුටා දැමීමට එතුමා දක්ෂ වන බව එතුමාගෙන් ප්‍රරතිකාර ලැබූ රෝගීන් සාක්ෂි දරනවා ඇත. හිරුටත් පෙර අවදිවන වෛද්‍යවරු කිහිප පොළ අතර මෙතුමාද ප්‍රමුඛ පෙළේ වැජඹෙන්නෙකි. තම වාට්ටු සන්චාරය පටන් ගන්නා විට උදේ හතේ කනිසම ද එළබී නැත. මෙතුමාට වෙලාව නම් වෙලාවය. සක්කරයාටද එකය. 


ක්‍රිෂාන්ත පෙරේරා මහතා ගේ වාට්ටුව අති පිරිසිදු ය. අධික මුදලක් අය කරන පෞද්ගලික රෝහල්වල පිරිසිදුකම එයට පරාදය. වාට්ටුව, කෑම කාමරය, වැසිකිලි, නාන කාමර සියල්ල පිරිසිදුකම අතින් කිසිදු පෞද්ගලික රෝහලකට නොදෙවෙනිය. ශල්‍යාගාරය, දැඩි සත්කාර ඒකකය ඉතාමත් පිළිවෙළය, පිරිසිදුය වෙද හෙද, කනිටු කාර්ය මණ්ඩලය, පිරිසිදු කරන්නියන් සියල්ලෝම සීරුවෙන් ය. මෙතුමාට  වැඩ නම් වැඩය. නීතිය නම් කොයි කාටත් එකය. රෝගියා ගේ ජීවිතය පමණක් පළමු තැන ය. මෙම අගනා සේවාව වෙනුවෙන් 48 , 49 වාට්ටුවේ සියලු කාර්ය මණ්ඩලය මෙන්ම දැඩිසත්කාර ඒකකයේ හා ශල්‍යාගාරයේ සියලු කාර්ය මණ්ඩලයකාරුණිකව යුහුසුලුව ක්‍රියා කරයි. ඒ සඳහා ඔවුන් සියලු දෙනාම කෙලෙස ඇගයුම් කලත් මදිය. මුදල් පසුපස හඹායන සමාජයක මුදල් තුට්ටුවකට මායිම් නොකරන මේ උතුම් වෛද්‍යවරයාගේ ඒකකය තරම් පිළිවෙල වෙනත් ඒකකයක් කරාපිටිය රෝහලේ තිබේ නම් අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි.  ඇගයුම් ගැන නොතකා අහිංසක රෝගීන්ට සේවය සලසන මෙවැනි උතුම් මනුෂ්‍ය රත්නයන්  රැක ගැනීම වර්තමාන සමාජයේ මහත් වූ වගකීමකි.

--කතෘ අවිනිශ්චිතය. 

තමන්ගේ වල තමන්ම කපාගත් සනිල් උන්නැහේ

  ජපානේ හිටියා බෞද්ධ භික්ෂුන් වගයක් .  මෙයාලට කියන්නේ සොකුශින්බට්සු (Sokushinbutsu) කියලා .  ඒ ගොල්ල කෑම අඩු කරලා  ,  දුෂ්කර  ක්‍රියා කරලා, ...